“විනයෝ නාම ශාසනස්ස ආයු” යනුවෙන් බුදුපියාණෝ වදාළහ. එහි අර්ථය නම්, “ශාසනය පවතින්නේ විනය පවතින තුරු” යන්නය. මෙම අර්ථය සමාජයේ සෑම ක්ෂේත්‍රයකටම අදාළව මැනවින් ගළපාගත හැකිය. අදාළ බුදු වදන උපුටා ගනු ලැබුවේ අප පුවත්පත ඊයේ වාර්තා කළ ප්‍රධාන ප්‍රවෘත්තිය සම්බන්ධයෙනි.
අප පුවත්පත ඊයේ වාර්තා කළ ප්‍රධාන ප්‍රවෘත්තියෙන් කියැවුණේ අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන අනුරාධපුර සහිරා විද්‍යාලයේදී සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් පසු සිසුවකුගේ මවක විභාග මධ්‍යස්ථානයට කඩාවැදී සිසුන් පිරිසකට පහරදීමට යාමේදී එහි දැඩි නොසන්සුන්කාරී තත්වයක් උද්ගතවූ බවය. සිද්ධිය වාර්තා වන්නේ ඉකුත් 14 වැනිදාය.
පළමුව මවගේ හැසිරීම ගැන සලකා බැලිය යුතුය. දස මසක් කුස දරා ගත රුහිරු කිරි කර පොවා හැදූ වැඩූ තම ආදරණීය දරුවකුට යම් අයකු පහර දෙන්නේ නම්, එය මවකට දරා උසුලා සිටිය නොහැකිය. දාරක ස්නේහය යනු එයයි. එහෙත්, එම මවගේ හැසිරීම දාරක ස්නේහය ඉක්මවා ගිය ප්‍රචණ්ඩ හැසිරීමකි. චණ්ඩිකමක් ප්‍රදර්ශනය කිරීමකි.
ප්‍රශ්නය කුමක් වුව ද එයට උත්තරයක් තිබේ. ඇතැම් විට උත්තර ගණනාවක් තිබිය හැකිය. එම උත්තර ගණනාවෙන් නිවැරැදිම උත්තරය සොයා ගැනීමට හැකි විය යුතුය. එයට ඉතා පැසුණු මනසක් මොළයක් තිබිය යුතුය. “විද්‍යා දදාති විනයං” යනුවෙන් සඳහන් වන්නේ, විද්‍යාවෙන් හෙවත් අධ්‍යාපනයෙන් විනය ඇති කරන බවය. පිළිතුරු ගණනාවකින් නිවැරැදිම පිළිතුර සපයා ගැනීමට විනය අත්‍යන්තයෙන්ම උපකාරි වේ. එම විනය ඇති වීමට නම්, අධ්‍යාපනය ලබා තිබිය යුතුය.
විභාග මධ්‍යස්ථානයකට කඩාවැදී සිසු පිරිසකට පහරදීමට තැත් කළ බව කියන මව අධ්‍යාපනයක් ලබා ඇතැයි සිතිය නොහැක. නිසි අධ්‍යාපනයක් ලබා තිබුණේ වී නම්, එම මවගෙන් එබඳු මුග්ධ, වියරු හැසිරීමක් ප්‍රදර්ශනය විය නොහැක. සැබැවින්ම එම මව කර ඇත්තේ දරු සෙනෙහස ප්‍රදර්ශනය කිරීම නොව, මුළු රටක් ඉදිරිපිට තම නිරුවත ප්‍රදර්ශනය කිරීමය. එය මවකට තරම් නොවන බව ඉඳුරාම ප්‍රත්‍යක්ෂය.
පාසල් දරුවන්ගේ විනය බොහෝ සෙයින් පිරිහී ඇති බව බොහෝ සිදුවීම්වලින් පැහැදිලි වේ. සිසුන් දෙපිරිසක් ‘මරාගෙන’ තිබෙන්නේ තමන්ගේ ජීවිතයේ අනාගතය තීරණය කරනු ලබන තීරණාත්මක කඩඉම් විභාගයක් අතරතුරදීය. මවුපියන් මෙන්ම ගුරුවරුන් ද ඒ බව දරුවන්ට එයට හිමි නිසි අර්ථයෙන් හා ගැඹුරින්ම ඒත්තු ගන්වා තිබිය යුතුය. මෙතැන එවැන්නක් සිදු වී ඇති බවක් නොපෙනේ.
අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන දරුවා සිටින්නේ තාරුණ්‍යයේ එළිපත්තේය. ඔහු තවම වැඩිහිටියෙක් නොවේ. ඔහු නියත වශයෙන්ම වැඩිහිටියාගේ ආරක්ෂාව යටතේ සිටිය යුත්තෙකි. එමෙන්ම, ස්වාධීනව තීරණ ගැනීමේ අයිතියක් ද දරුවාට නැත. දරුවාගේ ලෝකයේ දිග පළල දරුවාට පහදා දීම මවුපියන්ගේ සේම ගුරුවරුන්ගේ ද වගකීමකි. මෙම සිද්ධියෙන් කියැවෙන්නේ සමාජය කෙතරම් දුරට පරිහානිය කරා ගමන්කර ඇත්ද යන කාරණයයි.
මෙම පාසලට කඩාපැන යකා නැටූ අවස්ථාවේ එම පරිසරය සම්බන්ධයෙන් චිත්‍රයක් මවා ගැනීම අසීරු නැත. අප සමාජයක් වශයෙන් ගමන් කරමින් සිටින්නේ කොතැනට ද යන්න මෙම සිදුවීමෙන් ද මනාව පැහැදිලි වේ. මාපියන් බලාපොරොත්තු වන්නේ, තම දරුවන් මැරයන්ගෙන් බේරා ගැනීමටය. එහෙත්, අප අවධාරණය කරනනේ එතැනින් එහාට ද ගමන් කළ යුතු බවය. එනම්, තම දරුවන්, මැරයන්ගෙන් බේරා ගැනීම පමණක් නොව, තම දරුවන් මැරයන් බවට පත්වීමෙන් ද වළක්වාගත යුතු බවය. එසේ නොවුණහොත්, රටේ අනාගතය අති බිහිසුණු වීම වළක්වාලිය නොහැක.
(***)
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අනුරපුර සිද්ධියෙන් කියැවුණේ සමාජයේ සදාචාර පිරිහීමක්
යූ ඩී.ඒ.පෙරේරා Saturday, 18 May 2024 09:34 PM
සමාජය තුල විශාල වශයෙන් විනය පිරිහෙමින් පවතින බව අමුතුවෙන් කිවයුතු නොවේ.මවක්,කාන්තාවක් වශයෙන් ඇයට යොවුන් වියේ දරුවන්ගේ අදහස්, සිතුම් පැතුම් , ක්‍රියාකාරකම් පිලිබඳ අවබෝධය අල්පය.එය එසේ වන්නට හේතුව කුමක්ද?අධ්‍යාපනයක් නොලබා සිටීම පමණක් නොව අධ්‍යාත්මික දියුණුවක් නොමැතිවීම,ඇයගේ පවුල් පසුබිම, වෙන්න පුළුවන්.ඉතා වැදගත් වැඩසටහන් මාධ්‍ය තුල දර්ශනය වනවා වගේම නූගත් ගැමි ජනතාව ඒවා නැරඹීම, අර්ථවත් පොතක් පතක් කියවා දැනුම ලබා ගැනීම යන දේ වලින් බැහැරව ජීවත් වන පිරිස් තවමත් අප අතර ජීවත් වන බව පමණක් පැහැදිලිය.සෑම පුරවැසියෙකු කුමන හෝ ආගමික පරිසරයක් සකසා ගත යුතුයි.වර්තමානය වන විට අපේ රටේ බාල,මහළු,තරුණ විශාල පිරිසක් කිසිම ආගමකට ගරු නොකරන තත්වයට පත්වී ඇත.වැඩිහිටියන්ට ගරු නොකිරීම,ලජ්ජාව,බය සමාජය තුල ගිලිහී යාම තාක්ෂණ මෙවලම් නිසා දරුවන් නොමග යාම සදහන් කරන්න පුළුවන්.දිනෙන් දින මේ තත්වය වර්ධනය වීම වැලැක්වීමේ වගකීම ආගමික නායකයන් සහ රටේ පාලකයන් බව අමතක නොකළ යුතු යි.මේ විෂය ගැන පුළුල්ව කතා කලයුතු මාතෘකාවකි.
SarasiMonday, 20 May 2024 12:13 PM
වැඩිහිටියන්ට ගරැකිරීම කෙසේ වෙතත් සමහර වැඩිහිටියන්ගෙන් පරිස්සම් වියයුතු කාලයක් මේ. එතන සිදුවු දේ හරියටම දන්නේ නැතිව කාටවත්ම මොනවත් කියන්න බෑ.