නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනකු එල්ල කළ වෙඩි පහර කීපයකින් අම්බලන්ගොඩ යළි භීතියට පත්ව තිබේ. මෙම වෙඩි පහරට ඉලක්ක වූයේ නගරයේ සිටි ප්‍රකට ව්‍යාපාරිකයකුය. ඔහු නගරයේ ප්‍රධාන වෙළෙඳ ආයතන කීපයක් වූ සුමනදාස සහ පුත්‍රයෝ, බවානි කර්මාන්ත ආයතනය, සුමනදාස ෆුඞ් සෙන්ටර් අධිපති හැළඹගේ ප්‍රේමසිරි නම් කෝටිපති ව්‍යාපාරිකයෙකි. එසේම හෙතෙම ගාල්ල දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ සභාපතිවරයා ද වේ.
මේ වසර තුළ අම්බලන්ගොඩ පොලිස් වසමේ මනුෂ්‍ය ඝාතන හතරක් වාර්තාවුණ අතර ඉන් තිදෙනකුම අම්බලන්ගොඩ නගරයේ ප්‍රසිද්ධ කෝටිපති ව්‍යාපාරිකයන් තිදෙනකු වීම කැපී පෙනෙන සිද්ධියකි.
ව්‍යාපාරික හැළඹගේ ප්‍රේමසිරි මහතා 53 හැවිරිදි තිදරු පියෙකි. පුතුන් තිදෙනකුගේ පියකු වූ පේමසිරිට සහෝදරයන් තිදෙනෙකු හා සහෝදරියන් දෙදෙනෙකි. ප්‍රේමසිරිගේ සහෝදරයකු වූ ධම්මික ද ව්‍යාපාරිකයෙකි. අම්බලන්ගොඩ නගරයේදීම ධම්මික මරාදැමුවේ මීට වසර කිහිපයකට ඉහතිනි.
අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලෙන් අධ්‍යාපනය ලබා වයස් කාණ්ඩ කීපයකම ක්‍රිකට් කණ්ඩායම්වල ක්‍රීඩා කළ ප්‍රේමසිරි ක්‍රිකට් ක්‍රීඩාවේ සැබෑ දක්ෂයෙකි. නමක් දිනා සිටි අයෙකි. ගාල්ල දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ සභාපති ධුරය වසර දහයක් පමණ ඉසිලූ ප්‍රේමසිරි දකුණු පළාත් ක්‍රිකට් කණ්ඩායමේ මෙන්ම ක්‍රිකට් සංගමයේද නායකත්වය දැරුවේය. එසේම ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් -ඒ” කණ්ඩායමට ද ක්‍රීඩා කළේ ඔහු සතු දක්ෂතා විදහා දක්වමිනි.
පසුගියදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබූ ගාල්ල දිස්ත්‍රික් ක්‍රිකට් නිලවරණයට ක්‍රිකට් බලධාරීන් තහංචි දමා තිබුණි. ප්‍රේමසිරි ඇතුළු පිරිසට ක්‍රිකට් ක්‍රීඩාංගණයට ඇතුළුවීමට පවා අවසර නොලැබීම නිසා ක්‍රීඩාංගණය ඉදිරිපසදී නිලවරණය පැවැත්වීමට ඔවුනට සිදුවිය.
එහිදී නැවතත් ගාල්ල ක්‍රිකට් සභාපති ධුරය ප්‍රේමසිරිට හිමිවිය. මෙම තීරණයට එකඟ නොවූ ක්‍රිකට් බලධාරීහු නිලවරණයට දිනයක් යළි නියම කළහ.
එහිදී ප්‍රේමසිරි ගාල්ල දිසා අධිකරණයට ගොස් නිලවරණය අත්හිටුවමින් තහනම් නියෝගයක් ලබාගැනීමට පියවර ගත්තේය. ඒ ඔහු ජීවිතක්ෂයට පත්වීමට දින තුනකට පෙරදීය.
දිනය ඉකුත් 12 දාය. පස්වරුවේදී ප්‍රේමසිරිට රටම දන්නා ගමේ අයකු මුණ ගැසුණි. ඔහු මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රියය. ඔහු ප්‍රේමසිරිගේ පාසල් ගුරුවරයෙකි. සවස හයේ සිට රාත්‍රී අට පසුවනතුරුම ප්‍රේමසිරි හා ඔහුගේ ගුරුවරයා කථාබහ කළේ අම්බලන්ගොඩ නගරයට ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් ඉදිකිරීම හා තවත් කරුණු ගණනාවක් පිළිබඳ තීන්දු තීරණ ගනිමින් සාකච්ඡා කරගනිමිනි.
ප්‍රේමසිරි සිය පාසල් ගුරුවරයා වූ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගෙන් සමුගත්තේ යළි 15 වන සඳුදා දින මුණ ගැසීමේ අරමුණිනි. ඒ රුපියල් කෝටි තුන හමාරක් වැයකර ජාත්‍යන්තර ක්‍රීඩාංගණය සඳහා මීටියාගොඩින් සුදුසු ඉඩමක සින්නක්කර ඔප්පු බැලීමේ අදහසිනි.
වේලාව රාත්‍රී අට හමාරට ළංව තිබණි. සිය පුතුද යාබද අසුනේ සිටියදී ප්‍රේමසිරි මෝටර් රථය පැදවූයේ ඔහු බිලිගැනීමට මාරයා බලාසිටින බව හීනෙකින් හෝ නොදැනය.
අම්බලන්ගොඩ මහඅම්බලන්ගොඩ මානිම්මුල්ලේ මාදම්පා ගඟට යාබද ඉදිකළ ඔහුගේ සුවිසල් නිවසට ඇතුළුවීමට යාර කිහිපයක් තිබියදී දෙල්දූව පැත්තේ සිට ඉදිරියට ආ හයිබි්‍රඞ් වර්ගයේ සුදුපාට මෝටර් රථය ප්‍රේමසිරිගේ රථය ඉදිරිපිට නතර විය. හෙල්මට් පැළඳසිටි බැව් කියන නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනකු ඔවුන් අත තිබූ ටී පනස්හය සහ 9 එම්.එම්. වර්ගයේ ගිනි අවි දෙකෙන් ප්‍රේමසිරිගේ හිස පැත්තට හා බඩ පෙදෙසට වෙඩි උණ්ඩ කීපයක් එල්ල කළේ යාබද අසුනේ සිටි ඔහුගේ පුතුද බලාසිටියදීය.
වෙඩිවැදුණු ප්‍රේමසිරි බළපිටිය මූලික රෝහලට ගෙනයනවිටද අවසන් හුස්ම පොද හෙළා තිබුණි. වෙඩි වැදී වාහනයේ වීදුරු පොඩි පට්ටම්වීම නිසා තුවාල ලැබූ පුතුද වහා බළපිටිය රෝහලට ඇතුළත් කෙරුණි.
මාසයක් පමණ ගොළුවී සිටි තුවක්කුකරුවන් යළි වැඩ ඇරඹුවේ ප්‍රේමසිරිගෙනි.
පහුගිය ජූලි මස 18දා අම්බලන්ගොඩ නගරයේම ව්‍යාපාරිකයකු වූ මාදුවගේ සරත් හෙවත් අරලිය සරත් නමැති කෝටිපති ව්‍යාපාරිකයා සිය යතුරු පැදියෙන් නිවස බලා එමින් සිටියදී මහමගදීම වෙඩි තබා මරා දැමුවේ මහදවාලේය. ඒ වතුගෙදර පැටිවත්තේදීය.
බළපිටිය මහලදුවේ පදිංචි සරත් තම නිවසට යාබද සුන්දර මාදුගඟ අසල සංචාරක හෝටලයක හිමිකරුය.
අම්බලන්ගොඩ නගරයේ ඉඩමක් මිලදී ගත් සරත් සිටියේ එහි නව නිවසක් ඉදිකර ලබන මාසයේ එහි පදිංචියට යාමේ අදහසිනි.
සරත් තම පාඩුවේ සිය ව්‍යාපාර කරගෙන ගිය අයෙකු බව ඔහු ගැන හොඳටම දන්නා ප්‍රදේශවාසීහු කියති. සරත්ගේ වැඩිමහල් සොහොයුරා වූ යසරත්න ද අම්බලන්ගොඩ ප්‍රකට වෙළෙඳ ව්‍යාපාරිකයෙකි. දිනක් සරත් මුණගැසී පිටව යද්දී නාඳුනන තුවක්කුකරුවකුගේ වෙඩි වරුසාවකට ලක්වී මාදුවගේ යසරත්න මරුමුවට පත්වන්නේ මීට වසර එක හමාරකට පමණ පෙරදීය.
අරලිය සරත්ට වෙඩිතබා මරා දැමීමට මාස දෙක තුනකට පෙර අම්බලන්ගොඩ හිරේවත්තේ කේ.එම්.ඩබ්ලිව්. සුසන්ත නොහොත් -සූසා” නමැති මාළු ව්‍යාපාරිකයාද ඝාතනය වන්නේ මහදහවල් දෙනෝදාහක් බලාසිටියදීය. ඔහුද කෝටිපති ව්‍යාපාරිකයෙකි.
අම්බලන්ගොඩ ධීවර වරායේ නවතා තිබූ සිය බෝට්ටුවලින් ගෙන ආ මාළු කිරමින් සිටි සුසන්ත වහා පිටුපස හැරී බලන්නේ තම නම කියා කථා කළේ කවුදැයි යන්න බැලීමටය. සුසන්තට හුස්මක් පවා ගැනීමට නොහැකි ලෙස ඉස්සර වූ නාඳුනන තුවක්කුකරු ඔහුට වෙඩි තබා පලායන්නේ වරාය ආරක්ෂක හා නාවික හමුදා රැකවලුන් එහි බලා සිටියදීය.
අරලිය සරත්ගේ ඝාතනයෙන් පසු නොයෙකුත් කටකතා පැතිර ගියේ වේගයෙනි. එම කටකතා ක්‍රමයෙන් නිහඬව යද්දී හැළඹගේ ප්‍රේමසිරිට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය කනවැකෙන අම්බලන්ගොඩ හා අවට ප්‍රදේශවාසීන් සිටියේ සිදුවන්නේ කුමක්දැයි සිතාගත නොහැකිව බියෙන් හා සැකයෙනි.
ප්‍රේමසිරිගේ ඝාතනයත් සමගම පොලිසිය යළි ඇවිස්සිණි. ඇල්පිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව, අම්බලන්ගොඩ සහකාර පොලිස් අධිකාරි සමන් සිගේරා, මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක මහින්ද විල්ලෝරාආරච්චි යන මහත්වරුන් සිය ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ උපදෙස් පරිදි පරීක්ෂණ කණ්ඩායම් කීපයක් රාජකාරියට යෙදවුවේ ඝාතකයන් කොටුකර ගැනීමේ බලාපොරොත්තුවෙනි.
බළපිටිය වැඩබලන මහේස්ත්‍රාත් ඉසැඞ්.පී.එම්. ලියාකත් මහතා ද රාත්‍රියේම සිද්ධිය වූ ස්ථානයට ගොස් මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණ කටයුතු ආරම්භ කළේය.
රටට, ජාතියට අනුපමේය උදාර සේවාවක් කළ අග්ගමහා පණ්ඩිත පොල්වත්තේ බුද්ධදත්ත මාහිමි වැනි පැවිදි මාහිමිවරුන් මෙන්ම උගතුන්, රණවිරුවන් හා බොහෝ ක්ෂේත්‍රවල ප්‍රවීණයන්, ශ්‍රේෂ්ඨයන් බිහිකළ අම්බලන්ගොඩ එදා මෙන්ම අද දක්වා ප්‍රචලිතව තිබුණේ බුද්ධිමතුන්ගේ පුරවරය ලෙසිනි. බෞද්ධ නගරයක් ලෙස ප්‍රකට අම්බලන්ගොඩ දකුණේ දියුණු වෙළෙඳ නගරයක් ද වේ.
එවන් පුරවරයට දැන් කණකොකා හඬා තිබේ. අම්බලන්ගොඩට ජීවය බඳුවූ කෝටිපති ව්‍යාපාරිකයන් තිදෙනකුම මේ වසර ගෙවීයන්නට තවත් මාස කිහිපයක් තිබියදී සදහටම නිහඬ කර තිබේ.
නාඳුනන තුවක්කුකරුවන් නිසා අම්බලන්ගොඩ හදවත අක්‍රිය වී ඇති බව නගරවාසීහු කියති. සිදුවන්නේ කුමක්ද? මේවා කරන්නේ කවුදැයි සිතා ගත නොහැකිව නගරවාසීහු කල්ගෙවති. නොපෙනන භීෂණයකින් නගරය වෙළාගෙන තිබේ.
අම්බලන්ගොඩ ලෙයින් නාවන මේ නාඳුනන තුවක්කුරුවා කවුරුද? යන්න ගැන ජනතාව හොර රහසේ කථාබහ කරති. ඒ අතර කටකතාද බොහොමයකි. අම්බලන්ගොඩ පොලිසිය වෙත ද චෝදනාවේ ඇඟිල්ල දිගුවන්නේ සැකකරුවන් නීතියේ රැහැනට කොටුකර ගැනීමට ඇති ප්‍රමාදය නිසාය.
මෙම ඝාතන කුමක් අරබයා සිදුවන්නේද? මාදුවගේ හා හැළඹගේ පවුල් ඥාති පවුල්ය. මරා දැමුණු ව්‍යාපාරිකයන් හතර දෙනාම එම ඥාති පවුල්වල සහෝදරයෝය.
මෙම ඝාතන රැල්ල ගැන නොයෙකුත් කටකතා දිනෙන් දිනම පැතිර යමින් පවතී. එක් එක් පාර්ශ්වවලට ඇඟිල්ල දිගුවන්නේ මේ නාඳුනන තුවක්කුකරුවන් කොටුකර ගැනීමට බලධාරීන් අපොහොසත්වීම හේතුවෙනි.
ඝාතන සිදුවීම් රැසකම ඝාතකයෝ තවමත් නිදැල්ලේය. ව්‍යාපාරික ප්‍රජාව මෙන්ම ජනතාව ද ජීවත්වන්නේ දැඩි බියකිනි. මේ ගැන විමසූවිට අම්බලන්ගොඩ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක මහින්ද විල්ලෝරාආරච්චි මහතා මා සමග කීවේ අරලිය සරත්ගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් හැර අනිකුත් ඝාතනවලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි වූ බවය.
“ව්‍යාපාරිකයන් සම්බන්ධ ආරවුලක්ද ක්‍රිකට් සම්බන්ධ ආරවුලක්ද නොඑසේ නම් වෙනත් ප්‍රශ්නයක්ද යන්න දැනට කීමට නොහැකි බවත් ප්‍රේමසිරිගේ ඝාතනය පිළිබඳ පැති කීපයකින්ම පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් මූලස්ථාන පොලිස් පරීක්ෂක මහින්ද මහතා කීවේය.
ව්‍යාපාරික ප්‍රේමසිරිගේ ඝාතනයට පැමිණි නාඳුනන තුවක්කුකරුවන් මුහුණ ආවරණය වන පරිදි හෙල්මට් පැළඳ සිටි බවද කියති. කරන්දෙණිය පොලිස් වසමේ මාගල ඇළ මාර්ගයක දමා තිබූ හෙල්මට් දෙකක් සොයාගත්තේ ප්‍රේමසිරි ඝාතනය කළ දිනට පසුදින පස්වරුවේය.
ජනතාව ආරක්ෂා කිරීමට සිටින නිලධාරින් පාතලයන් සමග සම්බන්ධකම් තිබෙනවා. මුදලට, තුන්වන හා පස්වන සිල්පද කඩමින් නිල ඇඳුමේ බලය පෙන්වන අය ගැන කුමන කතාදැයි නගරයේ ජනතාව විමසති. චෝදනා කරති. ඒ අප්‍රසිද්ධියේය.
එක්සත් ජාතික පක්ෂයේ අම්බලන්ගොඩ ප්‍රධාන සංවිධායක විශ්‍රාමික මේජර් ඩෙනට් පතියන්දූව මහතා මා සමග කීවේ අම්බලන්ගොඩට වර්තමානයේ උදාවී ඇති තත්ත්වය ගැන කනගාටු වන බවත් එය වහාම ඉදිරියේදී නිවැරදි කිරීමට වැඩ පිළිවෙළක් යොදන බවත්ය.
මමත් අපේ මහ ඇමැතිතුමාත් අම්බලන්ගොඩ දියුණුව වෙනුවෙන් එක්වී සහයෝගයෙන් වැඩ කරනවා. බලපෑමක් කාටවත් නැහැ. හැබැයි හරියට වැඩකළ යුතුයි කී පනියන්දූව මහතා තමාද අම්බලන්ගොඩට උදාවී ඇති කල දසාව ගැන කම්පාවන බවත් ඊට ළඟදීම විසඳුමක් දෙන බව පැවසීය.
මගේ රත්තරං මහත්තයා හැමෝටම උදව් කළා. හැම දෙනා එක්ක හොඳින් හිටියා. එයාට තරහ කාරයෝ හිටියේ නැහැ. ජීවිත තර්ජනයක් තිබුණේ නැහැ. මට දරුවන්ට ආදරෙන් සැලකුවා. නෑදෑයන්ට පණවගේ. සේවකයන්ට සැලකුවේ තාත්තෙක් සහෝදරයෙක් නැත්නම් යාළුවෙක් වගේ. ඒ වගේම මහත්තයාත් කා එක්කවත් තරහෙන් හිටියේ නැහැ. මේක මහපොළොව නුහුලන අපරාධයක්. දෙවියනේ... බොහොම චාම් සරල ජීවිතයක් ගෙවපු මහත්තයාට මොකද උණේ යැයි මියගිය ප්‍රේමසිරිගේ බිරිය වන දීපා නිලන්ති ද සිල්වා මහත්මිය හඬා වැටෙමින් කීවාය.
මියගිය ප්‍රේමසිරිගේ අවසන් කටයුතු කළ ඉකුත් 15දා නිවස හා අවට ජනගඟකින් පිරී ඉතිරී ගොස් තිබුණි. අම්බලන්ගොඩ නගරය පුරාම සුදු කොඩිවැල් එල්ලා සරසා තිබූ අතර ශෝකය පළකරන කටවුට් බැනර් තැනින්තැන එල්ලා තිබුණි. අම්බලන්ගොඩ මහා විදීයේ කඩසාප්පු එදින වසා දමා තිබුණි. මහඅම්බලන්ගොඩ සිට මහා වීදිය ඔස්සේ අම්බලන්ගොඩ පටබැඳිමුල්ලේ පිහිටි නගර සභා පොදු සුසාන භූමිය තෙක් මග දෙපස විශාල පිරිසක් රැස්ව සිටියේ දේහය රැගෙන යන අයුරු දැකබලා ගැනීමේ අදහසිනි.
ප්‍රේමසිරිගේ දේහය නිවසට ගෙනආ පසු අවසන් ගෞරව දැක්වීමට රටේ විවිධ ප්‍රදේශවලින් වැල නොකැඩී මහ පිරිසක් පැමිණි අතර පක්ෂ විපක්ෂ දේශපාලනඥයෝ, ක්‍රීඩකයෝ, ව්‍යාපාරිකයෝ සහ ලොකු කුඩා පිරිසක් වූහ.
ආදාහන කටයුතු සිදුකළ පස්වරුවේ අර්ජුන රණතුංග ඇමැතිවරයා සමග රණතුංග පවුලේ නිශාන්ත හා සංජීව යන මහත්වරුද නිවසේ සිට සුසාන භූමිය තෙක් ගියේ ප්‍රේමසිරි සමග පැවැති සමීප මිතුදම නිසාය.
දේහය නිවසින් පිටතට ගැනීමට පෙර අම්බලන්ගොඩ ජන්මලාභියකුවූ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අවමංගල උත්සව සභාව අමතමින් කීවේ මෙවන් කථාවකි.
-මම අම්බලන්ගොඩ ධර්මාශෝකයේ උගන්වන්න එනවිට ප්‍රේමසිරි මගේ පංතියේ ශිෂ්‍යයෙකු වී සිටියා. සෙරෙප්පු දාගෙන පයින් ආවත් බෙන්ස් එකේ ආවත් එදත් අදත් මට වැඳල ගියේ. ගහක් කොච්චර විශාලද කියා පේන්නේ ඒ ගහ බිමට වැටුණට පස්සේ. ප්‍රේමසිරි ගැන කථාවක් කරලා වැඩක් නැහැ. මොහු ගැන මට පොතක් ලියන්න පුළුවන්.
සුනාමියෙන් පසු බොහෝ දේ කරන්න ප්‍රේමසිරි මුල්වුණා. ධම්මිකපුර හදන්න ඔහු මුල්වුණ කෙනෙක්. පත්තරවල තිබුණේ ප්‍රේමසිරි කෝටිපති ව්‍යාපාරිකයකු කියලා. ඔහු මිතුරන් අතරදී කෝටිපතියෙක් නෙවි, ඔහු සැබෑ මිනිසෙක්. උපදේශකයෙක්, මිතුරෙක්.
ඔහුට ක්‍රිකට් ක්‍රීඩාව නංවන්න ලොකු ආශාවක් තිබුණා. මම අද අම්බලන්ගොඩ එන්න හිටියේ මළගෙදරකට නෙවි. ප්‍රේමසිරි සමග මීටියාගොඩට ගොස් අක්කර දහසයක ඉඩමක් ගන්න සින්නක්කර ඔප්පු ලියන්න. ඒ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් හදන්න.
ප්‍රේමසිරි දේශපාලනය කළේ නැහැ. ඔහු ඉතාම සංවේදී කෙනෙක්. ප්‍රේමසිරි නම්වූ මිතුරුකමින් මනුෂ්‍යත්වයෙන් පිරි මේ සොඳුරු මිනිසාට සමුදෙනවා යැයි” කියා මහින්ද දේශප්‍රිය මහතා සිය කථාව අවසන් කළේ කම්පාවෙන් යුතුවය.
“අද ඉර පෑව්වත් මහා අඳුරක් දැනෙනවා”යි කියමින් අම්බලන්ගොඩ කළුවඩුමුල්ල සිරි විජයාරාමාධිපති මහාචාර්ය විලේගොඩ අරියදේව හිමියන් ප්‍රේමසිරි ගැන ගුණකථනයක් කරමින් කීවේ දකුණු අතින් දුන් දේ වම් අතට නොදැනෙන්න ලක්ෂ කෝටි ගණනක ධනස්කන්ධයක් සමාජය හා මිනිසුන් වෙනුවෙන් වැය කළ බවයි. උන්වහන්සේ සිය අනුශාසනාව අවසන් කළේ “කට කතාව ඊර්ෂ්‍යාව සමාජය විනාශ කරනවා” යැයිද පවසමිනි. උන්වහන්සේ සේවක සේවිකාවන්ට පායපු ඉර අද නැතිවෙලා. මෙබඳු අසාධාරණ මිනිස් ඝාතන ගැන නොපමාව සොයාබලා නීතිය ක්‍රියාත්මක කළ යුතුයි”ද පැවැසූහ.
ප්‍රේමසිරි මහතාගේ අවසන් කටයුතු ඉකුත් 15දා පස්වරුවේ මළ හිරු බැස යද්දී අති විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් අම්බලන්ගොඩ පොදු සුසානභූමියේදී සිදු කෙරුණේ මහත් හරසර මැදිනි. කඳුළු හා සෝසුසුම් මැදිනි.
පසුදින (16දා) අම්බලන්ගොඩ ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී සම්බන්ධීකරණ කමිටු රැස්වීම පැවැත්වුණේ සම්බන්ධීකරණ කමිටු සම සභාපතිවරුන් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අම්බලන්ගොඩ ප්‍රධාන සංවිධායක දකණු පළාත් ප්‍රධාන ඇමැති ෂාන් විජයලාල් ද සිල්වා සහ එක්සත් ජාතික පක්ෂයේ අම්බලන්ගොඩ ප්‍රධාන සංවිධායක විශ්‍රාමික මේජර් ඩෙනට් පතියන්දුවගේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි. එහිදී දකුණු පළාත් මහඇමැතිවරයා රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසක් ඉදිරියේ හා අම්බලන්ගොඩ පොලිසියේ නිලධාරීන් දෙදෙනකු ද සිටියදී කළ ප්‍රකාශය බොහෝ ගැළපෙන බව පැහැදිලිය. දකුණු පළාතේ මහ ඇමැතිවරයා පමණක් නොව ඔහු නීතිය හා සාමය විෂය පිළිබඳ පළාත් ඇමැතිවරයාය. ඔහු කීවේ මෙවන් කථාවකි.
“අම්බලන්ගොඩ ගැන රටේම තිබුණේ හොඳ කීර්තිනාමයක්. නමුත් අම්බලන්ගොඩ ගැන නොදන්න අද රූපවාහිනිය බලන ගුවන් විදුලිය අහන පුවත්පත් බලන බොහෝ අය අම්බලන්ගොඩ දකින්නේ ලෝකයේ බොහෝ විශාල අපරාධ සිදුවන ඇමරිකාවේ චිකාගෝ වගේ හඳුන්වන මට්ටමට ලංකාවේ අම්බලන්ගොඩ අද පත්වෙලා. මියගිය අය කෝටිපතියකු වුණත් මහමග සිඟාකෑවත් වැඩක් නැහැ. නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. මේ අපරාධ රැල්ල අම්බලන්ගොඩින් ඉවත් කළ යුතුයි. මිනීමැරුම් ගණනාවක් සිදු උණා. නීතිය කවරආකාරයට ක්‍රියාත්මක උණාද කියා ජනතාව තුළ මතයක් තිබෙනවා. ඕනෑම කෙනෙකුට නිදහසේ ජීවත්වන්න වාතාවරණයක් තිබිය යුතුයි. ඇමරිකාවේ චිකාගෝ මට්ටමට ලංකාවේ අම්බලන්ගොඩ හඳුන්වන මට්ටමට වැටිලා. අම්බලන්ගොඩ බෞද්ධ නගරයක්. අපිට විශේෂ කැක්කුමක් තිබෙනවා. පොලිසිය දුර්වලයි කියා මා කියන්නේ නැහැ. පරීක්ෂණ ප්‍රමාදයි. ඒ නිසා අම්බලන්ගොඩ පොලිසියේ සහායට කොළඹින් විශේෂ පොලිස් හා බුද්ධි අංශ කණ්ඩායම් කිහිපයක් අම්බලන්ගොඩට එවන ලෙස පොලිස්පතිතුමාට දන්වනවා.
“පොලිසියේ සියලු නිලධාරීන් වරප්‍රසාද ලබන්නේ යැපෙන්නේ නඩත්තු වෙන්නේ ජනතාවගේ මුදලින්. මේ සියල්ලම අයිති මහජනතාවට. ජනතාව අපෙන් ඉල්ලන්නේ අපිට නිදහසේ ජීවත්වන්න ඉඩදීපල්ලා කියලා. ඒ ඉල්ලීම ඉටුකරන්න අපිට බැරිනම් වැඩක් නැහැ. මම ජනතාවගේ සැකයට අහුවෙන්න කැමැති නැහැ. නිල ඇඳුමෙන් වැරදි ප්‍රයෝජන ගන්න කිසිම නිලධාරියෙකුට මගෙන් නම් කිසිම සමාවක් නැහැ” යැයි පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළේ බළපිටිය, කොස්ගොඩ හෑගල්ල මහා විදුහල් ශ්‍රවණාගාරයේදී පැවැති පිළිගැනීමේ උත්සවයකට සහභාගි වෙමිනි. ඒ මීට මාසයක පමණ ඉහත දිනකය. එදා පොලිස්පතිවරයා කළ ප්‍රකාශය යථාර්ථයක් බවට පත්කිරීමට දැන් කාලය උදාවී තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අම්බලන්ගොඩ නාඳුනන තුවක්කුකරුවන්ගේ රාජ්‍යය
සුජිත් Monday, 29 August 2016 04:57 PM
අම්බලන්ගොඩ පොලිසියට රෑට ගහින් බලන්න ඕනෑ හැටි, පැමිණිල්ලක් ලියාගන්නවත් කවුරුත් නැහැ