රජය නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කෙරෙහි අවධානය යොමු කර ඇති බවත් පහ වසර ශිෂ්‍යත්වය පිළිබඳව සලකා බලන බවත් මාධ්‍යවලින් දැක්වේ. කුමන තත්වයක් යටතේදී හෝ එය සාධනීය කරුණක් වන අතර එය මේ මොහොත වන විට අතිශයින්ම ප්‍රමුඛතාව දිය යුතු කරුණක් වී ඇත.
එහෙත් මෙම ප්‍රතිසංස්කරණයේ දී බරපතළ සමාජ කතිකාවකින් බැහැරව දඩිබිඩියේ සිදු කරන්නේ නම් ඒ පිළිබඳව දෙවරක් සිතා බැලිය යුතු වන්නේ හිතුමනාපේ කරන ලද ප්‍රතිසංස්කරණවල ශේෂ පත්‍රය මේ වන විටත් ඕනෑවටත් වඩා අත්විඳිමින් සිටින නිසා ය.
රටක් සංවර්ධනයවීමට නම් මානව සම්පත සංවර්ධනය කිරීම අනිවාර්ය කොන්දේසියකි. අපේ රටේ ද නිදහසින් පසු එදා මෙදා තෙක් අධ්‍යාපනය සඳහා අයවැයෙන් විශාල මුදල් ප්‍රමාණයක් වෙන්කිරීම දැකිය හැකිය. සාක්ෂරතාව අතින් ලංකාව විශේෂයෙන් ආසියානු රටවලට සාපේක්‍ෂව ඉහළ මට්ටමෙන් තිබීම මීට උදාහරණයකි. අධ්‍යාපනය යනු ලිවීම, කියවීම හැකියාවකට පමණක් සීමාවීමක් නම් ඒ පිළිබඳව උදම් ඇනීමේ කිසිදු වැරැද්දක් නැත. හේතුව දශක 7-8 කට පෙර බොහෝ ආසියානු රටවලට එවැනි හැකියාවක්වත් නොතිබුණි. එහෙත් අවාසනාව නම් මෙතෙක් එයම හෝද හෝදා මඩේ දැමීම මිස ඉන් එහා බරපතළ ව්‍යුහාත්මක වෙනසක් සඳහා දැක්මක් තිබී නොමැතිවීමය. 2015 න් පසු භෞතික මට්ටමේ කැපී පෙනෙන සංවර්ධනයක් යම් මට්ටමක සිදුවුවද අධ්‍යාපනයේ හරයාත්මක සංවර්ධනයක් මෙන්ම ශික්‍ෂිත නිර්මාණාත්මක පුරවැසියන් නිර්මාණය කිරීමට එය සමත් වී නැත.
මේ වන විට සමාජය බරපතළ ලෙස කඩා වැටී ඇති බව ජනාධිපතිවරයා පවා ප්‍රකාශ කර ඇත. නිර්වින්දනය නොවූ හිතන මතන ඕනෑම අයකුට ඒ මතය පිළිබඳ දෙගිඩියාවක් නොමැත. ඇත්තෙන්ම දශක ගණනාවක සිටම ශ්‍රී ලාංකීය සමාජය පිට පැත්තෙන් කොතරම් වර්ණවත් සළුපිළිවලින් ආවරණය වී තිබුණද ඇතුළතින් සම්පූර්ණයෙන්ම පැසවා ඇති බවක් පෙනෙන්නේය.
අධ්‍යාපනයේ බරපතළ නිර්වචන කෙසේ වෙතත් සරලව සමාජයේ චින්තනය සුවපත් කිරීමට නොහැකිනම් එසේම ඒ සමාජයට රටට අඩුම තරමින් ලෝකයටවත් ප්‍රයෝජනයක් නොමැතිනම් එවන් අධ්‍යාපනයක් ප්‍රශ්න කළ යුතුව ඇත. මේ මොහොත වන විට දිනකට මිනීමැරුම් 3-4 කි. රිය අනතුරුවලින් මියයන සංඛ්‍යාව සාමාන්‍යයෙන් අටක් වන අතර අබල දුබල වන සංඛ්‍යාව ගණන් හිලව් නැත. පොලීසි වැඩිවේ, රෝහල් වැඩිවේ, උසාවි වැඩිවෙන අතර ගොඩගැසෙන නඩු ගණන දහස් ගණනකි. බන්ධනාගාර පිරී තිබේ. ඊට අමතරව පවුල් අවුල්, අතරමං කිරීම්, මත්ද්‍රව්‍ය, ලිංගික අපරාධ දිනෙන් දින වැඩිවේ. ඒ නිසා මේ යන ගමන නැවැත්වීමට නම් අතීසාරයට අමුඩය ගැසීමේ න්‍යායෙන් ඔබ්බට ගමන් කළ යුතුව ඇත.
සමාජය කඩාවැටීමට බලපාන ප්‍රධාන හේතුව සමාජයට අවශ්‍ය ශික්ෂණය නිසියාකාරව අධ්‍යාපනයෙන් නොලැබී යාමය. ඉහතින් සඳහන් කළ දහසකුත් එකක් සමාජ ව්‍යසනවල මූලික හේතුව සරලවම ගතහොත් ඉවසීමක් නැතිකමය. දැනට වසර දහයකට පමණ පෙර එක්තරා පුවත්පතකින් අනාවරණය කර තිබුණේ අවිනීත ත්‍රීරෝද රියැදුරන් පමණක් ලක්‍ෂ 20 ක් පමණ උදේ 7.30 වන විට මහමගට අවතීර්ණ වන බවය. ඊට අනෙකුත් රියැදුරන්ද එක්කළ විට අද වන විට තත්වය අතිබැරෑරුම් ය. එනම් රටේ ජනගහනය අවිනීත රියැදුරන්ගෙන් බෙදූ විට සෑම 20 දෙනෙකුගේම ජීවිත අවදානමකට ලක්කිරීම සඳහා එක් රියැදුරෙකු මාන බලමින් සිටින බවය. අනෙකුත් සෑම අංශවලම තත්වය එසේමය.
මේ සමාජය සුවපත් කිරීම ශිෂ්‍යත්වය නැති කිරීමෙන් පමණක් කළ නොහැකි අතර, ඊට කෙටිකාලීන හා දිගුකාලීන දාර්ශනික වැඩපිළිවෙළක් අවශ්‍යය. අධ්‍යාපනඥයන් දාර්ශනිකයන් විය යුතු බවට එදා ප්ලේටෝගේ ප්‍රකාශය ඕනෑවටත් වඩා අදට වලංගු වී ඇත. මේ සමාජය කඩා වැටීම එක් රැයකින් සිදුවූ දෙයක් නොව දශක ගණනාවක් තිස්සේම දර්ශනයක් නොමැතිව හුදු එදාවේල් න්‍යායෙන් කටයුතු කිරීමේ අනිසි විපාකයකි. කෙටිකාලීන ප්‍රතිපත්තිවලින් මනාලෙස ශික්ෂණය වූ ආකල්ප පිරි සමාජයක් නිර්මාණය කිරීම අසීරු වුවත් දිගුකාලීන ප්‍රතිපත්තියකින් යහපත් ප්‍රතිඵල අත්විඳිය හැකි බව නම් නිශ්චිතය.
මේ නිසා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ආරම්භ කළ යුත්තේම පෙර පාසලෙන්මය. ඒ සඳහා ක්‍රියාකාරකම් අධ්‍යාපන වැඩසටහන් ඉලක්ක කළ යුත්තේම පාසලින් පිටවන දරුවා ශීලාචාර හා නිර්මාණාත්මක පුරවැසියකු සමාජයට දායාද කිරීමේ පරම චේතනාවෙන්ය. විශේෂයෙන්ම එදා ළදරු මට්ටමේ සිටම උසස්පෙළ දක්වාම මනස දියුණු කරන සාහිත්‍ය වැනි අතිශයින්ම වටිනා විෂයයන්ට බර තබන ප්‍රතිපත්තියකින් ක්‍රියාකිරීම නිසා සිදුවූ සමාජ ශෝධනය මිල කළ නොහැකිය. එහෙත් වත්මනේ සාහිත්‍යයක් නැති ගානය. තිබුණත් එහෙන් මෙහෙන් වෑල්ඩින් කරන ලද කොටස් පමණි.
අනෙක් අතට වට්ටෝරු අධ්‍යාපන ක්‍රමය නිසා එනම් ඉගැන්වීම් හා විභාගවලින්ම ශිෂ්‍යයෝ ඉබේම කොටු වී සිටිති. කිසිදු ක්‍රියාකාරකමක් නැත. කැමති වුණත් නැතත් ශිෂ්‍යයා පිළිගත යුතුය. කිසිදු අධ්‍යාපනික මූලධර්මයක් නොදත් පැරැණි ගුරුවරුන් තම සිසුන් ඇතැම්විට පාසලේ ගස් යටට ගෙන්වා අධ්‍යාපනය ලබා දුන්නේ ඉඩකඩ මදිනිසා නොව ඉවෙන් මෙන් මේ අවශ්‍යතාව හඳුනාගත් බැවිනි. ඊට අතිරේකව සමාජයේ හැසිරෙන ආකාරය කොටින්ම කන බොන සිරිත් විරිත් පවා ගුරුවරු කියා දුන්හ.
වත්මනේ ස්මාට් පන්ති කාමරයේ නවීන තාක්ෂණයෙන් ඉගෙන ගත්තද පිටතට එන්නේ කිසිදු ශික්ෂණයක් නොමැතිවය. එදා ගුරුවරයා හා ශිෂ්‍යයා අතර තිබූ සම්බන්ධය එක්තරා ප්‍රමාණයකින් මිත්‍රශීලී අතර එය ගෞරවාන්විත සම්බන්ධයකි. අද වන විට ඒ තත්වය දුරස් වී ඇති අතර ටියුෂන් නිසා ශිෂ්‍යයා විසින් ගුරුවරයා සලකනු ලබන්නේ මිලට ගත හැකි මෙවලමක් ලෙසිනි. එබැවින් ප්‍රතිපත්ති සකස් කළ යුත්තේ ශිෂ්‍යයාට ගුරුවරයා වඩාත් විශ්වාසදායක හා තමාගේ ශික්‍ෂණයන් හා අනාගතය සුවපත් කරන්නකු ලෙසය.
ජාතික මට්ටමේ හා පාසල් මට්ටමේ විභාගවලට පවා පිළිතුරු ලිවිය යුත්තේ නිර්දේශිත පිළිතුරුවලට දශමයටම සමපාත වන අයුරිනි. කුමන තර්කානුකූල මතයක් දැරුවද ඊට ඉඩක් නැත. අනිත් අතට වෙනත් රටවල වැඩි අවධානයක් ඇත්තේ පෙරපාසල්වලටය. හේතුව පෙරපාසල පුරවැසියන්ගේ ආකල්ප නිර්මාණය කරන පළමු ස්ථානයවීමය. එහෙත් අපේ රටේ අසංවිධිතම අංශය පෙරපාසල් පද්ධතියයි. පාසල් අධ්‍යාපනය ද යොමු වී ඇත්තේ පාසල් අධ්‍යාපනය ලබන්නා කැමති වුණත් නැතත් යායුතු ගමනකි. එබැවින් නිසිපරිදි විශ්වවිද්‍යාලයකින් අධ්‍යාපනය හමාර කරන පිරිස දශම ගණනකි. අනෙක් පිරිස ප්‍රවාහයෙන් පිටතට විසි වෙති. ජීවත්වීමේ අරගලය තුළ ඇතැමෙක් නතර වන්නේ පාතාලයෙනි. බහුතරයක් අපේක්ෂාභංගත්වයෙන් සමාජයේ පරිධියටම තල්ලු වෙති. අවසානයේ ජාතික ධනය වැය කර ඇත්තේ අපරාධකරුවන් බිහි කිරීමටය. නැතහොත් අපේක්‍ෂාභංග සමාජයක් නිර්මාණය කිරීමටය. අපේක්ෂාභංගත්වයට පත්වූවන්ගෙන් සදාචාර සමාජයක් බලාපොරොත්තු විය නොහැකිය.
අධ්‍යාපනය යනු භෞතික සංවර්ධනයක් හෝ වේවැල සොලවමින් පාසල සිසාරා එහෙ මෙහෙ යාම නොවේ. රටට වැඩදායක නිර්මාණාත්මක ශික්‍ෂිත පිරිසක් සකස් කිරීමය. එසේ නොවන්නේ නම් ඊට සම්බන්ධ වෘත්තිකයන් ප්‍රතිපත්ති සම්පාදකයන්ගෙන් ප්‍රශ්න කළ යුතුව තිබිණි.
අනෙක් සැලකිය යුතුම අංශය වන්නේ අධ්‍යාපනය හමාර කරන ශිෂ්‍යයාගේ අනාගතය පිළිබඳව ගැටලුවය. කවර තර්ක විතර්ක තිබුණ ද අධ්‍යාපනය හමාර කරන සෑමදෙනාගේ අපේක්ෂාව රජයේ හෝ පෞද්ගලික ආයතනයක රැකියා ලබාගැනීමය. නැතහොත් තමන්ට ජීවන මාර්ගයක් සකස් කර ගැනීමය. මේ වන විට මේ අපේක්ෂා කෙතරම් දුරට සඵල වී ඇත්ද යන්න දිනපතා මාධ්‍යවලින් මොනවට පැහැදිලි වේ. තොග පිටින් අධ්‍යාපනය ලබන මුත් රැකියා ඉඩ ප්‍රස්ථා නොමැතිව අපේක්ෂා භංගත්වයට පත්වී කරන උද්ඝෝෂණ අප්‍රමාණ ය. මෙය ද අද ඊයේ මතුවූවක් නොව දශක ගණනාවක් තිස්සේම දක්නට ලැබුණු සුලබ දෙයකි. මීට හේතුව කුමක්ද? අධ්‍යාපනය හා රැකියා ඉඩප්‍රස්ථා අතර ඇති නොපෑහීමය. ආර්ථිකය ඔහේ හිතුමතේ කලින් කලට විවිධ සිහින තේමා ඔස්සේ ඉබාගාතේ ගොස් ඇති අතර රජයෙන් රජයට පමණක් නොව එකම රජයේ ඇමතිගෙන් ඇමතිට වෙනස් වූ විට ද සම්පූර්ණයෙන් වෙනස් වන සැටි පසුගිය කාලයේ දක්නට ලැබිණි. මේ නිසා එක් අතකින් අධ්‍යාපනය හමාර වූ පිරිස ආර්ථිකයට උරා ගැනීමට නොහැකිව ඉවතට විසිවෙති. අනෙක් අතට පවතින රැකියා සඳහා සුදුසු ශිල්පීන් මේ අධ්‍යාපනයෙන් නිර්මාණය නොවීම පිළිබඳ විශේෂයෙන් පෞද්ගලික අංශයේ චෝදනාවක් තිබේ. එවන් වටපිටාවක් තුළ ව්‍යවසායකයන් ආයෝජකයන් මේ අධ්‍යාපනයෙන් පහලවීම සුලබ නොවේ. රැකියා ඉල්ලමින් උද්ඝෝෂණය කිරීම යනු ආර්ථිකය හා අධ්‍යාපනය අතර ඇති පරස්පරතාවයි. ඒ අනුව අධ්‍යාපන ආයතනවලින් නොකඩවාම වාර්ෂිකව මුදාහරින්නේ රටට ප්‍රයෝජනවත් නොවන පිරිසකි. පාසල් අධ්‍යාපනයේ සිට විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වා මේ තත්වය වලංගුය. මෙහි ඇති බැරෑරුම් තත්වය වනුයේ ඉවක් බවක් නොමැතිව ජාත්‍යන්තර විශ්වවිද්‍යාල බිහිවීමය. යාම්තම් රජයේ ලියාපදිංචිය ලබාගන්නා බොහෝ ආයතනවල ප්‍රමිතිය පිළිබඳ බරපතළ ගැටලු මේ වනවිටත් උද්ගතව ඇත. ප්‍රමිතිය නිරීක්ෂණය කරන යාන්ත්‍රණයක් ද නැත. පිටිසර ගම්වල පවා පාළු ගෙවල්වල ජාත්‍යන්තර පාසල් දැනටමත් ආක්‍රමණය කර ඇත්තේ මේ දුර්වලතාව නිසා ය. මේ නිසා දැනටමත් ප්‍රශ්නගතව පවතින රාජ්‍ය සේවය තව තවත් අවුල්වීම් නොවැළැක්විය හැකිය. එමෙන්ම මොවුහු ද රැකියා උද්ඝෝෂණවලට එක්වෙති. ආර්ථික න්‍යාය අනුව ඕනෑම ආයතනයක භාණ්ඩවලට මිලක් නොමැති නම් සිදුවනුයේ එක්කෝ භාණ්ඩය නවීකරණය කිරීමය. නැතහොත් භාණ්ඩ නවතා දැමීමය. එසේත් නැතිනම් ආයතනය වසා දැමීමය. පාඩු පිට පවත්වා ගැනීමේ අවශ්‍යතාවක් නැත. අධ්‍යාපනය ලබන්නා ද භාණ්ඩයකි. රැකියා ඉල්ලා කරන උද්ඝෝෂණවලින් පෙනෙන්නේ මිලක් නොමැති බව දැන දැනත් දශක ගණනාවක් තිස්සේම ඔහේ මේ භාණ්ඩ නිෂ්පාදනය කරන බවය. එබැවින් සෑම අධ්‍යාපන ආයතනයක්ම තම නිෂ්පාදනය පිළිබඳව වගවීමක් අත්‍යවශ්‍ය ය. රජයේ වූ පලියට මිලක් නැති භාණ්ඩ නිපදවා ඵලක් නොවේ. එබැවින් ආර්ථිකයේ ගමන් මග නිශ්චිත කළ යුතුව ඇති අතර, ඒ ආර්ථිකයේ ඉඩ ප්‍රස්ථා ග්‍රහණය කිරීම සඳහා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කළ යුතුය. එවිට රැකියා ඉල්ලමින් පාර දෙපස උද්ඝෝෂණය කිරීමේ ප්‍රශ්නයක් පැන නොනගී.
මේ නිසා සමාජයක් හැටියට අපේ රටේ අධ්‍යාපන ප්‍රතිපත්තිය හා ආර්ථික ප්‍රතිපත්තිය පිළිබඳ ගැඹුරුම කතිකාවක් සඳහා කාලය එළඹ ඇත. ආර්ථික හා අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට යා යුත්තේ එවැනි කතිකාවකින් පසුවය. එසේ නැතිව ආර්ථික ප්‍රතිසංස්කරණ ගැන නොසලකා කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලින් ඵලක් නොවේ.
එමෙන්ම බොහෝ දෙනකු නවීන තාක්ෂණය, පරිගණක, ජංගම දුරකතන මාධ්‍ය සංදර්ශනවලින් මෝහනයට පත් වී ඇතිවා පමණක් නොව අනාගතයේ කෘත්‍රිම බුද්ධිය එනතුරුද දත මැද ගෙන සිටින බව පෙනේ. මේ කුමන තාක්ෂණයක් තිබුණද සංවේදී, ශික්‍ෂිත, නිර්මාණාත්මක, රටට ජාතියට ප්‍රයෝජනවත් පුරවැසියකු නිර්මාණය නොවේ නම් ඒ අධ්‍යාපනයෙන් ඵලක් නැත. මේ වන විටත් අප අත්විඳිමින් ඉන්නේ ඒ කටුක යථාර්ථයයි.
විශාල ජනවරමකින් ගම්‍ය වූ යටිපෙළ අර්ථය නිසි පරිදි රජය කියවා ගැනීම වැදගත්ය. ලස්සන රටක් සඳහා ශික්‍ෂණය වූ සමාජයක් නිර්මාණය විය යුතුය. එබැවින් අධ්‍යාපන හා ආර්ථිකය ඒකාබද්ධ ප්‍රතිසංස්කරණයක් සඳහා ගැඹුරු කතිකාවක් අවශ්‍ය ය.
(***)
ට්‍රම්ප්ගේ වෙෙළඳ කම්පනය ගෝලීය පිළිවෙලට දැවැන්ත පහරකි. එය නියෝජනය කරන්නේ 1970 ගණන්වලදී බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය අවසන් වීමෙන් පසු ඇති වූ විශාලතම බිඳවැටීමය
ශ්රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශනා කොට වදාළ ස්වාසුදහසක් ශ්‍රී ධර්මස්කන්ධයේ පහස ලැබුවුවා වූ පරම පූජනීය අතිඋ
ක්‍රිස්තුන් වහන්සේගේ මුළු මහත් මෙලෝ දිවිය, මනුෂ්‍ය පුත්‍රයකු සේ අත් විඳි ජීවිතය හමාර වන හෝරාව ක්‍රමිකව පැමිණෙමින් තිබේ. කල්වාරිය මත සිදුවෙමින් පැවති
සිංහල හා හින්දු අලුත් අවුරුදු උණුසුම තවමත් පහව ගොස් නැත. කුමන ආර්ථික ගැටලුකාරිත්වයක් තිබුණත් අපේ රටේ ජනතාව අලුත් අවුරුද්දට සූදානම් වූයේ ඒ සියලු අගහිඟ
ලෝකයේ ඉතාම ජනප්‍රිය එසේම පෝෂණීය පානයක් වන්නේ දියර කිරිය. එය ජනප්‍රිය වීමට හේතුව වන්නේ එහි ඇති පෝෂණීය ගුණය සහ විශ්වාසවන්ත භාවය නිසාය. එහෙත් ශ්‍රී ලංකාව
ශ්රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා එම නිල සංචාරය නිමකර අනුරාධපුර ගුවන්තොටුපොළෙන් ඉන්දියාව බලා පිටත්ව ගියේ තවත් සුවිශේෂ කටයුත්තක
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
අධ්‍යාපන පරමාර්ථ සාර්ථකද?