අපවත් වී වදාල අත්තුඩාවේ සිරි රාහුල මහනාහිමිපාණන් වහන්සේගේ දස වැනි ගුණ සැමරුම හෙට (1 වැනිදාට) යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
රටත්, දැයත්, සමයත්, සාහිත්‍යයත් එකම ධනය කොටගත් අත්තුඩාවේ සිරි රාහුල මහනාහිමි උපත ලැබුවේ වර්ෂ 1919 දෙසැම්බර් 19 වැනිදාය. උන් වහන්සේගේ දෙමව්පියන් වීමට භාග්‍යය ලැබුවේ මාතර නිල්වලා නදිය අසබඩ අත්තුඩාව නම් සුන්දර ගම් පියසෙහි විසූ ඩී.ජේ. හේවානාදුගල මහෝපාසක මහතා හා ඩී.ජේ.එම්. අබේසේකර මහෝපාසිකා මාතාවය. ගිහි කල ප්‍රාථමික අධ්‍යාපනය ලැබීම සඳහා වර්ෂ 1924 ජනවාරි මස 06 වැනිදා පාලටුවේ ගුණරතන විදුහලට ඇතුළත් විය. වර්ෂ 1932 වෙසක් මස 20 වැනිදා මාතර අත්තුඩාවේ ශ්‍රී රත්නපාලාරාමයේ දී උතුම් වූ ප්‍රව්‍රජ්‍යා භූමියට පත්වූයේ අටම්පල රතනපාල ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙනි.
දික්වැල්ලේ දොඩම්පහල ශ්‍රීසුභද්‍රාරාමාධිපති බැදිගම පියරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ ආචාර්යවරයාණෝ වූහ. ප්‍රව්‍රජ්‍යාවෙන් පසු ධර්ම ශාස්ත්‍රධ්‍යයනය සඳහා ගෝනගල සුධර්මාකර පිරිවෙණට ඇතුළත්ව වර්ග පටිපාටියෙන් ප්‍රාචීන හාෂෝපකාර සමාගමේ විභාගයන් ගෙන් භාෂාත්‍රයෙන් සමත්ව රාජකීය පණ්ඩිත උපාධිය ලැබූහ. වර්ෂ 1940 ජූනි මස 02 වැනිදා මහනුවර මල්වතු මහා විහාරයෙන් සුපරිසුද්ධෝපසම්පදාව ලැබූ අතර එහි දී මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකාය පිහිටුවීමෙහිලා පුරෝගාමී වූ බෝධිසත්ත්ව ගුණෝපේත වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජෝත්තමයාණන් වහන්සේගේ චරිතාපදානය ‘‘සිරි සරණංකර සංඝරාජාපදානය’’ නමින් පාලි ගාථා බන්ධනයක් ලෙස සංඝසභාවට ඉදිරිපත් කිරීම විශේෂිත සිදුවීමකි.
මහනා හිමියන්ගේ ජීවිතය වඩාත් ආලෝකමත් වූයේ මහාවංසයේ තෘතීය භාගය රචනා කළ යගිරල ශ්‍රී පඤ්ඤානන්දාභිධාන පහතරට ප්‍රධාන සංඝනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ඇසුරට පත්වීමෙන් පසුවය.
එම භාග්‍යවන්ත හමුව සිදු වූයේ වර්ෂ 1936 දී ය. යගිරල පඬි නාහිමි වැඩ සිටි ගෝනගල සුධර්මාකර පරිවෙණස්ථානය එකල ලංකාවේ ඉතා දීප්තිමත් අධ්‍යාපන ආයතනයක්ව පැවතිණ. අප මහනාහිමියන්ට එහි දී දිවයිනේ චිරප්‍රසිද්ධ දේශපාලනඥයන්, ගත්කතුවරුන්, මහා පඬිවරුන් හා මාධ්‍යවේදීන්ගේ ඇසුර ලබා ගැන්මේ භාග්‍යය ද උදා වී තිබේ.
දිවයිනේ කොතැනක හෝ අලුත් පොතක්, පත්‍රයක් පළ වී නම් එහි පිටපතක් යගිරල නාහිමියන්ට නොපමාවම ලැබිණි. මෙසේ පිරිවෙණේ ඉගෙනගන්නා අවදියේ දී ම මේවා පරිශීලනය කිරීමට ලැබීමෙන් මහනාහිමියන්ගේ සිත භාෂා සාහිත්‍යාදිය කෙරෙහි ගැඹුරින් හැදෑරීමට නිතැතින්ම යොමු විණ. එම දැනුම අනුක්‍රමයෙන් දියුණු වීයත්ම එවක පුවත්පත් සඟරාදියට උන්වහන්සේ ගැදි-පැදි නිර්මාණ ඉදිරිපත් කළ හ. මුලින් ම කාව්‍ය නිර්මාණයක් පළවූයේ සෝමවීර චන්ද්‍රසිරි මහතාණන් ගේ සංස්කාරකත්වයෙන් නිකුත් වූ ‘‘සරසවි සඳරැස’’ පත්‍රයේ ය. පසුව සිංහල බෞද්ධයා, සිළුමිණ ආදී පුවත්පත්වලට උන්වහන්සේ නිතර නිතර ගැදි-පැදි නිර්මාණ යොමු කළ හ.
අධ්‍යාපන සේවාවෙහි ද නිරත වූ උන්වහන්සේ ගෝනගල සුධර්මාකර පිරිවෙණේ නියෝජ්‍ය පරිවේණාධිපති ලෙස කලක් සේවාවෙහි නිරතව සිටියහ. වලස්ගල සිරි සරණංකර පිරිවෙණ ආරම්භයේ සිට එය ලියාපදිංචි කිරීම දක්වා එහි පරිවෙණාධිපති ලෙස ද කටයුතු කළහ. රත්මලානේ පරිවෙණාචාර්ය අභ්‍යාස විද්‍යාලය ආරම්භ කිරීමෙන් පසු ඒ සඳහා තෝරාගත් ප්‍රථම කණ්ඩායමට ඇතුළත්ව දෙවසරක පුහුණුව නිමවීමෙන් පසුව ප්‍රවීණාචාර්ය සහතිකය ද ලබා ගත්හ. මහ පිරිවෙන් දෙක විශ්වවිද්‍යාල තත්ත්වයට පත් කිරීමෙන් පසු විද්‍යෝදය විශ්වවිද්‍යාලයෙන් ගෞරව ශාස්ත්‍රවේදී උපාධිය ලබා ගත්හ.
වර්ෂ 1959 දී ප්‍රාචීන පණ්ඩිත උපාධියට ශාස්ත්‍රවේදී උපාධියෙහි තත්ත්වය ලබා දී මහා විද්‍යාලවල ගුරුපත්වීම් ලබාදීමේදී එහි ප්‍රථම කණ්ඩායමට අයත්ව රජයේ පාසල් ගුරු සේවාවට පිවිස අම්බලන්ගොඩ දේවානන්ද මහා විද්‍යාලයෙහිත්, මාතර ගොඩඋඩ මහා විද්‍යාලයෙහිත්, දික්වැල්ල විජිත මධ්‍ය මහා විද්‍යාලයෙහිත් ගුරු සේවාවෙහි නිරතව සිටියහ. රජයේ අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන මණ්ඩලය ඇරඹූ මුල් කාලයේ ම එයට බැඳී කලක් එහි ග්‍රන්ථ සම්පාදනයෙහි යෙදී සිටියහ.
ලාංකේය සංදේශ කාව්‍ය අතර පැරණිතම කෘතිය ලෙස සැලකෙන පොළොන්නරු යුගයේ රචිත පාලි පද්‍ය 62 කින් යුත් මානාවුලු සන්දේසය මහනාහිමියෝ පද්‍ය 62 කින් යුත් සිංහල කාව්‍යයක් බවට පත් කළහ. පාලි පද්‍ය සමගම සිංහල පද්‍ය දැක්වීමෙන් එය පදානුගත පරිවර්තනයක් බවට පත්වුවද පාලි පෙළ ඉවත් කරගත් විට සිංහලෙන් රචිත සන්දේශයක් සේ දැනෙන තරමට කාව්‍යමය ගුණයෙන්ද සරල බවින් ද සිත්ගන්නා ලක්ෂණ පෙන්නුම් කරයි.
මහනා හිමියන් විසින් රචනා කරන ලද සෙසු කාව්‍ය ග්‍රන්ථ අතර ‘‘ගිරිහිස වනපෙත සහ මේ කුළ’’ නමැති ථේර ථේරී ගාථා පරිවර්ථනයත් ආචාර්ය නාගාර්ජුන පාදයන්ගේ සුහෘල්ලේඛාව සිංහලට නගමින් රචිත සුහද අස්නත්, පාලි තේලකටාහ ගාථා සිංහලට නැගූ ‘‘තෙල් කටාරමේ කවි’’ නමැති කාව්‍ය සංග්‍රහයත් වන අතර “බුදු හාමුදුරුවෝ’’ හා ‘‘මුනිගුණ මිහිර’’ නම් වූ ස්වාධීන භක්ති කාව්‍යයන් දෙකක් ද වෙයි.
මහ නාහිමියන්ට ශ්‍රී රෝහණ පාර්ශ්වයේ අනුනායක පදවිය පිළිබඳ අක්ත පත්‍රය පිරිනැමුවේ වර්ෂ 1987 ජූලි මස 18 වැනිදා ය. එසේම ශ්‍රී රෝහණ පාර්ශ්වයේ නිර්මාතෘවර කඹුරුපිටියේ මහනාහිමියෝ වර්ෂ 1998 නොවැම්බර් 18 වැනි දින අපවත් වී වදාළහ. එමගින් පුරප්පාඩු වූ මහා නායක පදවිය සඳහා අප මහනාහිමි පත් වූයේ ශ්‍රී රෝහණ පාර්ශ්වීය ත්‍රිංශත් වර්ගික විධායක කාරක මහා සංඝ සභාවේ සමානච්ඡන්දයෙනි. තව ද දකුණු පළාතේ ඉහළම ශාස්ත්‍රීය වටිනාකමක් ඇති පදවිය වන රුහුණ විශ්වවිද්‍යාලයේ කුලපති පදවියෙන් ද උන්වහන්සේ පිදුම් ලැබූහ.
ඌරුගමුවේ අස්සජි හිමි
පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස
අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ
මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත
හාරඹ වලව්ව බලපිටියේ පිහිටි වලව් අතරින් පැරැණිතම වලව්වකි. සිංහල, පාළි, සංස්කෘත, ඉංග්‍රීසී හා ලතින් භාෂා මැනැවින් දැන සිටි ලුවී ද සොයිසා විජයසේකර ජයතිල
මෙවර ජනාධිපතිවරණය මෙරට මැතිවරණ ඉතිහාසයෙහි පැවැති ඉතාම සාමකාමී මැතිවරණයකි. ඒ නිසාම එම සාමකාමී පරිසරය ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන්ගේ ප්‍රසාදයට ලක්
විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක වන තලල්ලේ චන්දකිත්ති හිමියන්ගේ පැවිදි දිවියට අදට (25) වසර 36ක් සම්පූර්ණ වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අත්තුඩාවේ සිරි රාහුල මහනාහිමි