IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


අපි යන්නේ කොයි පාරේ

මෙවර කිවිඳා දැක්ම ලියන්නේ රටේ දේශපාලන තත්ත්වය බරපතළ ආකාරයෙන් වෙනස් වෙමින් තිබෙන අවස්ථාවකය. ආර්ථික අර්බුදයෙන් ආරම්භ වූ මේ අස්ථාවර තත්ත්වය ඉතාමත් විශාල දේශපාලන අරාජිකත්වයක් දක්වා ගමන් කර ඇති බව ඉතාමත් පැහැදිලිය. මේ අර්බුදයේ ගමන් මග පිළිබඳව සාකච්ඡා කරන්නට මේ ලිපියෙන් බලාපොරොත්තු වන්නේ නැත. එහෙත් මෙම අර්බුදය ගමන් කළ හැක්කේ කුමන දිසාවකටද යන කාරණයත් මේ අර්බුදයෙන් ගොඩ ඒමට ගමන් කළ යුත්තේ කුමන දිසාවකටද යන කාරණය සැකෙවින් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙමි.

 

ගෝඨාභයගේ ඉරණම

මෙම අර්බුදයේ එක් බරපතළ කාරණයක් වූයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දේශපාලන ක්‍රියාකාරිත්වයයි. ඔහු ජනාධිපති තනතුරට පත් වූයේ රටේ විශාල ජනතා ප්‍රසාදයකින් බව හැමෝම දන්නා කාරණයක්ය. ඔහුට එවැනි ජනතා සහායක් ලැබුණේ ඔහු විසින් සිදු කරනු ඇතැයි ජනතාව සිතූ බරපතළ ප්‍රතිසංස්කරණ මාලාව නිසා යැයි පැවසීම නිවැරදිය. ගෝඨාභයට ජනතාව කැමැති වූයේ ඔහු රාජපක්ෂ පවුලේ කෙනෙක් වීම නිසා නොව රාජපක්ෂ පවුලේ දේශපාලනය පැරදවිය හැකි කෙනෙක් ලෙස පොදුවේ ජනතාව පිළිගත් නිසා බව මගේ අදහසය. ඔහු රාජපක්ෂ කෙනෙක් වීම වෙනමම කාරණයකි. එහෙත් රටේ මතය වූයේ පවුල් දේශපාලනයෙන් ඉවත් වුණු වෘත්තීයවේදීන් මෙහෙයවන ආණ්ඩුවක් හදන්නට ගෝඨාභයට හැකි වෙන බවයි. එහෙත් ඔහුට කරන්නට නොහැකි වූයේම ජනතාවගේ ඒ බලාපොරොත්තුව යැයි පැවසීම ඉතාමත් නිවැරදිය. ඔහුගේ ජයග්‍රහණයෙන් උද්දාමයට පත් ජනතාව වසර 02 කින් පසුව ගෝඨාභයට ගෙදර යන ලෙස අරගල කරන්නට පැමිණියේ මේ බලාපොරොත්තු කඩවීම නිසාය.

 

එහෙම වුණේ ඇයි?

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලනය අභ්‍යන්තරිකව දුටු අයෙක් ලෙසින් මගේ නිරීක්ෂණය වන්නේ ඔහුගේ දේශපාලනයට මෙවැනි ඉරණමක් අත්වූයේ කරුණු කීපයක් නිසා බවය.

පළමුවෙන්ම එතුමන්ට සහ පවුලේ තවත් බලවත් අයට ජනතාවගේ ප්‍රතිසංස්කරණ අවශ්‍යතාව (reform needs) තේරුණේ නැත. වෙනත් වචනයකින් කිවහොත් 2019 ජනාධිපතිවරණයේ ජනතා සහයෝගයේ මූලික අභිලාෂය වූයේ දේශපාලන සහ ආර්ථික ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමයක් යැයි ඔවුන්ට තේරුණේ නැත. සමහර අය සිතුවේ 2015 නවත්වපු තැනින් ඉදිරියට යාමට 2019 යළිත් බලයක් ලැබුණා වැනි කල්පනාවක්ය. 2019 සිට ඇමැති මණ්ඩලවලට පුද්ගලයන් තෝරා ගත් ආකාරය නිරීක්ෂණය කිරීමෙන් මේ කාරණය ඉතාමත් හොඳින් පැහැදිලි වෙනු ඇත. ඡන්ද දායකයන්ගේ අභිලාෂය සහ ආණ්‍ඩුවේ ක්‍රියාකාරිත්වය අතර නොගැළපීම පටන් ගත්තේ එතැනින්ය.

දෙවැනිව ජනාධිපති ලේකම්වරයාගේ පත් කිරීමේ සිට සමහර නිලධාරීන් පත් කිරීමෙන් පෙන්නුම් කළේද ප්‍රතිසංස්කරණ අභිලාෂය ජයග්‍රහණයෙන් පසුව එතරම් සීරියස් ආකාරයෙන් පිළිගන්නේ නැති බවය.

තුන්වෙනුවට ගෝඨාභය ජනාධිපතිතුමාගේ කඩා වැටීමට බලපාන ලද කාරණය වූයේ 20 වැනි ආණ්‍ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයයි. ඒ ව්‍යවස්ථා සංශෝධනය කරන්නට ගොස් ලබාගත් දේවල්වලට වඩා නැති කරගත් දේවල් ඉතාමත් විශාලය. ගෝඨාභය රාජපක්ෂ බ්‍රෑන්ඩ් එක (Gotabaya Brand) කඩා වැටෙන්නට විශාල හේතුවක් වූයේ මේ ව්‍යවස්ථා සංශෝධනයයි.

සිව්වෙනුව පෙනී යන කාරණය වන්නේ තීන්දු තීරණ ගැනීමේදී පෙන්නුම් කළ අදූරදර්ශීභාවය සහ ඒ වැරදි තීරණ වෙනස් නොකිරීමට තරම් වූ අහංකාර ස්වභාවයයි. පොහොර සම්බන්ධ තීරණය ගුරුවරුන්ගේ වැටුප් සම්බන්ධ තීරණය මුස්ලිම් මෘතදේහ භූමදානය සම්බන්ධ තීරණය, IMF සහාය ලබා නොගැනීම සම්බන්ධ තීරණය වැනි තීරණ රාශියක් පෙන්නුම් කරන්නේ මේ කාරණයයි.

පස්වෙනුව මේ තත්ත්වයට හේතු වූයේ සමහර තාක්ෂණ විෂයන් සම්බන්ධව ඉතාමත් අතාර්කික තීරණ ගැනීම කිසිදු චකිතයක් නොමැතිව සිදු කරන්නට යාම නිසාය. ආර්ථිකය, කෘෂි කර්මාන්තය සහ ඩිජිටල් කටයුතු යන විෂයයන් 03 මේ යුගයේ තිබෙන ඉතාමත් ශක්තිමත් තාක්ෂණික ඥානයක් අවශ්‍ය විෂයන්ය. එහෙත් මේවා පිළිබඳව තීරණ ගන්නේ ඒ විෂයයන් පිළිබඳව කිසිදු පදනම් දැනුමක් සහිත අය නොවීම නිසා සමාජයේ පිළිගත් මතය වූයේ ආණ්‍ඩුව මෝඩයි වැනි අදහසක්ය.

මේ සියලු හේතු නිසා අද සිදුවී තිබෙන්නේ 69 ලක්ෂයේ ජන වරමත්, තුනෙන් දෙකේ පාර්ලිමේන්තු බලයත් සම්පූර්ණයෙන්ම සමාජය නොපිළිගන්නා තත්ත්වයකට පත්වීමය.

 

ප්‍රධාන කලාප තුනක්

මෙම තත්ත්තවය හේතුවෙන් මේ වන විට සමාජයේ බලවේග ප්‍රධාන ධාරා 03 ක් හරහා ගමන් කරමින් තිබෙන බව ඉතාමත් පැහැදිලිය. එයින් එකක් වන්නේ අරගලයේ සිටින ජනතාවයි. (ඒ තුළ විවිධ බෙදීම් තිබෙන බවත් ඉතාමත් පැහැදිලිය. අන්තරය, පෙරටුගාමීන්, ජවිපෙ, සජබ, 43 කණ්ඩායම, කාදිනල් හා ඕමල්පේ හිමිගේ කණ්‍ඩායම, නිර්පාක්ෂික සිවිල් බලවේග ඇතුළු බරපතළ වෙනස්කම් සහිත කාණ්ඩයක් ඒ තුළ සිටී.)

දෙවැනි ධාරාව වන්නේ අරගලයට ඍජුව සම්බන්ධයක් නැති සමහර තැනකින් එයට සම්බන්ධ වෙන එළියේ සිටින ජනතාවයි. ඒ අතර මේ අරගලයට සම්බන්ධයක් නැතත් ආර්ථික දුෂ්කරතා සහ අත්‍යවශ්‍ය දේවල් ලබා ගැනීමට පෝලිම්වල සිටින ජනතාවද සිටින බව පැහැදිලිය. ඔවුන්ගේ බලාපොරොත්තුව ‘ක්‍රමයේ වෙනසක්ද’ යන්න මා දන්නේ නැත. එහෙත් ඔවුන් අතර මේ ක්‍රමය (ධනවාදය, ප්‍රජාතන්ත්‍රවාදය) රැගෙන යා යුතු යැයි සිතන අය බහුතරයක් යැයි මගේ තේරුම් ගැනීමය.

තුන්වෙනුව සිටින ධාරාව වන්නේ පාර්ලිමේන්තුවයි. ඒ තුළ අරගලයේ මතවාද ඍජුවම නියෝජනය වන්නේ නැතැයි සමහරුන් කරන ප්‍රකාශ නිවැරදි බව මගේත් මතයයි. මේ පාර්ලිමේන්තුව එය පත්වන කාලයේ රටේ තිබූ තත්ත්වයට සාපේක්ෂ පාර්ලිමේන්තුවක් බව සැබෑවක්ය. එහෙත් මේ මොහොතේ රටේ තිබෙන තත්ත්වය සමහන් කිරීමට අවශ්‍ය තීරණ ගත හැකි ස්ථානයක් බවට පාර්ලිමේන්තුව පත්විය යුතු බව ඉතාමත් පැහැදිලිය.

 

අපි යන්නේ කොයි පාරේ

පැරණි කොමියුනිස්ට් පක්ෂයේ කියූ සටන් පාඨයක් වන්නේ ‘‘‘අපි යන්නේ කොයි පාරේ අහවලා ගිය පාරේ’’ කියන එකය. 1989 ත්‍රිමාවිතාරණ මරණය රැගෙන ගිය අවමංගල්‍ය පෙරහැරේ කීවේ ‘‘අපි යන්නේ කොයි පාරේ විජේවීර ගිය පාරේ’’ කියාය. ඒ සටන් පාඨය නිසා ඒ කාලයේ ශිෂ්‍ය ව්‍යාපාරයේ විශාල බෙදීමක් ද සිදුවුණු බව සමහරුන් දන්නා කාරණයක්ය. මෙතැනත් පෙනී නොපෙනී යන්නේ මේ සටන් පාඨයට එකිනෙකා විසින් ලබාදෙන පිළිතුරුය.

මේ අරගලයේ සිටින 69 ලක්ෂයේ ඡන්දදායකයන් පෙනී සිටින්නේ ගෝඨාභය නොමැති සහ ප්‍රතිසංස්කරණ වෙනුවෙන් වැඩ කරන පාර්ලිමේන්තු විසඳුමක් වෙනුවෙන් යැයි මගේ සිතීමය.

මේ මතය කිසිදු සහභාගි නිරීක්ෂණයක් මත කියන දෙයක් නොව අදහසක් ලෙසින් පළ කරන දෙයක්ය. ඒ නිසා 69 ලක්ෂයේ අයගෙන් ඇසුවහොත් අපි යන්නේ කොයි පාරේ කියා ඒ අයගේ පිළිතුර සාමාන්‍ය අනාගතය ආරක්ෂා වන ආකාරයේ ගමනක් සහිත පිළිතුරක් විය හැකිය.

දෙවනුව අරගලයේ සිටින 69 ලක්ෂයට අයිති නැති සජබ පාක්ෂිකයන් ඇතුළු අනෙකුත් සමාජ කණ්ඩායම් මේ ප්‍රශ්නයට පිළිතුරු ලෙසින් සිතන්නේ අලුත් ආණ්‍ඩුවක් හදා ගන්නා පාරේ යන බවයි. ඔවුන්ගේ නායකයන් විවිධ අය විය හැකි අතර ඒ විවිධ නායකයන් හරහා වෙළෙඳපොළ රැකෙන නිදහස ආරක්ෂාවෙන ප්‍රජාතන්ත්‍රවාදය ගරුකරන ආණ්‍ඩුවක් නිර්මාණය කර ගැනීම ඔවුන් යන පාර විය හැකිය.

තුන්වෙනුව ජවිපෙ පෙරටුගාමී වැනි නව වාමාංශික බලවේග උනන්දු වෙන බව පෙනෙන්නේ සම්පූර්ණයෙන්ම මේ දේශපාලන ආකෘතිය වෙනස් කිරීමට බව ඉතාමත් පැහැදිලිය. ක්‍රමය පෙරලමු යැයි ඔවුන් කියන්නේ මේ නිසාය. මේ ක්‍රමය තුළ ඇත්තේ වෙළෙඳපොළ මුල් කරගත් ධනවාදයක් සහ ඡන්ද බලය මුල් කරගත් ප්‍රජාතන්ත්‍රවාදයක් යන ප්‍රධාන පදනම් 02 ක් ය. ඒ ක්‍රමය වෙනුවට ඔවුන් යෝජනා කරන ක්‍රමය තවමත් පැහැදිලි නැති වුවත් එහි පදනම විය හැක්කේ මේ පවතින ක්‍රමයට වෙනස් එකක් විය හැකිය.

මේ අරගලයේ ‘‘තොරණේ පිටුපස කතාව’’ වන්නේ මෙම ධාරා 03 ක් අතර තිබෙන සහ සම්බන්ධ ප්‍රතිපක්ෂ තර්කයයි. ඒ කියන්නේ මේ බලවේග අතර එකඟතා සහ එරෙහිවීම් සහිත තත්ත්වයයි. සමහරෙක් යන්නේ පෝලිම් නැති ඉන්ධන තිබෙන ධනවාදී ගමන් මගේය. තවත් සමහරෙක් යන්නේ මේ තිබෙන ප්‍රජාතන්ත්‍රීය ඉඩ තවත් පුළුල් කරන ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී ගමන්මඟේය. තවත් සමහරෙක් යන්නේ මේ ස්ථාවර දෙකින්ම වෙනස් නව ක්‍රමයක් නිර්මාණය කරන ගමන්මඟේය.

මේ අතරින් රට ගමන් කළ යුතු පාර පිළිබඳව බරපතළ සංවාදයකට සමාජය විවෘත වී ඇති බව මගේ නිරීක්ෂණයයි.

(***)


මහාචාර්ය
චරිත හේරත්



අදහස් (0)

අපි යන්නේ කොයි පාරේ

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

උතුර-දකුණ එකට එක්කළ ඡන්දයක්
2024 නොවැම්බර් මස 23 276 2

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව


මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 898 1

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


එලොව පොල් පෙන්වන පොල් මිලේ රහස
2024 නොවැම්බර් මස 21 1403 0

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන


ජයග්‍රහණ ජනසතුවේ අභියෝග
2024 නොවැම්බර් මස 21 213 0

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ


පෙරදිග ධාන්‍යාගාරයේ සහල් අර්බුදය
2024 නොවැම්බර් මස 20 435 1

පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම


ආණ්ඩුවට භාරදූර වගකීමක්
2024 නොවැම්බර් මස 19 600 0

ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 523 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 734 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2057 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site