කළුතර පස්දුන් රට අධ්‍යාපන විද්‍යා පීඨයේ ගුරු සිසුන්ට ප්‍රමාණවත් ආහාර සැපයීමක් නොකරන බවත්, සිසුන් සියයක් පමණ රෝගාතුර වී ඇති බවත් පසුගිය දිනෙක අප පුවත්පත වාර්තා කළේය. දිනකට එක් සිසුවකු සඳහා රජයෙන් වෙන් වී ඇති මුදල රුපියල් පනස් තුනක් වීම නිසා මෙම ගැටලුව මතු වී ඇති බවත් මේ වන විට පරිශ්‍රයේ කොස් ගස්වල ගෙඩි කඩා පිස ගෙන ඔවුන්ට කුසගින්න නිවා ගැනීමට සිදුවී ඇති බවත් එම පුවතේ සඳහන් වෙයි.
මෙරට විද්‍යාපීඨ ආරම්භ වූයේ 1985 වසරේදීය. විද්‍යායතන පනත අනුව ඒවා පිහිටවනු ලැබිණි. මහවැලි පස්දුන් රට සියනෑ යාපනය මඩකලපුව හාපිටිගම වයඹ නිල්වලා රුහුණු ඇතුළු විද්‍යා පීඨ දහනමයක් මේ වනවිට ක්‍රියාත්මක තත්ත්වයේ පවතී.
මේ වන විට මේවායේ පාලනයත් යටිතල පහසුකම් සංවර්ධනයත් සිදු කරන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයේ විද්‍යා පීඨ කොමසාරිස් යටතේ ඇති විද්‍යා පීඨ ශාඛාවෙනි. ජාතික අධ්‍යාපන පීඨවල කළමනාකරණ කටයුතු මෙහෙයවීම භාර වන්නේ අධ්‍යාපන විද්‍යා පීඨ ශාඛාවටමය.
අධ්‍යාපන විද්‍යා පීඨ ශාඛාවේ දැක්ම වන්නේ සෑම දරුවකුටම ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීමේ අරමුණ ඉටුකර ගැනීමට අවශ්‍ය වෘත්තිය නිපුණතා වලින් සන්නද්ධ ගුරුවරයකු පාසල් පද්ධතියට බිහි කිරීමයි. එහි මෙහෙවර ප්‍රකාශයේ දැක්වෙන්නේ වෘත්තීය නිපුණතා වලින් සන්නද්ධ ගුරුවරයකු පාසල් පද්ධතියට බිහි කිරීම සඳහා ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ මෙහෙයවීමයි.
ගුරු සිසුනට පූර්ණ නේවාසික පහසුකම් හා ආහාර සැපයීම වෙනුවෙන් රජය විශාල පිරිවැයක් දරන බවත් එක් අවුරුද්දක සීමාවාසී ගුරු පුහුණුව ලබන ගුරු ශිෂ්‍යයන් සඳහා රුපියල් 5000ක මාසික දීමනාවක් රජය මගින් ලබාදෙන බවත් 2019 වසරේ සටහනක දැක්වේ.
දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීමේ උදාරතර අරමුණෙන් ගුරු සේවාව පුහුණු වන සිසුන් නිසි පෝෂණය නොලබා කුසගින්නේ කටයුතු කරන බව ඉහත පුවතින් අනාවරණය වේ. නිසි පෝෂණය නොලැබීම නිසා ප්‍රතිශක්තිකරණය දුර්වලව ගොස් ඔවුන් රෝගාතුර වී ඇති බව ද එයින් හෙළිදරව් වේ.
දිනකට ඔවුන්ගේ ආහාර සඳහා වෙන්ව ඇති මුදල රුපියල් පනස් තුනක් යන්න ඉමහත් විමතියක් හා සංවේගයක් දනවන ආරංචියකි. රුපියල් 53කට දිනක ආහාර වේල සපයා ගැනීමට තබා රොටියක් කන්නටවත් ප්‍රමාණවත් නොවන මුදලක්ය යන්න අමුතුවෙන් කිව යුතු නැත. අධ්‍යාපනය සඳහා දළ ජාතික නිෂ්පාදනයෙන් සියයට හයක් වෙන් කරන ලෙස කරන ඉල්ලීම දැන් දශකයකටත් වඩා කාලයක් තිස්සේ විද්වතුන් විසින් කරන ඉල්ලීමකි. 2023 අයවැයෙන් ද එම ඉල්ලීම ඉටු වී නැත.
විෂය හදාරන පාසල් සිසුවාට මෙන්ම ගුරු සිසුවාට ද ප්‍රමාණවත් ආහාර නොලැබීමෙන් සිදුවන්නේ ධාරණ ශක්තිය හීන වී යාමකි. කුසගින්නේ විෂය හැදෑරීම සඳහා අවශ්‍ය අවධානය තබාගත නොහැකිය. ගුරු සිසුනට ගස් නැග කොස් කඩා එදිනෙදා වේල සපයා ගැනීමට සිදු වීමේ අවාසනාව පිළිබඳව ඔවුන්ගේ පාලනය භාර අධ්‍යාපන විද්‍යා පීඨ ශාඛාව ලජ්ජාවට පත්විය යුතුය. කුසගින්නේ ගස් ගෙඩි කඩන පිරිසක් සමඟ ඔවුන්ගේ දැක්ම හා මෙහෙවර කෙසේ සාර්ථක කරගන්න ද?
ගුරු සිසුන්ගේ විෂය මාලා සම්බන්ධ වෙනස් කිරීම් කිරීමට පෙර ඔහුගේ කුසගින්න නිවා දැමීම ඉතා වැදගත්ය. ඔවුන්ට වැළඳී ඇත්තේ රෝග අතුරින් දරුණුම රෝගයයි.
ගුරු සිසුන්ගේ මූලික ප්‍රශ්නය විසඳීමකින් තොරව අධ්‍යපන කටයුතු දිගටම කරගෙන යාමෙන් සිදුවන්නේ එක් අතකින් සම්පත් නාස්තියකි. උගන්වන දේ ග්‍රහණය කර ගැනීමට අවශ්‍ය මානසික ශක්තිය පිරිහී ගිය අයට ඉගැන්වීමෙන් සිදුවන්නේ, අපතේ යන දේශන හා අධ්‍යාපන ක්‍රියාකාරකම් උදෙසා නිරපරාදේ මුදල් වැය වැය කිරීමකි.
පස්දුන් රට විද්‍යා පීඨය, විද්‍යාපීඨ දහනවයෙන් එකක් වන නිසා අනෙකුත් විද්‍යා පීඨවල සිසුන්ගේ තත්ත්වය විමසා බැලීමට වගකිවයුත්තන් මේ අවස්ථාවේ දී උත්සුක විය යුතුය. මෙය මතු පරපුරේ අධ්‍යාපනයට පවා වක්‍රව බලපාන ගැටලුවක් බැවින් වගකිවයුත්තන් කඩිනමින් මෙම ප්‍රශ්නයට මැදිහත් වී සිසුන්ගේ මූලික ආහාර අවශ්‍යතා පිරිමසාලීම මුලින්ම කළ යුතුය.
(***)
පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස
අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ
මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත
හාරඹ වලව්ව බලපිටියේ පිහිටි වලව් අතරින් පැරැණිතම වලව්වකි. සිංහල, පාළි, සංස්කෘත, ඉංග්‍රීසී හා ලතින් භාෂා මැනැවින් දැන සිටි ලුවී ද සොයිසා විජයසේකර ජයතිල
මෙවර ජනාධිපතිවරණය මෙරට මැතිවරණ ඉතිහාසයෙහි පැවැති ඉතාම සාමකාමී මැතිවරණයකි. ඒ නිසාම එම සාමකාමී පරිසරය ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන්ගේ ප්‍රසාදයට ලක්
විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක වන තලල්ලේ චන්දකිත්ති හිමියන්ගේ පැවිදි දිවියට අදට (25) වසර 36ක් සම්පූර්ණ වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අධ්‍යාපන පීඨ ගුරු සිසු ආහාර වේල ගැන යළි යළිත් සිතමු
Ravindu Thursday, 01 June 2023 03:10 PM
ඕකේ, ඉස්සර හිටියා සෙනෙවිරත්න කියලා කෙනෙක්... ළමයින්ගේ කෑමට පාස් වෙන ගානෙන් ඉතුරුකරලා food pack කියලා එකක් දුන්නා. ඒක ගන්න ඕන වැඳලා... හරියට එයාගේ අම්මගෙ බූදලෙන් සල්ලි පාස් කරලා වගේ. එතකොට චන්ද්‍රදාස, ෆොන්සේකා ගෑනු පෙරේතයින් දෙන්නා තාම ඉන්නවාද යහතින්?
L.G.K.Liyanage Thursday, 01 June 2023 07:34 PM
ඉතා වටිනා ඉදිරිපත් කිරීමක් වේ. කාලෝචිත ගැටලුවක්... පුලතිසිපුර විද්‍යාපීඨය ද ඔයා හා සමාන තත්වයකට මුහුණ දී ඇත. අනිවාර්යයෙන්ම අවධානය යොමුකළ යුතු ගැටලුවකි.
Ana Thursday, 01 June 2023 10:08 PM
මෙයට වසර 30 කට පෙර මා විද්‍යපීඨ ශිෂ්‍යයකු ලෙස මසකට රු 1000ක මුදලකට සෑම වේලකටම මස් හෝ මාලු සමග හොඳ කෑමවේල් තුනක් ලැබුණා. ෆුඩ් කොමිටිය කළේ ශිෂ්‍යයින්මයි...
sam Friday, 02 June 2023 03:29 PM
රුපියල් පනස් තුනකින් දවසක ආහාර සපයා ගන්න පුළුවන්. බොරු නම් බන්දුල ගුණවර්ධන වගේ උගතෙකුගෙන් අහලා බලන්න. හතර දෙනෙකුගේ පවුලට මාසික වියදම රු. 2500යි. එක් අයෙකුට දිනකට වියදම, (2500/30)/4 = 20.83. හරි නම් මේ කියන රුපියල් 53, රුපියල් විස්සකට අඩු කරන්න ඕනෑ..