IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


අනුරපුරයම නියඟයෙන් වේළෙද්දි ශ්‍රී මහා බෝධිය ළඟට වැස්ස

04-rasa-p1-1  

 

සොබාදහමත් පවා බුදු ගුණ ඉදිරියේ සන්සුන් වන බව ඉතිහාස කතා තුළ පමණක් නොව මෑත කාලයේ දී සාක්ෂි දක්වයි. අරණායක නාය යෑමෙන් පසුව නායගිය බිමෙහි තිබුණු ආකාරයෙන්ම ඉතිරි වුණු එකම ඉදිකිරීම ලෙස අප දුටුවේ ඒ නිර්මල බුදුරුව සහිත පිළිම ගෙයයි. සුනාමි ව්‍යසනය පැමිණ මහල් ගොඩනැගිලි පවා බිමට පතිත වෙද්දී, දුම්රිය පෙට්ටි ගිනි පෙට්ටි ගාණට පෙරැළී යද්දි බුද්ධ රූප පමණක් ඉතිරි වූ හැටි අපූරුය.


මෙවැනි ආශ්චර්යවත් දේ කොයි ආකාරයට සිදුවෙනවාදැයි කියන්නට අපි නොදනිමු. නමුත් දස දහස් ගාණක් වඳින පුදන බුද්ධ ප්‍රතිමාවක මහ බල පිහිටි ඇති බවට සැක නැත. පිරිතක් වුණත් වැඩි වාර ගාණක් කියන විට ප්‍රතිඵල වැඩිය. යන්ත්‍රයක් බලගැන්වීමේ දී දහස් වර ආදී වශයෙන් මන්ත්‍ර ජප කරන්නේ ද එබැවිනි.


මේ නිසා ලක්ෂ-කෝටි ගාණක් වන්දනාමාන කරන තැනක ආශ්චර්යවත් බලය විවිධාකාරයෙන් පිහිටයි.


ඒ සියල්ල අබිබවා බුද්ධ බලය වැඩිදෝ යන්න ඇතැම් විට අපට සිතේ.


බුදුරජාණන් වහන්සේ සත් සතිය ගතකරද්දී පැමිණි මුචලින්ද නාගදරණය දැක්වෙන චිත්‍ර ඔබ ද දැක ඇත. මුචලින්ද නාගරාජයා බුදුරජාණන් වහන්සේ නොතෙමෙන්නට ඡත්‍රයක් ලෙස පිහිටි ආකාරය තුළ සොබාදහම, සතා සර්පයා පවා බුදුන් වහන්සේ ආරක්ෂා කරන බවට අදහස සමාජගත වේ. එසේම දේවදත්ත තෙර ගිජුකුළු පවුවේ සිට බුදු හිමි හිසට ගලක් පෙරළී අවස්ථාවේ තවත් ගලක් මතුවී බුදු හිමියන් සොයා ඇදෙන මහා ගල නවතා දැමීය. එය එසේ නම් ඒ බුදු ගුණ ආශ්චර්යය. අපට ජීවමාන බුදුන් වහන්සේ වැනි වූ මහ බෝ අභියසහි ද ඇත්තේය. ඒ පිළිබඳ පැහැදිලි අත්දැකීම් රටේ නන්දෙස වෙසෙන සැදැහැවත්තු සතු වෙති. ඒ අතරත් අනුරාධපුර සාම විහාරාධිපති මහා විලච්චියේ විමල හිමියන් අපට කීවේ මෙවැන්නයකි.


“හැම පොසොන් පෝයටම ඉහළ ඉඹුල්ගොඩ එක්සත් තරුණ සංගමය අනුරාධපුර සාම විහාරයේ බත් දන්සලක් පවත්වනවා. මේ සඳහා 150ක පමණ දායක පිරිසක් ඉතාම ශ්‍රද්ධාවෙන් වෙහෙස මහන්සියෙන් කටයුතු කරනවා.”


“මීට අවුරුදු තුනකට විතර කලින් දන්සල් ඉවර කරලා හවස නාන්න යන්න කට්ටිය කතා වුණා.”


“දන්සලේ මහන්සිය වගේම දවාලට තදින් වේළෙන, පෑවිල්ලක් තිබුණු කාලයක්. එහි දූවිලි කුණාටුව ගහන්නේ පාරවල් ගිනියම් වෙලා, ගහකොළ වේළිලා කරවෙලා යන තරම්...”


අනුරාධපුරේ පෑවිල්ලේ තරම උන්වහන්සේ සිහිපත් කරති.


“එදා මේ දායක පිරිසට නාන්න යන්න ළඟම වැවක් විදිහට තෝරාගත්තෙ බසවක්කුලම වැව. මම කිව්වා, මමත් එන්නම් යමු කියලා. ඒ අනුව රෑ බෝවේගෙන එද්දි අපි බසවක්කුලම වැවට ගියා.”


“පොසොන් නිසා රෑ වුණත් බොහෝ පිරිසක් වැවේ නාමින් සිටියා. අපි සමග ගිය අයත් වැවේ බැහැල නානකම් මමත් ගොඩට වෙලා බලා හිටියා.”
“එක්වරම වැවේ මැද්දෙන් මොකක්දෝ වෙනසක් සිදුවෙනවා මා දැක්කා. ඒ සීමාවට බොහෝ මෙහායින් නාන පිරිස් හිටියේ.”


“රත්තරන් පාට බෝලයක් අහසට නැගෙනවා වගේ පෙනුණා. දිලිසෙන රත්රන් ගුලියක්. ඒ පිරිවරාගෙන සැලකිය යුතු මට්ටමේ වතුර ගුලි අහසට නැගුණා. මේවා ගණනාවක් රත්තරන් ගුලිය පිටුපසින් අඩි ගාණක් එක දිගට පෙළ ගැසිලා උඩට නැගුණා.”

 

04-rasa-p1-2

 


“අඩි 30ක් පමණ උඩට නැගුණ මේ වතුර ගුලි සහ රත්තරන් බෝලය වැව මැදදීම පෙරහරක් පෙළගැසෙනවා වගේ ලස්සනට පෙළගැසුණා. රත්රන් බෝලය වට කරගෙන විශාල වතුර ගුලි කොටුවක් ආකාරයට පිහිටියා. බැලූ බැල්මට රත්රන් පාට නෙළුම් මලක් අල්ලපු ලේස් රෙද්දෙන් කළ වියනක් වගෙයි.”


“මේ ජල වියන හිමින් සැරේ අඩි 30 පමණ සීමාවෙන් මහා බෝධිය පැත්තට යනවා අපි දැක්කා. එය අඩි 30 ප්‍රමාණයක වගේ සම හතරැස් වියනක්. මේ ආශ්චර්යය බොහෝදෙනා දකින්න ඇති කියලා මම හිතනවා.”


“අපේ දායක පිරිස නාලා ආපසු යනකොට ජය ශ්‍රී මහා බෝධිය ළඟටයි, රුවන්වැලි මහා සෑය ළඟටයි හොඳටම වැහැලා” උන්වහන්සේ පවසති.


අනුරාධපුරේ දැඩි පෑවිලි හා කර්කෂ සමයට මේ ආශ්චර්ය දැකිය හැකි බව පූජා නගරයේ වෙසෙන ඇතැම් ජනයා අපිට කීහ. මහාබෝධිය රකින්නට සොබාදහම මල් වැසි වස්සවන හැටි විටෙක පුදුම එලවන සුළුය.


අභය වැවෙන් මහ ජල කඳක් අහසින් ගොස් මහා සෑ, මහ බෝ තෙමා සනහන මේ සිදුවීම බුදු දහමේ ආශ්චර්යමත්භාවයේ බොහෝ දෙනෙක් නොදන්නා නිහඬ කතාවකි.


ඇතැම් විට මෙය වැස්ස වළාහක දෙවියන්ගේ මහ බෝ, මහ සෑ පුදන පූජාවක් වෙන්නට ද පුළුවන. කොයිතරම් තද පෑවිල්ලක් වුණත් වැස්ස වලාහක දෙවියෝ මහ බෝ රකින්නට ඒ ප්‍රදේශයට පමණක් ඇතැම්විට වැසි වට්ටවන බව දේව සභාවක් රකින පින්බිමක බුද්ධියෙන් විමසිය යුතු කාරණයන් හැටියට අපි දකිමු.


අනුරාධපුරේ පොසොන් පූජාව විශාල උත්සව සමයක් නිමවූ පසුව මහජනයා ගැවසීමෙන් මහ බෝ, මහ සෑ අවට ප්‍රදේශයම කැළිකසළින් පිරී, ඇතැම්විට දුඟද හමන, අපිරිසිදු තත්ත්වයට පත්වේ.


මේ උත්සව සමයෙන් පසු පූජා බිම නැවත පිරිසිදු කිරීම සඳහා දෙවියෝ පින්බිම මඳ වැස්සෙන් තෙමෙන බව ඇතැම් දෙනා පවසති. මෙවැනි කතා අසත්‍යම ලෙස සැලකීම බුද්ධ ගෝචර ද නොවන්නක් ලෙස අපි සලකමු.


මේ වසර මුල් භාගයේ පැවති දරුණු නියඟය නිසා සියලු ජලාශ වේගයෙන් සිඳී ගියේය. ඒ අවස්ථාවේ දී මහ වැසි ඉල්ලා සියලු ජලාශවලින් ගත් දිය ගෙනැවිත් මහ බෝ අසල පූජා සිදුකෙරිණි. එදිනම අහස් කුස සිසාරා අනුරාධපුරය ඇතුළු මුළු රටම වැසි දියෙන් තෙමී ගියේය. මාස ගාණක් අහස සිරකර ගෙන සිටි වැසි ජලය එදාම මහ පොළොවට ආවේ ඇයි...? මෙය මහ බෝ හාස්කමක් නොවේද? මහ බෝ රකින දේව සභාවේ වැස්ස වලාහක දෙවියන් රටේ දුකට පිහිටවීමක් නොවේද? මහ බෝ අසල සිදුකරන යහපත් උතුම් පින්කම්හි ප්‍රතිඵල ඉතා ඉක්මන් බවට මේ හොඳ සාක්ෂියකි.


අනුරාධපුරයේ ගොවියෝ වැසි නැති කල වැසි ඉල්ලා මහ බෝධියට බාරහාර වෙති. වැසි වැටෙද්දී වගා පාළු නොවන්නැයි බාරහාර වෙති. අස්වනු නෙළු පසු අස්වැන්නේ පළමු භාගය මහ බෝධියට පූජා කර ඊළඟ කන්නයට දේව ආශිර්වාද ලැබේවායි ප්‍රාර්ථනා කරති.


සමහර ගොවියෝ කන්නයේ කුඹුරට යොදන වී ස්වල්පයක් මහ බෝ අසලට ගෙනැවිත් එයට ආශිර්වාද ගෙනඒම වී කුඹුරට යොදා වී ඉසීම ආරම්භ කරති.
මේ සියලු කටයුතුවලට මහා බෝධියේ ආශිර්වාදයත්, දේව බැල්මත් නොපිරිහෙලා ලැබෙන බව රජරට ගොවීන්ගේ විශ්වාසයයි.


රටේ සිදුවන යම් යම් ව්‍යසන මහ බෝ සමිඳු අභියස කියාපාන බව තවත් සත්‍ය අත්දැකීම් පවතින්නකි.


ගාමිණී දිසානායක මහතා එල්.ටී.ටී.ඊ. බෝම්බයට හසුවීමට දින කීපයකට පෙර මහ බෝධි වන්දනාවට පැමිණි අවස්ථාවේ බෝධියේ අතු ශාඛාවක් කැඩී ගියේය. ඉන් පෙන්නුම් කළේ දිසානායක මහතාට යම් විපතක් සිදුවීමේ ඉඩකඩ පවතින බවය.


එසේම චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනි සමයේ මහ බෝ වඳින්නට ආවාය. එදින ද මහ බෝ අතු ශාඛාවක් කැඩී ගියේය. ඉන් දින කීපයක් ඇවෑමෙන් ජනාධිපතිනිය සහභාගි වූ රැස්වීමේ බෝම්බ පුපුරා මිනිස් ජීවිත රාශියක් අහිමි වූ අතර එතුමියගේ ඇසක් ද ආබාධයකට ලක්විණ.


මෙවැනි රටේ විපත්ති, රටේ ප්‍රධානීන්ගේ විපත්ති ඉඳහිට මහ බෝ අසල දී පෙන්නුම් කරයි. මීට තවත් උදාහරණයක් මාමිණියාවේ ඉලංගසිංහ මහතා මට කීවේය.


එනම් සුනාමි විපත අවස්ථාවේ මහ බෝධිය අභියස රටට විපතක ලකුණු පෙන්නුම් කළ ආකාරයයි. රටේ මිනිස් ජීවිත තිස් දාහක් පමණ අමු අමුවේ බිලි වූ සියලු දේපළ අහිමි වූ සුනාමියට පෙර මහා බෝධියට ආරක්ෂාව දෙන බැම්මේ බටහිර පැත්ත ගලවා කැඩී ගියේය.


ඒ දැකපු ගමන් දන්න අය කීවේ රටේ බටහිර පැත්තෙන් මහා විපතක ලකුණු පෙන්නුම් කෙරෙන බවයි.


ඉන් දින කීපයක් ඇවෑමෙන් සුනාමිය දකුණු බටහිර යා කරමින් විශාල අනතුරක් රටට සිදුකළේය.


ඒ අනුව මහ බෝ අසල පෙන්වන මේ ලකුණු පිළිබඳ අවධානයෙන් සිටීම රටේ කලදසාව අවබෝධ කරගැනීමට ලකුණක් වන්නේය.


මේ දිනවල මහ බෝ පත්‍රවල අඳුරු පැහැති වෙනසක් පවතින බව අපි මීට පෙර ලිපියක ලීවෙමු. ඒ අඳුරු බවින් පෙන්නුම් කළේ ගංවතුර හා නාය යාම පිළිබඳ විපතද? නුවණින් විමසන්නට කාලයයි.

 

m



අදහස් (0)

අනුරපුරයම නියඟයෙන් වේළෙද්දි ශ්‍රී මහා බෝධිය ළඟට වැස්ස

දිනූෂා Wednesday, 08 June 2016 06:38 AM

මමත් අනුරපුරේ කාලයක් ජීවත් වුනා, මොන පෑවිල්ල ආවත් ජය ශ්‍රී බෝධියට හොදින් වතුර සැපයීම කරනවා . ශ්‍රී මහා බෝධියේ උඩ මලුවටම ගිය කෙනක් ලෙස මම හොදින් එය දන්නවා . මහා නියග කාලයක්නම් පුරේ මුලින්ම හිදෙන වැව අතර ප්‍රධානම වැව බසවක්කුලම (බ)

:       0       0

ආනන්ද Tuesday, 21 June 2016 10:05 PM

විශ්වයත් සොබා දහමත් උතුම් බුදු දහමට ගරු කරන විට ඇතැම් නොමිනිසුන්ගේ ක්‍රියාවලියට විශ්වයත් සොබාදහමත් දඩුවම් දෙන බව නොපෙනේද?(හේ)

:       0       0

විජේරත්න Saturday, 24 September 2016 05:38 AM

බුදු බලය සැමදා ජීවමානයි (නි)

:       0       0

සුරංග Wednesday, 06 July 2016 10:25 AM

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අාශිර්වාදයෙන් අපේ රටට හොද කාලයක් උදා වේවා (බ)

:       0       0

දයානි Sunday, 03 July 2016 03:05 AM

ජය ශ්‍රී මහා බෝධීන්වහන්සේට මාගේ වන්දනාව වේවා. නමෝ බුද්ධාය ! (බ)

:       0       0

ජස්ටින් රණසිංහ Sunday, 03 July 2016 05:14 AM

දෙවියන් හෝ බුදුන් , තමන් ගේ පමණක් කුසගින්න හෝ පවස නිවා ගැනීමට පෙළඹෙන්නේ නැති බව අප දැන ගත යුතුය. කිසියම් පළාතකට නියගයක් හෝ මුළු රටට ම විනයක් ඇති වි‍ෙක , දෙවියන් ගේ හෝ බුදුන් වහන්සේ ගේ කරුණාව ජාතියක් හෝ ආගම් බේදයෙන් තොරව කරුණාව සහ දයාව සම සමව ලැබෙන බව අප දන්නා කාරණයක් . (බ)

:       0       0

ප්‍රභාත් Saturday, 18 June 2016 05:31 PM

විශිෂ්ටයි! නමෝ බුද්ධාය! (නි)

:       0       0

සුසන්ත Monday, 20 June 2016 06:21 PM

බුදු ගුණ මේ ලොවේ පරම සත්‍යය වේ (නි)

:       0       0

තුසිත Wednesday, 08 June 2016 05:10 AM

කවදත් කිසිම ජාති බේදයක් නැතිව පිහිටට ඉන්න ජය ශ්‍රී මහා බෝසමිදුත්, දළදා වහන්සේත් අපි සියලුම දෙනාම දිවිහිමියන් රැක ගනිමු. (බ)

:       0       0

සෙනරත් Tuesday, 07 June 2016 05:05 PM

මහා බෝ සමිඳුන් හට අපගේ නිරතුරු නමස්කාරය වේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

උතුර-දකුණ එකට එක්කළ ඡන්දයක්
2024 නොවැම්බර් මස 23 368 2

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව


මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 979 1

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


එලොව පොල් පෙන්වන පොල් මිලේ රහස
2024 නොවැම්බර් මස 21 1467 0

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන


ජයග්‍රහණ ජනසතුවේ අභියෝග
2024 නොවැම්බර් මස 21 237 0

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ


පෙරදිග ධාන්‍යාගාරයේ සහල් අර්බුදය
2024 නොවැම්බර් මස 20 448 1

පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම


ආණ්ඩුවට භාරදූර වගකීමක්
2024 නොවැම්බර් මස 19 619 0

ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 541 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 745 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2076 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site