IMG-LOGO

2025 අප්‍රේල් මස 12 වන සෙනසුරාදා


​අතීත රහස් රැසක් හංගාගත් ඔරලෝසු කණුව

සියවසකට අධික  ඉතිහාසයක අපූරු මතක කැටි කරගත්, කොළඹ කොටුවේ ජනාධිපති මන්දිරය අසල වැජඹෙන ඉපැරණි ඔරලෝසු කුලු‍න වැදගත් ඓතිහාසික ස්මාරකයකි. මෙම ඔරලෝසු කුලු‍න එංගලන්තයේ අනන්‍යතාව ලෙස ද සැලකෙන, බිග් බෙන් ඔරලෝසු කුලු‍නට වඩා පැරැණිය.

බිග්බෙන් ඔරලෝසු කුලු‍නට වඩා පරණ, ඊට අවුරුදු දෙකක් වැඩිමල් ලංකාවේ පළමු මෙන්ම ලෝකයේ එකම ප‍්‍රදිපාගාර ඔරලෝසු කුලු‍න එසේත් නැතිනම් ඔරලෝසු කණුව වන්නේ ද මෙයයි. මෙය කොළොම්පුරේ අභිමානය වැඩි කරමින් අතීත රහස් රැසක් හංගාගෙන අදටත් නිවැරදිව වේලාව දක්වයි.  

කොළඹ කොටුවේ සිට, ප්‍රධාන මාර්ග පද්ධති සඳහා සැතපුම් සංඛ්‍යාව ගණනය කර ඇත්තේ ද මෙම ඔරලෝසු කුලු‍න පාමුල සිට වීම ද විශේෂත්වයකි. කොළඹ සිට යාපනයට දුර, කොළඹ සිට ගාල්ලට දුර සැතපුම්වලින් ගණනය කිරීම සිදු කෙරුණේ මෙතැන සිටය.

බ්‍රිතාන්‍ය පාලකයන්ගේ මෙම ඔරලෝසු කුලු‍න ඉදිකිරීම, එදා කොළඹ වැසියන්ට විස්මය දනවන්නක් විය. හේතුව, මීට පෙර මෙවැනි ඔරලෝසු කුලු‍නක් කොළඹ නගර වැසියන් පමණක් නොව, ලාංකිකයන් ද දැක නොතිබීමය. එවකට පැවැති බ්‍රිතාන්‍ය රජය විසින්, ලංකාවේ ඉදි කළ පළමු ඔරලෝසු කුලු‍න එසේත් නැතිනම් හෝරා ස්ථම්භය වන්නේ ද මෙයයි. මෙය සැලැසුම් කරන ලද්දේ එවකට මෙරට ආණ්ඩුකාර ධුරය හෙබවූ හෙන්රි වෝඩ් ය. කුලු‍නේ සැලැසුම් ඇඳීම සිදු කළේ  හෙන්රි වෝඩ්ගේ බිරිඳ එමලී එලිසබෙත් වෝඩ් ය. ඇය දක්ෂ චිත්‍ර ශිල්පිණියක වූවාය.

කුලු‍නේ ඔරලෝසුව සඳහා, විශේෂ ඔරලෝසුවක්, 1814 දී එංගලන්තයේ සිට මෙරටට ගෙන්වීම සිදුවිය. එම ඔරලෝසුව එංගලන්තයේ ඩෙන්ට් සමාගමේ නිෂ්පාදනයකි. එදා එහි වටිනාකම පවුම් 1,200 කි. පසුකාලයක බිග්බෙන් ඔරලෝසුව නිර්මාණයට කළේ ද මෙම ඩෙන්ට් සමාගමය.

ඔරලෝසු කුලු‍න ඉදි කිරීම කඩිනමින් සිදු නොවුණු බව පැවැසෙයි. 1857 වසර දක්වා එය දිග්ගැස්සුණි. එහෙයින් එංගලන්තයෙන් ගෙන්වූ එම ඔරලෝසුව, අවුරුදු 43ක් රාජ්‍ය බඩු ගබඩාවේ සුරක්ෂිතව තැන්පත් කර තිබුණි. එම කාලය පුරාවට ඔරලෝසුව ඉතා හොඳින් නඩත්තු කෙරුණි. එහෙයින්, ඔරලෝසුව, කුලු‍නට සවි කරන අවස්ථාව වෙද්දී පවා එය ඉතාමත් හොඳ තත්වයෙන් පැවැතිණි. ඔරලෝසු කුලු‍න ඉදි කිරීම බාර දුන්නේ රජයේ වැඩ දෙපාර්තුමේන්තුවටය. එම කටයුතු අධීක්ෂණය කළේ වැඩ දෙපාර්තුමේන්තුවේ ප්‍රධානී ජෝන් ෆ්ලේමින් චර්චිල්ය. එදා අඩි 96 ක් උස මේ ඔරලෝසු කුලු‍න, එවකට මුළු කොළොම්පුරේ ම තිබූ උස ම ගොඩනැගිල්ල විය.

හෙන්රි වෝඩ් ආණ්ඩුකාරවරයා අතින් ඔරලෝසු කුලු‍න විවෘත කෙරුණේ 1857 මාර්තු 25 දාය. කොළඹ නගරයට යන එන කාටත් නිවැරදිව වෙලාව දැක්වීම කළේ මෙම ඔරලෝසු කුලු‍නය. එහෙයින් මෙම ඔරලෝසු කුලු‍න වසර 167ක් තිස්සේ අගනා මෙහෙයක් ඉටු කළ බව පැහැදිලිය.

ඔරලෝසු කුලු‍න නිර්මාණ කර තිබුණේ වෙලාව පෙන්වීමට පමණක් නොව, ප්‍රදීපාගාරයක් ලෙස ද ක්‍රියා කිරීමටය. කුලු‍න විවෘත කර වසර 10 ක් යන තෙක්, කුලු‍න මුදුනේ වූයේ භුමිතෙල් යොදා දැල්විය හැකි පහනකි. පහනේ ආලෝකය සැතපුම් 16 ක් පමණ දුරට විහිදී යන ආකාරයට වීදුරු ආවරණයක් විය. මේ විශේෂ වීදුරු ආවරණය නිර්මාණය කර තිබුණේ එංගලන්තයේ චාන්ස් සහෝදරයෝ සමාගමය.

මුහුදු ගමන්වල යෙදෙන යාත්‍රාවලට මෙන්ම කොළඹ වරායට පැමිණෙන නැව්වලට ද මඟ පෙන්වීම මෙම කුලු‍නේ අරමුණ විය. ඔරලෝසු කුලු‍න ප්‍රදීපාගාර ඔරලෝසු කුලු‍න බවට පත් වූයේ මෙලෙසිනි.

1907 වසරේ දී, එනම්, කුලු‍නට ඔරලෝසුව සවි කර වසර 50 ක් ගත වෙද්දී, එහි දෝෂ පෙන්නුම් කෙරුණි. ඔරලෝසුවේ කාලය අවසන් බව පෙනී ගියේය. ඒ අනුව, එංගලන්තයෙන් නව ඔරලෝසුවක් ගෙන්වීමට කටයුතු යෙදුණි. ගැටලු‍වක් මතු විය. මෙම නව ඔරලෝසුව, පැරණි ඔරලෝසුවට වඩා තරමක් විශාල එකක් විය. එහෙයින්, කුලු‍නේ ඉහළ ඔරලෝසුව සවි කෙරෙන කොටස කඩා විශාල කිරීමට සිදුවිය. ඒ අනුව, කුලු‍නේ ප්‍රතිසංස්කරණ ඇරැඹිණි. ප්‍රතිසංස්කරණ කටයුතු සියල්ල අවසන් කර, ඔරලෝසු කුලු‍න යළි වවෘත කෙරුණේ පළමු ලෝක යුද්ධය ආරම්භ වීමට මාස කිපයකට පෙර, 1914 වසරේ අප්‍රේල් 4 වැනිදාය. පළමු ලෝක යුද්ධය ආරම්භ වූයේ එම වසරේ ජූලි මාසයේය.

යළි විවෘත කෙරුණු ඔරලෝසු කුලු‍න සැබැවින්ම අලංකාර එකක් විය. ඔරලෝසුවේ මුහුණතට අඩි හයක් දිගැති දිළිසෙන පලිඟු‍ විදුරුවක් සවි කරන ලදී. පැය කාලෙන් කාලටත්, පැයෙන් පැයටත් එය නාද වීම විශේෂත්වයකි. පැයෙන් පැයට නාද වීමට කිලෝ 250ක් බර ප‍්‍රධාන සීනුවක් හා පැය කාලෙන් කාලට නාද වීමට කිලෝ 152ක් බර කුඩා සීනු දෙකක්ද එහි සවිකර කෙරුණි. 

1907 වසර වෙද්දී, ගෑස් භාවිතය ආරම්භ වී තිබුණු බැවින්, භූමිතෙල් යෙදූ පහන වෙනුවට, ගෑස් පහනක් භාවිත කෙරුණි. 1933 වසර වන විට විදුලි බලයෙන් මේ ප‍්‍රදිපාගාර පහන ආලෝකවත් විය. ඉටිපන්දම් 1500 ක විදුලි එළියක් එයින් නිකුත් වුණු බව ද පැවැසෙයි.

1952 අවුරුද්දේ ජුලි මාසේ සිට ඔරලෝසු කුලු‍නේ ප්‍රදීපාගාර ක්‍රියාකාරීත්වය නවතා දැමීමට සිදුවිය. එක් හේතුවක් වූයේ 1932 වසරේ දී කොළඹ වරායට වෙනම ප්‍රදීපාගාරයක් ඉදි කර තිබීමය. ඒ අනුව, ඔරලෝසු කුලු‍න තවදුරටත් ප්‍රදීපාගාරයක් ලෙස ක්‍රියාත්මක වීම අවශ්‍ය නොවිණි. තවත් කරුණක් ද විය. පසුකාලෙක ගොඩනැඟු‍ණු අවට ගොඩනැගිලි වලින් මේ ඔරලෝසු කුලු‍න ආවරණය වීම අනෙක් හේතුවය.

(*** ලු‍සිත ජයමාන්න)



අදහස් (1)

​අතීත රහස් රැසක් හංගාගත් ඔරලෝසු කණුව

Daniel Fernando Wednesday, 30 October 2024 04:01 AM

මේක ඉතිහාසයේ වැදගත්ම වටිනාම දෙයක්...

:       4       21

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

හම්බන්තොට කෞතුකාගාරය ඉබිගමනක
2025 අප්‍රේල් මස 10 333 0

හම්බන්තොට තුඩුවේ වෙරළාසන්න උස්බිමක පිහිටා ඇති ලෙනාර්ඩ් වුල්ෆ් දිසාපතිවරයාගේ නිල නිවස අද කෞතුකාගාරයක් බවට පත්ව ඇත. එය නමින් මාගම්පුර රුහුණු උරුම කෞතු


මෝදි සංචාරය ආර්ථික දෘෂ්ටියකින්
2025 අප්‍රේල් මස 10 180 0

ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකාවේ පසුගියදා කළ සංචාරයත් එම සංචාරයේදී දෙරට අතර එළැඹි ගිවිසුම් ආදිය පිළිබදවත් බොහෝදෙනාගේ අවධානයට


ගෝලීය දකුණේ ස්ටාර්ලින්ක්
2025 අප්‍රේල් මස 09 684 0

ස්ටාර්ලින්ක් අක්‍රිය කළහොත් යුක්රේනයේ “සම්පූර්ණ ඉදිරි පෙළ” බිඳ වැටෙනු ඇති බවට එලොන් මස්ක් කළ ප්‍රකාශයට, ප්‍රතිචාර දක්වමින් පෝලන්ත විදේශ අමාත්‍ය රඩො


ට්‍රම්ප්ගේ තීරුබදු මරාලය
2025 අප්‍රේල් මස 09 335 0

ශ්‍රී ලංකාව ඇමරිකාවට අපනයන කරන භාණ්ඩ සඳහා තීරු බද්ද සියයට 44 දක්වා ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අප්‍රේල් 02 දා ඉහළ දමනු ලැබීය. එම ආරංචිය ලැබීමෙන් පසු ශ්‍රී ලංක


​සිංහල භාෂාව හෑල්ලුකිරීම ඛේදවාචකයක්
2025 අප්‍රේල් මස 08 214 1

කිවියකු, ගීත රචකයකු, කෙටිකතාරචකයකු, මෙන්ම විචාරකයකු ද වන සුනිල් ගුණවර්ධන මහතා නිර්මාණ රැසක් සිංහල සාහිත්‍යයට එක් කළ ප්‍රවීණ නිර්මාණ රචකයෙකි.


ශ්‍රී ලංකාවේ අපරාධ එදා සහ අද
2025 අප්‍රේල් මස 08 267 0

පාතාල ක්‍රියාකාරකම්වල හිස එසවීම, අපරාධ කල්ලිවල වර්ධනය සම්බන්ධයෙන් පසුගිය දිනවල වැඩි වශයෙන් සාකච්ජාවට ලක් විය. මෙකල අපරාධ කණ්ඩායම්වල ක්‍රියාකාරකම් ම


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 50 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 201 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 731 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site