IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


අපි අතර ගැටුම් නෑ හැබැයි අභියෝගයකුත් නෑ

 

 

 

වයඹ පළාත් සභා මැතිවරණයේදී පෞද්ගලික න්‍යාය පත‍්‍රවලට අනුව වැඩ නොකරන බවත් ජනාධිපතිවරයා ප‍්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයග‍්‍රහණය කරවීම එකම අරමුණ බව සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ ඇමැති ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා ”ඉරිදා ලංකාදීපය” සමග පැවැති සාකච්ඡුාවකදී ප‍්‍රකාශ කළේය.


එම සාකච්ඡාව මෙසේය.


  ප‍්‍රශ්නය : ඔබට බොහොම හුදකලා වූ තත්ත්වයක් තිබෙනවා නේද?
නෑ. හුදකලාවීමක් වෙලා නෑ. ජනතාව මා ප‍්‍රතික්ෂේප කළොත් විතරයි මම හුදකලා වෙන්නෙ. ජනතාව මා ප‍්‍රතික්ෂේප කරලා නෑනෙ.

 


 ප‍්‍රශ්නය : ඒ වුණාට දිස්ති‍්‍රක් සංවර්ධන කමිටුවට පළාතේ අමාත්‍යවරුන් පැමිණෙන්නෙ නෑ. ජනාධිපතිවරයා එනකොට විතරයිනෙ පැමිණෙන්නෙ.
දිස්ති‍්‍රක් සංවර්ධන කමිටුවෙන් සිදුකරන්නෙ දිස්ති‍්‍රක්කයේ සංවර්ධනය සිදුකිරීම. ඉතින් ජනතාවට ආදරය කරන කෙනෙක් ඉන්නවා නම් එතැනට පැමිණෙනවා. මගේ වගකීම මහ ඇමැතිතුමාත් මාත් මසකට සැරයක් දිස්ති‍්‍රක් සංවර්ධන කමිටුව රැස්කරලා අපේ දිස්ති‍්‍රක්කයට අවශ්‍ය සංවර්ධනය සිදුකිරීම. දිස්ති‍්‍රක් සංවර්ධන කමිටුවේ සම සභාපතිත්වය මට හිමි වෙන්නෙ ජනතාව මාව දිස්ති‍්‍රක්කයෙන් මුල් තැනට ගෙනාව නිසයි. ජනාධිපතිවරයා තමයි මේ පත්කිරීම සිදු කළේ. මුලින් මසකට සැරයක් මේ දිස්ති‍්‍රක් සංවර්ධන කමිටුව රැස්වුණේ නෑ. මම මේ රැස්වීම මසකට වරක් පවත්වන්නේ දිස්ති‍්‍රක්කයේ සංවර්ධන කටයුතු ඉක්මන් කරවීමට. ජනාධිපතිතුමා මට වගකීමක් බාරදීලා තියෙනවා. මම ඒ වගකීම අකුරටම සිදු කරනවා. මම මුලිනුත් කිව්වනෙ ජනතාවට අවංක සේවයක් කරන්න කැමති අය මෙතැනට ඇවිල්ලා ජනතාවට සේවය කරනවා. මගේ වගකීම මම ජනාධිපතිතුමා හා පක්ෂය වෙනුවෙන් ඉටු කරනවා. ඉතින් කවුද එන්නෙ නැත්තෙ කියන එක අදාළ වෙන්නෙ නෑ. ඉතිහාසයේ වයඹ සංවර්ධනය සඳහා වූ වැඩිම මුදල ලැබුණෙ පසුගිය වසර 02 තුළදි. මෙය අප ලද විශාල ජයග‍්‍රහණයක්. වයඹ සංවර්ධනය සඳහා විශාල වැඩ කොටසක් සිදුකරලා තියෙනවා. සිදුවෙමින් පවතිනවා. මුලින් ඔබ ඇහුවා මා හුදකලා වෙලාද කියලා. නෑ හුදකලා වෙලා නෑ. හුදකලා වෙන්නෙ ජනතාවට සේවයක් නොකරන සංවර්ධන කි‍්‍රයාවලින් මගහරින අය විතරයි. මම හුදකලා වෙලා නම් ජනතාව මාව කෙටි කාලයක් තුළදී මැතිවරණයෙන් අංක එකට ගේන්නෙ නැහැ. පෞද්ගලික අරමුණු කරා යන්න නරකයි. දේශපාලනඥයන් හැටියට අපි ඉන්න  ඕනෙ ජනතාවගෙ පැත්තෙ. පොදු අරමුණුවල. මම හුදකලා වෙලා නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 62 වැනි සංවත්සර රැලියට 25,000ක ජනතාවක් මාත් එක්ක සහභාගී වෙන්නෙ නෑනෙ.

 

 


 ප‍්‍රශ්නය : ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටියත් ඔබව තවම යූ.එන්.පී. කෙනෙක් විදියට නේද සලකන්නෙ.
ජනාධිපතිතුමා දන්නවා මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කෙනෙක් කියන එක. එතුමා තමයි මාව ශ්‍රී ලංකා නිිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවට පත් කළේ. මගේ පාක්ෂිකයන් දන්නවා මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කෙනෙක් කියන එක. නැත්නම් මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඇවිල්ලා දින කිහිපයකින් පැවැත්වුණු මහ මැතිවරණයෙන් මා අංක එකට ගේන්නෙ නෑනෙ. ජනාධිපතිතුමත් මම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙක් කියන එක දන්නව නම් ජනතාවත් ඒක දන්නවා නම් මොකක්ද ප‍්‍රශ්නෙ. මම දෙපැත්තට අඩිය තියාගෙන ඉන්නෙ නෑ. රකින්න  ඕනෙ කෙනා දිවි හිමියෙන් කොන්ද කෙලින් තියාගෙන රකිනවා. ඒක ජනතාවත් ජනාධිපතිතුමත් දන්නවා.

 

 


 ප‍්‍රශ්නය : දයාසිරිත් ඔබත් දැන් ඉන්නෙ එකම පක්ෂෙ. ඔබ දෙදෙනා දැන් විරුද්ධවාදීන් වෙලා නේද?
ඔව්, දැන් ඔහු ඉන්නෙ අපේ පක්ෂෙ. ඉතින් ඔහු සහෝදර පාක්ෂිකයෙක්. මට අවශ්‍ය නෑ ඔහුට විරුද්ධ වෙන්න. අපි අතර ගැටුම් නෑ. හැබැයි අභියෝගයකුත් නෑ. මම දේශපාලනයට එනකොට දයාසිරි අපට ගොඩක් පහළින් තමයි දේශපාලනය කළේ. අපි එක්සත් ජාතික පක්ෂයෙන් ඇවිල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එකතු වුණාට පස්සෙ අපි නැති අඩුව දයාසිරි පිරෙව්වා. එ.ජා.ප. පාක්ෂිකයෝ එතුමට ඡන්දෙ දීලා තැනක තිබ්බා. දයාසිරිව ආණ්ඩුවට ගන්න සෑහෙන කාලෙක ඉඳන් මම උත්සාහ කළා. දයාසිරිව ආණ්ඩුවට ගන්න හදපු වෙලාවෙ දිස්ති‍්‍රක්කය නියෝජනය කරන අය ඔහු ගන්නවට එකඟතාව පළ කළේ නෑ. එතැනදි මමයි ජනාධිපතිතුමාට කිව්වෙ කාගෙන්වත් අහන්න  ඕනෙ නෑ දයාසිරිව ගනිමුයි කියලා. පස්සෙ ඔහු ආණ්ඩුවට එකතු වුණා. එදා ඔහු ගන්න යන වෙලාවේ විරුද්ධ වූ අය අද දයාසිරි වෙනුවෙන් පෙනී සිටිනවා. ඒකට මම ගොඩක් සතුටුයි.

 

 


 ප‍්‍රශ්නය : පුතා ජයග‍්‍රහණය කරවන්න ඔබ ඔය තරම් දඟලන්නෙ ඇයි?
දඟලලා නෑ. දඟලන්නෙත් නෑ. බොහොම වැදගත් විදියට මැතිවරණයක් කරගෙන යනවා. අපට ප‍්‍රශ්න ගණනාවක් ඇති කරන කොට අපි නිහඬව අපේ වැඬේ කරගෙන හිටියෙ ඒකයි. දඟලනවා නම් අපටත් මාධ්‍යවලට ප‍්‍රකාශ නිකුත් කරගෙන රඟපෑම් කරගෙන ඉන්න තිබ්බා. නමුත් අපට පිල් අවශ්‍ය නෑ. පෞද්ගලික න්‍යායපත‍්‍රත් නෑ. එකම අරමුණ ජනාධිපතිතුමා නායකත්වය දෙන එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයග‍්‍රහණය කරවන එක විතරයි. අපි ජනාධිපතිතුමාටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් හානි වන විදියට කටයුතු කරන්නෙ නෑ.

 

 


 ප‍්‍රශ්නය : මේ දවස්වල ඔබ විවිධ දේ දන්දෙනවා නේද? අරක්කු, සාරි, ෆෝන්, කෑම දෙනවා නේද? එහෙම ප‍්‍රචාරයක් යනවා.
එහෙම සාරි, ෆෝන්, අරක්කු දීලා ඡුන්දෙ ගන්න තරම් බංකොලොත් නෑ. ජනතාවට මේවා දීලා ඡුන්දෙ ගන්න බෑ. ජනතාව දැන් බුද්ධිමත්. අරක්කු, ෆෝන්, සාරි දීලා ඡුන්දෙ ගන්නවා කියන අය කරන්නෙ ඡුන්දදායකයන්ට කරන නිග‍්‍රහයක්. මේවා මේ ජනතාවට ප්ලේන්ටියක්වත් දෙන්නෙ නැති, මිනිස්සු ගැන තැකීමක් නැති, මැරෙනකොට මේ සේරම ගෙනියනවා කියලා හිතාගෙන ඉන්න අය ගහන මඩ. ජනාධිපතිතුමාටත් මඩ ගැහුවනේ අරලියගහ මන්දිරේ දන්සල් දෙනවා කියලා. ගෙදරට එන මනුස්සයකුට කෑම ටිකක් දෙන එක සිංහලයාගේ හොඳ ලක්ෂණයක්. මේ සිිරිත් විරිත්වලට මඩ ගහන එක හොඳ නෑ. අපේ දෙමාපියෝ අපට කියලා දීලා තියෙන්නෙ ගෙදරට ආපු කෙනෙක්ව බඩගින්නෙ යවන්න එපා කියලා.

 

 


 ප‍්‍රශ්නය : මේ දන්සල දෙන්නෙ කළු සල්ලිවලින් කියලා කියනවා.
අපි අවුරුදු 132ක් පැරණි ව්‍යාපාරිකයෝ. කුරුණෑගල දිස්ති‍්‍රක්කයේ ජනතාව ඒක හොඳට දන්නවා. නීත්‍යානුකූලව බදු ගෙවලා තමයි මේ ව්‍යාපාරවල අපි යෙදිලා ඉන්නෙ. ඒ වගේම අපේ මිත‍්‍රයෝ අපිට උදව් කරනවා මැතිවරණවලදී. ඒ අපේ අවංකකමටයි, නිහතමානීකමටයි මනුස්සකමටයි. ඒ වගේම අපි ගැන තියෙන අසීමිත විශ්වාසයටයි. අපට මේ විදියට උදව් කරන බොහෝ දෙනෙක් ඉන්නවා. අද විතරක් නොවෙයි එදත් හිටියා. අපි ජනතාවට කෑම දෙනවා විතරක් නොවෙයි අහිංසක දරුවන්ට ශිෂ්‍යත්ව දෙනවා. ගෙවල් නැති අයට ගෙවල් හදලා දෙනවා.

ලංකාවෙ වැඩිම පන්සල් ප‍්‍රමාණයක් තියෙන්නෙ කුරුණෑගල. ඒවායේ දියුණුවට අපි කටයුතු කරනවා. පන්සල්වල පහසුකම් දියුණු කරන්න, දහම් අධ්‍යාපනයට උදව් කරනවා. මේවා අපිට පත්තරවල දාගෙන මාධ්‍යවලට කියාගෙන ලෝකෙට අඬබෙර ගහලා කරන්න වුවමනා නෑ. සද්දෙ දාගෙන උදව් කරන්න අවශ්‍ය නෑ. අපි නිහඬව ජනතාවට උදව් කරනවා. මේ ඡන්දෙ කාලෙට විතරක් නොවෙයි මේ වසරේ හැමදාම කරන දෙයක්. අහිංසක ජනතාවට උදව් නොකරන, ශිෂ්‍යත්වයක් දෙන්නෙ නැති, පන්සලකට පල්ලියකට උදව් කරන්නෙ නැති ලෝබ මනුස්සකමක් නැති අනුන්ට ඊර්ෂ්‍යා කරන ජනතාව ගොනාට අන්දන්න පුළුවන් කියලා හිතන මිනිස්සු තමයි ඔය කතාන්දර කියන්නෙ.  ඕකට හොඳ කියමනක් තියෙනවා, ”දෙයියො නම් දෙනවා බූතයෝ ඔරවනවලූ”.

 

 


 ප‍්‍රශ්නය : මහඇමැති කවුද වැඩිම මනාපෙට නේද මහ ඇමැති වෙනවා කියන්නෙ.
ඒක තීරණය කරන්නෙ ජනාධිපතිතුමා. ජනාධිපතිතුමා බොහොම දක්ෂ ජනතාවාදී නායකයෙක්. එතුමා තීරණය කරයි කවුද මහඇමැති කළ යුත්තේ කවුද නැත්තේ කියන එක.

 

 


 ප‍්‍රශ්නය : ජොහාන්ට මහ ඇමැතිකම දෙයිද?
පෞද්ගලික න්‍යායපත‍්‍රවලටල අනුව වැඩ කරන්නෙ නෑ. අරමුණ ජනාධිපතිතුමා ප‍්‍රමුඛ සන්ධානය ජයග‍්‍රහණය කිරීම විතරයි. ජනතාව තීරණය කරයි සන්ධානය දිනවලා කවුද අංක එකට ගේන්නෙ කියලා. ”වයඹ පෙරට” කියන මැතිවරණ තේමා පාඨය තේරා ගත්තෙත් පෞද්ගලික අරමුණු නැති නිසා. තනතුරු අපට ගැටලූ නොවෙයි. කවුරු එක වුණත් තනතුරු දීමේ අන්තිම තීරණය තියෙන්නෙ ජනාධිපතිතුමාගේ අතේ.

 

 

සාකච්ඡාව : දයාසීලි ලියනගේ

 



අදහස් (0)

අපි අතර ගැටුම් නෑ හැබැයි අභියෝගයකුත් නෑ

අමිල කුමාර Thursday, 19 September 2013 01:49 PM

අහවලා පළමුවැනියා බව ඔබත් දන්නවා නේද? (නි)

:       0       0

අජිත් Tuesday, 17 September 2013 09:42 AM

අපි කුරුණෑගල ජීවත්වන මිනිස්සු. අපි දන්නවා ‍ජොන්ස්ටන් කවුද දයාසිරි කවුද නාවින්න කවුද කියලා. ‍ (නි)

:       0       0

සුරේෂ් Thursday, 19 September 2013 12:34 AM

ඔබගේ තේරීම දයාසිරි!! (නි)

:       0       0

කමල් Sunday, 15 September 2013 02:42 PM

අවුරුදු 132 ක ලාභ ලබන ව්‍යාපාර කරන මොවුන්ට රට ලාභ ලබන තැනට පත්කරන්න බැරි වෙලා තියෙන්නේ ලාභය කියන්නේ ගසා කෑමට හෝ වෙනත් දෙයකට කියන නමක් නිසාවත්ද?(නදී)

:       0       0

ෆීනා Wednesday, 18 September 2013 11:34 AM

කමල් ඉතා වටිනා අදහසක් පල කරලා තියෙන්නේ. (ස)

:       0       0

චන්දන Sunday, 22 September 2013 11:53 AM

දයාසිරි උගත් නීතිඥවරයෙක්. දයාසිරිට සින්දු කියන්න පුළුවන්. (නි)

:       0       0

සෆෙර්දීන් Wednesday, 18 September 2013 11:47 AM

අපි කුරුණෑගල ජීවත්වන මිනිස්සු. අපි දන්නවා ‍ජොන්ස්ටන් කවුද දයාසිරි කවුද කියලා... (ස)

:       0       0

බංඩා Friday, 20 September 2013 02:38 AM

කොහොම උනත් දයාසිරි මහා ඇමති.(නදී)

:       0       0

සමන්ත Tuesday, 01 October 2013 05:41 AM

හැබැයි අර අහවල් නෝනට නම් හොඳට සින්දු කියන්න පුළුවන් (නි)

:       0       0

දිසානායක Monday, 16 September 2013 11:50 PM

අපේ කරුමේ..(අ)

:       0       0

චමින්ද Monday, 16 September 2013 05:01 AM

මොන පක්ෂේ හිටියත් කැපවීමෙන් වැඩ කරන හොද සංවිදයකයෙක්. රනිල් මහත්තයා දක්සයන්ගෙන් වැඩ ගන්න පුරුදු වෙන්න.(නදී)

:       0       0

කුමාර් Saturday, 21 September 2013 07:53 AM

මේකෙන් වෙන්නේ එකිනෙකා ඇන කොටා ගන්න එක විතරයි.(නදී)

:       0       0

මොහමඩ් ෆාරුක් Wednesday, 18 September 2013 02:23 PM

මේ අය අතර ගෙටුම් නැහැ කොහොමත් . එකිනෙකා ඇණ කොටා ගන්නවා විතරයි . අපි නොදන්නා ලයිව් . පොඩ්ඩක් බීලා ඉන්න කොට කියනා දේවල් කරනා දේවල් ගණන් ගන්න එපා. (ස)

:       0       0

ද සිල්වා බෙර්ලින් Monday, 16 September 2013 01:18 PM

මොන පක්ෂේ හිටියත් දයාසිරිට තිබෙන බුධිය , උගත්කම , දක්ෂතාවය සහ ජනප්‍රියතාවය ජොන්ස්ටන්ට නැත , මේ දෙදෙනාම යු එන් පි එකට නැති උනේ රනිල් මහතාගේ දුර්වල කළමනාකරණය නිසාය (දී)

:       0       0

අනිල් Thursday, 19 September 2013 12:32 PM

අභියෝගයක් නැහැ කිව්වට මට නම් පෙනෙන්නේ අභියෝගයක් තියෙනවා වගේ. (නි)

:       0       0

දර්ශන Monday, 16 September 2013 01:56 PM

කැලේ මාරු උනාට පුල්ලි මාරුවෙනවාද?ඒ පැත්තේ ඉදල ජනතාවට කල දෙයක් නැහැ,මේ පැත්තෙත් ඉදල ... (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 5395 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 763 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1329 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 118 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 205 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 273 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39114 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25578 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 323 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1086 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 378 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site