IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


අත්තෙන් අත්තට පනින කිරිල්ලිය

සැහැල්ලූවෙන් සතුටින් ජීවත් වෙච්ච ළමා වයස හරි ඉක්මනින් ගෙවිලා ගිහින්. ජීවිතේ බර කරට ගන්න සිදුවුණු නිසා ප‍්‍රියංගා පාසල් ජීවිතයට ආයුබෝවන් කිව්වා. ඒ වෙද්දී ඇය උසස් පෙළ විභාගයට පෙනී සිටින්න සුදානමිනුයි හිටියෙ. පියාගෙ හදිසි අභාවයත් සමඟ ගෙදර ප‍්‍රශ්න එන්න එන්නම වැඩිවුණේ ඔය අතරතුරේදී.....

  sdf


ඇයට හිටියෙ නංගියි මල්ලියි විතරයි. ඒ වෙනුවෙන් ලොකු කැපකිරීමක් කරන්නත් සිදුවුණේ ඇයටමයි. තමන්ගේ අධ්‍යාපනය අතහැරලා නංගිවයි මල්ලිවයි බලාගෙන ගෙදරට දෙවනි මවක් වුණේ ප‍්‍රියංගා.


ඇගේ අම්මා සේවයට ගියෙත් ඇගලූම් කර්මාන්ත ශාලාවකට, එත් ඒ ලැබෙන සොච්චම් මුදල ඔවුන්ගෙ එදාවේල පිරිමහගන්නටවත් ප‍්‍රමාණවත් වුණේ නැහැ. ඒ නිසා ප‍්‍රියංගාත් තීරණය කළා නගරෙ ඇඟලූම් ශාලාවක් වෙත යාමට.....


‘‘අම්මේ මමත් ගාමන්ට් යනවා’’ ප‍්‍රියංගා අම්මාට පැවසුවා.


-උඹට පිස්සුද ගාමන්ට් යන්න....” අම්මා ප‍්‍රියංගාට එලෙස පැවසුවේ කෝපයෙන් යුක්තයි....

01_page_3-Rs
-අම්මා ගන්න සල්ලිවලින් පුළුවන්ද අපි හැමෝටම ජීවත්වෙන්න. මල්ලිටයි නංගිටයි ඉගෙන ගන්නත් සල්ලි එපැයි......”


ප‍්‍රියංගාගේ මුහුණ දෙස බැලූ අම්මාගේ දෙනෙතෙන් කදුළු කැට කඩා හැලෙන්නට වුණේ ඇයටත් නොදැනිමයි. එය දුටු ප‍්‍රියංගාට ඇතිවුණේ කියා නිම කළ නොහැකි තරම් දැඩි සිත් වේදනාවක්.


තාත්තා හිටියනම් අපිට මෙහෙම වෙන්නෙ නෑ. අම්මාගේ මුහුණ දුටු ප‍්‍රියංගාගේ සිත ශෝකයෙන් ඇවිළෙන්නට වුණා.


-අම්මේ....” යයි කියමින් ඇය තම මව තුරුලූ කරගත්තේ දරාගත නොහැකි දුකකින්....


එලෙස ගාර්මන්ට් යාම සඳහා ඇයට අම්මාගෙන් අවසරය ලැබුණා. සෘජු තීරණයකට එළඹ ප‍්‍රියංගා පසු දිනම ඇබෑර්තු ඇති ඇගලූම් කර්මාන්ත ශාලාවට ගියේ සම්මුඛ පරීක්ෂයක් සඳහා.


ඇයගේ මිතුරියන් දෙදෙනෙක්ද ඒ ඇගලූම් කර්මාන්තශාලාවේ සේවය කළා...


ඇය එහි සිටි කළමනාකාරවරයා හමුවී එහි වූ සම්මුඛ පරීක්ෂණය සඳහා සහභාගී වුණා.


එලෙසින් දවස් ගතවෙද්දී ප‍්‍රියංගාගේ පාසල් ගමනද නතරවුණු නිසා පාසලේ ගුරුවරුන්ද ඇය ගැන අසා නිවසට පණිවිඩ කිහිපයක්ද එවා තිබුණා.


ප‍්‍රියංගා සම්මුඛ පරීක්ෂණයට සහභාගී වී එම ලිපිය ලැබෙනතුරු සුබවාදි ආරංචියක් ලැබේදැයි කියා පසුවුණේ ඉතා නොඉවසිල්ලෙන්. ඒ බලාපොරොත්තුවත් සමඟින් සිටි ප‍්‍රියංගාගේ නිවසට ලිපියක් එන්නේ ඇගේ සිහින මල්පල ගන්වමින්.......


ඔවුන්ගේ වැට කඩුල්ල ළඟට විත් සීනු නාදය ඇසුණු පසු ප‍්‍රියංගා මල්ලීට පවසන්නේ දිව ගොස් ලිපිය රැගෙන එන ලෙසටයි.
ඒ මොහොතේ අක්කාගේ අණ පිළිපදින මල්ලි ලිපිය ගැනීම සඳහා කඩුල්ල දෙසට දිවයන්නේ මිටින්හල කුරුල්ලෙකු මෙනි.......


එය රැුගෙන ඔහු ප‍්‍රියංගා දෙසට පැමිණියේ දිව ගියාට වඩා වේගයෙනි.........


-මේ තරම් ඉක්මනට ලියුම ගෙනාවද?” ප‍්‍රියංගා මල්ලී ගෙනා ලිපිය අතට ගත්තේ එසේ පවසමින්......


ඒ ලිපිය ඇඟලූම් කර්මාන්තශාලාවෙන් ඇවිත් තිබිණි. කවරය කඩා ලිපිය අතට ගත් ප‍්‍රියංගා ලිපිය ගෙන කියවූ අතර එහි තිබුණේ කර්මාන්තශාලාවට ඇය තෝරාගෙන ඇති බවයි.


පසුදා උදෑසනම ඇය ඇගලූම් කර්මාන්තශාලාව වෙත පියමනින්නේ ජීවිතේට නව බලාපොරොත්තු රාශියක් එක්කර ගනිමින්.


ප‍්‍රියංගා ඉතාමත් ලස්සන රූපයකට උරුමකම් කියූූූූ ගැහැණු ළමයෙක්. සුදු පැහැති උවනත්, දිගු නීල දෑසක් මෙන්ම උසට සරිලන මහතකින් යුක්ත වූ ඇය කාගේත් සිත් දිනාගැනීමට සමත් යුවතියකි. ඇගේ කතා විලාසය, හුරුබුහුටි ගතිය තව තවත් එහි අලංකාර බවක් ගෙන දුන්නා.
ඇය එකවරක් දකින කෙනෙකු ඇය දෙස දෙවන වරටත් බලනවා නිසැකයි.


දිනපතාම ඇගලූම් කර්මාන්තශාලාවට ඇය ආවෙ ගියේ බස් රථයෙනි. එය පිහිටා තිබුණේද ප‍්‍රියංගාගේ නිවසේ සිට කිලෝමීටර් 8ක් පමණ දුරකින්. තමන්ගේ ගමේ සහ යාබද ගම්වලින්ද මේ ඇගලූම් කර්මාන්තශාලාව වෙත තවත් බොහෝ පිරිස් ගමන් කළා.


ඒ පිරිස් අතර ඒ ඇගලූම් කර්මාන්තශාලාව වෙත පියනැඟු කපිලද හිටියා. සමහර දිනවල බස්රථයේ යන අතරතුර ප‍්‍රියංගාට ආසනයක් නොමැති වූ විට කපිල තම ආසනය ඇය වෙනුවෙන් පරිත්‍යාග කළා. එයින් ප‍්‍රියංගාට ඇති වුණේ ලොකු සතුටක්. එතැන් පටන් ප‍්‍රියංගා කපිල සමඟ කුළුපග වුණේ කලක සිට දන්නා හඳුනන අයෙකු මෙන්..


එසේ කාලය කෙමෙන්කෙමෙන් ගතවෙද්දී කපිල සමඟ ප‍්‍රියංගා දැඩි ස්නේහයකින් බැදුණා. ඒ විදිහට ඔවුන් අතර සම්බන්ධතා ගොඩනැගෙද්දී අවසානයේ ප‍්‍රියංගා කපිල සමඟින් පෙම් දැලේ පැටලෙන්නට වුණා.


එතැනින් පසුව ඇය සෑම නිවාඩු දිනයක්ම ගත කළේ කපිල සමඟින්..... ඔවුන් ඒ සඳහා තෝරාගත්තේ ලැඟුම්හල් සහ හෝටල් කාමර.... එහි තනිවී පෙම් සුව විදි ඔවුන් පේ‍්‍රමයෙන් අන්ධ වෙලයි හිටියෙ.....


කපිලගෙ ආදර තුරුලට වෙලා හිටිය ප‍්‍රියංගාට ඇය කරන්නෙ වැරදි දෙයක් කියලා නිකමටවත් හිතුනෙ නැහැ. ඇයගෙ මුළු ජීවිතයම වෙලා තිබුණෙ කපිල... ඇය ඔහුට ජීවිතයම පරිත්‍යාග කර සිටි නමුත් ඔහු කාගෙ කව්ද? ඉන්නෙ කොහෙද? කියලා බලන්නවත් මතක් වුණේ නැහැ.


අවසානයේ ඇය නතර වුණේ ගැහැණියකට තියෙන වටිනා සියල්ලම පාහේ නැතිකරගෙන. එතැනින් පසුව ගැහැනිය අවලංගු කාසියක් බවට පත්වෙනවා කියන දේවත් මතක් වෙන්න තරම් ඇය බුද්ධිමත් වුණේ නැහැ.


එලෙසින් වසරක් පමණ ගතවූ පසු ටික කාලයක සිට කපිල දකින්නට හිටියෙ නැහැ. ඔහුගෙ දුරකථනයත් ක‍්‍රියා විරහිත කරලයි තිබුණෙ. ප‍්‍රියංගා දැඩි වෙහෙසක් දරා ඔහුව සෙව්වත් ඇයට ඔහුව සොයාගන්නවත් ලැබුණෙ නැහැ.


කපිල තමාව අතහැර දමා ගොස් ඇති බව වැටහෙන්නට ඇයට වැඩිකලක් ගතවුණේ නැහැ. ඇය දැන් සමාජයට මුහුණදෙන්නෙ කොහොමද? කියලා හිතනවා. එහෙම හිතන හැම වාරයක් පාසාම ඇගේ නෙතඟට කඳුළු නැඟුණේ ඇයටත් නොදැනීමයි.


සුන්දර තරුණියක වූ ඇය සැමියෙකු නැතිමුත් ගැහැණියක් බවට පත්වී  අවුරුද්දක් ගතවුණා. ඇය කපිලගෙන් පසුව කීහිපදෙනෙකු සමඟ ආදරයෙන් පැටළුනද කිසිවෙක් ඇයව භාරගන්නට කැමති වුණේ නෑ.


තමාගේ පේ‍්‍රම මාලිගා බිඳවැටුණද ඇය තමන්ගේ යුතුකම් ගෙදර සියලූ දෙනා වෙනුවෙන් නොපිරිහෙළා ඉටු කළා. නමුත් ඇය මුුහුණ පෑ සිටි තත්ත්වය මත ඈව විවාහ කරගැනීමට කිසිවෙකුත් ඉදිරිපත් වුණේ නැහැ.


එලෙසට කාලය ගතවෙද්දී අවසානයේදී ප‍්‍රියංගාගේ අතගන්නට ඉදිරිපත් වුයේ චමින්දය. ඔහු නගරයේ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලිපිකරුවෙකි.
සිහින් සිරුරක් සහිත චමින්ද පාදයක ආබාධයකින් පෙළුනු අයෙකි. ඒ නිසාම ඔහු කොර ගසමින් තමයි ඇවිද ගියෙත්... ප‍්‍රියංගා සිය සැමියා විදිහට බලාපොරොත්තු වූයේ චමින්ද වැනි අයෙකු නොවේ. කපිල වැනි කඩවසම් තරුණයෙකි.


එහෙත් දෛවය ඒ සියල්ල වෙනස් කරන්න වුණේ තප්පර කිහිපයක් විතරයි. ප‍්‍රියංගා චමින්ද සමඟ විවාහ වී මාස කීපයක්ද එලෙසට ගතවිණි.
චමින්දට දාව ප‍්‍රියංගාට දරුවෙකුද ලැබුණු අතර ඇය දරුවාත් බලාගෙන ගෙදර දොරේ වැඩත් කරගෙන හොඳින් කල් ගත කළා. දරුවා ලැබීමත් සමඟ ඇය ඇඟලූම් කර්මාන්ත ශාලාවේ සේවයට ගියේත් නැහැ.


චමින්දගේ හිතවතුන් සතියකට දෙතුන් වතාවක් චමින්දගේ නිවසට ආවා ගියා... ඔවුනොවුන් කෑම කා සුහදව කතා බස් කරමින් පසුවුණා. ඔවුන්ගෙන් ඇතැමෙක් ප‍්‍රියංගාගේ ලස්සන දෙස බැලූවෙ ගිජු ඇසෙන්.


ප‍්‍රියංගා වැනි ලස්සන යුවතියක් චමින්ද වැනි ආබාධයක් තිබෙන පුද්ගලයකු හා විවාහ වී සිටීම චමින්දගෙ යහළුවන්ටද ප‍්‍රශ්නයක් වුණා. නමුත් ප‍්‍රියංගාගේ ඉතිහාසය පිිළිබඳ දන්නා පිරිසක්ද ඒ අතර හිටියා.


චමින්දගෙ හොඳම යාළුවා අජන්තත් චමින්දලාගේ නිවසට නිතර ආ ගිය කෙනෙක්. ඇතැම් දිනක ඔහු චමින්දලාගේ නිවසට පැමිණ ඔහු සමඟ සල්ලාපයේ යෙදෙනවා. සමහර දිනවල ඔහු යන්නෙ රාත‍්‍රී 10, 11 පහුවෙලා... නිතරම චමින්දලාගේ නිවසට එන අජන්තගේ විහිළු කතා ඇසීමට ප‍්‍රියංගා දැක්වූයේ දැඩි කැමැත්තක්. ඔහුත් ප‍්‍රියංගාට දැඩි සේ ඇලූම් කළා. ඔහු හැමදාම වගේ ඉන්නේ තරමක් මත්පැන් පානය කොටගෙන. ඒත් ප‍්‍රියංගා ඔහු සමඟ ඒ හැම දිනකම ලොකු කතාවක නිරත වේගෙනයි හිටියෙ.


අජන්ත ප‍්‍රියමනාප කඩවසම් අයෙක්. ඔහුගේ හැඩි දැඩි පෙනුමටත් පෞරුෂත්වයටත්් ප‍්‍රියංගා ලොල්වෙලයි හිිටියෙ. ඔහු දරුවන් දෙදෙනෙකුගේද පියෙක්. නමුත් ඒ සියල්ලක් පසෙකලා ඉතා විනෝදයෙන් කල් ගත කරන්න තමයි ඔහු පුරුදු වෙලා හිටියෙ.


චමින්ද නිවසේ නැති දිනවල පවා අජන්ත චමින්දගේ නිවසට පැමිණෙනවා. ඒ සියල්ල එසේ සිදුවෙද්දී කාලයත් එක්ක මේ දෙදෙනා අතර පේ‍්‍රම සම්බන්ධතාවයක් හටගන්නේද ඔවුන්ටත් නොදැනිමයි.


අජන්ත චමින්ද නොමැති අවස්ථාවල ඔහුගේ නිවසට යන එන බව අසල්වැසියන්ගෙන් ආරංචි වුණා. ගෙදර ආරවුල් නොමැති සාමකාමී පවුල් ජීවිතයක් ගත කරන ඔහුට ඊර්ෂාවෙන් ඒවා පවසන්න ඇතැයි සිතා ඔහු ඒ කියන කතා තඹ දොයිතුවකට මායම් කළේ නැහැ.


නමුත් එක් දිනක් කාර්යාලයට ගිය චමින්ද අජන්ත කාර්යාලයේ නොමැති අවස්ථාවක ඔහුගේ කනට වැකුණු ආරංචියක් සිතේ තියාගෙන කලින් නිවස බලා යන්නෙ තම බිරිඳගෙ සහ අජන්තගෙ අතර තියෙන ඇයි හොදැයිය සොයා බලන්න.


එදින වේලාසනින්ම නිවසට ගිය ඔහුට දැකගත හැකි වූ සිද්ධිය ඔහු ජීවිතයේ කිසිම දිනක බලාපොරොත්තු නොවූ දෙයක්. ඉන් ඔහු විමතියට පත් වෙන්නෙ මුළු ජීවිතයම ඔහුගේ ඇස් පනාපිට කඩා වැටුණාක් මෙන් හැගෙද්දී, අසල්වැසියන් පැවසූ සියල්ලම නිවැරදි බව ඔහුට පසක් වෙන්නට ගතවූයේ නිමේෂයක් විතරයි. නිවසේ දොර ඇරගෙන කාමරය වෙත ගිය ඔහුට දක්නට ලැබුණේ තම බිරිඳ අජන්ත සමඟ පෙම් කෙළියේ සිටින දර්ශනයක්.


චමින්දයේ සිත කම්පා විය. ඔහු කිසිත් නොකියාම එතැනින් පිටත්ව ගියේ දැඩි වේදනාවෙන් සහ කලකිරීමක් සිතේ තුරුලූ කරගනිමිනි.


එදින සැන්දෑ වරුවම ප‍්‍රියංගා චමින්ද එනතුරු බලා සිිටියත් ඔහු නිවසට පැමිණියේ නැහැ. ඒ මොහොතේ ත‍්‍රීරෝද රථය වේගයෙන්ම ක‍්‍රියාත්මක කරගෙන ඔහු ගියේ කොහිදැයි කව්රුත්ම දැන සිටියේත් නෑ.


ප‍්‍රියංගා ආලින්දයට පැමිණ බොහෝ වේලාවක් බලා සිටිය මුත් චමින්ද ගැන කිසිදු ආරංචියක් නොමැති විය. ඇය කල්පනා කරන්නට වූවා. පෙර සිදුවුණු සිදුවීම් සිතුවම් පෙළක් මෙන් ඇයගේ ඉදරිපිට මැවෙන්නට පටන් ගත්තා. ඇයට ඒ පිළිබඳව කිසිවෙකුටත් පැවසීමට නොහැකි නිසා ඇය එදින නොනිදාම රැුය පහන් කළා.


පසුදා උදෑසනම ඇයට දැන ගන්නට ලැබුණේ ඇය හිතුවේවත් නැති ආරංචියකි.


ඔවුන්ගේ නිවසට කිලෝමීටර් 20ක් පමණ දුරින් ඇළක තිබී චමින්දගේ සිරුර හමුවිය. ඔහුගේ ත‍්‍රීරෝද රථය අසල ළදු කැලෑවකට විසිවී ගොස් තිබී සොයාගන්නට ලැබිණි.


චමින්ද හොඳටම බීලා වේගෙන්ම ගිහින් හන්දියෙ තියෙන බොක්කුවේ ඔළුව වැදිලා වතුරට වැටිලා........ වතුර පෙවිලා තමයි මැරිලා තියෙන්නේ. මළ ගෙදරට ආ ඇතැමෙක් කීවේ එලෙසිනි.


චමින්ගේ මළගම ගෞරවනීය ලෙස සිදු කෙරුණි. නමුත් හත් දවසේ දානය දුන් දින සිට ප‍්‍රියංගා ගමේ කිසිවකු සමඟ කතා බස් නොකර ගෙයි දොර කවුළු වසාගෙන සිටියේ ගමේ සියල්ලන්ගේම ඇස් වසන්නට මෙනි. නමුත් ඒ සියලූදේම හැරුණු කොට ටික දවසක් එසේ ගතවෙද්දී ඔවුන්ගේ නිවසට අජන්තගේ පැමිණීම නැවතත් ඇරඹිණි. ඇය නැවතත් පෙර පුරුදු ජීවිතයටම පුරුදු විය.


ප‍්‍රියංගා තවමත් නීතිය ඉදිරියේ චමින්දගේ බිරිඳය. චමින්දගේ වැටුප හැම මසකම ප‍්‍රියංගාගේ අතට ලැබේ.


ඒ සියලූම දේ ඒ විදිහට සිද්ධවෙද්දී පසු කාලෙක අජන්ත තම පවුලෙන් පවා වෙන්වී ප‍්‍රියංගාට සමීප විය. අවුරුදු කිහිපයකට පසු ප‍්‍රියංගා ගමෙන්ද පිටවී ගොසිනි. ඇය ගමින් පිටවී ගියේ තනිව නොව අජන්ත සමඟ බව කවුරුත් හොඳින්ම දන්නා කරුණකි.

m



අදහස් (0)

අත්තෙන් අත්තට පනින කිරිල්ලිය

මුදිත Tuesday, 04 August 2015 02:53 AM

මෙහෙමත් ගැහැණු! ජීවිතේ අසරණවෙලා ඉන්න වෙලාවේ ඇවිල්ලා පිහිටවුණ මනුස්සයට කරපු දේ මෙයාගේ පස්සෙන් එනවා. අජන්තට වඩා කඩවසම් පිරිමියෙක් ආවොත් ඒ පිරිමියාත් එක්ක යන්නේ නැහැ කියන විශ්වාසය අජන්තට කොහෙන් ආවද කියන එකයි තියෙන ලොකුම ප්‍රශ්නය..... (නි)

:       0       0

අජිත් Tuesday, 04 August 2015 02:48 PM

කෙනෙක් රස්සා කරන්න ආරක්ෂා කරන්න කෙනෙක් ජීවිතයම කැපකරද්දී අනෙකා වල්වදින්නේ පෙර කළ පවට. ඒක ඇත්තටම සතුට නෙමෙයි. ඔය වගේ අයට අනුකම්පා කරන්න ඕනෑ ඔය ආත්මෙන් මිදෙන්න (නි)

:       0       0

නිවන්තක Tuesday, 04 August 2015 03:13 AM

ඉතා වටිනා ලිපියක් (නි)

:       0       0

රාජිත Wednesday, 05 August 2015 12:37 PM

අජිත්ගේ කතාව හරියටම හරි (නි)

:       0       0

චාන්දි Wednesday, 02 September 2015 04:54 PM

හොඳ කතාවක් (නි)

:       0       0

ගයාන් Tuesday, 04 August 2015 10:03 AM

මේ වගේ කතා ඕනෑතරම් තියනවා දැන් සමාජයේ. අත්තෙන් අත්තට පනින කුරුල්ලොත් ඕනෑතරම් ඉන්නවා. (නි)

:       0       0

මජිඩ් Monday, 03 August 2015 07:41 PM

ගැහැණියකට තමන්ගේ ආත්ම ගෞරවයයි ලොකුවිය යුත්තේ

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 3701 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 435 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1053 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 95 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 183 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 242 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38949 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25525 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 306 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1033 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 367 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site