මෙවර මහනුවර ඇසළ පෙරහර ඉකුත් 08 වැනිදා කප්සිටුවීමෙන් ඇරැඹි අතර 23 වැනිදා දවල් පෙරහර කිරීමෙන් නිම කිරීමට නියමිතය. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
පැරැණි වැඩ වසම් ලෝකය තුළ ඉපිද අලුත් ලෝකයක් තුළ ජීවත් වෙමින් පවතින මහනුවර මහ පෙරහර තුළද සංස්කෘතික පෙරළි දැකිය හැකිය. සභ්‍යත්ව දෙකක ඉපිද සංස්කෘතීන් දෙකකට හැඩගැසුන යුග දෙකක් තුළ පෙරහර ජීවත් වූයේය. මේ නිසා ඇසළ පෙරහර වනාහි එම කාලයන් තුළ සිදුවූ සංස්කෘතික පෙරළිය පිළිබිඹු කරන ජීවමාන සංකේතයකි.
පෙරහරේ ආරම්භය ගැන සිතන විට එය දේශපාලන අරමුණු, සංස්කෘතික අංගයන් ඔස්සේ මුදුන්පත් කර ගැනීමට ගත් උත්සාහයක් ලෙස හැඳින්වීම නිවැරැදිය.
සාමාන්‍යයෙන් ලෝකයේ ඇසළ උත්සවය ආරම්භ වූයේ වසර දහස් ගණනකට ඉහත දීය. ලෝකයේ විවිධ රටවල විවිධ ස්වරූපයන්ගෙන් එම උත්සව පැවැත්වීය. අස්වනු නෙළාගැනීමෙන් පසුව සැණකෙළි පැවැත්වූයේ සශ්‍රීකත්වය දැක්වීමේ අරමුණින් විය හැකිය.
පෙරහර කිරීම ආදිය ආගමික මුහුණුවරක් ගැනීමට හේතු වූ කරුණු අනුව විමසා බලා පෙරහර ගැණ විවරණයක් කරතොත් එය රටේ ආගමික හැඩගැස්ම තේරුම් ගෙන දේශපාලන අරමුණු ඉටුකර ගැනීමට ගත් උත්සාහයක් බව බොහෝ දුරට පෙනී යන කරුණකි.
ලංකාවේ රජු බුද්ධාගමේ ආරක්ෂකයා විය. ඔහුට රටවැසියාගේ සහයෝගය ලබා ගැනීමට නම් බුද්ධාගම ආරක්ෂා කිරීමේ පොරොන්දුව මහජනයා වෙත දිය යුතුය.
සිංහලේ අගනුවර මහනුවරට එන අවස්ථාව වනවිට පැවැති ප්‍රාදේශීය රාජ්‍ය කීපයෙන් වඩාත් ප්‍රබල වූයේ සෙංකඩගල රාජධානියයි. මේ නිසා රටවැසියා සිංහලේ රජු ලෙස සෙංකඩගල රජු පිළිගත්හ. මහනුවර රජු වූ පළමුවන විමලධර්මසූරිය රජුට නීත්‍යානුකූලව සිංහල සිහසුනට උරුම කමක් නොවීය. මේ නිසා දළදා වහන්සේ ලබාගැනීමට රජ උනන්දු විය. රටේ පැවැති කලබලකාරී තත්ත්වය නිසා කුරුවිට දෙල්ගමු විහාරයේ සඟවා සිටි දළදා වහන්සේ විමලධර්මසූරිය රජු වෙත බාර දීමට දළදා වහන්සේ බාරව සිටි හිමිවරු කටයුතු කළහ. මෙහිදී ප්‍රමුඛව කටයුතු කළේ දෙවනගල රතනාලංකාර හිමිපාණන්ය. මේ අනුව දළදා වහන්සේ ලබාගත් විමලධර්මසූරිය රජු රටවැසියාගේ පක්ෂපාතීත්වය තවදුරටත් ලබා ගැනීමට පෙර රජවරුන් පවත්වා ඇති දළදා පුද පූජා හා දළදා පෙරහර පැවැත්වීම ආරම්භ කර ඇත.
දළදා පෙරහර සම්බන්ධ සියලුම කාර්යයන් එය ආරම්භ කළ කාලයේ කරන ලද්දේ රාජකාරි ක්‍රමය පදනම් කර ගෙනය. රාජකාරි ක්‍රමය ගොඩ නැගුණේ රජ ප්‍රමුඛ නිලධාරීන්ගේ ආඥාදායකත්වය උඩය. මේ අනුව රජු පෙරහර සම්බන්ධ යෙදූ විධි විධාන ‘රාජ ආඥා විය’. පෙරහර සම්බන්ධව රජු පැනවූ ආඥාව උඩ පෙරහර සංවිධානය ‘‘කාරිය කෝරාළ’’ වෙත පැවැරී තිබුණි.
කාරියකෝරාළ (කාරිය කරවන රාළ) තෝරන ලද්දේ පාරම්පරිකවය. ඔහුට මේ තනතුර දැරීම සඳහා උඩිස්පත්තුව, දොරලියද්ද යන ගම්වලින් ගම්වර දී තිබේ. මෙම තනතුරු කෙනෙකුගෙන් තව කෙනෙකු වෙත පැවැරුණේ කුල පදනම අනුවය. නූතන සංස්කෘතික හරයන් තුළද මෙම ක්‍රමය නොනැසී පවතිමින් නොපිරිහුණ තත්ත්වයෙන් තාමත් පවතී.
පෙරහරේ පේළි සෑදීම කාරිය කරවන රාළ අතින් ඉටුවූ පසු ධාතු කරඬුව වැඩමවීමේ කාර්ය දියවඩන නිලමේ අතින් සිදුවේ. දියවඩන නිලමේ මාලිගාව සම්බන්ධ ප්‍රධාන ගිහි නිලධාරියාය. මහනුවර රජ සමයේ ඔහුගේ කාර්ය වූයේ ‘රජුට දිය වැඩීමයි’. එය මංගල කටයුත්තකි.
මුල් යුගයේ දළදා හිමිට පැන් වැඩීමේ කාර්ය ඉටු වූයේ රජු අතිනි. රාජ්‍යත්වය අහෝසි වීම නිසා එම කාර්ය දියවඩන නිලමේට පැවරුණි. එහෙත් අද එය ඒ සඳහා පත්කළ තේවාකරුවන් විසින් කරනු ලැබේ. අද දියවඩන නිලමේ උඩරට රජු පිළිබිඹු කරන සංකේතය බවට පත්ව ඇත.
රොබට් නොක්ස් ලංකාවේ සිරකරුවකු ලෙස සිටි දෙවන රාජසිංහ රජු සමයේ දියවඩන නිලමේට පෙරහරේ විශේෂ තැනක් හිමි වී නැත. ඔහුද ගමන් කොට ඇත්තේ මුහන්දිරම්වරු, කෝරාළවරු සමගය. දෙවන රාජසිංහ රජු මුලින් පෙරහරේ ගමන් කළ බවත් පසුව ඔහු යාමට මැලි කළ බවත් නොක්ස් සඳහන් කොට තිබේ.
පසුව සිංහල රජවරු තමා සඳහා පැවැත් වූ උපහාරයන් දළදා හිමිට පවරා ඇත. ඉන් අනතුරුව උඩරට දේශපාලන බලතල ඉසිලූ රදළ සංවිධාන විසින් හැඩගැන් වූ සංස්කෘතික බලවේග විසින් දියවඩන නිලමේට රජුගේ තත්ත්වය ආරෝපනය කරන්නට ඇත.
පෙරහරේ රජු ගමන් කරන විට තමා ඉදිරියට එන කවරෙකුට වුවත් ඇන මැරීමේ බලයක් රජුට විය. ඒ සඳහා හෙල්ල ගත් සෙබළුන් දෙදෙනෙකු රජුට ඉදිරියෙන් ගමන් කොට ඇත. පසු කාලයක දියවඩන නිලමේ මේ බලතලද පවරා ගෙන ඇත. මෙයට කලකට ඉහතදී පෙරහර පැවැත්වෙද්දී එසේ දියවඩන නිලමේ ඉදිරියට ආ අයෙකුට හෙල්ලෙන් ඇන මැරීමේ පුවතක් ජනප්‍රවාදයේ එයි. දේශපාලන වශයෙන් මෙරට රදළ සංස්ථා බලය පිරිහෙන විට එය ආගමික අතින් තහවුරු කිරීමට ගත් උත්සාහයක් මෙයින් පෙනේ.
පෙරහර ආරම්භවන්නේ කප්සිටුවීමෙනි. අවසන් වන්නේ දිය කැපීමෙනි. මේ සිරිත් හින්දු ආගමික පුද පූජා හා සම්බන්ධව පවතී. එසේම දළදා මාලිගාවේ අද පවතින තේවා ක්‍රමයද හින්දු කෝවිල්වල පුද පූජා ක්‍රමය ඇසුරෙන් සකස් වූවකි. තේවාවේදී අඳින ඇඳුම් පවා ද්‍රවිඩ බමුණන් පුද පූජා සඳහා සැරසෙන ක්‍රමයට සමානය.
එදා පෙරහර ආරම්භයේ ගමන් කළේ කසකරුවන්ය. ඔවුන් කළේ පෙරහර යාමට මාර්ගය සකස් කිරීමයි. අද එය පොලිසිය විසින් කරනු ලැබුවත් චාරිත්‍රයක් ලෙස කසකරුවෝද ගමන් කරති. එදා පෙරහර අවසානයේ අශ්වාරෝහක හමුදාව ගමන් කොට ඇත. අද ඒ වෙනුවට පොලිස් බල ඇණියක් ගමන් කරති.
පෙරහරේ මුලින්ම හස්තියා පිට ගමන් කරන පෙරමුණේ රාළ අත ලියැවිල්ලක් ඇත. එය ‘‘ හස්ත කඩදාසිය’’ නම් වේ. එයින් ඉදිරිපත් වන්නේද පැරැණි රාජකාරි ක්‍රමය පිළිබඳ අදහසකි. රජු විසින් පෙරහර පැවැත්වීමට කළ ආඥාව අනුව තමන් මෙම කාර්යයෙහි යෙදෙන බව එයින් ප්‍රකාශ වේ. ඒ සඳහා තමාට ඇති බලය‘‘හස්ත කඩදාසියෙන්’’ පෙන්වයි. පෙරහර අවසන් වූ පසු එය නැවත රජවෙත බාරදෙන ලදී. වර්තමානයේ පෙරහර හමාර වූ පසු දියවඩන නිලමේ හා බස්නායක නිලමේවරු රජගෙදරට ගොස් ජනාධිපතිතුමා වෙත හස්ත කඩදාසිය බාර දී පෙරහර නිසි පරිදි කළ බව දන්වා සිටිති.
අපේ රටේ ඓතිහාසික ස්ථරයක් එලෙසම දැකිය හැකි එකම අවස්ථාව දළදා පෙරහර යයි පවසන්නේ එහි ඇති මෙම සංස්කෘතික ලක්ෂණ නිසාය.
(*** විජේරත්න අතුරුපාන)
ශ්‍රී ලංකාවේ දේශපාලන භූ දර්ශනයේ ඔප දැමූ කොරිඩෝව පිටුපස ඇත්තේ බලයේ සහ බලපෑමේ වංකගිරියකි. මෙම වංකගිරියේ වඩාත් කැපී පෙනෙන චරිතයක් වූයේ ජනාධිපති මහින්ද ර
ලබන වසරේ (2026) සිට සෞන්දර්ය සහ සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනයට අදාළ විෂයන් ඉවත් නොකරන බවට පසුගිය සෙනසුරාදා අරලියගහ මන්දිරයේ අධ්‍යාපනය සම්බන්ධයෙන් පැවති සා
කොළඹ ගංගාරාම මහා විහාරස්ථානයේ නවම් මහා පෙරහර 47 වැනි වරට (11-12) හෙට සහ අනිද්දා අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
පොල් යනු ඉතිහාසයේ සිට ලාංකිකයන්ගේ දෛනික කටයුතු හා බැදුණකි. එනම් සුබ කටයුත්කදී පොල් කිරි යොදා සකසන කිරිබත නැතිවම බැරිය, දෙවියන් පිදීමේදී වුවත් පොල් ගෙඩ
2025 වසර සඳහා ඉදිරිපත් කරනු ලබන අයවැය නොබෝ දිනකින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. මෙම අයවැය කරුණු කිහිපයක් හේතුවෙන් සුවිශේෂ වේ. ඉන් පළමුවැන්න න
ඩොනල්ඩ් ට්‍රම්ප් දෙවනි වරට ඇමෙරිකාවේ ජනාධිපති ධුරයට පත්වූයේ, විශිෂ්ට ජනවරමකිනි. මුල් තැන දිය යුත්තේ ඇමෙරිකාවට බවත්, ඇමෙරිකානුවන්ට බවත් ට්‍රම්ප් තදින
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
දළදා පෙරහරේ සංස්කෘතික පසුබිම
Dinithi punsara Thursday, 14 December 2023 06:29 PM
මට ඉස්කෝලේ දළදා පෙරහැර ගැන පොතක් හදන්න දුන්නා. ඉතින් මම මේ දළදා පෙරහැරේ සංස්කෘතික පසුබිම කියන මාතෘකාව ඒකට දැම්මා. මට ඒ නිසා මේක ගොඩක් ප්‍රයෝජනයක් වුණා. බොහෝම ස්තුතියි.