(සාකච්ඡා සටහන - ගුණසිංහ හේරත්)
ආනයන තහනම ලිහිල් කළ යුත්තේ පාරිභෝජනය සඳහා පමණක් නොවෙයි. ඒ තහනම ලිහිල් කළ යුත්තේ නිෂ්පාදනය සඳහාය. ආනයන තහනමෙන් පහර වදින්නේ නිෂ්පාදනයටය. එය පසුගිය අවුරුදු කිහිපයේ අත්දුටු සත්‍යයකි. නිෂ්පාදනය පහත වැටී ආර්ථීක වර්ධන වේගය ඍණ බවට පත්ව තිබීමට එක් හේතුවක් වී තිබෙන්නේ ද ආනයන යෙදවුම් නැතිකමය. ලංකාවේ ආනයනවලින් සියයට 80ක් නිෂ්පාදනයට අත්‍යවශ්‍ය දේවල්ය. අමුද්‍රව්‍ය හා යෙදවුම් පමණක් නොව යන්ත්‍රෝපකරණ ද ඊට ඇතුළත් වෙයි.
විනිමය සංචිත ඉතිරි කරගත යුත්තේ ආනයන සීමා පවත්වාගෙන නොවේ. විනිමය සංචිත වැඩිකර ගත යුත්තේ අපනයන ආදායම වැඩි කර ගැනීමෙනි. අපනයන ආදායම වැඩි කර ගැනීමට ආනයන අත්‍යවශ්‍යයය. අප බැලිය යුත්තේ මුල සිට අගට මිස අග සිට මුලට නොවේ.
රටේ විදේශ සංචිත වැඩි වන්නේ අපනයනවලිනි. ඒ නිසා ආනයන සීමා පනවාගෙන සංචිත ගොඩනැගිය නොහැකිය. එමගින් වන්නේ සංචිත තව තවත් අඩුවීමය.
ඒ නිසා සංචිත ගොඩනගා ගත යුත්තේ අපනයන වැඩි කිරීමෙනි. රට ආර්ථික අර්බුදයක වැටී සිටින්නේ අපනයන වර්ධනය කරගත්තේ නැති නිසාය. අප සිටියේ බොරු මිථ්‍යා මතයක එල්ලීය. දේශීය ආර්ථිකය ගැන කියමින් එය අපේ කොඳු නාරටිය බවට වහසි බස් කියමින් සිටියා මිස අපනයන ප්‍රවර්ධනය කළේ නැත.
මියන්මාරය හා කාම්බෝජය බොහොම දුප්පත් රටවල් දෙකකි. 2000 වසරේ දී ඒ රටවල් දෙකේම අපනයන ආදායම ඇමෙරිකන් ඩොලර් බිලියන එකකි. 2000 දී ලංකාවේ අපනයන ආදායම ඩොලර් බිලියනයකි. 2000 දී ලංකාවේ අපනයන ආදායම ඩොලර් බිලියන 6කි. 2020 දී මියන්මාරයේ හා කාම්බෝජයේ අපනයන ආදායම ඩොලර් බිලියන 20කට ආසන්නය. ලංකාවේ අපනයන ආදායම දැනටත් බිලියන 10 සිට 12 අතර කැරකෙයි.
ඒ උදාහරණයෙන් අනාවරණය වන්නේ ලංකාව තමන්ට වඩා පහළින් සිටින රවලටත් වඩා දුර්වල රටක් බවය. තවත් හොඳම උදාහරණයක් වන්නේ වියට්නාමයයි. අවුරුදු 25 කට පෙර ලංකාවේත් වියට්නාමයේත් අපනයන ආදායම ඇමෙරිකන් ඩොලර් බිලියන පහක් පමණ විය.
එකල වියට්නාමයේ ප්‍රධාන අපනයන වූයේ හාල් සහ ධීවර නිෂ්පාදනය. ඒ සියල්ල ප්‍රාථමික භාණ්ඩය. එහෙත් 1990 දසකය ආරම්භ වෙද්දී ලංකාවේ අපනයනවලින් වැඩි ප්‍රමාණයක් කාර්මික නිෂ්පාදනය. ඒ අනුව ලංකාව සිටියේ වියට්නාමයට වඩා ඉහළ මට්ටමකය. එහෙත් අපනයන ආදායම අතින් රටවල් දෙකම සමානය.
2022 වෙද්දී ලංකාවේ අපනයන ආදායම ඩොලර් බිලියන 13 කි. වියට්නාමයේ අපනයන ආදායම ඩොලර් බිලියන 350කි. ඒ ඉලක්කම්වලින් ප්‍රත්‍යක්‍ෂ වන්නේ මිථ්‍යා මතවල එල්ලී සිටීමේ ආදීනවයි. රටක ආර්ථීක දියුණුව ඇතිවන්නේ කොහොමදැයි දන්නේවත් නැති අයගේ මිථ්‍යා මතවල එල්ලී සිටීමේ ආදීනව දැන්වත් තේරුම් ගත යුතුය.
ඒ නිසා විදේශ සංචිත ගොඩනගා ගත යුත්තේ අපනයන වර්ධනය කර ගැනීමෙනි. අපනයන වර්ධනය කරගැනීමට ආයෝජන වර්ධනය විය යුතුය. එහෙත් ඒ සඳහා වැඩපිළිවෙළක් නැතිකම ද අපේ දුර්වලකමකි. ලංකාව දැනටත් කල්පනා කරන්නේ සංචාරකයන් පැමිණීම වර්ධනය කරගැනීමෙන් සහ අපේ සහෝදර සහෝදරියන් රට පටවා ඩොලර් ඉපයීමටය. ඊට අමතරව මූල්‍ය අරමුදලෙන් හා ලෝක බැංකුවෙන් තව තවත් ණය ලැබෙයි කියා කට ඇරගෙන බලා සිටියි. ලංකාව ඉස්සරත් කළේ එහෙමය.
දැන් මේ එළඹ තිබෙන්නේ ඒ ප්‍රවේශයත් වෙනස් කරගත යුතු කාලයකි. ඊට හේතු රැසකි. සංචාරක කර්මාන්තයට ප්‍රශ්න දෙකකි. පළමුවැනි ප්‍රශ්නය සංචාරක කර්මාන්තය වැඩි දියුණු කිරීමෙන් අතිවිශාල ඩොලර් ආදායමක් ලැබීමට රටකට නොහැකිය. 2048 වෙද්දී ලංකාව පොහොසත් රටක් වීමට බලාපොරොත්තු වෙයි. සංචාරක පැමිණීම ඉහළ ගොස් එමගින් ලැබෙන ආදායම ඉහළ ගියත් ලංකාවට පොහොසත් රටක් විය නොහැකිය.
ලංකාවට දැනටත් සංචාරකයෝ විශාල වශයෙන් නොපැමිණෙති. ලංකාවට සංචාරකයන් වැඩියෙන්ම පැමිණියේ 2018 දීය. ඒ ගණන මිලියන දෙකහමාරකට අඩුය. එහෙත් තායිලන්තයට අවුරුද්දකට පැමිණෙන සංචාරකයන් ගණන මිලියන 40කි. වියට්නාමයට මිලියන 18 කි. ඉතින් ලංකාව සංචාරකයන් මිලියනයක් දෙකක් ගෙන්වා ගෙන රට ස්වයංපෝෂිත කර සෞභාග්‍යමත් කර පොහොසත් රටක් කිරීමට දැඟලීමත් මිථ්‍යාවකි.
දෙවැනි ප්‍රශ්නය සංචාරක කර්මාන්තය ආරක්‍ෂාව සහ සෞඛ්‍ය ප්‍රශ්නවලට ඉතා සංවේදීය. කොරෝනා නිසා ලෝකයේම සංචාරක කර්මාන්තය වැටුණේ ඒ නිසාය. එසේම ආරක්‍ෂාව පිළිබඳ ප්‍රශ්න පවතිනවා නම් සංචාරකයෝ නොපැමිණෙති. ඒ නිසා එසේ අවදානම් සහිත කර්මාන්තයක් මත රඳා පැවැතීමට යාම අනුවණය. සංචාරක කර්මාන්තය වැඩිදියුණු කිරීම හොඳය. ඒ සඳහා කළයුතු දේද බොහෝය.
හෝටල් ගාස්තු වැඩි කරනවාට වඩා කළ යුතු දේවල් තිබේ. සංචාරකයන්ට නොගැළපෙන හැසිරීම් රටා ලංකාවේ බහුලය. අපරාධ, කොල්ලකෑම්, ලිංගික හිංසන, මහපාරේ යාමට නොහැකිකම යනාදී වශයෙන් සංචාරකයන්ට සිදුවන හිරිහැර කරදර සුලබය. එහෙත් ඒවා නැවැත්වීමට කිසිවක් නොකරයි. සංචාරක කර්මාන්තය හොඳය. එහෙත් එමගින් රටක් දියුණු නොවෙයි.
විදේශ සංක්‍රාම හෙවත් විදේශ රැකියා කරන අය මව් රටට එවන සල්ලිවලින් දියුණු වූ රටක් ද ලෝකයේ නැත. සංක්‍රාම වැඩිවීමෙන් අනාවරණය වන්නේ ඒ රටේ දුප්පත්කම වැඩිවන බවය. රටේ ජනතාවගේ කාලකන්නිකම වැඩිවන විට විදෙස් සංක්‍රාම ද වැඩිවෙයි. දුප්පත්කම වැඩිවී ජීවත් වෙන්න ක්‍රමයක් නැති වුණාම රටේ රක්‍ෂා සහ ආදායම් මාර්ග නැති වුණාම කරන රස්සාවට ප්‍රමාණවත් වැටුපක් නොලැබුණාම ඒ මිනිස්සු රට හැරයති.
ඒ පසුබිමේ රටේ ජනතාවට තව තවත් දුක් දුන්නොත් රට හැර යාම් තව තවත් වැඩිවෙයි. එමගින් ඩොලර් ටිකක් වැඩියෙන් ලැබෙයි. ඒ ලැබෙන ඩොලර්වලින් රට පොහොසත් කිරීමට සිතීම සහමුලින්ම මිථ්‍යාවකි. මිනිස්සු රට හැර යන්නේ ඔවුන්ගේ ශ්‍රමය මෙරට ආර්ථීකයට ලබාගැනීමට ක්‍රම නැති නිසාය. ඉන් අනාවරණය වන්නේ රටේ ආර්ථීකයේ පවතින දුර්වලකම ය.
ඒ නිසා සංචාරක කර්මාන්තයෙන් හා විදේශ රැකියා කරන අයගෙන් ලැබෙන ඩොලර්වලින් රට සංවර්ධනය කිරීමේ උපාය මාර්ග දැන්වත් අත්හළ යුතුය. ඒවා දෙවැනි තැනට දමා ප්‍රමුඛතාව දිය යුත්තේ අපනයන වැඩි කිරීමටය. ඒ සඳහා ආනයන තිබිය යුතුය. ආයෝජන වැඩිකළ යුතුය. ලංකාවේ තිබෙන්නේ විවෘත ආර්ථීකයක් නොවේ. මෙරට තිබෙන්නේ ආවෘත ආර්ථිකයකි. නූතන ලෝකයේ තිබෙන විශාලතම නිදහස් වෙළෙඳ කලාපය ආසියාවයි.
ආසියානු සංවිධානයේ රටවල් දහයකි. ඒ රටවල් 10 නිදහස් වෙළෙඳ කලාපයකි. මියන්මාරය, ලාඕසය, වියට්නාමය, පිලිපීනය, තායිලන්තය, කාම්බෝජය, බෲනායි, මැලේසියාව, සිංගප්පූරුව, ඉන්දුනීසියාව ඒ රටවල් දහයයි. ඒ රටවල් තවත් රටවල් 7 ක් සමග නිදහස් වෙළෙඳ ගිවිසුම් ඇතිකරගෙන තිබේ. ඉන්දියාව, චීනය, දකුණු කොරියාව, ජපානය, හොංකොං, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය ඒ රටවල් හතයි. ඒ අනුව ආසියාව හා ආසියා පැසිපික් කලාපයම ඒ නිදහස් වෙළෙඳ කලාපයට ඇතුළත් වෙයි.
නූතන ලෝකයේ තිබෙන විශාලතම නිදහස් වෙළෙඳ කලාපය එයයි. ඉන්දියාවේ සහ චීනයේ පමණක් ජනගහනය බිලියන තුනකට ආසන්නය. ඒ රටවල් දෙකේ වෙළෙඳ පොළේ තරම ඒ ජනගහනයෙන් අනාවරණය වෙයි. එහෙත් ලංකාව අදටත් ලොව පවතිත ඒ විශාලතම වෙළෙඳ කලාපයේ හුදෙකලා වූ රටකි. ලෝකයෙන් හුදෙකලා වී අපනයන වර්ධනය කරගත නොහැකිය.
අපනයන වර්ධනය කර ගැනීමට ආයෝජන වැඩි විය යුතුය. ඒ දේශීය හා විදේශීය ආයෝජනය. ලංකාව ඇතුළු දියුණු වෙන දුප්පත් රටවලට දේශීය ආයෝජන වැඩි කිරීමේ විශාල හැකියාවක් නැත. කරනවා නම් එය කළ හැක්කේ ටිකෙන් ටික සතෙන් සතේ එකතු කරගෙනය. ලංකාව කාලයක් තිස්සේ එසේ කළේය.
එසේ කිරීම නිසා ලංකාවට පසුපසින් සිටි බොහෝ රටවල් දැන් ලංකාවට වඩා ගව් ගණනක් දුර ගොසිනි. ඒ නිසා ආයෝජනය සඳහා දේශීය ඉතිරි කිරීම් ලබා ගන්නවාය, හොයා ගන්නවාය නැතහොත් දේශීය ව්‍යාපාරිකයන් ආයෝජනය කරනවාය කීම අතාර්කිකය. එමගින් විශාල වෙනසක් කළ නොහැකිය.
ආයෝජනයට මුදල් සොයා ගැනීම නූතන ලෝකයේ ඉතා පහසු කටයුත්තකි. කිසිදු රටක් එය ප්‍රශ්නයක් ලෙස නොසලකයි. ඒ ලෝකයේ ආයෝජන අරමුදල්වල හිඟයක් නැති නිසාය. විදේශ ආයෝජන බිලියන ගණන්වලින් ලබාගත හැකිය. 2000 න් පසු කාලයේදී අවුරුද්දකට ඩොලර් බිලියන 1,500 ක් පමණ ලොව පුරා විදේශ ආයෝජන ගලා යයි. ඉන් වැඩි ප්‍රමාණයක් ගලා එන්නේ ආසියාවටය. වැඩියෙන්ම විදේශ ආයෝජන ලැබෙන රටවල් තිබෙන්නේ ද ආසියාවේය. පළමුවැනි රට චීනයයි. 2022 දී චීනයට පැමිණි විදේශ ආයෝජන ප්‍රමාණය ඇමෙරිකන් ඩොලර් බිලියන 189 කි.
දෙවැනි රට තිබෙන්නෙත් ආසියාවේය. ඒ සිංගප්පූරුවයි. 2022 දී සිංගප්පූරුවට ලැබුණු විදේශ ආයෝජන ප්‍රමාණය ඩොලර් බිලියන 141 කි. තෙවැනි රටත් ආසියාවේය. ඒ ඉන්දියාවයි. ඉන්දියාවට 2022 දී ලැබුණු විදේශ ආයෝජන ප්‍රමාණය ඩොලර් බිලියන 45 කි. 2022 දී ලංකාවට පැමිණ තිබෙන විදේශ ආයෝජන ප්‍රමාණය ඩොලර් බිලියන 0.9 කි. එනම් මිලියන 900කි.
ඒ ඉලක්කම්වලින් අනාවරණය වන්නේ ලංකාව ආයෝජකයන් පැමිණීමට අකැමැති රටක් බවය. ජපානයේ විශාලතම මෝටර් රථ නිෂ්පාදන සමාගම් දැන් ඉන්දියාවට පැමිණ එරටෙහි තම නිෂ්පාදන කරයි. ඇපල්, සැම්සුන් වැනි ලොව විශාලතම සමාගම්ද දැන් ඉන්දියාවෙහි ආයෝජනය කරයි. එහෙත් ඒ සමාගම් කිසිවක් ලංකාවට නොපැමිණෙයි. ලෝකයේ උතුම් රට ලංකාවය, අප ආයෝජනය කළ යුත්තේ එහිය කියා ඇමෙරිකාවේ සහ යුරෝපයේ තබා ආසියාවේ රටවලටවත් නොසිතෙයි, නොපෙනෙයි.
ඊට හේතුව ඒ ආයෝජකයන්ට ලංකාව විශ්වාස නැති නිසාය. එහෙයින් අප පළමුව කළ යුත්තේ ඒ විශ්වාසය ඇති කිරීමය. එමගින් ආයෝජන දිනා ගැනීමය. ඒ ආයෝජන මගින් අපනයන නිෂ්පාදන ඉහළ නැංවීමය. අපේ විදේශ සංචිත වැඩිකළ හැක්කේ අපනයන නිෂ්පාදන ඉහළ නැංවීමෙනි. සංචිත එසේ වැඩිකර ගැනීමෙන් ආනයන තහනම් කිරීමට ද සිදු නොවෙයි.
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අපනයන නැති ආර්ථිකයක ආදීනව
CHANDIMA Thursday, 12 October 2023 11:31 PM
අපනයනය කරන්නේ අපි නෙවෙයිනේ... එයාලා විතරයිනේ පහසුකම් දීලා තියෙන්නේ... ඒ නිසා අපිට මේ ගැන කියලා වැඩක් නෑ...
Ano Saturday, 14 October 2023 04:52 PM
හැම ව්‍යවසායකයෙකුටම අපනයනය කරන්න බෑ. එහෙම බලාපොරොත්තුවෙන්නත් බෑ. කළයුත්තේ ව්‍යවසායකයින් සහ නිෂ්පාදකයන් අපනයන අගය දාමයට හෝ සැපයුම් දාමයකට සම්බන්ධ කරන එකයි.