ඇමෙරිකාවේ ප්ලොරිඩා නුවර එවර්ග්ලේඩ් හි වොලස් වෙදරහෝල්ට් (63) තම දරු පවුල හා මිතුරන් පිරිසක් සමග විනෝද චාරිකාවක් සඳහා පසුගිය ජූනියේදී ගියේය. නිදැල්ලේ සතුන් සිටින උද්‍යානයකට ගිය ඔවුහු හැඩි දැඩි කිඹුලකු සිටින කුඩා විලක් අසල බෝට්ටුව පදවමින් සිටියහ.කිඹුලකු අසලට තරමක් කිට්ටු කළ වොලස් පිළිස්සීමට ගෙනා මස් කුට්ටියක් කිඹුලාට දික් කෙළේය. සිදු වූයේ ඔහු නොසිතූ දෙයකි. උරහිස අසලින් අත කඩාගත් කිඹුලා විලේ අතුරුදන් විය. වනජිවි නිළධරින් හා උද්‍යාන පාලකයින් එක්ව කිඹුලා මරා බඩ පලා ගිල දමා තිබූ අත රැගෙන නැවත බද්ධකිරීම සඳහා වෛද්‍යවරුන්ට ලබා දුන්නද අතට සිදු වී තිබූ හානි නිසා එය කළ නොහැකි විය. දිනකට පසු රෝහලට පැමිණි වනජිවි නිළධාරීන් වොලස්ගේ බිරිය අත යම් ලියවිල්ලක් තැබීය. මරාදැමූ කිඹුලාගේ වටිනාකමත් එක්කාසු කොට අනවසරයෙන් සතුන්ට කෑම දීම පිළිබඳව ඔහු ලොකු දඩයකට යටත් කොට තිබිණි. අනවසරයෙන් සතුන්ට කෑම නොදෙන්නැයි එම උද්‍යානයේ ඇති දැන්වීම් නොසලකා ඔහු කිඹුලාට කෑම දුන් බව බිරිය කියයි. ගිය ජුනි12 වැනි දා වූ මේ සිද්ධියෙන් පසු වොලස් හිරගෙට යැවූ නමුත් පසුව ඇමෙරිකා ඩොලර් දහසක දඩයක් මත මුදා හැරිණි. බෝට්ටු කපිතාන්වරයකු වන ඔහු කැර ඇත්තේ ඇමෙරිකා ඩොලර් 500ක ( රුපියල් 65000ක) දඩයක් හා සිරදපඬුවම් නියම කළ හැකිය.
පාස්කු ඉරිදා සංහාරයට අදට වසර හයකි. මෙම ප්‍රහාරය පිරිමින්, කාන්තාවන් සහ ළමුන් ඇතුළු ජීවිත 269 ක් බිලිගත් ඛේදවාචකයක් වන අතර, එම අවස්ථාව වන විට ඔවුන්ගෙන් බොහ
පාස්කු ඉරිදා ඛේදජනක ප්‍රහාරයට වසර හයක් ළඟා වන අවස්ථාවේදී, ශ්‍රී ලංකාව තවමත් පැටළී සිටින්නේ පිළිතුරු නොලැබෙන ප්‍රශ්න, ප්‍රමාද වූ නඩු පැවරීම්, දේශපාලන ම
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සියලු රටවලට අප්‍රේල් 05 වැනි දා සිට බලපාන ලෙස ඔවුන්ගේ ආනයන තීරු බදු සියයට 10 දක්වා ඉහළ දැමීමේ නිල විධානයකට මෙම අප්‍රේල් 02 වන දි
කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ බෝධිය ආසන්නයේ නවතා තිබූ කාර් රථයක අටවන ලද අධිබලැති බෝම්බයක් පුපුරා ගියේ 1987 වසරේ අප්‍රේල් මස 21 වැනිදා සවස් යාමයේය.
ට්‍රම්ප්ගේ වෙෙළඳ කම්පනය ගෝලීය පිළිවෙලට දැවැන්ත පහරකි. එය නියෝජනය කරන්නේ 1970 ගණන්වලදී බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය අවසන් වීමෙන් පසු ඇති වූ විශාලතම බිඳවැටීමය
ශ්‍රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශනා කොට වදාළ ස්වාසුදහසක් ශ්‍රී ධර්මස්කන්ධයේ පහස ලැබුවුවා වූ පරම පූජනීය අතිඋ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
අතත් නෑ දඩත් ගෙවා හිරේ යන්න වේ
දිසානායක Monday, 17 December 2012 10:57 PM
නීතිය නම් නීතිය (ස)
ඩබ්ලිව් .එම් සුගන්ද Saturday, 13 October 2012 05:59 PM
කල්පනා නොකර වැඩකරන්ඩ ගිහින් අහිංසක සතාගේ මරණය සුදුකරා මේවා මොනතරම් පවුද මනුසයත් පවු සතාත් පවු ....(අ)
ලලිත් Tuesday, 09 October 2012 02:19 PM
අන්න නීතිය ක්‍රියාත්මක කරන හැටි...හරියටම හරි(ස)
සිල්වා Tuesday, 09 October 2012 02:45 PM
ඇමෙරිකාවේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ අපේ අයව හිරේ යන්නේ නැහැ... (නි)
ස්ටැනිල් Tuesday, 09 October 2012 02:44 PM
ලංකාවේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ පොඩි මිනිස්සුන්ට විතරයි (ස)
ෂෙරීෆ් Tuesday, 09 October 2012 10:39 PM
මම හිතාගෙන හිටියේ ලංකාවේ කිඹුලන් තමයි දරුණු කියලා. බලාගෙන ගියහම සේරම එකයිනේ. (නි)
සිල්වා Tuesday, 09 October 2012 02:50 PM
අපේ රටෙත් කම්බි වැටෙන් ඉවත ඉඳලා අලීන්ට අනවසරයෙන් කෑම දාලා සමහරු මාධ්‍ය ඉදිරිපිට ඉදලා පුරාජේරුත් දොඩවනවා (ස)
දයා, සෞදියේ සිට Tuesday, 09 October 2012 03:10 PM
තිරිසන් සත්තුන්ගේ හැටි නොදැනද ?අනවශ්‍ය දේ නොකරනම් මෙහෙම දේ වෙන්නේ නෑ නේ (ස)
සෙනෙරත් Tuesday, 09 October 2012 03:50 PM
කැකිල්ලේ නඩු තීන්දුව වගේ (ස)
සනත් Tuesday, 09 October 2012 04:20 PM
ඔනතරම් ලෝකපුවත් බලන්න වෙනත් වෙබ් පිටු තිබේ.එමනිසා හැකිතරම් ලංකාවේ පුවත් පලකරන්න.නැත්නම් සයුරෙන් එතර කොටසේ පලකරනමෙන් ඉල්ලමි.(ස)
හේමන්ත Tuesday, 09 October 2012 04:36 PM
මේ කතාව අර මුට්ටියට ඔලුව දමපු එළුවාගේ ඔලුව ගන්න, මහදැනමුත්තා උගේ ඔලුව කපලා, ඔලුව එළියට ගන්න මුට්ටිය බින්දා වගෙයි. (නි)
ජනක Saturday, 13 October 2012 09:26 AM
ලංකාවේ කෙනෙක්නම් කිඹුලගෙයි අත නැති වෙන්නේ (ස)
සුරංග Friday, 12 October 2012 08:41 AM
කිබුල්ලු අතගාන්න යන්න හොඳ නෑ (ස)