ගුරුවරයා සමාජයේ අන් කවරකුටවත් සමාන කළ නොහැකිය. කුමන වෘත්තියක නියැලූණ ද ඒ සෑම අයකුටම ගරුවරයෙක් සිටී. ජනාධිපතිවරයාට වුවද තමන්ගේ ගුරු මාපියන් ඉදිරියේ දණ නමන්නට සිදු වේ. එතරම් ගරු බුහුමන් ලබන ගුරුවරුන් පිළිබඳ ඉතිහාස කතා වෙනස් කරමින් දැන් දැන් මතුවන්නේ ශෝචනීය පුවත්ය. එදා ඉස්කෝලේ මහත්තයා හෝ ඉස්කෝලේ හාමිනේ තමන්ගේ රාජකාරිය දේවකාරියක් ලෙස සැලකූහ. රැුකියාවකට වඩා ඔහු හෝ ඇය කළේ සේවාවකි. අදත් එවැනි ගුරුවරු නැතුවා නොවේ.
පසුගියදා අතුරුදන් වූ රාජගිරිය හේවාවිතාරණ විදුහලේ විදුහල්පති චිත්රපාල නාගසිංහ මහතා ද වසර දහඅටක තම සේවා කාලයේ රාජකාරිය දේවකාරියක් සේ සැලකූ බව ඔහුගේ හිතවත්තු පවසති. ඔහුගේ අතුරුදන්වීම හා යළි පැමිණීම අලූත් පුවත් මවමින් තිබේ. කෙසේවුවද චිත්රපාල මහතාට සිදුවූයේ කුමක්ද යන්න තවමත් අභිරහසකි. එනිසා අපි ඔහු පිළිබඳ තොරතුරු සොයා ගියෙමු.
චිත්රපාල නාගසිංහ නමැති හතළිස් හය හැවිරිදි මෙම විදුහල්පතිවරයා වාසය කළේ කොට්ටාව මාලබේ පාරේ කි‍්‍රස්ටල් ටෙරස් නිවාස සංකීර්ණයේ සිය සහෝදරයාගේ නිවසේය. පසුගිය 19 වැනිදා නිවසින් බැහැර වී සිය පාසලේ නියෝජ්‍ය විදුහල්පතිවරයකු වන කොට්ටාව මාලපල්ල විසූ කේ.ජී. ධර්මසේන මහතා හමුවී පාසලේ යතුරු භාරදී ඇත. ඒ එදින ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කෙරෙන මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරය සිසු අයිතියට පැවරීමේ උත්සවය තමන් එනතුරු සංවිධානය කරන ලෙස දන්වමිනි.
ඒ වනවිට වෙලාව හය හමාරට පමණ වූ බව ධර්මසේන මහතා පොලිසියට පවසා තිබිණ. එහෙත් ඉන්පසු විදුහල්පති චිත්‍රසේන නාගසිංහ මහතාට සිදුවූයේ කුමක්දැයි තොරතුරක් නොලැබිණ. කෙසේ හෝ ඉරිදා රාත්‍රි විදුහල්පතිවරයා ආපසු පැමිණියේය.
චිත්රපාල මහතා ආපසු පැමිණ තිබුණේ ත්‍රිරෝද රථයකිණි. යනකොට ගිය බයිසිකලයවත්, ඇඳන් ගිය ඇඳුම්වත් නැත. ආපසු පැමිණ තිබුණේ සරමක් හා ටීෂර්ට් එකක් ඇඳගෙනය. ඔහු පොලිසියට දුන් කටඋත්තරයේ සඳහන් වන්නේ තමන්ට වූ කිසිවක් මතක නැති බවත් තමන් නින්දෙන් සිහිනයක් දැක හදිසියේ අවදිව බලන විට පොළොන්නරුවේ වැවක් ළඟ සිටි බවත් පසුව කඩයකට ගොස් ගෙදරට ඇමතුමක් ලබා දී බසයෙන් කොළඹට පැමිණ කොටුවේ සිට ත්‍රිරෝද රියකින් නිවසට පැමිණි බවය.
චිත්රපාල මහතාගේ වැඩිමහල් සහෝදරයා වන කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය නරේන්ද්‍රසිංහ නාගසිංහ මහතා සිය සහෝදරයා පිළිබඳව දැක්වූයේ මෙවැනි අදහසකි.
මල්ලිගේ ඉස්කෝලේ ජනාධිපති එන උත්සවයක් තිබුණා. දහඅටවැනිදා ඉස්කෝලෙට ගිය ගමන් 19 පාන්දර දෙකට විතර තමයි ගෙදර ආවේ. ඊට පස්සේ උදේ ගෙදරින් ගිහින් තියෙන්නේ නියෝජ්‍ය විදුහල්පතිගේ ගෙදරට ගිහින් එන්නයි. නමුත් ආපහු ගෙදර ආවේ නැහැ. පාසලටත් ගිහින් නැති බව දැනගත්ත නිසා එයාගේ දුරකථනයට ඇමතුවත් ඒකත් වැඩ කළේ නැහැ. ඒ නිසා අප පොලිසියට පැමිණිලි කළා.
දවස් පහකට පස්සේ මල්ලී 23 වැනිදා රාත්‍රි දහයට එකොළහට විතර ගෙදර ආවා. ඊට පස්සේ අප පොලිසියට ඉදිරිපත් කළා. පස්සේ එයාට මුකුත් මතක නැති බව කියන නිසා අපි රෝහල් ගත කළා. චිත්රපාල මහතා අතුරුදන් වූ පසුගිය දහනවවැනිදා උදේ හයයි තිහට පමණ චිත්රපාල මහතා තමන් හමු වූ බව නියෝජ්‍ය විදුහල්පති කේ.ජී. ධර්මසේන මහතා පවසයි. ප්‍රින්සිපල් එදා උදේ හය හමාරට විතර අපේ ගෙදර ආවා. ඇවිත් මට කිව්වා ඉස්කෝලෙට එන්න ටිකක් ප්‍රමාද වෙනවා, මා එනකම් ජනාධිපති එන උත්සවයේ වැඩ ටික සංවිධානය කරන්න ඉක්මණට පාසලට යන්න කියලා. ඒත් ඊට පස්සේ දවල් වන තුරුම ආවේ නැහැ. සර් අපේ උත්සවයටවත් ආවේ නැති නිසා හොයා බලන විට ආගිය අතක් නැති බව දැනගන්න ලැබුණා. වෙච්ච දේ ගැන හිතාගන්න අමාරුයි. සර් බොහොම හොඳින් පාසලේ කටයුතු කළා.
නාගසිංහ මහතා දැනට සිටින්නේ ශ්‍රි ජයවර්ධනපුර රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබමිනි. රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ෂවින්ද්‍ර ගමගේ මහතා මේ රෝගියා පිළිබඳව දැක්වූයේ මෙවැනි අදහසකි.
රෝගියා පහුගිය විසිහතරවැනිදා රාත්‍රි රෝහලට ඇතුළත් කළා. රෝගියාට කිසිවක් මතක නැති බව තමයි කියන්නේ. අපි කායිකව කරන්න තියෙන සියලූ පරීක්ෂණ දැන් කර තිබෙනවා. මොළය පිළිබඳවත් අපි ස්කෑන් පරීක්ෂණයක් කළා. නමුත් එහි කිසිම වරදක් තිබුණේ නැහැ. අපට කායිකව නම් කිසිම ගැටලූවක් නැති බව කියන්න පුළුවන්. ඒත් මතක නැති බවට කරන ප්‍රකාශය සත්‍ය ද නැද්ද යන්න අපට හොයන්න අමාරුයි. නමුත් තවදුරටත් අවශ්‍ය පරීක්ෂණ කරනවා.
කෙසේවුවද හොඳින් අවංකව තම සේවය ඉටුකරමින් සිටි විදුහල්පතිවරයකු අතුරුදන් විය. කිසිවකු ඔහු පැහැරගෙන ගියේ නම් ඒ කුමන හේතුවක් මත ද? එසේත් නොමැතිව ඔහු විසින්ම සැඟවී සිටීමට උත්සාහ කළේ නම් ඒ කුමන හේතුවක් නිසාද? කිසිවකුත් තමන්ගේ වුවමනාවෙන් අතුරුදන් වන්නේ නැත. එසේ කරන්නේ නම් එයට සැලකිය යුතු හේතුවක් පවතී. එක්කෝ අපරාධ චෝදනාවකට පොලිසියෙන් සොයන්නකු විය යුතුය. නැත්නම් ණයකාරයන්ගෙන් බේරීමට බැරිව විය යුතුය. එසේත් නැත්නම් වෙනත් පෞද්ගලික සම්බන්ධතාවකින් ගැළවීමට විය යුතුය. නැතහොත් කිසියම් කරුණක් සම්බන්ධයෙන් කිසිවකුගෙන් එල්ල වූ තර්ජනයක් නිසා වන්නට ද පුළුවන. එසේත් නැත්නම් මානසික රෝගයක් නිසා විය යුතුය. එහෙත් මෙහි අවසාන හේතු දෙක හැර අනෙකුත් කරුණු කිසිවක් ඔහුට අදාළ නොවන බව නම් පැහැදිලිය. අවසාන හේතු දෙක ද නිශ්චිතව කිව නොහැක්කේ ඒ පිළිබඳ පරීක්ෂණ තවම අවසන් නොමැති නිසාය.
මේ පිළිබඳව කොට්ටාව පොලිසියේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක යූ.ඩබ්.එස්. තිලක්සිරි මහතාගේ මූලිකත්වයෙන් මූලික පරීක්ෂණ පැවැත්වුණ අතර ඔහුගේ ද සහය ඇතිව මිරිහාන විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් පරීක්ෂණ අරඹා ඇත. එහි ස්ථානාධිපති මූලස්ථාන පොලිස් පරීක්ෂක නිමල් කරුණාරත්න මහතා පරීක්ෂණ කටයුතු පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පැවැසුවේය.
චිත්රපාල මහතා පහුගිය 19 අතුරුදන් වනවිට ගිය බයිසිකලය හෝ හිස් ආවරණය, එහි බලපත්‍ර ආදිය කිසිවක් දැන් ඔහු සතුව නැහැ. දාපු තැනකුත් නැහැ. ඒ වගේම දුරකථනය ක්‍රියාවිරහිත කර අල්මාරියේ දමා තිබුණා. එයා පොළොන්නරුවේ සිටි බව පමණක් මතකයි කියනවා. නමුත් එයාගේ මුදල් පසුම්බියේ තිබී කිළිනොච්චියට, යාපනයට හා මන්නාරමට ගිය බස් ටිකට් සොයා ගත්තා. මෙයා ඇත්ත වසන් කරනවා වගේ වැටහෙනවා. නමුත් එහෙම කරන්නේ ඇයිද කියන එකයි මෙතන අපට තිබෙන ගැටලූව. මානසික ආබාධයක් තියෙනවා ද කියන එක ගැනත් අපි වෛද්‍ය වාර්තා කැඳවා තිබෙනවා. නමුත් තවම ඒවා අවසන් නැහැ.
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අතුරුදන්ව සිටි විදුහල්පතිට කිසිවක් මතක නැතිවුණේ කොහොමද?
සේනක Sunday, 07 December 2014 05:08 PM
ඔහු සඟවන රහසින් කාටවත් කරදරයක් නැති නිසා මොකට කරදර කරනවද ? (නදී)
මොහමඩ් Wednesday, 03 December 2014 02:13 PM
මේක හොඳට පරීක්ෂා කරන්න ඕනෑ මොකද්ද අබිරහස කියලා (නි)
අලුත්ගේ Monday, 08 December 2014 01:36 AM
මට නම් හිතෙන්නේ මෙයාගේ මොකක්මහරි හොරයක් තිබෙනවා කියලයි (නි)
හේමන්ත Friday, 05 December 2014 10:57 AM
මෙතෙන මොකක් හරි ලොකු රහසක් තියෙනවා.(හේ)
ශාමා Friday, 05 December 2014 11:58 AM
බොරුවක් කරා වෙන්න බැරිද.? (ර)
ඒකනායක Monday, 08 December 2014 02:21 AM
විදුහල්පතිට මොකුත්ම මතක නැත්නම් එයාගේ ගෙදර දුරකථන අංකය කොහොමද මතක තිබුනේ. කඩයකට ගිහින් ගෙදරට කෝල් එකක් ගත්තා කියනවා නේද. (නි)
ධම්ම Thursday, 04 December 2014 09:51 AM
එතුමාට නිදහසේ ඉන්න දෙන්න. එතුමා කාටවත් වරදක් කරලා නැහැනේ. (නදී)
ධනුක Saturday, 06 December 2014 01:15 AM
ඇත්තට මුහුණදෙන්න බයවුණාමත් සමහරුන්ට මෙහෙම වෙනවා (නි)
අශෝක රළපනාව Thursday, 04 December 2014 05:54 AM
මෙයා කියන්නේ බොරු කියලා මම නම් මුලදිම කිව්වා. කාගේ හෝ බලපෑමකටයි මෙහෙම කියනවා ඇත්තේ (නදී)
සමන් Saturday, 06 December 2014 01:16 AM
මම නම් කියන්නේ මේක ඔහුගේම මානසික දුබලතාවයක් (නි)
කමල් විමලවීර Tuesday, 09 December 2014 08:59 AM
පොළොන්නරුවට ගිය එක සැකයි. ඊට පස්සේ තමයි මේ සෑම සිදුවීමක්ම (දිල්)