IMG-LOGO

2025 අප්‍රේල් මස 26 වන සෙනසුරාදා


අකුණු නිසා අවුකන පිළිමය අවදානමක

(කාංචන කුමාර ආරියදාස)
 
ලෝක පූජිත වූ අවුකන බුදු පිළිම වහන්සේගේ ආවරණය සඳහා 2015 වසරේ ඉදිකර ඇති යකඩ තහඩු සහිත වහලය නිසා එම ස්ථානයට නිරන්තරයෙන් අකුණු සැර වදින බව අවුකන රජමහා විහාරාධිපති ශාස්ත්‍රවේල්ලියේ ධම්මකිත්ති නාහිමියෝ පවසති.

මේ දිනවල නිතරම අකුණු සැර වදින බවත් මීට දින කිහිපයකට ඉහත දී මෙම වහලයට  අකුණු පාත් වූ බවත් මෙහි පවතින අවදානම පිළිබඳව ජනපති ඇතුළු වගකිව යුතු සියලු අමාත්‍යාංශ නිලධාරින් ලිඛිතව හා වාචිකව දැනුම් දී ඇතත් මෙතෙක් කිසිදු අවධානයක්  යොමු නොකළ බව උන්වහන්සේ පවසති.

අවුකන බුද්ධ ප්‍රතිමාවට අකුණක් මගින් යම්කිසි හෝ හානියක් සිදු වුවහොත් එහි වගකීම විෂයභාර ඇමැති දැරිය යුතු බවත් එමෙන්ම වහලය නිසියාකාරව සවි නොකිරීම නිසා වහලය මත වෑස්සෙන වතුර බුදු පිළිමය පිහිටි මලුවට පතිත වන බව ද උන්වහන්සේ පෙන්වා දෙති.

තමන් වහන්සේගේ මෙම ඉල්ලීම පිළිබඳව බලධාරීන් කිසිදු අවධානයක් යොමු නොකරන නිසා තමන් බලවත් කනස්සල්ලට පත්ව සිටින බවද උන්වහන්සේ පවසති.  මේ පිළිබඳව ජනාධිපතිවරයාගේ හෝ අවධානය යොමුවී අවුකන බුද්ධ ප්‍රතිමාව ආරක්ෂා කර ගැනීමේ විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නැයි උන්වහන්සේ පුරාවිද්‍යා බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.
 



අදහස් (15)

අකුණු නිසා අවුකන පිළිමය අවදානමක

rohana Wednesday, 01 November 2017 08:46 AM

කවුරු හරි දන්නා කෙනෙක් උන් වහන්සේට කියල දුන්න නම් හරි නේද අකුණු සන්නායකයක් සහ එය වැඩ කරන්නේ කොහොමද කියලා? එයින් ආරක්ෂා වන්නේ කුමක්ද කෙසේද කියලා.

:       182       52

විකුම්-කැනඩාව Wednesday, 01 November 2017 09:23 AM

මම ලංකාවේ පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ වැඩ කරන කාලයේ එවකට කොළඹ විශ්ව විද්‍යාලයේ සිටි තරුණ ආචාර්යවරයෙක් ලිපියක් ඒවා තිබුණා මේ ගැන. අද එතුමා ලංකාවේ නැහැ. ඔහු දැන් මුළු ලොවම දන්නා අකුණු පිලිබඳ මහාචාර්යවරයෙක්. කැනඩාවේ පවා ඔහුගේ සේවය ලබාගන්නවා. මේ ගැන එතුමාගෙන් අසා දැනගත්තා නම් යෙහෙකි.

:       21       305

JayanthaWednesday, 01 November 2017 10:14 AM

ඔයා හරි

:       0       29

dinusha samratunga Wednesday, 01 November 2017 01:29 PM

අකුණු සන්නායකයක් හයි කරගන්න කියන්න .

:       88       140

chandra weerasinghe Wednesday, 01 November 2017 07:43 PM

කියනකල් තමයි බලාගෙන හිටියේ !!

:       141       104

kalpa Wednesday, 01 November 2017 01:42 PM

වර්තමානයේ ඉදිකිරීම් කරනවිට හැම අංශයකම ඉදිකිරිම කරනවා මිස එය කලාම ඇතිවන අයහපත් තත්වය ගැන කිසිම කෙනෙක් බලන්නේ නැහැ. වැඩ කොන්ත්‍රාත් දුන්නට පස්සේ අධීක්‍ෂණ නිලධාරීන් යන්නේ වැඩ ඉවරද බලන්න පමණි. පවතින දුර්වලතා පෙන්නුවොත් බැනුම් කෙළවරක් නැහැ

:       0       109

nnanayakkara Wednesday, 01 November 2017 02:19 PM

වසර සිය ගනනක් නොනැසී පැවති අපේ ජාතික උරුමයන් විද්‍යාත්මක පදනමකින් තොරව ආක්ෂා කිරීමට යාමෙන් ඉක්මනින්ම විනාශ වේ.

:       0       313

Nandalal DE SILVA - France Thursday, 02 November 2017 12:17 AM

ලෝක පූජිත වූ අවුකන බුදු පිළිම වහන්සේ වසර සිය ගණනක් තිස්සේ අව්වෙන් වැස්සෙන් බැට කමින්, 2015 වසර වෙන තුරු යහතින් වැඩ සිටි බව ඉතිහාසය පෙන්නුම් කර තිබෙන බව කවුරුත් දන්නා රහසකි. කාගේ උවමනාවකටද මේ අවලස්සන වහලය ඉදිකරේ ? එමගින් බුදු පිළිම වහන්සේගේ ශාන්ත කලාත්මක භාවය විනාශවී ගියා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේ අට්ටාලය අනුමත කරාද ? වහලය මත වෑස්සෙන වතුර බුදු පිළිමය පිහිටි මලුවට පතිත නොවන අන්දමට වහලක්වත් නිර්මාණය කිරීමට බැරි වුන ඉංජිනේරුවරයා සමහරවිට අකුණු සන්නායකයක් කියන්නේ කුමක්ද කියාවත් නොදැන සිටින්න ඇති !

:       4       524

බණ්ඩාර- කැකිරාව Thursday, 02 November 2017 04:21 AM

නිසිදනුමක් නැති ඔවුන් කරන්නෙම නිශ්ඵල දේවල්. ඔබලාම සිතන්න අද ලංකාවේ මේවට උදාහරණ ගොඩක් තියෙනවා. """පස්වන සත්වර්ෂයේ පටන් පැවත එන මෙම ප්‍රතිමාවට 2016 වෙනතුරු අකුණු ප්‍රශ්නයක් තිබුනේ නැහැ, දැන් ඉතින් මෙම පිළිම වහන්සේට අලුත් තර්ජනයක් ඇතිවෙලා, කව්ද මේවට වගවිය යුත්තේ ? විද්‍යාත්මක පදනමකින් තොරව, හිතුවක්කාර ලෙස කරන ,අවිධිමත් සැලසුම් වලින් සිදුකරන ව්‍යාපෘති නිසා අපේ රටේ ප්‍රශ්න රාශියක් ඇතිවෙලා. දඹුල්ල පන්සලේ පින් කැටය වගේම අවුකනත් අර්බුධයක් නිර්මාණය කරලා ඉවරයි. මෙම ඉදිකිරීමෙන් සංරක්ෂණයක් බලාපොරොත්තු වුවත් අපට පෙනීයන්නේ විනාශ වීමක් පමණි .

:       1       533

sumith Thursday, 02 November 2017 04:54 AM

කොච්චර ලස්සන දර්ශනයක්ද. සාදු සාදු සාදු මේවා අපේ රජ දරුවන්ගේ විශ්මිත නිර්මාණ. ඉර හඳ පවතින තාක් කල් පවතින්න ඕන දේවල්,

:       10       106

Sanjaya ruwan kumara Friday, 03 November 2017 02:06 AM

සොබා දහම මොන තරම් සුන්දර ද? අකුනකට පුලුවන්ද බුදුරජාණන් වහන්සේගේ පිළිම වහන්සේට අනතුරක් කරන්න

:       1       1

Pradeep Liyanage Friday, 03 November 2017 03:07 AM

අවුකන පිළිමයට ඉදිකළ ප්‍රථම ආවරණය මෙය නොවෙයි. මිට පෙර මැටි ගඩොල් වලින් බුදු පිළිමය වටා ආරුක්කුවක් ඉදිකර තිබුන, මට මතක හැටියට 70 දශකයේ විතර තමයි ඉදිකර තිබුනේ. නමුත් එහි ගඩොල් ගැලවී පිළිමය මතට පතිත වීමට පටන් ගත් නිසා එයත් ඉවත් කිරීමට සිදුවුණා. ඉන් පසුව ඉදිකළ ආවරණය තමයි මේ. පැරණි රජ දවස ඉදිකිරීම් ශිල්පීන්ගේ නිර්මාණ ගැන, ඔවුන්ගේ හැකියාවන් ගැන ආඩම්බර වන අපිට වර්තමාන නිර්මාණ ශිල්පින් ගැන එසේ සිතන්න බැරි ඔවුන්ගේ නිර්මාණ ශිලිත්වයේ අඩුවක් නිසාද නැත්නම් ලාබය ගැන පමණක් හිතන කොන්ත්‍රාත් කරුවන් නිසාද? වැඩ පරීක්ෂක නිලධාරීන් පවා අල්ලසට යටවී ඇති යුගයක හොද නිර්මාණ කවද එලි දකීවිද? අඩුම තරමින් මෙවන් පුරා විද්‍යා වටිනාකමක් ඇති ස්ථාන ආරක්ෂා කරගැනීමට රාජ්‍ය මැදිහත්වීම මිට වඩා අවශ්‍යයි.

:       0       78

nisansalaSaturday, 04 November 2017 05:29 AM

ලෝක පූජිත වූ අවුකන බුදු පිළිම වහන්සේ වසර සිය ගණනක් තිස්සේ අව්වෙන්, වැස්සෙන් බැට කමින්, 2015 වසර වෙන තුරු යහතින් වැඩ සිටි බව ඉතිහාසය පෙන්නුම් කර තිබෙන බව කවුරුත් දන්නා රහසකි. කාගේ වුවමනාවකටද මේ වහලය ඉදිකරේ? 2016 වෙනතුරු අකුණු ප්‍රශ්නයක් තිබුනේ නැහැ. දැන් ඉතින් මෙම පිළිම වහන්සේට අලුත් තර්ජනයක් ඇතිවෙලා, කව්ද මේවාට වගවිය යුත්තේ?

:       0       0

Pradeep LiyanageSunday, 05 November 2017 02:39 AM

දිගු කාලයක් අව් වැසි වලට නිරාවරණය වී තිබීමෙන් පිළිමයට යම් යම් හානි සිදුවිය හැකියි. විශේෂයෙන්ම වර්ෂාවෙහි ඇති ආම්ලික භාවය හිතකර නෑ. වසර ගණනාවක් නිරාවරණය වී තිබු බව සැබෑ මුත් දැන්වත් මෙම පිළිමය සංරක්ෂණයට පියවර ගත යුතුයි. නමුත් එය මේවගේ බාල වැඩක් නොවිය යුතුයි.

:       0       13

Sampath Monday, 06 November 2017 02:33 AM

මේක යකඩින් නොකර කොන්ක්‍රීට් කණු දාලා උළු වහලයක් හැදුවනම් අකුණු ප්‍රශ්න එන්නේ නෑ. මේ තරම් ඕනෙමනම් අකුණු සන්නායකයක් දාන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

ඉන්දු-පාකිස්තාන් අර්බුදය මැද යළි ඇවිළෙන කාශ්මීරය
2025 අප්‍රේල් මස 25 237 0

කාශ්මීරය යනු මිහිපිට දෙව්ලොවකි. ආසියාවේ ස්විට්සර්ලන්තය යනුවෙන් හැඳින්වෙන්නේ ද කාශ්මීරයයි. ඉන්දියාවේ වඩාත් උතුරින් පිහිටි ප්‍රාන්තය ලෙස සැලකෙන්නේ ද


දැන් ඇත්තේ ටියුෂන් පන්ති කාලසටහනක්
2025 අප්‍රේල් මස 25 290 0

මම අගනුවරට කිලෝමීටර් 3000ක් දුර ඈත ගමක උපන්නෙමි. ලංකාවේ ඉපදුණු බොහෝ තරුණයන් මෙන් නිදහස් අධ්‍යාපනයෙන් දිව්‍ය ලෝකය සොයාගත නොහැකි වුණ මම ජීවිතය සොයා කොළඹ ආ


ඉහළින් ගිලිහුණු උළෙල
2025 අප්‍රේල් මස 25 167 0

මෙවර අලු‍ත් අවුරුදු උළෙල විශේෂයක් ගත්තේ ය. ඒ අන් කවරදාකවත් නොදුටු පරිදි රාජ්‍ය සහ මෙරට මහා සංස්කෘතික මංගල්‍ය අතර සම්බන්ධය ගිලිහී යාම ය. මෑත ඉතිහාසයේ සෑ


බියර් බොන්නේ බලාගෙනයි
2025 අප්‍රේල් මස 24 8339 3

සුරාබදු ආඥා පනත මෙරටට හඳුන්වා දෙන්නේ 1913 ජනවාරි 01 වැනිදාය. එහි සඳහන් වෙන්නේ “මෙය මත්පැන් සහ මත් ඖෂධ ආනයනය, අපනයනය, ප්‍රවාහනය, නිෂ්පාදනය, විකිණීම හා සන්තකය


නව ලිබරල් ආර්ථිකය මුළාවක්
2025 අප්‍රේල් මස 24 190 0

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පසුගිය දින තීරු බදු යුද්ධයක් ආරම්භ කළේය. බැලූ බැල්මට මෙය සාමාන්‍ය තත්වයක් නොවේ. ට්‍රම්ප් මෙම තීරුබදු පැනවීම


කොළඹ සර්පයින්, කලවැද්දන් බෝවන්නේ මෙහෙමයි
2025 අප්‍රේල් මස 23 1312 0

කොළඹ මහ නගර සභාවේ පළිබෝධ පාලන ඒකකය ඉදිරිපස ඇති මෙම ස්ථානය නාගරික සංවර්ධන අධිකාරියට අයත් අතහැර දැමූ දේපළකි. එසේම මෙම ස්ථානය සර්පයන්ගේ සිට මීයන්, කලවැද්


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 809 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 378 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 533 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site