IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


අනාගතයට සුරක්ෂිත රටක්

ලාංකීය රාජ වංශ කතාවේ කෝට්ටේ යුගය අපරදිග ආක්‍රමණවලට ශ්‍රී ලංකාව ගොදුරු වූ කාලපරිච්ඡේදයක් බවට පත් කරමින් ක්‍රි.ව. 1505දී පෘතුගීසීන් ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ ආක්‍රමණය කිරීම මෙරට සමාජ, සංස්කෘතික, ආගමික ව්‍යුහය පරිවර්තනය කිරීමට බලපෑ ප්‍රබල හේතුවක් ලෙස සඳහන් කළ හැකිය. වෙළෙඳාම සඳහා පෙරදිගට පැමිණි බටහිර ආක්‍රමණිකයෝ සිය වෙළෙඳාම දියුණු කරලීම සඳහා නොයෙකුත් රාජ්‍යවල තම අණසක පතුරවමින් සිටියහ. පෘතුගීසීන් මෙරට මුහුදුබඩ ප්‍රදේශ සිය අණසකට යටත් කර ගනිමින් ඒවා කුළුබඩු වෙළෙඳාමේ මධ්‍යස්ථාන බවට පත්කර ගෙන මෙරට මුහුදුබඩ පළාත්වල සාරය ඔවුන්ගේ රාජ්‍ය පෝෂණය කිරීමට යොදාගෙන තිබුණි. ඔවුන්ගේ සංස්කෘතික ක්‍රමවේද ඔවුන්ගේ පාලනයට නතු යටත් රාජ්‍ය තුළට ක්‍රමක්‍රමයෙන් රිංගා ගත්හ.

1656 දී මෙරට මුහුදුබඩ ප්‍රදේශ ආක්‍රමණය කළ ලන්දේසීන් ද, එම ප්‍රදේශ සිය පාලනයට නතුකර ගනිමින් ශ්‍රී ලංකාව ඔවුන්ගේ වෙළෙඳ මධ්‍යස්ථානයක් ලෙස භාවිත කිරීමට කටයුතු කළ අතර ඔවුන්ගේ ආගම ප්‍රචාරය කරමින් ශ්‍රී ලංකාවේ සමාජ සංස්කෘතික ප්‍රවාහයට පුළුල් බලපෑමක් කරන ලදී.

1796 දී ලන්දේසීන් පාලනය කළ ප්‍රදේශ බ්‍රිතාන්‍යයන් අත්පත් කරගෙන ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ බ්‍රිතාන්‍යයන් විසින් පාලනය කරන ලද අතර ඔවුන් පෘතුගීසි හා ලන්දේසි ආක්‍රමණිකයන්ට වඩා වෙනස් උපායමාර්ගික පාලන ක්‍රමයක් ගෙනයමින් මුහුබඩ ප්‍රදේශ පමණක් නොව මුළු රටම ඔවුන්ගේ පාලනය යටතට ගැනීම සඳහා උපක්‍රමශීලීව කටයුතු කරමින් කන්ද උඩරට රාජධානිය බිඳ වැට්ටවීම සඳහා කුමන්ත්‍රණ මෙහෙයුම් දියත් කරන ලදී. එදා ඉංග්‍රීසීන්ගේ උපක්‍රමවලට රැවටුණු කන්ද උඩරට රාජ්‍ය සිංහල රදල නායකයන් 1815 දී කන්ද උඩරට රාජ්‍ය පහසුවෙන් ඉංග්‍රීසීන්ට යටත් කර ගැනීමට ඉඩ සලසමින් සිංහල රාජධානියේ අවසන් රජු වන ශ්‍රී වික්‍රම රාජසිංහයන් ඉංග්‍රීසින්ගේ අත්අඩංගුවට පත්වීමට ඉඩ සලසා දෙන ලදී. උඩරට නායකයන් ඉංග්‍රීසීන් සමග 1815 මාර්තු මස දෙවන දින කන්ද උඩරට ගිවිසුමට අත්සන් කරන ලදී.

නායක්කර් වංශික රජු උඩරට සිහසුනෙන් ඉවත් කර ගැනීමට උඩරැටියන් ඉංග්‍රීසීන්ට සහාය වූ නමුත් වසර දෙදහසකට අධික කාලයක් තිස්සේ ආත්ම පරිත්‍යාගයෙන් රැකගත් ජාතික නිදහස මෙන්ම තම මුතුත් මිත්තන්ගෙන් ලද ජන්ම දායාදයක් වූ සිය ආගම සහ සංස්කෘතිය පාවා දීමක් කිසිසේත් ඔවුහු අපේක්‍ෂා නොකළහ. පරම්පරා තුනක් පැවති මලබාර් ආධිපත්‍යය ඉංග්‍රීසීන් සමඟ එක්වී බිඳ දමා ඉංග්‍රීසීන්ගේ සහාය ඇතිව ඇහැළේපොළගෙන් ආරම්භ වන සිංහල රාජ වංශයක් පිළිබඳ සිහිනයක් ඔවුන් තුළ තිබුණි. එමෙන්ම රට, ජාතිය, බුද්ධාගම, දන්ත ධාතූන් වහන්සේ ආරක්‍ෂා වන පාලන තන්ත්‍රයක් පිළිබඳව ඔවුන්ට අපේක්‍ෂාවක් විය.

උඩරට ගිවිසුමෙන් වසර තුනක් ගතවීමට පෙර වගන්ති 12 කින් යුත් උඩරට ගිවිසුමේ කොන්දේසි බොහොමයක් ඉංග්‍රීසීන් විසින් කඩකරන ලදී.

1889 දී පළාත් පහක් වශයෙන් තිබූ ලංකාව පළාත් නවයකට බෙදා පාලනය කිරීමට කටයුතු කළ අතර, එම පළාත් නවය අද දක්වා එලෙස ම පවතී. ඉංග්‍රීසීන් හඳුන්වා දුන් මෙම පරිපාලන ක්‍රමවේදය තුළ විධායක බලය සහිත ඒකීය පාලන ක්‍රමයක මූලාරම්භය සිදුවිය. එමෙන්ම රාජ්‍ය වෙළඳ ඒකාධිකාරය අහෝසි කර නිදහස් වෙළෙඳාම ඇති කිරීම ද, රාජ්‍ය පරිපාලනය හා සෙසු සේවා සඳහා ලාංකිකයන් පුහුණු කිරීමේ අරමුණින් ඉංග්‍රීසි අධ්‍යාපනය විධිමත් කිරීම ද කෝල්බෲක් කැමරන් යෝජනාවල සුවිශේෂී කරුණු විය.

එම යෝජනා ක්‍රියාත්මක වූයේ ආණ්ඩුකාරයාගේ මූලිකත්වයෙන් යටත් විජිත භාර ලේකම්, හමුදා ප්‍රධානී, නීතිපති යන අයගෙන් සමන්විත වන විධායක කමිටුවක් මඟිනි. 1889 දී උඩරට ජනතාව වෙනුවෙන් එක් නියෝජනයක් ද, මුස්ලිම් ජනතාව වෙනුවෙන් නියෝජනයක් ද ලබා දෙමින් නිල නොලත් සභිකයන්ගේ සංඛ්‍යාව 8 දක්වා වැඩි කරන ලදී.

මැනිං ප්‍රතිසංස්කරණයේ ද දුර්වලතා රාශියක් තිබුණි. විශේෂයෙන් ඡන්ද බලය උගත්කම හා වත්කම යන සාධක මත පදනම් වීම මෙහි මූලික ම දුර්වලතාව විය. එහි ප්‍රතිඵලයක් ලෙස ක්ලිපර්ඩ් ආණ්ඩුකාරවරයා යටතේ ඩොනමෝර් සාමිගේ ප්‍රධානත්වයෙන් කොමිෂන් සභාවක් පත් කළ අතර එම කොමිසම මගින් ශ්‍රී ලංකාවට සර්වජන ඡන්ද බලය ප්‍රදානය කිරීමට නිර්දේශ කරන ලදී. ඒ අනුව 1931 දී සර්වජන ඡන්ද බලය හිමිවීමෙන් මෙරට ජනතාවගේ දේශපාලන සහභාගීත්වය සඳහා පුළුල් ඉඩ ලැබුණි. සර්ව ජන ඡන්ද බලය හිමිවීමෙන් පසු රාජ්‍ය සුබසාධනය වර්ධනය විය. එමෙන්ම ප්‍රජාතාන්ත්‍රික දේශපාලන දර්ශන හා ඊට අදාළ දේශපාලන සංස්ථා ස්ථාපිතවීම ද සිදුවිය. ඩොනමෝර් ප්‍රතිසංස්කරණයත් සමඟ ඡන්ද කොට්ඨාස 50ක් නියෝජනය කරමින් නියෝජිතයන් තෝරාපත් කර ගත් අතර, නිල බලයෙන් ආරක්ෂක ලේකම්, මුදල් ලේකම්, නීති ලේකම් ඊට ඇතුළත් වූ අතර නම් කරන ලද සාමාජිකයන් ඇතුළුව රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මුළු නියෝජිතයන් පිරිස 61 දෙනෙකු දක්වා වර්ධනය විය.

ඩොනමෝර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය මගින් පිහිටුවන ලද රාජ්‍ය මන්ත්‍රණ සභාවට ව්‍යවස්ථාදායක මෙන් ම විධායක බලතල ද හිමි වූ අතර  එමගින් වඩාත් හිතකර වූ පරිපාලන ක්‍රමයක් ඇති විය. ඩොනමෝර් ප්‍රතිසංස්කරණය තුළ සිදුවූ තවත් වැදගත් ප්‍රතිඵලයක් වූයේ එතෙක් වාර්ගික නියෝජනයක් ලෙස පැවති ජනවාර්ගික පදනම ඉවත් කිරීමයි.

1945 නොවැම්බර් මස මෙම ධවල පත්‍රිකාව රාජ්‍ය මන්ත්‍රණ සභාවට ඉදිරිපත් කළ අතර, මෙම යෝජනාව සඳහා පක්ෂව ඡන්ද 51 ක් ද, විපක්‍ෂව ඡන්ද 3 ක් ද ලැබූ අතර, 1846 මැයි මස 15 වන දින ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රාජ්‍ය ආඥාව මගින් පනවන ලද්දේ ය.

1947 නිදහස් පනත අනුව ලංකා පාර්ලිමේන්තුවේ නීති සම්පාදනය කිරීමේ බලයත්, ආණ්ඩුකාර ධුරය වෙනුවට අග්‍රාණ්ඩුකාර ධුරයක් ඇති කිරීමත්, ජාත්‍යන්තර ගිවිසුම් හා සම්මුතිවලට එළඹීමේ හැකියාව ලබාදීමත්, රාජ්‍ය ආරක්ෂක හා පරිපාලන නිලධාරීන් පත්කර ගැනීමට අවස්ථාව ලබාදීමත් සිදුවිය. මේ වන විට එස්.ජේ.වී. චෙල්වනායගම් මහතාගේ නායකත්වයෙන් යුත් ෆෙඩරල් පක්ෂය දෙමළ කොංග්‍රසයෙන් වෙන්වී ෆෙඩරල් පක්ෂය පිහිටුවා ගත් අතර ඔහු එකීය රාජ්‍ය වෙනුවට ෆෙඩරල් රාජ්‍යයක් ඉල්ලා සිටියේය.

1956 බලයට පත් එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ නායකත්වයෙන් යුත් මහජන එක්සත් පෙරමුණ නව ආණ්ඩුවක් පිහිටුවීමෙන් පොදුජන යුගයක නව ඇරඹුමක් සනිටුහන් කළ අතර, එතෙක් බ්‍රිතාන්‍ය ඇතුළු පොදුරාජ්‍ය මණ්ඩලයීය ප්‍රධාන රටවල් සමඟ ගොඩනඟා ගෙන තිබූ සමීප සබඳතාවලට අමතර ලෙස සෝවියට් සමාජවාදී රටවල් සමඟ සමීපවීමේ වැඩි නැඹුරුවක් එම පාලන කාලය තුළ දක්නට ලැබුණි.

පසුකාලීනව ද්‍රවිඩ නායකයන්ගෙන් එල්ල වුණු බලපෑම් සැලකිල්ලට ගනිමින් ද්‍රවිඩ ජනතාව අපේක්‍ෂා කරන පාලන බල ව්‍යුහයක් ලබාගැනීමේ ඉල්ලීම් කරළියට පැමිණියේය. බණ්ඩාරනායක – චෙල්වනායගම් දෙදෙනා විසින් ද ඩඩ්ලි - චෙල්වනායගම් විසින් ද ජාතීන් අතර සමඟිය ඇතිකරවන්නා වූ ගිවිසුම් ඇතිකර ගැනීමට උත්සාහ දරනු ලැබුවත් නොයෙකුත් බලපෑම් නිසා ඒ කිසිවක් සාර්ථක කර ගැනීමට ඉඩ ප්‍රස්ථාවක් නොවීය.

1970 බලයට පත්වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ රජය ලබාගත් පාර්ලිමේන්තුවේ 2/3ක ඡන්ද බලය පදනම් කරගෙන 1972 දී නිර්මාණය කරන ලද ප්‍රථම ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් 1948 පෙබරවාරි 04 දින සිට බ්‍රිතාන්‍යයන් අප වෙත ලබා දුන් ඩොමීනියන් තත්ත්වයෙන් ඔබ්බට ගොස් පූර්ණ නිදහස් රටක් නිර්මාණය කළේය. 1972 මැයි මස 22 වන දින එම ව්‍යවස්ථාව සම්මත විය. ජනතාවගේ ව්‍යවස්ථාදායක බලය ද, රටේ ආරක්ෂාව ඇතුළු විධායක බලයද, නීතිය මඟින් පිහිටුවනු ලැබූ අධිකරණ බලය ද ක්‍රියාත්මක කරනු ලැබුවේ ජාතික රාජ සභාව මගිනි. එම ව්‍යවස්ථාව යටතේ අගමැති හා කැබිනට් මණ්ඩලය වෙස්ට්මින්ස්ටර් ආකෘතිය තුළ ක්‍රියාත්මක විය.

1972 ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ශ්‍රී ලංකා ජනරජය විසින් බුදු දහමට ප්‍රමුඛත්වයක් ලබාදෙමින් එය සුරක්ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීමක් ලෙස පිළි​ගෙන තිබූ අතර අන් ආගම්වල අයිතීන් ආරක්ෂා කළ යුතු බවට ද ප්‍රතිපාදන සලසා තිබුණි. එමෙන්ම සෝල්බරි ව්‍යවස්ථාව තුළ අන්තර්ගත නොවුණ කරුණු වන සමස්ත ජනතාවගේම අයිතිවාසිකම් පිළිබඳ අවධාරණය කරමින් නීතියේ රැකවරණය සර්ව සාධාරණ විය යුතු බව ද, සෑම පුරවැසියකුට ම සිතීමේ නිදහස, ආගමික නිදහස, හෘද සාක්ෂියේ නිදහස තිබිය යුතු බව ද, ශ්‍රී ලංකාව තුළ තම අභිමත ස්ථානයක වාසය කිරීමේ අයිතිය සෑම පුරවැසියකුට ම හිමිවිය යුතු බවද යනාදී මූලික අයිතිවාසිකම් පිළිබඳ සඳහන් කිරීම ජනරජ ව්‍යවස්ථාවේ ගුණාත්මක ප්‍රවණතාවක් ලෙස විග්‍රහ කළ හැකිය.

නීතිය වල් වැදී ජන ජීවිත අවුල් වී තිබූ රටක් නැවතත් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස තහවුරු කරන, අධිකරණයේ ස්වාධීනත්වය සහ නීතියේ ආධිපත්‍යය ප්‍රතිස්ථාපනය කරනු ලබන ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් සහ ගුණාංග සුරකින රටක් බවට පත් කිරීම සඳහා මේ වනවිට සියලු පියවරගෙන තිබීම වැදගත් ය. එමෙන් ම රටට දේශීය වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන් එල්ලවෙමින් පැවති බලපෑම් ඉවත් කර ගනිමින් තිරසර ගමනක ආරම්භය සනිටුහන්වීම අනාගතය පිළිබඳ සුබ ප්‍රාර්ථනා දල්වා ගැනීමට හේතුවනවා ඇත.

අප රට නිදහස ලබා වසර 72 ක් ගතවී ඇතත් අපේ මුතුන්මිත්තන් ජීවිත පරිත්‍යාගයෙන් දිනාගත් එම නිදහස ඔවුන් බලාපොරොත්තු වූ මට්ටමට අර්ථවත් කරගත නොහැකි වූයේ රට තුළ පැවති අවාසනාවන්ත තත්ත්ව සහ පාලකයන්ගේ අදූරදර්ශී ක්‍රියාපිළිවෙත් හේතුවෙනි. අප සියලු දෙනා ජාති, භාෂා, ආගම් කුල – මල යනාදී වෙනස්කම් භාවිත කළ යුත්තේ ජනකොටස් අතර පරතරයක් නිර්මාණය කිරීමට නොව එකී වෙනස්කම්වල විචිත්‍රවත්භාවය යොදා ගනිමින් සියලුම දෙනා එකම ශ්‍රී ලාංකික ජාතියක් වශයෙන් සමඟියෙන් නැගී සිටීමට ය. අනාගත පරම්පරාවලට සුරක්ෂිත රටක් සහ සුඛිත මුදිත අනාගතයක් නිර්මාණය කිරීම සඳහා අප සැමගේ වගකීම් ඉටුකිරීමේ කාලය එළඹ ඇත.

චිරං ජයතු ශ්‍රී ලංකා



අදහස් (1)

අනාගතයට සුරක්ෂිත රටක්

Kumar Tuesday, 04 February 2020 04:48 PM

සුරක්ෂිත අනාගතය ඉබේ සිදුවෙන දෙයක් නොවේ. එය ඉටුකරගැනීම සඳහා මහන්සි වී වැඩකරන්න ඕනෙ. මේ රජය පත් කරගන්න ඡන්දය දුන්න වැඩි දෙනා බලාගෙන ඉන්නෙ තමන්ට ලැබෙන වාසි මොනවද කියල බලන්නයි. දෙපැත්තේම අය ඒ වගේ තමා. රට ගැන කැක්කුම වචනයට සිමා වෙලා තිබෙන්නෙ වැඩි දෙනා ඒ වගේ නිසා කියලා කිව්වොත් වරදක් නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 5 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 15 0

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 99 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


ආණ්ඩුවේ අනාගත අභියෝග
2024 ඔක්තෝබර් මස 01 11 0

2024 ජනාධිපතිවරණය සැමගේම අවධානයට ලක්වීමට හේතු ගණනාවක් තිබුණි. රට බංකොලොත් වීමෙන් පසු පැවැත්වූ ප්‍රථම ජනාධිපතිවරණය වීම ඉන් එක් හේතුවකි. නව ජනාධිපතිවරයක


මැදපෙරදිග හෙල්ලුම් කෑ නසරැල්ලා ඝාතනය
2024 සැප්තැම්බර් මස 30 1504 0

ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම්වරයා, එසේත් නැතිනම් නායකයා ෂෙයික් හසන් නසරැල්ලා ඝාතනය කිරීමට ඊශ්‍රායලය සමත් විය. 64 හැවිරිදි නසරැල


දේශපාලනයේ පෙරළිකාරයා - කළුගංතොට සිංහයා
2024 සැප්තැම්බර් මස 30 685 0

හිටපු අමාත්‍යවරයකු අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද (30) සවස මතුගම ආදාහනාගාරයේ දී සිදු කෙරේ මේ ලිපිය ඒ නිමිත්තෙනි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38582 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25388 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 275 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 937 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site