IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


අනූහතරේ ජනපතිවරණයේදී පාවාදීම් සිදුවුණාද ?

වර්ෂ 1994 ජනාධිපතිවරණය බෙහෙවින් තීරණාත්මක විය. දේශපාලන ඉතිහාසයට අපූරු තොරතුරු එකතු කළ මහජන මත විමසීමක් විය. හිටපු ජනාධිපති රණසිංහ පේ‍්‍රමදාස මහතා ඝාතනය කිරීමෙන් පසු එම ධුරයට පත්වූයේ ඞී.බී. විජේතුංග මහතාය. ඒ 1993 දීය.  

මංගල සහ මෛත‍්‍රී කරන හෙළිදරව්ව

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත්හළ අනුර බණ්ඩාරනායක මහතා එක්සත් ජාතික පක්ෂයට එක්විය. යම් හේතුමත හා ගැටලූ මත එක්සත් ජාතික පක්ෂය හැර ගොස් සිටි ගාමිණී දිසානායක, රොනී ද මැල්, ජී.එම්. පේ‍්‍රමචන්ද්‍ර, දොස්තර ගාමිණී විජේසේකර යන මහත්වරු ඇතුළු කීප දෙනෙක් යළි එක්සත් ජාතික පක්ෂයට එක්වීම සිදුවිය. මීට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ලබාගෙන සිටි ජිනදාස නියතපාල මහතා ප‍්‍රමුඛ කිහිප දෙනෙක් යළි එක්සත් ජාතික පක්ෂයට එක්වීම සිදුවිය. එක්සත් ජාතික පක්ෂයට 1994 ජනාධිපතිවරණය වැදගත් සන්ධිස්ථානයක් වී තිබිණි. එවකට විපක්ෂය වශයෙන් සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටද 1994 ජනාධිපතිවරණය තීරණාත්මක විය. වසර 17 ක් පුරා පැවැති එක්සත් ජාතික පක්ෂ රජයෙන් පසු නව වෙනසක් සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපතිවරණයට ඉදිරිපත්වූවාය. ජනාධිපතිවරණ සටන ඇවිලෙද්දී ජනාධිපති අපේක්ෂක ගාමිණී දිසානායක මහතා ප‍්‍රමුඛ 50 දෙනකු පමණ පිරිසක් ඝාතනය කරනු ලැබිණි. ගාමිණී දිසානායක වෙනුවට ශ්‍රීමා දිසානායක නම් කිරීමට පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය තීරණය කර තිබිණි. මෙම මැතිවරණයෙන් චන්ද්‍රිකා මැතිනිය ඡුන්ද 47,09,205 ක්ද, ශ්‍රීමා දිසානායක මහත්මිය 27,15,283 ක්ද ඡුන්ද ලබාගත්තාය. චන්ද්‍රිකා මැතිනිය ලැබූ ඡුන්ද සංඛ්‍යාව සියයට 62.28කි. ශ්‍රීමා දිසානායක ලැබූ ඡුන්ද සංඛ්‍යාව 35.91කි. එම මැතිවරණය පිළිබඳව අලූත් කතා බහක් දැන් ඇතිවී තිබේ. ඒ කතා බහට මූලික වූයේ ඇමැති මෛතී‍්‍රපාල සිරිසේන මහතා විසින් කරන ලද ප‍්‍රකාශයකි. ඔහු කරන ලද ප‍්‍රකාශය වූයේ අද එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා එදා ගාමිණී දිසානායක මහතා පරාජය කිරීමට චන්ද්‍රිකාට සහාය දැක්වූ බවට ඔප්පු කළ හැකි සාක්ෂි තමන් සතුව පවත්නා බවයි. මෙම ප‍්‍රකාශය සත්‍යයක් නොවන බවට තමන් අභියෝග කරන බැව් එක්සත් ජාතික පක්ෂ මහලේකම් තිස්ස අත්තනායක මහතා ප‍්‍රකාශ කළේය. මෛතී‍්‍රපාල සිරිසේන ඇමැතිවරයා එම අභියෝගය භාර ගත්තත් මෙතෙක් ඒ සඳහා ඉදිරිපත්වූයේද නැත. දැන් ඇමැතිවරයා ප‍්‍රකාශ කරන්නේ මේ විවාදය අවශ්‍ය නොවන බව තිස්ස අත්තනායක මහතා දැනුම් දුන් බවයි. රනිල් වික‍්‍රමසිංහ මහතා එවකට ඞී.බී. විජේතුංග රජයේ අගමැතිවරයා විය. සිරිකොතදී රැුස්වූ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය මගින් ජනාධිපති අපේක්ෂකයා තේරීමට කමිටුවක් පත් කරනු ලැබීය. ගාමිණී විජේසේකර, ෆෙස්ටස් පෙරේරා, කේ.එන්. චොක්සි හා විජේපාල මෙන්ඩිස් යන මහත්වරුන්ගෙන් සමන්විත කමිටුව ජනාධිපති අපේක්ෂක ධුරයට ගාමිණී දිසානායක මහතාගේ නම යෝජනා කළහ. ගාමිණී දිසානායක මහතා විරුද්ධ පක්ෂයේ නායකයා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා හා ජනාධිපති අපේක්ෂකයා ලෙස ජනාධිපති මැතිවරණයට ඉදිරිපත්වී සිටියේය. රනිල් වික‍්‍රමසිංහ මහතාට අති විශාල කාර්ය භාරයක් හෝ වගකීමක් පැවරී නොතිබුණ බව පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගේ අදහස වී ඇත. 1994 ජනාධිපතිවරණය පිළිබඳව මතකය දැන් අලූත් කරනු ලැබුවේ ඇමැති මෛතී‍්‍රපාල සිරිසේන මහතාය. රනිල් වික‍්‍රමසිංහ මහතා ගාමිණී දිසානායක මහතාට විරුද්ධව චන්ද්‍රිකාට කරුණු ඉදිරිපත් කළ බව සඳහන් කරන කතාව සත්‍යයක්ද? චන්ද්‍රිකාගේ ඡන්ද සටන මෙහෙයවීමේ යෙදී සිටි ප‍්‍රධාන පුද්ගලයන් තිදෙනෙක් විය. ඒ අනුරුද්ධ රත්වත්තේ, මංගල සමරවීර හා එස්. බී. දිසානායක යන තිදෙනාය. මෛතී‍්‍රපාල ඇමැතිවරයා කරන චෝදනාව පිළිබඳව ”ඉරිදා ලංකාදීපය” මංගල සමරවීර හිටපු ඇමැතිවරයාගෙන් විමසුවේය. මංගල සමරවීර මහතා මෙසේ පැවසුවේය. චන්ද්‍රිකා මැතිනියගේ මැතිවරණ ප‍්‍රචාරක සටන මෙහෙයවීමට තියා ඒ අසලකවත් මෛතී‍්‍රපාල සිරිසේන මහතා හිටියේ නැහැ. එදා පක්ෂය තුළ භේදයක් තිබුණා. අනුර බණ්ඩාරනායක හා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගෙ කණ්ඩායම වශයෙන් කණ්ඩායම් දෙකක් තිබුණා. 1989, 1990 කාලවල ඉඳලම තිබුණු මේ අර්බුදකාරි තත්ත්වය උග‍්‍රවුණා. බහුතරයක් අනුර බණ්ඩාරනායක සමඟ එක්වී චන්ද්‍රිකාට පහර ගැහුවා. මෛතී‍්‍රපාල හිටියෙත් අනුරගෙ පිලේ. මා දන්නා තරමට මෛතී‍්‍රපාල ඒ කාලේ දෙතුන් වතාවකට වඩා චන්ද්‍රිකා මැතිනිය හමුවෙලත් නැහැ. කොටින්ම මෛතී‍්‍රපාලට පක්ෂයේ කිසිම හඬක් තිබුණේ නැහැ. මෛතී‍්‍රපාල කැබිනට් එකටවත් ගත්තෙ නැහැ. ඔය කියන තරම් සුහදතාවයක් තිබුණ නම් අඩුගානේ කැබිනට් ඇමැතිකමක් හෝ ලැබෙන්න තිබුණ. මැතිවරණ සංවිධාන කටයුතුවල සිටි මටත් එස්.බී. ටත් අනුරුද්ධ රත්වත්තේටත් කැබිනට් ඇමැතිකම් දුන්නා. මෛතී‍්‍රපාලට දුන්නේ නියෝජ්‍ය ඇමැති ධුරයක්. චන්ද්‍රිකා මැතිනිය පළි ගැනීම් නොකළ නිසා ඇයට බනිමින් සිටි මහින්ද රාජපක්ෂටත් ඇමැතිකමක් දුන්නා. මෛතී‍්‍රපාල - චන්ද්‍රිකා මැතිනිය එක්ක ළඟ සබඳතාවක් නොමැති බව පැහැදිලි කරන්නයි මේ කරුණු කිව්වේ. මෛතී‍්‍රපාල දැන් ඔය කතා කරන්නෙ මැතිවරණ ප‍්‍රචාරයට. එදා චන්ද්‍රිකා මැතිනියගෙ ඡුන්ද සටන පැත්ත පළාතෙවත් මෛතී‍්‍රපාල හිටියෙ නැහැ. අඩු වශයෙන් චන්ද්‍රිකා මැතිනිය නිල කාලය අවසන් වෙලා නිවසේ සිටියදී මෛතී‍්‍රපාල සිරිසේන එතුමිය බලන්නවත් ගිහිල්ල නැහැ. අඩු ගානේ දුරකථන ඇමතුමක්වත් දීල නැහැ. එයාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ ලේකම්කම දුන්නෙත් චන්ද්‍රිකා මැතිනිය. ඔය ඇමැතිකමට ආවෙත් එතුමිය නිසා. ඒවා අමතක වූ පුද්ගලයෙක්. රනිල් වික‍්‍රමසිංහ චන්ද්‍රිකා එක්ක ගාමිණී දිසානායක ගැන රහස් කිව් බවට කරන ප‍්‍රකාශය මුළුමනින්ම අසත්‍යයක්. මම චන්ද්‍රිකා මැතිනියගෙ මැතිවරණ සංවිධාන කටයුතුවල හිටිය නිසා එතුමිය සමඟ හිටියෙ කවුද? හිටියෙ නැත්තෙ කවුද? කියල මම හොඳට දන්නවා. අනුරුද්ධ රත්වත්තේ මහත්තය අද ජීවතුන් අතර නැහැ. අවංකව කතා කරනවා නම් එස්.බී. දිසානායක ඇමැතිවරයත් මේ සත්‍ය දන්නවා. මංගල සමරවීර මහතා සඳහන් කෙළේය. එක්සත් ජාතික පක්ෂ මහලේකම් තිස්ස අත්තනායක මහතා මෛතී‍්‍රපාල මහතාට අභියෝග කළ එකම පුද්ගලයාය. ඒ පිළිබඳව තිස්ස අත්තනායක මහතාගෙන්ද විමසුවෙමි. ඒ මහතා මෙසේ කියයි. ”මම තවමත් ඒ අභියෝගයෙම ඉන්නවා. චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියත් සමග විවාදයට එන්න කියල අදටත් මම මෛතී‍්‍රපාල ඇමැතිවරයට අභියෝග කරනවා. මේ ගැන විවාදයක් අවශ්‍ය නැති බව මා ප‍්‍රකාශ කළ බවට මෛතී‍්‍රපාල ඇමැතිවරයා කරනු ලබන ප‍්‍රකාශය මුළුමනින්ම අසත්‍යයක්. මා එවැන්නක් කියලත් නැහැ. විවාදය අතහැරලත් නැහැ.  ඕනෑම තැනක  ඕනෑම වෙලාවක මා විවාදයට සූදානම්. පුළුවන් නම් එන්න. හැබැයි කරුණු කාරණා රැගෙන එන්න. පොදු ජනපි‍්‍රය බවට දේශපාලන වාසියට මෙවැනි කතා කීම ඇමැතිවරයකුට ගැළපෙන්නෙ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් ඇමැති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ප‍්‍රකාශ කළේ ගාමිණී දිසානායක මහතාගේ ජයග‍්‍රහණය වළකාලීම සඳහා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මියට රහස් තොරතුරු සැපයීම පිළිබඳව රනිල් වික‍්‍රමසිංහ මහතාට තමන් සමඟ විවාදයකට එන්නැයි ආරාධනා කරන බවයි. පරිනත දේශපාලන නායකයකු වශයෙන් රනිල් වික‍්‍රමසිංහ මහතා කළ යුත්තේ ඍජුව මෙම කරුණට මුහුණදී නිර්භීතව නොපසුබටව හා නොසැලී කි‍්‍රයා කිරීමයි. එහෙත් රනිල්වාදී කල්ලියේ සිටින පක්ෂ ලේකම්වරයා ලවා මාධ්‍ය ප‍්‍රකාශ නිකුත් කිරීම සිදුවෙයි. 1994 දී තම පක්ෂයේ නායකත්වයට එරෙහිව රනිල් වික‍්‍රමසිංහ මහතා කරන ලද කි‍්‍රයාව පිළිබඳව ඔහුගේ දෑස් ඉදිරිපිටදී හෙළිදරව් කිරීමට තීරණය කර ඇති බවද මෛතී‍්‍රපාල සිරිසේන මහතා සඳහන් කළේය.
දයාසීලී ලියනගේ
රනිල් චන්ද්‍රිකා ගාමිණී



අදහස් (0)

අනූහතරේ ජනපතිවරණයේදී පාවාදීම් සිදුවුණාද ?

නීල් Sunday, 19 August 2012 05:04 PM

අනේ මේ ඔක්කොම එකයි. අපි නොදන්නවායැ? (නි)

:       0       0

රොහාන් Thursday, 23 August 2012 09:49 AM

බුදු අම්මේ 1994 ඒවා මොකරද දැන් හොයන්නේ? (දී)

:       0       0

සුමන Monday, 20 August 2012 11:36 AM

කවදාහරි U.N.P. කියන පක්ෂෙ නැති කරන්නේ කවුද කියලානම් අපි දන්නවා...(ස)

:       0       0

සිසිර කුමාර Monday, 20 August 2012 12:50 PM

අනේ, අපි නොදන්නවායැ? (නි)

:       0       0

සරත් Monday, 20 August 2012 10:31 PM

පක්ෂය පාවාදෙන්නේ ඇතුළෙම ඉන්න අය (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

අපේ යටගියාවේ අග මුල සෙවූ ආචාර්ය සිරාන් දැරණියගල
2024 ඔක්තෝබර් මස 05 128 0

හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිරාන් දැරණියගල මහතා අභාවප්‍රාප්ත වී අදට (05) තෙවසරක් සපිරේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 5971 3

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 888 6

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1478 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 136 1

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 213 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39217 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25607 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1094 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 383 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site