අනුරාධපුර පූජා නගරයේ පිහිටි බුලංකුලම වැව ඇතුළු ඓතිහාසික වැව් බොහොමයක රක්ෂිත ප්‍රදේශ කැබලි කර විකිණීමත් මහා පරිමාණ හෝටල් ඉදිකිරීමත් ප්‍රසිද්ධියේ සිදුවන බව පූජා නගරයේ ජනතාව හා මහා සංඝරත්නය චෝදනා කරන බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය.
බුලංකුලම වැව යනු වසර දෙදහසකට වැඩි ඉතිහාසයක් සහිත අපගේ ශිෂ්ටාචාරයේම අංගයක් වූ වැවකි. පුරාවිද්‍යාත්මක සාධකවලට අනුව වැව් බැඳි රාජ්‍යයේ බුලංකුලම වැවේ නිර්මාතෘවරයා පණ්ඩුකාභය රජතුමාය. අනුරාධපුර ශුද්ධ බුද්ධ භූමියේ වැඩ වාසය කරන මහා සංඝරත්නයත් ජනතාවත් අද චෝදනා කරන්නේ ඒ බුලංකුලම වැව ඇතුළු ඓතිහාසික වැව් බොහොමයක රක්ෂිත ප්‍රදේශ කැබලිකර විකිණීමත් මහා පරිමාණ හෝටල් ඉදි කිරීමත් ප්‍රසිද්ධියේ සිදුවන බවය.
රටට සිදුවෙමින් පවතින්නේ කුමක්ද යන්න සම්බන්ධයෙන් ගැඹුරු අවධානයක් යොමු කළ යුතු තරම්ය. විශේෂයෙන්ම මෑතක සිට මහා පරිසර සංහාරයක් සිදුවන බවට රටේ නන්දෙසින්ම මහා ඝෝෂාවක් මතු විය. ගින්නක් නැතිව දුමක් නොනගින බව අදහන සමාජයකට එම නන්දෙසින් එන ඝෝෂාව දේශපාලන නන්දෙඩවීමක් නොවේ. බුලංකුලම වැව හරහාද කියැවෙන්නේ එම යථාර්ථයම වේ.
අනුරාධපුර ගජබා ආශ්‍රමාධිපති හකුරුවෙල චන්දාලෝක ස්වාමීන් වහන්සේ මාධ්‍ය හමුවක් පවත්වා රට හමුවේ ප්‍රකාශ කර තිබුණේ “අවුරුදු දෙදහස් ගණනක උරුමයක් සහිත බුලංකුලම වැව ඇතුළු වැව් බොහොමයක රක්ෂිත ප්‍රදේශ කුට්ටිකර විකිණීමත් මහා පරිමාණ හෝටල් ඉදි කිරීමත් සිදුවන බවය. වැවේ වපසරිය අක්කර 300 ක්. ඒ වුණාට අද වෙනකොට වැව් රක්ෂිතයේ අක්කර 200 ක් අනවසරයෙන් වගා කරලා. එක ව්‍යාපාරිකයෙක් අක්කර හතක් අල්ලාගෙන තට්ටු ගානක හෝටලයක් හදලා. තව ව්‍යාපාරිකයෙක් අක්කර 16 ක් අල්ලාගෙන. මේවා කැබලි කරලා කොළඹ අයට ලක්ෂ ගණන්වලට විකුණනවා” යි උන්වහන්සේ ප්‍රකාශ කළ බව අප ප්‍රවෘත්තියෙහි සඳහන්ය. එමෙන්ම මේ සම්බන්ධයෙන් කතා කරන තමන් වහන්සේට එක් ව්‍යාපාරිකයකු මරණ තර්ජනය කළ බවත් ඒ පිළිබඳව පොලිසියට පැමිණිලි කළද පොලිසිය නිසි විමර්ශනයක් නොකළ බවත් උන්වහන්සේ පවසති.
අප පුවත්පත වාර්තා කළ තවත් ප්‍රවෘත්තියකින් කියැවුණේ නවගත්තේගම මහ මුල්ලේගම වැවේ බැම්ම හිතුමනාපේ කපා මසුන් ඇල්ලීමට ලබාදී ඇති බවය. කිසිදු අවසරයකින් තොරව නීති විරෝධී අයුරින් ගොවි නියාමකවරයකු මෙම වැව් බැම්ම කපා ඇති බවට ගොවි සංවිධාන චෝදනා කරන බවද අප ප්‍රවෘත්තියේ සඳහන්ය. මෙසේ වගකීම් විරහිත ලෙස කටයුතු කිරීමට ඉඩ සලසා බලධාරීන් මර නින්දේ පසුවන්නේ දැයි සැකයකි. ප්‍රභාකරන්ට අදාළව එක් හොඳක් තිබේ. එනම් ප්‍රභාකරන් වන සංහාරයක නොයෙදුණු බවය. එහෙම බලන විට අපේ ඇතැමුන් ප්‍රභාකරන්ටත් එහාය.
මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් මාධ්‍ය හමුවක් පවත්වමින් ඉකුත්දා ප්‍රකාශ කළේ වසර පහකට බලයට පත්වන පාලකයන් රටේ අයිතිකරුවන් නොවන බව මතක තබා ගත යුතු බවය. රටේ අයිතිකරුවන් වන්නේ මහ ජනතාව බවත් සංවර්ධනය මුවාවෙන් විනාශකාරී තීරණ ගැනීමට කිසිවකුටත් ඉඩදිය නොහැකි බවත් උන්වහන්සේ තවදුරටත් කියා සිටිති.
මුතුරාජවෙල රක්ෂිතයේ ප්‍රේෂණ කලාපය තුළ ලංකා විදුලිබල මණ්ඩලය මගින් අක්කර සියයක් වැලි පුරවා ඉදි කිරීමට නියමිත ද්‍රවතාප ස්වාභාවික වායු බලාගාරයට විරෝධය පළ කරමින් උන්වහන්සේ එසේ ප්‍රකාශ කළ බව මාධ්‍ය වාර්තාවන්හි සඳහන්ය. උන්වහන්සේ පවසන්නේ ප්‍රේෂණ කලාපයේ අක්කර සියයක් ගොඩ කළ විට එම ප්‍රදේශවල දැනට ගලන ගංවතුර මෙන් දෙතුන් ගුණයක ගංවතුරක් ගලන බවය.
පරිසරය විනාශ කරමින් කරනු ලබන ඕනෑම සංවර්ධන ව්‍යාපෘතියක අපේක්ෂිත ඉලක්ක නොසපුරන්නාසේම අනපේක්ෂිත මහ විපත්ද රැගෙන එයි. එහෙත් යමක මිල දන්නා එහෙත් එහි අගය නොදන්නා නරුම මනසක් ඇති අයකුට එය වටහා ගැනීම අසීරුය. අනුරාධපුර පූජා නගරයේ පිහිටි බුලංකුලම වැව ඇතුළු ඓතිහාසික වැව් බොහොමයක රක්ෂිත ප්‍රදේශ කැබලිකර විකුණන්නේත් ඒවායේ මහා පරිමාණ හෝටල් සංකීර්ණ ඉදිවන්නේත් කෙසේ දැයි යන්න ඒ අනුව වටහා ගැනීම අසීරු නැත.
ඉඩම් කට්ටිකර විකිණීම හෝ මහා පරිමාණ ඉදිකිරීම් හොර රහසේ කළ හැකි දේ නොවේ. ජනතාවට පෙනෙන විනාශය පොලිසියට, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට, සංස්කෘතික අමාත්‍යාංශය ඇතුළු අනෙකුත් වගකිව යුතු ආයතනවලට නොපෙනෙන්නේ ඇයිද යන්න විමසිය යුතුය. මෙබඳු දේ දේශපාලන බල අධිකාරියේ ආශිර්වාදයකින් තොරව කළ නොහැකි බවද ඒකාන්ත සත්‍යයකි.
දියෙන් ඇතිවන මඩ දියෙන්ම සෝදා හරින්නාක් මෙන් කුප්‍රකට දේශපාලනඥයන්ගේ දූෂිත අඥාන ක්‍රියාකාරකම් මැඩලිය හැකිවන්නේද පිරිසුදු පරිණත දේශපාලන ක්‍රියාකාරකම්වලටය. එබඳු මැදිහත්වීමක් ඉතා ඉක්මනින් අවශ්‍ය බව අපි අවධාරණය කරමු.
(***)
ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම්වරයා, එසේත් නැතිනම් නායකයා ෂෙයික් හසන් නසරැල්ලා ඝාතනය කිරීමට ඊශ්‍රායලය සමත් විය. 64 හැවිරිදි නසරැල
හිටපු අමාත්‍යවරයකු අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද (30) සවස මතුගම ආදාහනාගාරයේ දී සිදු කෙරේ මේ ලිපිය ඒ නිමිත්තෙනි.
නිදහසට පසු යුගය තුළ ශ්රී ලාංකික දේශපාලන ඉතිහාසයේ පළමු වතාවට සාම්ප්‍රදායික වම හෝ දකුණ හෝ බලයට එන දේශපාලනය වෙනුවට අලුත් බලවේගයක් නිර්මාණය වී තිබේ. ඉකුත
පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස
අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ
මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අනුරපුර වැව් රක්ෂිත වැනසීම් නොදන්නා සේ ඉන්නේ ඇයි?