IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


අදත් වැඩියෙන්ම මඩ ගහන්නෙ මට

    999

 

ගෙවුණු ජනවාරි 8 ට පෙර ඇතැමකුට ඔහු ඔටුන්න හිමි කුමරා විය. තවකෙකුට යුවරජ විය. එහෙත් ඔහු අද පාර්ලිමේන්තුවේ විපක්ෂ මන්තී‍්‍රවරයකු පමණී. ඊට අමතරව නොයෙක් විවේචන සහ අවලාද ප‍්‍රහාරයන්ට ගොදුරුව සිටී. මේ ඒ සියල්ල පිළිබඳව ඔහු සමග කළ කතාබහකි. ඔහු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හම්බන්තොට දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර නාමල් රාජපක්ෂ මහතාය.

 

4
ප‍්‍රශ්නය - මේ දවස්වල කාලය ගෙවෙන්නේ කොහොමද?
පිළිතුර -
විපක්ෂය නියෝජනය කරන මන්තී‍්‍රවරයකු හැටියට විපක්ෂයේ භූමිකාව තමයි ඉටු කරන්න තියෙන්නේ. අපේ ගම්වල අපේ පාක්ෂිකයන්ගේ ආරක්ෂාව... ගැන සොයා බලමින් හම්බන්තොට දිස්ති‍්‍රක්කය මුල් කරගත් දේශපාලනයකට තමයි මූලිකත්වය දීලා තියෙන්නේ. ඊට අමතරව යහපාලනයේ දඩයම් පාලනයටත් අවලාද හා අපහාසවලටත් මුහුණ දීගෙන ඉන්නවා.

 


ප‍්‍රශ්නය - ඔබ විපක්ෂයේ දේශපාලනය ගැන කතා කළා. නමුත් ජනවාරි 8 වැනිදා වෙනකම් හීනෙන්වත් විපක්ෂයේ දේශපාලනයක් ගැන හිතුණෙ නැහැ නේද?
පිළිතුර -
මෙහෙමයි අපි මැතිවරණයකට ඉදිරිපත් වන්නේ ජයග‍්‍රහණය කරන්නයි. ඒ ජයග‍්‍රාහී මානසිකත්වයෙන් තමයි අපි ජනවාරි 8 වැනිදා මහ මැතිවරණයට ගියේ. ඒත් ඉතින් දේශපාලනයේ කිසි දෙයක් සදාකාලික නෑනේ. අපි පරාජයට පත් වුණා. අපි ඒක බාරගත්තා. මහින්ද රාජපක්ෂ මහත්තයා ඒ වෙලාවෙම අරලියගහ මන්දිරයෙන් ජනාධිපති මන්දිරයෙන් පිටව ගියා. එතුමා මැදමුලනට ගියා. ඉතින් ඒ ආපු ගමන තමයි අද තාමත් යන්නේ.

 


ප‍්‍රශ්නය - ඔබේ ගණන් බැලීමට අනුව ජනවාරි 8 පරාජයට හේතුව මොකක්ද?
පිළිතුර -
මම හිතන්නේ අපිට සුළු ජාතීන්ගේ ඡන්ද අඩුවුණා. අපි උතුර කෙතරම් සංවර්ධනය කළත් පක්ෂයක් විදිහට අපිට උතුරේ ජනතාව දිනා ගැනීමේ ප‍්‍රශ්නයක් තිබුණා. අපට ඔවුන්ගේ විශ්වාසය දිනාගන්න බැරි වුණා. හැබැයි වෙනත් මැතිවරණයක් එක්ක සන්සන්දනය කරන කොට මේ පාර අපිට උතුරේ ඡුන්දත් වැඩිවෙලා තියෙනවා. ඒක තවදුරටත් වර්ධනය කරගත්තා නම් අපිට ජයග‍්‍රහණය කරන්න තිබුණා.

 

 

ප‍්‍රශ්නය - ඔබ එහෙම කිව්වත් මහින්ද රාජපක්ෂගේ පරාජයට බලපෑ ප‍්‍රධාන සාධක දෙකක් ගැන ඒ දවස්වල කතා වුණා. එක සාධකයක් ඔබේ බාප්පා... බැසිල් රාජපක්ෂ. අනික් සාධකය නාමල් රාජපක්ෂ ඔබ මොකද කියන්නේ?
පිළිතුර -
ඒ කාලේ එක්සත් ජාතික පක්ෂය හා ඒ එකතු වුණු හංස කණ්ඩායම මැතිවරණ වේදිකාව තුළ වැඩියෙන්ම අවලාද නැගුවේ බැසිල් රාජපක්ෂ මැතිතුමාට හා මටයි. අදත් වැඩියෙන්ම මඩ ගහන්නේ මටයි. ඒ මම දේශපාලනයේ ඉන්න නිසා. ඉතින් ඒ අයගෙන් මම අහන්නේ මම කරපු වැරැද්ද මොකක්ද? මස් මාළු කන්නේ නැති එකද? අරක්කු සිගරට් බොන්නේ නැති එකද? නයිට් ක්ල්බ් ගිහින් ගහගත්තේ නැති එකද? අපි එහෙම කරලා නෑනේ. නමුත් අපි එහෙම නොකළත් සම්පූර්ණයෙන්ම මඩ ගැහුවේ අපිට. ඒක සංවිධානාත්මකව අරගෙන ගිය වැඩපිළිවෙළක්.

 

1

 


ප‍්‍රශ්නය - මහජනතාවගේ මුදල් කෝටි ප‍්‍රකෝටි ගණනින් වියදම් කරමින් ඔබල සැප වින්දා?
පිළිතුර -
 ඕවා තමයි ඉතින් ගහපු මඩ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලයේ සාමාන්‍යයෙන්  ඕනෑම ජනාධිපතිවරයෙක් වෙනුවෙන් තියෙන දේවල් තමයි ඒ කාලයෙත් පාවිච්චි වුණේ හා වියදම් වුණේ?

 


ප‍්‍රශ්නය - ඔබ කොළඹ නයිට් රේස් කළා. මහානායක ස්වාමීන් වහන්සේලා එපා කියද්දී මහනුවර පාරවල් වහගෙන රේස් පැද්දා. රත්තරන් අශ්වයෝ හිටියා කිව්වා. ලැම්බෝගිනි තිබුණ කිව්වා මේවා බොරුද?
පිළිතුර -
හා... ඉතින් මම අහන්නේ රත්තරන් අශ්වයෝ ලෝකේ කොහෙද ඉන්නේ?

 


ප‍්‍රශ්නය - ඒ චෝදනාව කළේ මෛතී‍්‍රපාල සිරිසේන?
පිළිතුර -
ඔව්. මම එතුමා හම්බ වෙච්ච වෙලාවකත් කිව්වා. ”සර්ගේ රත්තරන් අශ්වයෝ ගැන මිනිස්සු තාම හරියට කතා කරනවා.” කියලා. සාමාන්‍ය දැනීම තියෙන කෙනෙක් හිතනවද රත්තරන් අශ්වයෝ ඉන්නවා කියලා. ලැම්බෝගිනි වාහන හොයන්න අපේ හැම ගේකටම රිංගුවනේ. යාළුවන්ගේ ගෙවල්වලටත් ගියා. අන්තිමට සේල්වල තියෙන වාහන නාමල් රාජපක්ෂගේ කියලා කිව්වා. සේල් එකේ අයිතිකාරයත් ඇවිල්ලා කිව්වා මේවා නාමල්ගේ නෙවෙයි සේල් එකේ කියලා. අපිට මාළිගා තියෙනවා කිව්වා. ඒ කාලේ කොළඹ ව්‍යාපාරිකයකුට ගෙයක් හදන්න විදියක් නෑ. අවුරුදු ගානක් මහන්සි වෙලා ඒ මනුස්සයා ගේ හදාගන්න මහන්සි වෙන්නේ. ඒත් ඒ ගේ නාමල්ගේ කියලයි කියන්නේ. සාමාන්‍ය මනුෂ්‍යයකුට හෝටලයක් හදන්න නැහැ. බැංකු ණය අරගෙන බොහොම අමාරුවෙන් ඒ මනුස්සයා හෝටලය හදන්න පටන් ගන්නේ. ඒත් කියන්නේ නාමල් හෝටලයක් හදනවා කියලායි. ඉතින් මම අහන්නේ නාමල්ගේ ලැම්බෝගිනි හමුවුණාද? නාමල්ගේ හෝටල් හමුවුණාද? නාමල්ගේ මාළිඟා හමුවුණාද? රත්තරන් අශ්වයො තියා බූරුවෙක්වත් හමුවුණාද? ඉතින් ඒ කාලේ හිටපු  විපක්ෂය සංවිධානාත්මකව අරගෙන ගිය මඩ ව්‍යාපාරයක් විතරයි  ඕවා.

 

3

 

 


ප‍්‍රශ්නය - ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ”ඔටුන්න හිමි කුමරා” ලෙස ඔබව උස්සපු ඉස්සිල්ල නිසා පක්ෂය ඇතුළේ ලොකු දෙදරුම්කෑමක් ඇති වුණා?
පිළිතුර -
හා... මම එහෙම ඔටුන්න හිමි කුමරා ලෙස පක්ෂ අභ්‍යන්තරයෙ මතු වුණේ නැහැ. නමුත් ඉතින් සමහර තැන්වලදී සමහර උදවිය මම ඔටුන්න හිමි කුමරා කියලා කිව්වා. එහෙම කියපු අය තමයි ජනවාරි 8 ට කලින් හා ජනවාරි 8 ට පස්සේ ඉස්සෙල්ලාම ඒ පැත්තට ගියේ. අනුර බණ්ඩාරනායක මහත්තයටත් එහෙම කියපු අය හිටියා. එහෙම කියන අය දැන් මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ළඟ හා රනිල් වික‍්‍රමසිංහ මැතිතුමා ළඟ ඉන්නවා.

 


ප‍්‍රශ්නය - ඔබ එහෙම කිව්වත් ඒ කාලේ අපි දැක්කා මැති ඇමැතිවරුන් ඉන්දිද්දී ඔබ තමයි පීත්ත පටිය කපන්නේ. මූලාසනයේ වාඩිවෙන්නේ. එහෙම වුණාම ප‍්‍රශ්න මතුවෙයි කියලා හිතුවේ නැද්ද?
පිළිතුර -
ඇත්තටම මට එහෙම හිතුණා. සමහර තැන්වලදී ඒ අදාළ සංවිධායක මහත්වරුන්ට මම කෙළින්ම කිව්වා මේවා මෙහෙම කරන්න එපා කියලා. සමහර තැන්වලට මම ගියෙත් නෑ. පළාතේ දේශපාලනඥයාට නිසි තැන දෙන්න  ඕනෑ. නමුත් සංවිධානය කරන අය ජනාධිපතිතුමාගේ පුතා එනවා කිව්වම, මහින්ද මහත්තයාගේ පුතා එනවා කිව්වම වැඩි ගෞරවයක් දක්වනවා. ඒ වෙලාවෙදි මට ඒක ප‍්‍රතික්ෂේප කරලා යන්නත් බැහැ. හැබැයි ඒවායින් මට ලොකු හානියක් වුණා. එහෙම වෙච්ච තැන්වලදී අදාළ ඇමැතිවරුන්ට මම පෞද්ගලිකව කතා කරල සමාව ඉල්ලලා තියෙනවා. ”සර්... මම දන්නේ නැහැ. මමයි ආරාධිත අමුත්තා මාවයි ඉස්සරහින්ම වාඩි කරවන්නේ.” කියලා. පක්ෂයේ රැුස්වීම්වලට ගියාම මම කවදාවත් ඉස්සරහ පුටුවක වාඩි වෙන්නේ නැහැ. මම වාඩිවෙන්නේ පිටිපස්සේමයි. කණ්ඩායම් රැස්වීමට මම අද ගියත් මම දෙවැනි පාර පාර්ලිමේන්තු ආව කෙනෙක් වුණත් මම වාඩිවෙන්නේ පසුපෙළ මන්තී‍්‍රවරුන් වාඩිවෙන පුටුවක. සංවිධායකවරුන් අතින් යම් අඩුපාඩුකම් වෙච්ච් තැන් තියෙනවා. ඒවා කලින් දැනගෙන මම නොගිය අවස්ථා  ඕනෑ තරම් තියෙනවා.

 

2

 

 


ප‍්‍රශ්නය - විදේශීය බැංකු ගිණුම්වල තැන්පත් කරලා තියෙන බිලියන ගණන් මුදල් ඔබට කොහෙන්ද?
පිළිතුර -
ශත පහක් ලංකාවෙන් පිට නැහැ. ලංකාවේ තියෙන ඒවත් මම ආයෝජන කරපුවා. ඒවා සියල්ලම වත්කම් බැරකම් ප‍්‍රකාශනයේ ලියලා පාර්ලිමේන්තුවට බාරදීලා තියෙන්නේ.

 


ප‍්‍රශ්නය - නමුත් රජයෙ ප‍්‍රබල ඇමැතිවරු බොහොම වගකීමෙන් ඔය පිටරට බැංකු ගිණුම් ගැන කතා කරන්නේ?
පිළිතුර -
ඔව් බිලියන 18 ක් තියෙනවා කියලා කියනවා. ඒ මුදල ලංකාවේ අයවැයටත් වඩා ලොකුයි. කටට එනවට ඉලක්කම් කියනවා. කාලෙයන් කාලයට රටේ ප‍්‍රශ්න මතුවෙනවනේ. එක පැත්තකින් රටේ ආර්ථිකය කඩා වැටිලා. අපරාධ රැුල්ල වැඩිවෙලා. මහදවල් මංකොල්ල කනවා. මහදවල් මිනී මරනවා. ජනතාවට ජීවත් වෙන්න විදිහක් නෑ. ඉතින් මේවා වහගන්න මොනවා හරි  ඕනෑ කරනවා. ඉතින් ඒකට මහින්ද රාජපක්ෂව අල්ලනවා. නැත්නම් නාමල් රාජපක්ෂව ගේනවා. බිලියන 18 ක් තියෙනවා කිව්වා. ඩුබායි ගිණුම් තියෙනවා කිව්වා. ආයේ පෙරේදා මාධ්‍යවේදී සහෝදරයෙක් කතා කරලා කිව්වා. සිංගප්පූරුවේ බැංකු ගිණුම් වගයක් තියෙනවා කියලා කියනවා කියලා. තවත් එක්කෙනෙක් කතා කරලා තවත් රටක නමක් කිව්වා. මට පේන්නේ අපේ ගිණුම් කෙසේ වෙතත් අපේ ගිණුම් හොයන මුවාවෙන් සමහරුන්ගේ ගිණුම් තර වෙනවා. ඒ වගේම ලෝකය පුරා සවාරිත් ගහනවා. ඒවා ගැනත් හෙව්වොත් හොඳයි.

 


ප‍්‍රශ්නය - ඔබේ නමින් නොවුණත් වෙනත් නම්වලින් හරි ඒ සල්ලි තැන්පත් වෙලා ඇති.
පිළිතුර -
කිසි කෙනෙකුගේ නමින් නෑ. මම බොහොම වගකීමෙන් කියන්නේ. අපේ පවුලේ කිසිම කෙනෙකුට ලංකාවෙන් පිට කිසිම දෙයක් නැහැ. අපිට එහෙම හම්බ කරන්න උවමනාවකුත් නැහැ. අපි තුන්වෙල කාලා සාමාන්‍ය විදිහට ජීවත් වෙච්ච අය වගේම ජීවත් වෙන්න පුළුවන් අය. මම යළිත් වගකීමෙන් කියන්නේ එහෙම කිසිම ගිණුමක් නැහැ. අපේ ගිණුම් හොයන මුවාවෙන් ලෝකය වටේ සවාරි ගහන නායකයන්ගේ වැඩ ගැන පොඞ්ඩක් හෙව්වොත් හොඳයි මේ වෙලාවේ.

 


ප‍්‍රශ්නය - ලංකාවේ තියෙන ඔබේ ව්‍යාපාර මොනවාද?
පිළිතුර -
මගේ නීතිමය හා උපදේශන සේවාවක් පවත්වාගෙන යනවා. ඒක මම නීතිඥයෙක් විදිහට දිවුරුම් දීපු දවසේ ඉඳලා කරගෙන එන දෙයක්. ඒකෙන් අයථා ලෙස කිසිම මුදලක් හම්බ කරලත් නෑ. ඒකට රාජ්‍ය සම්පත් පාවිච්චි කරලත් නැහැ.

 


ප‍්‍රශ්නය - ඔබ නීතිඥ ජීවිතය ගැන මතක් කළා. ඔබ නීති විභාගය ලිව්වේ විශේෂ කාමරයක. සුවිශේෂ පහසුකම් මැද? එහෙම කතාවක් රටේ පැතිරුණා.
පිළිතුර -
ඔව් එහෙම තමයි කියන්නේ. නමුත් මගෙත් එක්ක නීති විභාගය ලියපු අනික් ළමයි දෙසීය ගැන ඇත්ත කතාව දන්නවා. කිසිම විශේෂ සැලකිල්ලක් තිබුණේ නැහැ. මම විභාගෙ ලියපු කාමරයේ යූඑන්පී එකේ මන්තී‍්‍ර කෙනෙකුගේ දරුවෙකුත් හිටියා. වර්තමාන අධිකරණ නියෝජ්‍ය ඇමැතිතුමත් මගෙත් එක්ක එකට විභාගෙ ලිව්වේ. ඒ කාමරේ එහෙම කණ්ඩායමක් හිටියා. ඒ  නිසා එහෙම විශේෂ සැලකිල්ලක් තිබුණේ නැහැ. හැබැයි සමහර දේශපාලනඥයන්ගේ ඔළුවල ඒ සම්බන්ධයෙන් විවිධ මනස්ගාත තිබුණා. මගේ කාමරේ හිටපු අනික් ළමයිනුත් මම මේ කියන ඒවට සාක්ෂි දරනවා. සාමාන්‍ය ශිෂ්‍යයෙක් විභාගය ලියන විදිහටමයි මම විභාගේ ලිව්වේ. ඒක මම වගකීමෙන් කියනවා.

 


ප‍්‍රශ්නය - ඔබේ බාප්පා බැසිල් රාජපක්ෂගේ කි‍්‍රයාකලාපය මහින්ද රාජපක්ෂගේ පරාජයට තදින් බලපෑවා?
පිළිතුර -
මෙහෙමයි බැසිල් රාජපක්ෂ මැතිතුමා ගත්තොත්... අපි හැමෝගෙම හොඳක් තියෙනවා. නරකත් තියෙනවා. බැසිල් රාජපක්ෂ මැතිතුමා වැඩකට බැස්සොත් ඒක හොඳින් හරි නරකින් හරි කෑගහලා හරි කරනවා. ඒ තුළ එතුමා ගැන වැරදි මතයක් සමහරුන් තුළ ඇතිවුණා. ඒක තුළ යම් යම් දෙනා තුළ කලකිරීමක් ඇතිවෙන්න ඇති. නමුත් එතුමා ඒක හිතාමතා කළ දෙයක් නොවෙයි. ඒක එයාගේ පෞරුෂත්වය හා එයාගෙ හැටි.

 


ප‍්‍රශ්නය - බැසිල් රාජපක්ෂට අගමැති සිහිනය තිබුණා?
පිළිතුර -
නෑ. මම විශ්වාස කරන්නේ නැහැ. මොකද මම එතුමාගෙන් පෞද්ගලිකවත් අහනවා එතුමාගේ බලාපොරොත්තුව තිබ්බේ මහින්ද රාජපක්ෂ මහත්තයාට උදව් කරමින් රට සංවර්ධනය කරා මෙහෙයවන්න මිසක් අගමැති වෙන්න නොවෙයි.

 


ප‍්‍රශ්නය - ඡන්දයට පසුදා උදේ රාජපක්ෂ පුතුන් හා බැසිල් අතර ලොකු ගැටුමක් ඇති වුණා කියලා රාවයක් ගියා?
පිළිතුර -
නෑ කිසිම ගැටුමක් නැහැ. හැබැයි මම වෙන්න පුළුවන් තාත්තා වෙන්න පුළුවන්. බැසිල් ඇමැතිතුමා වෙන්න පුළුවන් ආරක්ෂක ලේකම්තුමා වෙන්න පුළුවන් අපි අතර දේශපාලන සංවාද ඇති වෙනවා. සමහර කාරණා සම්බන්ධයෙන් අප අතර මතවාදි වෙනස්කම් තිබුණා. අද වුණත් මමයි තාත්තයි අතර සංවාද ඇති වෙනවා. හැබැයි ඒවා මේ පවුල් අතර තියෙන ගැටුම් නෙවෙයි. අපි අතර ලොකු බැදීමක් තියෙනවා. ඒ බැඳීම තුළ අපි හමුවුණාම යාළුවෝ අතර වගේ විවිධ සංවාද යනවා. ඒවා එතැනින් ඉවරයි.

 


ප‍්‍රශ්නය - නමුත් මුළු පරිපාලන තන්ත‍්‍රයම විදේශ සේවයට රාජපක්ෂකරණය වුණා. පවුල් කල්ලියක් රට පාලනය කරනවා කියලයි චෝදනා නැඟුණේ?
පිළිතුර -
ඒකත් ගොඩ නගපු මතයක්. දේශපාලනිකව මඩ ගහන්න මැතිවරණ කාලෙදි පාවිච්චි කරපු මඩක්.

 


ප‍්‍රශ්නය - එයාර් ලංකා එකේ සභාපති වෙලා හිටියෙ ඔබේ මාමා. ඔහුගේ අධ්‍යාපන සුදුසුකම් පවා පාර්ලිමේන්තුවේදී ප‍්‍රශ්න කෙරුණා.
පිළිතුර -
ඔය කියන කිසි කෙනෙක් ඔය ආයතන පිරිහෙන විදිහට වැඩ කරලා නැහැ. මහින්ද රාජපක්ෂ මහත්තයා ජනාධිපති වෙන්නත් කලින් ඔය අය විවිධ රාජ්‍ය ආයතනවල ඉඳගෙන රටට වැඩ කරපු අය. එහෙම නැතිව මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපති වුණාට පස්සේ ලොකු තනතුරුවලට ආපු අය නොවෙයි. ඔය මඩවල කිසිම පදනමක් නැහැ. ගොඩාක් ආයතන ලාබ ලබන ආයතන බවට පත්වන්නේ සෘජු ආදායම් වලින් නොවෙයි. වක‍්‍ර ආදායම්වලින්. ඒකට හදපු සම්පූර්ණ සැලැස්මක් තිබුණා. මත්තල ගුවන් තොටුපළ ගත්තත්, හම්බන්තොට වරාය ගත්තත්, එයාර් ලංකා ආයතනය ගත්තත් එහෙම තමයි. හැබැයි ඒක එක දවසෙන් දෙකෙන් කරන්න පුළුවන් දේවල් නොවෙයි.

 


ප‍්‍රශ්නය - තාජුඞීන්ගේ මරණය ඝාතනයක් බව කියනවා. ඒ සම්බන්ධයෙන් රාජපක්ෂ දරුවන්ට ඇඟිල්ල දිගු වෙනවා.
පිළිතුර -
කිසිම පදනමක් නැති චෝදනාවක්. අන්තර්ජාලය හරහා ගහගෙන ගිය මඩ අතර ඒකත් තව එකක්. අපි හැමදාම බොහොම භය නැතිව කියන්නේ අපේ කාගෙවත් අත්වල ලේ තැවරිලා නෑ. අනිත් එක ඔය තාජුඞීන් අපේ හොඳ මිත‍්‍රයෙක්. අපි එකට පාසලේ හිටියේ. එකට රගර් කී‍්‍රඩා කළේ. ඒ සහෝදරයාගේ පවුල හා අපේ පවුල අතර සම්බන්ධය අදටත් තියෙනවා. ඒ නිසා හුදෙක් අවලාදයක් පමණයි.

 


ප‍්‍රශ්නය - ඔබ හිතන විදිහට තාජුඞීන්ගේ මරණය රිය අනතුරකින් වෙච්ච දෙයක්ද? එහෙම නැත්නම් ඝාතනයක්ද?
පිළිතුර -
මරණ පරීක්ෂණය පිළිබඳව මම එහෙම අධ්‍යයනයක් කළේ නැහැ. බැලූ බැල්මට ඒක රිය අනතුරක් විදිහටයි අපි දැක්කේ. අපි  ඕක හාරා අවුස්සලා එක එක්කෙනාට ඇඟිල්ල දිගු කරනවා කියන්නේ ඒ සහෝදරයටත් කරන අසාධාරණයක්. අපි අතර  විවිධ දේශපාලන මත තියෙනවා. නමුත් ඔහුගේ මරණය දේශපාලණීකරණය කරන්නේ නැතිව ඒ සහෝදරයාගේ ජීවිතයට අසාධාරණයක් වෙලා තියෙනවා නම් අපි ඒ ජීවිතයට සාධාරණය ඉටු කරමු. හැබැයි ඒ සහෝදරයාගේ ආත්මයට අසාධාරණයක් කරන්න එපා.

 


ප‍්‍රශ්නය - ඔබ ඔබට වෙච්ච වැරැුද්දක් ගැන පසුතැවෙනවද?
පිළිතුර -
දේශපාලනිකව අපි බලයෙ ඉන්නකොට තවත් සංවේදීව ජනතාවගේ ප‍්‍රශ්න හා පොදු මතය ගැන බලන්න තිබුණ කියලා මට හිතෙනවා. අපි ගමේ පාර බැලූවා. විදුලිය බැලූවා. ජලය දිහා බැලූවා. හැබැයි ජනතාවගේ දෛනික ජීවිතයේ ගැටලූ ගැන සංවේදී වුණා මදි කියලයි මම හිතන්නෙ. කොන්කී‍්‍රට් වැඩ හා මිනිස් ජීවිතය අතර තියෙන වෙනස අපට හඳුනාගන්න බැරි වුණාද කියලා මට හිතෙනවා. අපි දිගටම බැලූවේ සංවර්ධනය දිහා පමණයි.

 


ප‍්‍රශ්නය - එදා හිටපු යාළු මිත‍්‍රාදීන් තාමත් ඉන්නවද?
පිළිතුර -
බලයත් එක්ක ආපු අය නැහැ. ඒ අය අද අනික් පැත්තේ ඉන්නේ. නමුත් ස්කෝලෙ හිටපු ගමේ යාළුවෝ තවමත් අපිත් එක්ක ඉන්නවා.

 


ප‍්‍රශ්නය - තාත්තට එරෙහිව ගියේ තාත්තගෙම කැබිනට් ඇමැතිවරු?
පිළිතුර -
ඒක දේශපාලනික තීන්දුවක්නේ. එහෙම තීන්දු ගන්නකොට සමහරු රට ගැන හිතලා ගන්නවා. සමහරු පක්ෂය ගැන හිතලා ගන්නවා. සමහරු පෞද්ගලික ප‍්‍රශ්න දිහා බලලා ගන්නවා.

 


ප‍්‍රශ්නය - මර්වින් සිල්වා, සජිත් ද වාස් ගැන කතා කළොත් ඔවුන් ගැන ඔබට තිබෙන හැඟීම?
පිළිතුර -
මම ඇත්තටම ඔවුන් ගැන අනුකම්පා කරනවා. මොකද මහින්ද රාජපක්ෂ  මහත්තයා වැඩියෙන්ම බැණුම් ඇහුවේ ඒ අය නිසා. අද ඒ අය මහින්ද රාජපක්ෂ මහත්තයාට එළියට ගිහින් ගහනවා. කොහොම වුණත් එක දෙයක් ගැන මම සතුටු වෙනවා. ඒ තමයි ජනවාරි 8 වැනිදා මහින්ද රාජපක්ෂ මැතිතුමා පරාජය වුණාම ජනවාරි 10 -12 වෙනකොට එතුමා ජීවිතය ජයගත්තා. මොකද මහින්ද රාජපක්ෂ මහත්තයා ආරක්ෂා කරනවා. බලාගන්නවා. ආශ‍්‍රය කරනවා කියලා චෝදනා එල්ල වෙච්ච පිරිස් එහා පැත්තට ගිහින්. ඒක හොඳ දෙයක්.

 


ප‍්‍රශ්නය - තුන්වැනි පාරටත් ඉල්ලන්නේ නැතිව තාත්තා විශ‍්‍රාම ගියානම් හොඳයි කියලා ඔබ හිතන්නේ නැද්ද?
පිළිතුර -
ඒ ඉල්ලීම කළේ පක්ෂයම තමයි. මහින්ද රාජපක්ෂ මැතිතුමාට එහෙම වුවමනාවක් තිබුණේ නැහැ. ඇත්තටම දෙවැනි පාර ඉල්ලන්න උවමනාවක් තිබුණෙත් නැහැ. ඒක මම පෞද්ගලිකව දන්නවා. එදා පක්ෂයක් විදිහට කරපු ඉල්ලීම තමයි එතුමා බාරගත්තේ. අද අනික් පැත්තට ගිහින් මහින්ද රාජපක්ෂ මහත්තයා විශ‍්‍රාම ගියානම් හොඳයි කියන මහත්වරු තමයි ඉස්සෙල්ලාම නැගිටලා කිව්වේ මහින්ද මහත්තයා ඉල්ලන්න  ඕනෑ කියලා.

 


ප‍්‍රශ්නය - ඒ අයගේ නම් කියන්න පුළුවන්ද?
පිළිතුර -
මම නම් කියන්න කැමැති නෑ. මොකද ඒ මහත්වරුන්ගෙන් මම තවමත් දේශපාලනය ඉගෙන ගන්නවා.

 


ප‍්‍රශ්නය - මහින්ද රාජපක්ෂ දැන්වත් දේශපාලනයෙන් විශ‍්‍රාම ගියොත් හොඳ නැද්ද?
පිළිතුර -
ඔව්. සමහර මහත්වරු මට කතා කරලා කියනවා. තාත්තා විශ‍්‍රාම ගියේ නැත්නම් මොන මොනවට හරි උඹලා ඔක්කොම හිරේ දායි කියලා. ඉතින් ඒ සර්ලටත් මම කියන්නේ ඒ නායකයන්ට මම කියන්නේ මාව හිරේ දැම්මත් තාත්තා නම් දේශපාලනයෙන් විශ‍්‍රාම යන්නේ නැහැ කියලයි.

m

 



අදහස් (0)

අදත් වැඩියෙන්ම මඩ ගහන්නෙ මට

අමිත් Tuesday, 03 November 2015 04:03 PM

උඩින් උඩින් පයතබා ඉක්මන් ගමන් නොගොස් හරියට මහපොළොවේ පයතබා ක්‍රමානුකූලව ගියොත් ඔබටත් හොද වාසනාවන්ත දේශපාලන අනාගතයක් තියේවි.සුබපැතුම්...! (බ )

:       0       0

සමුරායි Tuesday, 03 November 2015 04:09 PM

දන්නෝ දනිති උක්කුන් පොවන්න බේබිට , ලංකාවේ දේශපාලනයට වෙන කවුරුත් නැහැ මේ බේබිල පමණි ඉන්නේ (බ)

:       0       0

ආකාශ් Friday, 06 November 2015 10:23 AM

මේ ගොල්ලෝ නෙමේ අපි වැරදි කරලා තියෙන්නේ ............. (ම)

:       0       0

දයා Wednesday, 04 November 2015 06:33 AM

හොඳ ලිපියක්. (ස)

:       0       0

රෝහණ Friday, 06 November 2015 11:15 AM

මේ අය කිසිම වරදක් කර නැහැ. අනේ පවු නේද? (නි)

:       0       0

නන්දලාල්-ප්‍රංශය Tuesday, 03 November 2015 06:52 PM

මේ පාපොච්චාරණය මම නම් වැඩිය ගණන් ගන්නේ නැහැ. ඒකට හේතු කිහිපයක්ම තිබෙනවා. මෙයා පෙරකදෝරුවෙක්, ඒ වගේම දේශපාලනය කරන කෙනෙක්. ඒ අතරේම හිටපු ජනපතිගේ පුතා. තාර බර ඇරලා අපි හිතාගනිමු අවශ්‍ය දේවල් ටික විතරක්.... (නි)

:       0       0

මහින්ද කැලිෆෝර්නිය Sunday, 08 November 2015 04:06 AM

නාමල් බබා ,තොත්ත බබා! (ම)

:       0       0

විපුල Thursday, 05 November 2015 06:07 PM

ඕවා ගණන් ගන්න එපා (නි)

:       0       0

නුවන් Wednesday, 11 November 2015 03:13 PM

තාත්තගේ දේශපාලන දිවිය අහවර කරන්න හේතු පාදක වූ තවත් රාජපක්ෂ කෙනෙක්! (අ)

:       0       0

රවි බණ්ඩාර Tuesday, 03 November 2015 10:14 PM

බොහොම බුද්ධිමත් විදියට සංයමයෙන් උත්තර දුන්නා. මහනුවර කාර් රේස් හැත්තෑ ගණන් වලත් තිබුණා. අපි බලලත් තිබෙනවා. හැබැයි ඔය මඩ වලට පිළිතුරුදීමක් හෝ රාජපක්ෂලා ගැන නිවැරදි තොරතුරු පතුරුවන ක්‍රමයක් තාම නාමල්ලා කරලා නැහැ (නි)

:       0       0

නාමල් Friday, 06 November 2015 06:03 AM

උත්තර දීල තියන විධියට අබමල් රේණුවක තරම් වත් වරදක් කරලා නැත (රේ)

:       0       0

තිලක් Wednesday, 04 November 2015 01:14 AM

හොඳ ලිපියක් (නි)

:       0       0

අමල් Tuesday, 03 November 2015 11:31 AM

ඔබ පියාට ශක්තියක් වන්න. (ර)

:       0       0

සමන් Wednesday, 04 November 2015 05:46 PM

රාජපක්ෂලාට ඒ කාලේ හොඳ ගෞරවයක් තිබුනා. පුතාලා දැන් ඔහොම කිව්වාට ඇත්ත කවුරුත් දන්නවා. (නි)

:       0       0

ගයාන් Tuesday, 03 November 2015 12:22 PM

දැන් ඉතින් ඔහොම කියමු. හැමදාම ජනතාව මුලා කරන්න බැහැ කියන එකවත් ඉගෙනගන්න.(හේ)

:       0       0

සමන් Tuesday, 03 November 2015 12:34 PM

හොඳ, නරක, යුතුකම් සහ අකටයුතුකම්... මේ සියල්ල සිදුවියයුතු ආකාරය දෙවියන් විසින් තීරණය කරාවි (නි)

:       0       0

හේමන්ත Tuesday, 03 November 2015 01:19 PM

රටට අවශ්‍ය වටිනා තරුණ නායකයෙක්. මම නම් කියන්නේ අපේ රටේ ජනතාවත්, ප්‍රගතිගාමී දේශපාලන පක්ෂත් එකතු වී විශාල කතිකාවතක් ඇතිකොට මිනිසුන් තුළ මහින්ද මහත්මයා සහ පවුලේ අය කෙරෙහි ඇතිකළ සැකය දුරලීමට කටයුතු කළයුතුයි යන්නයි. (නි)

:       0       0

චන්ද්‍රා Thursday, 05 November 2015 06:36 AM

වපුරපු විදියට තමයි අස්වැන්න එන්නේ. දන්නෝ දනිති... රටේ මෝඩ මිනිස්සු තාම ඉන්නවා.. තව අවරුදු 20 ක් විතර යනකොට රට වෙනස් වෙනවා... එතකොට බලමු.... (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 3391 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 383 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1026 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 92 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 180 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 235 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38929 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25522 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 306 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1029 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site