IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


අනාගත අඳුරු පණිවිඩයේ අතුරු අයවැය

2022 වසරේ ඉදිරි මාස හතර සඳහා අතුරු අය වැයක් ඉදිරිපත් කරන ලද අතර එහි සඳහන් යෝජනාවලට පාර්ලිමේන්තු අනුමැතිය ලැබී තිබේ. ශ්‍රී ලංකාවේ ආර්ථිකය අතිශය අවදානම් තැනක පසුවන අතර මහජනතාව බරපතළ දුෂ්කරතාවලට මුහුණ පා ඇති වකවානුවකි. මෙම වසර සඳහා ඉදිරිපත් කර තිබූ අය වැය යෝජනා ක්‍රියාත්මක කළ නොහැකි වූ සහ අලුත් ආණ්ඩුවක් බලයට පත්වීම හේතු කරගෙන මෙකී තාවකාලික පියවර ගෙන ඇති බව පෙනේ. ලබන වසර සඳහා සැලැස්මක් ආණ්ඩුව සකස් කරමින් සිටී. රාජ්‍ය ආදායම හා වියදම ගැන සලකා බලනවිට අතුරු අය වැය ලබන අවුරුද්දේ ව්‍යුහය ගැන අනතුරු අඟවන පියවරකි. අද ඇතිවන සංකීර්ණ සංකූලතා වෙනුවට ලබන වසරේ මතුවිය හැකි ගැටලු ගැන අවධානය යොමු කිරීම සුදුසුය.

රටට, දේශපාලනඥයන්ට සහ ජනතාවට පසුගිය කාලයේ රට මුහුණ දුන් අරගලකාරී ස්වභාවය දැන් මතක නැත. ස්වල්ප පහසුවක් ලැබී ඇති අතර එය කිසිම ආකාරයකින් සතුටු විය හැකි ස්වභාවයක් නොවේ. එහෙත් නැවත වතාවක් දේශපාලන බල අරගලය ඇරඹී ඇත. පවතින අර්බුදයෙන් ගැලවෙන කෙටි සහ දීර්ඝ කාලීන උපාය කල්පනා නොකරන අතර පාර්ලිමේන්තු බල හුවමාරුවකින් ආර්ථිකය ගොඩනගන අවකාශයක් නිර්මාණය වෙතැයි කල්පනා කරන්නේ නම් එය බරපතළ වරදකි. 

 

ආර්ථිකයේ දිග පළල නොදන්නා පාර්ලිමේන්තුව

පාර්ලිමේන්තු බලය අල්ලා ගැනීමෙන් පසු රට දියුණු කරන පිළිවෙළක් තමන් සතුව ඇති බව මෙරට දේශපාලන පක්ෂවල අදහස බව පෙනේ. පක්ෂ නායකයෝ සියලු අර්බුදවලට විසඳුම් දන්නා අති දක්ෂයෝ සේ හැසිරෙති. වෙන් වෙන්ව, තනි තනිව ක්‍රියා කර, එපමණක් ද නොව තම ආණ්ඩුවක් හැර අනෙක් ආණ්ඩුවකට තීරණ ගැනීමට ඉඩ නොදෙන, දේශපාලන හා වෘත්තීය සමිති ක්‍රියාවලියකින් පසු ශ්‍රී ලංකාව අද පවතින ඛේදවාචකයට ඇද දමා තිබේ.

මහා ප්‍රපාතයකට වැටෙන අතරවාරයේ පවා සාමුහික තීන්දු ගෙන එතැනින් ගොඩ එන උත්සාහයක නැත. ජාත්‍යන්තර මුල්‍ය සංවිධාන දක්වන පරිදි දක්ෂ ලෙස ගමනක් තිබුණ රටක් විනාශවීම සම්බන්ධයෙන්, ශ්‍රී ලංකාව හොඳ උදාහරණයකි. පුරෝකථනවලට අනුව මෙම වසරේ ආර්ථිකය ඍණ දහයක පමණ අගයකින් පහතට වැටෙන ලකුණු පහළ වී ඇත. එය ජනතාවට මහත් පීඩනයක් ඇති කරනු නිසැකය. උත්පාදනය අඩු අතර පවතින ප්‍රතිශත සඳහා තරඟ වදින සමාජයක් බිහි වී තිබේ. ජීවත්වීම සඳහා ඉතිහාසයේ කිසි දිනයක නොතිබුණ සටනක් කරගෙන යන ජනී ජනයාගේ දුක වේදනාව නොදැක කටයුතු කිරීම විශාල වරදකි.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ගණන් දරුණු ලෙස ඉහළ නැග ඇත. ඉන්ධන, විදුලිය, ජලය, ගෑස්, සන්නිවේදන වියදම් වැඩිවෙමින් තිබේ. එක පැත්තකින් විනිමය අනුපාතිකයට සරිලන පරිදි මිල සංශෝධනය වන අතර අනෙක් පැත්තෙන් පොලී අනුපාත අනුව භාණ්ඩ හා සේවා මිල ගණන් ඉහළ නැග ඇති බව පෙනේ. සිල්ලර වෙළඳ පොළට එන පාරිභෝගිකයෝ ජීවන වියදම ගැන කරන මැසිවිලි ආණ්ඩුව පමණක් නොව විපක්ෂය නියෝජනය කරන මහජන නියෝජිතයන් ද දැනගත යුතුය. පවතින ආණ්ඩුව වෙනස්කර, තමන් බලයට පත්වුවහොත් වහාම හැරවිය නොහැකි තරමට ප්‍රශ්නය ව්‍යාකූල වී ඇති බව අවබෝධ කරගත යුතු අතර ආර්ථිකය වර්ධනය කර එයින් ප්‍රසාරණයක් සඳහා එකමුතුව, සාමුහික පියවරකට යා යුතුව තිබේ.

රජයේ ආදායමෙන් සියයට අසූවක් වැටුප් හා විශ්‍රාම වැටුප් ගෙවන්නට වැය කළ යුතු අතර ණය පොලි සඳහා ගෙවන්නට සිදුවී ඇති ප්‍රමාණය රජයේ ආදායමෙන් සියයට හැත්තෑවකි. මෙම අංශ දෙක එකතු වූ පසු රාජ්‍ය ආදායම මෙන් සියයට එකසිය පනහක් වී ඇත.

හුදෙක් පසුගිය ආණ්ඩුවල වරදක් නොවේ. නිදහසට පසු ගත වූ කාලය තුළ බලයේ සිටි සියලුම ආණ්ඩුවල වැරදි තීරණවල ප්‍රතිඵලයකි. එම වැරදි තීරණ සඳහා බලකරන ලද විපක්ෂ භූමිකාව ද චෝදනාවලින් නිදහස් නොවේ. නිවැරදි අවස්ථාවේ දී හරි තීරණ ගන්නට ඉඩ නොදෙන විපක්ෂය, වෘත්තීය සමිති ක්‍රියා කළ පටු ආකාරය අද පවතින විශාල ව්‍යසනයෙහි කොටසකි.

 

පරතරය පියවන්නට තීරණ ගැනීමේ විපාක ඉදිරියේ

පාර්ලිමේන්තුවේ සම්මත කළ අතුරු අය වැය යෝජනාවල හරය හඳුනාගැනීම ඉතා පහසුය. හිඟය පියවා ගැනීම සඳහා මහජනතාවගෙන් බදු අය කෙරේ. ඉතාම දුප්පත් ජනතාව වෙත සහන යම් ප්‍රමාණයක් සපයා ඇත. එම සහන සැපැයීම අවශ්‍ය බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවා යෝජනා කර තිබුණි. සමාජ ආරක්ෂණ ජාල වැඩ සටහන වෙනුවෙන් රුපියල් මිලියන 46,600 ක් වෙන්කර ඇත. ගැබිනි මවුවරුන්ට දීමනා වැඩි කිරීම, ආබාධිත සහ වකුගඩු රෝගීන් සඳහා ගෙවීම්, සමෘද්ධි දීමනා වැඩි කිරීම්, ජ්‍යෙෂ්ඨ පුරවැසි පොලී යනා දී වශයෙන් අංශ ගණනාවකින් සුබසාධනය යෝජිත අතුරු අය වැය මගින් නංවා ඇත.

මෙම අතුරු අයවැය අනුව සියලු සුබසාධන කටයුතු අවසානයේ පවා වියදම කලින් ඇස්තමේන්තු කර තිබුණ වියදමට වඩා මිලියන 576 කින් ඉහළ ගොස් තිබේ.  එනම් කලින් සැලසුම් කර තිබුණ වියදම රු. බිලියන 3,851 ට ඉක්මවා රු. බිලියන 4,427 ක් වී ඇත. වියදම රු. බිලියන 129 කින් කපා හැර ඇත. ආණ්ඩුව කරන වියදම අඩු කර ඇති අතරවාරයේ බදුවලින් අය කරගන්නා ප්‍රමාණය නංවාගෙන ඇත. රටවැසියන් ජීවන වියදම සම්බන්ධ ගැටලු රාශියක සිටිය දී වක්‍ර බදු වලින් රජයේ ආදායම උපයා ගැනීමට ක්‍රියාකර ඇත. වැට් බද්ද සියයට 12 ක සිට 15 දක්වා වැඩි කිරීම එයින් ප්‍රධාන තීරණයකි. වැට් බදු ගෙවන සියලුම භාණ්ඩ හා සේවා වලින් සියයට තුනක අතිරේක වියදමක් සමාජයට පටවා ඇත. එවැනි තීරණයක් ගැනීමෙන් පසු අය වැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් සියයට 9.8 දක්වා අඩු කරගෙන ඇති අතර එසේ නොවිණි නම් හිඟය සියයට දොළහ ඉක්මවන අතර ඒ සඳහා දේශීය හා විදේශීය වශයෙන් නැවත නැවතත් ගන්නා ණය රටට තවත් පීඩනයක් වනු නොඅනුමානය.

අය වැය වාර්තා දක්වන පරිදි රජයේ ණය ගැනීමේ ඉලක්ක නතර වී නැත. විදේශීය වශයෙන් රු. බිලියන 342 ක් හා දේශීය වශයෙන් රු. බිලියන 1,991 ක් ණය වශයෙන් ගැනෙනු ඇත. රජයේ ආදායම වැඩි කරන උපාය ඇති කළ යුතුව තිබිය දී ණය ගැනීම හැර, දැනට අනෙක් මගක් නැත. විනිමය අවප්‍රමාණය හා පොලී අනුපාත වැඩිවීම මත රටට සිදුවී ඇති හානිය මෙම ණය ගැනීම ඉදිරියේ අවධානය යොමු කළ යුතුය. අය වැය වාර්තාව දක්වන පරිදි පොලිය හා විනිමය වෙනස්වීම මත පමණක් ණයකරුවන්ට අලුතින් ගෙවන්නට සිදුවී ඇති මුදල රු. බිලියන 263 කි. අවදානම තවම අප ඉදිරියේ ඇති බවට කදිම සාක්ෂියකි.

 

දශක ගණනක් අප සමග එක තැන කැරකෙන වග

ලෝකය පමණක් නොවේ ශ්‍රී ලංකාවේ ජන සමාජයේ ආකල්ප හා ක්‍රියාකාරකම් එකතැන කැරකෙමින් තිබේ. අන්ධකාරය දුරු කරන එකම යෝජනාවකට හෝ සමාජය එකඟ කරගත නොහැක. මෙවර අතුරු අය වැය මගින් ද රජයේ ආදායම වැඩි කරගන්නට ඉඩ හැදෙන යෝජනා ඉදිරිපත් කරන විශේෂ කමිටුවක් පත් කරන්නැයි දක්වයි. රජයේ ව්‍යාපාර ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සඳහා විශේෂ ඒකකයක් පිහිටුවයි. අලුත් ආයෝජන ගැන සොයා බලන්නට ජාතික ඒජන්සියක් ඇති කෙරේ. අත්හැර දමා ඇති රජයේ දේපොල, අබලි ද්‍රව්‍ය ඉවත්කරනු සඳහා බලතල ඇති කමිටුවක් පත් කෙරේ. ප්‍රයෝජනයට ගෙන නැති ඉඩම් සංවර්ධන කටයුතු සඳහා තරුණන්ට වෙන් කෙරේ. මෙම කරුණු එකක් හෝ අලුත් ඒවා නොවේ. දැනටමත් වෙනත් නම්වලින් ආයතන හා ප්‍රධානීන් පත් කර ඇත. ඒවායෙන් පලක් නොවුණ අතර නැවතත් අලුතින් සොයා බැලේ. වරද ක්‍රමය තුළ බව පැහැදිලිය. ජනතාව සිස්ටම් චේන්ජ් කරන සේ බල කළේ මෙකී කරුණු ගැන වටහා ගැනීමෙන් පසුවය. දේශපාලනය එපා කියන ලද අතර දෙසිය විසි පස් දෙනාම ගෙදර යා යුතු බව කියා සිටි බුද්ධිමත් ජන කොටස් පසුව මෙම සිස්ටම් එනම් ක්‍රමෝපායන වෙනසක් සඳහා බල කළහ. එහෙත් වටයකින් කැරකී අප ආපසු එන්නේ පැරණි චක්‍රයටය.

අලුත් රාමුවකින් හිතන, අලුතින් තීරණ ගැනෙන ක්‍රමවේදයක් හැර රටට සහනයක් ලැබෙන පිළිවෙළක් නැත. පළමුවෙන් විනිමය උපයා ගත යුතුය. දෙවැනුව ජාතික ආර්ථිකයේ නිෂ්පාදනය වැඩි කරගත යුතුව තිබේ. මොනවා හෝ නිපදවා අපනයනය කරගත යුතුය. ඇඟලුම් කර්මාන්තයෙන් පසු රටට විනිමය එන නවතම ක්ෂේත්‍ර සොයා ගෙන නැත. වාර්තාවන පරිදි තොරතුරු තාක්ෂණ අංශයේ අපනයනය ඇමරිකානු ඩොලර් බිලියනයකට ආසන්න වී ඇත. සම්ප්‍රදායික අපනයන බෝගවල විනිමය ආදායම රටට ප්‍රමාණවත් නැති අතර විදේශ රැකියා ප්‍රවර්ධනයෙන් ධනය අපේක්ෂා කිරීම සාධාරණ ක්‍රමයක් නොවේ. මෙරට තරුණ සම්පත වෙනත් රටක දියුණුවට කැපකර එතැනින් ලැබෙන වැටුප රටට ගෙන්වා ගැනීම ඉතාම නරක ආකල්පයකි. ආයෝජන ගෙන්වන නව නීති ඇති කළ යුතු අතර පෞද්ගලික අංශයට විදේශ ආයෝජන සමග වැඩ කරන ක්‍රම වහාම හඳුන්වා දෙන්නට අවශ්‍යය.

කොළඹ වරාය නගරය ඉදිකර අවසන්ව ඇති අතර එහි ආයෝජන අවස්ථා තවමත් නැති අතර හම්බන්තොට වරාය, ත්‍රිකුණාමලය, හා උතුරු පළාතේ ඇති අවස්ථා නිසි පරිදි ප්‍රයෝජනයට ගැනීමට ඉඩ සැපැයිම අවශ්‍යය. හතරවැනි කර්මාන්ත විප්ලවය හා පස්වැනි පරම්පරාවේ තොරතුරු සන්නිවේදනය ගැන කතා කරන බලධාරීහු තීරණ ගැනීමට ඉඩ නොදෙන්නේ ඇයි? නීති ලිහිල් කර විවෘත ආර්ථික ක්‍රමයේ තවත් අවස්ථා ඇති කිරීම අවශ්‍යම සාධකයකි.

 

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල උත්තරයක් නොවේ

අය වැය හසුරුවන ජාත්‍යන්තර මුල්‍ය අරමුදල රට ඉදිරියට ගෙන යන ගාමක බලවේගයක් වනු ඇති බවට බලාපොරොත්තු ඇති කරගෙන තිබුණි. ඇත්ත එය නොවේ. මුල්‍ය අරමුදල තාවකාලික සහනයකි. රට තුළ ඇති කරන වෙනස්කම්වලින් විනිමය උපයා ගත යුතුය. ශ්‍රී ලංකාව දැනට ගත කරන පසුබිම අනුව අඩුම තරමින් අවුරුද්දකට ඇමරිකානු ඩොලර් බිලියන දහයක් අතිරේකව සොයා ගත යුතුව ඇත. එය කරන්නේ කෙසේද? එවැනි ආදායමකින් තොරව විදේශ වෙළඳාම තුලනය නොවේ. 2022 වසරේ අතුරු අය වැය පදනම් කරගෙන 2023 ඉක්බිතිව අනුගමනය කරන අඛණ්ඩ ප්‍රතිපත්ති සකස් කරගත යුතුය.

මුල්‍ය අරමුදල තද කොන්දේසි යටතේ රටට වසර හතරකට ලබාදෙන සංචිතය ඇමරිකානු ඩොලර් බිලියන 2.9 කි. දළ වශයෙන් එක අවුරුද්දකට ඇමරිකානු ඩොලර් මිලියන හත්සිය පනහකි. වසරකට බිලියන දහයක වෙළඳ හිඟයක් ඇති රටට මෙය කිසිසේත් නොසෑහේ. ඉන්දියාව පසුගිය මාස හය තුළ ඇමරිකානු ඩොලර් බිලියන 3.8 ක මුදලක් ණය හා ආධාර වශයෙන් සපයා ඇත. ඉන්දියාව, චීනය, ඇමරිකාව හෝ වෙනත් රටකින් තවත් ණය ගැනීම උත්තරය නොවේ. පවතින අර්බුදය ගැන සමාජය තුළ විශාල සංවාදයක් අවශ්‍යය. පරිවර්තනයකින් හැර ගැලවීමක් නැත. රට තුළ අය වැය පාලනය කරන අරමුණ ඇතිව තවත් බදු පැනවිය හැක. වයස දහ අටට වැඩි සියලුම පුරවැසියන්ට බදු ලිපිගොනුවක් ඇරඹිය යුතු බව අතුරු අය වැය යෝජනා කරයි. බදු ගෙවන්නට නම් ආදායමක් ඉපැයිය යුතුවේ. ආදායම වැඩි කරගත යුතු දැනට ඇති රාමුව පුළුල් කිරීමෙන් බව අවධාරණය කිරීම අවශ්‍යය. රස්සා නැති තරුණන්ගෙන් හෝ ත්‍රීවීලර් වලින් බදු ලිපිගොනු පිරවූ පසු නිලධාරීන් ප්‍රමාණවත් නැත. රජයේ සේවයට තවත් පිරිසක් බඳවාගත හැක.

දේශපාලන ප්‍රතිපත්ති වෙනස් කිරීම අවශ්‍ය කෙරේ. රජය සීමා සහිත කර ධනය උපයන, යමක් නිෂ්පාදනය කරන රටක් හදන්නට මහජන නියෝජිතයෝ සැලසුම් සකස් කළ යුතුය. එක කණ්ඩායමකගෙන් අනෙක් කණ්ඩායමට බලය පැවැරීම හා එම බලය උදුරා ගැනීම අරමුණු කරගෙන ලස්සන වචන සමාජයට කැවීමෙන් යහපතක් සිදුවෙන්නේ නැත. අප අමතක කර ඇති අරගලය නැවත ඇති නොවනු සඳහා වන වැඩපිළිවෙළකට රට හැරවිය යුතුය. පෞද්ගලික අංශය ශක්තිමක් කර විදේශ ආයෝජන කැඳවීම, බලශක්ති හා කර්මාන්ත අංශයේ වෙනස්කම් මෙහිලා ඉතාම වැදගත්ය. 2022 අතුරු අය වැය නොසපයන උත්තර වහාම සමාජගත කරන බලවේගයක් නිර්මාණය විය යුතුය. දේශපාලනය යටකර ජනතාව දැනුම්වත් කරන පුළුල් වගකීමක් ජනමාධ්‍යයට ද ඇත.

(*** සාරා කන්දෙගොඩ)



අදහස් (0)

අනාගත අඳුරු පණිවිඩයේ අතුරු අයවැය

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 1625 1

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 10166 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 496 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


ශාස්ත්‍රීය දියුණුවට දිරිදුන් හාරඹ වලව්ව
2024 සැප්තැම්බර් මස 26 875 0

හාරඹ වලව්ව බලපිටියේ පිහිටි වලව් අතරින් පැරැණිතම වලව්වකි. සිංහල, පාළි, සංස්කෘත, ඉංග්‍රීසී හා ලතින් භාෂා මැනැවින් දැන සිටි ලු‍වී ද සොයිසා විජයසේකර ජයතිල


​ඡන්දයෙන් රටට දුන් පණිවිඩය
2024 සැප්තැම්බර් මස 26 919 1

මෙවර ජනාධිපතිවරණය මෙරට මැතිවරණ ඉතිහාසයෙහි පැවැති ඉතාම සාමකාමී මැතිවරණයකි. ඒ නිසාම එම සාමකාමී පරිසරය ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන්ගේ ප්‍රසාදයට ලක්


පැවිදි දිවියේ 36 වසර සපුරන තලල්ලේ චන්දකිත්ති හිමියෝ
2024 සැප්තැම්බර් මස 25 473 1

විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක වන තලල්ලේ චන්දකිත්ති හිමියන්ගේ පැවිදි දිවියට අදට (25) වසර 36ක් සම්පූර්ණ වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38001 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25027 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 242 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 780 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 281 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site