පංච ඉන්ද්‍රියයන් සංවර කර ගැනීමෙන් ප්‍රීතිමත් සමගි සම්පන්න ජීවිතයක් ළඟා කරගත හැකි බව බුද්ධ දේශනාවේ සඳහන්වේ. පණ ඇති සතුන් ඝාතනය කිරීම, අන්සතුදේ ගැනීම, කාමයෙහි වරදවා හැසිරීම, බොරුකීම, සුරාපානය කිරීම, පිරිහීමේ දොරටු ලෙස නම්කර ඇත. සැබැවින්ම එම ධර්මය ගැඹුරුය. අර්ථය සදාකාලිකය. එවන් වූ දහමට පිටින් කටයුතු කරන්නා දවසින් දවස පිරිහේ. ජීවිතයට අභාග්‍යයම උදා කර ගනී. අදත් මම එදා කවි කොළ විශේෂාංගය යටතේ දහමට විරුද්ධව යන්නාගේ ජීවිතය දුකට පත්වන ආකාරය පිළිබඳ ලියමි. මීට වසර ගණනාවකට පෙර අනුරාධපුරයේ එම්.ඒ. සඳුන් විජේසිංහ කිවිඳුන් විසින් ලියා පළ කෙරුණු කවි කොළයේ කතාව මෙසේය.
කන්දේ ගෙදර ගෙපිලට චන්ද්‍රාලෝකය වැටී ඇත. ටිකිරි මැණිකේ සේපාලිකා ගසයට තිබූ ලී බංකුවේ වාඩි වූවාය. සීතල සුළං රැල්ලකට ඇගේ අක්බඹරු කේෂකලාපය දඟ කරන්නට විය. චන්ද්‍රා ලෝකය වැටී බබළන ඇගේ වත දෙස රන්බණ්ඩා බලා සිටියේ අප්‍රමාණ ස්නේහයෙනි. “මගේ මැණිකේ එළියේ පිනි බාන්න එපා.... මගේ මැණිකේ ලෙඩ වුණොත් අපේ දරු පැටියාට හොඳ නෑනේ.” රන්බණ්ඩා ටිකිරි මැණිකේ අසලට යමින් පැවසුවේය. ඇය මොහොතක් ඔහුගේ ආදරයෙන් පිරි දෙනෙත් දෙස බලා සිටියාය.
බණ්ඬේ අයියා ඔයාගේ කොලු පැටියා දඟලනවා... මේ බලන්න. ඇය ඉදිරියට නෙරා ආ උදරය සෙනෙහසින් පිරිමදිමින් පැවසුවාය. රන් බණ්ඬේ ඇයව තුරුලු කර ගනිමින්....
“අපි යමු මැණිකේ ගෙට ... තව ටික දොහකින් උඹ අම්මා කෙනෙක්... මම අප්පොච්චෙක්, පවසමින් ගෙතුළට කැඳවාගෙන ගියේය. ආදරය කරුණාව පිරි ටිකිරි මැණිකේගේ ගෙපැල කිරි සුවඳින් සුවඳවත් විය. රන්බණ්ඩාගේ අපේක්ෂාවන් මල්ඵල ගන්වමින් ඔවුනට පුතණුවෙක් උපන්නේය. ඔහු ජයලත් විය.
ජයලත් මැණිකේගේ තුරුලේ සෙනෙහසින් වැඩෙද්දී රන්බණ්ඩා තව තවත් මහන්සි වී ගොවිතැන් කටයුතු සිදු කළේය. ඔහුගේ කුඹුරු සාරවත් විය. හේනේ පලදාව සරුවිය. පුංචි පවුල ප්‍රීතියෙන් ජීවිතය මුදාහැරියහ.
ජයලත් දුවපනිනා වයසට එන විට මැණිකේ යළිත් ගැබ්බර වූවාය.
“අපිට තව එකෙක් වැඩි නෑ මැණිකේ. මීට පස්සේ මැණිකේ ගොවිතැන් කටයුතුවලට එන්ඩ ඕන නෑ. මට පුළුවන් මැණිකෙයි මගෙ පැටවුනුයි බලාගන්ඩ.”
රන් බණ්ඩා මැණිකේත් පුංචි පුතුත් ළංකරගෙන පැවසුවේය.
“අප්පොච්චා අම්මා ගෙදර හිටපු දෙන් මම එන්නම් අප්පොච්චට උදව්වෙන්න.”
ජයලත්ගේ නිකට සෙලවූ රන්බණ්ඬේ “මගෙ ලොකු අප්පොච්චා.... උඹ හේන් කොටන්න එන්න ඕන නෑ. අම්මව බලාගෙන හොඳට ඉගෙන ගනින්.. මගේ අතපය හොඳට හයියයි මගෙ පුතා” ආදරයෙන් පැවසුවේය.
දින සති මාස ගෙවී ගියේය.
රන්බණ්ඩාගේ ගෙපැළ දෙවැනි වරටත් කිරි සුවඳින් සුවඳවත් විය. ඔවුනගේ අපේක්ෂාවන් මල්පල ගන්වමින් දියණියක් උපන්නාය. මොළකැටි අත් පා සොලවමින් සෙල්ලම් කරන දියණිය ඒ සොඳුරු කැදැල්ල තව තවත් සුන්දර කළාය. ටිකිරි මැණිකේ දරුවන් දෙදෙනාවත් රැකගෙන නිවසෙහි සියලු කටයුතු සිදුකළාය. රන්බණ්ඩා වෙහෙස මහන්සි වී හේන් ගොවිතැන් කරගෙන ගියේය.
දරුවන් දෙදෙනෙකුගේ කටයුතුත් සමඟ ගැටෙන මැණිකේට තනිව මහපොළව සමඟ සටන් කරන රන් බණ්ඩා පිළිබඳව දුක සිතුණාය. ඇය ඒ පිළිබඳව විස්සෝප වූ අතර බණ්ඩාට සහනයක් දියහැකි මඟක් සෙව්වාය.
බණ්ඬේ... නරකද මල්ලිව ඔය හේන් ගොවිතැනට ගෙන්නා ගත්තොත්... මට මේ පැටව් දෙන්න දාලා ඇවිත් උඹට උදව් කරන්න විදියක් නෑනේ...”
දිනක් ටිකිරි මැණිකා රන්බණ්ඩාට පැවසුවාය. මැණිකාගේ යෝජනාව පිළිබඳ මීට පෙර ඔහුට සිතී තිබුණත් ඇයගේ මනාපය හිමි නොවෙමි යන සැකය නිසා නොපවසා සිටියේය. එහෙත් මැණිකේම ඒ පිළිබඳ යෝජනාව ගෙන ආ නිසා බොහෝ සතුටට පත් රන්බණ්ඩා සිය බාල සොයුරාව නිවසට ගෙන්වා ගත්තේය.
ඔහුගේ පැමිණීම රන්බණ්ඩාට පහසුවක් විය. හේනේ කටයුතු සියල්ල තමාටත් වඩා හොඳට මල්ලිගේ අතින් සිදුවිය. ඒ නිසාම රන් බණ්ඩාට වෙනදාට නැති නිදහසක් හිමි වුවේය. මුළු දවසම හේනේ කාලය ගෙවා දැමූ බණ්ඩාට ගමේ ගොඬේ නැවතී යහළු මිත්‍රයන් ඇසුරු කිරීමට අවස්ථාව උදාවූවේය. ඒ ආකාරයට ඔහු ලැබූ නිදහස ඔහුගේ අභාග්‍යයට හේතුවූවේය. පාප මිත්‍ර සේවනය ඔහු පවට යොමු කළේය.
කුසුමලතා විවාහක ස්ත්‍රියකි. ඇගේ ජීවනෝපාය මත්පැන් වෙළඳාමය. අඟර දඟර පාමින් පිරිමින් වසඟයට ගැනීමට ඇය බොහෝ දක්ෂය. ඇගේ මායමට හසුවූ පිරිසෙන් එකෙක් බවට රන්බණ්ඩා පත් වුවේය. ආදරණීය බිරිඳ හා සුරතල් දරුවන් අමතක කර කුසුමලතාගේ තුරුලේ විඩා නිවාගන්නට පුරුදු වූවේය. සිය බාල සොයුරා මහපොළව සමඟ ගැටෙද්දී රන්බණ්ඩා මත් වතුරින් සප්පායම් වූවේය. කුසුමලතා සිය මුළු ලෝකයම කරගත් රන්බණ්ඬේ තමා පණසේ ආදරය කළ බිරිඳටත් දරුවන්ටත් නොසලකා හැරියේය. මත් වතුරින් සප්පායම් වී හවසට ගෙදර එන ඔහු ටිකිරි මැණිකාට පහරදීම පුරුද්දක් කර ගත්තේය. ඒ සෑම අවස්ථාවකම රන් බණ්ඩාගේ සොයුරා මැදට පැන සිය නෑණ්ඩියත් ඇගේ දරුවනුත් බේරා ගත්තේය.
මත් පානයත්, කාම මිථ්‍යාචාරයත් රන්බණ්ඩා යක්ෂයෙකු බවට පත්කර තිබුණි. ඔහුගේ ජීවිතය පරිහානිය කරා ගමන් කළේය. ජයලත් සහ නිල්මිණි ටිකිරි මැණිකේගේ දෑස විය. ඇය දරුපැටවුන් දෙදෙනාගේ දෑස් පෑදීමට මහත් වෙහෙසක් දරුවාය. උදේ සිට රෑ වන තුරු නිවසේ සියලු කටයුතු කරන ටිකිරි මැණිකේ මොහොතකට හෝ සතුටත් ලැබුවේ සිය දරුවන්ගේ සුරතල් බැලීමෙනි.
ජීවිතය පුදුමාකාරය. ඇතැම් දේ සිදුවන්නේ කර්මයට අනුවය. පවුල් ජීවිතය කටුකවූ මැණිකේ යළිත් වතාවක් ගැබ් ගත්තාය. පළමු දරුවන් දෙදෙනා ලැබෙන්නට සිටි කාලයේ රන් බණ්ඩා මැණිකේට දැක්වූ සෙනෙහස මෙවර නොවීය. මතට ඇබ්බැහිවූ ඔහු ගැබ්බර මැණිකේ වචනවලින් සේම ගුටිබැටවලින් තළා පෙළා දැම්මේය.
මැණිකේගේ ජීවිතය කටුක විය. එහෙත් උපන් දරුවන් හා නූපන් දරුවා වෙනුවෙන් ඇය ජීවත් විය යුතුවිය. කලකදී සතුටින් සිටි මැණිකේගේ දුක්බර ජීවිතය දෙස බලා චිංචිමානවිකාවක බඳු කුසුමලතා සැනසුණාය. ගැබ්බර මැණිකේට අනුකම්පා කරනු වෙනුවට ඇය තව තවත් දුකට පත් කිරීමට උපක්‍රම යෙදුවාය.
“රන් බණ්ඬේ මට උඹට රහසක් කියන්ඩ තියෙනවා.”
දිනක් හොඳටම මත් වී සිටි බණ්ඬේට සමීප වූ කුසුමලතා පැවසුවාය.
“මොකක්ද බං” රන් බණ්ඬේගේ රතු වූ දෙනෙත් ඇගේ දෑස මත නැවතුණේය.
“උඹේ මැණිකෙට ලැබෙන්න ඉන්න දරුවා උඹේ මල්ලිගෙලු”
ඇය විෂඝෝර සැපින්නක සේ රන්බණ්ඬේගේ සිතුවිලිවලට දෂ්ට කළේය. ඒ විෂ ඔහුගේ සිරුර පුරා දුවන්නට වුවේය. ඊයක් සේ නැගී සිටි බණ්ඬේ සරම කැහැපට ගසා ගත්තේය. කෝපයෙන් පුපුරමින් සිය නිවසට ගමන් කළේය.
“පාහර බැල්ලී....” උඹ මගේ මූණේ දැලිගෑවා.”
මැණිකේගේ කෙස් වැටියෙන් අල්ලා ගත් රන්බණ්ඬේ ප්‍රසූත වේදනාවෙන් සිටි ඇයට පහර දෙන්නට වූවේය.
“අනේ අප්පොච්චා මගෙ අම්මට ගහන්න එපා. අම්මට අමාරුයි. අපි ඉස්පිරිතාලේ අරගෙන යමු.”
නිල්මිණි රන් බණ්ඩාගේ දෑතේ එල්ලී හඬන්නට වූවාය. මත් වතුරෙන් මත් වී සිටි රන්බණ්ඩා දෑතේ වූ පිහියෙන් සිය සුරතල් දියණියට ගසා දැමුවේය. දියණිය රුධිර ගංගාවක් මත අවසන් සුසුම් හෙළුවාය.
මැණිකේ දියණිය බදාගෙන හඬන්නට වූවාය. රන් බණ්ඩාට දෙස් දෙමින් විලාප කියන්නට වූවාය. ගතවූයේ නිමේෂයකි. රන් බණ්ඩා ගැබ්බර මැණිකේටද පිහිපාර එල්ල කළේය. ප්‍රසූත වේදනාවෙන් සිටි මැණිකේ බිම ඇඳ වැටුණාය. මවගේ අවසන් සුසුමත් සමඟ බිලිඳා උපන්නාය. මේ පොළොව නුහුලන විනාශය දුටු ජයලත් හඬන්නට වූවේය. අම්මාත්, නංගීත් තුරුලු කරගනිමින් හඬන්නට වූවේය. කලකදී සුබ සිහිනයක් වූ, දෑතෙහි තබාගෙන සුරතල් කළ, පපුතුරේ හොවාගෙන උණුසුම් කළ ආදරණීය පුතාටත් ඒ අජාසත් පියා පිහිපහර එල්ල කළේය. ඔහුත් සමඟ ලේ කැටි බිලිඳාත් මරා දැමුවේය.
කාම මිථ්‍යාචාරයේත්, බොරුවේත් මත්පැන් පානයේත් ආදීනව දක්වමින් පොළොව නුහුලන මිනිස් ඝාතනයක් සිදු විය. රන් බණ්ඬේගේ ජීවිතය විනාශය කරා ගෙන ගිය ආකාරය එදා කවි කොළයෙන් විස්තර කර තිබුණේ මෙසේය.
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අනියම් බිරිඳගේ කේළාම් අසා බිරිඳ මරා දැමූ නරුමයා