IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


අනතුරක් නැත්නම් තහනමක් අවශ්‍යද?

ජාත්‍යන්තර දෙමළ සංවිධාන 06කට සහ පුද්ගලයන් 316කට මෙරට තුළ පනවා තිබූ තහනම ආරක්ෂක අමාත්‍යාංශය මගින් පසුගියදා ඉවත්කරනු ලැබීය. ආරක්ෂක අමාත්‍යංශ නිවේදනයේ සඳහන් වූයේ එම සංවිධාන සහ පුද්ගලයන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් පසුගිය කාලය තුළ දීර්ඝ අධ්‍යයනයක නිරතවීමෙන් පසුව ලැබුණු නිර්දේශ මත මෙම පියවර ගනු ලැබූ බවය.

එම තීරණයත් සමඟ ඕස්ට්‍රේලියානු දෙමළ කොංග්‍රසය (ACT), ගෝලීය දෙමළ සංසදය (GTF), ලෝක ද්‍රවිඩ සම්බන්ධීකරණ කමිටුව (WTCC), ද්‍රවිඩ ඊළාම් ජනතා සම්මේලනය (JEPA), කැනේඩියානු දෙමළ කොංග්‍රසය (CTC) සහ බ්‍රිතාන්‍ය දෙමළ සංසදය (BTF) යන ජාත්‍යන්තර දෙමළ සංවිධානවල තහනම ඉවත් වනු ඇත. ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කර තිබුණේ එක්සත් ජාතින්ගේ ආරක්ෂක මණ්ඩලය සම්මුතිය අනුව පුද්ගලයන් 577 දෙනකු සහ සංවිධාන 18ක් අසාදුගත ලේඛනයට ඇතුළු කර තිබෙන බවය.

ආරක්ෂක මණ්ඩල සම්මුතිය අනුව තවත් පුද්ගලයන් 55 දෙනකු අසාදුගත කිරීමටත් සංවිධාන 03ක් තහනම් කිරීම සඳහා අලු‍තෙන් ලැයිස්තුගත කිරීමටත් යෝජනා වී ඇතැයිද සඳහන් වේ. ඒ අනුව ද්‍රවිඩ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) සහ දෙමළ පුනරුත්ථාපන සංවිධානය (TRO), ජාතික තව්හිද් ජමාත් සංවිධානය (NTJ) ඇතුළු ද්‍රවිඩ සහ මුස්ලිම් සංවිධාන 15ක්ද අසාදුගත ලේඛනයට තවමත් ඇතුළත් අතර එම සංවිධානවල තහනම ඉවත් කර නැත.

මෙම තහනම ඉවත් කිරීම මේ ආන්දෝලනයකට හේතු වූ අතර රටේ ඇතැම් පිරිස් ඒ පිළිබඳව තම විරෝධය ප්‍රකාශ කර තිබිණි. ඒ සමඟ ජනාධිපති කාර්යාලය ඊට අදාළව සවිස්තරාත්මක නිවේදනයක් නිකුත් කිරීමට පියවර ගත්තේය. මෙම ක්‍රියාවලිය 2014 වසරේ පටන් ක්‍රියාත්මක වූ බවත් ඊට අදාළ ගැසට් පත්‍ර 08ක් මේ වනවිට නිකුත් කර ඇති බවත් එහි සඳහන්ය.

2014 මාර්තු මස 21 වැනිදා මේ සම්බන්ධයෙන් පළමු ගැසට් නිවේදනය නිකුත් වූ අතර එමගින් පුද්ගලයන් 16කගේ නම් ඉවත් කර තිබිණි. ඒ අනුව වරින්වර පුද්ගලයන් සහ සංවිධාන තහනමෙන් ඉවත්කර තිබූ අතර අවසන් වරට පසුගිය අගෝස්තු 01 වැනිදා නිකුත් කළ අදාළ ගැසට් නිවේදනයට අනුව පුද්ගලයන් 316කගේ සහ සංවිධාන 06කගේ තහනම ඉවත්කර ඇත. මේ සම්බන්ධයෙන් විරෝධතා ඇත්නම් නිසි බලධරයා වෙත ඊට හේතු සාධකද සහිතව ලිඛිතව ඉල්ලීම් කළ හැකි බවද සඳහන්ය. මෙහිදී ආරක්ෂක අමාත්‍යාංශය මගින් ගනු ලබන තීරණය අවසානාත්මක වුවද එය මහාධිකරණයේදී අභියෝගයට ලක් කිරීමටද අවස්ථාව තිබේ.

මේ අනුව පැහැදිලි වන්නේ එය හදිසියේ ගනු ලැබූ තීන්දුවක් නොවන බවය. රටේ යුද්ධය අවසාන වීමෙන් පසුව වසර 05ක් ඇතුළත ආරම්භ වූ ක්‍රියාදාමයක තවත් දිගුවක් ලෙස මේ තීන්දුව ගෙන තිබේ. කොරහේ කිඹුලන් දකින පුද්ගලයන්ට හෝ කණ්ඩායම්වලට මෙය හදිසියේ ගනු ලැබූ තීරණයක් හැටියට පෙනී යා හැකිය. අවශ්‍ය නම් එය සර්ව පාක්ෂික ආණ්ඩුවක් බිහිකර ගැනීමේ ව්‍යායාමයේ දෙමළ දේශපාලන පක්ෂවල සහාය ලබාගැනීම වෙනුවෙන් ගනු ලැබූ තීන්දුවක් හැටියටද කෙනකුට හඳුන්වා දිය හැක.

එහෙත් සත්‍ය තත්ත්වය නම් යුද්ධය අවසන් වී වසර 13ක් ඉක්මවමින් සිටින අප තවදුරටත් අන්තවාදී ප්‍රතිපත්තිවල එල්ලී සිටීමෙන් පලක් නැති බවය. මෙම තහනම පවත්වාගෙන යාමෙන් රටට ලැබුණු කිසිවක් නැති බවය. විශේෂයෙන් ලබන මාසයේදී ජිනීවා මානව හිමිකම් සැසිය ශ්‍රී ලංකාවට මහත් බලපෑමක් ඇති කරන බව දැනටම ප්‍රකාශ වී තිබේ. එබඳු තත්ත්වයකදී සියලු‍ විමර්ශන අවසන් වීමෙන් පසුවත් එකී සංවිධාන සහ පුද්ගලයන් රටේ ජාතික ආරක්ෂාවට තවදුරටත් තර්ජනයක් නොවන බවට තහවුරු වී ඇත්නම් ඔවුන්ගේ තහනම ඉවත් කිරීම හැර තවදුරටත් එම තහනම පවත්වාගෙන යාමේ තේරුමක් නැත.

එවැනි තහනමක ලොකුම අවාසිය සිදුවන්නේ රටේ ප්‍රතිරූපයටය. ජිනීවා සැසිවාරයේදී රටේ සංහිඳියාව වෙනුවෙන් සිදුකෙරෙන කැපවීම ප්‍රශ්න කිරීමට ලක්විය හැකිය. ජිනීවා සැසිවාරයේදී සිදුවන්නේ අප කැමැති දේ නොවන බවත් ශ්‍රී ලංකාවට එරෙහිව විවිධ බලවේග එහිදී ක්‍රියාත්මක වන බවත් යථාර්ථයයි. එහිදී උපක්‍රමශීලීව කටයුතු කිරීම හැර වෙනත් මගක් නැත.

යුද්ධය අවසන් වී මෙතරම් කාලයක් ගතවී තිබියදී ජාතික ආරක්ෂාවට අනතුරක් නැත්නම් මෙවැනි තහනමක් දිගටම පවත්වාගෙන යාමේ වැදගත්කම ඇත්තේ දේශපාලන සටන්පාඨවලට පමණි. පසුගිය කාලය මුළුල්ලේම රටේ සැබෑ ගැටලු‍ අමතක කරවා තම තමන්ගේ දේශපාලන ප්‍රතිරූප පුම්බා ගැනීමට යුද්ධය භාවිත කිරීමේ ප්‍රතිඵල අද රට වෙළාගෙන තිබෙන දේශපාලන සහ ආර්ථික අර්බුදවල එක් මහා පොදු සාධකයකි.

මේ තහනම ඉවත් කිරීමෙන් රටට විය හැකි අනතුරක් නැත. අප කළ යුත්තේ රටේ සියලු‍ ජාතීන් එකතු කරගෙන රට යළිත් ගොඩනැංවීමේ ක්‍රියාමාර්ගයකට යාමය. එසේ නැත්නම් ඔන්න කොටි තහනම ඉවත් කරලා කියමින් පරණ පුරුදු ජාතිවාදී තැටියම ගහගෙන දේශපාලනය කිරීමය. මේ දෙකින් වඩා වැදගත් කුමක්දැයි ජනතාව තීරණය කළ යුතුය.

(***)



අදහස් (3)

අනතුරක් නැත්නම් තහනමක් අවශ්‍යද?

Gamunu Friday, 26 August 2022 02:26 AM

ආරක්ෂක අමාත්‍යාංශය මගින් සංවිධාන සහ පුද්ගලයන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් පසුගිය කාලය තුළ දීර්ඝ අධ්‍යයනයක නිරතවීමෙන් පසුව ලැබුණු නිර්දේශ මත ජාත්‍යන්තර දෙමළ සංවිධාන 06කට සහ පුද්ගලයින් 316කට මෙරට තුළ පනවා තිබූ තහනම ආරක්ෂක අමාත්‍යාංශය මගින් පසුගියදා ඉවත්කරනු ලැබීම සහ එම තහනම ඉවත් කිරීම පිළිබඳව දේශප්‍රේමී කණ්ඩායම් විරෝධයක් නොදැක්වීමද සුබවාදී ආරම්භයකි.

:       1       0

කෝකිල Friday, 26 August 2022 11:51 AM

අනතුරක් නැත්නම් තහනමක් පැනවූයේ ඇයි? යුද සමයේ එවැන්නක් කළේ ඔවුන්ගේ ආරක්ෂාවට නම්, ඔව් දැන් එය අවශ්‍ය නැත. නමුත් එය පැනවූයේ "ඔවුන් නිසා ඇතිවන ගැටලුවක්" නිසා නම්, දැන් එවැන්නක් නැතිද? කන්න හිතුණාම කබරයාද තලගොයා සේ පෙනේ...".. එහෙත් සත්‍ය තත්ත්වය නම් යුද්ධය අවසන් වී වසර 13ක් ඉක්මවමින් සිටින අප තවදුරටත් අන්තවාදී ප්‍රතිපත්තිවල එල්ලී සිටීමෙන් ඵලක් නැති බවයි." අග-මුල පටලවාගෙන නොවේද? ".. මේ තහනම ඉවත් කිරීමෙන් රටට විය හැකි අනතුරක් නැත." අතාර්කික, ඒකපාර්ශවීය නිගමනයක්...!

:       0       1

ganegoda Monday, 29 August 2022 12:10 PM

අනතුරක් වෙන්න ඉස්සෙල්ලා පරිස්සම් වෙන එක නේද ඇඟට ගුණ..?

:       0       1

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 1854 1

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 10747 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 512 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


ශාස්ත්‍රීය දියුණුවට දිරිදුන් හාරඹ වලව්ව
2024 සැප්තැම්බර් මස 26 883 0

හාරඹ වලව්ව බලපිටියේ පිහිටි වලව් අතරින් පැරැණිතම වලව්වකි. සිංහල, පාළි, සංස්කෘත, ඉංග්‍රීසී හා ලතින් භාෂා මැනැවින් දැන සිටි ලු‍වී ද සොයිසා විජයසේකර ජයතිල


​ඡන්දයෙන් රටට දුන් පණිවිඩය
2024 සැප්තැම්බර් මස 26 941 1

මෙවර ජනාධිපතිවරණය මෙරට මැතිවරණ ඉතිහාසයෙහි පැවැති ඉතාම සාමකාමී මැතිවරණයකි. ඒ නිසාම එම සාමකාමී පරිසරය ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන්ගේ ප්‍රසාදයට ලක්


පැවිදි දිවියේ 36 වසර සපුරන තලල්ලේ චන්දකිත්ති හිමියෝ
2024 සැප්තැම්බර් මස 25 480 1

විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක වන තලල්ලේ චන්දකිත්ති හිමියන්ගේ පැවිදි දිවියට අදට (25) වසර 36ක් සම්පූර්ණ වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38015 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25035 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 243 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 782 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 282 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site