IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


අපේ බුද්ධි අංශවලට කිසිම බලපෑමක් වෙන්න අපි ඉඩ තියන්නේ නෑ

31_SLMA_P6_Back    

 

ආබාධිත රණවිරුවන්ට හා රණවිරු පවුල්වලට විරුසරු වරප්‍රසාද කාඞ් පතක් ඉකුත් දා නිකුත් කෙරිණි. අරමුණ කුමක්ද? මේ ඒ පිළිබඳවත් රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් මතු වී ඇති විවිධ ප්‍රශ්න පිළිබඳවත් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා සමඟ කළ සාකච්ඡාවකි.

 


● ප්‍රශ්නය : රණවිරු පවුල්වලට ඔබ විරුසරු වරප්‍රසාද කාඞ් පතක් නිකුත් කළා. මොකක්ද අරමුණ?
● පිළිතුර :
රණවිරුවන්ට රණවිරු පවුල් වෙනුවෙන් කළ යුතු යුතුකමක් හැටියට තමයි අපි ඒ ව්‍යාපෘතිය ආරම්භ කළේ. අපි වරප්‍රසාද කාඞ්පත ආබාධිත රණවිරුවන්ට ප්‍රදානය කළා. රජයේ ආයතන පමණක් නොවෙයි, පෞද්ගලික ආයතන ගණනාවක් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඒ හරහා විවිධාකාර සේවාවන් රණවිරුවන්ට ලබාදෙන්න කටයුතු කරනවා.

 

55
● ප්‍රශ්නය : මොන වගේ සේවාවක් ද ලබාදෙන්න බලාපොරොත්තු වෙන්නේ?
● පිළිතුර :
රණවිරුවන්ගේ දරුවන්ගේ අධ්‍යාපනයට සේවාවන් ලබා දෙනවා. රෝහලකට ගියාම ඔවුන්ට ප්‍රමුඛත්වය ලබා දෙනවා. පිටරට යනවා නම් ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් සියයට 25 ක සහනයක් ලබා දීලා තියෙනවා. ඒ විදිහට විවිධාකාර සේවාවන් අධ්‍යාපනය වශයෙන්, රක්ෂණය වශයෙන් ද වෙනත් අවශ්‍යතා වෙනුවෙන් පෞද්ගලික අංශයේ ආයතනවලිනුත් සුවිශේෂ පහසුකම් මෙන්ම සහන ලබා දීලා තියෙනවා. දැනට ආයතන 48 ක් මේ වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. ඉදිරියේ දී තවත් ආයතන විශාල ප්‍රමාණයක් මේකට දායක කරගන්නවා. ඒ හරහා තවත් සේවා ගණනාවක් රණවිරුවන්ට ලබා ගැනීමේ අවස්ථාව ලැබෙනවා. විශේෂයෙන් ප්‍රවාහන ක්ෂේත්‍රයෙත් පහසුකම් වැඩි කරන්න බලාපොරොත්තු වෙනවා.
දශක තුනක යුද්ධය අවසන් කරන්න ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළේ ඒ වීරෝදාර රණවිරුවන්. මේ රටේ නිදහස වෙනුවෙන් තිස් දහසක් පමණ ජීවිත පූජා කළා. ඊට වඩා වැඩි ප්‍රමාණයක් ආබාධිත තත්ත්වයට පත් වුණා. ඒ නිසා ආණ්ඩුවක් හැටියට අපේ වගකීමක් තමයි ඒ රණවිරුවන්ගේ අවශ්‍යතාවලට මැදිහත් වෙලා ඒ රණවිරුවන්ගේ සුබසාධනය ගැනත් අවධානය යොමු කරලා ඒ අවශ්‍ය සේවය ලබා දීම. ඒක අපේ වගකීමක්. ඒ වගකීම අකුරටම ඉටුකරන්න තමයි අපේ බලාපොරොත්තුව.

 


● ප්‍රශ්නය : ඔබ කිව්වා මේ රටට නිදහස දිනා දුන්නේ රණවිරුවන් කියලා. නමුත් මේ ආණ්ඩුව ඒ රණවිරුවන් අමතක කරමින් ඔවුන් දිනා දුන් ජයග්‍රහණ පාවා දෙමින් යන ගමනක තමයි ඉන්නේ කියලයි විපක්ෂය කියන්නේ.
● පිළිතුර :
ඕක සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. දේශපාලන අනාථයන් පිරිසක් රටේ ඉන්නවනේ. ඔවුන් අනාථ වෙලා ඉන්නේ. ඔවුන් තමයි ඔහොම චෝදනාවක් කරනවා නම් කරන්න ඉන්නේ. එහෙම නැතිව සිහි බුද්ධියෙන් ඉන්න කිසිම පුරවැසියෙක් ඔය විදිහට අසත්‍ය චෝදනා කරන්නේ නැහැ. අපි බලයට පත්වුණ දවසේ ඉඳලම අපි බලන්නේ ඒ රණවිරුවන්ට රටෙන් ඉටුවිය යුතු යුතුකම් මොනවාද? ඒවා ඉටු කරන්නේ කොහොමද කියලයි. කොහොම වුණත් ඕනෑම දෙයක් එක දවසකින් කරන්න බැහැ. මාසයකින් කරන්නත් බැහැ. යම් සාධාරණ කාලයක් ගතවෙනවා. කොහොම වුණත් අපි කැපවෙලා ඉන්නවා. ආණ්ඩුවක් විදිහට වගකීම බාර අරගෙන තියෙනවා. ජනාධිපතිතුමා ආරක්ෂක ඇමැතිවරයා හැටියට එතුමත් කැපවෙලා තියෙනවා රණවිරුවන් ආරක්ෂා කරලා ඔවුන්ගේ සුබසාධනය හා අවශ්‍යතා ඉටු කරන්න. ඇත්ත වශයෙන්ම මේ අමාත්‍යාංශයෙනුත් රණවිරු සේවා අධිකාරියේ සභාපතිනිය හැටියට අනෝමා ෆොන්සේකා මහත්මිය ඉන්නවා. එතුමියත් මේ රණවිරු කාඞ්පත සාර්ථක කරගන්න සෑහෙන මහන්සියක් ගත්තා. ඒ වගේම මේ අමාත්‍යාංශයේ ලේකම් කිත්සිරි මැතිතුමා ඇතුළු ඒ නිලධාරි මණ්ඩලයත් හැම වෙලාවේම බලන්නේ රණවිරුවන්ගේ සුබ සාධනය ගැන තමයි. ඒ දෙයට මුල්තැන දීලා තමයි අපි කටයුතු කරන්නේ. ඔය රණවිරු කාඞ් පත සම්බන්ධයෙන් අපි මාස හයක් තිස්සේ සාකච්ඡා කළා. ක්ෂේත්‍ර ගණනාවක් එක්ක කතා කළා. මේ හැමදේම කරන්නේ ඒ රණවිරුවන් වෙනුවෙන් තමයි. ඉතින් කොහොමද කියන්නේ අපි රණවිරුවන් අමතක කරලා ගමනක් යනවා කියලා. දේශපාලනිකව බංකොළොත් වුණ, දේශපාලන අනාථයන් තමයි ඔය විදියට අභූත චෝදනා නගන්නේ.

 


● ප්‍රශ්නය : විපක්ෂය විශේෂයෙන්ම හිටපු ජනාධිපතිවරයා “ජාතික ආරක්ෂාවධ් සම්බන්ධයෙන් බරපතළ සැක සංකා මතු කරනවා?
● පිළිතුර :
හරි. සැකයක් මතු කරනවා කියමුකො. කෝ ඒ සැකයට පදනමක්. මේ... මේ... කාරණා නිසා සැක මතුවෙනවා කියලා කියන්නකෝ. නමුත් එහෙම කියන්නේ නෑ. ඔවුන් අද තමන්ගේ පැවැත්ම වෙනුවෙන් කතා කරන පිරිසක් බවට පත්වෙලා. තමන්ගේ පැවැත්ම වෙනුවෙන් ජනතාව නොමග යවන්න උත්සාහ කරන පිරිසක් බවට පත්වෙලා. ඒත් ජනතාව ඔය බොරුවලට රැවටෙන්නේ නෑ. ඔවුන් බුද්ධිමත්.

 


● ප්‍රශ්නය : හමුදා බුද්ධි අංශ නිලධාරින් අත්අඩංගුවේ. නාවික හමුදා නිලධාරින් අත්අඩංගුවේ. මොකක්ද මේ වෙන්නේ?
● පිළිතුර :
ජනාධිපතිතුමාගේ කතාවේදීත් එතුමා මේ කාරණය ඉතාම හොඳට පැහැදිලි කරලා දුන්නා. පහුගිය කාලයේ එක එක ප්‍රශ්න මතුවෙලා තිබුණා. විශේෂයෙන්ම මාධ්‍යවේදියකුගේ ඝාතනයක් සම්බන්ධව බුද්ධි අංශයේ කිහිප දෙනෙක් සැකකරුවන් බවට පත්වෙලා තියෙනවා. අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වාගෙන යනකොට මතුවෙච්ච කරුණු අනුව තමයි අත්අඩංගුවට අරගෙන තියෙන්නේ. කොහොමටත් ඒක නීතිමය ප්‍රශ්නයක්. බලහත්කාරයෙන් බුද්ධි අංශයට බලපෑම් කරන්නවත් බුද්ධි අංශය හෑල්ලුවට ලක් කරන්නවත් ජාතික ආරක්ෂාව හැල්ලුවට ලක් කරන්නවත් නොවෙයි ඔය දේ වෙන්නේ. අපේ ත්‍රිවිධ හමුදාවට කිසිදු චෝදනාවක් එල්ල නොවන විදිහට අපි කටයුතු කළ යුතුයි. පහුගිය කාලේ යම් යම් වැරදිවෙලා තියෙනවා නම් නීතිය  පැත්තෙන් ඒ කටයුතු කළ යුතුයි. හමුදාවේ ගෞරවය රැකෙන්නෙත් රටේ ගෞරවය රැකෙන්නෙත් අපි එහෙම කටයුතු කළොත් පමණයි.

 


● ප්‍රශ්නය : රට වෙනුවෙන් වැඩ කරලා පෞද්ගලිකව හිරබත් කන්න වෙලා තියෙනවා කියලයි ඔවුන් කියන්නේ?
● පිළිතුර :
මේක තේරුම් ගන්න. මේක එහෙම එකක් නෙවෙයි. කිසිම හේතුවක් නැතිව ත්‍රිවිධ හමුදා නිලධාරින් සෙබළුන් අත්අඩංගුවට ගන්න රජයකට තියෙන ඕනෑකම මොකක්ද කියලා මට කියන්න. රජයට එහෙම කිසිම අවශ්‍යතාවක් නෑ. අනික් කාරණය තමයි එහෙම කරන්න දෙන්නෙත් නැහැ. මෙතැන ඔබ තේරුම් ගන්න. ප්‍රශ්න ගණනාවක් තියෙනවා. පහුගිය කාලයෙ ප්‍රශ්න ගණනාවක් මතුවුණා. එක්නැලිගොඩ අතුරුදන්වීම එක් සිද්ධියක්. ඒ සිද්ධියට සැකකරුවන් හැටියට තමයි බුද්ධි අංශයේ කිහිප දෙනෙක් අත්අඩංගුවට පත්වෙලා තියෙන්නේ. මෙතැන තියෙන්නේ නීතිමය ප්‍රශ්නයක්. නීතියට පිටින් වැඩ කරලා තියෙනවා නම් නීතියට අයිතියක් තියෙනවා ඒක ගැන හොයන්න. මේ ආණ්ඩුවටවත් මොනම ආණ්ඩුවකටවත් අයිතියක් නැහැ නීතියට පිටින් කටයුතු කරන්න. රටේ ජනතාවට වෙනසකින් තොරව නීතියේ පිළිසරණ හිමිවිය යුතුයි. මේ සිද්ධ වෙන්නේ ඒ ක්‍රියාදාමයයි. එහෙම නැතිව රජය මේකට සම්බන්ධවෙලා නැහැ. එහෙම සම්බන්ධ වෙන්නත් බැහැ. අපි ආණ්ඩුවක් හැටියට සී.අයි.ඩී. එකට බලපෑම් කරන්නේ නැහැ. එහෙම කරපු අය එහෙම ඉතිහාසයක් තියෙන අය තමයි එහෙම කතා කියන්නේ. සී.අයි.ඩී. එක බොහොම ස්වාධීනව පරික්ෂණ පවත්වාගෙන යනවා. තවත් බොහෝ දේවල් සම්බන්ධයෙන් පරික්ෂණ කෙරෙනවා. නිවැරදිකරුවන් කිසි කෙනෙක් පරික්ෂණ සම්බන්ධයෙන් බය වෙන්නේ නැහැ. බය විය යුතුත් නැහැ.

 


● ප්‍රශ්නය : ගිරිතලේ හමුදා බුද්ධි කඳවුරට සීල් තිබ්බා. හමුදා කඳවුරක් සීල් තිබ්බේ ඉතිහාසයේ පළමු වරටයි?
● පිළිතුර :
කොහේද හමුදා කඳවුරකට සීල් තිබ්බේ. ඒක බොරු කතාවක්. ලියකියවිලි සහිත කබඞ් වගයකටයි සීල් තියලා තියෙන්නේ. එහෙම කරලා තියෙන්නෙත් පරික්ෂණ කටයුතු කාටත්  සාධාරණ විය යුතු නිසයි. ආණ්ඩුවක් හැටියට අපිට ඒවට මැදිහත් වෙලා නතර කරන්නත් බෑ. බලපෑම් කරලා ඒවා කරන්න කියලා කියන්නත් බෑ. ඒක නීතිමය පැත්තෙන් යන්නේ.

 


● ප්‍රශ්නය : මේ සිදුවීම් නිසා හමුදා බුද්ධි අංශ නිලධාරින් කළකිරිලා. එමගින් බුද්ධි අංශය කඩා වැටිලා කියලා කතාවක් යනවා.
● පිළිතුර :
නෑ... එහෙම දෙයක් වෙන්නේ නැහැ. අපි හමුදාපතිතුමා සමඟත් සාකච්ඡා කරල තියෙන්නේ. අපේ බුද්ධි අංශවලට කිසිම ප්‍රශ්නයක් බලපෑමක් ඇතිවෙන්න අපි ඉඩ තියෙන්නේ නැහැ. එහෙම ඇතිවෙලත් නැහැ. බුද්ධි අංශ එහෙම අඩපණ වෙලත් නැහැ. බුද්ධි අංශ ඉතාමත්ම හොඳින් ක්‍රියාත්මක වෙනවා. ජාතික ආරක්ෂාවට කිසිම ප්‍රශ්නයක් ඇතිවෙන්න අපි ඉඩ තියන්නේ නැහැ.

 


● ප්‍රශ්නය : මහින්ද රාජපක්ෂ යුගයේ දී රට හමුදාකරණයට ලක් වුණා කියලා කිව්වා. අද ඒ වෙනුවට පොලිස් රාජ්‍යයක් නිර්මාණය වෙමින් තියෙනවා.
● පිළිතුර :
අද අපි නීතියට තැන දීලා තියෙනවා. වල් වැදුණු නීතිය අද හරි පාරට ඇවිත් තියෙනවා. නීතියට උඩින් අද කාටවත් ක්‍රියාත්මක වෙන්න බැහැ. අපි සියලු දෙනාම නීතියට යටත්. ඒ නීතියෙ විධානය ඉදිරියට යෑම අවශ්‍යයි. කවුරු කොහොම කෑගැහුවත් අද ඇත්තටම දේශපාලනඥයෝ ද හමුදාවේ අය ද පුරවැසියා කවුරු වුණත් වැරැද්දක් කරලා තියෙනවා නම් නීතියට මුහුණ දෙන්න වෙනවා. නීතියෙන් බේරිලා යන්න බෑ.

 


● ප්‍රශ්නය : රටේ “එෆ්.සී.අයි.ඩී.ධ් භීතිකාවක් ඇතිවෙලා තියෙනවා. මේක පිහිටෙව්වෙම තෝරාගත් පිරිසක් දඩයම් කරන්නයි?
● පිළිතුර :
දඬුවම් දෙන්නේ නැහැ. පරික්ෂණ පවත්වනවා. පහුගිය ආණ්ඩුවේ හිටපු මැති ඇමැතිවරුන්ට චෝදනා ගණනාවක් තියෙනවා. ජනතාවගේ මුදල් කෝටි ප්‍රකෝටි ගණනින් හොරකම් කරපු, දූෂණය කරපු, නාස්ති කරපු අය ගැන විවිධ පැමිණිලි තියෙනවා. ඒ ගැන පරික්ෂණ කරනවා.

 


● ප්‍රශ්නය : තෝරාගත් පිරිසක් ඉලක්ක කරගෙනයි ඔය පරික්ෂණ කරන්නේ?
● පිළිතුර :
ඔබේ ප්‍රශ්නය එක පැත්තකින් හරි. තෝරා ගත් පිරිසක් ඉන්නවා. ඒ තමයි චෝදනා ඇති පුද්ගලයන්. චෝදනා නැති පිරිස් කොහොමටවත් ඉලක්ක වෙන්නේ නැහැනේ. ඔබ තේරුම් ගන්න මේක පලිගැනීමක් නොවෙයි. චෝදනා එල්ල වෙලා තියෙනවා. ඒවා සත්‍යය ද අසත්‍යය ද කියලා පරික්ෂණ කරන්න ඕනෑ. අනික මේ පරික්ෂණ කරන්නේ මහා පරිමාණ වංචා දූෂණ ගැනයි. එහෙම දේවල් වුණා කියලනේ ජනතාව ආණ්ඩුව මාරු කළෙත්. ඒ ගැන පරික්ෂණ කළ යුතුයි. පරික්ෂණවලට මුහුණ දෙන අය මේක පලිගැනීමක්. අරක පලිගැනීමක් කියලා රට ඇතුළේ වැරදි චිත්‍රයක් මවන්න හදනවා. මතක තියාගන්න. පරික්ෂණවලින් ඔප්පුවෙන අයට පමණයි නීතිය මගින් දඬුවම් කෙරෙන්නේ. මේ රටේ ජනතාව ඉල්ලා සිටියේත් ඒකයි. අපි වැඩ කරන්නේ ජනතාවගේ න්‍යාය පත්‍රයට. ජනතාවගේ බලාපෙරොත්තුවලට යටත්වයි. ඒකෙන් පිට පැනපු ගමනක් මේ ආණ්ඩුවට නැහැ.

 


● ප්‍රශ්නය : ආණ්ඩුව ජාතික ආණ්ඩුවක් කියලා කිව්වට පක්ෂ දෙක යන්නේ පාරවල් දෙකක. ඕනෑම දෙයකට මත දෙකක්. තීන්දු දෙකක්. මෙහෙම කොහොමද යන්නේ?
● පිළිතුර :
ජාතික ආණ්ඩුවක් හැටියට ජනාධිපතිතුමත් අගමැතිතුමත් ඉතාම හොඳ අවබෝධයකින් යුතුව ගමනක් යනවා. ඔව්, පුංචි පුංචි ප්‍රශ්න ඇති වෙනවා තමයි. එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් පිහිටවපු දවසේ ඉඳන් පහුගිය ජනාධිපතිවරණය වන තෙක්ම හැම වෙලේම ගැටුණු පක්ෂ දෙකක්. එහෙම පක්ෂ දෙකක් තමයි මේ එකට එකතු වෙලා ජාතික ආණ්ඩුවක් හැටියට කටයුතු කරන්නේ. එක දවසකින් දෙකකින් ඔය කියන විදිහෙ හොඳම ආකාරයේ  අවබෝධයක් ගොඩනඟා ගන්නත් බැහැ. ඒ නිසා පුංචි පුංචි ප්‍රශ්න මතුවෙන්න පුළුවන්. එහෙම වුණත් අපි ජාතික ආණ්ඩුවක් හැටියට ජාතික ගැටලුවලට, ජාතික ප්‍රශ්නවලට එක අරමුණකින් මුහුණ දීලා විසඳුම් ලබා දෙනවා. ජාතික ආණ්ඩුව හැදුවෙත් ජිනීවා ප්‍රශ්නය වගේ බරපතළ ප්‍රශ්නවලට මුහුණ දෙන්න තමයි. අද කවුරුවත් විදුලි පුටු ගැන කතා කරන්නේ නැහැ.

 


● ප්‍රශ්නය : එක්සත් ජාතික පක්ෂය කියන්නේ අලුත් ව්‍යවස්ථාවක් ගේනවා කියලයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ ව්‍යවස්ථා සංශෝධන මිසක් අලුත් ව්‍යවස්ථා බැහැ කියලයි. වැඬේ නොකෙරෙන බව දැන්ම පැහැදිලියි.
● පිළිතුර :
ඒ ගැන සාකච්ඡා කරගෙන යනවා. ජනාධිපතිතුමත්, අගමැතිතුමාත් ඒ ගැන සාකච්ඡා කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ සමහර අමැතිවරුන් ඒ ගැන ප්‍රශ්න මතු කරල තියෙනවා. අනෙක් පක්ෂවල ඉන්න මන්ත්‍රීවරුනුත් ඒ ගැන ප්‍රශ්න මතු කරලා තියෙනවා. ඒ ගැන හොඳ සංවාදයක් මතුවෙලා තියෙනවා. ඒක ඉතාම හොඳ දෙයක්. සියලු දෙනාටම පිළිගන්න පුළුවන් ව්‍යවස්ථාවකට අපිට යන්න පුළුවන්.

 


● ප්‍රශ්නය : “මේ ආණ්ඩුව එන්න කලින් කියපුවා කරන්නෙත් නැහැ. දැන් කන්නත් නැහැ.ධ් කියලයි මිනිස්සු  කියන්නේ?
● පිළිතුර :
පහුගිය අයවැයෙන් සහන ගණනාවක් ලබා දුන්නා. ඔව් මම දන්නවා ජීවන වියදම කිසියම් ප්‍රමාණයකින් ඉහළ ගිහින් තියෙනවා. ඒ ගැන මේ රජයේ අවධානය යොමුවෙලා තියෙනවා. ඒවට අනිවාර්යයෙන්ම විසඳුම් ලබා දෙනවා. අපට අවශ්‍ය නෑ රටේ ජනතාව මත බර පටවන්න. රටේ ජනතාවට පුළුවන් තරම් සහන ලබා දෙන්න තමයි ආණ්ඩුවක් විදියට අවශ්‍ය. ටිකක් අමාරු කාලයක් තමයි අපි ගෙවාගෙන ආවේ. ඒ අමාරු කාලය දැන් ගෙවෙමින් තියෙනවා. ජනාධිපතිතුමාටත්, අගමැතිතුමාටත් මුළු ජාත්‍යන්තරයම සහාය පළ කරනවා. සහයෝගය දක්වනවා. ඒ සහයෝගයත් අරගෙන ඔව් අපි අනිවාර්යයෙන්ම මාස 60 න් අලුත් රටක් හදනවා.

m



අදහස් (0)

අපේ බුද්ධි අංශවලට කිසිම බලපෑමක් වෙන්න අපි ඉඩ තියන්නේ නෑ

කුමාරගම Monday, 01 February 2016 04:57 PM

අපිට ඔබ ගැන විශ්වාසයි (නි)

:       0       0

දිල්ශාන් Friday, 05 February 2016 02:11 PM

දැන් බොරු බයිලා කියල මිනිස්සු රවට්ටන්න අමාරුයි. (හේ)

:       0       0

ටෙරන්ස් Monday, 01 February 2016 10:55 AM

ඔබතුමා එඩිතර පුද්ගලයෙක් කියලා අපි දන්නවා (නි)

:       0       0

ශෂික Friday, 05 February 2016 03:00 PM

2001-2004 කොටි සාම ගිවිසුම් කාලේ දිගුදුර විහිදුම් බලකාය මුළුමනින්ම විනාශකර දැම්මා ඔබතුමාට ඇත්තටම අමතකද....? (කෞ)

:       0       0

නන්ද Tuesday, 02 February 2016 12:39 PM

මේ ආණ්ඩුවේ අගමැති කියන්නේ එකක්. ජනාධිපති කියන්නේ තව එකක් කව්රුවත් විශ්වාස නෑ (බ)

:       0       0

කපිල Saturday, 06 February 2016 10:55 AM

ශෂික මේ ගොල්ලන්ට ඒවා අමතක වෙලා නෙමෙයි අපිට අමතක කරවන්න හදනවානේ....(බ)

:       0       0

ටිකිරි Friday, 05 February 2016 07:29 AM

දැන් නොකරනවා කියපු මොනවද නොකර හිටියේ ? කොරනවා කියපු මොනවද කලේ ? වැඩේ වුණාට පස්සේ කියයි මම ඒක කරනවා දන්නේ නැහැ කියලා (ම)

:       0       0

අතුල Thursday, 04 February 2016 09:44 AM

අනේ ඔව් වැඩක් නෑ මහත්තයෝ කියල වැඩක් නෑ! (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 3216 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 367 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1010 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 88 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 178 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 235 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38920 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25519 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 305 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1029 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site