IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


අපි ආරම්භ කළේ මානුෂික මෙහෙයුමක්

   52

 

ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වෙමින් විධායක ජනාධිපති ක‍්‍රමයට එරෙහිව පණ ගන්වා තිබූ සටන නව ඉසව්වකට රැගෙන ඒමට පාඨලී චම්පික රණවක මහතා සමත් විය. සටන මෙතැනින් කොතැනටද? තාක්‍ෂණික පර්යේෂණ හා පරමාණුක බලශක්ති හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සමග මේ කතාබහ ඒ සම්බන්ධවය.

 

22_MAIN_P_14
ප‍්‍රශ්නය:- මෙතැනින් එහාට මොකද වෙන්නේ?
පිළිතුර:-
අපි රටට නව යුගයක් උදාකර දීම සඳහා ඉත සිතින්ම කැප වෙනවා. රටට දැන් අවශ්‍යයි වත්මන් දියුණු තත්ත්වයන්ට ගැළපෙන සමාජ ආර්ථික දේශපාලන වෙනසක්. ඒ වගේම වත්මනේ රට මුහුණ දෙන අභියෝගවලට සරිලන සමාජ ආර්ථික දේශපාලන වෙනසක්. අනාගත අභියෝග ජයගන්න පුළුවන් සමාජ ආර්ථික දේශපාලන වෙනසක්. ඒ වෙනස වෙනුවෙන් අපි කැපවෙනවා.


ප‍්‍රශ්නය:- ඔබ දැන් ඉන්නේ ආණ්ඩුවේද? ආණ්ඩුවෙන් එළියේද?
පිළිතුර:-
ජාතික හෙළ උරුමයට  ඕවා වැදගත් නෑ. ජාතික හෙළ උරුමය හැටියට අපි යෝජනා මාලාවක්, සමාජ ආර්ථික දේශපාලන වෙනසකට ගැළපෙන කාරණා සමූහයක්. ඒ ප‍්‍රතිපත්ති මාලාවක් සමග ආණ්ඩුව ඉන්නවා නම් අපි ආණ්ඩුවත් එක්ක ඉන්නවා. ඒකට ආණ්ඩුව විරුද්ධයි නම් අපිත් විරුද්ධව ඉන්නවා.


ප‍්‍රශ්නය:- ඔව් දැන් පැහැදිලියිනේ. ඔබේ ප‍්‍රතිපත්තිවලට ආණ්ඩුව එකඟ නෑනේ...?
පිළිතුර:-
ඒ නිසානේ අපි මෙහෙම ඉන්නේ.


ප‍්‍රශ්නය:- ඔබ දැනට ඇමැති ධුරයෙන් පමණයි ඉවත්වෙලා ඉන්නේ. නමුත් තවම ඉන්නේ ආණ්ඩුව ඇතුළේ. මේක කොහොමද විග‍්‍රහ කරන්නේ?
පිළිතුර:-
මෙහෙමයි. අපි එක්සත් ජනතා නිදහස් සංධානයෙන්නේ තරග කරලා තියෙන්නේ? අපි ඒ නිසා තවම තීරණය කරලා නෑ ආණ්ඩුවෙන් එළියට ගිහින් විපක්‍ෂයේ වාඩි වෙනවද කින්ද මන්ද කියලා. නමුත් මෙතැන අපි එක්සත් ජනතා නිදහස් සංධානයේ ප‍්‍රතිපත්ති මත නොවෙයි කි‍්‍රයා කරන්නේ. අපි කි‍්‍රයාත්මක වෙන්නේ අපේම ප‍්‍රතිපත්ති මතයි. සන්ධානය රටට සුබවාදී දෙයක් කරනවා නම් ඒකට අපි අනිවාර්යයෙන්ම සහාය දෙනවා. ඒ අය අසුබවාදී දූරදර්ශී නොවන කි‍්‍රයා මාර්ග ගන්නකොට අපි විරුද්ධ වෙනවා. කැසිනෝ සිද්ධියේදීත් අපි ඒක පෙන්වලා දුන්නා. අපි එහෙම කළේ ඇමැති ධුර දරමින්. නමුත් ඉදිරියේදි අපි ඒක විවෘතවම කරනවා. මොකද අපට ඇමැති ධුරවල වගකීම් නැති නිසා.


ප‍්‍රශ්නය:- රතන හාමුදුරුවන් බොහොම පැහැදිලිවම කියලා තියෙනවා මහින්ද රාජපක්‍ෂ පරාජය කරන්න කටයුතු කරනවා කියලා. ඔබ ඉන්නෙත් ඒ ස්ථාවරයෙමද?
පිළිතුර:-
රතන හාමුදුරුවන් කිව්වේ ප‍්‍රතිසංස්කරණයක් නොකළොත් මහින්ද මහත්මයා පරාජය කරන්න කටයුතු කරනවා කියලා. අපි පක්‍ෂයක් විදියට අපි සාමුහිකව ඉන්න තැන තමයි. අපි කාවවත් දිනවන්න හෝ පරදවන්න කටයුතු කරන්නේ නෑ. අපි වැඩ කරන්නේ ප‍්‍රතිපත්ති ජයග‍්‍රහණය කරවන්නයි. අනිවාර්යයෙන්ම... එක්සත් ජනතා නිදහස් සංධානය නැමති මේ දැන උගත්... දේශමාමක ජනතා බලවේගයන්ගේ බලාපොරොත්තු දල්වපු මේ සමාජ ව්‍යාපාරය... මේ ජාතික ව්‍යාපාරය අද ජාවාරම්කාර දූෂිත අතලොස්සක් විසින් ඒ වගේම ජාතික මාමකයැයි කියන සළුපිළි පොරව ගත්ත ව්‍යාජ ජාතිකවාදීන් පිරිසක් අල්ලගෙන තියෙනවා. ඒ අල්ලාගෙන සිටින පිරිසට එරෙහිව අපි මානුෂික මෙහෙයුමක් ආරම්භ කරලා තියෙනවා. ඒ වගේම ඒ පිරිස පරාජය කරලා එක්සත් ජනතා නිදහස් සංධානය හා වෙනත් පක්‍ෂවල ඇත්තන් ප‍්‍රාර්ථනය කරන ජාති මාමක ශක්තිමත් ශ්‍රී ලංකා රාජ්‍යයක් ගොඩ නැගීම වෙනුවෙන් අපි කටයුතු කරගෙන යනවා.


ප‍්‍රශ්නය:- ඒ කියන්නේ ජනාධිපතිවරයා ගැන දැන් කිසිම විශ්වාසයක් නෑ.
පිළිතුර:-
ජනාධිපතිතුමාට  ඕනෑනම් ඒ පැත්තේ වුණත් හිට ගන්න පුළුවන්. ජාති මාමක, රටට ආදරය කරන, යහ පාලනය වෙනුවෙන් පෙනී ඉන්න පිරිස එක්කත් හිට ගන්න පුළුවන්. එහෙම නැත්නම් දූෂිත ජාවාරම්කාර ව්‍යාජ ජාතික බලවේග එක්කත් හිටගන්නත් පුළුවන්. හරි පැත්තේ හිට ගත්තොත් එතුමා ජයග‍්‍රහණය කරාවි. වැරදි පැත්තේ හිට ගත්තොත් එතුමා පරාජය වේවි.

 

3

 


ප‍්‍රශ්නය:- ඔබ මේ ව්‍යාජ ජාතික බලවේග කියලා කියන්නේ කාටද?
පිළිතුර:-
මම එහෙම නම් කියන්න යන්නේ නැහැ. කාටවත් පේනවනේ. මාවිල්ආරු සොරොව්ව වහනකොට නොහිටපු අය ත‍්‍රස්තවාදය රට ගිල ගනිමින් තිබියදී නොහිටපු අය රටේ සිංහල ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී නොසිටිපු අය ඒ වගේම පසුගිය කාලයේ අපි මේ ආණ්ඩුවේ ඉතිහාසය ගත්තොත් 2009 දි මහින්ද රාජපක්‍ෂ මහත්තයට එරෙහිව රනිල් වික‍්‍රමසිංහගේ මැතිවරණ වේදිකාවේ හිටපු කී දෙනෙක් අද මේ මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවනවද? ඒ වගේම 2007 දී මේ ආණ්ඩුව පාර්ලිමේන්තුවෙ පෙරළන්න හදපු අය කී දෙනෙක් අද මේ පැත්තේ ඉන්නවද? දැන් මේ රට බේරාගත්ත වීරයා කියමින්. මහින්ද රාජපක්ෂ මහත්තයට අගමැතිකම ලැබෙන තැන ඉඳන් අපට කොච්චර හිරිහැර කළාද? පාර්ලිමේන්තුවෙදී චන්ද්‍රිකා කතානායකකම ඩිව් ගුණසේකරට දීලා විධායකය අහෝසි කරලා මහින්ද රාජපක්‍ෂගේ අගමැතිකමත් නැති කරලා දාලා එයා අගමැති වෙන්න හැදුවා. ඒ වෙලාවේ අපේ ඡුන්ද දෙකත් කොල්ල කෑවා. අපි ඒ ඡුන්ද නිෂ්ක‍්‍රීය කළා. ඒ වෙලාවේ අපට කිව්වේ ඊළාම්වාදීන් කියලා. ඒ-9 පාරේ ධර්ම රාජ්‍ය හදන්න යනවා කියලා කිව්වා. ඊට පස්සේ අපේ හාමුදුරුවරු උස්සලා ජාතික හෙළ උරුමයත් අලූතෙන් හැදුවා. ඔය ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායකයෝ. ඔය කට්ටියගේ හිරිහැරය. කරදරය අපට කවදත් තිබුණා. නමුත් අපි අපේ යුතුකම ඉටු කළා. කවුද ඔය ජාතික පිරිස් විරුද්ධව ඡුන්දය දුන්නේ. රට කැසිනෝ මාෆියාවට යටත් කරපු වෙලාවේ එය ජාතික මාමක යැයි කියාගන්නා අයගෙන් කවුද ආවේ අලූත්ගම සිද්ධියෙදී? එක පන්සලකටවත් ගියාද? අපේ පන්සල්වලට අපේ ජනතාවට පහර දුන්නා. කවුද ආවේ? ග‍්‍රෑන්ඞ්පාස්වල අපේ පන්සල්වලට ගැහුවම කවුද ඔය ජාති මාමකයන් ඉදිරිපත් වුණාද? ආවද කවුරුවත් එළියට. මත්කුඩු ජාවාරමට අගමැතිතුමා සම්බන්ධයි කියලා චෝදනා එල්ල වුණා. ඔය ජාති මාමක පිරිස් ඉදිරිපත් වුණාද? කාර් රේස්වලට විරුද්ධව ප‍්‍රකාශ කරලා ඒ ප‍්‍රකාශ ආපහු ගන්නවා. එහෙම තත්ත්වයක්නේ අපි දැක්කේ. ඒ නිසා අපට වලංගු නෑ  ඕවා. මේ රටේ සෑම ජනතාවකගේම හෘද සාක්‍ෂිය දන්නවා රටම ත‍්‍රස්තවාදයට යටවෙලා බයවෙලා. ඔය අද ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සියලූම නායකයෝ. ත‍්‍රස්තවාදයට එරෙහිව කතා කරන්න බයවෙලා හිටපු මොහොතක අපි තමයි කතා කළේ. උතුර හා නැගෙනහිර සුනාමි සහන මණ්ඩලය හදලා පාර්ලිමේන්තුවට ගෙනල්ලා තිබියදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ එක මන්ත‍්‍රීවරයෙක් එළියට ආවද ඒකට විරුද්ධව එකෙක් ආවද? අපේ නායක හාමුදුරුවෝ තමයි ඒකට විරුද්ධව මාරාන්තික උපවාස කළේ. උතුර නැගෙනහිර යටත් කරලා දුන්නේ කවුද? ඒ නිසා ඔය කතා අපට වලංගු නෑ.


ප‍්‍රශ්නය:- නමුත් ඔබ කලබල වුණා වැඩියි කියලා හිතන්නේ නැද්ද?
පිළිතුර:-
කලබල? මාවිල්ආරුව සොරොව්ව විවෘත කරන්න අපේ රතන හාමුදුරුවෝ, ගම්මන්පිල මහත්තයා නිශාන්ත මහත්තයා යනකොට රට යුද අවදානමකට ඇදලා දැම්මා කියලා චෝදනා කළා. මතකද? ඒ කාලේ අපට කොච්චර විරුද්ධ වුණාද? හැබැයි ජයග‍්‍රහණය කරනකොට ඒකට පියවරුනම් ගොඩක් හිටියා. ඒත් අපි ඒ ගැන කතා කරන්න යන්නේ නෑ. අපි එදත් ජාතික මතයේ හිටියා. අදත් ජාතික මතයේ ඉන්නවා. අද අපි අලූත් ප‍්‍රවණතාවක් තෝරාගෙන තියෙනවා. ඒ තමයි යහපාලනය. මොකද අද මේ රට දියුණු රටක්. හොඳ සාක්‍ෂරතාවක් තියෙනවා. හොඳ පරිගණක සාක්‍ෂරතාවක් තියෙන මැදි ආදායමක් ඇති රටක්. විශාල ශක්තිමත් මැද පන්තියක් ඉන්න රටක්. ඒ ශක්තිමත් මධ්‍යම පන්තියට ගැළපෙන වෘත්තීය දේශපාලනයක් මිසක් තක්කඩියන්ගේ, රස්තියාදුකාරයන්ගේ ජාවාරම්කාරයන්ගේ දේශපාලනයක් නොවෙයි අපට  ඕනෑ. මුග්ධයන්ගේ දේශපාලනයක් නොවෙයි අපට  ඕනෑ. තක්කඩියන්ගේ දේශපාලනයක් නොවෙයි අපට  ඕනෑ. අද අපට  ඕනෑ වෘත්තීය දේශපාලනයක්. ඒ වෘත්තීය දේශපාලනය ගොඩනගන්න අපි කැප වෙනවා.


ප‍්‍රශ්නය:- ජනාධිපතිවරණයේදි ඔබ ගන්නා තීන්දුව මොකද්ද?
පිළිතුර:-
මෙහෙමයි. ජනාධිපතිවරණය... ජනාධිපතිතුමාගේ අභිමතයට අනුව තමයි කැඳවන්නේ. ඊට පෙර ජනාධිපතිතුමා 2005 දීත් 2010 දීත් රටටම පොරොන්දු වුණා විධායක ජනාධිපති ධුරය සංශෝධනය කරන බව හා මැතිවරණ ක‍්‍රමය වෙනස් කරන බව. අපේ එල්ලාවල මේධානන්ද නායක හාමුදුරුවොත් සමග 2009 සැප්තැම්බර් මාසේ 13 වැනිදා ගිවිසුමක් අත්සන් කළා. ඒ ගිවිසුමේදි අගමැති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා පොරොන්දු වුණා විධායක ජනාධිපතිධුරය පාර්ලිමේන්තුවට, අධිකරණයට වග කියන ධුරයක් බවට පත් කරනවා කියල. අපි කවදාවත් විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න කියලා කියල නෑ. මීළඟට පවතින ඡුන්ද ක‍්‍රමය වෙනස් කරන්න පොරොන්දු වුණා. ඒ වගේම මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ජනතා විමුක්ති පෙරමුණට පොරොන්දු වුණා විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න. ඒ අනුව මහින්ද චින්තන ප‍්‍රතිපත්තියට 2009 දී ඇතුළත් වුණා විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා. එතෙක් විධායක ජනාධිපති ධුරය පාර්ලිමේන්තුවට අධිකරණයට වගකියන ධුරයක් බවට පත්කරනවා කියලා. නමුත් පළමු අවුරුදු තුනේදී වෙච්ච සිදුවීම් නිසා අපට සමාව දෙන්න පුළුවන්. එකක් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලය තිබුණේ නැහැ. ඒ වගේම ඒ වෙලාවේ යුදමය වාතාවරණයක් තිබුණා. ඒ තුළ එහෙම දෙයක් කරන්න පුළුවන් තත්ත්වයක් තිබුණේ නැහැ. ඒ වෙලාවේ පාර්ලිමේන්තුවේ බහුතර බලය රැුක ගැනීමේ ප‍්‍රශ්නයක් තිබුණ නිසා අපට සමාව දෙන්න පුළුවන්. නමුත් දෙවැනි අවස්ථාවෙදි විධායක ජනාධිපති ධුරය බාරකාර ධුරයක් බවට පත් කරනවා කිව්ව. 18වැනි සංශෝධනය ගේනකොට පක්‍ෂ නායකයන්ට පොරොන්දු වුණා තුන් වතාවකදී එහෙම කරනවා කියල. ඒ වගේම උතුරු පළාත් සභා මැතිවරණය තියන්න යනකොට අපි කිව්වා බෙදුම්වාදයට තුඩු දෙන බලතල අයින් කරන්න කියලා. අපි විතරයි එහෙම කිව්වේ. ඔය කියන ජාති මාමක එකෙකුටවත් කොන්දක් තිබුණේ නැහැ. ඒ වෙලාවෙ අයින් වෙන්න. පාර්ලිමේන්තුවෙන් නොවෙයි. තේරීම් කාරක සභාවෙන්. ඒ ව්‍යාජ තේරීම් කාරක සභාවෙන්.. කල් මරන්න හදපු තේරීම් කාරක සභාවෙන්. රටේ අගවිනිසුරුවරිය ඉවත් කරන්න පුළුවන් දවස් පහෙන්. හැබැයි රට බෙදන පළාත් සභා ක‍්‍රමය වෙනස් කරන්න එහෙම කැපවීමක් පෙන්නුම් කළේ නැහැ. ඒකට තුනෙන් දෙක පාවිච්චි කළේ නැහැ. ඇත්තම කිව්වොත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහත්තයා පසුගිය අවුරුදු හතරටම තුනෙන් දෙකේ බලයෙන් කරගත්තේ තමන්ගේ ධුර කාලය දීර්ඝ කර ගැනීම විතරයි. සිරිමාවෝ තුනෙන් දෙක අරගෙන රට ජන රජයක් කළා. එතුමියට මහා බි‍්‍රතාන්‍ය ඇතුළු ඇන්ග්ලෝ සැක්සන් රටවල් විශාල බලපෑමක් කළා. ඒ වගේම එතුමිය රට එක්සේසත් කළා. ජාතිවාදී බලවේග හර්තාල් කළා. යුද්ධ කළා. එතුමිය බුද්ධාගමට ප‍්‍රමුඛස්ථානය දුන්නා. එතකොට සාම්ප‍්‍රදායික පල්ලියෙන් එතුමියට යෝධ බලපෑමක් එල්ල වුණා. ජයවර්ධන ජනාධිපතිතුමාට තුනෙන් දෙකේ බලය ලැබුණා. එතුමා විධායක ජනාධිපතික‍්‍රමය නිර්මාණය කළා. සමානුපාතික ඡුන්ද ක‍්‍රමය ඇති කළා. රටම ගිනි ගත්ත පළාත් සභා ක‍්‍රමය ඇති කළා. අපි මොනවද මේ තුනෙන් දෙකේ බලය තියාගෙන කළේ? අපි ඉල්ලපු ජනවරම සාධාරණය ඉටු කළාද? නැහැ. ත‍්‍රස්තවාදය පරාජය කරලා බෙදුම්වාදයට උතුර පාවා දුන්නා. සිංහල ජනතාවට එහෙ යන්න බෑ. අපට එහෙ පදිංචි වෙන්න බෑ. උතුර මුදාගත්තා කිව්වට සිංහල ජනතාවට ඒ අයිතිය දුන්නේ නැහැ. විධායක ජනාධිපතිධුරය සම්බන්ධයෙන් හොඳ සාකච්ඡුාවක් ඇතිකරගෙන මේ ප‍්‍රශ්නය රටට ගැළපෙන පරිදි විසඳගන්න තිබුණා. අපි ඒක කළේ නැහැ. ආර්ථිකය ගැන කතා කරනවානම් මට කියන්න තියෙන්නේ මේක තුච්ඡු ආර්ථික ක‍්‍රමයක්. තනි වචනයයි ඒ වෙනුවෙන් කියන්න තියෙන්නේ. මුළු රටම අනාගත ව්‍යසනයකට ඇදදාන ආර්ථිකයක්. ආණ්ඩුවෙ ආදායම මදි නම් ණය හා පොලිය ගෙවන්න තව මොනවද මේ ආර්ථිකය ගැන කතා කරන්න තියෙන්නේ.  ඕනෑම ආර්ථික විශේෂඥයෙකුට මම අභියෝග කරනවා... මේ ආර්ථිකය ගැන මගෙත් එක්ක විවාද කරන්න එන්න කියලා. අපි ළඟ දත්ත තියෙනවා.

 

2

 


ප‍්‍රශ්නය:- 18වැනි සංශෝධනයට ඡුන්දය දීලා දැන් මොනවද මේ කතා කරන්නේ?
පිළිතුර:-
18 සම්බන්ධයෙන් මෙහෙමනේ. 17 වැනි සංශෝධනයට එදා අපි සිහළ උරුමය හැටියට විරුද්ධ වුණා. එකක් අපි මේ ස්වාධීන, රටේ දේශපාලනයට යට නොවිච්ච අධිකරණයක්, මැතිවරණ කොමසාරිස් කෙනෙක්, වංචා දූෂණ විමර්ශන කොමිසමක් කියන ඒවට සම්පූර්ණයෙන්ම පක්‍ෂයි. ඒක 1972 ට කලින් තිබුණ රාජ්‍ය සේවයක් වගේ එකක් එනවට අපි කැමති නැහැ. දෙවැනි කාරණය 17 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පත් කළා ව්‍යවස්ථාදායක මණ්ඩලයක්. ඒ ව්‍යවස්ථාදායක මණ්ඩලය සම්පූර්ණයෙන්ම සිංහල විරෝධියි. අගමැතිටයි විපක්‍ෂ නායකටයි එකතුවෙලා පස් දෙනෙක් පත් කරන්න පුළුවන්. ඊළඟට ලංකා දෙමළ, ඉන්දියන් දෙමළ, අනිත් එක්කෙනා මුස්ලිම්. එතැන සිංහල කතාවක් නැහැ. මෙන්න මේ කාරණය නිසා තමයි එදා අපි ඒකට විරුද්ධව ඡුන්දය දුන්නේ.


ප‍්‍රශ්නය:- ඔබ විතරයි එදා විරුද්ධ වුණේ?
පිළිතුර:-
ඔව්! ඒ නිසා ඒ ගෞරවය අපට දෙන්න  ඕනැ. එතැන තිබුණ හැබැයි එදා විපක්‍ෂනායකත්, අගමැතිත් නොසිටින පක්‍ෂයකින් පුද්ගලයෙක් පත් කරන්න පුළුවන් කියලා. එදා එහෙම පක්‍ෂ හැටියට තිබුණේ සිහළ උරුමයයි, ජවිපෙයි, දෙමළ එක්සත් විමුක්ති පෙරමුණයි විතරයි. දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ ආනන්ද සංගරි මහත්තයා බොහොම පැහැදිලිව කිව්වා අපි එක්කෙනෙක් පත් කරලා තියෙනව. මේ අවස්ථාව ජවිපෙට හරි සිහළ උරුමයට හරි දෙන්න කියලා. ඔහු වැදගත් මහත්මයෙක්. ඒ අනුව ජවිපෙ එක්කෙනෙක් පත් කළා. ඒ අවුරුද්ද ඉවර වුණා. ඊට පස්සෙ ව්‍යවස්ථාදායක මණ්ඩලයට පත් කිරීමේ අවස්ථාව ආවා. එතකොට තිබුණේ ජාතික හෙළ උරුමය. එතකොට අගමැතියි විපක්‍ෂ නායකයි නොසිටින පක්‍ෂයක් හැටියට වැඩිම ආසන තිබුණේ ජාතික හෙළ උරුමයට. ජවිපෙ හිටියේ එක්සත් ජනතා නිදහස් සංධානය ඇතුළේ. නමුත් සම්බන්ධන් මොකද කිව්වේ එයා කිව්වා ඒ නියෝජිතයා පත් කිරිමේ අවස්ථාවත් ඒ අයට  ඕනෑ කියලා. ඒ අපට වෙච්ච අසාධාරණය. හෙළ උරුමයට වෙච්ච අසාධාරණය එක එන්ජී ඕකාරයෙක්වත්, මානව හිමිකම්කාරයෙක්වත්, එක විදේශ බලවේගයක්වත් කතා කළේ නෑ. ඒකෙන් මොකද වුණේ. ඒ වැඩපිළිවෙල සම්පූර්ණයෙන්ම අඩාළ වුණා. මුළු රාජ්‍ය සේවයේ ඔක්කොම කඩා වැටුණා. සියලූ දෙනා දැක්කා ඒ වෙච්ච ව්‍යසනය. ඒ නිසා තාවකාලිකව පිළියමක් විදියට තමයි 18 සංශෝධනය ගෙනාවේ. මේවා ප‍්‍රතිශ්ඨාපනය කරන්න.


ප‍්‍රශ්නය:- ඒ නිසයි ඔබ ඡුන්දය දුන්නේ?
පිළිතුර:-
ඔව්! එහෙම නැත්නම් ආණ්ඩුව ගෙනියන්න බෑනේ. ඊළඟට 18 වැනි සංශෝධනයෙන් අලූත් කොමිටියක් පත් කළා. ඒකේ ජනවාර්ගික නියෝජනයක් තිබුණේ නැහැ. ඒ අනුව 17 තිබිච්ච යම් අඩුපාඩුවක් එතැන මග හැරුණා. ඊළඟට වැදගත්ම දේ 18 වැනි සංශෝධනය සමග විධායක ජනාධිපති ධුරය සම්බන්ධයෙන්. මැතිවරණ ක‍්‍රමය සම්බන්ධයෙන් හා පළාත් සභා සම්බන්ධයෙන් සංශෝධන තුනක් ගේනවා කියලා සන්ධානයේ නායකයන්ට පොරොන්දුවක් දුන්නා. හැබැයි ඒ එකඟතා ඔක්කොම කඩවෙලා තියෙනවා. ඒ ගැන අපි හරිම කනගාටු වෙනවා. ඒ නිසා නැවත වතාවක් රට රවටන්න. රට අන්දවන්න කවුරු ලෑස්ති වුණත් අපි ලෑස්ති නෑ. මේක තමයි ස්වර්ණමය අවස්ථාව. මේ වැඬේ ජනාධිපතිතුමා මේ වෙලාවේ කළේ නැත්නම් එතුමා මේ රට මුදාගත්තා වගේම රට අවුල් තත්ත්වයට ඇදගෙන යෑම සම්බන්ධයෙනුත් වගකිව යුතුයි.


ප‍්‍රශ්නය:- ඔබ මේ තීන්දුව ගන්න කලින් ජනාධිපතිතුමාට කතා කළාද?
පිළිතුර:-
මම මේ තීන්දුව ගන්න බව එතුමාට දැනුම් දුන්නා.


ප‍්‍රශ්නය:- ආණ්ඩුවෙන් කවුරුවත් කතා කළේ නැද්ද?
පිළිතුර:-
නෑ. කවුරුවත් කතා කළේ නෑ. මම එකක් කියන්නම්, ජාතික හෙළ උරුමය මේ විධායකයේ අත්තනෝමතිකයට එරෙහිව ගෙන යන අරගලයට පුළුවන්නම් රහසිගතව ඡුන්දයක් තියන්න. මම පැහැදිලිව කියනවා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සාතිශය බහුතරයක් පක්‍ෂයි. නමුත් ඒ අයට කි‍්‍රයාත්මක වෙන්න බැරිව ඉන්නේ.


ප‍්‍රශ්නය:- හෙළ උරුමයත් රතන හාමුදුරුවෝත් ඉන්නෙ එකම මතයකද?
පිළිතුර:-
රතන ස්වාමීන් වහන්සේ පිවිතුරු හෙටක් නමින් ආ දේශපාලනික ව්‍යාපාරයක් ආරම්භ කළා. ඒකෙ තියෙන සමහර කරුණුවලට අපි එකඟයි. නමුත් එතැන අපිට යම් පිළිගන්න බැරි කරුණු කිහිපයකුත් තියෙනවා.


ප‍්‍රශ්නය:- රතන හාමුදුරුවන්ගේ දඩිබිඩිය හින්දා චම්පික හා ගම්මන්පිලටත් වැරදුණා කිව්වොත්?
පිළිතුර:-
නෑ. එහෙම නෑ. අපි පසුගිය කාලය පුරාම දැක්කා ඊළඟ ජනාධිපතිවරණයෙන් පස්සේ නම් මේ යන ආකාරයට ගියොත් නම් රට ආර්ථික වශයෙන් බංකොලොත් වීමේ, විදේශ රටවල්වලට යටත් වීමේ, රට විදේශ වටලෑමකට නතුවීමේ අවස්ථාව තියෙනවා. බාල් නටන, පාටි දාන, ගුටි ඇණගෙන යන රාජ්‍ය තාන්ත‍්‍රිකයන් සමග මේවට මුහුණ දෙන්න බෑ. විදේශ අමාත්‍යාංශයේ නිලධාරීන් විදේශ අමාත්‍යාංශය කුපාඩි මධ්‍යස්ථානයක් කරනවට තරයේ විරුද්ධයි. අද තියෙන මේ විදේශ වටලෑමට සම්පූර්ණයෙන්ම වග කියන්න  ඕන පසුගිය කාලේ ගත්ත තීන්දු. මම ඒක බය නැතිව කියනවා.


ප‍්‍රශ්නය:- ඇයි කෙළින්ම ගිහින් විපක්‍ෂයෙ වාඩි නොවන්නේ?
පිළිතුර:-
ඒක අනාගතයේදි තීරණය වේවි. යුග පෙරළියක් රටට අවශ්‍යයි. ඒ සඳහා අපි කැප වෙනවා.


ප‍්‍රශ්නය:- ආණ්ඩුවත් එක්ක අතරමග සමාදානයක් නැහැ?
පිළිතුර:-
මම ඒ ප‍්‍රශ්නයට උත්තර දුන්නා.


ප‍්‍රශ්නය:- පොදු අපේක්‍ෂකයා වෙන්න කියලා ඔබට ආරාධනයක් ආවොත්?
පිළිතුර:-
ඒක තීරණය කරන්නේ අපේ පක්‍ෂය. පොදු අපේක්‍ෂකයා හරි බොදු අපේක්‍ෂකයා හරි කියලා පක්‍ෂය තීරණය කළ යුතුයි. තාම එහෙම සාකච්ඡුාවක් අපේ පක්‍ෂය ඇතුළේ නැහැ.


M



අදහස් (0)

අපි ආරම්භ කළේ මානුෂික මෙහෙයුමක්

රත්නායක Tuesday, 25 November 2014 10:08 AM

ඒ මෙහෙයුමට අපේ සහාය (දී)

:       0       0

චානක Tuesday, 25 November 2014 10:08 AM

ඔබේ තීරණයට අපි ගරු කරනවා (දී)

:       0       0

සෙනරත් Tuesday, 25 November 2014 10:07 AM

අපි ඔබ සමගයි (දී)

:       0       0

සරත් Tuesday, 25 November 2014 10:08 AM

ඔබේ තීරණය මත අ‍පේ තීරණය (දී)

:       0       0

සරත් Tuesday, 25 November 2014 10:16 AM

අප බහුතරය ඔබගේ තීරණය දෙස බලා සිටිමු. පෙර මෙන් රට බේරාග්නට ශක්තිය හා ධෛර්්ය ලැබේවා. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 4929 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 671 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1246 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 111 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 198 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 266 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39056 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25560 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 316 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1072 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 376 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site