IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


අදටත් වලංගුවන බණ්ඩාරනායක චින්තනය

(එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මැතිතුමන්ගේ 62 වැනි ගුණ සමරුව අදට (2021 සැප්තැම්බර් 26 වැනිදා) යෙදී තිබේ. මෙම සටහන ඒ නිමිත්තෙනි)

චතුර කථිකත්වය නිසාම ”ආසියාවේ රිදී සීනුව” යනුවෙන් ප්‍රසිද්ධියට පත්වූ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා ශ්‍රී ලංකාවේ සිව්වැනි අග්‍රාමාත්‍යවරයා ලෙස තේරී පත්වූයේ විශාල ජන පෙරළියකින් පසුවය.

සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන පංච මහා බලවේගයන් එක්කරමින් පොදුජන යුගයක් නිර්මාණය කිරීමට ඇප කැප වූ එතුමන්  සාහසිකයෙකුගේ වෙඩි පහරකට ලක්ව මරණයට පත්වූයේ මීට වසර 62 කට පෙර සැප්තැම්බර් මස 26 වැනිදාකය. රටේ පවතින කොවිඞ් වසංගත තත්ත්වය හේතුවෙන් ජනතාව එක්රැස්වන විශේෂ ගුණ සමරු උත්සව අද දින සංවිධානය නොකරන නමුත්, හොරගොල්ලේ පිහිටි බණ්ඩාරනායක සමාධියට පුෂ්පෝපහාර දැක්වීමේ චාම් ගුණ සමරු උත්සවයක් අද දින සංවිධානය කර ඇත.

අද දින පෙ.ව. 9.30ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්, පක්ෂයේ නිලධාරී මණ්ඩලය සහ මධ්‍යම කාරක සභාවේ සාමාජිකයන්ගේද සහභාගීත්වයෙන් අදටත් වලංගුවන “බණ්ඩාරනායක චින්තනය” පුෂ්පෝපහාර දක්වා සිහිපත් කෙරෙනු ඇත.

“තමුන්නාන්සේලා අතර ස්ථානයක් දෛවය විසින් මා වෙනුවෙන් නිර්මාණය කර ඇත්නම් තමුන්නාසේලාට සේවය කිරීම මගේ  නිරන්තර  ව්‍යායාමය වනු ඇත. අපේක්ෂා කරන ඉලක්කය වෙත  ළගාවී සුළුවෙන් හෝ ජනතාව වෙත සේවයක් කිරීමට හැකි වෙතොත් සත්තකින්ම මට සැනසිල්ලේ මිය යා හැකිය”.

මේ බණ්ඩාරනායක මහතාගේ අනාගත ප්‍රාර්ථනය සනිටුහන් කළ වදන් පෙළකි.

එංගලන්තයේ අධ්‍යාපනය නිමකරමින් පැමිණි බණ්ඩාරනායක තරුණයාව පිළිගන්නට 1925 වසරේදී අත්තනගල්ලේ කලගෙඩිහේනේදී සංවිධානය කර තිබූ උත්සවයකදී ඔහු එසේ අදහස්  දක්වා ඇත. එදා කී දේ හදවතේ තබා ගනිමින් බණ්ඩාරනායක මහතා විසින් 1951  සැප්තැම්බර් මස 02 වනදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භ කරනු ලැබුවේ නව යුගයක ආරම්භය සනිටුහන් කරමිනි. එසේ ආරම්භ කළ නව යුගයේ බිහි⁣දොර හරියටම විවෘත වූයේ 1956 මහා මැතිවරණයෙන් 56 මහා පෙරළිය සනිටුහන් කරමින්ද,
බමුණු කුලය බිඳ දැමුණේ බණ්ඩාරනායක මහතා අග්‍රාමාත්‍යවරයා වීමෙන් පසුවය. නමුත් ඒතාක් කාලයක් එතුමන් පැමිණි ගමන් මගද විමසා බැලිය යුක්තක්මය.

ධනවත් පවුලක උපත ලද නමුත් එතුමාට තරුණ අවධියේ පටන්ම දුප්පත් ජනතාවගේ හද ගැස්ම හඳුනා ගැනීමේ පුදුමාකාර ශක්තියක් තිබිණි. ධනවත් හා වංශවත් පුද්ගලයින් මාර්ගයේ ඉදිරියට එන විට අඩු කුලයේ උදවිය මාර්ගයෙන් ඉවතට ගොස් ඉඩ දීමේ සංස්කෘතිය බැහැර කළ බණ්ඩාරනායක මහතා කුලවාදය බැහැර කිරීමේ මූලික පණිවුඩය දේශපාලනයට පිවිසි මුල් අවධියේම සමාජයට මුදාහැරියේය.

වර්ෂ 1926 දෙසැම්බර් මස 14 වැනි දින පවත්වනු ලැබූ නාගරික මැතිවරණයෙන් මරදාන ආසනයේ නාගරික මන්ත්‍රීවරයා ලෙස පත් වූ ඒ මහතා 1931 මැයි මස 04 වැනි දින පැවැත් වූ රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණයෙන් වේයන්ගොඩ ආසනයේ මන්ත්‍රීවරයා ලෙස පත්වූයේ නිතරගයෙනි. 1936 වසරේදී පැවැති දෙවන රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණයෙන් වේයන්ගොඩ ආසනයට නැවත වතාවක් බණ්ඩාරනායක මහතා නිතරගයෙන් පත් විය. එහි පළාත් පාලන කාරක සභාවේ සභාපතිවරයා වූයේද බණ්ඩාරනායක මහතාමය.

ශ්‍රී ලංකාව අධිරාජ්‍යවාදීන්ගේ පාලනයෙන් නිදහස් වීමට වසරකට පෙර පැවැත්වුණු පළමු වන පාර්ලිමේන්තු මැතිවරණයට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් අත්තනගල්ල මැතිවරණ කොට්ඨාසය සඳහා තරග කළ බණ්ඩාරනායක මහතා ඉන් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබ ඩී. එස්. සේනානායක මහතා අග්‍රාමාත්‍ය ධූරය හෙබවූ කැබිනට් මණ්ඩලයේ සෞඛ්‍ය හා පළාත් පාලන අමාත්‍ය ධුරය දැරුවේය.

1951 වර්ෂයේ ජුලි 12 වැනි දින මුදල් අමාත්‍යවරයා විසින් 1951-52 වර්ෂය සඳහා අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලද අවස්ථාවේදී හෙතෙම එතෙක් වසර 04 ක් තිස්සේ තමන් දරමින් සිටි සෞඛ්‍ය හා පළාත් පාලන අමාත්‍ය ධුරයට හා සභා නායක ධුරයට සමුදී විරුද්ධ පක්ෂයේ අසුන් ගත්තේය. 1946 වසරේදී එක්සත් ජාතික පක්ෂය පිහිටුවූ අවස්ථාවේදී තමන්ගේ නායකත්වයෙන් යුතු සිංහල මහා සභාව ඊට එක්වීමෙන් අපේක්ෂා කළ පළමු අරමුණු ඒ අකාරයෙන්ම ඉටු නොවීම බණ්ඩාරනායක මහතාගේ මෙම තීරණයට හේතු විය.

බලය වෙනුවෙන්ම කටයුතු කරන දේශපාලකයන්ට තමන්ගේ මතය වෙනුවෙන් පෙනී සිටීමට කොන්දක් තිබිය යුතු බව එදා මේ ආකාරයට ප්‍රථමයෙන්ම පෙන්වා දුන්නේ බණ්ඩාරනායක මහතාය. වත්මන් දේශපාලකයන්ටද එය ඉතා වටිනා ආදර්ශයකි.

එක්සත් ජාතික පක්ෂයේ බොහෝ ප්‍රතිපත්ති හා බණ්ඩාරනායක ප්‍රතිපත්ති අතර පරස්පරතාවන් පැවතීම නිසා ආණ්ඩු පක්ෂයෙන් ඉල්ලා අස්වූ බණ්ඩාරනායක මහතා සමග ඩී. ඒ. රාජපක්ෂ, ඒ. පී. ජයසූරිය, ජයවීර කුරුප්පු, ඩී.ඇස්. ගුණසේකර, ජෝර්ජ් ආර්. ද සිල්වා යන මන්ත්‍රීවරුද එක පෙළට පැමිණ විරුද්ධ පක්ෂයේ අසුන් ගත්හ. එම වසරේ සැප්තැම්බර් මස 02 වැනි දින “ශ්‍රී ලංකා නිදහස් පක්ෂය” නම් සමාජ ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතිපත්තිය කරගත් නව දේශපාලන පක්ෂයක් ආරම්භ කළ අතර එහි සභාපතිවරයා මෙන්ම නායකයා බවටද එස්. ඩබ්ලිව් ආර්. ඩී. බණ්ඩාරනායක මහතා පත් විය.

බණ්ඩාරනායක මහතා මධ්‍යස්ථ මතධාරියෙකු වූ නිසාම එම ප්‍රතිපත්ති මත ගොඩනැඟුණු පක්ෂය වටා සම සමාජ, කොමියුනිස්ට් වැනි වමේ පක්ෂවලටද පසුකාලීනව එකතු වීමට අවකාශ සැලසිණි.

බණ්ඩාරනායක මහතාගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවා මාස 07 කට පසු පළමු වරට මහා මැතිවරණයකට මුහුණ දීමට පක්ෂයට සිදුවූ අතර එහිදී බහුතර බලයක් හිමිකර ගැනීමට නොහැකි වුවද ඡන්ද 3,61,240ක් ලබා ගනිමින් ආසන 09 ක් හිමිකර ගැනීමට බණ්ඩාරනායක මහතාගේ නව පක්ෂයට හැකියාව ලැබිණි. එම මැතිවරණයේදී බණ්ඩාරනායක මහතා වැඩි ඡන්ද 32,544 ක් ලබා නව මැතිවරණ වාර්තාවක්ද සමඟින් අත්තනගල්ල ආසනය වෙනුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත් විය.

එසේම 1952 පැවැති මහ මැතිවරණයෙන් පසුව බණ්ඩාරනායක මහතා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරයට පත්වූ අතර 1956 මැතිවරණය ජයගෙන අග්‍රාමාත්‍ය ධූරයට පත්වන තෙක්ම ඒ මහතා එම පදවියේ කටයුතු කළේය.

විපක්ෂ නායක ලෙස කටයුතු කරමින් සිටින අවධියේ එතුමා මුල්වී එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ අකාර්යක්ෂමතාව, දූෂණ, සහල් සහනාධාරය අහෝසි කිරීම, ජනතා විරෝධයන් නොසලකා හරිමින් මැතිවරණයක් පැවැත්වීම ප්‍රතික්ෂේප කිරීම වැනි කරුණු ගෙනහැර දක්වමින් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට විශ්වාසභංගයක් ගෙන එනු ලැබීය. විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමෙන් මාසයකට පසු ඩඞ්ලි සේනානායක මහතා අගමැති පදවියෙන් ඉල්ලා අස්වූ අතර 1953 ඔක්තෝබර් 12 වැනි දින සර් ජෝන් කොතලාවල මහතා අග්‍රාමාත්‍ය පදවියට පත් විය.

මෙම අවධියේ භාෂා ප්‍රශ්නය පිළිබඳ වාද විවාද සමාජයේ දැඩි කතා බහට ලක්ව තිබුණු අතර ශ්‍රී ලංකා  නිදහස් පක්ෂ දෙවැනි සංවත්සරයේදී බණ්ඩාරනායක මහතා ප්‍රකාශ කර සිටියේ බුද්ධාගමට හා සිංහල භාෂාවට රටේ විශේෂ ස්ථානයක් හිමිවිය යුතු බවය. සිංහල හා දෙමළ යන භාෂා දෙකටම සමතැන හිමිවිය යුතුය යන එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරයට එරෙහිව ඒත් සමඟ රටපුරා  ජනතාවගේ  නැගී සිටීමක් සිදු විය. බණ්ඩාරනායක මහතාගේ නායකත්වය සහිත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලංකා සමසමාජ පක්ෂය සමග ගිවිසුමක්ද 1955 සැප්තැම්බර් 24 දින ඇති කර ගනු ලැබීය.

එම වසරේ ඔක්තෝබර් 19 වැනි දින ඇන්. ඇම්. පෙරේරා මහතා නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට සිංහල හා දෙමළ භාෂා රාජ්‍ය භාෂා ලෙස පිළිගැනීමට හැකි ලෙස රාජ්‍ය සභා ආඥාව සංශෝධනය කළ යුතු බවට යෝජනා කළ විට සිංහල භාෂාව ලංකාවේ රාජ්‍ය භාෂාව වශයෙන් පිළිගැනීමට හැකි ලෙස සංශෝධනයක් බණ්ඩාරනායක මහතා විසින් ඉදිරිපත් කරනු ලැබීය.

සිංහල භාෂාව මෙරට රාජ්‍ය භාෂාව බවට පත් විය යුතු බවට යෝජනාවක් 1955 දෙසැම්බර් 17 දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිය දෙවන සමුළුවේදී සම්මත කර ගත්තේය. එසේම සිංහල භාෂාව පමණක් ලංකාවේ රාජ්‍ය භාෂාව විය යුතුය යන හඬින් කොළඹ නගර සභාවේ පැවැති එක්සත් භික්ෂු පෙරමුණ ඉදිරිපත් කළිදස පනත’ බණ්ඩාරනායක මහතා විසින් පිළිගත් අතර තම ඉදිරි ආණ්ඩුවක් මඟින් එය ඉටු කරන බවටද හෙතෙම සපථ වූයේය.

සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන පංච මහ බලවේගයන් ඒකාරාශි කරමින් එතුමා මහ ජන බලවේගයක් ගොඩනගන්නට විය. එතෙක් පැවැති දේශපාලන ක්‍රමය තුළ ගොවි, කම්කරු ජනතාවට පෙරට ඒම සඳහා එතරම් අවකාශයක් නොතිබුණු නමුත් බණ්ඩාරනායක මහතාගේ ප්‍රතිපත්තියත් සමඟ ඔවුන්ට සමාජය තුළ ක්‍රියාකාරීව නැඟී සිටීමේ අවකාශ සැලසිණි.

වර්ෂ 1956 පෙබරවාරි 21 වැනි දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයෙන් යුතුව ‘මහජන එක්සත් පෙරමුණ’ පිහිටුවනු ලැබීය.

පාර්ලිමේන්තුව 1956 පෙබරවාරි 18 දින විසුරුවා හැරීමෙන් අනතුරුව 1956 මාර්තු 06 වැනි දින නව මහ මැතිවරණය සඳහා නාම යෝජනා භාර ගැනීම සිදුවිය. නව ආණ්ඩුවක් පත්කර ගැනීම සඳහා වන මහ මැතිවරණය 1956 අප්‍රේල් 05, 07, 10 යන දිනවල පැවැත්විණි . මහ මැතිවරණයෙන් ආසන 51 ක් ලබා මහජන එක්සත් පෙරමුණ ජයග්‍රහණය කළ අතර 1956 අප්‍රේල් මස 12 වන දින එස්. ඩබ්ලිව්.ආර්. ඩී. බණ්ඩාරනායක මහතා නිදහස් ලංකාවේ සිව්වැනි අග්‍රාමාත්‍යවරයා ලෙස තේරී පත් විය.

අදටත් අපි ගෞරවයෙන් සහ ආදරයෙන් සිහිපත් කරන බණ්ඩාරනායක චරිතයේ  සුවිශේෂී සහ වැදගත් තැන් හමුවන්නේ එතැන් සිටය.

අගැමැති ධූරයට පත් වීමෙන් පසු මහනුවරට පැමිණ දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමෙන් අනතුරුව මල්වතු අස්ගිරි මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම බැහැදැක ආශීර්වාද ලබා ගැනීමට පැමිණි අවස්ථාවේදී එතුමන් මහනුවරට පැමිණියේ ජනතාවගේ කර මතිනි.

“අපේ නායකයා... අපේ නායකයා...” යැයි කියමින් ජනතාව එතුමාව ඔසවා ගෙන ඔල්වරසන් දුන්නේ රටේ ගමන් මඟ වෙනස් කරමින්  ස්වදේශිකත්වය අගයන රජයක් බිහි කිරීමට එතුමා ක්‍රියා කරනු ඇතැයි යන විශ්වාසය මතය.

 බලයට  පත්වීමෙන් පසු බස් ජනසතු කරමින් එතුමන්  ශ්‍රී ලංගම පිහිටවූයේය. වරායද ජනසතු කිරීමට බණ්ඩාරනායක මහතා පියවර ගත්තේය. පසුකාලීනව බිහි වූ ඇතැම් දේශපානඥයින් බණ්ඩාරනායක මහතා අමතක කරමින්ද, ඔහුගේ ප්‍රතිපත්ති අමතක කරමින්ද කටයුතු කරනු දක්නට ලැබිණි. අදද එය සිදුවෙමින් පවතියි. එය ඉතා කණගාටුවට කරුණකි.

පොදු ජනතාව අතරින් මතුවන, ඔවුන්ට ආදරය කරන, දේශපාලනඥයින් ඝාතනය වීම සම්බන්ධ තොරතුරු අතීතයේ ඕනෑ තරම් දක්නට ලැබෙයි. මහත්මා ගාන්ධි, ජෝන්. එෆ්. කෙනඩි, ඒබ්‍රහම් ලින්කන් වැනි නායකයින් මරණයට පත්වූයේ ද සාහසිකයින්ගේ වෙඩි පහරිනි. විශිෂ්ට සේවාවක් ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් සිදුකළ එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක අග්‍රාමාත්‍යතුමාටද සිදුවූයේ වෙඩි උණ්ඩයකට බිලිවී අකාලයේ  ජීවිතයෙන් සමුගන්නටය.

භික්ෂු වෙස්ගත් අයකු 1959 වර්ෂයේ සැප්තැම්බර් මස 26 වැනි දින පෙ.ව. 7.45 ට පමණ එතුමාට වෙඩි තබා ඝාතනය කළේය.

මහ සංඝරත්නය කෙරෙහි එතුමා තුළ මහත්වූ ගෞරවයක් පැවතුණි. එම ගෞරවය නිසාම එතුමාට කිසිදු බාධාවකින් තොරව ළංවීමට ඇති සුදුසුම ක්‍රමය භික්ෂු වෙස් ගැනීම බව ඝාතකයා කල්පනා කරන්නට ඇත.

“මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීමය..” යන්න එතුමන්ගේ උදාර සංකල්පය විය.

එතුමන් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් හඬවමින් සදහටම දෙනෙත් පියාගත්තද එතුමන්ගේ උදාර සංකල්පය ඉදිරියට ගෙන යාමට බොහෝ දෙනා එතුමන්ගේ දේහය ඉදිරිපිටදී සපථ කර ගත්තෝය. එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ  ආදරණීය  බිරිඳ වූ සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය ඊට නායකත්වය දීමට ඉදිරිපත් වූවාය.

ප්‍රගතිගාමී ධනවාදීන්, අන්තවාදී බලවේගයන් හා ආඥාදායක බලය බිඳ දමා ප්‍රජාතන්ත්‍රවාදයත්, සමාජවාදයත්, පදනම්කරගෙන මහජනතාවට සෙත සැලසීමට හැකි ප්‍රබලතම පක්ෂයක් ලෙස යළිත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බණ්ඩාරනායක චින්තනය හා මැදුම් පිළිවෙත හා යමින් දේශපාලන කරළිය තුළ නැගී සිටියේය. ඒ අනුව  1960 වසරේදී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ප්‍රතිපත්තීන් අනුව එක්සත් ලංකාවක්, නිදහස් රාජ්‍යයක් පිහිටුවීමට යළිත් පදනම වැටුණි.

එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේත්, සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේත් ආදරණීය දියණිය වූ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියත්, මහින්ද රාජපක්ෂ මහතා සහ වර්තමාන ශ්‍රීලනිප සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් පක්ෂයට නායකත්වය දුන්හ.

“මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීමය” යන බණ්ඩාරනායක මහතාගේ උදාර සංකල්පය ගිලිහී යා නොදී රැක ගැනීම මේ සියලු නායකයන්ගේ අභිප්‍රාය වී තිබීම ඉතා සතුටට කාරණයක් විය.

බණ්ඩාරනායක චින්තනයෙන් ඔප් නැංවී සෙසු නායකයන්ගේද ප්‍රඥාව හා පරිනතභාවය තුළින් ඉදිරියට ගමන් කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දේශපාලන අඹරේ සදාකල් දිදුලනු ඇති බව කියන්නටද අපි මෙය අවස්ථාවක් කර ගන්නෙමු. ඒ 62 වැනි බණ්ඩාරනායක ගුණ සමරු දිනයේදී එතුමන්ටද කරන ගෞරවයක් වශයෙනි.


තිලංග සුමතිපාල
(ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපසභාපති, කොළඹ දිස්ත්‍රික් නායක,
හිටපු නියෝජ්‍ය කතානායක / රාජ්‍ය අමාත්‍ය)

 



අදහස් (8)

අදටත් වලංගුවන බණ්ඩාරනායක චින්තනය

Chanaka Sunday, 26 September 2021 03:56 PM

දැනුම

:       5       21

pakeer Monday, 27 September 2021 02:28 PM

මූ තමයි මූලිකයා ,රාජ්‍ය භාෂාව සිංහල කරපු ගොන් රජා .තමන්ගේ එවුන් ටික උස්සලා තියන්න .ඇති නැති සමාජ පරතරේ ඇති කරන්න ,සමගිය කඩලා බලේ අල්ල ගන්න දඟලපු කුළු මීමා

:       50       12

WijerathnaTuesday, 28 September 2021 04:30 PM

සිංහලයාගේ රටේ සිංහල භාෂාව, රාජ්‍ය භාෂාව නොකර වෙන මොන මඟුලක් කරන්නද? එදාත් අද වගේ කවලං අවලම් සෙට් එකක් ඡන්දෙ කෑදරකමට අනිත් ජාතීන් අවුස්සන්න ඇති. ඔය වගේ සුළු ජාති සෙල්ලමක් එංගලන්තයේ, ඇමරිකාවේ, ඕස්ට්‍රේලියාවේ, කැනඩාවේ කළා නම් උන්ට මොකද වෙන්නේ? ඉංග්‍රීසි බැරි නම් වීසාවත් නැත. දෙමළට තමිල්නාඩුව තියෙනවා, ඉංග්‍රීසින්ට ඕන රටක්. සිංහලයාට..?

:       6       31

kamal Monday, 27 September 2021 03:01 PM

බණ්ඩාරනායක චින්තනෙත්, මහින්ද චින්තනෙත් අපිට කරපු දේවල් අමතක වෙන්න අපි මැරිලා ඉපදිලා නැහැ.

:       32       6

slyouth Monday, 27 September 2021 10:52 PM

ගොං මී හරකෙක්. මූව මීට කලින් මැරුවෙ නෑනෙ.

:       42       6

kamal Tuesday, 28 September 2021 08:20 AM

මේ දක්වා ජීවත් උනානම් හොඳයි .කරපු විනාශේ ඇසින්ම දැක ගන්න

:       24       5

Rohana Tuesday, 28 September 2021 08:56 AM

ඕනෑම දේශපාලන නාකයකුගේ පාලන කාලය තුල කල හොද දේවල් මෙන්ම ප්‍රතිවිපාකද ඇත. ජනතා තීන්දු මුල්ක රගත් තීරණ ක්‍රියාත්මක කිරීමේදී වාසි හා අවාසි ඇතිවීම නොවැලැක්විය හැක. සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීම තුල අපට සිංහලයාට අභිමානයක් ඇතිවූ අතර ජාත්‍යන්තරයෙන් කොන්වීම අනිකුත් භාෂා කතාකරන අයට අසාධාරනයක්වීම නොවැලැක්විය හැක. බණ්ඩාරනායක මහතා විසින් කලයුතුව තිබුනේ භාෂා තුනම රාජ්‍ය භාෂා කර කැමති භාෂාවකින් වැඩ කිරීමට අවස්ථාව සලසා දීමයි. පහසුකම් නැතත් වර්තමානයේ සිදුවන්නේ එයයි. වර්තමාන දේශපාලන ක්‍රමයතුල දූෂන වංචා බහුලව සිදුවීම දක්නට ලැබුනත් එකල දේශපාලකයින් හම්බ කිරීමට කටයුතු කලේ නැත.

:       2       4

sugath Wednesday, 29 September 2021 07:21 PM

'56 ට පෙර විශේෂයෙන්ම රජයේ සේවයේ බොහෝ ඉහළ තනතුරු දැරුවේ සුළු ජාතීන් විසින්... එය රටේ බහුතරයක් වූ සිංහලයින් පාගා දැමීමට සුද්දන් මුල සිටම අනුගමනය කළ උපක්‍රමයකි. නමුත් එදා සිංහල පමණක් දත් උදවිය තමන්ට සිදුවූ අසාධරණය පිළිබඳව හඬක් නැගුවේ නැහැ. '56 දී වූ පරිවර්තනයෙන් රටේ පෑගෙමින් සිටි බහුතරයට නිසිතැන ලැබුණි. එහි ඇති වරද කුමක්ද..?

:       0       68

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

මැදපෙරදිග හෙල්ලුම් කෑ නසරැල්ලා ඝාතනය
2024 සැප්තැම්බර් මස 30 573 0

ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම්වරයා, එසේත් නැතිනම් නායකයා ෂෙයික් හසන් නසරැල්ලා ඝාතනය කිරීමට ඊශ්‍රායලය සමත් විය. 64 හැවිරිදි නසරැල


දේශපාලනයේ පෙරළිකාරයා - කළුගංතොට සිංහයා
2024 සැප්තැම්බර් මස 30 287 0

හිටපු අමාත්‍යවරයකු අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද (30) සවස මතුගම ආදාහනාගාරයේ දී සිදු කෙරේ මේ ලිපිය ඒ නිමිත්තෙනි.


අලුත් දැක්මක නව යුගයක ආරම්භය
2024 සැප්තැම්බර් මස 30 99 0

නිදහසට පසු යුගය තුළ ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසයේ පළමු වතාවට සාම්ප්‍රදායික වම හෝ දකුණ හෝ බලයට එන දේශපාලනය වෙනුවට අලුත් බලවේගයක් නිර්මාණය වී තිබේ. ඉකුත


උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 4178 2

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 12613 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 674 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38243 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25185 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 257 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 847 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 298 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site