IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


අධිවේගී මාවතේ හෙමින් පයින් ගිය මිනිස්සු

කරත්තයෙන් ගුරු පාරේ ගාට ගාට ගිය යුගයේ  සිට තාර දමා කාපට් පාරේ  ගමන් කළ යුගය ද පසු කරමින්  අද  මෙරට අධිවේගී යුගයකට අවතීර්ණව ඇත. ශ‍්‍රී ලංකාවේ ගමනාගමන ඉතිහාසයට අලූත් පිටුවක් පෙරළමින් මේ වනවිට මෙරට අධිවේගී මාර්ග පද්ධතියක්  ඉදිවෙමින්  පවතී.   මෙරට ගමනාගමනයේ  අභිමානය කියපාන තවත් එවන් කඩ ඉමක් පසු කරන  අද දිනයේ  ශ‍්‍රී ලංකාවේ දෙවැනි අධිවේගී මාර්ගය වන කොළඹ කටුනායක අධිවේගී මාර්ගය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් අද  ජනතා අයිතියට පැවරේ.

 

කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය නැරඹීමට ආ සිසු සිසුවියෝ

 

ශ‍්‍රී ලාංකික ජනතාවට තවත් නැවුම් අත්දැකීමක් ලබා දෙන අද වන් දිනක මෙරට ගමනාගමන ඉතිහාසයේ තවත් සංධිස්ථානයක් ලෙස   කොළඹ කටුනායක අධිවේගී මාර්ගය හැඳින්විය හැකිය.

දකුණු ලකේ අග නගරය වන ඓතිහාසික ගාලූ පුරවරයේ සිට කොළොම් තොට දක්වා කැන්දාගෙන ආ ඒ අධිවේගී මනමාළිය කොළඹ කටුනායක දක්වා නව මනමාළියක් ලෙස සැරසී මෙරට ජනතාවට පමණක් නොව විදේශීයයන්ට ද නව පහසුකම් සැලසීමට අද  සූදානමින් සිටී. එදා  කැලණි පාලම යටින් අපට   සුන්දර දසුන් පිළිබඳ කතා අසන්නට හෝ දකින්නට  හෝ ලැබුණේ නැත.  එහෙත් වර්තමානය එය  වෙනස් කරමින්  මෙදා කැලණි පාලම මතින් දිස්වන්නේ  සැප දැනෙන, සුව දැනෙන දසුනකි. ඒ කොළඹ කටුනායක අධිවේග මාර්ගයයි.

එය විවෘත කිරීමට මත්තෙන්  එහි  සුන්දරත්වය රිසි සේ  විඳගැනීමට දහස් ගණන් ජනයාට  දින තුනක කාලයක්  අධිවේගී මගෙහි ඔබ මොබ අවිද යාමට අවස්ථාව  උදා විය.

එහි  ප‍්‍රථම දිනයේදීම ගම් දනව්වල සිට කොළඹට ඇදී හා  කුඩා දරුවාගේ සිට වැඩි මහල්ලා දක්වා අධිවේගී මගට පිවිසියේ මහත් වූ අභිමානයෙනි. පසුගිය අගහරුවාදා  උදෑසන සිට පෑලියගොඩ සහ කටුනායක  ප‍්‍රධාන පිවිසුම් මාර්ගවලින් අධිවේගී මාර්ගයට ඇතුළු වූ දහස් ගණන් ජනතාව ඉතා උනන්දුවෙන් සිත් සේ එහි පයින් ගමන් කරනු දැකිය හැකි විය.  ඒ  ආ ගිය දරුවන්ගේ මෙන්ම වැඩිහිටියන්ගේ දෙනෙත්වල ලියවී තිබුණේ නැවුම් බලාපොරොත්තුවකිි.
බොහෝ තරුණ, තරුණියව් පාපැදිවලින් ගමන් කළ අතර අධිවේගී මාර්ගය අයිනේ ඇති කළපුවට බැස විනෝද වන පිරිස්ද මග  දෙපස රුක් සෙවණේ රැුඳෙමින්  එහි කාලය ගතකරන පිරිස් ද අධිවේගී මගෙහි සංචරය කළ අපට ද  දැකගත හැකි විය. මෙම තෙදින තුළ අධිවේගී මාර්ගයට පැමිණෙන ජනතාව වෙනුවෙන්  අධිවේගී මාර්ගය හරහා දිවීමේ මැරතන් තරග, ඇවිදීමේ තරග සහ පාපැදි තරග,  සරුංගල් තරග,  තිරික්කල් ධාවන තරග,  මීගමුව කළපුවේ තෙප්පම් තරගය සහ මීගමු ත‍්‍රිරෝද රථ  තරග ඇතුළු තරග රැුසක් ද විවිධ සංස්කෘතික අංග සහ වැඩසටහන් ගණනාවක්  ක‍්‍රියාත්මක විය.  

ජනතාවට විවෘත වූ ප‍්‍රථම දිනයේදී තරගකරුවන් 3,000 කගේ සහභාගිත්වයෙන් ආරම්භ වූ දැවැන්ත මැරතන් තරගය ජාඇල  ප‍්‍රදේශය සමීපයට එක් රැුස් වූ පාසල් සිසු දරු දැරියන් දහසකට ආසන්න පිරිසකගේ උණුසුම් පිළිගැනීමට ලක්විය. මෙම තෙදින සියලූ සංස්කෘතික අංග සහ ජන ක‍්‍රීඩා ආර්ථික සංවර්ධන අමාත්‍ය  බැසිල් රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි බස්නාහිර  පළාත් ප‍්‍රධාන අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග සහ නිවාස හා  ඉදිකිරීම්  නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න සහ  පළාත් අමාත්‍ය   නිමල් ලන්සා මහත්වරුන්ගේ   මෙහෙයවීමෙන්  ක‍්‍රියාත්මක විය.

 

කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ දර්ශනීය ස්ථාන.

 

කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ජනතා අයිතියට පැවරීමෙන්  අනතුරුව  අද පස්වරු දෙකේ සිට වාහන ගමනාගමනය සඳහා විවෘත වෙයි. අදින් පසු මෙහි ත‍්‍රිවිලර්, මෝටර් සයිකල්, බයිසිකල්, ට‍්‍රැක්ටර්, කරත්ත ඇතුළු කිරීමට නොදෙන අතර පදිකයන්ට ද තහනම් වෙයි. කොළඹ කටුනායක අධිවේගී මාර්ගය කැලණි පාලම ආසන්නයෙන් ආරම්භවී කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ පිවිසුම් මාර්ගය ආරම්භ වන ස්ථානයෙන් අවසන් වේ.

කොළඹ -  කටුනායක අධිවේගී මාර්ගයේ දිග කිලෝමීටර් 26ක් වන අතර එහි  පැයට කිලෝ මීටර්  100 ක උපරිම වේගයකින් ගමන් කළ හැකිය. පෑලියගොඩ සිට කටුනායකට යෑමට ගතවන්නේ විනාඩි 20කි. මන් තීරු හතරකින් යුත් මෙම මාර්ගය  අන්තර් හුවමාරු මධ්‍යස්ථාන 04 කින් සමන්විතය.  ඒ  පෑලියගොඩ, කෙරවලපිටිය, ජා - ඇළ සහ කටුනායකයි. කෙරවලපිටියේදී ඉදිවෙමින් තිබෙන පිටත වටරවුම් මාර්ගයට සම්බන්ධ වන මාර්ගයේ දුර කිලෝ මීටර් 25 කි.

ජාත්‍යන්තර ප‍්‍රමිතියට  අනුව නවීන තාක්ෂණය  භාවිත කරමින් මෙහි පරිපාලන කටයුතු කෙරෙන අතර  මාර්ගය දෙපස සවිකළ ඩිජිටල් පුවරු මගින් ප‍්‍රදේශයේ කාලගුණික තත්ත්වය පිළිබඳවත් මාර්ගය පිළිබඳවත් දැනුම්වත් කෙරේ. දක්ෂිණ අධිවේගී මාර්ගයට වඩා මෙහි මන්තීරු පළලින් වැඩිවන අතර ප‍්‍රධාන මන්තීරු දෙපසින් ඇති තිරු මීටර් තුනක් පළලකින්  නිමකොට ඇති නිසා හදිසි ආපදාවකදී  ඕනෑම වාහනයක් පහසුවෙන් නැවැත්විය හැකිය.

යම් අනතුරක් හෝ වාහනයේ දෝෂයක් ඇති  වූ  විටදී  මාර්ගයේ තැනින් තැන දුරකතන කුටි සවිකර තිබීමෙන් හදිසි ආපදාවකදී 1969 ට කතා කර දැනුම් දිය හැකිය. මීට අමතරව ගිනි නිවන ඒකකයක්, පොලිස්  සහ ආපදා සේවාවක් ද මෙහි විසිහතර පැයේම  ක‍්‍රියාත්මක වෙයි. පෑලියගොඩ  ආරම්භක ස්ථානයේ සිට ගමනාන්තය වන  කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ දක්වාම මාර්ගය දිගටම විදුලි පහන්  සහ ආරක්ෂිත කැමරා සවි කර ඇත.  එය විශේෂයෙන් රාත‍්‍රි කාලයේදී   කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ භාවිත කරන මෙරට ජනතාවට මෙන්ම විදේශකයන්ට ද මහත් පිටුවහලක් වනු ඇත.

මාර්ගය මැද තීරුවක පෑලියගොඩ සිට කටුනායක දක්වාම විසිතුරු මල් පැළ වවා ඇත. මෙහි බොහෝ තැන්වල එකම වර්ගය මල් පැළ සිටුවා තිබීම ද විශේෂත්වයකි. හැත්තෑව දශකයේ මුල් භාගයේදී මෙහි ඉදිකිරීම් කටයුතු අරඹා තිබූ අතර පසුව විවිධ හේතු මත අධිවේගී මාර්ගයේ ඉදිකිරීම්  අතරමග නතරවී තිබේ.  පසුව ආර්ථික සංවර්ධන අමාත්‍ය   බැසිල් රාජපක්ෂ මහතාගේ ඍජු මැදිහත්වීම මත මෙහි ඉදිකිරීම් කටයුතු වසර 2009 දී ආරම්භ කළ අතර වසර 05ක් ඇතුළතදී එය නිමකර ඇත.

චීන ණය ආධාර යටතේ මෙය ඉදිවී ඇති අතර වැයවී ඇති මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන තුන්සිය පනහකි.

කොළඹ  කටුනායක අධිවේගී මාර්ගයේ වාහන කාණ්ඩ 04ක් යටතේ ගාස්තු අය කෙරේ. ඒ අනුව කටුනායකxකොළඹ අධිවේගී මාර්ගයේ පෑලියගොඩ සිට කටුනායක දක්වා මෝටර් රථ, ජීප්, කැබ් හා සැහැල්ලූ වාහන කාණ්ඩය ඇතුළුවීම සඳහා රුපියල් 300ක්ද ආසන 9ක් සහිත මගී  ප‍්‍රවාහන වෑන් රථ සහ ආසන 9 සිට 33 දක්වා වූ බස් රථ සඳහා පෑලියගොඩ පිවිසුමේ සිට ජා ඇළ දක්වා රුපියල් 350ක් ද, ජා ඇළ සිට කටුනායක දක්වා රුපියල් 300ක් ද පෑලියගොඩ සිට කටුනායක දක්වා රුපියල් 450ක් ද අය කෙරේ.

ආසන 33 වැඩි බස් රථ, ඇක්සල් දෙකේ රෝද 6ක් සහිත ලොරි රථ සහ ඇක්සල් 3ක් සහිත  ට‍්‍රක්  රථ (කිලෝ 17000ට වැඩි) සඳහා පෑලියගොඩ සිට කටුනායක දක්වා රුපියල් 600ක් ද, පෑලියගොඩ සිට  ජාxඇළ දක්වා රුපියල් 400ක් ද ජාxඇළ සිට කටුනායක දක්වා රුපියල් 300ක් ද අය කෙරෙනු ඇත.
එකට ඈª මෝටර් කෝච් දෙකක් සහිත බස් රථ, ඇක්සල් 2ක් සහිත බස් රථ, ඇක්සල් 4ක් හෝ ඊට වැඩි සියලූ රථ සඳහා පෑලියගොඩ සිට කටුනායක දක්වා රුපියල් 800ක් ද, පෑලියගොඩ සිට ජාxඇළ දක්වා රුපියල් 600ක් ද ජා-ඇළ සිට කටුනායක දක්වා රුපියල් 300ක් ද අය කෙරේ.

මහා මාර්ග අමාත්‍යංශය පවසන්නේ මෙම මාර්ගයට අනවසරයෙන් පිවිසෙන පුද්ගලයින්ට උපරිම දඩ වශයෙන් රුපියල් ලක්ෂයක මුදලක් පනවන බවයි. මේ වනවිට ශ‍්‍රී ලංකාවේ අධිවේගී මාර්ග පද්ධතියක් ඉදිවෙමින්  පවතී.  කොළඹ නගරයේ  දැනට තිබෙන මාර්ග තදබදය අවම කරමින් කොළඹ තදාසන්නයේ ඉදිකරමින් තිබෙන අධිවේගී මාර්ගවලට පහසුවෙන්  ප‍්‍රවේශ වීමේ අවස්ථාව ලබාදෙන ගුවන් අධිවේගී මාර්ග කිහිපයක් 2018 වසර අවසන් වනවිට ජනතා අයිතියට පත්කිරීමට රජය සැලසුම් කර තිබේ. එය කොට්ටාවේ සිට කිරුළපන දක්වාත්, බේස්ලයින් මාර්ගයේත්, කැලණිය පාලම උඩින් දිවෙන ලෙසත් මෙම ගුවන් අධිවේගී මාර්ග ඉදිකිරීමට සැලසුම් කර ඇත. මීට අමතරව කොළඹ නගරයේ රථ වාහන තදබදය අඩු කිරීම සඳහා ඔරුගොඩවත්තේ සිට කොස්වත්ත දක්වා අධිවේගී මාර්ගයක් ඉදිකිරීමට යෝජනා වී ඇත.   මෙය කනුමත ඉදිවන අධිවේගී මාර්ගයක් වන බව පැවසේ.  මෙහි දුර කිලෝ මීටර් 08 ක් පමණ වනු ඇත.

මේ වනවිට, කොළඹ පිටත වටරවුම් මාර්ගය  ගොඩනගමින් තිබෙන අතර  එය කටුනායක අධිවේගී මාර්ගයට සම්බන්ධ වන්නේ කෙරවලපිටියේදීයි.  පිටත වටරවුම් මාර්ගයේ කොට්ටාවේ සිට කඩුවෙල දක්වා කොටස ලබන දෙසැම්බර් මාසයේදී පමණ විවෘත කිරීමට නියමිතය. පිටත වටරවුම් මාර්ගයේ කඩුවෙල සිට කෙරවලපිටිය දක්වා කොටස විවෘත  කිරීමට හැකි වන්නේ 2015 වසරේදී බව පැවසේ.

මිට අමතරව පාමංකඩ සිට කොට්ටාව දක්වා අධිවේගී මාර්ගයක් ඉදිකිරීමට යෝජනාවක් තිබෙන අතර  ඒ පිළිබඳව තවමත් අධ්‍යයනය  කරමින් සිටිති.
දකුණු අධිවේගී මාර්ගයේ ගාල්ල පින්නදුවේ සිට මාතර ගොඩගම දක්වා කොටස ළඟදීම විවෘත කෙරෙන අතර  එම මාර්ගය මාතර සිට මත්තල ගුවන් තොටුපොළ දක්වා ඉදිකිරීම් ආරම්භ කිරීමට නියමිතය. ලබන වසරේදී උතුරු අධිවේගී මාර්ගයේ වැඩ කටයුතු ආරම්භ කිරීමට රජය සැලසුම් කර ඇත. ශ‍්‍රී ලංකාවේ අධිවේගී මාර්ග පද්ධතිය බිහිවූ පසු මෙරට සුන්දරත්වය තව තවත් වැඩි වෙනු ඇත. එපමණක් ද නොව  රියදුරන් නීති ගරුකව මන්තීරුන් නීති පිළිපදිමින් ගමන් කළහොත් මෙහි උපරිම ප‍්‍රතිඵල නෙළාගත හැකිවනවා පමණක් නොව අනතුරු ද අවම කර ගත හැකිය.

 

අධිවේගී මාර්ගය නැරඹීමට පැමිණි පිරිස්.

 

 



අදහස් (0)

අධිවේගී මාවතේ හෙමින් පයින් ගිය මිනිස්සු

මහින්දරක්න ශී ෂෙල්ස් Tuesday, 29 October 2013 11:11 PM

මුදාගත් දේශයේ ගැලවුම්කරැවානෙනි, ඔබේ අනසක චිරාත් කාලයක් මවිබිම පැතිරේවා.(නදී)

:       0       0

සදුනි Tuesday, 29 October 2013 02:42 AM

ඉරිසියාව රුසියාවටත් වැඩ ලොකුයි කියලා ලිපියේ ප්‍රතිචාර අනුව පෙනෙනවා. ලංකාවට ජයවේවා. (නි)

:       0       0

ප්‍රේමදාස Sunday, 27 October 2013 03:35 PM

ලංකාවේ මිනිසුන් අධිිවේගී මාර්ග දැකලම නැහැ. (නි)

:       0       0

ශාන සෞදි Sunday, 27 October 2013 11:48 PM

මෙම මාර්ගයේ සිංහ කොඩිය දකින්නට නැත්තේ ඇයි? වරාය සමාරම්භක උත්සවයේත් එය දකිනට නොලැබීම යනුවෙන් අදහස් වන්නේ කුමක්ද? අපට පුතේ මගක් ඇතේ කිවුවට, ළගදීම එහෙත් නුඹට රටක් නැතේ යන්න එකතු කිරීමට වැඩි කලක් ගතනොවනු ඇත. (නි)

:       0       0

පැංචි Monday, 28 October 2013 12:02 AM

ගමන පයින් අධිවේගේ... පැයට දම්වැලයි වේගේ...// මේකයි අපේ බර බාගේ .... පැයට සැතපුමයි වේගේ ..// බි.ඇම්.ඩබ් එකට නැගලා.. ලෙල්ලට සීයට පාගලා ඔයාලා ... පැයෙන් හඳට යනට හදනවා... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ඡන්දයේදී උතුර කොයිබටද?
2024 සැප්තැම්බර් මස 07 1316 0

ලබන 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ දී උතුරේ ප්‍රධාන දෙමළ දේශපාලන පක්ෂය ලෙස සැලකෙන ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂය සමඟි ජන බලවේගයේ නායක සජිත්


ඕස්ට්‍රේලියාවේ යළි ඉපදුණ එංගලන්තයේ ඩයනා කුමරිය
2024 සැප්තැම්බර් මස 06 4687 1

බිලී කැම්බල් ඕස්ට්‍රේලියාවේ, ඇඩිලේඩ් නගරයේ ජීවත් වන අට හැවිරිදි පොඩ්ඩෙකි. දිනක්, බිලී ඔහුගේ මවටත් පියාටත් පැවැසුවේ පෙර ආත්මභවයේ තමන් බ්‍රිතාන්‍යයේ ඩ


ජනපතිවරණ සාකච්ඡා තේමාව
2024 සැප්තැම්බර් මස 06 127 0

ජනාධිපතිවරණයට තවත් ඇත්තේ දින 15ක් පමණ කාලයකි. තැපැල් ඡන්දය පාවිච්චි කිරීම අදින් අවසන් වීමට නියමිතය. සාපේක්ෂක වශයෙන් මෙවර ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා ක


පාන්තිය විහාරය හැඩකළ සාර්ලිස් මාස්ටර්
2024 සැප්තැම්බර් මස 05 516 1

බස්නාහිර පළාතේ, කළුතර දිස්ත්‍රික්කයේ බටහිර පස් යොදුන් කෝරලයේ ඉද්දගොඩ පත්තුවේ, මතුගම සුළු නගර සභා සීමාව තුළ “පාන්තිය’’ නමැති සුප්‍රසිද්ධ ග්‍රාමවරයෙහ


ඡන්දයේ ජනමතය ප්‍රභූමතය
2024 සැප්තැම්බර් මස 05 421 0

මේ වසර අපේ රටේ පමණක් නොව ලෝකයේ බොහෝ රටවල මැතිවරණ පැවැත්වෙන වසරක් බවට පත්ව තිබේ. මෙම මස 21 වැනිදා අපේ රටේ ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ සමාජ ආර්ථික දේශපාලන ව


බොරැල්ලේ කෝවිද හිමි
2024 සැප්තැම්බර් මස 04 1686 1

අපවත් වී වදාළ බොරැල්ලේ කෝවිද හිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද (4) සවස 4.00ට කොළොන්නාව පුරාණ රාජමහා විහාරස්ථානයේ දී සිදු කෙරේ.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1814 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site