නව වසර උදාවත් සමඟම අපට අසන්නට දකින්නට ලැබුණේ ජීවිත 19ක් මාරයාට බිලි ගත් පුවතයි. එලෙස අවාසනාවන්ත මරණ වාර්තා වූයේ හදිසි අනතුරුවලිනි. ඉන් බොහොමයක් නොසැලකිල්ල නිසා ඇති වූ ජීවිත හානි බව පොලිස් වාර්තාවලින් කියවිණි. එම සිද්ධි අප පුවත්පත ඇතුළු මාධ්‍ය මගින් වාර්තා කර තිබිණි.
එම පුවතට අනුව රිය අනතුරුවලින් එකළොස් දෙනෙක් මිය ගියහ. දියේ ගිලීම් හයකින් අට දෙනකු මියගිය බවද එහි සඳහන් විය. යතුරුපැදියක ගිය යුවළක් බෝක්කුවක ගැටීමෙන් සිය ජීවිත අහිමි කර ගත්හ. යතුරුපැදිය කොතරම් වේගයෙන් ගමන් කළාද යත් එහි ගැටුණු ගල් කණු දෙකක්ද ගැලවී ගොස් තිබිණි. පොලිස් වාර්තාවල සඳහන්ව තිබුණේ එහි වේගය පැයකට කිලෝ මීටර 100ද ඉක්මවා ගොස් තිබූ බවයි. වේගයේ ආස්වාදය මරණයෙන් කෙළවර වූ එකම අවස්ථාවද මෙය නොවේ. ඉකුත් වසරේ මෙවැනි අනතුරු ගණනාවක් වාර්තා විය. ඉදිරියේදීත් මෙවැනි අනතුරු සිදු නොවේ යැයි කිසිවකුට සහතික විය නොහැකිය.
උත්තරදේවි ගැටී ඉංජිනේරුවරයෙක් මරුට එය නව අවුරුදු උදාවත් සමඟ වාර්තා වූ තවත් පුවතකි. වනවාසල දුම්රිය හරස් මගදී මෙම අනතුර සිදුවිය. දුම්රියේ ගැටුණු මෝටර් රථය ගිනි ගෙන ඔහු මියගියේද නොසැලකිල්ල නිසාය. අනතුර පෙනි පෙනී ඔහු නොසැලකිල්ලෙන් වාහනය පදවා ඇති බව කියැවෙයි.
හෙට දිනයේදී ද මෙවැනි අනතුරු සිදු නොවේ යැයි නිගමනය කළ නොහැකිය. අනතුරු වළක්වාගත නොහැකි වී ඇත්තේ මිනිසුන්ගේ නොහික්මීම නිසාය. නොසැලකිල්ල පාලනය කරන ඉවසිල්ල නොමැතිකම නිසාය. අනතුර දැක දැක මාධ්‍යවලින් පෙනි පෙනී තිබියදී පවා ඒ දෙයම යළි යළිත් කිරීමට තරම් අද සමහරු මළ මූසල තත්ත්වයට ඇද වැටීම අදහාගත නොහැකිය. අකුරේගොඩ වැවේ දිය නෑමට ගිය තරුණයෙක් ගිලී මළේය. ඒ තවත් අනතුරක් වාර්තා වී තිබූ අන්දමයි. මට පීනන්නද පුළුවන් කියා මියගිය තරුණයා මීටර් 100ක් පමණ පිහිනා ගිය බව එහි සඳහන් විය. එවැනි හැකියාව තිබෙන අයද අනතුරට ලක්වේ නම් සාමාන්‍ය අය ගැන කවර කතාද? අවදානම් තත්ත්වයක් පවතීනම් එවැනි අවස්ථාවක විනෝදය තකා කරන කටයුතුවලින් වැළකිය යුතුය. එලෙස දියේ ගිලී සිදුවන අනතුරු මසකට දෙක තුනක් සිදුවීමේ ප්‍රවණතාවක් පවතී. යාපනය කැසුරිනා මුහුදේදී ශිෂ්‍යයෙක් දියේ ගිලී මරුට, දෙනියාය පල්ලෙගම සත්මාලේ ඇල්ලේ සෙල්ෆි ගැසූ පියපුතු මරුට. මෙලෙස කොතරම් පුවත් වාර්තා වුවද, සමහරු ඒවා තුට්ටුවකටවත් මායිම් නොකරති. තම විනෝදාස්වාදය පතා කිසිදු සොයා බැලීමකින් තොරව වැවට, දොළට, ගඟට, මුහුදට පනින අය සිටිති. විනෝදය ඕනෑම අයකුට අත්‍යවශ්‍ය දෙයකි. එසේ වුවද විනෝදයට කරන කියන දේ ආරක්ෂා කාරී විය යුතුය. මේ වෙනුවෙන් කෙනකු පිළිපැදිය යුතු උපදේශය වන්නේ ‘‘විනෝද වන්න හැබැයි පරෙස්සමෙන්’’ යන්නයි.
‘‘කුකුළු කොටුව දෙදරු මව බිලිගනී’’ පසුගිය බදාදා (5) ජාතික පුවත්පතක පළවූ එම පුවතින් හෙළිවූයේ කුකුළු කොටුවේ ආරක්ෂාවට ඇද තිබූ විදුලි කම්බියක් පැටලී ඇය මිය ගිය බවයි. එලෙස විදුලි සැර වැදී සිදුවන අනතුරුවලද වැඩිවීමක් දැකිය හැකිය. මෙයට මාස කීහිපයකට පෙරද තරුණ පෙම් යුවළක් විදුලි කම්බියක පැටලී මියගියහ. මේ සිද්ධි ගැන හාරා අවුස්සා බැලීමේදී අවබෝධ වන බරපතළ කරුණු වන්නේ නොසැලකිල්ල නිසා ඔවුන්ගේ ජීවිත හානි වී ඇති බවයි.
දියෙහි ගැඹුර කිසිවකු නොදනී යැයි කියමනක් ඇත. සුන්දර වෙරළක, සුන්දර දිය ඇල්ලක් අසල, සුන්දර කඳුවැටියක, සුන්දර වැවක ආස්වාදය විඳගන්නට යන සියලු දෙනාම මතකයේ රඳවා ගත යුතු කරුණක් වන්නේ මේ සෑම ස්ථානයකම ‘‘සැඟවුණු මාරයෙක්’’ සිටින බවයි. සත්මාලේ ඇල්ල අසලදී පියපුතු දෙදෙනකු මියගියේ සෙල්ෆි ගැසීමට යාමෙනි. ඇතැම් රියදුරෝ රිය පදවමින් ජංගම දුරකථනයෙන් කතා බහ කරති. එයද මරුවාට අත වැනීමකි. දුම්රිය මගෙහි සෙල්ෆි ගැසූ අයිය මලෝ මියගිය පුවතක්ද දුම්රිය මගෙහි දුරකථනයෙන් කතා කරමින් ගිය තරුණියක මියගිය පුවතක්ද වරෙක අපට අසන්නට ලැබුණු අවාසනාවන්ත සිද්ධීන් අතර විය. මේවා දැක දැක පාඩම් ඉගෙන නොගන්නා සමාජයක අනතුරු අවම කරගැනීම අසීරුය.
උපන් සියලු සත්වයෝම මරණයට පත්වන්නේ සොබාදහම් න්‍යායට අනුවයි. අප ක්‍රියා කළ යුත්තේ අමරණීය වීමට නොව දීර්ඝායුෂ ලබාගැනීමටයි. එසේ වීමට නම් පළමුව කළ යුත්තේ තමන් තමන්ටම ආදරය කිරීමයි. නොසැලකිල්ල යනු ඉන් බැහැර වීමේ එක් අංගයකි. මාර්ග අනතුරු පිළිබඳ සමීක්ෂණවලට අනුව පසුගිය වසර 37 පමණ කාලයේදී මාර්ග අනතුරුවලින් මියගිය සංඛ්‍යාව දළ වශයෙන් ගත් කල 451000ක් පමණ වෙයි. එය අවුරුද්දකට 1500පමණ වන අතර දිනකට සිදුවන මරණ සංඛ්‍යාව 4ක් පමණ වෙයි. මෙලෙස මිය යන පිරිසෙන් වැඩි දෙනකු තරුණයන් හා දරුවන් වීම ලොකුම ඛේදවාචකය බවට පත්ව ඇත. ඉන් අපට අහිමි වන්නේ රටේ හොඳම ශ්‍රම සම්පතයි. බීමත්කම, රියැදුරුට නින්දයාම, හිතාමතාම නොසැලකිලිමත් අයුරින් රිය ධාවනය මේ අනතුරුවලට හේතුවන බව පොලිස් වාර්තාවල සඳහන් වෙයි. මෙම අනතුරු අඩුකර ගැනීමට නම් විනය ගරුක රියැදුරන් බිහි කළ යුතු අතර මාර්ග නීති හා අදාළ දඬුවම් තවදුරටත් දැඩි විය යුතුය. දියේ ගිලීම්, විදුලි සැරවැදීම්, අකුණු සැර වැදීම්වලින් බේරී සිටීමට නම් කළ යුත්තේ මනා අවබෝධයකින් විනෝදාස්වාදය ලබා ගැනීමත් ආරක්ෂිත ක්‍රමවේද හා උපදෙස් පිළිපැදීමත්ය. පළමුව ආරක්ෂාව - දෙවනුව විනෝදය පළමුව ආරක්ෂාව දෙවනුවත් ආරක්ෂාව - තෙවනුව වේගය යන ආකල්පයෙන් කටයුතු කළහොත් අනතුරු අවම කරගත හැකිය.
(***)
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අනතුරුවලින් ජාතියට අහිමිවන මිනිස් ජීවිත
M.H.Deeganatha Monday, 10 January 2022 11:12 AM
ව්දෙස් රැකියාවකදී ලද අත්දැකීම නම් , තමුන් බාරයේ, යටතේ සේවය කරන සැමගේ ආරක්ශාවට මුල්තැන දී කටයුතු කලයුතු බවයි. ලංකාවේ එවැනි තත්වයක් නම් දක්නට ඇත්තේම නැහැ. සදාකාලිවම පිලිකුල් සහිත රාජ්‍ය ආයතනය පොලීසිය, පොලොන්නරුව පොලිස් නිලදාරීන් 2 කු වන, විජේකෝන් සහ අතුලකුමාර යන මහත්වරුන් දෙපලගේ ඒ මානුශීය ක්‍රියාව මුදලකින් පවා තක්සේරු කිරීමට තරම් විය.. දියෙහිදී ස්වයන්ව ජීවිත ආරක්ශාව සලසා ගතහැකි සරල ක්‍රම වේදයක් , යූ ටියුබ් නිව්ස් ෆස්ට් -2010-12-08 මගින් ඔබ සැමට දැකගත හැක. " 2015 සහසක් නව නිපැයුම් " ප්‍රදර්ශනයේදී මෙන්ම හිගුරක්ගොඩ කලාප අද්‍යාපන කාර්‍යාලය මගින් 2015-10-10 දින මෙහෙයවූ ගුරු දාරිතා වැඩ මුලුවේදී එය , බූගෝල විශයට සම්බන්දව " හදිසි ආපදා අවස්තාවකදී ජනතාව දැනගතයුතු පැතිකඩක් " යටතේ ගුරුබවතුන් දැනුවත් කිරීමටද හැකිවීනි . කනගාටුවට කරුන නම් , කෙනෙකු මියගියවිට පින් පැතීම මිස ජීවිතයක් රැක ගැනීමට කිසිවෙකු දැනුවත්ව නොසිටීමය.