IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


අනුකම්පාව ඉල්ලා බස් රථවල මුදල් ගරන ජාවාරම්

28_page_1th 

 

”ආදරණීය අම්මේ තාත්තේ, අයියේ, අක්කේ, නංගි, මල්ලි, ඔයාලට කරදරයක් කරනවා කියලා හිතන්න එපා. ඔයාලා වගේම ජීවිතයක් ගත කරපු කෙනෙක්ගේ ජීවිතය අද රැුඳිලා තියෙන්නේ රත්තරං වටිනා ඔයාලගේ අතේ.”

 


මෙවැනි වදන් පෙළවල් නිතර නිතර බස්වල ගමන් කරන බොහෝ දෙනාට අසන්නට දකින්නට තිබේ. මෙසේ එක දිගට තොරතෝංචියක් නොමැතිව කියවන උන් ජනතාවගේ අනුකම්පාව ලබාගෙන ඔවුන් දෙන ටිකට් පතක් මිලදී ගනිති. එහෙත් මෙහි යථාර්ථය බොහෝ දෙනකු නොදනිති.


මෙය රට පුරා කි‍්‍රයාත්මකවන ජාවාරමක් බව බොහෝ දෙනා දැන සිටියේ නැත. එහෙත් මෙය ජාවාරමක් බවට ලැබුණු තොරතුරක් මත දින ගණනාවක් විවිධ ප‍්‍රදේශවල බස් රථවලින් ගමන් කරමින් මෙම ජාවාරම පිළිබඳව තොරතුරු ගවේෂණය කිරීමට අපට හැකිවිණි. එමෙන්ම මෙම ජාවාරම්කරුවන් නීතියේ රැහැනට හසුකැර දීමට මෙන්ම ජාවාරම්කරුවන් සිදුකරන දේ ජනතාවට හෙළි කිරීමටද අපට හැකිවිය.


මෙම ගවේෂණය සඳහා දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක සාරනාත් සමරකෝන් මහතා ප‍්‍රමුඛ දඹුල්ල පොලිසියේ නිලදරුවන්ගෙන් ලැබුණේ ඉතා වටිනා සේවයකි.

28-page1-S2-6
අනුරාධපුර, මහරගම මෙන්ම කුරුණෑගල ප‍්‍රදේශයේ පදිංචිකරුවන් තුන් දෙනක් ඉතා සංවිධානාත්මකව මෙම අනුකම්පාව විකුණා මුදල් ගැරීම සිදු කරති. හදවත් සැත්කම්, වකුගඩු බද්ධ කිරීම්, කුඩා දරුවන්ගේ විවිධ රෝග සුවකැර ගැනීම සඳහා ආධාර එකතු කිරීම් කරනු ලබන ලිපි ගොනු මෙම කණ්ඩායම් එකතු කරති. එසේ කරනු ලබන්නේද ඉතා සුක්ෂම ලෙසය. එසේ ආධාර එකතු කරන අහිංසක රෝගීන් හා ඔවුන්ගේ පවුල් හමුවීමට ජාවාරම්කරුවෝ යති. මූල්‍යාධාර ලබාදෙන සමාගම්වල නිලධාරීන් ලෙස පෙනී සිටින ඔවුන් රෝගීන්ගෙන් සියලූ විස්තර ඡුායාරූප මෙන්ම ආධාර ලබාදීම සඳහා අවශ්‍ය ලියකියවිලි ඉල්ලා ගෙන පිටව යති. නැවත ඔවුන් දකින්නට හෝ නොහැකිය.


මෙසේ රැුගෙන යන ලියකියවිලි ගොණු කීපයක් සකසන ජාවාරම් කරු ආර්ථික දුෂ්කරතා ඇති තරුණ පිරිස් සොයා ගනිති. එමෙන්ම ඉන්දීය සම්භවයක් ඇති අහිකුණ්ඨික තරුණ තරුණියන්ට නයි නැටවීම අත බලා සාත්තර කියා සොයා ගන්නට බැරි මුදලක් සොයා ගන්නා ක‍්‍රමවේදය පිළිබඳව ඔවුන් දැනුවත් කරයි.
මෙම එක් එක් කෙනාට වෙන වෙනම ආධාර එකතු කිරීමට ලිපි ගොනු හා ටිකට් පත් ලබාදෙන ජාවාරම්කරුවෝ දින කීපයක් බස්වල නැග සිදුකරන ආකාරය පිළිබඳව පුහුණුවක් ලබාදෙයි. පුහුණුවන දින කීපයේ ලැබෙන සියලූ ආදායමද ඔවුන්ට ලබාදී එක් අයකුගෙන් දිනකට රුපියල් 1000ක මුදලක් ජාවාරම්කරු ලබා ගනියි. එක් අයකු බස් රථ 10 කට ගොඩවිය යුතුය. එයින් ලැබෙන දිනක ආදායම අවම තරමේ රුපියල් 4500කි.


ඉන් රුපියල් දහසක මුදල ජාවාරම් කරුට දිනපතා ලබාදී ඉතිරි මුදල් ඔවුන්ට හිමිවෙයි.


පසුගියදා දඹුල්ල නගරයේදී මෙම කණ්ඩායමේ පිරිසක් නීතියේ රැහැනට කොටුකැර දීමට හැකිවිය. දඹුල්ල ඉනාමලූව ප‍්‍රදේශයේ පදිංචි ජේ. එච්. ඩබ්ලිව්. සමිදුකුල මහතා 2008 වසරේ හෘදයාබාධයක් වැළඳි සැත්කමකට භාජනය වූ අයෙකි. ඒ සඳහා ඔහු මුදල් උපයා ගනු ලැබුවේ ටිකට් පතක් මුද්‍රණය කැර මිතුරන් හා ඥාතීන්ගේ උදව් ඇතිව එය ජනතාවට ලබාදීමෙනි. 2008 වසරේ සැත්කම සිදු කරන්නට සූදානම් වන අවස්ථාවේ යම් ආකාරයෙන් ඔහුගේද වෛද්‍ය වාර්තා ඡුායාරූප හා විස්තර පුද්ගලයකු ඉල්ලාගෙන ගොස් තිබුණේ උදව් කිරීම් අරමුණ ඇතිවය. එදා සිට සමිදුකුළ සිටියේ මේ පිළිබඳව විමසිල්ල ඇතිවය. පසුගියදා දඹුල්ල නගරයේදී බස් රථයකට ඒ මහතා ගොඩවී සිටියේ ඉනාමලූවට ගමන් කිරීම සඳහායි. ඒ වන විට බස් රථයට ගොඩවූ තරුණයකු හදවත් සැත්කමක් සිදු කිරීමට තම පියාට අවශ්‍යවී තිබෙන බැවින් ඒ සඳහා තමන් පාරට බැස ජනතාව ළඟට පැමිණි බවත් පවසමින් වෛද්‍ය වාර්තා ඡුායාරූප ආදි සියලූ ලිපි ගොනු මගීන්ට පෙන්වන්නට විය. බස් රථයේ සිටි ඔහුට හීන් දහඩිය දමන්නට වූයේ 2008 වසරේ තමන් මුදල් එකතු කළ ආධාර පත‍්‍ර තමන්ගේ ඡුායාරූපය වෛද්‍ය වාර්තා පෙන්වමින් මුදල් එකතු කරන නිසාය.


වහාම මිහිඳුකුල මහතා මාගේ මිතුරෙකු මාර්ගයෙන් මේ බව මට දැන්වීය. එනම් මා එම ස්ථානයට යන විටත් තරුණයා පියාගේ ගුණ කියමින් සිටී. මිහිඳු මහතා තරහෙන් වෙව්ලන්නට විය. පසුව අප මෙම තරුණයා අල්ලා ගෙන එහි සිටි ජනතාවට දැනුම්දී මේ ජාවාරම කොටුකැර ගැනීමට ඉතා රහසිගතව අපට සහයෝගය ලබාදුන් දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක සාරනාත් සමරකෝන් මහතා වහා තවත් පොලිස් නිලධාරින් පිරිසක් සමඟ බස් නැවතුම්පළට පැමිණියේය.


කාලයක් තිස්සේ ජනතාවගේ අනුකම්පාව තුළින් ජාවාරම් කරමින් සිටි තරුණයා සැකපිට අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කිරීමේදී දඹුල්ල නගරයට තරුණයන් තිදෙනකු පැමිණි බවත් හෙළිවිය. ඉතිරි දෙදෙනා නගරයේ කොහේ හෝ ඇති නිසා සෙවීමට පොලිස් කණ්ඩායම් කි‍්‍රයාත්මක විය. ගතවූයේ විනාඩි කීපයකි. එම තරුණයන් දෙදෙනා දඹුල්ල නගරයේ රටබීම හලකට ගොඩවුණු බව සාරනාත් සමරකෝන් මහතාට තොරතුරක් ලැබිණි. සැකකරුවන් දෙදෙනා වටිනා මත්පැන් බෝතලයක් මිලදී ගැනීමට සූදානම් වෙද්දීම පිටුපසින් ගිය පොලිසිය දෙදෙනාම අල්ලා ගත්හ.


ප‍්‍රශ්න කිරීම් ආරම්භ කිරීමත් සමග මොවුන් ඉන්දීය සම්භවයක් ඇති අහිකුණ්ඨික තරුණයන් බවත් තඹුත්තේගම, කුඩාගම, කලාවැව ආදි ප‍්‍රදේශවල පදිංචිකරුවන් බවත් අනාවරණය විය.


අප පෙර කී සංවිධානාත්මක කල්ලිය කුරුණෑගල ප‍්‍රදේශයේ ජාවාරම් කරුගේ ගෝලයන් බව හෙළිවිය. ඔවුන්ගෙන් ප‍්‍රශ්න කිරීම්වලදී මූලස්ථාන පොලිස් පරීක්ෂක සාරනාත් සමරකෝන් මහතා උපක‍්‍රමශීළීව වැදගත් තොරතුරක් හෙළි කැර ගත්තේය. එනම් අනුරාධපුර ජාවාරම් කල්ලියට අයත් කණ්ඩායමක්ද දඹුල්ල නගරයේ මුදල් එකතු කරන බවය. වහාම පොලිස් කණ්ඩායමක් නගරයට පිටත් කැර යැවිණි.


ඒ වන විටත් නගරයේ ඇවිද යමින් මැදිවියේ තරුණයකු කුඩා දරුවකුගේ සැත්කමක් සඳහා මුදල් එකතු කරමින් සිටියේය.


”මල්ලි මොකද මේ දරුවට වෙලා තියෙන්නේ. මොනවද අපෙන් කෙරෙන්න  ඕනේ. අපිටත් දරුවෝ ඉන්නවා.” යැයි අපි ඔහුට කියමු.


දරුවාගේ ඡුායාරූපය දෙස බලා සිටි මෙම තරුණයා හඬමින් තමාගේ ජීවිතය තම දරුවා බවත් කොහොම හරි ලක්ෂ 25 ක මුදල සොයා ගන්නා බවත් පියකු හැටියට තමන් යුතුකම ඉටුකරන බවත් කීය.


මෙම දරුවාගේ ලිපිනයන් මතුගම ප‍්‍රදේශයේ බව ලියකියවිලිවල සඳහන්ය. ග‍්‍රාම නිලධාරි සහතික පොලිස් සහතික සියල්ල මතුගමය. මුදල් එකතු කරමින් සිටි තරුණයා කැකිරාව මරදන්කඩවලය. එනිසා ඔහු පදිංචි කොහේදැයි අප උපක‍්‍රමශීලීව විමසීමේදී අනුරාධපුර යැයි කියැවිණි. පසුව මතුගම දරුවා ගැන විමසීමේදී තරුණයා නිරුත්තර විය.


ඔහුද පොලිසිය අත්අඩංගුවට ගත්තේය. පොලිසියට ගෙන ප‍්‍රශ්න කිරීමේදී හෙළිවූයේ මෙම ඡුායාරුපයේ සිටින දරුවා කිසිම දිනක දැක හෝ නොමැති බවය. අනුරාධපුරයේ කි‍්‍රයාත්මක ජාවාරම් කල්ලියේ ප‍්‍රධානියා විසින් තමන්ට ලබාදෙන එම ෆයිල් කවරයෙන් රැුකියාව කරන බවත් දිනකට රුපියල් 1000ක් ප‍්‍රධානියාගේ ගිණුමට බැර කිරීම් හෝ දින පහකට වරක් හමුවී එම මුදල් ලබාදෙන බව පැවැසීය.


එක් දිනකට රුපියල් 4500ක පමණ මුදලක් උපයා ගැනීමට හැකිවන බවත් මෙම දරුවාගේ ෆයිල් එක පෙන්වා තමන් දැනට මාස හයක් පමණ මුදල් උපයා ගත් බවත් පසුව මෙම ෆයිල් එක තවත් අයකුට ලබාදී වෙනත් ෆයිල් එකක් තමන්ට ලැබෙන බවත් ඔහු කියා සිටියේය.


අත්අඩංගුවට ගත් පළමු තිදෙනා දඹුල්ල නගරයේදී උපයා ගත් මුදල් පිළිබඳව පොලිසිය පරීක්ෂා කිරීමේදී පැය හතරක කාලයක් තුළදී රුපියල් 7240 ක ආදායමක් ලබා තිබිණි. මෙසේ උපයන මුදල් ගංජා, කුඩු, අරක්කු හා සිගරට්, කෑම බීම සඳහා වියදම් කරන බව හෙළිවිය.


රටපුරාම කි‍්‍රයාත්මක වන මෙම ජාවාරම නිසා සත්‍ය වශයෙන්ම ආධාර මුදල් සොයා එන අහිංසක ජනතාවට මෙන්ම පොදු ජනතාවටද හිරිහැර ඇතිවන බව පොලිසිය කියයි.


මෙම ජාවාරමේ නිරතවූ පුද්ගලයන්ට දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක සාරනාත් සමරකෝන් මහතා විශේෂ දේශනයක් ලබා දෙමින් තමන් සිදු කරන අති විශාල සමාජ සාපරාධි කි‍්‍රයාව තුළින් සමාජයට සිදුවන විනාශය හා මිනිස් කමට සිදු කරන නිගාව ගැනද පැහැදිලි කළේය.


දඹුල්ල පොලිසියේ සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපති හේමන්ත විජේ බණ්ඩාර මහතා සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගත්තේය.

 

m



අදහස් (0)

අනුකම්පාව ඉල්ලා බස් රථවල මුදල් ගරන ජාවාරම්

දුමින්ද Monday, 09 March 2015 10:20 AM

අපේ දුක,උණු කදුළු වෙළදාම-කරනවා ලොකු පොඩි පිරිස හැමදාම (නදී)

:       0       0

සොපී Wednesday, 04 March 2015 04:04 AM

මේ හොරු නිසා ඇත්තම ලෙඩෙකුටත් උපකාරයක් කරන්න මිනිසුන්ට බැරි වෙනවා (නදී)

:       0       0

කුමාරි Tuesday, 03 March 2015 01:02 PM

මේ ගැන කියල වැඩක් නැහැ. තරුණ කොල්ලෝ ඇස්වල කඳුලු පුරෝගන අම්ම ගැන, නංගි ගැන දුකෙන් කියද්දී නිකන්ම පසුම්බිය ඇරලා අපි සල්ලි දෙනවා. මුළු ලංකාව පුරාවට ඉන්න මෙවන්නන්ගෙන් මහා ජනයා බේරා ගන්න පොලිසියට ශක්තිය ලැබේවා..! (ර)

:       0       0

අප්පුහාමි Wednesday, 04 March 2015 04:22 AM

මැතිවරණ කාලෙට අපේ ඡන්දෙ හිඟා කන අයත් කරන්නෙත් මේ වැඩේම නේද? (නදී)

:       0       0

සමාධි Monday, 09 March 2015 12:26 PM

ඇඹිලිපිටිය යාපනය බස් එකෙදි මම රුපියල් 50 දුන්නා එක ගත්තෙ නැහැ රුපියල් 100 ට අඩුවෙන් එකතු කරනේනේ නැහැ කියල (අ)

:       0       0

දිමුත් Tuesday, 10 March 2015 04:48 AM

මීට වඩා රට රවටපු අයත් හිටියා.(නදී)

:       0       0

ප්‍රියන්ත Wednesday, 11 March 2015 05:55 AM

අපි කොහොමටත් රැවටෙන ජාතියක්. මොලේට වඩා හදවතට තැන දෙන්නේ. (ම)

:       0       0

වාසනා Tuesday, 03 March 2015 10:28 PM

මට නම් මේ අය ගැන හරිම දුකයි. අපේ රටේ දේශපාලකයෝ දුප්පත් මිනිසුන්ගේ සල්ලි වලින් ඡන්ද කරලා ඊටපසුව කෝටි ගණන් මුදල් හොරකම් කරනවා. එකම රටක්,එකම ජාතියක්. වෙනස-ලොකුකම (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 4560 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 584 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1169 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 104 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 190 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 248 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38995 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25543 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 308 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1055 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 374 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site