(බෙලිහුල්ඔය ප්‍රින්ස් රත්නායක)
ලංකාවේ අති දුෂ්කර ගමනාන්තයක පවතින වතු ජනාවාස ගම්මානයක වැසියන් වන නැග්රැක් ගමේ ජනපදිකයන් වෙත පොදු පහසුකම් නොමැති බව ඔවුහු පවසති.
ලෝ සුප්‍රකට ලංකාවේ සුන්දර ගමනාන්තයක් වන ලෝකාන්තයේ සිට බැලූ විට පෙනෙන මුහුදු මට්ටමේ සිට අඩි 7,000 ක් උස වතු ජනාවාසය මෙය වෙයි. මෙහි පවුල් තිස් හයක් පමණ පදිංචිව සිටිති. ඔවුන් සිය දෛනික කටයුතු සඳහා යා යුතු ආසන්නතම ප්‍රධාන නගරය වනුයේ කිලෝමීටර් 40 කට ආසන්න දුරක් පවතින බලංගොඩ නගරය වේ.
බලන්ගොඩ සිට ධාවනය වන එකම බස් රථය නන්පේරියල් විවේකානන්ද විද්‍යාලය දක්වා දිනකට ධාවනය වන්නේ ගමන් වාර තුනකි. බලන්ගොඩින් පස්වරු 1.00 න් පසුව ගම්මානයට යා හැකි බස් රථයක් නොවේ.
නැග්රැග් ගම්මානය ඇතුලු තේ කර්මාන්ත ශාලාව වටා පවතින ගම්මාන කීපය සඳහා පවතින එකම විද්‍යාලය විවේකානන්ද විද්‍යාලයයි. එහි ගමන් දුෂ්කරතාවය සලකා බැලීමෙන් පසුව සබරගමු පළාත් සභාව විසින් පාසල තුළ ශිෂ්‍ය නේවාසිකාගාරයක් ඉදිකර ඇත. ගමන් අපහසුතාව නිසා එම වතු නිවාස දරුවන් සඳුදා සිට සිකුරාදා දක්වා පාසලේ නේවාසිකාගාරයේ නවතින බව දෙමව්පියෝ පවසති. එසේ නැතහොත් දිනකට කිලෝමීටර් අටකට වැඩි දුරක් මෙම දරුවන් පයින් ගමන් කළ යුතුය.
වයස අවුරුදු 13 ට වැඩි දරුවන්ට නේවාසිකාගාර පහසුකම් ලබා නොදෙන බවත් නේවාසිකාගාර පාලක නිවාඩු ගතහොත් ඒ සඳහා වැඩ ආවරණයට කිසිවෙකු නොමැති බවත් දෙමව්පියෝ පවසති. මේ සම්බන්ධව වැඩිදුර තොරතුරු සඳහා විදුහල්පතිවරයාගෙන් විමසීමක් කලද තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කරන ලදී.
නැග්රැග් වැසියන්ගේ සෞඛ්‍ය කටයුතු සඳහා 2015 වර්ෂයේදී සබරගමුව පළාත් සභාව මගින් සෞඛ්‍ය මධ්‍යස්ථානයක් ඉදිකර ඇති අතර එහි සේවාව එම වර්ෂයේ මාස කීපයකට සීමා වූ බවද පවසති. එම සෞඛ්‍ය මධ්‍යස්ථානය 2015 සිට මේ වනතුරුම වසා දමා ඇත.
කිසිවකු අසනීප වූ විට කිලෝ මීටර 20 කට ආසන්න දුරක් පැමිණ පඹහින්න රෝහලට හෝ කිලෝ මීටර 36 ක් දුරින් පිහිටි බලංගොඩ මූලික රෝහලට පැමිණිය යුතුය. එබැවින් මෙම ගම්මානය සඳහා ගමනාගමන සහ අධ්‍යාපනය මෙන්ම සෞඛ්‍ය කටයුතු සඳහා ප්‍රමාණවත් පහසුකම් සලසා දෙන මෙන් ගම්වැසියෝ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.
මෙම ගම්මානයේ ගමන් බිමන් පා ගමනටම සීමා වේ.
අති දුෂ්කර මාර්ගයක් වන මෙම නන්පේරියල් මාර්ගයේ මීට පෙර තේ කර්මාන්ත ශාලාව දක්වා ධාවනය වූ බස් රථය මාර් ගය අබලන් වීමත් සමඟම විවේකානන්ද විද්‍යාලය දක්වා පමණක් ධාවනය වේ. එතැන් සිට කිලෝමීටර් අටක් පමණ දුර මේ ගම්වැසියන් පයින් යා යුතුවේ.
සුප්‍රසිද්ධ බේකර් ස් වංගුව පිහිටියේද මෙම මාර් ගයේ වන අතර ඒ සඳහා බලන්ගොඩ වැවිලි සමාගම තේ කර්මාන්ත ශාලාව අසලින් ඉදිරියට යන්නේ නම් මාර්ගයේ ගමන් කරනවාට මුදලක් අය කරනු ලබයි. එසේ වුවද සබරගමුව පළාත් සභාව විසින් වරින් වර මාර් ගය ප්‍රතිසංස්කරණය සිදුකොට ඇතත් මේ වන විට වන විට ඉතාම අබලන් තත්ත්වයේ පවතින බව දැක ගත හැකිය.
මෙය සමාගම සතු පාරක්ද නොමැති නම් රජය සතු මාර් ගයක් ද යන්න රජයසතු ඉඩම් බදුක්‍රමය යටතේ ලබාගෙන ඇතිද යන්න අනාවරණය කර ගතයුතුව ඇත. වැවිලි සමාගමට අයිතිවේ නම් පළාත්සභාව මාර් ග ප්‍රතිසංස්කරණය කර ඇත් නම් ඊට මුදල් සමාගම මුදල් අයකරන්නේ කෙසේද යන්න නොවිසඳුණු ගැටලුවකි.
සමාගමේ ඉහළ කළමනාකාරිත්වය සම්බන්ධකර ගැනීමට උත්සාහ කළත් ඔවුන් විසින් ලබාදෙන දුරකථන අංක සක්‍රීය තත්වයේ නැත. මේ සම්බන්ධව සබරගමුව පළාත් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතාගෙන් විමසීමක් කළ අතර ඔහු පැවසූවේ පළාත් සභාව විසින් මාර් ගය ප්‍රතිසංස්කරණය කර ඇති නම් ඒ සඳහා මුදල් අය කිරීම කළ නොහැකි බවයි. නන්පේරියල් තේකර්මාන්ත ශාලාවේ සිට බේකර් ස් බෙන්ඩ් දක්වා ආසන්න වශයෙන් කි.මි. 4 ක දුරක් වෙනුවෙන් මෙම මුදල් අයකරනු ලබයි.
සමාගම බේකර්ස් බෙන්ඩ් නැරඹීම සඳහා ආරම්භයේදී ජීප් රියක් හෝ සෆාරි රියකට රැපියල් පන්දහසක් අයකළ බවද ඒ වන විට රිසිට් පතක් ලබා දී නොමැති බවද විධිමත් භාවයකින් තොරව කටයුතු සිදුවූ බවද අනාවරණය විය. කෙසේ වෙතත් මේ වනවිට රිසිට් පතක් නිකුත්කරනු ලබන අතර එවැනි රථයක් සඳහා රුපියල් 1500 ක්ද එක් මගියෙක් සඳහා රුපියක් සීය බැගින් අමතර මුදලක් ද අයකරයි. යතුරුපැදියක් සඳහා රුපියල් පන්සීයක්ද, ත්‍රිරෝද රියකට රුපියල් 250 ක් ද අයකරන බැව් අනාවරණය විය. දේශිය සංචාරකයින් වැඩිපිරිසක් සතිඅන්ත හා නිවාඩු දිනයන්හි මෙහි පිවිසෙන අතර ඒ සඳහා ප්‍රවාහන සේවා සපයන පිරිසක් ද මේ වන විට වෘත්තීයක් ලෙස යෙදෙමින් සිටියි. සමාගමෙන් අයකරන මුදල රථයටත් මගීන්ටත් සහනයක් සලසන්නේ නම් සැමට සහනයක් වී සංචාරකයන් වැඩි වීම සිදුවනු ඇතැයිද එවැනි සේවා සපයන්නෙක් පැවසීය.
බේකර් ස් වංගුව දක්වා මාර්ගය සංවර්ධනය කර, මීට පෙර ලෝකාන්තය වෙත පාගමනින් පිවසීමට හැකිව තිබූ කිලෝමීටර් 2 ක දුර ගමන්මග තහනම් කර අති අතර මේ සඳහා පිවිසීමේ අවසර පතක් ලබාදී පා ගමනින් ලෝකන්තයට පිවිසීමට මග විවර කළ හැකි නම් සංචාරක ප්‍රවර්ධනයක් සිදු කළ හැකි බවද ඇතැමෙක් පවසති.
මීට පෙර සබරගමුව පළාත්සභාව හා වැවිලි සමාගම අතර සාකච්චා වට කීපයක් පැවති අතර බෙලිහුල්ඔය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කිරීමේදී නැග්රැග් සිට පහල ඈතින් පෙනෙන සමනලවැව දක්වා කේබල් කාර් ව්‍යාපෘතියක් පිළිබඳවද සාකච්ඡා කෙරුණි.
ජනතාවගේ පොදුපහසුකම් මෙන්ම සංචාරක ආකර්ශණය දිනු පාරිසරික පද්ධතිය රැකීම හා සංචාරක ප්‍රවර්ධනය මෙන්ම දැනට පවතින තත්වය පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමුවිය යුතුය.
කි.මි. 8 ක් පයින් පාසල් යන දරුවෝ
අඩි 5000 උස බේකර්ස් වංගුවේ සිට සමනලවැව දිස්වෙන අයුරු
වසා දැමූ නැග්රැග් සෞඛ්‍ය මධ්‍යස්ථානය
විවේකානන්ද විද්‍යාලය
ඇමෙරිකන් ජනාධිපතිවරණය හෙට (5) පැවැත්වෙයි. ජනාධිපතිවරණ සටන පවතින්නේ, රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍ර
තොරතුරු සහ සත්‍ය අතර පරතරයක් ඇත. විවිධ මාධ්‍ය ඔස්සේ ලැබෙන තොරතුරු අති විශාලය. මෙම තොරතුරුවලින් සැලකිය යුතු කොටසක් ඇත්ත නොවේ. ගල් යුගයේ සිට කෘත්‍රිම බුද
ලංකාවේ අති දුෂ්කර ගමනාන්තයක පවතින වතු ජනාවාස ගම්මානයක වැසියන් වන නැග්රැක් ගමේ ජනපදිකයන් වෙත පොදු පහසුකම් නොමැති බව ඔවුහු පවසති.
කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිපතිව වැඩ විසූ අපවත් වී වදාළ ආචාර්ය ගල්බොඩ ඤාණිස්සර නාහිමියන්ගේ තෙමස් පූර්ණ පින්කම අද (02) සහ හෙට (03) ගංගාරාම
පස් වසරක පෙර පාස්කු ඉරිදා දින එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධයෙන් ආන්දෝලනයක් ඇති කිරීමට පිවිතුරු හෙළි උරුමයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී
කොළඹ ආනන්ද විද්‍යාලයේ 138 වැනි සැමරුම අදට යෙදී ඇත. මේ ලිපිය ඒ නිමිත්තෙනි. කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා 1884 පෙබරවාරි මස 08 වැනිදා මරදානේ ධර්මෝපකාරී සමාගම
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
අඩි 7000 උස නැග්රැක් ගමට පොදු පහසුකම් නෑ