IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


අත්තෙන් අත්තට පැනපු කිරිල්ලිය

21-Rasa-p5-BB 

 

උසස් පෙළ විභාග ප‍්‍රතිඵල බැලීමට ගිය ඉරේෂා නිවසට පැමිණෙන විට සවස තුනත් පසුවී තිබිණි. ඇය එනවිට ඇගේ මව සිටියේ සේදූ රෙදි කිහිපයක් වැල් පොටක දමමිනි.

 


අම්මේ..... අම්මේ....


ඉරේෂා මව අබිමුවට දිව ආවේ සතුටින් ඉපිලෙමිනි.


මොකද මේ හතිදාගෙන?


දියණියගේ විලාසයෙන් චංචල වූ ඇගේ මව එසේ ඇසුවේ වනන්නට අතට ගත් රෙද්දක්ද අතේ තබාගෙනය.


අම්මේ මම විභාගෙ පාස්....


ඉරේෂා සිය මව වැළඳගත්තේ ඉහවහාගිය සතුට නිසාය. මවගේ දෙනෙතට සතුටු කඳුළු නැගුණේ නිරායාසයෙනි.


ඉතින් ඉස්කෝලෙ කී දෙනෙක් පාස්ද?


ඉරේෂාගේ මව එසේ ඇසුවේ සතුටු කඳුළු දෙනෙතෙහි පුරවාගෙනය.


ටික දෙනෙක් ඉන්නවා. මල්ෂයි, තාරුකයි දෙන්නත් පාස්.


ඉරේෂා සරසවි අයදුම්පත් පුරවා ඒ අතරතුර පරිගණක පාඨමාලාවක්ද නිම කරන්නට වූවාය.


එලෙසින් දින සති ගෙවී ගොස් ඉරේෂා සරසවියට ඇතුළුවන දිනයද ළංවිණි.


කෝ ඔයා ඇඳුම් ලෑස්ති කර ගත්තද?


ඔව් අම්මා ඔක්කොම හරි.


සැලකිය යුතු ලකුණු මට්ටමක් ලබා ගැනීමට හැකි වූ නිසා ඉරේෂාට කොළඹ සරසවියට ඇතුළත් වීමට හැකිවිය. මල්ෂාත් තාරුකාත් දෙදෙනාම ඇතුළත් වූයේ ඒ සරසවියටමය. ඔවුන් තිදෙනාටම ඒ සරසවියේ නේවාසිකාගාර පහසුකම් ලැබිණි. තිදෙනාම සිටියේ එකම කාමරයේය. ඔවුන් සරසවියට ඇතුළුව දින කිහිපයක් ගෙවී ගොස් පළමු සතියේ නවකවධ කාලය උදාවිය. ඒ එක් දිනක ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයෝ කිහිප දෙනෙක් ඔවුන් තිදෙනාට අඬගැසූහ.


අන්න අපිට කතා කරනවා.


මල්ෂා එලෙස පැවසුවේ ගැහෙන හදවතිනි. මල්ෂාත්, තාරුකාත්, ඉරේෂාත් ඒ පිරිස දුටු පසු උමතුවූවාක් මෙන් තැති ගැනී සිටියහ.


ඒයි උඹලගෙ කන් ඇහෙන්නෙ නැද්ද? මෙහෙ වරෙල්ලා.


තිදෙනාම ඔවුන්ගේ ආමන්ත‍්‍රණයෙන් ඒ දෙසට ගියේ දැඩි චකිතයකිනි.


ඒයි උඹේ ගම කොහෙද?


ශ්වේත වර්ණයෙන් දිදුලන මල්ෂාගේ රුවෙන් වශීවූ අයෙක් ඇසුවේ ඇගේ මුහුණට ළංවෙමිනි.


අහංගම...


ආ.... එතකොට අනිත් උන් දෙන්නා...


අපිත් එහෙ අයියෙ....


කව්ද යකෝ අයියලා?....


අයියලා නෙමෙයි ජ්‍යෙෂ්ඨ උත්තමයො...


කවුද?


ජ්‍යෙෂ්ඨ උත්තමයො...


තිදෙනාම හඬනඟා පැවසුවේ ඔවුන්ගේ නිහඬ බව බිඳිමිනි.


හා... දැන් පලයල්ලා...


අත්තටු ලැබ පියඹන්නාක් මෙන් කාලය වේගයෙන් ඉගිල ගියේ ‘රැුග්’ කාලය  නිම වෙමිනි.


නිබන්දධන කඳු දිනෙන් දින මේසය මත ගොඩගැසෙන්නට විය.


ඉරේෂා ඔයාට මීඩියා ගැන මොකුත් අලූත් ලිපි හම්බවුණේ නැද්ද?


ටියුට් ගොඩ ගසාගෙන ඇඳට වී පාඩම් කරමින් සිටි තාරුකා ඇසුවාය.


නෑනෙ තාරු...


අනේ බොරු කියන්න එපා ඉරේෂා උඹ අපට කොළේ වහනවා නේද?


පිස්සුද බං.... එසේ කී ඉරේෂා ඇඳ මතට ගොඩවූවාය. කාමරයේ ඇඳවල් 4කි. එක් ඇඳක් මත තවත් ඇඳක් තිබෙන පරිද්දෙන් ඒවා සකස් කර ඇත. ඉරේෂා සිටියේ උඩම ඇඳේය. මල්ෂාත්, තාරුකාත්  උඩ ඇඳක සිටීමට බිය වුවද ඉරේෂාට බියක් තිබුණේ නැත.


උඩට නැඟුණු ඉරේෂා කල්පනාවේ නිමග්න වූවාය. විනාඩි 15කින් පමණ පසු ඇගේ මුහුණට නැගුණේ සිහින් සිනාවකි.


බෑගයේ සඟවා තිබූ ඡුායා පිටපත් කීපය අතට ගෙන ඇඳ මතින් තැබූ ඉරේෂා පාඩම් කරන්නට වූයේ කාටත් හොරෙනි. ඇයට අවශ්‍ය වූයේ කෙසේ හෝ වැඩිම ලකුණු ලබා ගැනීමටය. වාර විභාගයේදීද වැඩිපුර ලකුණු ලබා ගැනීමට ඇය ඥාන පටි යොදා ගත්තේද ඒ නිසාය. (ඥාන පටි යනු විශ්වවිද්‍යාලවල විභාග සඳහා කොපි කිරීමට භාවිත කරන කෙටි සටහන්ය.) එවර වාර විභාගයේ වැඩිම ලකුණු ප‍්‍රමාණයක් ගත්තේද ඉරේෂාය. තම ජයග‍්‍රහණය පිළිබඳ ඇය බෙහෙවින්ම උදම් වූවාය. ඉරේෂාට අවශ්‍ය වූයේ ඉක්මනින් හොඳ තැනකට යාමටය. ඒ සඳහා ඇය  ඕනෑම දෙයක් කිරීමට පෙලැඹී සිටියේ ඒ නිසාය. ඇගේ මව්පියන්ටද අවශ්‍ය වූයේ එයමය. ඒ බලාපොරොත්තු ඉෂ්ට කර ගැනීමට ඇය අපමණ වෙහෙසක් දරන්නට වූයේ එබැවිනි.


ඉරේෂාට ඉෂාර හමුවන්නේ මේ කාලසීමාවේදිය. ඉෂාර ඉරේෂාට බෙහෙවින් ඇලූම් කරන්නට විය. ඇගේ කැමැත්ත පතා ඔහු මාස ගණනක්ම ඇගේ පසුපස එන්නට වූවේය. ඉෂාර කෙරෙහි ඉරේෂාගේ සිතේ කැමැත්තක් නොවුණි. ඔහු ඇගේ ආදරය බලාපොරොත්තුවෙන් සිටින බව ඇයට දැනගන්නට ලැබිණි.
ඉෂාර ගොඩක් අහිංසකයි. පව්! ඒ කොල්ලා.... ඉරේෂාට නම් හරියන්නෙ නෑ. තාරුකා එසේ පැවසුවේ නෝක්කාඩුවට මෙනි.


පිස්සුද උඹලට... මම කැමතිත් නෑ... ඉරේෂා එලෙස කීවේ ගණනක් නොගෙනමය.


ඒ ළමයට හොඳට රිසල්ට් තියෙනවා කියලනම් ආරංචියි.


මල්ෂා එසේ පැවසුවේ බලමින් සිටි පොත මේසය මත තබමිනි.


කොච්චර රිසල්ට් ගත්තත් මට මොකද?


දහසකුත් අඩුපාඩු කීවත් ඉරේෂා අවසානයේ ඉෂාර සමඟ පෙම් සබඳතාවක් ගොඩනඟාගත්තේ කාටත් හොරෙනි.


එහෙත් ඉරේෂාගේත් ඉෂාරගේත් පෙම් සබඳතාව බොහෝ ප‍්‍රචලිත විය. ඉන් වාසි සැලසුණේ ඉරේෂාටය. ඉෂාර ඇය වෙනුවෙන් සියලූම කැපකිරීම් නොපිරිහෙළා ඉටු කරන්නට වූවේය. ඔහු සැබෑ දක්ෂයෙකි. පොත පතේ පාඩම් වැඩද රිසි සේ ඇයට ඉගැන්වූයේ තම වැඩ කටයුතුත් අතපසු කරගෙනය.
ඔයා අනිවාර්්‍යයෙන්ම 1ිඑ ක්ලාස් එකක් ගන්න  ඕන හරිද.... ඉෂාර එසේ පැවසුවේ ඉරේෂාව ඔහුගේ ගතට තුරුලූ කර ගනිමිනි.


හ්ම්.... මම කොහොම හරි ගන්නම්කෝ... ඔහුගේ ඒ ප‍්‍රකාශයට ඉරේෂාගේ පිළිතුර එය විය. කාලය ගතව යන්නට විය. ඉරේෂා විශේෂ විෂය සඳහා තෝරාගත්තේ ජනසන්නිවේදනයයි. ඒ සඳහා ඉරේෂාට වැඩි ලකුණු ලබා ගැනීමට ඉෂාර තමාගේ වැඩ පසෙක දමා උදව් වන්නට වූවේය.


කාලයත් සමඟ ඉරේෂාගේ සාමාර්ථ ලේඛනය ් සාමාර්ථවලින් පිරී ගියේ කාටත් සිතා ගන්නටවත් ඉඩක් නොතබමිනි. ඉරේෂාගේ ් සාමාර්ථ පිළිබඳව නේවාසිකාගාරයේ ඇගේ යහළුවන් කතා කරන්නේ දැඩි ආවේගශීලී වේදනාවකිනි. ඇයට විශ්වවිද්‍යාලයේ සමහර ඉහළ නිලධාරින්ගේ  යම්  සැලකිල්ලක් ලැබෙන බවද ආරංචි වූයේ ඒ කාලයේදීමය.


හ්ම්.... ගොඩක් අය ඒ ගැන කතා කරනවා මට ඇහිලා තියෙනවා. මල්ෂා තාරුකා දෙස බලමින් එලෙස පැවසුවේ ඉරේෂා පිළිබඳ හටගත් කලකිරීමෙනි. ඉරේෂා සියල්ලක්ම කරන්නේ කාටත් හොරෙනි. එක පතේ කා, බී ඇය එවැනි දේවල් කරන විට මල්ෂාට දැනුණේ සියුම් වේදනාවකි. එය වචනවලට පෙරළන්නට නොහැක. ඇය ඒ මොහොතේ හැසිරුණේ කසාය බිව් ගොළුවෙකු මෙනි.


ඉරේෂා මෙහෙම කරන්නෙ අපිටමනෙ. අපේ වැරදි තැන් තැන්වල ගිහින් කියනවා. එයා හරියට හැසිරෙන්නෙ පත්තිනි අම්මා වගේ. එතකං එයා ගැන ඔක්කොම දැනගෙන ඉන්නෙ.


තාරුකා එසේ පවසන විට මල්ෂා එය නෑසුණාක් මෙන් සිටියේ කියන්නට දෙයක් නොමැතිවය.


දැන් අර අලූතින් ආව ලෙක්චරර් එක්ක ඉරේෂාගේ සම්බන්ධයක් තියෙනවලූ නේද?


අල්ලපු කාමරයේ සිටි දිස්නා තාරුකාලගේ කාමරයට විත් පැවසුවේ ඉරේෂාගේ ක‍්‍රියා කලාපයන් කාටත් නොරිස්සූ හෙයිනි.


අපි කොහොමද බං  ඕවා දන්නෙ?


තාරුකා පැවසුවේ සිදුව ඇති කිසිවක් අදහාගත නොහැකිව වික්ෂිප්ත වූ මනසකිනි. එදින සවස් යාමයේ ඉෂාරට මල්ෂා හමුවූයේ පුස්තකාලයට යන පාර අභියසදීය.


මොකද වුණේ අයියෙ?


මල්ෂා එසේ පවසන විට ඉෂාරගේ මුහුණ දුකින් පිරී තිබිණි.


ඉරේෂා අලූතින් ඩිපාට්මන්ට් එකට ආපු සර් කෙනෙක් එක්ක යාළුවෙලා. මට පස්සෙ තමයි ආරංචි වුණේ. මම කිසි දෙයක් දන්නෙ නෑ. දැන් මගේ කෝල්ස්වලට ආන්සර් කරන්නෙත් නෑ.


ඉෂාරගේ ඒ වදන්වල තැවරී තිබුණේ දැඩි වේදනාවකි. මල්ෂාට ඉරේෂා පිළිබඳ ඇතිවූයේ කලකිරීමකි. ඇත්තටම මේ ළමයා මෙහෙම ගිහින් කොහේ නවතියිද? මල්ෂා තමාටම මුමුනාගත්තාය.


අවුරුදු 4ක් අවසානයේ වැඩිම ලකුණු ප‍්‍රමාණය ලබාගත්තේ ඉරේෂාය. විශ්වවිද්‍යාලයෙන් ඉවත්වූ පසු ඇය පෞද්ගලික ආයතනයක නිලධාරිනියක වශයෙන් සම්බන්ධ වූවාය. ඒ අවස්ථාව උදාකර දුන්නේද විශ්වවිද්‍යාලයේම ගුරුවරයෙකි. තමාට පැවරෙන  ඕනෑම වැඩක් කල් නොදමා අනුන්ගේ හෝ උදව්වෙන් කෙසේ හෝ කරදීමට ඉරේෂාට උපතින්ම හැකියාව තිබිණි.


එලෙසට කාලය ගතවීමත් සමඟ ඇයට අමිත් හමුවන්නේ නව කාර්යාලයේදීය. අමිත් යනු එම කාර්යාලයේ උසස් නිලයක් දරන පුද්ගලයෙකි. ඉරේෂාගේ රූපයෙන් ඔහු මත්වී සිටියේය. ඇය පළමු දිනවල ඔහු කෙරෙහි වැඩි කැමැත්තක් නොවුවද ඔහුගේ සැලකිලි දුටු ඉරේෂා ඔහු සමඟද සම්බන්ධයක් ගොඩනඟාගත්තේ ටිකෙන් ටිකය. ඒ එයිනුත් ඉහළ ප‍්‍රතිඵල ලබාගත හැකි බව දත් නිසාය. අමිත් තිදරු පියෙකි. ඉරේෂා කාර්යාලයට පැමිණි මුල් මාස කිහිපය ඇතුළතම ඉහළටම යාමට වරම් ලබා ගත්තේ අමිත්ගේ උදව් ඇතිවය. එහෙත් ඇගේ වැඩ පිළිවෙළ කාර්යාලයේ බොහෝ දෙනෙකුට රුචි වූයේ නැත.


ඉරේෂා ලෝකයට පෙන්වන්නේ ඉතා හොඳ මුහුණකි. එහෙත් ඇගේ සැබෑ ස්වරූපය එය නොවේ. ඇය ඉතා කපටි අවශ්‍ය වූ විට කබරයා තලගොයා කරගන්නා කාන්තාවකි.


ඉරේෂාගේ කල වයස සම්පූර්ණ වී ඇති බැවින් ඇගේ මව්පියන් ඇයට විවාහයක් කරදෙන්නට සූදානම් වූයේ මේ කාලයේදීය. ඒ සඳහා සුදුසු සහකරුවෙකු ඇගේ මව්පියන් සොයා බලා තිබිණි. ඒ වන විටද ඉරේෂාට වයස අවුරුදු 28කි.


තම මව්පියන්ගේ කැමැත්තට ඉඩදුන් ඉරේෂාගේ විවාහය සිදු කිරීමට සියලූ කටයුතු සූදානම් කෙරුණේ මේ කාල සීමාවේදීය.


ඇයගේ අතනිතගත්තේ වසන්තය. ඔහු විදුහල්පතිවරයෙකි. වසන්ත ඉරේෂාට වඩා අවුරුදු 10කින් පමණ වැඩිමහල්ය. නමුත් ඉරේෂාට එය ප‍්‍රශ්නයක් වූයේ නැත. ඇයට අවශ්‍ය වූයේ ඉහළ පැලැන්තියක ජීවිතයක් ගත කිරීමය. මිල මුදල් එන්න එන්නම වැඩිවූයෙන් ඇගේ රූපයද වඩ වඩාත් අලංකාර විය.

ඉරේෂාගේ විවාහය නිසා අමිත් සිටියේ දුක් සහගතවය. ඇය නිසා තමා මහත් අපහසුතාවට පත්වූවා යැයි නිතර සිතන්නට විය. සති දෙක තුනක් යනතුරු ඔහු සිටියේ කටුව ඇතුළේ සැ`ගවුණු ගොළුබෙල්ලෙකු මෙනි.


එහෙත් ගතවූයේ කෙටි කාලයකි. ඉරේෂා අමිත් සමඟ නැවතත් කතා කරන්නට වූයේ පෙර පරිදිය. ඇය තමාව අතහැර ගොස් නැතැයි අමිත් සිතුවේ ඒ නිසාය. ඔවුන් දෙදෙනා තව තවත් ළංවන්නට වූයේ සියල්ලන්ගේම දෑස් වසමිනි. ඉරේෂාගේ අමුතු හැසිරීම් වසන්තට විටෙක නොරිස්සුවේය. ඇය වෙනත් පුරුෂයෙකු සමඟ ඇවිදින බව වසන්තගේ කනට වැටෙන්න වැඩිකලක් ගතවූයේ නැත. එහෙත් ඇය නිවසේදී ඒ කිසිවක් ඇඟවූයේ නැත. ඒ සියල්ලක්ම ඉවසා බලා සිටියේ ඔහුගේ අතටම සියලූ දේ හසුවනතෙක්ය.


සෑම දෙයක්ම තම දෑසින්ම දුටු පසු තවත් කිරීමට කිසිවක් ඉතිරි වූයේ නැත. සියල්ලම තම අතට හසු වූ පසු වසන්ත ඉරේෂාට බැණ වැදුණේ මහත් උස් හඬිනි.


තමුසෙ නටන නාඩගම් දකිද්දි මම කොහොමද ගෑනියෙ ඇඳුමක් ඇඳගෙන පාරෙ බැහැලා යන්නේ......


වසන්ත ඇයට දැඩි ලෙස බැණ වැදී ඒ අසල තිබූ මල් පෝච්චිය දෑතින්ම ගෙන පොළොවේ ගැසුවේය. එය බිදී ගොස් කුඩා කැබලි බවට පත්විය.


මේවා ඔක්කොම මගෙ වැරදි. මම රූපෙට රැුවටුණා. අපේ පරම්පරාවෙ කාටවත් මේ වගේ දෙයක් වෙලා නෑ. හත්මුතු පරම්පරාවෙම දැලි ගෑවා මේ ගෑනි.
ඉරේෂාගේ වැරදි නිසා ඔහුට විඳින්නට වූයේ නින්දා අපහාස පමණකි. එහෙත් ඉරේෂා ඒ කිසිවක් තඹ දොයිතුවකට මායිම් කළේ නැත. දැඩි සිත් වේදනාවකින් සිටි වසන්ත කිසිවෙකුට නොකියාම නිවසින් පිටත්ව ගියේ ඉරේෂා කළ කී දේ පිළිබඳ කලකිරීමක් සිතේ තුරුලූ කර ගනිමිනි. දවස් දෙකක් ගතවිණි. එහෙත් ඔහු නිවසට අවේ නැත. ඇය කලබල වී පොලිසියට පැමිණිලි කළත් පලක් වූයේද නැත. ඒ දින කිහිපය ගෙවී ගියේ කිසිවක් අඳහාගත නොහැකි අයුරිනි. මේ සියලූම දේ දුටු ඇයගේ මවද කලබල වූවාය. වසන්ත කෙතරම් සෙව්වද සොයාගත නොහැකි විය. ඉන්පසුව කිසිදිනක ඔහු ඇය බැලීමට පැමිණියේද නැත.


තමා කළේ වැරැුද්දක් බව ඈට පසක් වන විට සියල්ල සිදු වී හමාරය. ඇය කුඩා දරුවකු සමඟ අසරණ වූවාය.


වසර ගණනක් ගිය පසු වසන්තගේ විශ‍්‍රාම වැටුප් ඇයට ලැබිණි. මේ සිදුවූ සියල්ලටම වැරදිකාරිය වන්නේද ඉරේෂාමය. අකමැත්තෙන් වුවද සත්‍ය පිළිගන්නට ඇයට අවසානයේදී සිදුවිය. 


රුවල් බිඳුණු නෞකාවක් ලෙස ජීවිත සයුර මැද අරමුණක් නැතිව පාවී යන්නට ඇයට උරුම වූයේ ඇගේම වරදිනි.


ජීවිතයේ සාර්ථක ඉදිරි ගමනක් යාමට කෙටි මාර්ග සෙවූ ඇගේ ජීවිත ගමනේ පළමු පරාජය අත්වින්දේ සිය ආදරයද ආත්ම ගෞරවය මෙන්ම ගැහැනියක සතුවිය යුතු උතුම්ම ආවරණය වූ පවුල් ජීවිතයක සොඳුරු බැඳියාවද අහිමි කර ගනිමිනි.

 

m15

 



අදහස් (0)

අත්තෙන් අත්තට පැනපු කිරිල්ලිය

ලකී Monday, 30 November 2015 05:14 AM

තමන් කසාද බඳින ගෑනි හරි මිනිහ හරි ගැන කිසිම හෙවිල්ලක් බැලිල්ලක් කරන්නේ නැතුව කර ගහ ගත්තාම, ඉතින් ඔය වගේ ප්‍රතිවිපාක වලට මුහුණ දෙන්න වෙනවා.(ම)

:       0       0

ඩිලාන් Friday, 27 November 2015 05:15 AM

මේ වගේ ගෑණියෙක් නිසා ජීවිතේ කාලකන්නි වුනේ වසන්තගේ, පව් ඒ මනුස්සය , මේවගේ ගෑණුන්ට ප්‍රසිද්ධියේ ගල් ගහල මරන්න ඕනේ , මිනිස්සුන්ගේ ජීවිතේ එක්ක සෙල්ලම් කරනවට , එතකොට පළමුවෙන්ම යාලු වුන ඉෂාර ඒ කොල්ලත් පිස්සෙක් වෙන්න ඇති , මේ වගේ වැඩ කරන ගෑනුන්ට දඩුවම් කරන නීතියක් අලුතෙන් හදුන්වා දිය යුතුයි (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 3389 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 383 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1026 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 92 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 180 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 235 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38929 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25522 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 306 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1029 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site