IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


අනාගත ලෝකය අබියස පෝර ​අහේනියක්

පොහොර සම්බන්ධයෙන් දේශපාලනික ක්ෂේත්‍රයේත් කෘෂිකාර්මික ක්ෂේත්‍රයේත් අර්බුදයක් නිර්මාණය වී ඇති අතර, චීන පොහොර නැව තවමත් ශ්‍රී ලංකා මුහුදේ හැංගිමුත්තන් කරන බව අසන්න ලැබේ. මේ වනවිට පොහොර අර්බුදයක් පවතින්නේ දේශීය වශයෙන් පමණක් නොවන බව බොහෝ දෙනකු නොදන්නවා විය හැකිය. ‘කොවිඩ් 19‘ වසංගතය, ලොවට ‘වසංගතයක්’ වූයේ අප රෝගී කරමින් සහ ජීවිත බිලි ගනිමින් නොවෙයි. ‘කොවිඩ් 19’ වසංගතයේ බලපෑම දේශපාලනික වශයෙන්, ආර්ථික වශයෙන් සහ සමාජීය වශයෙන් මුළු ලොවටම කළ බලපෑම සුළුපටු නොවේ.

පොකුණක් මැදට ගල් කැටයක් දැමූ විට, වටේට දිය රැලි හටගන්නා සේ, දැන් දැන් ‘කොවිඩ් 19’ වසංගතයේ අනිසි ප්‍රතිඵල අප කාට කාටත් දැනෙන්න පටන් ගෙන ඇත. අදවනවිට ගෝලීය වශයෙන් නිර්මාණය වෙමින් පවතින පොහොර අර්බුදය ඉදිරි මාස කීපයේ දී උත්සන්න වනු ඇතැයි ලොව ප්‍රධාන පෙළේ පොහොර නිෂ්පාදන සමාගම් අනතුරු අඟවයි. එක්සත් ජාතීන්ගේ ‘ජගත් ආහාර වැඩසටහන’ අනතුරු අඟවමින් අනාවැකි පළ කර ඇති අන්දමට, ලොව පුරා මිලියන 45 ක් දරුණු සාගතයකට මුහුණ දීමට නියමිතය. පොහොර අර්බුදය හමුවේ එම අනාවැකිය සැබෑවක් වන දිනය වැඩි ඈතක නොවන බව විදෙස් විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

ප්‍රධාන වශයෙන් අර්බුදයට ලක්වී ඇත්තේ නයිට්‍රජන් ආශ්‍රිත පොහොර (ප්‍රධාන වශයෙන් යූරියා) නිෂ්පාදනයයි. මෙය බලශක්ති අර්බුදයේ ප්‍රතිඵලයකි. නයිට්‍රජන් පොහොර නිෂ්පාදනය යනු ඛනිජ තෙල් කර්මාන්තය ආශ්‍රිත ප්‍රධාන උප නිෂ්පාදනයකි. ඛනිජ තෙල් කර්මාන්තය අඩාළ වෙද්දී, එය පොහොර නිෂ්පාදන ක්‍රියාවලියට දැඩි බලපෑම් එල්ල කර තිබේ. ගෝලීය තෙල් සහ වායු නිෂ්පාදනය සහ සැපැයුම් කටයුතු මේ වනවිට අඩු වෙමින් තෙල් සහ වායු මිල ඉහළ යෑමට පටන් ගෙන ඇත. යුරෝපා රටවල වැසියෝ මේ වනවිටත් මෙම අර්බුදයෙන් පීවාඩවට පත් වී සිටිති.

‘යාරා’ යනු නෝර්වේ රාජ්‍යයේ ප්‍රධාන කෘෂි නිෂ්පාදන සමාගමය. ‘යාරා’ සමාගම නිපදවන පොහොර සම්බන්ධයෙන් ලොව පුරා ප්‍රසිද්ධියක් පවතී. ඔස්ලෝ නුවර පිහිටි මෙය ජාත්‍යන්තර සමාගමකි.මිල අධික වුවත් ගුණාත්මයෙන් වැඩි පොහොර නිෂ්පාදකයකු ලෙස ‘යාරා’ සමාගම ප්‍රකටය. පොහොර අර්බුදයක් පිළිබඳ අනාවැකි පළ කරමින් ‘යාරා’ සමාගම නිවේදනයක් නිකුත් කර තිබේ. ‘අප සමාගමට පසුගිය වසරේ එනම් 2020 ග්‍රීෂ්ම සෘතුව අවසන් වෙද්දී, යූරියා ආශ්‍රිත පොහෙර (ඇමෝනියා) ටොන් 1 ක් නිපදවීමට ගිය වියදම ඇමෙරිකන් ඩොලර් 110 කි. අද වනවිට එය ඇමෙරිකන් ඩොලර් 1,000 දක්වා වැඩි වී තිබෙනවා’ යැයි එම නිවේදනයේ සඳහන්ය.

තවත් ලොව ප්‍රධාන පෙළේ කෘෂි නිෂ්පාදන සමාගමක් වන්නේ ඇමෙරිකාවේ ඉලිනෝයි ජනපදයේ ඩියර්ෆීල්ඞ් නුවර පිහිටි ‘සී.එෆ්. ඉන්ඩස්ට්‍රීස්’ සමාගමය. මොවුන් ලොව ප්‍රධාන රසායනික පොහොර නිෂ්පාදකයකු ලෙස නමක් දිනා සිටී. මෙම සමාගම පෙරේදා (9) පොහොර අර්බුදය සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක් කළේය. පොහොර නිෂ්පාදනය මිල අධික බැවින් පොහොර වෙළෙඳපොළට නිකුත් කිරීමට සිදුවනු ඇත්තේ වැඩි මිල ගණන් යටතේ යැයි එම සමාගම නිකුත් කළ නිවේදනයේ දැක්විණි.
පවතින මිලට පොහොර අලෙවි කිරීමෙන් දැනටමත් තම සමාගම ඇමෙරිකන් ඩොලර් මිලියන 185 ක පාඩුවක් ලබා ඇති බව ද ‘සී.එෆ්. ඉන්ඩස්ට්‍රීස්’ පැහැදිලි කර තිබේ.

රොයිටර් පුවත් සේවය වාර්තා කරන අන්දමට‍ යුරෝපා රටවල ප්‍රධාන පෛළ් පොහොර සමාගම් කීපයක් මේ වනවිටත් වසා දමා තිබේ. ඒ අපේක්ෂා කළ ආකාරයට නිෂ්පාදන කටයුතුවල නියැලීමට නොහැකි වී ඇති බැවිනි. ඩී.ටී.එන්. යනු ඇමෙරිකාවේ මිනසෝටා ප්‍රාන්තයේ බර්න්ස්විල් නුවර කේන්ද්‍රකොට ගත් කෘෂි කාර්මික ක්ෂේත්‍රය සම්බන්ධයෙන් දත්ත ලොවට ඉදිරිපත් කරන ආයතනයකි.

මෙම ආයතනය නිකුත් කළ නවතම වාර්තාවට අනුව, මේ වනවිට ඇමෙරිකා කලාපයේ යූරියා ටොන් එකක මිල ඇමෙරිකන් ඩොලර් 751 ක් තෙක් ඉහළ ගොස් ඇති බවය. පසුගිය ඔක්තෝබර් මාසය වෙද්දී සියයට 21 කින් මිල වැඩිවීමක් පෙන්නුම් කර තිබේ. ඔක්තෝබර් මාසයට පෙර යූරියා ටොන් එකක මිල සඳහන් වූයේ ඇමෙරිකන් ඩොලර් 620 ක් ලෙසය. ඒ අනුව, ඇමෙරිකන් වෙ‍ළෙඳපොළේ පොහොර අර්බුදය දිනෙන් දින උග්‍රවන ලකුණු පෙන්නුම් කරයි.බටහිර රටවල තිරිගු පිටි නිෂ්පාදනයේ දී නයිට්‍රජන් පොහොර අත්‍යාවශ්‍ය සාධකයකි. තිරිගු සහ බඩ ඉරිගු වගාවට අත්‍යාශ්‍ය පොහොරක් ලෙස නයිට්‍රජන් සැලකෙයි.

තිරිගු පිටි යනු මානව ආහාර දාමයේ ප්‍රධානතම ආහාරයකි. ඒ අනුව, පොහොර අර්බුදය දිනෙන් දින ඔඩු දුවද්දී ලබන 2022 වසර වනවිට තිරිගු පිටි නිෂ්පාදනය සෙමින් අඩපණ වනු ඇතැයි බිය පළ කෙරේ. එක්සත් ජාතීන්ගේ ජගත් ආහාර වැඩසටහන, ලොව පුරා මිලියන 45 ක් දරුණු සාගතයකට මුහුණ දෙනු ඇතැයි අනතුරු අඟවා ඇත්තේ රටවල් 43 කින් ලබා ගත් තොරතුරු පාදක කර ගනිමිනි. තිරිගු පිටි නිෂ්පාදනය සීමා වෙද්දී හෝ අඩපණ වෙද්දී මෙම අනාවැකිය සඵල වනු ඇතැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි. යම් නිෂ්පාදන ක්‍රියාවලියක් අඩාල වී, එම නිෂ්පාදන කටයුතුවලට බාධා එල්ල වෙද්දී, ඒ ඒ රටවල් ඔවුන්ගේ නිෂ්පාදන අපනයනය අඩු කරයි. නැතිනම් නවතා දමයි. ඒ, රටේ පවතින අවශ්‍යතා සපුරාලීමට ප්‍රමුඛත්වය දීමෙනි.

මේ සඳහා  හොඳම උදාහරණය ඉන්දියාවේ ‘සේරම්‘ ඖෂධ නිෂ්පාදන සමාගමේ ‘කොවිෂීල්ඞ්‘ ප්‍රතිශක්තිකරණ එන්නත් නිෂ්පාදනයයි. නිෂ්පාදනය අඩු වූ අවස්ථාවේදී, ඉන්දීය රජය මැදිහත් වී, ‘කොවිෂීල්ඩ‘ එන්නත් අපනයනය නතර කළේය. ඒ, ඉන්දියනුවන්ට ප්‍රමුඛත්වය දෙමින් ඔවුන්ට වැඩි වැඩියෙන් ‘කොවිෂීල්ඩ් එන්නත ලබා දෙමිනි.

පොහොර නිෂ්පාදනය සහ අලෙවිය සම්බන්ධයෙන් ද මේ වනවිට බරපතළ ගැටලු‍ නිර්මාණය වී ඇත. මේ වනවිට දරුණු ලෙස ‘කොවිඩ් 19’ වයිරසයෙන් බැටකන රුසියාවත්, දරුණු බලශක්ති අර්බුදයකට මුහුණ පා සිටින චීනයත්, ඔවුන්ගේ පෙහොර අපනයනය සීමා කර තිබේ. එම රටවල් ඔවුන්ගේ පොහෙර දේශීය පරිභෝජනයට වැඩි වැඩියෙන් යොදවයි. ලොව ප්‍රධාන පෙළේ පොහොර සමාගම් අනතුරු අඟවා ඇති අන්දමට දැනට, මේ වනවිට අර්බුදයක් පවතින්නේ, නිෂ්පාදනයේ සිට වෙළෙඳපොළට දක්වා ඇති ක්‍රියාදාමය ඇතුළතය.

වෙළෙඳපොළේ පොහොර හිඟ වේදදී මිල ගණන් ඉහළ යෑම සිදුවෙයි. එය අවසන් වනු ඇත්තේ ගෝලීය අර්බුදයක් නිර්මාණය කරමිනි.ජගත් දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙන අන්දමට, අනාගත පොහොර අර්බුදයට මුහුණ දීමට නම් සෑම රටක් ම මේ මොහොතේ සිට ඒ වෙනුවෙන් සුදානම් විය යුතුය.

ජගත් කෘෂි සංවිධාන මැදිහත් වී,ඒ සම්බන්ධයෙන් කඩිනම් තීන්දු තීරණ ගැනීම් කළ යුතුය. කිසියම් සාධනීය සැලැස්මක් සකස් විය යුතුය. දේශීය පොහොර නිෂ්පාදකයන් දිරි ගැන්වීම කළ යුතුය. රසායනික පොහොර හෝ වේවා කාබනික පොහොර හෝ වේවා නිෂ්පාදනය සම්බන්ධයෙන් කළමනාකරණයක් තිබිය යුතුය.

(***)
ලු‍සිත ජයමාන්න
රොයිටර් සහ බීබීසී ඇසුරිනි

 



අදහස් (2)

අනාගත ලෝකය අබියස පෝර ​අහේනියක්

අප්පුහාමි Thursday, 11 November 2021 03:23 PM

පොහොර අහේනිය වැස්ස වැඩිකම කිසිදු ආහාරයක් නිපදවා ගැනීම අසීරු කර ඇත.මෙනිසා දැනටත් හිඟයක් පවතින ආහාර දැඩිසේ හිගවී 2023 සාගත වර්ෂයක් වෙනු ඇත

:       1       2

බද්රානි Thursday, 11 November 2021 07:58 PM

ලංකාවේ වගේ රටවල් වලට සාගතයක් ඇති වුණත්, ලෝකයේ දියුණු රටවලට කවදාවත් සාගතයක් ඇති වෙන්නේ නැහැ. ඒ රටවල ගොවියන් ලංකාවේ වගේ හිඟන්නෝ නොවෙයි. ඔවුන්ට ඒ රටවල රජයන් වලින් විශාල ලෙස පහසුකම් සපයනවා. පෝර මිලෙත් කිසිම වැඩිවීමක් නැහැ. අනිත් එක වෙනත් රටවල් සමග පවතින ගිවිසුම් නිසා බදු වලින් තොරව ආහාර ඔවුන්ගේ රටවලට පැමිණෙනවා. ඒ රටවල ආදායමට සාපේක්ෂව අත්‍යාවශ්‍ය ආහාර මිල ඉතාම අඩුයි. කාබනික පොහොර යොදා වගාකළ කාබනික ආහාර වල මිල ගණන් වැඩියි. නමුත් සියයට අනු අටක්ම වගේ පරිභෝජනය කරන්නේ රසායන පොහොර යෙදූ ආහාර... එ්ත් ලංකාවේ වගේ වකුගඩු නම් ඒ රටවල ජනතාවගේ නරක් වෙලා නැහැ.. හොඳ වතුර තියෙනවා. බොහෝ අය ඉතාම අඩු මුදලකට පානීය ජලය මුදල් ගෙවා මිලදී ගන්නවා. ලෝකය දෙස ඇස කන ඇරලා බලපල්ලා මෝඩ මිනිසුනේ...

:       2       5

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 3790 2

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 12444 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 621 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


ශාස්ත්‍රීය දියුණුවට දිරිදුන් හාරඹ වලව්ව
2024 සැප්තැම්බර් මස 26 967 2

හාරඹ වලව්ව බලපිටියේ පිහිටි වලව් අතරින් පැරැණිතම වලව්වකි. සිංහල, පාළි, සංස්කෘත, ඉංග්‍රීසී හා ලතින් භාෂා මැනැවින් දැන සිටි ලු‍වී ද සොයිසා විජයසේකර ජයතිල


​ඡන්දයෙන් රටට දුන් පණිවිඩය
2024 සැප්තැම්බර් මස 26 1069 1

මෙවර ජනාධිපතිවරණය මෙරට මැතිවරණ ඉතිහාසයෙහි පැවැති ඉතාම සාමකාමී මැතිවරණයකි. ඒ නිසාම එම සාමකාමී පරිසරය ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන්ගේ ප්‍රසාදයට ලක්


පැවිදි දිවියේ 36 වසර සපුරන තලල්ලේ චන්දකිත්ති හිමියෝ
2024 සැප්තැම්බර් මස 25 505 1

විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක වන තලල්ලේ චන්දකිත්ති හිමියන්ගේ පැවිදි දිවියට අදට (25) වසර 36ක් සම්පූර්ණ වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38161 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25117 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 254 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 821 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 292 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site