IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


අපරාධ අල්ලන අලූත්ම රහස් පරීක්‍ෂකයා

 

රෙදිපිළි වෙළෙඳසල්හි ඇඳුම් ඇඟලා බලන කාමර තුළ සවිකරන ලද සීසීටීවී ආරක්ෂක කැමරාවලින් කාන්තාවන්ගේ අඟපසඟ බැලීයැයි කියන සිද්ධි කිහිපයක් සමාජයේ වැඩි කතාබහකට ලක්වූයේ ගිය වසරේය. පහත් මානසිකත්වයෙන් යුතු කිහිපදෙනකුගේ  බාල ක‍්‍රියා  නිසා  සීසීටීවී කැමරා ගැන වැරදි මතයක් සමාජයේ පැතිර ගියත් එහි ප‍්‍රමුඛ අරමුණ යටපත් කිරීමට නොහැකි වූයේ ඒ ආශ‍්‍රයෙන් අපරාධ ගණනාවක සුළමුල සොයාගැනීමට පොලීසිය සමත් වූ නිසාය.

සීසීටීවී කැමරා සවි කිරීමේ ප‍්‍රධාන අරමුණ වනුයේ අපරාධ මැඩපැවැත්වීමයි. මුරකරුවකුගේ සේවයට එහා ගිය විශේෂ කර්තව්‍යයක් සීසීටීවී කැමරාවෙන් සිදු වෙයි. වර්තමානයේ එය ආයතනයකට නැතිවම බැරි අංගයක් වී හමාරය. මුලදී සුපිරි වෙළෙඳසල් තුළ සවිකළ සීසීටීවී කැමරා දැන් සාමාන්‍ය කඩසාප්පු වල පමණක් නොව නිවෙස්වල ද සවි කිරීම ආරම්භ කර ඇත.

ශ‍්‍රී ලංකාවේ සීසීටීවී කැමරා ජනප‍්‍රිය වූයේ මෑතකදී වුවත් සීසීටීවී ඉතිහාසය 1942 දක්වා දිව යයි.

සීසීටීවී කැමරා මුලින්ම භාවිත කළ බවට වාර්තා වන්නේ ජර්මනියේය. ඒ 1942 වසරේ දී ය. ඉන් පසු ”වී දෙක” රොකට් දියත් කිරීම නිරීක්ෂණය කිරීම සහාත් එය භාවිත කළ අතර ජර්මන් ජාතික ඉංජිනේරු පෝල්ටර් බුච් විසින් තාක්ෂණික නිර්මාණ පද්ධතිය මෙහෙයවනු ලැබීය.

ඇමෙරිකාවේදී පළමු ව්‍යාපාරික සමීප දසුන් රූපවාහිනී පද්ධතිය ආරම්භ වූයේ 1949 වසරේදීය. එම අවධියේ පද්ධතිය සවි කිරීමෙන් පසු නිතරම එය නිරීක්ෂණය කළ යුතු වූ අතර එහි දසුන් පටිගත කිරීමක් හෝ ගබඩා වීමක් සිදු නොවිණි. දසුන් පටිගත කිරීමේ ක‍්‍රමය හඳුන්වා දෙනු ලැබුවේ පසු කාලීනවය.

මුල් කාලයේ දළ සේයාපට දත්ත ගබඩා කිරීමට යොදා ගනු ලැබූ අතර එම චුම්භක පට හා සේයාපට අතින් ක‍්‍රියා කර වීමට සිදු වූ නිසා කාලය මිංඩගු විය.

වියදම ද සැර විය. එවැනි ගැටලූ නිසා සීසීටීවී කැමරා භාවිතය අවම මට්ටමක පැවැතිණි.

1970 දී වීසීආර් තාක්ෂණය (Variable Compression Ratio) හඳුන්වාදීමත් සමග සීසීටීවී කැමරා ව්‍යාප්ත වන්නට පටන්ගත්තේ  පටිගත කිරීමේ හැකියාව හා අනවශ්‍ය දත්ත මකා දැමීමේ පහසුව ලැබීම නිසාය.

ආරක්ෂාව ගැන සොයාබැලීම සහ අපරාධ අවම කිරීම සීසීටීවී කැමරා සවි කිරීමේ ප‍්‍රධාන අරමුණ විය.

අපරාධයක් ගැන දැනගැනීමට ඇසින් දුටු සාක්ෂි හැර මෙතෙක් ඉදිරිපත් වූ ප‍්‍රබලතම සාක්ෂිය වූයේ ඡායාරූපයයි. සීසීටීවී කැමරාවේ ආගමනයත් සමග ඡායාරූප යනු යල් පැන ගිය අංගයක් බවට පත්ව ඇති අතර යම්කිසි ස්ථානයක සවි කළ කුඩා කැමරාවකින් එම ස්ථානයේ සිදුවන දෑ වෙනත් ස්ථානයක සිට සජීවීව නැරඹීමේ හා පටිගත කිරීමේ හැකියාව ඇත.

ශ‍්‍රී ලංකාවේ මෙම කැමරා පද්ධතිය ප‍්‍රචලිත වන්නට පටන් ගත්තේ මීට වසර කිහිපයකට පෙරය.

පසුගිය කාලයේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් වාහන ලීසිං හා රන් බඩු උකස් ආයතනයක ගම්පහ ශාඛාවේ කොල්ලයේ සුළමුල හෙළි කර ගැනීමට ඉවහල් වූයේ සීසීටීවී කැමරා දර්ශනයි.

 
ගම්පහ ලීසිං සමාගම කොල්ලකෑ සැකකරුවන් කැමරාවේ සටහන් වූ අයුරු

බම්බලපිටියේ කෝටිපති ව්‍යාපාරික මොහොමඞ් සියාම් පැහැරගෙන ගොස් ඝාතනය කළැයි කියන සිද්ධියේ සුළමුල හෙළි වූයේ ද සීසීටීවී කැමරා දර්ශන අනුව බව පොලීසිය කියයි. විනිසුරුවරියකගේ වාහනයක ස්ටිකර ගැලවූ පාසල් සිසුන් තිදෙනකු කොටු වූයේ ද ඒ අසළ කඩයක සවි කර තිබූ සීසීටීවී කැමරාවේ සටහන් වූ දර්ශන අනුවය.

සීසීටීවී දර්ශන අනුව මෑත කාලයේ මේ ආකාරයේ අපරාධ ගණනාවක සුළමුල හෙළි කර ගැනීමට පොලීසිය සමත් විය. ශ‍්‍රී ලංකාවේ පමණක් නොව වෙනත් රටවල ද සීසීටීවී කැමරා ආශ‍්‍රයෙන් අපරාධකරුවන් කොටු කර ගත් අවස්ථා ගණනාවක් ගැන පසුගිය කාලයේ වාර්තා විය. ඇමෙරිකාව කැලඹූ බොස්ටන් බෝම්බ ප‍්‍රහාරය එල්ල කළ බවට සැක කරන දෙදෙනා හඳුනාගැනීමට බොහෝ සෙයින් දායක වූයේ සමීප රූප කැමරාවක සටහන් වූ දර්ශන කිහිපයකි.

මෙට්‍රොපොලිටන් පොලීසිය වරෙක කියා තිබුණේ දිනකට අපරාධ හයක් විසඳීම සඳහා සීසීටීවී දර්ශන උපයෝගී කරගන්නා බවයි. වසරක කාලයකදී සිදුවූ මිනීමැරුම් 90කින් 65ක් විසඳීමට සීසීටීවී කැමරා උපයෝගී වූ බව ස්කොට්ලන්ඞ් යාඞ් පොලීසිය පැවසූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි. බි‍්‍රතාන්‍යයේ සෑම පොදු ස්ථානයකම වාගේ සීසීටීවී සවි කර ඇති බවත්, දිනකට එක් පුද්ගලයකු කැමරා රැසක අවස්ථා ගණනාවකදී දර්ශනය වන බවත්, යම්කිසි අපරාධයක් සිදුවුණි නම් එය සොයාගැනීමට පහසු බවත් එම වාර්තාවේ සඳහන් විය.

සීසීටීවී කැමරාවෙන් අපරාධ අවම වන ආකාර කිහිපයකි. ආයතනයක සීසීටීවී කැමරා ඇතැයි යන බියෙන් අපරාධකරුවන් එම අපරාධ සිදු කිරීමෙන් වැළකීම ඉන් එක් ආකාරයකි.   සීසීටීවී කැමරා තුළින් අපරාධකරුවන් පහසුවෙන් හඳුනාගැනීම තුළින් අත්අඩංගුවට ගැනීම පහසු වන අතර එය නීතීමය කටයුතු වලට  පහසුවක් වෙයි. ව්‍යාපාරික ස්ථාන, පොදු ස්ථානවල සීසීටීවී කැමරා පද්ධතියක් සවි කර ඇතැයි දැනගැනීම මගින් තමන් ආරක්ෂිත පරිසරයක සිටිතියි මහජනයා තුළ හැඟීමක් ඇති වෙයි. එමෙන්ම ආයතන අභ්‍යන්තරයේ සිදුවන විවිධ අයථා ක‍්‍රියා ද සීසීටීවී කැමරා පද්ධතිය නිසා අවම වන බව පසුගිය දිනක වාර්තා වූ සිද්ධියකින් පැහැදිලි වෙයි.

එය පෞද්ගලික ආයතනයකි. සීසීටීවී කැමරා පද්ධතියක් සවි කර ඇතැයි සේවකයන් දැන සිටියේ නැත. ආයතනයේ ඇති සුදු කඩදාසි නිවෙස් වෙත ගෙන යෑමට සේවකයෝ පුරුදුව සිටියහ. දිනක් සේවිකාවකගේ මුදුව ආයතනයේ වැටී ඇතත් එය නැවත හමු නොවූයෙන් පරිපාලනයට පැමිණිලි කළාය.

ආයතනයේ ඉහළ නිලධාරියකු ඇගේ මිතුරු සේවිකාවක කාර්යාලයට ගෙන්වා ‘කරුණාකර ඔයා ඇහිඳපු මුද්ද දෙන්න’ යැයි කීවේය. ‘මම මුද්දක් දැක්කෙත් නෑ. ගත්තෙත් නෑ.’ ඇය කීවාය. කළබල නොවූ ඉහළ නිලධාරියා ඇයට වාඩි වීමට අසුනක් දී පරිගණක යන්ත‍්‍රයෙන් වීඩියෝවක් පෙන්වන්නට විය.  එම සේවිකාව අන්දමන්ද වූයේ බිම වැටී තිබූ මුදුව අහුලා බෑගයට දමා ගන්නා අයුරු එහි සටහන්ව තිබෙනු දැකීමෙනි. ඇයට කටඋත්තර නැති විය. සෙසු සේවකයන් ද සුදු කොළ නිවෙස් වෙත ගෙන යෑම නැවැත්වූයේ ඉන් අනතුරුවය‘.

සීසීටීවී කැමරාවේ ප‍්‍රයෝජන කියන්නට මෙය එක් උදාරණයක් පමණි. එවැනි උදාහරණ රාශියක් සමාජයේ ඇත.

ශ‍්‍රී ලංකා පොලීසිය සීසීටීවී ආරක්ෂක කැමරා භාවිතය ආරම්භ කළේ 2010 දෙසැම්බර් 29 වැනිදාය. ඒ කොළඹ නගරයේ තෝරාගත් ස්ථාන 27ක සීසීටීවී ආරක්ෂක කැමරා 105ක් සවි කරමිනි. පොලිස් දෙපාර්තමේන්තුවේ මධ්‍යම සුබසාධක ගොඩනැගිල්ලේ ඉහළ මාලයේ පිහිටුවනු ලැබ ඇති මෙහෙයුම් මැදිරියේ පුළුල් තිර මත කැමරා දර්ශන සටහන් වන අතර නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ ද ප‍්‍රධානත්වයෙන් පොලිස් සීසීටීවී කොට්ඨාසය යනුවෙන් වෙනම කොට්ඨාසයක් ද පිහිටුවනු ලැබ ඇත.

රථවාහන පාලනය, අපරාධ නිරීක්ෂණය, නීතිවිරෝධී කටයුතු නිරීක්ෂණය, අපරාධකරුවන් හඹා යෑම මෙන්ම ප‍්‍රභූ ආරක්ෂක කටයුතු සඳහා ද සීසීටීවී කැමරා පද්ධතියෙන් සුවිශේෂී සහයක් ලැබෙන බව පොලීසිය කියයි.

පසුගිය දෙවසර තුළ පොලිස් සීසීටීවී කොට්ඨාසය මගින් සිදු කළ රාජකාරිය පහත පරිදි වේ.


බල අපරාධ විසඳීමට සහාය වීම -    05
අපරාධ විමර්ශනයට තාක්ෂණික සහාය ලබා දීම -    44
රිය අනතුරු විමර්ශනය සඳහා තාක්ෂණික සහාය
ලබා දීම -    20
පොලිස් හදිසි ඇමතුම් අංශය සමග සම්බන්ධ වී
ලබාගන්නා ලද රථවාහන වැරදි සම්බන්ධ නඩු    11267
දුෂණ මර්දන නඩු    01
සැකකටයුතු පුද්ගලයන් සෝදිසි කරවීම -    292
අවශ්‍ය සැකකරුවන් හඳුනාගැනීමට සහාය වීම  -     15
නැති වූ මහජන දේපල සොයා දීම -    02
ප‍්‍රභූ ආරක්ෂක රාජකාරි නිරීක්ෂණය කිරීම -    6914

 


ලංකාවේ බොහෝ ආයතන තුළ සීසීටීවී කැමරා සවි කර තිබුණත් ආයතනයෙන් පිටත සවි කර නැත. උදාහරණයක් ලෙස කොල්ලකෑමට ලක් වූ ගම්පහ ලීසිං ආයතනයේ එළියේ සීසීටීවී කැමරාවක් සවි කර තිබුණේ නම් කොල්ලය සඳහා පැමිණ ආයතනයෙන් පිටතට වී කොපමණ පිරිසක් සිටියේ ද සහ ඔවුන් පැමිණියේ කුමණ වාහනයකින් ද, පැමිණි වාහනයේ අංකය කුමක්ද, ඔවුන් පළා ගියේ කුමන පැත්තකට ද යන ප‍්‍රශ්නවලට පහසුවෙන් පිළිතුරු සපයා ගැනීමට හැකියාව තිබිණි.

අල්ලස් ගැන වැඩි කතාබහට ලක් වන මේ කාලයේ රාජ්‍ය ආයතන තුළ හා පොදු ස්ථානයන්හි සීසීටීවී කැමරා සවි කර තිබේ නම් එම වැරදි ද අවම වනු ඇත. ඇතැම් රාජ්‍ය ආයතන තුළ සිදු වන බව කියන බොහෝ අයථා  ක‍්‍රියා අවම කර ගැනීමට ද, මහජනතාවට හොඳ සේවාවක් ලබා දීමට ද සීසීටීවී උපකාරී වනු ඇත.

එලෙස බැලූ කල සීසීටීවී යනු අපරාධකරුවන් එල්ලූම් ගහට යැවීමට සිටින හොඳම සාක්කිකරුවකු වන්නේය.

 

 

තරිඳු ජයවර්ධන/තුෂාර සිල්වා

 



අදහස් (0)

අපරාධ අල්ලන අලූත්ම රහස් පරීක්‍ෂකයා

දර්ශන Saturday, 28 September 2013 11:59 AM

කලින් නම් විදුලි කෙටීමේදී සීසීටීවී පද්ධතිවලට හානි සිදු වූනා. නමුත් දැන් තියෙන තාෂණයත් එක්ක ඒ හානිය බොහෝ දුරට අඩු කර ගන්න පුලුවන්. අපිත් විද්‍යුත් ආරක්ෂක පද්ධති සපයන ආයතනයක් කරනවා. මුලදී අපිටත් ඔය ප්‍රශ්න බලපෑවා. නමුත් දැන් හුගක් අය කැමරා පද්ධිත ගැන විශ්වාසය තියලා තියෙනවා. හයි කරල විතරක් මදි හොදට නඩත්තු කරන්නත් ඕන. වැඩි විස්තර ඩීටෙක්සොල්.කොම් වෙබ් අඩවියෙන් බලාගන්න.(නදී)

:       0       0

ඉන්ද්‍රලාල් Wednesday, 18 September 2013 03:59 PM

ප්‍රභූ ආරක්ෂාවට තමා සී සී ටීවී කැමරා ගොඩක් මහන්සි වෙලා තියෙන්නේ .මහජනයාට සොච්චමයි.(නදී)

:       0       0

නිහාල් Thursday, 19 September 2013 08:22 PM

රජයේ විබාග පවත්වන අවස්ථාවේදී යොදාගන්නා ඉතා වැදගත් රජයේ උසස් පාසල් තුල මෙම කැමරා සවි කිරීම තවත් වැදගත් වේවි (නි)

:       0       0

නිහාල් Tuesday, 17 September 2013 03:28 PM

විශිෂ්ඨ කැවරාවක් (අ)

:       0       0

කමල් Sunday, 15 September 2013 02:38 PM

සිසීටීවී කැමරා සහ ව්‍යාජ සීසීටීවී කැමරාද සවි කිරීමට උන්නදු වන්න. සත්‍ය කැමරාවක මිල හා සැසැදීමේදී ව්‍යාජ කැමරාවල මිල ඉතාමත් අඩුයි. කැමරා වර්ග දෙකම පෙනුමෙන් සමාන නිසා සත්‍ය වශයෙන්ම දර්ශන ලබාගන්නා කැමරාව හදුනා ගැනීම අපහසු නිසා සොරකම් හෝ දූෂන වැලැක්වීමට පිටිවහලක් මෙම ව්‍යාජ කැමරා මගින් ලබා ගත හැකියි.(නදී)

:       0       0

ශිරානි Thursday, 19 September 2013 01:26 AM

හොද වැඩක්. ඉදිරිකාලේදී හුගක් අපරාධ අල්ලගන්න පුළුවන් වෙයි. (නි)

:       0       0

නිසාර් Sunday, 15 September 2013 03:26 PM

රේගු දෙපාර්තමෙන්තුවට 1000 ක් වත් සවිකළ යුතුය.(නදී)

:       0       0

තාරක Thursday, 19 September 2013 06:56 AM

නියමයි (නි)

:       0       0

ෆර්හාන් Saturday, 21 September 2013 12:02 PM

නියම වැඩක් (නි)

:       0       0

කුමාර Monday, 16 September 2013 12:52 AM

සිසිටීවි කැමරාව ඉතා හොඳ දෙයක්. ඒ වුණාට සවිකරලා පවත්වාගෙන යන්න බැහැ. මොකද ලංකාවේ විදුලි රැහැන් පොළව මතුපිට තිබෙන නිසා විදුලි කෙටීමෙදී හානි වෙනවා (නි)

:       0       0

බණ්ඩ Saturday, 21 September 2013 10:24 PM

මේවා පොලිස් මුර පොළවල් ළග සවි කර නම් ජරාව කන හැටි හොදට බල ගන්න පුළුවන්. (අ)

:       0       0

චමත් Monday, 23 September 2013 06:18 PM

හොරකමට කලින් ගොඩනැගිල්ලේ ෆියුස් එක ගැලෙව්වා නම් ඔක්කොම කෙරුම් ඉවරයි. (නි)

:       0       0

සමන් Tuesday, 24 September 2013 12:26 PM

චමත්, ෆියුස් ගලවලා මොනවා හොරකම් කරන්නද ? (නි)

:       0       0

සමන්ත Monday, 23 September 2013 01:55 PM

නියම වැඩේ තමයි නේද (දී)

:       0       0

ප්‍රගීත් Saturday, 21 September 2013 03:06 PM

නියමයි (නි)

:       0       0

නසාර් Wednesday, 25 September 2013 06:26 PM

අපේ ගෙදරත් තියනවා රටින් ගෙන ආ බොරු කැමරාවක්.හැබැයි ඔක්කොම හිතාගෙන ඉන්නේ ඇත්ත එකක් කියලා. (නි)

:       0       0

දයා අළහකෝන් Monday, 16 September 2013 06:05 PM

සීසීටීවී කැමරාව නිසා බොහෝ රටවල වෙන අපරාධ වල අඩුවක් පවතී (නි)

:       0       0

සපුමල් Friday, 27 September 2013 09:03 AM

අන්න කරනවා නම් වැඩ

:       0       0

රන්ජිත් Thursday, 19 September 2013 07:02 PM

පොලිසි ළග වැඩිපුර සවි කළ යුතුයි. (නි)

:       0       0

අනිල් Thursday, 19 September 2013 12:36 PM

මේ කැමරා ඉතා ප්‍රයෝජනවත්. (නි)

:       0       0

සිරි Thursday, 19 September 2013 07:54 PM

කෞතුකාගාර වල සවි කළාට නම් සත පහක වැඩක් නැත. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 5399 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 764 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1331 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 118 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 205 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 273 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39114 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25578 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 323 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1086 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 378 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site