IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


අධිකරණය සහ විගඩම්

අධිකරණය පිළිබඳව අප තුළ පවත්නා ආකල්පය ධනාත්මක එකකි. එහෙම කියන්නේ දේවාලයක සිද්ධස්ථානයක හැසිරෙන සීරුවෙන් අධිකරණය හමුවේ හැසිරීමට අප හුරුවී සිටින නිසාය. කිසිදු චෝදනාවක් නඩුවක් නොමැතිව වුවත්  ඕනෑම කෙනකුට අධිකරණ පරිශ‍්‍රය හෙවත් උසාවිය වෙත යා හැකිය. එහෙත් එසේ යන්නා පවා චෝදනාවක් නඩුවක් සඳහා අධිකරණයට ගිය අයකු මෙන් එහි හැසිරිය යුතුව ඇත හෙවත් අධිකරණය කෙරෙහි අවනත විය යුත්තේය. තමන් පැමිණි කාරණය කුමක් වුවත් අධිකරණයෙහි පැවැතිය යුතු නිශ්ශබ්දතාව රැකිය යුතුවේ. එපමණක් නොවේ. අධිකරණය දෙන තීන්දු අවසානාත්මක ලෙස පිළිගත යුතුව ඇත. එය සමාජ වගකීමකට එහා ගිය නෛතික බැඳීමකි.


අප මෙසේ අධිකරණය කෙරෙහි අනුගතව හැසිරෙන ගිවිසුම හෝ හේතුව කුමක්ද? ඒ ගිවිසුම හෝ හේතුව සාධාරණත්වය පිළිබඳ අප තුළ පවත්නා විශ්වාසයයි. ඉහත කී ආකාරයෙන් අධිකරණය කෙරෙහි ජනතාව යටත්පහත්ව කොන්දේසි රහිතව අනුගතවන්නේ අධිකරණය නම් බිත්ති හතර අතර සාධාරණත්වය ඇත යන විශ්වාසයෙනි. එය හරියටම කිසි දිනෙක දෙවියන් දැක නැතද, දේවාලය කෙරෙහි පවත්නා ගරුත්වය භක්තිය වැනි සම්මතයට සමානය. දේවාල සිද්ධස්ථාන පවත්නේ යම් යම් විශ්වාසයන් නිසාය. එහි විශ්වාසය හරහා අප තුළ පූර්ව නිගමනය ඇතිවේ. බාරහාර වී තම වුවමනාවක් සපුරාගැනීමට පඬුරු බැඳීම පොල් ගැසීම සමහර විට ප‍්‍රාථමික හැසිරීමකි. ඒ ප‍්‍රාථමික හැසිරීම කලක් ගතවූ පසුව පූර්ව නිගමන නිර්මාණය කරයි. සෙත් කවියක් කී විට සාන්තියද, වස් කවියක් කී විට විනාසයද මිනිසා අපේක්‍ෂා කළේ ඇස පියාගෙනය. ආරක්‍ෂාව, ශාන්තිය පිණිස දේවාල ගානේ යන මිනිස්සු සාධාරණත්වය අපේක්‍ෂාවෙන් අධිකරණය වෙත යති.


මේ සියලූ තත්ත්ව අතර අධිකරණයේ පදනම වන නඩු අසන්නා තීන්දු දෙන්නා වන ගරු විනිසුරුවරයා ද මනුෂ්‍යයෙකු බව සමාජය මැනවින් දැන සිටියි. එකී විනිසුරුවරයාගේ ස්ත‍්‍රී පුරුෂ භාවය අධිකරණ පද්ධතියෙහි සැලකිල්ලට නොගැනෙයි. විනිසුරුවන්ගේ වර්ණය මහත දෙහෙත ප‍්‍රිය අප‍්‍රිය බව කිසි විටෙකත් සැලකිල්ලට ගන්නේ නැත. මනුෂ්‍ය දුර්වලතාවලින් අධිකරණය කිළිටි නොවේ. අධිකරණය කියන්නේ අධිකරණයටය. සකල මනුෂ්‍ය සමාජයම මේ ආකල්පය සහමුලින් දරාසිටිති.


ගෙවුණ නොවැම්බර් දෙසැම්බර් සහ ජනවාරි මාස කිහිපය අධිකරණයේ පැවැත්ම බෙහෙවින් අර්බුදකාරී විය. විවාදාත්මක විය. එමෙන්ම තීරණාත්මක විය. ඒ නිසාම ගමේ කඩ මණ්ඩියේ පවා මිනිසුන් අධිකරණය ගැන සිතන්නට බය දේවල් එලිපිට කතා කරනු අසන්නට ලැබිණ. ඒ අවස්ථාව පෑදුණේ දෝෂාභියෝගය නිසාය. දෝෂාභියෝගයෙහි අන්තර්ගත කරුණු චෝදනාය. දෝෂාභියෝගය ආරවුලක් වුණේ එකී චෝදනා විභාග කළ ආකාරය නිසාය. විනිසුරුවන්ට එරෙහිව චෝදනා නැගෙන්නේ කලාතුරකිනි. වරක් කෑගල්ලේ විනිසුරුවරයකුට එරෙහිව බරපතළ චෝදනාවක් නැගිණ. එනම් පක්‍ෂග‍්‍රාහී තීන්දු දෙන බවය. ඊට හේතුවුනේ විවාහක නීතීඥවරියක සමග පවත්නා අනියම් සබඳකමකි. එකී නීතීඥවරිය එවකට බලයේ සිටි ආණ්ඩුවේ කැබිනට් ඇමැතිවරයකුගේ භාර්යාව වීම විශේෂයකි. මේ කතාව ප‍්‍රදේශයේ කඩමණ්ඩි ගානේ පැතිර ගිය බව විපක්‍ෂ මන්ත‍්‍රිවරයෙක් පාර්ලිමේන්තුවේදී හෙළි කළේය. ඒ නිකම්ම නොවේ. ඒ සිද්ධිය සම්බන්ධ මිනිසුන්ගේ කතාබහ ඇතුළත් හඬ පටයක් පාර්ලිමේන්තුවේ වාදනය කරවීමෙනි. සිද්ධිය කෙළවර එකී විනිසුරුවරයාට ලැබුණේ ස්ථාන මාරුවක් පමණකි. එකී නීතීඥවරිය ඉන් පසුවත් නීතීඥ වෘත්තියේ නිරත වූවාය. මේ සිද්ධිය සිදුවෙලාවත් අධිකරණය පිළිබඳව පැවති මහජන විශ්වාසය පලූදු වුණේ නැත.


පී.ඇම්. ජයතිලක කලක් පත‍්‍ර කලාවේදියෙකි. ඔහු අද අප අතර නැත. පී.ඇම්. ජයතිලක පසුව අධිනීතීඥයෙකු වී කුරුණෑගල සේවය කළේය. ආසන්න වශයෙන් වසර 30 ගණනක් ජයතිලක කුරුණෑගල, මහව, පොළොන්නරුව, අනුරාධපුර, මහනුවර ආදී අධිකරණයන්හි සේවය කළේය. ඔහු විසින් ලියා පළකරනලද පොත්පත් රාශියකි. ඒ අතර සිය නීතීඥ අත්දැකීම් ඇතුළත් ‘‘නීතිය, යුක්තිය හා අධිකරණය’’ යනු අද දවසට ඉතා කාලෝචිත කියවීමකි. මනුෂ්‍යයන් විසින් පවත්වා ගෙන යනු ලබන අධිකරණය පිළිබඳ අපූරු තොරතුරු එහි ඇතුළත්වේ.


වරක් සමූපකාර මුදල් ගෙවීම් සම්බන්ධ නඩුවක චූදිත වෙනුවෙන් ජයතිලක මහතා පෙනී සිටියේය. නඩුව විභාග වුණේ කුරුණෑගල අධිකරණයේය. මෙම නඩුව කැඳවන විට වේලාව දහවල් එකත් පසුවී තිබිණ. සාමාන්‍යයෙන් මේ වන විට අධිකරණයක කවුරුත් සිටින්නේ වෙහෙසට පත්වෙලාය. අදාළ නඩුවේ පැමිණිල්ලේ පැවැති නීතිමය ඌනතාවයක් ගැන චූදිත වෙනුවෙන් විරෝධතා ඉදිරිපත් කිරීමට ජයතිලක මහතා සූදානම් විය. ඔහු තම අරමුණ විස්තර කරන්නට පටන් ගත්තා පමණකි.


”මොනවද විරෝධතා.....? ගෙවනවද නැත්ද.....? නැත්නම් හිරේ යනවද? විනිසුරුවරයා මාරාවේශවී නීතීඥයාගේ මුහුණට කඩා පැන්නේය. අර සමුපකාර නඩුවේ චූදිත අධිකරණයට ආවේ සාධාරණ විනිශ්චයක් අපේක්‍ෂාවෙනි. නඩු ඇසීම අධිකරණ ක‍්‍රියාවලියයි. හෙම්බත්වූ වෙලාවක නඩුව දිග්ගැසීම ගැන නඩු කාරයාට තදවීම හා නීතීඥයාට කෑගැසීම අධිකරණයේ ගෞරවය කෙළසීමකි.
ඉන්පසුව තම අත්දැකීම පී.ඇම්. ජයතිලක මහතා මෙසේ විස්තර කරයි. ”සාමාන්‍යයෙන් තැන්පත් කෙනකු ලෙස පිළිිගැනීමක් තිබූ කෙනකු වන විනිසුරුවරයා එසේ මගේ ඇඟට කඩාපැනීම ගැන බොහෝ අය විමතියට පත්විය. එහි සිටි ජ්‍යෙෂ්ඨ නීතීඥ ජෙරී පෙරේරා මහතා මේ සිද්ධිය ගැන තම විස්මය පළකළේය.


මට හරි පුදුමයි ඇයි පී.ඇම්.ගේ ඇඟට කඩා පැන්නේ කියලා. මොනවත් පරණ කෝන්තරයක්වත් තියෙනවාද? ජ්‍යෙෂ්ඨ නීතිඥ ජෙරී පෙරේරා කරුණාවෙන් විමසීය. එවැනි කෝන්තරයක් ගැන නම් මා කිසිවක් නොදන්නා බව මම ඔහුට කීවෙමි. එහෙත් එම විනිසුරු අසුන් ගන්නා එම මහේස්ත‍්‍රාත් අධිකරණයෙහි හෝ ඉන්පසුව උසස්වීම් ලැබ ඔහු රාජකාරී කරන්නාවූ වෙනත් අධිකරණයක හෝ කිසිම දිනෙක ඔහු ඉදිරියේ පෙනී නොසිටීමට මම තීරණය කළෙමි. මේ සිද්ධිය කියවන කෙනෙකු ඉතින් කාටද පාඩුයයි ජයතිලකට සිනාවෙන්නට පුළුවන. එහෙත් මේ සිද්ධියේදී ජ්‍යෙෂ්ඨ අධි නීතීඥ පී.ඇම්. ජයතිලක අර විනිසුරුවරයාට වඩා ගරුත්වයක් හිමිකර ගනී. ඒ විනිසුරුවරයා කැත කළ අධිකරණයේ ගෞරවය වෙනුවෙන් කළ කැපකිරීම හරහාය.


බොහෝ නීතීඥයන් සිය වෘත්තිය කටයුතු අතර, මෙවැනි අපහසුතාවන්ට මුහුණ දී ඇතිවාට සැක නැත. එහෙත් මෙවැනි අවස්ථාවල ජ්‍යෙෂ්ඨ අධිනීතීඥ පී.ඇම්. ජයතිලක මෙන් සමබර වීමට බොහෝදෙනකුට නොහැකිය. සමහර අවස්ථාවල සිය සේවාදායකයා වෙනුවෙන් නීතීඥයන් සණ්ඩු කරගන්නා අවස්ථාවන්ද නැතුවා නොවේ.


අනාචාර චෝදනාවක් නිසා දික්කසාද කළ කාන්තාවකට තම කුඩා දියණියද අහිමි වුවාය. දැරිය පියාගේ භාරයට පත්විය. තෙල්මන්ද මෝරා පවුල කඩාගත්තාට ඒ ගැහැනියගේ දරු සෙනෙහස සිඳීගොස් නොතිබිණි. ඒ නිසා මේ කාන්තාව දරුවාගේ භාරකාරත්වය ඉල්ලා නැවත උසාවි ගියාය. එහිදී ඇයගේ අනාචාරී පැවැත්ම නිසා කුඩා දැරියක භාරදිය නොහැකි බවට දැරියගේ පියා වෙනුවෙන් තර්ක කෙරිණි. එහෙත් විනිසුරුවරයා නඩුව ඇසුවාට වඩා කළේ දැරියගේ මව වෙනුවෙන් කරුණු කීමය. මේ ගැන දැරියගේ පියා සිය නීතීඥයාට රහසක් කීවාය.


”සර් මං වෙනුවෙන් මහන්සි වෙනවා. ඒත් ටිකක් පරෙස්සමින්’’. එසේ කී දැරියගේ පියා අපූරු රහසක් හෙළිකළේය. සිය බිරිය පෙම්වතා සමඟ පැන යනවිට ඔවුන් වාසය කළේ බිරියගේ නිවසේය. තම දෝණිය කළ අවමානය ගැන කිපුණු බිරියගේ පියා අවශ්‍ය නීති උපදෙස් ගන්න බෑනා සමග ගියේ ඥාතියකු වන වෙනත් විනිසුරුවරයකු වෙතය. දික්කසාද නඩුව පවරා ටික කාලයකින් අප්පලා දුවලා නැවත එක්විය. බෑනා තනිවිය. ඉන්පසුව අර විනිසුරුගේ කරුණාව පීළි පනින්නට ඇත. ඊළඟ නඩු දිනයේ විනිසුරුතුමා සතියක් ඇතුළත දැරිය මවවෙත භාර දෙන ලෙස යෝජනා කළේය. දැරියගේ පියාගේ නීතීඥයා සතියට රාත‍්‍රි දෙකක් දැරිය මවට භාරදීමට එකඟ විය. ඒ විනිසුරුගේ වදයෙන් බේරෙන්න බැරි තැනය.


මේ තත්ත්වය සමතයක් නොව ගරු අධිකරණයට අවනත වීමක් ලෙස සටහන් කරන්නැයි දැරියගේ පියාගේ නීතීඥයා ඉල්ලා සිටීමට අමතක කළේ නැත. ඊළඟ නඩු දිනයේ දැරිය මාසයක් අම්මා වෙත නතරකිරීමේ යෝජනාවක් ඉදිරිපත් විය. දැරියගේ පියාගේ නීතීඥයා ඊට මුළුමනින්ම එරෙහි විය. ඔහු දැරිය රාත‍්‍රි දෙකක් දැරිය මව භාරයේ තැබීම නිසා මතුව ඇති අහිතකර තත්ත්ව අධිකරණයට විස්තර කරන්නට විය.


”මේ තැනැත්තිය තමාගේ දෙවැනි සැමියාට අප්පච්චි කියන්න කියලා මේ දැරියට බලකරන බවට පැමිණිලි තියෙනවා’’. නීතීඥයාට බාධා කරමින් විනිසුරුතුමා හඬ අවදි කළේය.


”ඉතින් ළමයාට අප්පච්ච්ලා දෙන්නෙක් ඉන්න එක කොච්චර හොඳද?’’ නීතිය සදාචාරය තම රස්සාව පසාරු කරගෙන විනිසුරුගේ කට ඉස්සර විය. කටකාර නීතීඥයාට තැන නොතැන අමතකවිය.


‘‘ස්වාමීනි, මේ රටේ සදාචාරය අනුව අප්පලා දෙන්නෙක් ඉන්න දරුවන්ට කියන්නේ අහවලීගේ දරුවා කියලා. මේ අහිංසක දරුවා අධිකරණයකදීවත් එහෙම ලජ්ජාවට පත්වීම අපරාධයක්. ඒ වුණාට මේ දැරියගේ අම්මා දික්කසාද තීන්දුවකින් ඒ සම්මානය ලබාගෙන තියෙනවා’’. තමන් කී කතාවේ බරපතලකම වැටහුණු විනිසුරුවරයා වහා නඩුව කල් තැබීය. මේ වචන හුවමාරුව හරහා ඉස්මතුවන්නේ විනිසුරු අසුන සමබර නොවූ අවස්ථාවක් මිස අධිකරණය හෑල්ලූවීමක් නම් නොවේ.


සමහර විනිසුරුවන් මෙසේ හාස්‍යයට ලක්වුණාට අධිකරණය පළි නැත. එහෙත් කිසිවකු මේ නිසා අධිකරණයට හිනාවීම නම් මහා අපරාධයකි. හේතුව සාධාරණය ඉටුවේයයි අපේක්‍ෂා කරන අධිකරණය කෙළෙසීමේ අවාසිය අවදානම විඳින්නේ සාමාන්‍ය මිනිසා නිසාය.

 

නීතීඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න විසිනි



අදහස් (0)

අධිකරණය සහ විගඩම්

ලාල් Tuesday, 05 February 2013 06:49 PM

හොද ලිපියක්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ඡන්දයේදී උතුර කොයිබටද?
2024 සැප්තැම්බර් මස 07 1067 0

ලබන 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ දී උතුරේ ප්‍රධාන දෙමළ දේශපාලන පක්ෂය ලෙස සැලකෙන ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂය සමඟි ජන බලවේගයේ නායක සජිත්


ඕස්ට්‍රේලියාවේ යළි ඉපදුණ එංගලන්තයේ ඩයනා කුමරිය
2024 සැප්තැම්බර් මස 06 4556 1

බිලී කැම්බල් ඕස්ට්‍රේලියාවේ, ඇඩිලේඩ් නගරයේ ජීවත් වන අට හැවිරිදි පොඩ්ඩෙකි. දිනක්, බිලී ඔහුගේ මවටත් පියාටත් පැවැසුවේ පෙර ආත්මභවයේ තමන් බ්‍රිතාන්‍යයේ ඩ


ජනපතිවරණ සාකච්ඡා තේමාව
2024 සැප්තැම්බර් මස 06 124 0

ජනාධිපතිවරණයට තවත් ඇත්තේ දින 15ක් පමණ කාලයකි. තැපැල් ඡන්දය පාවිච්චි කිරීම අදින් අවසන් වීමට නියමිතය. සාපේක්ෂක වශයෙන් මෙවර ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා ක


පාන්තිය විහාරය හැඩකළ සාර්ලිස් මාස්ටර්
2024 සැප්තැම්බර් මස 05 510 1

බස්නාහිර පළාතේ, කළුතර දිස්ත්‍රික්කයේ බටහිර පස් යොදුන් කෝරලයේ ඉද්දගොඩ පත්තුවේ, මතුගම සුළු නගර සභා සීමාව තුළ “පාන්තිය’’ නමැති සුප්‍රසිද්ධ ග්‍රාමවරයෙහ


ඡන්දයේ ජනමතය ප්‍රභූමතය
2024 සැප්තැම්බර් මස 05 411 0

මේ වසර අපේ රටේ පමණක් නොව ලෝකයේ බොහෝ රටවල මැතිවරණ පැවැත්වෙන වසරක් බවට පත්ව තිබේ. මෙම මස 21 වැනිදා අපේ රටේ ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ සමාජ ආර්ථික දේශපාලන ව


බොරැල්ලේ කෝවිද හිමි
2024 සැප්තැම්බර් මස 04 1679 1

අපවත් වී වදාළ බොරැල්ලේ කෝවිද හිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද (4) සවස 4.00ට කොළොන්නාව පුරාණ රාජමහා විහාරස්ථානයේ දී සිදු කෙරේ.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site