IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


අතුරේ යන හොල්මන

හලාවත මාදම්පේ ප‍්‍රදේශයේ වෙල්යායක් ආසනයේ පිහිටි පොල් රුප්පාවකි. වෙල් යාය ආසන්නයේ පිහිටි මේ පොල් රුප්පාවේ ඇති පොල් ගස් රා මැදීම සඳහා යොදාගෙන ඇත්තේ බොහෝ කාලයක සිටය.

අධිකරණ වෛද්‍ය නිලධාරී විශේෂඥ වෛද්‍ය සුමිත් අඹේපිටිය


මේ පොල් රුප්පාවේ ඇති පොල් ගස් මැදීමේ නිරතව සිටින රා මදින්නා පිට පළාතක පදිංචිවූ අයෙකි.


මහත්තයා මම මේ ළඟදී රෑ යාමයේ රා මදින්න එක් ගහක ඉඳලා අනෙක් ගහට අතුරේ යද්දී මට ඉස්සරහින් තවත් රා මදින අයෙක් අතුරේ යනවා දැක්කා. මේ වත්තේ ගස් මදින්නේ මම විතරයිනේ. මම බැලූවා කවුද මේ රා මදින කෙනා කියලාත්. තමුසේ කවුද කියලා මම ඇහැව්වා. ඒත් මට ඒ රා මදින්නා වචනයක්වත් කථා කළේ නැහැ. මිනිහාගේ පාඩුවේ අතුර දිගේ ගියා. මම ආයෙත් පාරක් කථා කළා. ඒත් මිනිහා නොවේ නිකමටත් හැරිලා බැලූවේ යැයි රා මදින්නා ඒ පොල් වත්ත ආසන්නයේ පදිංචිව සිටින ව්‍යාපාරිකයෙක් සමග කියා ඇත්තේ ඔහු මුණ ගැසුණු අවස්ථාවකය.


තමුසේ මොකද කළේ ව්‍යාපාරිකයා ද රා මදින්නාගෙන් විමසා ඇත්තේ තරමක කුුතුහලයකින්ය.


මට ඉස්සරහින් අතුරේ කිසිම කථාවක් බහක් නැතිව ගිය මිනිහා නොපෙනී ගියා. මම ඒක එච්චර ගණන් ගත්තේ නැහැ. මගේ කාර්ය හමාර කරලා ගෙදර යන්න ගියා.


මේ කථාව ලැව් ගින්නක්සේ ගමපුරා පැතිර යන්නට වැඩි කාලයක් ගතවූයේ නැත. බොහෝ දෙනෙක් කියා ඇත්තේ එදා අතුරේ ගමන් කරන්නට ඇත්තේ අවතාරයක්, භූත ආත්මයක් විය හැකි බවය.


මේ වත්තේ රා මදින්නෙක් හදිසියේ මිය යන්නට ඇති. දැන් මිනිහාගේ අවතාරය ඇවිදින් මේ විදිහට රා මදිනවා ඇති. ඒකෙ දෙකක් නැහැ. තමුසේ බයවෙන්නට ඇත්තේ ඔය මිය ගිය රා මදින්නාගේ අවතාරයට වෙන්න ඇති. අවතාර ගැන විශ්වාස කරන ගමේ කිහිපදෙනෙක්ම රා මදින්නා සමග පවසා ඇත.
රා මදින්නා මෙවැනි දර්ශනයක් දැක ගතවී ඇත්තේ දින තුන හතරක පමණ කාලයකි.


බිම් කරුවල වැටී ඇති මොහොතක රා මැදීමට ගිය මේ කියන රා මදින්නා තවත් පොල් ගසක සිට අනෙක් පොල් ගසට අතුරේ යන අතරවාරයේ ඇඳ වැටී මිය ගොස් ඇත.


රා මැදීමට අතුරේ යනවිට රා මදින්නා අවතාරය දැක හොඳටම බයවී අතුරෙන් වැටී මිය යන්නට ඇති බව එහි ගිය බොහෝදෙනෙකුගේ විශ්වාසය විය.
මේ පොල් රුප්පාවේ ඇති පොල් ගස් වල අවතාරයක් කෙම්මුර දවස් වලට රෑට රෑට රා මදින බව ගම පුරා ආරංචි පැතිර ගියේ විදුලි වේගයෙනි.


ඒ රා මදින්නා මිය ගොස් දින කිහිපයකට පසු තවත් රා මදින්නෙක් මේ පොල් රුප්පාවේ ඇති ගස්වල රා මැදීමට පැමිණ ඇත.


මේ පොල් රුප්පාව ආසන්නයේ පදිංචිව සිටින ව්‍යාපාරිකයා පැවසූ කථාව මෙතැන් සිට අපි අසා දැනගනිමු.


මගේ මතකයේ හැටියට වෙලාව රෑ 7.00 ට විතර වගේ ඇති. මට පොල් රුප්පාව දෙසින් ගැහැණු කෙනෙක් කෑගහන ශබ්දයක් ඇසුනා. මම ඉක්මනට ඒ ගැහැණු කෙනා කෑගහන පැත්තට දිව්වා. මම ගිහින් විපරම් කරලා බලද්දී රා මදින මනුස්සයා ගහෙන් වැටිලා කෙඳිරිගානවා. ඒ කෙඳිරි හඬ ඇහිලා එයාගේ පවුල ඇවිත් බලද්දී මනුස්සයා ගහෙන් වැටිලා ඉන්නවා දැකලා කෑගසා තියෙන්නේ. පස්සේ අපි ඒ මනුස්සයාව ඉක්මනට මාරවිල රෝහලට අරන් ගියා. දොස්තර මහත්වරු ඒ මනුස්සයාගේ ජීවිතේ ගොඩදාන්න ලොකු වෙහෙසක් ගත්තා. නමුත් වැඩක් වුණේ නැහැ. දවස් ගණනකට පස්සේ මිය ගියා.
මේ මනුස්සයත් රෑ බෝවෙලා රා මදිමින් අතුර දිගේ යද්දි කලින් රා මදින්නා දැක්ක අවතාරය දැකලා බය වෙලා අතුරෙන් ඇද වැටිලා මිය ගියා කියලා ගමේ හුඟදෙනෙක් කියන්නට පටන්ගත්තා. පළමු වැනි රා මදින්නා අතුරේ ගහෙන් වැටිලා මාසයක්වත් යන්නට කලින් තමා දෙවැනි රා මදින්නා ගහෙන් වැටිලා මැරුණේ. මේ මරණ දෙකම අවතාරයක් දැකීමෙන් සිදුවූවක් බවට අදටත් ගමේ බොහෝ දෙනෙක් විශ්වාස කරනවා යැයි මේ අවතාර කතාව ගැන තොරතුරු සොයා බැලීමට ඒ ගමට ගිය අවස්ථාවේ ව්‍යාපාරිකයා මේ බව පැවසීය.


තව දුරටත් මේ සම්බන්ධව අදහස් දක්වමින් ව්‍යාපාරිකයා මෙසේද කීය.


මීට කලින් මේ වත්තේ රා මැද්ද අයෙකු මිය ගිහින්. එයාගේ අවතාරය මෙහෙම රා මදිනවා කියලා තමා ගමේ අය කියන්නේ. අවුරුදු 10x15 කට විතර වගේ කාලයකට කලින් මේ වත්තට කෙනෙක් ඇවිත් සිය දිවි නසා ගෙන තිබෙනවා. රා මුට්ටි බෑමට පොල් ගසක බැඳ තිබෙන කඹයකින් තොන්ඩුවක් හදාගෙන බෙල්ලට දාගෙන එල්ලිලා තමා ඒ මනුස්සයා සිය දිවි හානිකරගෙන තිබෙන්නේ. ගමේ සමහර උදවිය කියන්නේ සිය දිවි හානිකරගත් ඒ මනුස්සයාගේ අවතාරය තමා ඔය විදිහට කෙම්මුර දවස්වලට අතුරේ යන්නේ කියලා.


බිම ඉන්න කිසිම කෙනකුට ඔය කියන අවතාරය පේන්නේ නැහැල්ලූ. රා මදින්න ගහ උඩට නැග්ග අයට තමා ඔය අවතාරය පෙනෙන්නේ යැයි එහිදී අපට හමුවූ ගම්වාසීන් කිහිපදෙනෙක්ම කීවේ එවැනි කතාවකි.


ගමේ වැඩි දෙනෙක් මේ අවතාර කථාව එකහෙළාම විශ්වාස කරන නමුත් පොල් වත්තේ අයිතිකරු හා තවත් ගම්වාසීන් පිරිසක් පවසන්නේ මේ අවතාර කථාව පට්ටපල් බොරුවක් බවය.


දෙවැනි රා මදින්නාත් අතුරේ යද්දී ඇද වැටී මිය ගිය පසු තවත් රා මදින්නෙක් ඒ වැඬේ නිරතව සිටින්නේය.
රා ලබා ගැනීමට උදේ සහ සවස් යාමයේ දිනකට දෙවරක් පොල් මල තලන නමුත් අලූතින් මේ වත්තට රා මැදීමට පැමිණ සිටින පුද්ගලයා රෑ බෝවීමට කළින් පොල් මල්තලා යන්නේ අවතාරයට ඇති බිය නිසා බව අපට දැනගැනීමට ලැබිණි.


රෑ බෝවෙලා මේ වත්තේ රා මදින්න ගිය දෙන්නෙක්ම අවතාරවලට බයවී අතුරෙන් ඇද වැටිලා මිය ගිය බව දැනගත්තා. මේ කථාව ඇත්තද බොරුද කියන්න නම් මම දන්නේ නැහැ. කොහොම වුණත් කල්වේලා ඇතිව ඇවිත් ගස් ටික මැදලා ඉවරයක් කරනවා. ඒ වෙන කිසිම දෙයක් හින්දා නොවේ රෑ බෝවුනාමනේ අවතාරේ අතුරේ ගමන් කරන බව කියන නිසා යැයි රා මදින්නා කියා සිටියේ රා මැදීමට මුල්ම පොල් ගසට හැරදිගේ ගමන් කිරීමට කලිනි.
මේ වත්තේ ඇති පොල් ගස් වල බැඳ ඇති අතුරු දිගේ රෑට අවතාරයක් ගමන් කරන බවට අදටත් ගමේ ඇතැමුන් විශ්වාස කරන අතර ගස් නැග අතුරේ යාමට අපට පුළුවන්කමක් නොමැති නිසා ඒ ගැන ගවේෂණයක් කිරීමට නොහැකිවිය.


සමහර ගම්මුන් පවසන ආකාරයට බිම සිට බැලූවාම අතුරේ යන අවතාරය පෙනෙන්නේ නැහැ. අවතාරය දැකීමට නම් අතුරේම ගමන් කළ යුතුවීම විශේෂත්වයකි.


කෙනෙක් මිය ගිය පසු ඔහුගේ ආත්මය අවතාරයක්, එහෙමත් නැත්නම් භූතාත්මයක් ලෙස රෑට තැන් තැන්වල ගමන් කරනවා යැයි පැවසීම මිථ්‍යාවක් බව හේ පැවසිය.


හම්බන්තොට මහ රෝහලේ ප‍්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී විශේෂඥ වෛද්‍ය සුමිත් අඹේපිටිය මහතාට හොල්මන් අවතාර සම්බන්ධයෙන් කරුණු කාරණා දැන ගැනීමට මම මුලින්ම කථා කළෙමි.


ස්වසනය සහ හෘද ස්පන්දනය නැවත යථා තත්ත්වයට පත් කිරීමට නොහැකි වන ලෙස නතරවීමත් එම නිසා මොළයට රුධිරය සැපයීම විනාඩි 04 කට වඩා වැඩි කාලයක් නතරවීම නිසාත් මොළයේ නියුරෝන ෙසෙල විනාශවී මොළය හා මධ්‍ය ස්නායු පද්ධතියේ ක‍්‍රියාකාරීත්වය නැවත යථාතත්ත්වයට පත්කළ නොහැකි ලෙස ඇණහිටීම මරණය ලෙස හැඳින්වීමට පුළුවනි.


වෛද්‍ය විද්‍යාත්මකව කෙනකුගේ මරණයක් සිදුවන්නේ මෙවැනි ආකාරයටයි. මෙවැනි ආකාරයට කෙනෙකුගේ මරණයක් සිදුවන විට ඔහුගේ හෝ ඇයගේ සිරුර තුළින් ආත්මයක් පිටවී ගොස් පසුව තැනින් තැන හොල්මන් කරනවා යැයි පැවසීම විද්‍යාත්මක පදනමක් නොමැති හුදු විශ්වාසයක් පමණක් බව පැවසිය යුතුව ඇතැයි විශේෂඥ වෛද්‍ය අඹේපිටිය මහතා පවසයි.


ගලගෙදර දිසා රෝහලේ වෛද්‍ය ජනක ජයසූරිය මහතා මේ අවතාර සිද්ධිය ගැන දැක්වූයේ මෙවැනි අදහසකි. මෙම සිදුවීම දෙස බලන විට අපට කාරණා කිහිපයක්  උපකල්පනය කළ හැකි වෙනවා.


ගෙල වැළ ලා ගෙන මියගිය තැනැත්තා -හොල්මනක් වී” ඒ අවට සැරිසරනවා යයි කියන කට කථාව පළමුව අතුරේ සේවයට පැමිණි තැනැන්තාට ද දැනගන්නට ලැබෙන්නට ඇති. මෙවැනි හොල්මන්, අවතාර ආදිය සත්‍ය යයි විශ්වාසයට ගන්නා අයට මනෝභ‍්‍රාන්ති ලෙස ඒවා ඇතැම් විට දිස්වන්නට පුළුවන්. විශේෂයෙන්ම වෙහෙසට පත්වී සිටින විට, අධික නිදිබර ගතියෙන් සිටින අයකුට, අධික ලෙස මත්පැන් පානය කර ඇති අයකුට මෙවැනි මනෝභ‍්‍රාන්ති ලෙස විවිධ රූප පෙනෙන්නට පුළුවන්. රාත‍්‍රියේදී ඇතැම් රියදුරන්ට පාර අයිනේ ඇති බැනරයක් හෝ සුදුපාට සැතපුම් කණුවක් -සුදු ඇඳගත් අයකු” ලෙස පෙනුණු අවස්ථා  ඕනෑ තරම් තිබෙනවා.


ඉතින්, අතුරේ ගිය තැනැත්තාටත් මෙවැනි මනෝභ‍්‍රාන්තියක් දිස්වූවා විය හැකියි. එසේම අපි කළුවරේ හිතේ බය ගතිය ඇතිව යන විට ආපසු හැරී බලනවා. සාමාන්‍යයෙන් එහෙම වෙන්නේ හිතේ බය ගතිය නැති කරගන්නයි. සමහර විට අතුරේ ගිය තැනැන්තාත් එසේ කරන්නට ගොස් පය පැටලී වැටුණා ද විය හැකියි. දෙවනුව අතුරේ සේවය කළ තැනැත්තාට ද අත්වූයේ පළමු තැනැත්තාටම අත්වූ ඉරණමයි. ඔහුට ද මේ හොල්මන් කථා සියල්ල අසන්නට ලැබී ඇතුවාට සැක නැහැ. -දෙන්නෙක්ම මැරුණු තැනක්” යන සිතිවිල්ල ඔහුගේ සිතට වදදෙන්න ඇති.


මේ කථාවෙන් මට ඔබට කියන්න පුළුවන් පණිවිඩය තමයි මේ හොල්මන් අවතාර වැනි නොපෙනෙන බලවේග විශ්වාසයට ගැනීම අනවශ්‍ය කරදර රැුසකට මගපාදන බව යැයි වෛද්‍ය ජනක ජයසූරිය මහතා පවසයි.

 

සටහන - ශ්‍රීනාත් ප‍්‍රසන්න ජයසූරිය / ඡායාරූප -  මාදම්පේ එස්. හේරත්

 



අදහස් (0)

අතුරේ යන හොල්මන

සුනෙත් Friday, 22 March 2013 07:25 AM

අපි තව තවත් බය වෙනවා මේ කතා වලින් (දී)

:       0       0

මේනක Thursday, 21 March 2013 11:57 AM

හොද කතාවක්. (නි)

:       0       0

පෙරේරා Monday, 25 March 2013 11:56 AM

හොල්මන් දැකලා නැති අය සිරිපාදෙයි සෙල්ල කතරගම පැත්තෙයි ටිකක් මේ ගැන ‍හොයලා බලන්නකෝ. (නි)

:       0       0

සිසිල් නිලංග Sunday, 07 April 2013 01:05 AM

නරකද රා මදින එක නවත්තලා කසිප්පු පෙරුවා නම්... (නි)

:       0       0

ප්‍රගීත් Thursday, 28 March 2013 05:40 PM

හොද ලිපියක්. (නි)

:       0       0

ජයී තිසර Monday, 18 March 2013 11:15 PM

හොල්මන් අවතාර දැක හෝ පය පැටලී හෝ බිමට වැටී මිය යන රා මදින්නන් බේරා ගත යුතුයි. කළහැකි පහසුම දේ නම් ආරක්ෂක බඳ පටියක් අතුරේ උඩ ලනුවට අනිවාර්යෙන්ම සවිකර ගැනීමට නීති සකස් කිරීමය. එක ගසක සිට තව ගසකට අතුරු මගින් මාරුවන විට මෙසේ මිය යන්නේ මේ ආත්ම ආරක්ෂක බඳ පටියක් පාවිච්චි කිරීමට රටේ සම්ප්‍රදාය අණුව මේ දක්වා කටයුතු කර නැති නිසාය. (අ)

:       0       0

ඉසුරු Thursday, 02 May 2013 06:50 AM

දොස්තරලා දන්නේ සියදිවි නසා ගැනීම් ගැන විතරයි. නැද්ද කොල්ලනේ? (නි)

:       0       0

පෙරේරා Sunday, 17 March 2013 11:57 PM

මීටවැඩිය ලොකු හොල්මන් තියෙනවා ඇමරිකාවේ. (නි)

:       0       0

නිමල් Monday, 18 March 2013 01:05 AM

මෙහෙම කතා අහුවහාම රැට එලියට බහින්නත් බය හිතෙනවා (දී)

:       0       0

තුසිත Monday, 18 March 2013 03:11 PM

හොල්මන් කියලා දෙයක් නැහැ (දී)

:       0       0

නිත්‍යා Friday, 22 March 2013 11:54 AM

විකාර (ස)

:       0       0

සංඛ රුවන් Wednesday, 20 March 2013 01:34 PM

මගේ යලුවෙක්ගෙ තාත්තා කෙනෙක් ඔය හොල්මන් කරන්නේ.(නදී)

:       0       0

බණ්ඩාර Tuesday, 19 March 2013 01:28 PM

මොන හොල්මන්ද අනේ (දී)

:       0       0

සුදර්ශන් Friday, 22 March 2013 06:11 PM

ඕවා බොරු කතා.(නදී)

:       0       0

නිල්මිණි Friday, 22 March 2013 06:32 PM

මහානාම කියන්නේ ගස් දෙකට යටින් ආරක්ෂාවට දැලක් දැමිය යුතුයි.(නදී)

:       0       0

සෙතිල් Saturday, 23 March 2013 07:07 PM

ගස් වල ළගින්ම විදුලි සෝපාන සවිකළොත් නරකද? (නි)

:       0       0

අචිර Friday, 22 March 2013 05:49 AM

කේබල් කාර් පාවිච්චි කරන්න.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

අපේ යටගියාවේ අග මුල සෙවූ ආචාර්ය සිරාන් දැරණියගල
2024 ඔක්තෝබර් මස 05 69 0

හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිරාන් දැරණියගල මහතා අභාවප්‍රාප්ත වී අදට (05) තෙවසරක් සපිරේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 5775 2

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 836 4

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1424 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 126 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 209 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39165 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25594 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 326 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1090 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 381 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site