IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


අභියෝග ජයගත් අයවැයක්

කොරෝනා ව්‍යසනය පැතිරීමට පෙර යුගයේ රජයේ වාර්ෂික අයවැය ලේඛනය ඉදිරිපත් කිරීමේදී සැලකිල්ලට ගතයුතු වූයේ සාර්ව ආර්ථික කලමණාකරණයට අදාළ කරුණු සහ රජයේ ආදායම් - වියදම් තුළනය කිරීමට අදාළ කරුණු පමණකි. එහෙත් වසංගතය ඒ සියල්ල වෙනස් කර ඇත. මහා බලවත් රටවල්, මහා ධනවත් රටවල් සහ ඉහළම තාක්ෂණික දියුණුවක් ඇති රටවල් සිට ඉතාම නොදියුණු සහ දුප්පත් රටවල් දක්වා සියලු‍ම රටවල් කොරෝනා ඉදිරියේ අසරණ වී ඇත.

ආර්ථිකය කඩාවැටී සැපයුම් මාර්ග අවහිර වී මිනිස් සම්බන්ධතා දුරස් වී මරණ බිය, රෝග බිය, අවිනිශ්චිතතාව සහ අනියත බව රජ කරන සමාජයක් බිහි වී ඇත.  එවැනි තත්ත්වයක් තුළ අයවැය යෝජනා සාම්ප්‍රදායික කාර්ය භාරයට අමතරව මහජනතාවගේ ජීවන අපේක්ෂා දැල් විය හැකි අපේක්ෂා භංගත්වයට පත්ව ඇත පිරිස්වලට ජීවයක් ලබාදිය හැකි පරිසරයක් නිර්මාණය කිරීමේ වගකීම ද ඉටු කළ යුතුව ඇත. ඒ අතරම කොරෝනා වසංගතය හමුවේ මුහුණදී සිටින දරුණු ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා අනුගමනය කළ යුතු උපාය මාර්ග මෙන්ම වෙනස් වූ ආර්ථික වට පිටාව හමුවේ රට සංවර්ධනය කරා ගමන් කළ යුතු දිශානතිය පිළිබඳ ප්‍රතිපත්ති රාමුවක්ද ඉදිරිපත් කළ යුතුව ඇත.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් 2022 වර්ෂයට අදාළව ඉදිරිපත් කරන ලද අයවැය ලේඛනය පිළිබඳ විමසා බැලිය යුත්තේ එම කරුණුවලට අදාළව රජයේ උපාය මාර්ග සහ ආර්ථික ප්‍රතිපත්ති කෙසේ සකස් වී ඇත්තේද යන්න පදනම් කරගෙනය. කොරෝනා අර්බුදය හමුවේ ඇතිව තිබෙන ආර්ථික ගැටලු‍වලට පිළියම් යෙදීමේත් ‘සෞභාග්‍යයේ දැක්ම‘ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ එළිදක්වා ඇති ආර්ථික වෙනස්කම්වලට අදාළ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදීත් ශ්‍රී ලංකාව දැනට මුහුණදී සිටින තත්ත්වය පිළිබඳ ඉතා පැහැදිලි විනිශ්‍චයක් අයවැය ලේඛනය ඉදිරිපත් කරමින් මුදල් ඇමතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. අභියෝගයේ ස්වරූපය, එයට මුහුණ දී මේදී රටක් ලෙස  හිමිව තිබෙන ශක්තිය සහ දුර්වලතා පැහැදිලිව විස්තර කළ ඔහු නිෂ්පාදන ආර්ථිකයක් ඇති රටවල් අභියෝග හමුවේ ඒවාට ඔරොත්තු දීමේ හැකියාව ලබාගෙන ඇති ආකාරය පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාව කාලාන්තරයක් තිස්සේ පවත්වාගෙන යනු ලබන්නේ වාණිජ සේවා ආර්ථිකයකි. භාණ්ඩ අපනයනය කර ආනයන මඟින් තම අවශ්‍යතා වැඩි ප්‍රමාණයක් සම්පූර්ණ කරගන්නා සහ ආර්ථිකය තුළ ජාතික ආදායමට සේවා අංශයෙන් වැඩිම දායකත්වයක් ලබාදෙන ආර්ථික ක්‍රමයක් පවත්වා ගෙන යාම තුළ පවතින අස්ථාවරභාවය ඇමැතිවරයා පැහැදිලි කළේය.

එබැවින් පවතින සේවා ආර්ථික ක්‍රමය වෙනුවට නිෂ්පාදන භාණ්ඩ වැඩි වශයෙන් නිෂ්පාදනය කරන නිෂ්පාදන ආර්ථිකයකට පිවිසීමේ අවශ්‍යතාව අවධාරණය කළ අතර එම පරිවර්තනය සඳහා මෙම අයවැය ලේඛනය මගින් ඉඩසලසා දී ඇති බව පැහැදිලි කළේය. මුදල් ඇමතිවරයා විසින් අයවැය ලේඛනය මගින් ප්‍රකාශයට පත් කරන ලද ආර්ථික උපාය මාර්ග පිළිබඳ මෙම වෙනස තුළින් රටේ ආර්ථික ගමන් මඟ පිළිබඳව පැහැදිලි වෙනසකට මුල පුරා ඇති බව සඳහන් කළ යුතුය. එදිනෙදා පරිභෝජනයට අවශ්‍ය භාණ්ඩවල සිට තවත් බොහෝ දේවල් ආනයනය කර ඒවා මගින් තම මූලික අවශ්‍යතා පිරිමසා ගන්නා රටක් බවට ශ්‍රී ලංකාව පත්ව ඇත. අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල ඉහළ යෑම ආදී ගැටලු‍වලට මුහුණදීමට සිදුව ඇත. එවැනි ගැටලු‍ හේතුවෙන් කොරෝනා වසංගතය මගින් පැහැදිලි කර දුන්නේ එවැනි සේවා ආර්ථිකයක් පැවතීම රටකට කොතරම් අස්ථාවරත්වයක් සහ අනාරක්ෂිතභාවයක් ගෙන දෙන්නේද යන්නයි.

එබැවින් පවතින වාණිජ සේවා ආර්ථිකය වෙනුවට දියුණු නිෂ්පාදන ආර්ථිකයක් වෙත පියනැගීම සඳහා අවශ්‍ය උපාය මාර්ගික ප්‍රවේශයක් හඳුන්වාදීමත් ඒ සඳහා අවශ්‍ය යෝජනා අයවැය ලේඛනය මගින් ඉදිරිපත් කිරීමත් හැඳින් විය හැක්කේ නිදහසින් පසු වසර73ක අපේ ආර්ථික ප්‍රතිපත්තියේ දැවැන්ත පරිවර්තනයක් සඳහා මුලපිරීමක් ලෙසිනි.

විනිමය හිඟය, ඒ නිසා ඇතිව තිබෙන භාණ්ඩ හිඟය, ලෝක නිෂ්පාදන සහ සැපයුම් ජාලවල ඇතිව තිබෙන අර්බුදය හේතුවෙන් අප ආනයනය කරන භාණ්ඩවල මිල ගණන් වේගයෙන් ඉහළයාම වැනි ප්‍රශ්නවලට ක්ෂණික විසඳුමක් නැත. සංචාරක අංශයේ බිඳවැටීම, විදේශ ශ්‍රමිකයන් විසින් එවනු ලබන ප්‍රලේෂණ පහළයාම, සෘජු ආයෝජන ප්‍රමාණය පහළ යාම වැනි ප්‍රශ්නවලට විසඳුම් ලබාදිය හැක්කේ ඉතා ඉක්මනින් ජනජීවිතය යථාතත්ත්වයට පත්කර ගැනීමෙන් සහ ආර්ථිකය තුළ නිෂ්පාදන සහ සේවා කටයුතු යථාතත්ත්වයට පත්කර ගැනීම තුළින් පමණි.

ආර්ථිකයේ බොහෝ අංශවලට තවමත් පෙර පැවැති තත්ත්වයට පැමිණීමට නොහැකි වී ඇත්තේ කොරෝනා අර්බුදය හමුවේ එම අංශවලට එල්ල වූ පීඩනයෙන් ගොඩ ඒමට ඒවාට නොහැකි වී ඇති බැවිනි.

ආර්ථිකය යථාතත්ත්වයට ගෙන ඒම සඳහා යෝජනා ඉදිරිපත් කරමින් මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා කඩල, බුලත්විට, වඬේ, තැඹිලි අලෙවි කරන අයගේ පටන් සුළු සහ මධ්‍යම පරිමාණ අංශයේ ව්‍යවසායකයන් දක්වා පිරිස් කොරෝනා හමුවේ අර්බුදයට ලක්වී ඇති ආකාරය විස්තර කළේය. එබැවින් එවැනි අය, පාසල් වෑන් රථ හිමිකරුවන් මෙන්ම, පුද්ගලික බස් රථ සේවාව, ත්‍රීරෝද රථ සේවාව තුළ ද කලා නිර්මාණ අංශවල සහ උත්සව සංවිධාන කටයුතුවල නියැළෙන අය වැනි සියලු‍ දෙනාට සහන සැලසීම සඳහා ඒ ඒ අංශවලට වෙන වෙනම අරමුදල් වෙන්කිරීමට අයවැය යෝජනා මගින් ඉඩ සලසා තිබේ. ඒ හේතුවෙන් එම අංශ යළි නගා සිටුවීම සඳහා ඉඩ ලැබෙනු ඇත.

මන්ත්‍රීවරුන්ගේ ඉන්ධන දීමනාව අඩුකිරීම, රජයේ නව කාර්යාල ගොඩනැගිලි ඉදිකිරීම නතර කිරීම, අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ රාජ්‍ය ආයතනවල අතිරේක ප්‍රතිපාදන සඳහා ඉඩනොතැබීම, මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අයිතිය සඳහා වසර10ක් අවශ්‍යවීම, ආදිය රාජ්‍ය අංශයේ මූල්‍ය විනයක් සහ පාලනයක් ඇති කිරීම සඳහා හඳුන්වා දුන් පියවර ලෙස හැඳින් විය හැකිය.

ඒ ආකාරයට ඇතැම් වියදම් සීමාකරන අතර ජනතාවගේ ජීවන මට්ටම සුරක්ෂිත කරලීම සඳහාත් ඔවුන්ට සහන ලබාදීම සඳහාත් අලු‍ත් යෝජනා හඳුන්වා දී ඇත. ගැබිනි මව්වරුන් සඳහා වූ සහන මල්ල නැවත හඳුන්වා දීම සහ එය මාස විසිහතරක් දක්වා දිගුකිරීම, දිළිඳු පිරිස් සඳහා සහන මල්ලක් හඳුන්වාදීම වැනි යෝජනා රැසක් අයවැය ලේඛනයේ අඩංගුව පවතී. ඇතැම් වියදම් සීමාකරන අතරම ආර්ථීක අර්බුදයක් පවතිද්දී වුවද සමාජ සුබසාධනය ඉහළ නැංවීම සඳහා ඒ ආකාරයෙන් යෝජනා ඉදිරිපත් කිරීම තුළින් පැහැදිලි වන්නේ අතිශය දුෂ්කර තත්ත්වයකට මුහුණ දී සිටියදී වුවද සහන ලබාදිය යුතු පිරිස් පිළිබඳව අවධානය යොමු කර ඇති බවයි.

ආර්ථිකය මුහුණ දී සිටින සහ මහජනතාව මුහුණදී සිටින දුෂ්කරතාවලට සහ පීඩනවලට ඔරොත්තු දීම සඳහා එවැනි යෝජනා ඉදිරිපත් කිරීම මගින් කොරෝනා වසංගතය හේතුවෙන් බොහෝ දෙනකු මුහුණදී සිටින ආර්ථික ගැටලු‍වලට සැලකිය යුතු විසඳුමක් ලබාදී ඇති බව පැහැදිලිය. ඒ අතරම එවැනි තත්ත්වයක් යටතේ අපේක්ෂාභංගත්වයට මුහුණ දී සිටි අවිනිශ්චිතතාවකට සහ දැඩි පීඩනයකට ගොදුරු වී සිටි බොහෝ පිරිසකට තම ජීවිත යළි ගොඩනංවා ගැනීම සඳහා අවම අවස්ථාව සැලසෙනු ඇත.

කෙටි කාලීන උපාය මාර්ග ලෙස එවැනි පියවර අනුගමනය කර ඇති අතර මැදිකාලීන සහ දිගුකාලීන උපාය මාර්ග වැඩි වශයෙන්ම යොමු වී ඇත්තේ දියුණු නිෂ්පාදන ආර්ථිකයක් බවට පරිවර්තනයවීම සඳහා අවශ්‍ය ක්‍රමෝපායයන් හඳුන්වා දීමට බව පෙනී යයි.  කෘෂිකාර්මික අංශය, කාර්මික අංශය, ධීවර අංශය, වැවිලි අංශය, සුළු අපනයන බෝග අංශය, සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදන අංශ ගැන පමණක් නොව පාරම්පරික නිෂ්පාදන අංශ ද ඇතුළත් වන සේ එම උපාය මාර්ග අයවැය ලේඛනය මගින් එළිදක්වා ඇත.

කෘෂිකාර්මික, කාර්මික සහ සේවා අංශවල සංවර්ධනය සඳහා මූලික වශයෙන්ම වැදගත් වන්නේ තාක්ෂණික සහ උසස් නිෂ්පාදන ක්‍රම යොදා ගැනීම බව යළි යළිත් අවධාරණය කර ඇති අතර එම අංශවල සංවර්ධනය සඳහාත් නව තාක්ෂණය යොදා ගැනීම සඳහාත් නවෝත්පාදන සඳහාත් අරමුදල් වෙන් කර ඇත.

රාජ්‍ය අංශයේ වියදම් වැඩිවීම සඳහා මෙන්ම ආර්ථික සංවර්ධනය වෙනුවෙන් යෙද විය හැකි මූල්‍ය සම්පත් නාස්තිවීම සඳහාත් ඇතැම් රාජ්‍ය ව්‍යවසාය හේතු වී ඇත. මෙවැනි ආයතන විධිමත් අයුරින් කළමණාකරණය කිරීම සඳහා නිශ්චිත වැඩපිළිවෙළක් අයවැය ලේඛනය මගින් ඉදිරිපත් කර ඇති අතර ඉදිරියේදී රටට මෙන්ම ආර්ථිකයටද බරක් නොවන අයුරින් ඒවා හැඩගස්වා ගැනීම සඳහා එමගින් අවස්ථාව සැලසෙනු ඇත.

සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය සකස් කිරීම සඳහා රටපුරා ග්‍රාමීය ජනතාවගේ අදහස් ලබාගැනීම සඳහා ජනාධිපතිවරණයට පෙර ගම සමඟ  පිළිසඳරක් වැඩසටහන් යටතේ ග්‍රාමීය ජනහමු පවත්වන ලදී. මෙවර අයවැය සකස් කිරීම සඳහා ද නැවත වරක් ඒ ආකාරයටම සියලු‍ම ග්‍රාම සේවා කොට්ඨාසවල මහජනතාව හමු වී සංවාද පවත්වන ලදී. ඒ අනුව සකස් කරන ලද වැඩපිළිවෙළ මෙවර අයවැය ලේඛනයට ඇතුළත් කර තිබේ. රටපුරා ග්‍රාම සේවා කොට්ඨාශ14,000කට වැඩි ප්‍රමාණයක් ඇති අතර ඒ සෑම කොට්ඨාසයකටම රුපියල් තිස් ලක්ෂයක් බැගින් වෙන්කර ඇත. ප්‍රාදේශීය සභා ඡන්ද කොට්ඨාස 4417සඳහා එකකට රුපියල් ලක්ෂ හතලිහ බැගින් වෙන්කර ඇත. සියලු‍ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මේ දක්වා ලැබුණු විමධ්‍යගත අරමුදලට අමතරව තවත් ලක්ෂ පනහක් බැගින් ලබා දී ඇත.

සෑම ගමකටම නිවාස වැඩසටහනක් ද කාන්තා ව්‍යවසායක වැඩසටහනක් ද වෙනුවෙන් මුදල් වෙන් කර තිබේ. ග්‍රාමීය සංවර්ධනය සඳහා වෙන්කර ඇති මුදල් ප්‍රමාණය රුපියල් මිලියන 85,000ක් වේ. මුදල් ඇමැතිවරයා විසින්ම සඳහන් කර ඇති පරිදි ඉතිහාසය තුළ ග්‍රාමීය සංවර්ධනය සඳහා මෙපමණ මුදල් ප්‍රමාණයක් වෙන්කර ඇති ප්‍රථම අවස්ථාව මෙයයි. ඒ අතරම පුනර්ජනනීය බලශක්තිය දියුණු කිරීම, ජල සැපයුම් සංවර්ධනය සහ ජාතික පාසල් 1000ක් වැනි ව්‍යාපෘති සඳහා ද මුදල් වෙන්කර තිබේ. ග්‍රාමීය ප්‍රදේශ වැඩි දියුණු කර ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීම මගින් ග්‍රාමීය අංශයේ විශාල වෙනසකට ඉඩ සලසා ඇති ආකාරය දැකගත හැකිය.

රට දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින අවස්ථාවක ආර්ථික සංවර්ධනය සඳහාත් මහජනතාවගේ සුබ සාධනය සඳහාත් මේ ආකාරයේ දැක්මක් සහිත අයවැය ලේඛනයක් ඉදිරිපත් කිරීම තුළින් අර්බුදය ජයගෙන රට සංවර්ධනය කරා යොමු කිරීමේ රජයේ අභිලාෂය සහ එයට ඇති කැපවීම පැහැදිලි වේ. කෙසේ වුවද විශේෂත්වය වන්නේ පොදු මහජනතාවට බරක් නොවන ආකාරයෙන් ඒ සඳහා මුදල් සොයා ගැනීමට කටයුතු කර තිබීමයි. රුපියල් මිලියන 2000ට වඩා ලාභ ලබන සමාගම්වලින් අය කරන බදු ප්‍රමාණය ඉහළ දමා ඇත. බැංකු සහ මූල්‍ය ආයතනවලට අදාළ වැට් බදු ප්‍රමාණය සියයට 3 කින් ඉහළ දමා ඇති නමුත් එය පාරිභෝගිකයාගෙන්  අයකරගැනීමට නොහැකි බව දක්වා ඇත. දුම්වැටි සහ මත්පැන්වල බදු ප්‍රමාණය ඉහළ දමා ඇත. රට මුහුණ දී සිටින ආර්ථික අර්බුදය හමුවේ බොහෝ දෙනෙකු සිතුවේ රජයේ බදු ප්‍රමාණය ඉහළ දමා දැඩි බදු ක්‍රමයක් හඳුන්වා දෙනු ඇති බවය. එහෙත් පොදු මහජනතාවට බලනොපාන බදු සංශෝධන ඔස්සේ රජයේ ආදායම වැඩි කර ගැනීමට කටයුතු කර තිබීම විශේෂත්වයක් ලෙස සැලකිය හැකිය.

රජයේ සේවකයන්ට සහ  වැඩකරන ජනතාවට මෙම අයවැයෙන් කිසිදු සහනයක් සලසා නැති බවට ඇතැම් අය චෝදනා නගන බව පෙනේ. බොහෝ රටවල අතිවිශාල සේවකයන් පිරිසකට කොරෝනා වසංගතය හේතුවෙන් රැකියා අහිමි වී ඇත. එවැනි තත්ත්වයකට ශ්‍රී ලංකාවේ වැඩ කරන ජනතාවට මුහුණ දීමට සිදු වී නැත. පසුගියදා රජය පුද්ගලික අංශයේ සේවකයන්ගේ විශ්‍රාම වයස අවුරුදු 60 දක්වා ඉහළ නැංවූයේය.  මෙම අයවැය ලේඛනයෙන් රජයේ සේවකයන්ගේ ද විශ්‍රාම වයස අවුරුදු 65 දක්වා ඉහළ නංවා ඇත. ගුරු විදුහල්පති වැටුප් වැඩි කිරීම සඳහා රුපියල්  මිලියන 31000ක් වැඩිපුර වෙන් කර තිබේ.
2021 වසරේ දී අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 11.1ක මට්ටමකට පත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. එය සාමාන්‍ය තත්ත්වයක දී හොඳ මට්ටමක් ලෙස සැලකිය නොහැක. එසේ වුවද කොරෝනා වසංගතය හමුවේ සෑම රටක්ම පාහේ අයවැය හිඟය සාමාන්‍ය කාල පරිච්ඡේදයක දී පැවති තත්ත්වයට වඩා ඉහළ ගොස් ඇත. 2022 අයවැය මගින් අයවැය හිඟය සියයට 8.8ක් දක්වා අඩු කිරීමට සැලසුම් කර ඇත.

කොරෝනා වසංගතය හමුවේ රට මුහුණදී සිටින ආර්ථික අර්බුදයට විසඳුම් දීමටත් මහජනතාවගේ ආර්ථික පීඩනය අවම කිරීමටත් කටයුතු කරන අතරම රට දියුණු නිෂ්පාදන ආර්ථික ක්‍රමයකට පරිවර්තනය කිරීම 2022 අයවැය ලේඛනයේ මූලික අරමුණ වී ඇත.

මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා සියලු‍ අභියෝග ආක්‍රමණය කළ හැකි ශක්තියක් රජයටත් මහජනතාවටත් ඇති බව ප්‍රකාශ කළේය. අයවැය ලේඛනයේ යෝජනා නිසි පරිදි ක්‍රියාත්මක කිරීම මගින් අභියෝග අතික්‍රමණය කිරීමට රටට හැකියාව ලැබෙනු ඇත.

(*** මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර විසිනි)



අදහස් (2)

අභියෝග ජයගත් අයවැයක්

lanka Tuesday, 16 November 2021 09:30 AM

"එහෙත් වසංගතය ඒ සියල්ල වෙනස් කර ඇත. මහා බලවත් රටවල්, මහා ධනවත් රටවල් සහ ඉහළම තාක්ෂණික දියුණුවක් ඇති රටවල් සිට ඉතාම නොදියුණු සහ දුප්පත් රටවල් දක්වා සියලු‍ම රටවල් කොරෝනා ඉදිරියේ අසරණ වී ඇත." මේක බොරුවක්. ලෝකයේ කිසිම රටක් කොරෝනා හින්දා අසරණ උනේ නැහැ එහෙම උනා නම් බංගලාදේශය වැනි තුන්වන ලෝකයේ රටක් වෙන රටකට ණය දෙන්න තරම් ආර්ථික ශක්තියක් තියෙන්න විදිහක් නැහැ. GDP Annual Growth Rate එක බලන්න ලෝකයේ බොහෝ රටවල් වල (89%) වර්ධනයක් තමයි පෙන්නුම් කරන්නේ.

:       0       2

chandima Thursday, 18 November 2021 10:21 PM

අමාරුවෙන් වචන ටික ගලපලා කියාගත්තු එකම මොන තරම් අභියෝගයක්ද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ආර්ථිකයේ අයි.එම්.එෆ්. සාධකය
2024 නොවැම්බර් මස 26 34 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය


උතුර-දකුණ එකට එක්කළ ඡන්දයක්
2024 නොවැම්බර් මස 23 385 2

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව


මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 992 1

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


එලොව පොල් පෙන්වන පොල් මිලේ රහස
2024 නොවැම්බර් මස 21 1487 0

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන


ජයග්‍රහණ ජනසතුවේ අභියෝග
2024 නොවැම්බර් මස 21 239 0

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ


පෙරදිග ධාන්‍යාගාරයේ සහල් අර්බුදය
2024 නොවැම්බර් මස 20 452 1

පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 545 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 745 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2084 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site