IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


අනපේක්‍ෂිත මොහොතක දෙබරයට ගල්ගැසීම

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිව්රුම්දීමෙන් පසුව රනිල් වික්‍රමසිංහ මහතා කළ මංගල කතාවේදී සමගි ජනබලවේගය හෝ මින් පෙර අවස්ථාවක පෙන්වා නොදුන් කරුණු කාරණා රාශියක් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය. කොටින්ම, ඔහුගේ එදිරිවාදීහු පවා ඒ හමුවේ මවිතයට පත්වූහ.  

එයින්, සමගි ජනබලවේගයේ වර්තමානයේ පවතින සැබෑ තත්ත්වය දිගහැරුණු අතර, වික්‍රමසිංහ මහතා තරමට විවේචන සහ අදහස් පළකිරීමට නම් සජිත් ප්‍රේමදාස මහතාට ද සිය මෘදු ප්‍රතිපත්තිය මදක් වෙනස් කරගැනීමටත්, පාලක සන්ධානයේ සිය බලවත් මිතුරන් අමනාපයට පත්වන්නේ වුව ද, දැඩිව සහ මදක් ආවේගශීලීව අදහස් දැක්වීමටත් සිදුවනු ඇත. මේ සම්බන්ධයෙන් වඩා හොද අදහසක් ගැනීමට පළමුව වික්‍රමසිංහ මහතාගේ කතාවෙන් කොටසකට අවධානය යොමු කිරීම වටී.

අපි මේ මොකද කරන්නේ ?

“කෝවිඩ්-19 වසංගත තත්ත්වය පාලනය කිරීම සදහා වන ජනපති කාර්යසාධන බලකාය ඔවුන්ගේ කාර්යයේ සම්පූර්ණයෙන්ම අසමත්වෙලා තිබෙනවා. සෞඛ්‍ය ඇමතිතුමියගේ කතාව අපි ඇහුවා නම්, මේ කාර්යසාධන බලකාය පිහිටැවූ දවසේ ඉදන් කර තිබෙන දේ ගැන අපට තේරුම් ගන්නට පුලුවන්”

“අපි මේ මොකද කරන්නේ? අපිට ඔවුන් සමග ඉදිරියට යන්නට බැහැ. කෝවිඩ්-19 ආසාදිතයන්ගේ ප්‍රමාණය ඉහළ යමින් තිබෙනවා. අපගේ ව්‍යවස්ථාව අනුව වගකීම තිබෙන්න ඕනේ කැබිනට් මණ්ඩලය සහ පාර්ලිමේන්තුව අතේ. ඇයි කැබිනට් මණ්ඩලයට මේ බලය දීලා නැත්තේ? කැබිනට් මණ්ඩලයට ඒ බලය දැනටමත් තියෙනවා. ව්‍යවස්ථාවේ වගන්ති 3, 4 සහ 43 ට අනුව, රජය පාලනය කරන්න පුලුවන් කැබිනට් මණ්ඩලයට, අගමැතිවරයාට සහ මෙතැන පාර්ලිමේන්තුවෙත් සිටින අමාත්‍යවරුන්ට පමණයි”

“ඔබ අගමැතිතුමනි, මේ වගකීම ගතයුතුයි. ඔබට වරදක් වුවහොත්, අපට මෙතැනට ඇවිල්ලා කෑගහන්න හරි පොස්ටර් උස්සගෙන ඉන්න හරි පුලුවන්. ඇයි මේ ගැටලුව කැබිනට් මණ්ඩලයට භාරදීලා නැත්තේ කියන එකයි මෙතන තියෙන ප්‍රශ්නය.”

“ලෝක සෞඛ්‍ය සංවිධානයට පවා විශේෂඥයින්ගෙන් සමන්විත විශේෂ උපදේශයක මණ්ඩලයක් සිටිනවා. කෙසේවුවත්, ලංකාවේ එහෙම නැහැ. කමිටුවක් තියෙනවා, නමුත් ඒ කමිටුව පවා භාරදීලා තියෙන්නේ දෙපාර්තමේන්තු ප්‍රධානියෙක්ට”

“හමුදාපතිවරයා කියන්නේ දෙපාර්තමේන්තු ප්‍රධානියෙක්. මේ දේවල් ඔහු කරන්නේ කොහොම ද? අමාත්‍යංශවලට, ලේකම්වරුන්ට නියෝග දෙන්න පුලුවන් අමාත්‍යවරුන්ට හෝ කැබිනට් මණ්ඩලයට පමණයි. එතැනින් දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට, අමාත්‍යවරයාගේ නියෝග අනුව හෝ පවත්නා තත්ත්වය අනුව හෝ සෘජු නියෝග නිකුත් කරන්නේ ලේකම්වරුන්. ඇයි මේ බලතල ක්‍රියාත්මක කරන්නේ නැත්තේ?”

මිලිටරිකරණයට මඟ පාදා දීම

“නායකත්වය භාර අරගෙන, ව්‍යවස්ථාවෙන් ලබා දී තිබෙන බලය භාවිතා කරන්නය කියා අපි ඔබෙන් ඉල්ලා සිටිනවා. අනෙක් අයට එය කරන්න බැහැ. මේ ගැන අදහස් දැක්වීමෙන්, අපට පාර්ලිමේන්තුවේ යමක් කරන්න පුලුවන්”
“ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදී රජයක කණ්ඩායම් තුනක් සිටිනවා. දේශපාලන අධිකාරිය- ඒ කියන්නේ කැබිනට් මණ්ඩලය, ජනපතිවරයා, අගමැතිවරයා සහ කැබිනට් අමාත්‍යවරු එය නියෝජනය කරනවා. සිවිල් බලය- ඒ කියන්නේ සිවිල් පරිපාලනය. අමාත්‍යංශ ලේකම්වරුන් සහ වෙනත් රාජ්‍ය සේවකයින් එය නියෝජනය කරනවා. තුන්වැනි එක තමයි මිලිටරිය. ඔවුන්ගේ කාර්යය යුද්දයට සොල්දාදුවන් යැවීම. අද වෙමින් තිබෙන්නේ, මිලිටරි බලය යොදාගෙන රට පාලනය කිරීමක්”
“මේක කරන්න බැහැ. මේක වරදක්”
“කෝවිඩ්-19 පමණක් නොවෙයි, අපි දකිනවා හමුදාපතිවරයා ආයෝජන සම්බන්ධයෙන් සාකච්ඡා කැරුණු මණ්ඩලයක අදහස් දක්වනවා. එතැන සිටිය යුතුව තිබුනේ මුදල් අමාත්‍යවරයා හෝ අදාළ රාජ්‍ය අමාත්‍යවරයා. ඒක දැක්කහම, එතැන සාකච්ඡාවට සහභාගීවෙලා හිටපු අයත් පිටවෙලා ගියා”
“මට යුද හමුදාපතිවරයා එක්ක කිසිම ගැටලුවක් නැහැ. ඔහු සමග මම කටයුතු කර තිබෙනවා වගේම ඔහු මට උපකාර කරත් තිබෙනවා. කෙසේවුවත්, මේක ඔහුට කළ හැකි කාර්යයක් නොවෙයි. ඔබ මේ වගකීම භාරගන්නවා නම්, ඒක තමයි හරි. මොකද, ජනතාව ඔබට බලය දී, තිබෙනවා. අපට ඒ ගැන තර්ක කරන්නට බැහැ. කෙසේවුවත්, ඒ බලය භාවිතා නොකිරීම ගැනත්, ඒ බලය ඔවුන්ට දීම හරහා අර්ධ වශයෙන් හෝ පූර්ණ වශයෙන් මිලිටරිකරණයකට මාර්ගය පාදා දී තිබීම ගැනත්, අපි ඔබට දොස් පවරනවා”

“අගමැතිතුමනි, මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් පවත්වන්නට අපි කැමතියි. ඒ වගේම, පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාමය ගැටලුව සහ ප්‍රජාතන්ත්‍රවාදය තේමා කරගනිමින්, මේ ගැටලු සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් පවත්වන්නටත් අපි කැමතියි”

“අපි දේශපාලනික වශයෙන් ඔබට විරුද්ධ පාර්ශවයේ හිටියත්, ව්‍යවස්ථාවට අනුව තීන්දු තීරණ ගතයුතුව තිබෙන්නේ කැබිනට් මණ්ඩලය. ඒ තීන්දු තීරණ විවේචනය කරන්නට, විශ්වාසභංග යෝජනා ගෙන එන්නට එහෙමත් නැතිනම් මෙතන ඇවිල්ලා ඉඳගෙන හරි ඉන්නට, අපට පුලුවන්. නමුත් එහෙම නොවෙනවා කියන්නේ මේ පාර්ලිමේන්තුව ක්‍රියාකාරී තත්ත්වයක නැහැ. ඒ නිසා, කැබිනට් මණ්ඩලයේ බලතල වෙනත් පාර්ශවයකට ලබා දී තිබීම සම්බන්ධයෙන්, අක්‍රීයව සිටීම සම්බන්ධයෙන් ව්‍යවස්ථාව උල්ලංඝණය කර තිබීම සම්බන්ධයෙන් වගේම ජනතාව ලබාදුන් ජනවරම විනාශ කර තිබීම සම්බන්ධයෙන්, පාර්ලිමේන්තු විවාදයක් පවත්වන ලෙස මම ඉල්ලා සිටිනවා. මේ කාරණයට, මගේ අනෙක් පාර්ලිමේන්තු මිතුරන් ද, එකග වනු ඇතිය කියා මම අපේක්ෂා කරනවා” යයිද වික්‍රමසිංහ මහතා කිවේය. 

වික්‍රමසිංහගේ දිශානතිය

වික්‍රමසිංහ මහතා නැවත පාර්ලිමේන්තු පැමිණීම සහ ඔහු ගමන් කිරීමට අපේක්ෂාවෙන් සිටින දිශානතිය, ඔහුගේ මංගල පාර්ලිමේන්තු කතාවෙන්ම පැහැදිලි විය. ඒ හරහා ඔහු රජයේ බලවත් පාර්ශවයන් කිහිපදෙනෙකුගේම, අගමැති මහින්ද රාජපක්ෂ මහතාද, ඇතළුව, හදවත් ස්පර්ෂ කිරීමට සමත්විය. 

සිය කතාවෙන් වික්‍රමසිංහ මහතා ගෙනහැර දැක්වූයේ, පවත්නා තත්ත්වය සම්බන්ධයෙන් සැබැවින්ම ඔවුන්ටම පවතින ගැටලුය. ව්‍යවස්ථානුකූලව, අගමැතිවරයාට, කැබිනට් මණ්ඩලයට පමණක් නොව සමස්ත පාර්ලිමේන්තුවටත් රටේ උද්ගතව තිබෙන තත්ත්වය අරබයා මැදිහත්විය යුතුව තිබෙන ආකාරය හිටපු අගමැතිවරයා මොනවට පෙන්වාදුන්නේය. එය මේ දක්වාම රජය පාර්ශවයේ කිසිදු අයෙක් හෝ පෙන්වා දුන් හෝ අවධානය යොමු කළ හෝ කාරණයක් නොවේ.

එවැනි පිළිවෙතක් අනුගමනය කිරීමට පෙළඹීම යනු, රජය පාර්ශවයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අතර පවතින බෙදීමක්, වඩා පැහැදිලිව දැකගැනීමට සළස්වන්නක් වීමට ඉඩ තිබේ. මිලිටරි මැදිහත්වීම මීට වඩා අඩු මට්ටමක පවත්වා ගනිමින්, වඩ වඩාත් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට නැඹුරු විය යුතුව තිබේය යන්න වික්‍රමසිංහ මහතා පෙන්වා දෙන ප්‍රධාන කාරණයයි. එහිලා, අගමැතිවරයාට සහ අගමැතිවරයා සමග සිටින අනෙක් පිරිසට, විශේෂයෙන්ම කැබිනට් අමාත්‍යවරුන්ට, පවතින කාර්යභාරය ඔහු විස්තර කර දුන්නේය.
වික්‍රමසිංහ මහතාගේ කතාව පදනම් කරගෙන සැළකූ විට, වර්තමාන විපක්ෂයට, දේශපාලනමය වශයෙන් පාර්ලිමේන්තුවේ පවතින තත්ත්වය පැහැදිලිව අවබෝධ කරගත හැකිය. 

සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුලු අනෙක් සාමාජිකයන් විධායකයට එරෙහිව දැඩි නොව මෘදු සහ සුමට පිළිවෙතක් අනුගමනය කරමින් සිටිය දී, ව්‍යවස්ථාදායකයේ එකම හඬ බවට පත්ව සිටින්නේ එක්සත් ජාතික පක්ෂයෙන් පත්ව සිටින තනි සාමාජිකයාය. එයද, තමන්ගේ අදහස් දැක්විය හැකි තවත් අය සිටිය ද, එසේ කළහොත් දෙබර වදය ඇවිස්සෙනු ඇතැයි බියෙන් ඔවුන් මුනිවත රකිමින් සිටින වාතාවරණයකය. 


කැබිනට් සංශෝධනයක ලකුණු

සැබැවින්ම වර්තමාන පාර්ලිමේන්තුවේ යම් රික්තයක් තිබේ. ක්‍රියාශීලී සහ සක්‍රීය විපක්ෂයක් නොමැතිව, රටේ පාලන කටයුතු සමබරව හා සාධාරණව සිදුවන්නේ යැයි අපේක්ෂා කිරීමට කිසිවෙකුට නොහැකිය.
මේ අතර වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට පිවිස පැය 24 ක් ගතවීමටත් මත්තෙන්, තවත් අලුත් දේ සිදුවන්නට යන බවට ලකුණු පහළ විය. 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මුලෝපාය තනන්නා වන බැසිල් රාජපක්ෂ මහතා පසුගිය බ්‍රහස්පතින්දා ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර සිට යළි කොළඹ බලා පැමිණියේය. ජනපති කාර්යසාධන බලකායක ප්‍රධානියා ද වන ඔහු නුදුරේදීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස දිව්රුම් දීමට නියමිතව ඇත. 
ප්‍රසන්න රණතුංග, නිමල් ලංසා යන අමාත්‍යවරුන් ප්‍රමුඛ තවත් නිලධාරීන් කණ්ඩායමක් බැසිල් රාජපක්ෂ මහතාව පිළිගැනීමට කටුනායක ගුවන්තොටුපළට ගියහ. ඔහු නැවත දිවයිනට පැමිණෙන්නේ, ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය කැබිනට් අමාත්‍යවරුන්ගේ මෙන්ම රාජ්‍ය නිලධාරීන්ගේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් සවිස්තර අධ්‍යනයක් සිදුකරමින් සිටින පසුබිමකය. මේ සම්බන්ධයෙන් ඔහු අගමැති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ද, ප්‍රධාන අමාත්‍යධූරයකින් පිදුම් ලැබීමට නියමිතව සිටින බැසිල් රාජපක්ෂ මහතාගෙන් ද අදහස් විමසීමට සිටින බව දැනගන්නට තිබේ. 

මෙය, කැබිනට් තනතුරු මාරුවක පෙර සූදානමක් යැයි ඉහළ පෙලේ ආරංචි මාර්ගයන් සදහන් කළේය. තමන්ට නියමවූ රාජකාරි නිසි ලෙස ඉටුනොකළ අමාත්‍යවරුන් කැබිනට් අමාත්‍ය මණ්ඩලයෙන් පහ කිරීමට හෝ ඔවුන්ට අඩු මට්ටමක අමාත්‍යධූර ලබාදීමේ ඉඩක් පවතින අතර, ක්‍රියාකාරීත්වයෙන් දුර්වල මට්ටමක පසුවනවාට අමතරව ඇතැම් අමාත්‍යවරුන්ට බරපතල වංචා, දූෂණ මෙන්ම අකටයුතුකම් සම්බන්ධයෙන් චෝදනා ද නැගී තිබේ. නව අමාත්‍යධූර කිහිපයක් ද ඇතිකිරීමට යන බව සැළය.

අමාත්‍යවරයෙක් ලෙස දිව්රුම් දීමෙන් පසුව බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රමුඛ අවධානය යොමුවනු ඇත්තේ ජීවන වියදමින් දරුණු ලෙසම බැටකමින් සිටින ජනතාවට යම් කිසි සහනයක් ලබාදීමට යැයි රජයේ ආරංචි මාර්ගයක් පැවසුවේ ය. එහිලා මෑතක දී ඉහළට නැංවුණු ඉන්ධන මිල නැවත සංශෝධනය කිරීම ද අවධානයට ගැනෙනු ඇත.

ද සන්ඩේ ටයිම්ස් අනුග්‍රහයෙනි
පරිවර්තනය කෝවිද ගුණසේකර

 



අදහස් (4)

අනපේක්‍ෂිත මොහොතක දෙබරයට ගල්ගැසීම

chandima Wednesday, 30 June 2021 07:40 PM

ටික ටික ආයෙත් අගමැති අතට බලේ එන විදිහට වෙනස් කරගන්න වගේ හදන්නේ... කළිනුත් ඔය උපාය යෙදුවා... හීන් නූලෙන් බලය අල්ලන්න. හැරෙනකොට කියන්න පුළුවනි එන්නේ පොල්පැලේ කන්න කියලා.

:       209       1082

RaveendraWednesday, 30 June 2021 08:49 PM

නිකමට නොවේ මිනිසුන් මුන්දැට ගල් ආඳා නොහොත් රට ඇම්ඩන් නොහොත් සූත්තර පුංචා කියන්නේ....

:       7777       4824

athulaMonday, 05 July 2021 09:36 AM

නිකන්ම ආඳා නොකියා ගල් ආඳා කියන්නේ මොකද?

:       0       8

nihal Thursday, 01 July 2021 07:07 AM

මහජන මුදලින් කනබොන, අපේ රටට කිසිම වැඩක් නොකරන, රට අගාධයට අරන් යන දේශපාලන ඉහඳ පණුවන් ඉවත් විය යුතුය... අපේ රට අගාධයට ගෙනයන අයව ජාතක කළ අයටත් සාප වේවි..!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

මැදපෙරදිග හෙල්ලුම් කෑ නසරැල්ලා ඝාතනය
2024 සැප්තැම්බර් මස 30 810 0

ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම්වරයා, එසේත් නැතිනම් නායකයා ෂෙයික් හසන් නසරැල්ලා ඝාතනය කිරීමට ඊශ්‍රායලය සමත් විය. 64 හැවිරිදි නසරැල


දේශපාලනයේ පෙරළිකාරයා - කළුගංතොට සිංහයා
2024 සැප්තැම්බර් මස 30 391 0

හිටපු අමාත්‍යවරයකු අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද (30) සවස මතුගම ආදාහනාගාරයේ දී සිදු කෙරේ මේ ලිපිය ඒ නිමිත්තෙනි.


අලුත් දැක්මක නව යුගයක ආරම්භය
2024 සැප්තැම්බර් මස 30 132 0

නිදහසට පසු යුගය තුළ ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසයේ පළමු වතාවට සාම්ප්‍රදායික වම හෝ දකුණ හෝ බලයට එන දේශපාලනය වෙනුවට අලුත් බලවේගයක් නිර්මාණය වී තිබේ. ඉකුත


උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 4288 2

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 12704 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 694 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38310 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25238 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 306 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site