IMG-LOGO

2025 අප්‍රේල් මස 17 වන බ්‍රහස්පතින්දා


අපේ කරුමේ අඬෝවැඩියාවයි

ඔහු ශ්‍රී ලාංකේය සිනමාව ජාත්‍යන්තරයට ගෙනගිය එයින් ජාත්‍යන්තර සම්මාන දිනා ලංකාවට කීර්තිය අත්කර දුන් විශිෂ්ට ගණයේ සිනමා අධ්‍යක්ෂවරයෙකි. ලාංකේය සිනමාව මේ රටට පමණක් සීමා නොකොට ජාත්‍යන්තරයේද සහයෝගයෙන් තම නිර්මාණ ඉදිරිපත් කිරීමට වෙහෙසුණු, ඒ වෙනුවෙන් කැපවුණු නිර්මාණශීලී අදහස් ඇති  දක්ෂ චිත්‍රපට අධ්‍යක්ෂවරයකු ලෙසද ඔහු හැඳින්විය හැකිය.

 ඔහු ඉන්දියාවත් සමඟ එක්වී ‘‘පැරඩයිස්’’ චිත්‍රපටය  නිර්මාණය කළ අතර එය අද (28) සිට මෙරට මෙන්ම ඉන්දියාව ඇතුළු රටවල් ගණනාවක එක්වර තිරගත කෙරේ. එය සැබැවින්ම ශ්‍රී ලාංකේය චිත්‍රපට අධ්‍යක්ෂවරයකු ලැබූ ඉහළම ජයග්‍රහණයකි. භාෂා 5කින් සමන්විත මේ චිත්‍රපටය පිළිබඳවත් මෙරට සිනමාවේ ප්‍රශ්න පිළිබඳවත් ඔහු සමඟ කතා බහ කෙළෙමු. ලාංකේය සිනමාව වෙනුවෙන් නිතරම විවෘතව කතා කරන ඒ වෙනුවෙන් කැපවෙන මේ නිර්මාණකරුවා නමින් ප්‍රසන්න විතානගේය. මේ ඔහුගේ හඬයි.

‘‘පැරඩයිස්’’ චිත්‍රපටය තවමත් ජාත්‍යන්තර සිනමා උළෙල රැසක ප්‍රදර්ශනය වෙනවා. ඒ අතරතුර තමයි  සිනමාශාලා ප්‍රදර්ශනය ඇරඹෙන්නේ. ඇත්තටම එය ඉන්දියාව හා සමගාමී ප්‍රදර්ශනයක් නොව ලංකාව, කටාර්, සිංගප්පූරුව, සවුදි අරාබිය, ඇමෙරිකාව, එංගලන්තය වැනි රටවලත් ප්‍රදර්ශනය වෙනවා. එය අද (28) සිට ලොව පුරා තිරගතවීම සතුටක්. මෙහි ප්‍රධාන නළු නිළි යුවල ඉන්දීය මලයාලම් ජනප්‍රිය නළු නිළි යුවළක් වන රෝෂන් මැතිව් හා දර්ශනා රාජේන්ද්‍රන්. මෙහි කතාව පාදක වන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදකාරී සමයක ලංකාවට පැමිණෙන ඉන්දීය සංචාරකයන් දෙදෙනකු වටායි. මම දකින්නේ මෙය මලයාලම් කුසලතාව ආනයනයක් පමණක් නොවෙයි දේශීය කුසලතාවය අපනයනයක් හැටියටයි.

ඉන්දීය ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ මනිරත්නම් මහතා මේ චිත්‍රපටය ප්‍රදර්ශනයක් නරඹලා කැමැත්ත ප්‍රකාශ කළා ඔහුගේ නිෂ්පාදන සමාගමක් වන ‘‘මැඩ්රාස් ටෝකිස්’’ ධජය යටතේ ඉදිරිපත් කරන්න. එහෙත් ලොව පුරා බෙදා හරින්නේ ඊ.පී.අයි. සමාගමයි. මෙහි කිසිම වෙළෙඳ ගනුදෙනුවක් නෑ. මෙය  මිත්‍රත්වයේ දෑත් දිගු කිරීමක් පමණයි. කිසිදු ආර්ථික ප්‍රතිලාභයක් ‘‘පැරඩයිස්’’ චිත්‍රපටයේ නෑ.

 මෙහි මූලික සිදුවීමත් ශ්‍රී ලංකාවේ. රූගත කිරීම් සම්පූර්ණයෙන්ම සිදුවන්නෙත් ශ්‍රී ලංකාවේ. ඒ වගේම මෙය ශ්‍රී ලාංකේය අධ්‍යක්ෂවරයකුගේ ප්‍රකාශනයක්. එක අතකින් එය ලාංකීයයි. ඒ වගේම චිත්‍රපටයේ නිෂ්පාදනයට මූල්‍ය දායකත්වය ලැබුණේ කේරළයේ  නිව්ටන් සමාගමයි. මෙය ඉතා හොඳ තත්ත්වයක්. තවදුරටත් අපි භාෂා හෝ දේශ සීමාවලින් හිරවෙන්නේ නැතුව ලෝකයත් සමඟ ගනුදෙනු කරනවිට මෙවැනි තත්ත්ව ඇතිවෙනවා. ඉතින් ඒ තත්වය මම විශ්වාස කරනවා. අපේ සිනමාවේ ජයග්‍රහණයක් කියලා.

මම කියන්නේ අපි සිරවී සිටීම ගැන වසර ගණනාවක් තිස්සේ ඔබ සමග සාකච්ඡා කරලා  තිබෙනවා. පුවත්පත් කලාවේදියෙක් ලෙස රටේ තිබෙන සිනමාවේ ගැටලු සම්බන්ධයෙන් ඔබ ඒ සඳහා පුවත්පතෙන් විශාල දායකත්වයක් දී තිබෙනවා. මෙය පෞද්ගලික ජයග්‍රහණයක් බව ඇත්ත. මම විශ්වාස කරනවා. පුද්ගලික ජයග්‍රහණය තව කෙනකුට කිසියම් විදිහකට ‘‘මටත් මෙය කළ හැකියි කියා’’ උත්තේජනයක් ඇති කරාවි කියලා.

අපේ අතීතයේ උරුමය සුරකිමින් වර්තමාන සිනමාව ප්‍රවර්ධනය කරමින්  අනාගතයේ සිනමාකරුවන්  බිහිකිරීමට අවශ්‍ය, තැනින්ම එය පදනම් කරගත් ජාතික ප්‍රතිපත්තියක් විය යුතුයි කියලා. ඒ වගේම බිහිවෙන එවැනි සිනමාකරුවන්ට එවැනි ප්‍රතිපත්තියක් නොමැතිවීම නිසා ඔවුන්ට තනිවම මෙහි පිහිනන්න වෙනවා කියලත් මා ඔබට මීට පෙර කියා තිබුණා. එය ඇත්ත. මට කළ හැක්කේ මගේ ප්‍රකාශනය පවත්වාගෙන යන අතර ඒ ප්‍රකාශනය පුළුල් කරන අතරම මේ අරමුණුවලට පෙනී සිටීමයි. අපේ  හඬගෑම දිගටම කළ යුතුයි, කර්මාන්තයක් වශයෙන් සිනමාව ඉදිරියට යන්න නම් ලංකාවේ.

අපි අප දෙසත් හැරී බැලිය යුතුයි. අපේ සැබෑ අරමුණු මොනවාද? අප කොතෙක් දුරට ඒ අරමුණු සඳහා පෙනී සිටිනවාද? ඒ සඳහා අපි මුළු ජීවිතයම කැප කරන්න සුදානම්ද? මම හිතන්නේ අපට එවැනි කැක්කුමක් සහිත ඒ සඳහාම  ජීවිතය කැපකළ සිනමාකරුවන් පිරිසකුත් අවශ්‍යයි. ඒ අය කළ යුතුයි. මේ මොහොතේ චිත්‍රපටයක් වෙනුවෙන් සිනමාකරුවෙක් ලබන ජයග්‍රහණය වෙලාවක මේ හැමදා අඬන අඳෝනාවෙන් අවතක්සේරු කරන්න එපා. මොකද අපි කමිටු ගණනාවක වාඩිවෙලා තිබෙනවා. ඒ කමිටුවලින් යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. සිනමාකරුවන්ට ප්‍රතිපත්ති යෝජනා කළ හැකියි. එහෙත් එය නිර්දේශ කළ හැක්කේ රජයකට පමණයි.  මෑතකදී මේ සිනමාව සම්බන්ධයෙන් පැවති කමිටුවකදී මම අදහස් ඉදිරිපත් කරමින් ඒ යෝජනා නැවත ඉදිරිපත් කර තිබෙනවා. ඒ ගැන මම දකින ලොකුම අඩුව තමයි හැමෝම හිඟන්නාගේ තුවාලය විකුණන් කනවා මිසක ඇත්තම ප්‍රශ්නයට උත්තර දෙන්න ගියාම ඒ කිසිදු කෙනෙක් කැපකිරීමක් කරන්න සුදානම් නෑ.

බෙදාහැරීමේ සමාගම්, ජාතික චිත්‍රපට සංස්ථාව, සිනමා අධ්‍යක්ෂවරුන් යම් කැපකිරීමක් කරලා පොදු අරමුණක් වෙනුවෙන් එක තැනකට පැමිණිය යුතුයි. කකුලෙන් ඇදීම පක්ෂ දේශපාලනය, තව කෙනෙක්ට ගෞරවය යයි කියලා අකුල් හෙළීම යනාදිය නැවැත්විය යුතුයි. ලංකාවේ කරුමෙ තියෙන්නේ මේ අ​ෙඬා්වැඩියාවයි. මගේ මුළු ජීවිතයම සිනමාව වෙනුවෙන් කැප කරලා තියෙනවා. ඒ කැපකිරීමේ ප්‍රතිඵලයක් තමයි ‘‘පැරඩයිස්’’. සිනමාව කෙරෙහිම යොමුවෙලා සතත්‍යාභ්‍යාසයන් ලබමින් තමයි මෙතැනට ඇවිත් ඉන්නේ. ‘‘එවැනි නිර්මාණකරුවෙක් නිර්මාණයක් කළාම දුර්මුඛ කරන්න එපා. කරුණාකරලා ඒක කරන්න එපා.’’

(*** සමන්ත යහම්පත්)



අදහස් (1)

අපේ කරුමේ අඬෝවැඩියාවයි

sam Sunday, 30 June 2024 11:17 PM

බෙදාහැරීමේ සමාගම්, ජාතික චිත්‍රපට සංස්ථාව, සිනමා අධ්‍යක්ෂවරුන් යම් කැපකිරීමක් කරලා පොදු අරමුණක් වෙනුවෙන් එක තැනකට පැමිණිය යුතුයි. සියලු පාර්ශවයන් එක්ව සැලසුමක් සකර කර පොදු අරමුණක් වෙත පැමිණිය යුතුවේ. ඒ සදහා ඔවුන් විසින් අරමුදලක් පිහිටුවා ගත යුතුවේ. එම අරමුදල සිනමා කර්මාන්තය වෙනුවෙන් යොදවා ගැනීම සිදුවිය යුතුවේ. සිනමා අධ්‍යක්ෂවරුන් සදහා මෙම අරමුදලින් මුදල් ලබාගැනීමට හැකියාව ලබාදී සිනමා කර්මාන්තයෙන් ලැබෙනා අදායමෙන් % ප්‍රමාණයක් මෙම අරමුදල වෙත බර කර එම අරමුදල පවත්වාගෙන යායුතුවේ. වර්තමානයේ සිදුවන්නේ මුදල් තිබෙනාවූ පුද්ගලයන් චිත්‍රපටයක් නිස්පාදනය සදහා මුදල් වියදම් කර සියලු ලාබයන් ඔවුන් සතු කර ගැනීම නිසා සිනමා කර්මාන්තය කඩාවැටී ඇත. කලවා පවත්වාගෙන යාමට නම් සියල්ලෝම කලාව වෙනුවෙන් සහ එය කලාත්මකව පවත්වාගෙන යාමට මැදිහත්විය යුතුවේ සහ ඔවුන්ගේ දායකත්වය ලබාදිය යුතුවේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

ගොවියා රවටන පාරිභෝගිකයා සනසන ස්වයංපෝෂිත කිරි නාඩගම
2025 අප්‍රේල් මස 17 120 0

ලෝකයේ ඉතාම ජනප්‍රිය එසේම පෝෂණීය පානයක් වන්නේ දියර කිරිය. එය ජනප්‍රිය වීමට හේතුව වන්නේ එහි ඇති පෝෂණීය ගුණය සහ විශ්වාසවන්ත භාවය නිසාය. එහෙත් ශ්‍රී ලංකාව


පම්බන් පාලම ඉන්දු-ලංකා යාකරන මුහුදු මාවතේ ඇරැඹුමද?
2025 අප්‍රේල් මස 17 223 0

ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා එම නිල සංචාරය නිමකර අනුරාධපුර ගුවන්තොටුපොළෙන් ඉන්දියාව බලා පිටත්ව ගියේ තවත් සුවිශේෂ කටයුත්තක


ශ්‍රී දළදා පූජා - ප්‍රදර්ශන ඉතිහාසය
2025 අප්‍රේල් මස 17 149 0

දළදා වහන්සේ කේන්ද්‍ර කරගත් විවිධ පූජා අතර ඇසළ පෙරහර ප්‍රධාන පූජාව ලෙස සැලකේ. එහි ඇරැඹුම ක්‍රිව 310 ට පමණ අයත් වෙයි එනම් කීර්ති ශ්‍රී මේඝ වර්ණ රජදවස ඉන්දිය


අධ්‍යාපන පරමාර්ථ සාර්ථකද?
2025 අප්‍රේල් මස 17 37 0

රජය නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කෙරෙහි අවධානය යොමු කර ඇති බවත් පහ වසර ශිෂ්‍යත්වය පිළිබඳව සලකා බලන බවත් මාධ්‍යවලින් දැක්වේ. කුමන තත්වයක් යටතේදී හෝ එය සා


සිංහල අලුත් අවුරුද්ද හා චාරිත්‍ර විධි
2025 අප්‍රේල් මස 13 223 0

වසරක් ගෙවී නව වසරක් උදා වීමෙන් එළඹෙන අප්‍රේල් මාසයේ මැදභාගය වන විට සිංහල දෙමළ අලුත් අවුරුද්ද උදා වෙනු ඇත.


හම්බන්තොට කෞතුකාගාරය ඉබිගමනක
2025 අප්‍රේල් මස 10 646 0

හම්බන්තොට තුඩුවේ වෙරළාසන්න උස්බිමක පිහිටා ඇති ලෙනාර්ඩ් වුල්ෆ් දිසාපතිවරයාගේ නිල නිවස අද කෞතුකාගාරයක් බවට පත්ව ඇත. එය නමින් මාගම්පුර රුහුණු උරුම කෞතු


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 192 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 359 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 1083 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site