(නිසංකා සන්දීපනී)
තාක්ෂණයේ දියුණුවට සමගාමීව සියලු ක්ෂේත්‍රයන් දියුණු වෙමින් පවතී. තාක්ෂණයේ තොරව පැවතිය නොහැකි සෞඛ්‍ය ක්ෂේත්‍රයේද තාක්ෂණයට සමගාමීව දියුණු වූ අවස්ථාවක් පසුගියදා දකුණු ඕස්ට්‍රේලියාවෙන් වාර්තා විය.
ඒ දකුණු ඕස්ට්‍රේලියාවේ පර්යේක්ෂකයන් පිරිසක් විසින් හදවත් හා ස්වසන වේගය දුරස්ථව මැනගත හැකි ඩ්‍රෝන යානාවක් නිපදවීමත් සමගිනි.
ආරෝග්‍යශාලා,සාත්තු නිවාස සහ යුද කලාප තුළ මෙම ඩ්‍රෝන යානා යොදා ගත හැකි අතර මෙහිදී මිනිසුන්ගේ මුහුණේ සහ බෙල්ලේ හැඟීම් නිරීක්ෂණයෙන් හෘද ස්පන්දනය සහ හුස්ම ගැනීමේ වේගය නිවැරදිව මැනගත හැකිය.
විශේෂයෙන් නිර්මාණය කරන ලද ඇලගරිතම සමඟ ඒකාබද්ධ කරන ලද මෙම රූප සැකසුම් පද්ධතියෙන් එකවරම මිනිසුන් කිහිපදෙනෙකු ගේ හද ගැස්ම සහ හුස්ම ගැනීමේ වේගය මැනීමේ හැකියාව ඇත.
නව ඩ්‍රෝන යානා මීටර් තුනකින් ඈතක සිට නිරීක්ෂණයට යොදාගත් නමුත් ඊට වඩා දුරකින් සිටින පුද්ගලයෙකුගේ හෘදයේ ක්‍රියාකාරිත්වය නිරීක්ෂණ කළ හැකි වීම මෙහි විශේෂත්වය වේ.
ව්‍යාපෘති අධ්‍යක්ෂක පුවාන් චාල් මහතා පවසන්නේ ඩ්‍රෝනයනාවෙන් ස්වයංක්‍රීයව එක් පුද්ගලයෙකුගේ නොව කීප දෙනෙකුගේම හද ගැස්ම සහ ස්වසන වේගය වෙන වෙනම ගණනය කිරීමට හැකි බවයි. මෙම නව සොයා ගැනීම සමඟ සෞඛ්‍ය ක්ෂේත්‍රෙය් නව පෙරළියක් සිදු වී ඇති බව විශේෂඥයෝ පෙන්වා දෙති.
යම් පුද්ගලයෙකු අනතුරට පත් වූ අවස්ථාවක වෛද්‍යවරයෙකුට ඒ ස්ථානයට ළඟා විය නොහැකි විට මෙය ආරක්ෂක විකල්පයක් ලෙස ද යොදා ගත හැක. සාගර වැනි ස්ථානවල කරදරවලට මුහුණ දුන් අය වෙත ඉක්මනින් හා ආරක්ෂිතව ළඟා විය හැකි නිසා මෙය අවස්ථාවෝචිතව යොදාගත හැක.
ලන්ඩන් ඉම්පීරියල් විශ්ව විද්‍යාලයේ රොබෝ තාක්ෂණය සම්බන්ධ කථිකාචාර්ය රවි වෛද්‍යනාතන් මහතා පවසන්නේ වෛද්‍ය විද්‍යාවේ දියුණුවට තාක්ෂණය යොදා ගත් අවස්ථාවක් ලෙස මෙය පෙන්වා දිය හැකි බවයි.
(බී.බී.සී ඇසුරෙනි)
මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාව පවතින බව ඊශ්‍රායල විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී ඇත.
විද්‍යා ලෝකය මවිත කරමින් මකුළුවන් අතර ද කිරිදෙන අම්මලා සිටින බව චීනයේ දී කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත.
පදවන්නෙකු නොමැතිව ධාවනය කර හැකි යතුරු පැදියක් බී එම් ඩබ්ලිව් ආයතනය මඟින් හදුන්වා දී තිබේ. පර්යේක්ෂකයෝ මෙමගින් මාර්ග අනතුරු අවම කරගැනීමට අපේක්ෂා කරති.
ලොව ප්‍රකට ගූගල් වෙබ් අඩවියේ සම නිර්මාතෘවරයෙකු වන ලැරී පේජ්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ පියාඹන මෝටර් රථ තැනීමේ ව්‍යාපෘතිය මේ වන විට සාර්ථක වෙමින් පවතින බ
ප්ලූටෝ ග්‍රහයා මත අයිස් බවට පත්වුණු මීතේන් තිබෙන බවට සාක්ෂි ලැබී ඇතැයි විද්‍යාඥයෝ පවසති. සයන්ස් ජර්නල් සඟරාවේ පල කර ඇති මෙම පර්යේෂණ තොරතුරු මගින් හෙළි
ඩර්හම් සරසවියේ රසායන විද්‍යා උපාධිධාරියෙකු වන 27 හැවිරිදි ජේම්ස් ලොන්ක්‍රොෆ්ට් විසින් සති තුනක් තුළ ලුණු ජලයෙන් දිරාපත් වන බෝතලයක් නිපදවා තිබේ.
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
හදවත් හා ස්වසන වේගය දුරස්ථව මැනගත හැකි ඩ්‍රෝන යානාවක්
sam Saturday, 04 November 2017 08:43 AM
මේක ඩ්‍රෝන යානාවකට යෙදවීම අලුත් දෙයක් වුණාට ක්‍රීඩකයන් ක්‍රීඩා කරන විට ඔවුන්ගේ හදවත් වේගය දුරස්ථව මැන එම විස්තර ටී වී එකේ තරඟ විස්තර ප්‍රචාරයත් සමග පෙන්වීම වසර කිහිපයක් පැරණි තාක්ෂණයක් නේද ?
Bamunuarachchi Friday, 24 November 2017 05:35 AM
කඩා කප්පල්කාරි වැඩක් කරලා සෙනඟ ගොඩේ සැඟවෙන කෙනෙකු එහෙම අල්ලා ගන්න පුළුවන් ඇතිනේද?