IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


අගමැති පත්කිරීමේ නීති තර්ක

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත්කරනු ලැබීම සමඟ ලංකාවේ දේශපාලනය වෙනස්ම දෙසකට ගමන් කර තිබේ. ඇතැමුන් ඒ ගැන උදම් වෙද්දී තව පිරිසක් වාද කරති. මේ අවස්ථාවේදී සිදු වූ දේශපාලන වෙනස ඇතැමුන් අර්ථකථනය කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අර්බුදයක් හැටියටය. එහෙත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති අනුසාරයෙන්ම මෙම තත්ත්වය විග්‍රහ කළ හැකිය. එමගින් හටගෙන තිබෙන සදොස් වටහා ගැනීම් නිදොස් කරගැනීමට මෙන්ම සිදු වූ දේ ගැන යම් දේශපාලනික විවරණයකට අවතීර්ණ වීමට ද අපට හැකිය.

19 වැනි සංශෝධනයෙන් පසුව 42 (4) අනුව ජනාධිපතිවරයා විසින් අගමැතිවරයකු පත්කළ යුත්තේ ජනාධිපතිවරයාගේ මතය අනුවය. ඒ පාර්ලිමේන්තුවෙහි වැඩිම විශ්වාසය දිනා ඇතැයි ජනාධිපතිවරයාට හැඟෙන මන්ත්‍රීවරයාය. එනිසා මෙහිදී ජනාධිපතිවරයාගේ මතය වැදගත්ය. අගමැතිවරයකු පත්කළ හැක්කේ ජනාධිපතිවරයාටම පමණි. අධිකරණයකට හෝ කථානායකවරයාට එය කළ නොහැකිය. අගමැති ධුරය හිස් වන අවස්ථා තිබේ. මරණයෙන්, ඉල්ලා අස්වීමෙන්, විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමෙන් එම තත්ත්වය ඇතිවිය හැකිය. මෙය තවදුරටත් විග්‍රහ කරගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 48 (1) වගන්තිය ද භාවිත කළ හැකිය.

පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබීමත් මහ මැතිවරණය අවසාන වීමත් අතර කාලය තුළ හැර, ධුරයෙන් ඉවත් කරනු ලැබීමෙන් හෝ ඉල්ලා අස්වීමෙන් හෝ අන්‍යාකාරයකින් හෝ අග්‍රාමාත්‍යවරයා ධුරය දැරීම නතර වූ විට කියා එහි සඳහන් වේ. මෙහි අන්‍යාකාරයෙන් යන වචන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46 (3) වගන්තියෙන් තවදුරටත් විවරණය කරගත හැකිය. ඒ මෙසේය.

46 (3) අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයෙක්, අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයකු නොවන අමාත්‍යවරයෙක් හෝ නියෝජ්‍ය අමාත්‍යවරයෙක් -

(අ) අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත ජනාධිපතිවරයාගේ අත්සන යටතේ යවනු ලබන ලිපියක් මගින් ඉවත් කරනු ලැබුවහොත් හෝ

(ආ) ස්වකීය අත්සන යටතේ ජනාධිපතිවරයා වෙත යොමු කරනු ලබන ලිපියක් මගින් ස්වකීය ධුරයෙන් ඉල්ලා අස්වුවහොත් හෝ

(ඇ) තවදුරටත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු නොවුවහොත් හෝ මිස, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන යටතේ යම් තාක් කල් අමාත්‍ය මණ්ඩලය පවතින්නේ ද ඒ තාක් කල් ස්වකීය ධුරය දරන්නේය.

අගමැති යනු ඇමැතිවරුන්ගෙන් කෙනෙකි. අගමැතිවරයකුට කටයුතු කළ හැක්කේ ඇමැති මණ්ඩලයක් පවතින තෙක් පමණි.

මෙම වගන්තියට අමතරව ව්‍යවහාරික පනත් අනුව අර්ථ නිරූපණය කිරීමේ ආඥා පනත ද මෙහිදී භාවිත කළ හැකිය. 1901 අංක 21 දරන පනත හැටියට සම්මත වූ එය අවස්ථා ගණනාවකදී සංශෝධනයට ලක් විය. එහි 14 එෆ් වගන්තියෙන් ප්‍රකාශ වන්නේ යම්කිසි ධුරයකට පත්කිරීමේ නීතිමය බලය තිබෙන පුද්ගලයාට ඔහු ඉවත් කිරීමේ බලයත් හිමි බවයි. මෙහිදී අගමැතිවරයාගේ පත්කිරීම් බලධාරියා වන්නේ ජනාධිපතිවරයාය. එනිසා ජනාධිපතිවරයාට අගමැතිවරයා ඉවත් කිරීමට නෛසර්ගික බලයක් තිබේ. මෙම තර්කනයේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රටේ මූලික නීතිය වන බැවින් අර්ථ නිරූපණ කිරීමේ ආඥා පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් අධිගමනය කරනු ලබන්නේ යැයි තර්ක කිරීමට ඉඩ තිබේ. එහෙත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීම ශ්‍රී ලංකාව, ඇමෙරිකා එක්සත් ජනපදය, ඉන්දියාව වැනි ලිඛිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පවතින රටවල දුන් නඩු තීන්දු විමසා බලද්දී යම් යම් තත්ත්ව යටතේ ව්‍යවස්ථාව සම්පාදනය කිරීමට තුඩු දුන් පදනම් විමසන අවස්ථා පැමිණ තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීමේ ඒකාධිකාරී බලය තිබෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයටය. වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දෙවැනි ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හැටියට පනවනු ලැබුවේ 1978 දී ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා විසිනි. එයට විටින් විට වෙනස්කම් සිදු වූ අතර සංඛ්‍යාත්මකව බැලුවහොත් සංශෝධන 19 කි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය පැත්තෙන් බැලුවොත් එහි ප්‍රධාන සංශෝධන දෙක හැටියට සැලකෙන්නේ 1987 දී කෙරුණු 13 වැනි සංශෝධනය හා 2015 දී කෙරුණු 19 වැනි සංශෝධනයයි. 19 වැනි සංශෝධනය සිදුකිරීමට පදනම් වූ තත්ත්වය, සිදු වූ වාද, සංවාද, සාකච්ඡා ආදිය සමස්තයක් හැටියට ගතහොත් අර්ථ නිරූපණය කිරීමේ ආඥා පනත මෙයට උපයෝගී කරගැනීමට නීතිමය බාධාවක් නැත.

මෙහි තවත් මූලික කරුණක් තිබේ. එය නම් පැවැති සභාග රජයේ බිඳවැටීමයි. බිඳවැටුණු ආණ්ඩුව නිර්මාණය වී තිබුණේ එක්සත් ජාතික පෙරමුණ හා එක්සත් ජනතා නිදහස් සන්ධානය යන පක්ෂ දෙකේ එකතුවෙනි. 2015 මහ මැතිවරණයෙන් පසුව එක්සත් ජනතා නිදහස් සන්ධානයට මන්ත්‍රී ධුර 95ක් ද එක්සත් ජාතික පෙරමුණට මන්ත්‍රී ධුර 106ක් ද පාර්ලිමේන්තුවේ හිමි විය. එම සංයුතිය පසුව වෙනස් වූ අතර මේ වනවිට එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ශ්වය පවසන්නේ බහුතරය තමන්ට හිමි බවය.

පළ වන වාර්තාවලට අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානය තිහකට අඩු කැබිනට් මණ්ඩලයක් පිහිටුවීමට නියමිත බව කියයි. 19 වැනි සංශෝධනය සම්මත වූ දින සිට ශ්‍රී ලංකා ආණ්ඩුවට සිටිය හැකි අමාත්‍යවරුන් උපරිම සංඛ්‍යාව 30 ය. රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරුන් උපරිමය සමඟ 70 ය. එහි අර්ථය සෙසු ඇමැතිවරුන් සංඛ්‍යාව 40ක් බවය. මෙම සීමාව බල නොපාන අවස්ථාවක් ද තිබේ. එය දැක්වෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46 (4) මගිනි.

පාර්ලිමේන්තුවේ බහුතර බලය ඇති පක්ෂය වෙනත් පක්ෂයක් සමඟ හවුල් ආණ්ඩුවක් ඇතිකරගැනීම එවන් අවස්ථාවකි. එවැනි අවස්ථාවකදී ඇමැතිවරුන් තිහේ සීමාව බලනොපායි. පාර්ලිමේන්තුවේ අනුමැතියකින් මීට වැඩි සංඛ්‍යාවකින් යුත් අමාත්‍ය මණ්ඩලයක් පත්කරගැනීමට ඔවුන්ට හැකිය.

ජනාධිපතිවරයා ගැසට් නිවේදනයක් මගින් අගමැතිවරයා නිලයෙන් පහකර අවසානය. එහෙත් ජාතික ආණ්ඩුව අහෝසි වීමට බලපෑ එක්සත් ජනතා නිදහස් සන්ධාන ඉවත්වීමෙන් කැබිනට් මණ්ඩල නිර්මාණයකට පාර කැපෙන්නේ නැති බවට ඇතැම්හු තර්ක කරති. ඊට හේතුව ලෙස ඔවුන් දක්වන්නේ ජාතික ආණ්ඩුව ගැන සිදුකරන අර්ථකථනයි. ජාතික ආණ්ඩුව යනු පාර්ලිමේන්තුවේ වැඩි බලය සහිත පක්ෂය සහ තවත් පක්ෂයක් හෝ කීපයක් එක්ව නිර්මාණය කරන ආණ්ඩුව හැටියට සඳහන් වීම ඊට පදනමයි. එම තර්කනයෙහි ගත යුත්තක් තිබුණ ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අපට නැවතත් බලන්නට සිදුවන්නේ ජනාධිපති ධුරය හා අගමැති ධුරය අතර වෙනසයි.

1978 දෙවැනි ජනරජ ව්‍යවස්ථාවේ යම් යම් බලතල 2015 දී 19 වැනි සංශෝධනයෙන් අඩු කෙරිණ. එහෙත් එමගින් විධායක ජනාධිපති ධුරය අහෝසි කෙරුණේ නැත. උදාහරණයකට සන්නද්ධ සේවාවලට අණ දෙන ප්‍රධාන තැනැත්තා තවමත් ජනාධිපතිවරයාය. ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත්කිරීමට උපකාර කරගත හැක්කේ මෙසේ විධායක ජනාධිපති ධුරය තවමත් තිබේය යන පදනමෙනි. පෙර පරිදිම නොවුණ ද පාර්ලිමේන්තුවට වසර හතරහමාරක් සම්පූර්ණ වූ පසුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලය තිබේ. මේ අන් කිසිවක් නොව විධායක ජනාධිපති ධුරය තවමත් මෙරට පවතින බවයි. උදා වී ඇත්තේ ව්‍යවස්ථා අර්බුදයක් යැයි චෝදනා එල්ල වේ නම් ඊළඟට කළ හැක්කේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමය. එහෙත් ඒ සඳහා ද පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක යෝජනා සම්මතයක් අවශ්‍යයය. මානුෂිකව බැලුවහොත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගෙන් මීට තුනෙන් දෙකක ඡන්දයක් ලැබේදැයි සිතීම උගහටය. ඇත්ත වශයෙන්ම එය කළ හැකි වැඩක් නොවන බව කීම වඩා නිවැරැදිය. එසේ කළහොත් පාර්ලිමේන්තුවේ නවක මන්ත්‍රීවරු රැසකටම සිය විශ්‍රාම වැටුප අහිමි වනු ඇති නිසාය. මේ ආකාරයේ ප්‍රායෝගික බාධා තිබේ.

මෙම තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා සිය ප්‍රතිවාදීන්ට කළ යෝජනාව ද ප්‍රශස්ත යැයි මම සිතමි. ඒ මහින්ද රාජපක්ෂ අගමැතිවරයාගේ පාර්ශ්වයෙන් ඉදිරිපත් කිරීමට නියමිත අතුරු සම්මත ගිණුම සම්බන්ධයෙනි. මෙතෙක් තීරණය වුණේ නොවැම්බර් 05 වැනිදා අයවැය ලේඛනය ඉදිරිපත් කිරීමටය. එහෙත් නව දේශපාලන තත්ත්වය තුළ අංගසම්පූර්ණ අයවැය ලේඛනයක් ඉදිරිපත් කිරීම දුෂ්කරය. එසේ වුව ද ඊට නීතියේ විකල්ප ක්‍රමයක් තිබේ. අතුරු සම්මත ගිණුම හරහා මාස තුනකට ආණ්ඩුව ගෙනයෑමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබාගත හැකිය. එය ක්‍රමානුකූලව විධිමත්ව සකස් කළ යුතුයි. ඒ සඳහා යම් කාලයක් අවශ්‍යය. කෙසේ වෙතත් අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවේදී සම්මත කරගැනීමට ජනාධිපතිවරයාටත් අගමැතිවරයාටත් සිදුවේ. මෙකී අවස්ථාව අවශ්‍ය නම් එක්සත් ජාතික පක්ෂයට සිය බලය පෙන්වීමට භාවිත කළ හැකිය යන්න වාසුදේව නානායක්කාර මහතාගේ මතයයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර ජ්‍යෙෂ්ඨයකු හා දක්ෂ නීතිඥයකු වශයෙන් ඔහු ඉදිරිපත් කරන මතය සමඟ මම ද එකඟ වෙමි. වැඩි ඡන්දවලින් අතුරු සම්මත ගිණුම පරාජය කිරීමෙන් අපහසුවකින් තොරව බහුතර බලය හිමි තමන්ට බව එක්සත් ජාතික පක්ෂයට පෙන්විය හැකිය. එහි ප්‍රතිඵලය වන්නේ ආණ්ඩුවේ පරාජයයි.

එක්සත් ජාතික පක්ෂය පැත්තෙන් රනිල් වික්‍රමසිංහ මහතාට බහුතර පක්ෂපාතිත්වය ඇතැයි කියන්නට භාවිත කරන එක් තර්කයක් වන්නේ ඔහුට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කිරීමයි. මේ කතාවට ආකාර දෙකකට පිළිතුරු දිය හැකිය. අදාළ විශ්වාසභංග යෝජනාව අගමැතිවරයාට එරෙහිව ඉදිරිපත් වෙද්දී තිබුණේ කවර ආණ්ඩුවක් ද? එය සංයුක්ත වී තිබුණේ එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ද පිරිසකගෙනි. එහෙත් දැන් තිබෙන්නේ එකී ආණ්ඩුව නොවේ. එක්සත් ජනතා නිදහස් සන්ධානය ඉවත් වූ දේශපාලන අවකාශයකි. අනෙක් අතට පසුගිය පළාත් පාලන ඡන්ද ප්‍රතිඵලයෙන් 45% ක ඡන්ද ප්‍රතිශතයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ද 15% ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ද හිමි විය. දැන් එම පාර්ශ්ව දෙක මුළුමනින්ම ඒකාබද්ධ වූ තත්ත්වයකදී එක්සත් ජාතික පක්ෂයට වඩා වැඩි ජනවරමක් තමන්ට හිමි යැයි මෛත්‍රී මහින්ද පාර්ශ්වයට කීමට ද හැකිය. 

වසර තුනකට පෙර අත්කරගත් ජන වරමක් දේශපාලනයේ සියලු සිදුවීම්වලට ආදේශ කිරීම යථාර්ථය නොවේ. යථාර්ථයට පිටුපෑමකි. විශේෂයෙන්ම 2015 ජනාධිපතිවරණයේදී විමතික අදහස් දැරූ පුද්ගලයන්ට දේශපාලන මෙන්ම සමාජ චේතනාවක් ද තිබුණේය. උදාහරණයකට අතුරලියේ රතන හිමි වැනි චරිත දැක්විය හැකිය. අද වනවිට එවැනි දේශපාලකයන් ද නැවතත් මහින්ද රාජපක්ෂ මහතා සමඟ අත්වැල් බැඳගත් දේශපාලනයකට තත්ත්වය වෙනස් වී තිබේ. එනිසා එක්සත් ජාතික පක්ෂයට සෑම දෙයටම 2015 ජනවරම හිලව් කළ නොහැකිය. එක්සත් ජාතික පක්ෂය දැන් කළ යුත්තේ යථාර්ථයට මුහුණදීමය. මේ සියලුම දේශපාලන අලකලංචි ගැන විනිශ්චය දෙන උත්තරීතර ආයතනයක් තිබේ. ඒ ජනාධිපතිවත්, අගමැතිවත්, පාර්ලිමේන්තුවවත් නොව මහජනතාවය. දේශපාලන ස්වාධිපත්‍යය පවතින්නේ ඡන්ද කොට්ඨාසය කෙරෙහිය. පාර්ලිමේන්තුව විසින් ගොඩනඟන ලද අධිකරණ මගින් ජනතා පරමාධිපත්‍යය ක්‍රියාත්මක කරනු ලැබුව ද පරමාධිපත්‍යය හිමි ජනතාවටය. එනිසා කවුරු කුමක් කීව ද අවසන හිස නැවීමට සිදුවන්නේ ජනතාවටය.

සටහන - බිඟුන් මේනක ගමගේ



අදහස් (2)

අගමැති පත්කිරීමේ නීති තර්ක

sandy Tuesday, 30 October 2018 01:13 PM

නොකියා කියන්නේ ජනාධිපති හරි කියලනේ... අපිනම් දන්නවා ඔබතුමා කව්ද කියලා. මම ජනතා පරමාධිපත්‍යය ඇති එක පුරකක් පමණයි

:       0       0

suranga Friday, 02 November 2018 05:00 AM

ජයතිසස ද කොස්තාගේ .වසර තුනකට පෙර අත්කරගත් ජන වරමක් දේශපාලනයේ සියලු සිදුවීම්වලට ආදේශ කිරීම යථාර්ථය නොවේ. යථාර්ථයට පිටුපෑමකි. විශේෂයෙන්ම 2015 ජනාධිපතිවරණයේදී විමතික අදහස් දැරූ පුද්ගලයන්ට දේශපාලන මෙන්ම සමාජ චේතනාවක් ද තිබුණේය යන කාරණය ඉස්මතු කිරිම දෝස සහිතය ජනාදිපති වරණයේද එසේ වුවත් මහ මැතිවරණයේ දි ඒ අය වෙන වෙන ම තරග වැදුණි එයින් එජාපෙරමුණ වැඩි ආසන සංඛ්‍යාවක් දිනා ගැණිනි ඉහුතරය නැති නිසාත් ජනාධිපතිවරයා ජනතාවට දුන් පෙරොන්දු ඉටු කිරීම සදහා ජාතික රජයක් හැදුවේ ඔහුමය.එහිදි යහපාලනය සහ නිතීයේ ආදිපත්‍ය සහ කොමිෂයන් සභා ඇති කිරිමට ඔහු එකග වියග එය ඔහු ඉටු කල යුතුය.පලාත් පාලන ජන්දය තිබ්බේ පාදේශය සභා වලට සභිකයින් තේරීමට පිණිස මිස පාර්ලිමේනතුවේ කටයුත සදහා නොවේ

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 108 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 135 1

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 123 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


ආණ්ඩුවේ අනාගත අභියෝග
2024 ඔක්තෝබර් මස 01 151 1

2024 ජනාධිපතිවරණය සැමගේම අවධානයට ලක්වීමට හේතු ගණනාවක් තිබුණි. රට බංකොලොත් වීමෙන් පසු පැවැත්වූ ප්‍රථම ජනාධිපතිවරණය වීම ඉන් එක් හේතුවකි. නව ජනාධිපතිවරයක


මැදපෙරදිග හෙල්ලුම් කෑ නසරැල්ලා ඝාතනය
2024 සැප්තැම්බර් මස 30 1681 0

ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම්වරයා, එසේත් නැතිනම් නායකයා ෂෙයික් හසන් නසරැල්ලා ඝාතනය කිරීමට ඊශ්‍රායලය සමත් විය. 64 හැවිරිදි නසරැල


දේශපාලනයේ පෙරළිකාරයා - කළුගංතොට සිංහයා
2024 සැප්තැම්බර් මස 30 767 0

හිටපු අමාත්‍යවරයකු අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද (30) සවස මතුගම ආදාහනාගාරයේ දී සිදු කෙරේ මේ ලිපිය ඒ නිමිත්තෙනි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38704 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25429 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 284 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 969 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 339 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site