ලෝක උරුමයක් වන අනුරාධපුරය ශී‍්‍ර ලංකාවේ දීර්ඝතම රජධානියයි. කි‍්‍රස්තු පූර්ව හතර වැනි සියවසේ පටන් කි‍්‍රස්තු වර්ෂ 11 වැනි සියවස දක්වාම ලංකාවේ ප‍්‍රධාන රාජධානිය විය. විජය රජු සමග ලංකාවට පැමිණි අනුරාධ නැමැති අමාත්‍ය වරයෙකු කදම්බ නදිය හෙවත් මල්වතු ඔය ආසන්නයේ තැනූ අනුරාධ ග‍්‍රාමයේ භද්දකච්චානා කුමරියගේ සොහොයුරු අනුරාධ නැමැති කුමරාද පදිංචි වී ඇත. පසුව රජ පැමිණි පණ්ඩුකාභය රජු එම ග‍්‍රාමය නව නරගයක් ලෙස වැඩිදියුණු කොට අනුරාධපුර රාජධානිය ගොඩනගා තිබේ. නගර ප‍්‍රතිෂ්ඨාපනය අරඹා ඇත්තේද අනුරාධ නැකැතිනි. මේ හේතූ නිසා අනුරාධපුරයට ඒ නම ලැබී ඇතැයි විශ්වාස කැරේ. ශී‍්‍ර ලංකාවේ උතුරු දිග තැනිතලාවේ මුහුදු මට්ටමින් අඩි 295 ක් පමණ උසින් අනුරාධපුරය පිහිටා ඇත. අද උතුරු මැද පළාතේ අග නගරයයි. අනුරාධපුර රාජධානිය බිඳවැටි සිංහල රාජධානිය වෙනත් ප‍්‍රදේශ කරා යද්දී අනුරාධපුරය වනයෙන් වැසී ගියේය. නැවත බි‍්‍රතාන්‍ය පාලන සමයේදී 1874 දී පමණ එළිපෙහෙළි විය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් අනුරාධපුරයේ කැණීම් සිදු කොට නටඹුන් වූ රාජධානිය මතු කරගත් අතර මධ්‍යම සංස්කෘතික අරමුදලේ සංස්කෘතික ති‍්‍රකෝණ වැඩසටහන යටතේ තවමත් අනුරාධපුර සංරක්ෂණ කටයුතු සිදුවේ. පැරණි නගරය හා නව නගරය යනුවෙන් කොටස් දෙකකි. පැරණි නගරයෙන් පදිංච් ස්ථාන හා වෙළඳ ව්‍යාපාර හැකිතාක් ඉවත් කොට නව නගරයට ගෙනැවිත් ඇත. පැරණි නගරය වර්ග සැතැපුම් නමයක් පමණ ප‍්‍රදේශයක් පුරා පැතිර පවතී. එහි ඇතුළු නුවර හා පිට නුවර යනුවෙන් හැඳින්වෙන කොටස් දෙකකි. ඇතුළු නුවර හා පිට නුවර ඉතා විශාල ප‍්‍රාකාරයකින් එකිනෙක වෙන්වේ. කි‍්‍රස්තු පූර්ව 42 සිට 20 දක්වා රජ කළ කුටකණ්ණතිස්ස රජ සමයේ නගරය වටා දිය අගලක් තැනවූ බවත් වසභ රජතුමා නගරයේ ප‍්‍රාකාරය දහ අට රියන් උස්ව බැන්දවූ බවත් මහාවංශයේ සඳහන් වේ. නගරය ගොඩනැගීම පිළිබඳ විස්තර මහාවංශයේ දැක්වේ. ඒ අනුව විවිධ කුල වලට අයත් ජනතාව හා විදේශීය වෙළෙඳුන් සඳහාද වෙන වෙනම ගොඩනැගිලි තිබී ඇත. මෑතදී සිදුකරන ලද පුරාවිද්‍යාත්මක කැණීම් වලින් අනුරාධපුර රාජධානිය විදේශයන් සමග විශාල වශයෙන් සබඳතා පැවැත්වූ බව තහවුරු වී ඇත. අක්කර 250 ක පමණ භූමි භාගයකින් යුතු අනුරාධපුර ඇතුළු නුවර ප‍්‍රධාන ගොඩනැගිලි කිහිපයකි. ඒවා අතර රජ මැදුරත්, දළදා මන්දිරයත්, මහාපාලි දාන ශාලාවත් ප‍්‍රධාන වේ. පිට නුවර ප‍්‍රධාන වශයෙන් විහාරාරාම හා වෙනත් ගොඩනැගිලි රාශියක් දක්ට ලැබේ. ගොඩනැගිලි විශාල සංඛ්‍යාවක් හඳුනාගෙන ඇත. දේවානම්පියතිස්ස රාජ සමයේ ලක්දිවට බුදු දහම පැමිණීමත් සමග කලා ශිල්ප පිළිබඳ මහත් උද්යෝගයක් ඇතිවිය. අනුරාධපුරයේ ගොඩනැගූ මුල්ම චෛත්‍යය වන්නේ ථූපාරාමයයි. එතැන් පටන් වෙහෙර විහාර විශාල ප‍්‍රමාණයක් වරින් වර රජ පැමිණි නරපතීන් විසින් අනුරාධපුරයේ ඉදිකර තිබේ. දුටුගැමුණු රජු කි‍්‍රස්තු පූර්ව 161 ත් 137 ත් අතර ඉදිකළ මිරිසවැටිය හා රුවන්මැලි සෑය සුවිසල් දාගැබ් ඉදිකිරිමේ මූලාරම්භයයි. පසු කළෙක වළගම්භා රජු අභයගිරියත් මහසෙන් රජු ජේතවනාරමයත් ඉදිකළහ. තිබේ. ශී‍්‍ර ලංකාවේ විශාලතම චෛත්‍ය තුන රුවන්මැලිසෑය, අභයගිරිය හා ජේතවනරාමයයි අනුරාධපුරයට යන බොහෝ දෙනෙකුගේ අපේක්ෂාව වන්නේ අටමස්ථාන වන්දනා කිරීමයි. කලින් කල අටමස්ථාන ලෙස හැඳින්වූ ස්ථාන වෙනස් වුවද ශී‍්‍ර මහා බෝධිය, ලෝවාමහාපාය, රුවන්වැලි සෑය, අභයගිරිය, ථූපාරාමය, ජේතවනාරාමය, ලංකාරාමය සහ මිරිසවැටිය අටමස්ථාන ලෙස සළකණු ලැබේ. අනුරාධපුරයේ දැවැන්ත වාරිමාර්ග ක‍්‍රමයක්ද දැකිය හැකියි. ඉන් පළමුවැන්න වන්න් පණ්ඩුකාභය රජතුමා විසින් කරන ලද අභයවාපී නැමැති වැවයි. අද එය බසවන්කුලම ලෙස හැඳින්වේ. තිසා වැව, නුවර වැව ආදී වාරිකර්මානත කරමින් අනුරපුර රජ දරුවෝ ලක් පොළොව අස්වැද්‍දූහ. සවිමත් පාලම් ද සහිතව ඉතාමත් විධිමත් මාර්ග පද්ධතියක්ද අනුරාධපුර පැරණි නගරයේ දැකිය හැක. එමෙන්ම විහාරාරාම, බුදු මැදුරු අදී ගොඩනැගිලිවල දැකිය හැකි විවිධ කලා නිර්මාණ හෙළ කලා කරුවාගේ නිර්මාණත්මක හැකියාව මනාව පිළිබිඹු කරයි. සඳකඩපහණ, මුරගල, කොරවක් ගල ආදිය එවැනි විශිෂ්ට නිර්මාණයන්ය. අතීත අනුරාධපුරය ලොව තිබූ ඉතාමත් දර්ශනීය නගරයක් බව විද්වතුන්ගේ පිළිගැනීමයි. අලංකාර උයන් වතු සුවිසල් මහල් ප‍්‍රාසාදයන්ගෙනුත් විසල් දාගැබ් වලිනුත් සාගර පරදන මහ වැව් වලිනුත් සමන්විත අනුරාපුර නගරය වරින් වර සතුරු ආක‍්‍රමණයන් හේතුවෙන් විනාශ වී ගියේය. පණ්ඩුකාභය රජුගෙන් ආරම්භ වී දේශීය රජවරු 109 දෙනෙකු විසින් පාලනය කරන ලද අනුරාධපුර රාජධානිය කි‍්‍රස්තු වර්ෂය 1017 දී සොළී ආක‍්‍රමණයෙන් පසු බිඳ වැටුණි. සොළීහු පොළොන්නරුවේ සිට රටේ පාලනය ගෙන ගියහ. අනුරාධපුරයේ අවසන් පාලකයා වූයේ පස්වැනි මිහිදු රජුය. සොළීන් පළවා හළ පළමුවැනි විජයබාහු රජු අනුරාධපුරයේ මාළිගාවක් තනවා එහි සිය රාජභිෂේකය පැවැත්වූවද ඔහු පොළොන්නරුව තම රාජධානිය කර ගතතේය. විජයබාහු, මහා පරාක‍්‍රමබාහු සහ නිශ්ශංකමල්ල වැනි රජවරු වරින් වර අනුරාධපුරය ප‍්‍රතිසංස්කරණ කටයුතු සිදු කළද එය ක‍්‍රමයෙන් වනගතවී ගියේය. කි‍්‍රස්තු වර්ෂ 1448 අපේ‍්‍රල් 10 වැනිදා හයවැනි පරාක‍්‍රමබාහු රජුගේ චන්ද්‍රවති කුමරිය අනුරාධපුරයේදී උලකුඩය දේවී නමින් අභිෂේක කොට සුන්දර පාණ්ඩ්‍ය නම් කුමරුවකුට සරණපාවා දීම අනුරාධපුරයේ සිදුකරන ලද අවසන් රාජකීය උත්සවයයි. නැවත 1873 දී අනුරාධපුර කච්චේරිය පිහිටුවා රජයේ ඒජන්ත වරයෙකු පත්කිරීමෙන් පසු අනුරාධපුර පැරණි නගරය එළි පෙහෙළි කොට පුරාණ ගොඩනැගිලි පිළිබඳ පර්යේෂණ ආරම්භ කැරිණි .
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ
මාස දෙකකට පෙර, සැප්තැම්බර් 21 වැනිදා පැවැති ජනාධිපතිවරණයේ ප්‍රතිඵල අනුව පෙරේදා පැවැති පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵල තේරුම් ගැනීම තරමක් දුෂ්කරය.
මේ වන විට මැතිවරණ ප්‍රතිඵල ලැබෙමින් තිබේ. සත්‍ය වශයෙන්ම ඡන්දය දැමීමට ගිය ප්‍රතිශතය කෙසේ වෙතත් මෙවර මැතිවරණයට පෙර කාලය තුළ නම් ජනතාව අතර උනන්දුවක් තිබු
තථාගතයන් වහන්සේ තමන් වහන්සේ විසින්ම මනාව අවබෝධ කරගත් ධර්මය තම ශ්‍රාවක පිරිසට සමීප කරවීම සඳහා විවිධ ක්‍රමෝපාය භාවිත කර ඇති ආකාරය ඉතා ප්‍රකටය. එම දේශනා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අනුරාධපුරය
මැල්කම් Saturday, 25 October 2014 08:17 AM
ලංකාවේ අපි නොදන්නා දේවල් දැනගැණිමට ලැබිම සතුටුයි (නදී)
කුමුදුමලී Thursday, 07 June 2012 02:07 PM
කරැණාකර රිටිගල කදුපන්තිය ගැන පුරාවිද්‍යාත්මක තොරතුරැ පළකරන්න...
දිලිනි Saturday, 20 June 2015 03:58 PM
අනුරාධපුර රාජධානිය බිඳවැටීමට බලපෑ දකුණු ඉන්දීය ආක්‍රමණ ගැනත් අපිට කියන්න (නි)
සමන් සෙනරත් ජයසූරිය Thursday, 22 May 2014 02:35 PM
අනුරාධපුර යුගයේ සියලුම කළා ශිල්ප පිලිබදව තොරතුරු සපයන්න (දී)
නිලුෂි Monday, 30 November 2015 08:51 AM
ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපේ අතීතය පිළිබඳ දැන සිටීම ඉතාමත් වැදගත් වෙනවා (ම)
සුමනතිලක හිමි Saturday, 17 December 2016 12:31 AM
ඉතාම වැදගත් ලිපියක් (නි)
ධම්මික Friday, 22 June 2012 02:28 PM
මේ ඉසුරුමුණියේ පෙම් යුවල යනු රාමා සීතා යුවලයි. රිටිගල රාවණ කාලේ හනුමා රැගෙන ආ කන්දෙන් කොටසකි. ඔබට මෙය විහිළුවකි. ජීව විද්‍යාවට අනුව රිටිගල අවට නැති ගස් රිටිගල ඇත. එපමණක්නොව ඉන්දියාවේ ඇතැම් වටිනා ඖෂධ වර්ග මෙහි තිබෙන බවට සාක්කි අදටසත් ඇත. (ස)
සමන්මලි Thursday, 28 June 2012 11:38 AM
අපේ සිංහල බෞද්ධ උරුමයන් රැකගැන්මට නම් අපි ඉස්සරවෙලාම ඒවා දැනගෙන ඉන්න වෙනවා. ඒ නිසා පිරිත් පොත හොදට බලන්න..
අමිල Monday, 12 December 2011 08:15 PM
අනුරාධපුර නගර සැලැස්ම ඉතා විශිෂ්ට අන්දමින් රජවරු නිර්මාණය කර ඇත.
Chathuranga Thursday, 27 December 2018 04:15 PM
අනුරාධපුරයේ පුරාවිද්‍යාත්මක ස්ථාන හා පුරාවස්තුවලට වෙන හානි පිළිබඳ විස්තර සපයන්න.
ඉලෝචනා Saturday, 29 June 2024 05:18 PM
තවත් මේ වගේ පුරාවිද්‍යාත්මක දේවල් ඇතුලත් ලිපි ලියන්න