1948 දී ඇරඹුණු ගල්ඔය සංවර්ධන මණ්ඩලය මගින් ගල්ඔය සංවර්ධන ව්‍යාපාරය ඇතිකර ගල්ඔය නිම්නය සංවර්ධනය කළේය. එම දැවැන්ත සංවර්ධන යෝජනා ක‍්‍රමය මගින් අම්පාර නම් වූ ප‍්‍රධාන නව නගරයක් ද බිහි කළේය. එකී ගල්ඔය සංවර්ධනයේ දැවැන්තම සංවර්ධනය සිදු වූයේ 2013 ”දැයට කිරුළ” වැඩසටහන මගිනි. ඒ බව අම්පාරේ මෙන්ම අම්පාර නගරයට පිටතින් පැමිණෙන අයට ද ප‍්‍රායෝගිකව දැක බලා ගත හැකි විය.
මෙවර දැයට කිරුළ සංවර්ධන සංග‍්‍රාමය මෙන්ම දින 07ක් පුරා පැවැත්වුණු දැයට කිරුළ අධ්‍යාපනික සහ වෙළෙඳ ප‍්‍රදර්ශනය පක්ෂ විපක්ෂ බොහෝ දෙනකුගේ ප‍්‍රශංසාවට භාජනය වූ බව සැබෑවකි. මාස ගණනාවක් තිස්සේ අම්පාර නගරයේත්, ප‍්‍රදර්ශනය පැවැත්වුණු හාඩි ආයතන පරිශ‍්‍රය තුළත් සිදුවූ අති දැවැන්ත භෞතික සංවර්ධනය සැබැවින්ම විස්මයකි. මේ දැයට කිරුළ සමස්ත සංවර්ධන ආයෝජනය රුපියල් මිලියන 60,000කි. මෙය තුළ ප‍්‍රදර්ශනයට වැය වූ මුදල් ද ඇතුළත් ය.
මීට මාස ගණනකට පෙර අම්පාර නගරයට ගිය කෙනකු අද එහි ගියේ නම් නගරයේ පරිවර්තනය සිදුවී ඇති ආකාරය අදහාගත නොහැකි බව අතිශයෝක්තියක් නොවේ.
නගරයේ ප‍්‍රධාන වීදිය වූ ඞී.එස්. සේනානායක වීදිය දෙපසට මංතීරු දෙක බැගින් වන සේ සකස් කර කාපට් අතුරා ඇත. මාර්ගය බෙදෙන තීරුව මල් සහ ගස්වලින් අලංකරණය කර නවීන වීථි ලාම්පු යොදා සකසා ඇත. නගරයේ සියලූම ප‍්‍රධාන මාර්ග කාපට් කර ඇති අතර ප‍්‍රදේශයේ සෞඛ්‍ය ආයතන, අධ්‍යාපන ආයතන ඇතුළු නොයෙකුත් අංශ දැයට කිරුළ මගින් සංවර්ධනය කර ඇත. මෙම සංවර්ධන වැඩපිළිවෙළට අමතරව දැයට කිරුළ අධ්‍යාපනික සහ වෙළෙඳ ප‍්‍රදර්ශනය මගින් ලංකාවේ සිව්දිග ජනතාව අතිමහත් වින්දනයක් ලැබුවේය. තිස් වසරක කුරිරු යුද්ධය නිසා උපන්බිමේ අනාථයන් බඳුව සිටි නැගෙනහිර ජනතාවට දැයට කිරුළ සැබවින්ම ඔවුන්ගේ හිස මත තැබූ කිරුළකි.
ඉකුත් 23 දා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් නිල වශයෙන් ”දැයට කිරුළ” අධ්‍යාපනික සහ වෙළෙඳ ප‍්‍රදර්ශනය විවෘත කරන ලද්දේ අතිමහත් ජනතාවකගේ ප‍්‍රකට සිනා මධ්‍යයේය. මෙහි ජනප‍්‍රියත්වය කොතෙක්දයත් ඉකුත් බදාදා සවස්භාගය වන විට ”දැයට කිරුළ” නැරඹීමට පැමිණි ජන සංඛ්‍යාව දොළොස් ලක්ෂය ද ඉක්මවා තිබුණි. ඒ එහි පස්වැනි දිනයයි.එදින ”දැයට කිරුළ” භූමියේ දී ”ඉරිදා ලංකාදීප”යට කීපදෙනකු අදහස් දැක්වූයේ මෙසේය.
දෙහිඅත්තකණ්ඩියේ එච්.එම්. සරත් කුමාර මහතා (42):
”ඇත්තෙන්ම සමස්තයක් වශයෙන් ගත්තහම දැයට කිරුළ වැඩසටහන අපටත් රටටත් වටිනවා. අම්පාර නගරය මුළුමනින්ම සංවර්ධනය වෙලා තියෙන්නේ. තවත් අවුරුදු ගණනකින්වත් සිදුවෙයි කියලා නොහිතපු සංවර්ධනයක් තමයි අද මේ සිද්ධ වෙලා තියෙන්නේ. මා ගොවිතැන් කරන ගොවියෙක් විදිහට ගොවිතැන පිළිබඳව අලූත් දේවල් ඉගෙන ගත්තා. මම මේ ප‍්‍රදර්ශනයේ වැඩියෙන්ම කැමති කෘෂි අංශ මගින් සකස් කරලා තිබුණු කෘෂිකාර්මික භූමියට. අප පාන්දර 4ට විතර දෙහිඅත්තකණ්ඩියෙන් ආවේ. කෑමත් ඔතාගෙන පවුලේ අයත් එක්ක වෑන් එකක් හයර් කරගෙන ආවේ. අපට කිසිම මහන්සියක් නෑ. මේ වැඩපිළිවෙළ ඉතාම හොඳයි. රටට සංවර්ධනය වගේම අපේ හිත්වලට ලොකු සතුටක් ලැබුණා.
මංගලගම ඞී.එම්. ඥානවතී මහත්මිය (49) :
”යුද්ධය නිමා කරපු ජනාධිපතිතුමාට බුදුබව අත්වෙන්න ඕනෑ. මගේ මහත්තයා ග‍්‍රාමාරක්ෂක සේවයේ ඉද්දි 1998 දී කොටි ගහලා මැරුණා. මට ළමයි 04 දෙනෙක් ඉන්නවා. අද මේ විදිහට අපේ පළාත් සංවර්ධනය වෙන්නේ, මේ විදිහට මිනිස්සු සතුටින් නිදහසින් කාලේ ගෙවන්නේ ඒ නිසයි. මම ඉතාම කැමැත්තෙන් නරඹපු තැන් තමයි ත‍්‍රිවිධ හමුදාවේ, පොලීසියේ සහ සිවිල් ආරක්ෂක බළකායේ ප‍්‍රදර්ශන ස්ථාන. අපට ඒ ස්ථානවල තිබුණු දේවල් මේ වගේ ප‍්‍රදර්ශනයකින් ඇර කවමදාවත් දකින්න ලැබෙන්නේ නෑ.
උහන දිවුලාන විදුහලේ හතර වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන නිම්නා සත්සරණි වික‍්‍රමසිංහ දැරිය.
”දැයට කිරුළ හරිම ලස්සනයි. හමුදාවේ මාමලාගේ වැඩ ආසාවෙන් බැලූවා. ආයෙත් තිබුණොත් ආයෙත් බලන්න එනවා.
බදුල්ලේ සිට පැමිණි අසේල නිශාන්ත රත්නායක මහතා (34):
”අපටත් වඩා මේවා වටින්නේ අනාගත පරපුරට. දැයට කිරුළ මගින් විශාල සංවර්ධනයක් වෙනවා. විශේෂයෙන් මෙවැනි අධ්‍යාපනික වෙළෙඳ ප‍්‍රදර්ශන පාසල් සිසු සිසුවියන්ට ඉතාම වැදගත්. නමුත් බුත්තල දැයට කිරුළ සමග සසඳා බලද්දි පාසල් සිසු සිසුවියන්ගේ සහභාගිත්වය මදි කියලයි මට හිතෙන්නේ. කොහොම නමුත් ජනාධිපතිතුමාගේ මේ වැඩපිළිවෙල ඉතාම සාර්ථකයි.
වැලිමඩ සිට පැමිණ සිටි ඊ.එම්. ලසන්ති නිරෝෂනී මෙනෙවිය (17) :
”අපේ අධ්‍යාපන කටයුතුවලට ගොඩාක් වැදගත් දේවල් තිබුණා. මම අනුරාධපුරයේ තිබුණු දැයට කිරුළ බලන්නත් ගියා. අපේ රණවිරුවන්ගේ කැපවීම් කොච්චර ද කියලා දැනගන්න ලැබුණා. ඒ වගේම මාධ්‍ය කලාපයත් ඉතාම හොඳයි. ඒ ස්ථානත් බොහොම ආසාවෙන් නැරඹුවා. 1996 දී අපේ තාත්තා යුද්දේ නිසා නැතිවුණා. තාත්තා පොලිස් සේවයේ හිටියේ. අද අපට මේ විදිහට නිදහසේ ජීවත් වෙන්න ඉඩ සලසපු රණවිරුවන්ගේ වැඩසටහන් ගොඩාක් නැරඹුවා. අපි මේ ප‍්‍රදර්ශනය නරඹන දෙවැනි දවස.
දැයට කිරුළ ප‍්‍රදර්ශන භූමිය අක්කර 130ක් පුරා පැතිර පැවති සුවිසල් ප‍්‍රදේශයක් විය. එක් දිනකින් මෙය නරඹා අවසන් කිරීමට නොහැකි වූ බොහෝදෙනා තවත් දින කීපයක් ප‍්‍රදර්ශන භූමියට පැමිණියහ. අමාත්‍යංශ 54ක ප‍්‍රදර්ශන කුටි 300කට අධික ප‍්‍රමාණයක් මේ භූමියේ වූ අතර බොහෝ දෙනාගේ නෙත් සිත් ඇදී ගියේ ත‍්‍රිවිධ හමුදාවේ, පොලීසියේ සහ සිවිල් ආරක්ෂක බළකායේ ප‍්‍රදර්ශනකුටි වෙතටයි. ඒ හැරුණු විට තරුණ තරුණියෝ බොහෝදෙනකු මාධ්‍ය කලාපයට ආකර්ෂණය විය. ජනාධිපති ලේකම් කාර්යාලීය මේ ප‍්‍රදර්ශන ගොඩනැගිල්ලේ බිම් මහලේම ජනාධිපතිතුමා ඇතුළු දේශපාලනඥයන්ගේ ඡායාරූප ප‍්‍රදර්ශනය නැරඹීමට බොහෝදෙනා උනන්දු වූහ. පුංචි කෝච්චියේ ගමන ද ලොකු කුඩා කාටත් එකසේ වින්දනයක් ගෙන දුන්නේය. මෙවැනි බොහෝ ප‍්‍රදර්ශන කුටි නැරඹීමෙන් වින්දනයක් මෙන්ම අධ්‍යාපනික දැනුමක් ද ලබා ගැනීමට බොහෝදෙනාට හැකි විය.
හාඩි ආයතනීය පරිශ‍්‍රය තුළ නව ස්ථිර ගොඩනැගිලි රැසක්ම ඉදිවී ඇති නිසා අනාගතයේ දී මෙය විශ්වවිද්‍යාලයක් බවට පත් කිරීමට වුවද අවශ්‍ය වටපිටාව සැකසී තිබේ.
දැයට කිරුළ විවෘත කරමින් කතා කළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ දැයට කිරුළ හුදෙක් සැණකෙළියක් නොවන බවයි. ඒ බව යළි ඇස් පනාපිටම දැක ගත හැකි බවද එතුමා සඳහන් කළේය. සැබවින්ම භෞතික සංවර්ධන කටයුතුවල දී යම් යම් අඩුලූහුඬුකම් තිබුණ ද දැයට කිරුළ අම්පාරට ගෙන දුන්නේ ඉමහත් ආලෝකයකි. නැගෙනහිරුන්ගේ ආශ්චර්ය තුළින් අම්පාර ප‍්‍රභාමත් වූයේය. මේ සුවිසල් සංවර්ධනය අනාගතය වෙනුවෙන් රැුක ගැනීම සැමගේ යුතුකමකි.
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අම්පාරේ දැයට කිරුළ
ලලිත් සෞදි සිට Wednesday, 03 April 2013 12:31 AM
දයට කිරුළෙන් පරම්පරා කීපයකටම කිරුළු දාගත් කීදෙනෙක් ඇත්ද? (ස)
බණ්ඩාර Wednesday, 03 April 2013 11:56 AM
හොද වැඩක් විදිහටයි මම දකින්නේ (දී)
යොහාන් Wednesday, 03 April 2013 05:01 PM
ඒ දිනවල අරයගෙ උදා ගම්වලත් හුගක් ඔය කිරුල පැලැන්දුවා.(නදී)
සිසිර Monday, 01 April 2013 02:30 AM
අචිනි, ඔයා එන්න. මම වියදම ගෙවන්නම්. (නි)
ඩොනල්ඩ් Wednesday, 03 April 2013 11:56 PM
ඒ වුණාට කියන්නේ නම් ලංකාවේ නුපන් එකාගේ ඉදලා ණයකාරයෝ කියලා.අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)
ඩොනල්ඩ් Thursday, 04 April 2013 12:03 AM
එහෙනම් ඔය සමහරු කියන්නේ ලංකාවේ නුපන් එකාගේ ඉදලා ණයකාරයෝ කියලා? (නි)
දිසා Monday, 01 April 2013 03:31 AM
අචිනිට ඔළුවක් කියලා දෙයක් නැහැ වගේ. (නි)
දිසා Monday, 01 April 2013 03:31 AM
අපි මේක ඉවරවෙලා තව මාස පහ හයකින් විතර මේ පැත්තේ ඇවිල්ලා බලමුකෝ. (නි)
ජෝයි Sunday, 31 March 2013 04:26 PM
වමට ගැහැලි එහෙම තියෙනවද?(නදී)
ප්‍රසාද් Monday, 01 April 2013 12:33 PM
නගර හදන එක හොඳයි... මේ ප්‍රදර්ශනය නම් බොරු වැඩක්. නිකන් සල්ලි නාස්ති කිරීමක් විතරයි.. අයියෝ සල්ලි (ස)
සුදේශ් Wednesday, 03 April 2013 02:04 PM
ව්ශාල පිරිසක් ආවා බලන්න (දී)
ප්‍රියා Monday, 01 April 2013 09:03 AM
අපි මේක ඉවර වුණාට පස්සේ ගෑස්, පෙට්‍රෝල් එහෙමත් වැඩිකරමු. (නි)
අචිනි Sunday, 31 March 2013 07:03 PM
අනේ මන්දා මේ කිරුළට යන වියදමත් ගෙවන්න ඕනේ අසරණ අපිම නේද ? (ස)
සරත් Sunday, 07 April 2013 09:51 PM
පිට ඔපේට හොදයි කියන කට්ටියට කියන්නේ, පොඩ්ඩක් ගිය අවුරුද්දෙ මහවිලච්චිය ඔයාමඩුවට ගිහිල්ලා බලන්න මොකද ඒ ප්‍රදේශයට වෙලා තියන හදිය කියලා. ගුවන්යානයක් තවමත් පැලවෙනවා. (නි)
කමල් Sunday, 07 April 2013 09:54 PM
නිදානේ කොතනද කිරුල එතන.(නදී)