IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


අනුරපුර පුදබිමේ දුක්ඛිත ඉරණම

අනුරාධපුර පූජා නගර සංවර්ධන කමිටුව රැස්වී ගනු ලබන තීන්දු තීරණවලට පිටින් පූජා නගරයේ නොගැළපෙන දේ සිද්ධවන නිසා තවදුරටත් පූජා නගර සංවර්ධන රැස්වීම තේරුමක් තිබේදැයි අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස හිමියන් සහ රුවන්වැලි චෛත්‍යරාමාධිකාරී පල්ලේගම හේමරතන හිමියන් ප්‍රශ්න කළ බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය.

අනුරාධපුරය හැඳින්වෙන්නේ ශුද්ධ බුද්ධ භූමිය ලෙසය. සිදුහත් ගෞතමයන් වහන්සේට කෙලෙස් නසා ලොවුතුරා බුද්ධත්වයට පත්වීමට සෙවණ දුන් ජයශ්‍රී මහා බෝධියේ දක්‍ෂිණ ශාඛාව රෝපිත අනුරාධපුර ශුද්ධ බුද්ධ භූමිය බෞද්ධයාගේ මුදුන්මල්කඩකි. දුටුගැමුණු රජ සමයේදී අනුරාධ නම් සෙනෙවියා නිර්මාණය කළ අනුරාධපුරය ඒ අර්ථයෙන්ම ඓතිහාසික පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුක්තය. විශේෂයෙන්ම පොසොන් සමයේදී ලක්‍ෂ සංඛ්‍යාත සැදැහැවත්හු රටේ සිව් දෙසින් අනුරාධපුරයට එක්වෙති. ඒ අටමස්ථානය වැඳ නමස්කාර කිරීමටත්, ඓතිහාසික පුරාවිද්‍යාත්මක ස්ථාන නැරඹීමටත් ය. එහෙයින්ම එම ස්ථානය එම ආගමික හා පුරාවිද්‍යාත්මක වටිනාකම නොකෙලෙසෙන ආකාරයෙන් පවත්වාගෙන යා යුතුය. අනුරාධපුර පූජා නගර සංවර්ධන කමිටුව නිර්මාණය වන්නේ ද ඒ අරමුණ මුදුන් පමුණුවා ගැනීමටය.

කරුණු කාරණා එපරිදි වුවද අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස මාහිමිපාණන් වහන්සේ මෙන්ම රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී පල්ලේගම හේමරතන මාහිමිපාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ අනුරාධපුර පූජා නගර සංවර්ධන කමිටුව තවදුරටත් රැඳී සිටීමේ ප්‍රයෝජනයක් නොමැති බවය. උන්වහන්සේ පෙන්වා දෙන්නේ එම කමිටුව රැස්වී ගනු ලබන තීන්දු තීරණවලට පිටින් පූජා නගරයට නොගැළපෙන දේ සිද්ධවන බවය.

‘‘පුරාවස්තුවලින් පිරුණ ප්‍රදේශයක් තමයි අනුරාධපුර පූජා නගරය. මේ පුදබිම තමයි බෞද්ධයාගේ හදවත. ඒ නිසා මේ පූජා නගරය අප විසින් රැක ගත යුතුයි’’ එසේ පවසන්නේ අටමස්ථානාධිපති ස්වාමීන් වහන්සේය. එහෙත් අනතුරුව උන්වහන්සේ ප්‍රකාශ කරන්නේ මෙවැන්නකි.

‘‘සමාධි පිළිම වහන්සේ ළඟ පොසොන් පොහොයට දහස් ගණනක් සැදැහැවතුන් සිල් සමාදන් වෙනවා. දැන් එතැන කඩවලින් පිරිලා. ඒ මදිවට දැන් එතන තවත් කඩ පෙළක් ඉදිවෙනවා. එතැන කඩ මණ්ඩියක් ඉදිවුණාම සැදැහැවතුන් සිල් ගන්නේ කොහොමද? ඒ උදවිය බණ භාවනා කරන්නේ කොහොමද?’’

මෙම ප්‍රශ්න කිරීම මග හැර යා නෙහැකිය. සාම්ප්‍රදායික උරුම, ඓතිහාසික බෞද්ධ උරුම හා සංස්කෘතික සාර ධර්ම ආරක්ෂා කර ගැනීම සඳහා නව පන්නයේ සටන් ආරම්භ කිරීමට සිදුව ඇති හෙයිනි. මෙයට හත් අට වසරකට ඉහතදී අනුරාධපුර ශුද්ධ භූමියෙන් නැගුණේ වගකීම් විරහිත සැදැහැවතුන්ගෙන් සිදුවන පුරාවස්තු විනාශය හා පාරිසරික විනාශය සම්බන්ධ හඬයි. පුරා විද්‍යාත්මක ගල්, ලිප්ගල් බවට පෙරළාගන්නා සැදැහැවතුන් පිළිබඳව එකල වැඩි වැඩියෙන් කියැවිණි. එහෙත් දැන් හඬ නැගෙන්නේ අදාළ පූජා භූමිය, එය සංරක්ෂණය කිරීමේ වගකීම ඇති ආයතනවලින් ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙනි.

රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී පල්ලේගම හේමරතන මාහිමිපාණන් වහන්සේ ප්‍රකාශ කර තිබුණේ සිද්ධස්ථාන ආසන්නයේ ඇති වෙළෙඳසල්වල නොගැළපෙන හා නීත්‍යනුකූල නොවන දේ විකුණන බවය. ‘‘අනුරාධපුරයේ සෑම සිද්ධස්ථානයක් අසලම මත්ද්‍රව්‍ය විකුණද්දී පොලිසියට හසුවී තිබෙනවා. පූජා නගර සීමාවේ සමහර තැන්වල එළවළු විකුණනවා.
 
මාළු විකුණනවා. කවුද ඒ සඳහා ඉඩ දෙන්නේ? හිටපු අගමැති බණ්ඩාරනායක මහතා ආරම්භ කළ පූජා නගරය පිහිටුවීමේ කටයුත්ත එදා අඩක් පමණ අවසන් කළ පසු ගතවූ අවුරුදු 70 කට අධික කාලය තුළ කිසිදු පාලකයකුට ඒ කාරණය අවසන් කරන්න බැරිවුණා කියලා මම පැහැදිලිවම කියනවා. කොච්චර කතා කළත් ගන්නා තීන්දු තීරණ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ නිසයි මම කියන්නේ මේ කමිටුවෙන් අස්වෙන්න මට අවස්ථාව දෙන්න. ඊට පස්සේ මට පුළුවන් මේ පූජා නගර කමිටුවෙන් නිසි ක්‍රියාත්මකවීම් වෙන්නේ නැහැ කියලා අධිකරණයට යන්න.’’

ස්වයං විනයෙන් පාලනය නොවන පිරිස් පාලනය කිරීම සඳහා අධිකරණය ලොව බිහිවිය. පල්ලේගම හේමරතන මා හිමිපාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ තමන් වහන්සේ කමිටුවෙන් ඉල්ලා අස්වී අධිකරණයට යන බවය. අනුරාධපුර ශුද්ධ බුද්ධ භූමිය අද පත්වී ඇති දුක්ඛිත ඉරණම එම ප්‍රකාශයෙන් මනාව පැහැදිලි වේ.

උතුරුමැද ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ප්‍රකාශ කර තිබුණේ උන්වහන්සේලා පවසන කාරණයේ සත්‍යතාවක් ඇති බව තමා පිළිගන්නා බවත්, අනුරාධපුර පූජා නගරයේ සංචාරයකළ අවස්ථාවලදී බොහෝ දේ දෑසින් දුටු බවත්ය. එය එසේ නම් පූජා නගර සංවර්ධන කමිටුව ගන්නා තීන්දු තීරණවලින් එපිට තීන්දු තීරණ ගන්නේ කවුරුන්ද යන්න වෙසෙසින් විමසා බැලිය යුතුය.

(***)



අදහස් (5)

අනුරපුර පුදබිමේ දුක්ඛිත ඉරණම

Deepal Nirosh Wednesday, 24 March 2021 09:35 AM

අනේ මන්දා? දිව්රුම් දුන්නේ නම් රුවන්වැලි සෑ පුදබිම අභියස. ඒත් කාරිය කෙරෙන්නේ නම් රුවන්වැලි සෑයට පිටුපාලා වගෙයි. මේ පූජා නගර සංවර්ධන කමිටුව විසුරුවලා මේ පූජාභූමිය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට යටතට පැවරුවා නම් හොඳයි. නැත්නම් කුරුණෑගල බුවනෙකබා මාළිගාවට වෙච්චි ඉරණම රුවන්වැලි සෑ සමිඳුන්ටත් අත් වෙන දිනය ඈතක නොවෙයි.

:       4       18

නන්දසේන මෙත්තානන්ද Wednesday, 24 March 2021 09:58 AM

මෙම ලිපියෙහි දක්වා ඇති ප්‍රධාන අදහස් වලට එකඟ වන අතර, නිවැරදි විය යුතු කරුණක් දක්වනු කැමැත්තෙමි. අනුරාධපුර නගරය ඉදි කළේ දුටුගැමුණු රජ සමයේ සිටි අනුරාධ නම් සෙනෙවියෙක් විසින් බව සඳහන්ව ඇත. එය නිවැරදි නොවේ ඓතිහාසික සාක්ෂි අනුව අනුරාධපුර නගරය ඉදි වන්නේ ඊට සියවස් ගණනකට පෙරදීය. ඉතිහාසයේ සඳහන් වන අන්දමට විජය කුමාරයා සමඟ පැමිණි අනුරාධ සෙනෙවියා විසින් අනුරාධ නගරය ආරම්භ කළ බව අපි දනිමු. එබැවින් එය නිවැරදි කරන්නේ මං අගය කරමි.

:       1       16

RaveendraThursday, 25 March 2021 01:23 AM

ඔබගේ අදහස් සමග අපද එකඟ වන්නෙමු.

:       1       2

මෝ Friday, 26 March 2021 11:32 PM

රටේ සිදුවන හැමදේම සිදුවන්නේ දේශපාලන බලයට පගාවට අවනතවයි. මේ අධම වැඩ කරන්නේද සිංහල බෞද්ධයින් කියා ගන්නා නරුමයින්. ඊළඟ ශතවර්ෂයේදී ලංකාව මුස්ලිම් රටක් වෙන එක නම් නියතයි. දැන් රට, කරන්නේ දමිල, ඩයස්පෝරාව සහ මුස්ලිම් රටවලට, බයේ ඒ අය කියන විදියට, මිස ස්වාධීන ජාතියක් හැටියට නොවෙයි. නන්දසේනගේ කෙරුවාව රටට කළ විනාශය එයයි.

:       2       1

RaveendraMonday, 29 March 2021 06:26 AM

ඔබගේ අදහස් කියවීමේදී ඔබ නන්දසේනගේ විරුද්ධවාදී ඇම්බැට්ටයෙක් බවත් සජි මලයාගේ හෝ රතුහැට්ටකාරයන්ගේ හෝ අලි නැති, බූරු අලි පමණක් සිටින රනිල් ගොයියාගේ ඇම්බැට්ටයෙක් බව නොවේද...? අප නම් අවංකවම "ඔය එකඳු අයෙකුගේ" ඇම්බට්ටයන් නොවෙන්නෙමු. යමක් දෙස මධ්‍යස්ථව නොසිතන්නෝ තකතීරු මෝඩයන් යන පැරණි කියමන මොනතරම් සත්‍යයක්ද යන්න ඔබගේ අදහස් වලින් පැහැදිලි නොවෙන්නේද?

:       1       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ජනපතිවරණ ඉතිහාසයේ එදා - අද වෙනස
2024 සැප්තැම්බර් මස 21 497 0

මීට පෙර ලිපියක අප සඳහන් කළ ආකාරයට අද පැවැත්වෙන ශ්‍රී ලංකාවේ නව වැනි ජනාධිපතිවරණය මෙතෙක් පැවැත්වුණු ජනාධිපතිවරණ අටටම වඩා කරුණු ගණනාවකින් වෙනස්ය.


විශ්ව ශක්තිය ගැබ්වූ නාලන්දා ගෙඩිගේ
2024 සැප්තැම්බර් මස 20 1018 0

මාතලේ, නාලන්ද ගෙඩිගේ යනු මෙරට මධ්‍ය කේන්ද්‍රය ලෙස සලකනු ලබන ස්ථානයේ පිහිටි පෞරාණික මෙන්ම සුන්දර පරිසර පද්ධතියකින් හෙබි හරි අපූර්වතම ස්ථානකි. නාලන්ද


සඟසතු කළ මුල්ම වලව්වේ කතාව
2024 සැප්තැම්බර් මස 20 936 0

අඹගහපිටිය වලව්ව හෙවත් සහබන්ධු වලව්ව බලපිටිය මුදලි පෙළපතේ පැරැණිම වලව්වකි. විහාරස්ථානයට පූජා කළ ලංකාවේ මුල්ම වලව්ව ලෙස මෙය සැලකේ. උපසම්පදාව ජනසතු කරම


රටට හානිකර විධායක ජනපති ක්‍රමය
2024 සැප්තැම්බර් මස 20 172 0

නීතියේ ආධිපත්‍යය යනු සියලු‍‍ම පුද්ගලයන්, ආයතන සහ සංවිධාන නීතියට යටත් බවත් එහි නිර්දේශවලට වගකිව යුතු බවත් සහතික කරන මූලික මූලධර්මයකි. එසේම රටක් පාලනය ව


රටට අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධන
2024 සැප්තැම්බර් මස 19 112 1

නව වැනි විධායක ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම තව දින දෙකකින් සිදුවීමට නියමිත අතර පෙර පරිදිම මෙවර ජනාධිපතිවරණ තුළත් රටට ගැළපෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක


වික්ටෝරියා රැජිනගේ සංචාරක නිවහනේ ඓතිහාසික වෙන්දේසිය
2024 සැප්තැම්බර් මස 18 996 0

වික්ටෝරියා රැජිනගේ ප්‍රියතම සංචාරක නිවහන වූ ඉතාලියේ ‘‘පල්මියෙරි විලා” ඇමෙරිකානු ඩොලර් මිලියන 55 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 1660 ක් පමණ) ක මුදලකට විකිණීමට තී


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 17788 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 88 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 275 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site