IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


අයවැය විමසුම් ඇසකින්

ජාතික ජන බලවේග ආණ්ඩුවේ මංගල අයවැය පාර්ලිමේන්තුවේදී ඊයේ ඉදිරිපත් කරනු ලැබීය. ඒ 2025 වර්ෂය වෙනුවෙනි. ජනාධිපතිවරයා ඉදිරිපත් කළ අයවැය ලේඛනය නිරීක්ෂණය කිරීමේ දී වැදගත් කාරණා කිහිපයක් දෙස අවධානය යොමු කළ හැකිය. මේ අනුව මෙම අය වැය ලංකාවේ මෙතෙක් ඉදිරිපත්ව ඇති අයවැය වාර්තාවන්ගෙන් ඔබ්බට ගිය එකක් බව පැහැදිලිය. ඒ සදහා විශේෂ හේතු කිහිපයක් බලපාන්නට ඇත.

විශේෂයෙන්ම මීට පෙර ආණ්ඩුවලින් ඉදිරිපත් කෙරුණු අයවැය බොහොමයක දී මේ රටේ ඇතැම් පුද්ගලයන් ජනකොටස් හා විවිධ කණ්ඩායම් මග හැරුණු බව දැකිය හැකිය. එසේම මීට පෙර ඇතැම් ආණ්ඩු ඉදිරිපත් කළ අයවැය ඔවුන්ගේ ජන්ද ව්‍යාපාර ආදිය ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරගෙන සිටි බවක් ද පෙනෙන්නට තිබිණ. එයින් ඔවුහු තම මැතිවරණ ව්‍යාපාරවලටද වක්‍රාකාරයෙන් වාසි සලසා ගත් හ.

එහෙත් 2025 මෙවර අයවැය දෙස බැලීමේදී පැහැදිලිව පෙනෙන්නට තිබෙන්නේ මැතිවරණ ඉලක්ක කරගත් එබඳු අරමුණක් මෙහි දක්නට නොමැති බවය. අනෙක් අතින් සමාජයේ සෑම තරාතිරමේ කෙනෙක්ම සෑම සමාජ කණ්ඩායමක්ම පාහේ නියෝජනය කිරීමට මෙවර අයවැයේ දී උත්සාහ දරා ඇති බව පෙනේ. ආර්ථිකයේ සෑම ක්ෂේත්‍රයක්ම වඩාත් පුළුල්ව නියෝජන වන ආකාරයක් ද මෙහි දැකිය හැකිය. එහෙත් මේ අන්දමින් පිළියෙළ කර ඇති අයවැයෙහි සාර්ව ආර්ථික කරුණු පිළිබඳව සලකා බලන විට පෙර අයවැය සහ මෙවර අයවැය අතර ලොකු වෙනස්කම් හා පරතරයක් දැකිය හැකි යැයි කිව නොහැකිය.

ආදායම් සම්බන්ධයෙන් සලකා බලන විට රජය රුපියල් බිලියන 930කින් පමණ තම ආදායම වැඩිකර ගැනීමට අපේක්ෂා කරයි. 2024 වසරේ රජයේ ආදායම වූයේ රුපියල් බිලියන 4031කි. 2025 සඳහා අපේක්ෂිත ආදායම වන්නේ රුපියල් බිලියන 4960කි. 2024 වසරේ බදු ආදායම රුපියල් බිලියන 3705කි. 2025 වන විට රුපියල් බිලියන 4590ක පමණ බදු ආදායමක් අපේක්ෂා කරයි. මේ බදු ආදායම තුළ ද ආදායම් බදු සම්බන්ධයෙන් අවධානය යොමු කළහොත් 2024 වසරේ ලද ආදායම් බදු රුපියල් බිලියන 1026කි. එහෙත් 2025 වසර සඳහා ආදායම් බදු වශයෙන් රුපියල් බිලියන 1167ක් රජය අපේක්ෂා කරයි.

මෙම අයවැයේ බදු ඉහළ නැංවීම් අතර වඩාත් ඉහළ අගයක් දක්නට ලැබෙන්නේ භාණ්ඩ හා සේවා සම්බන්ධයෙනි. භාණ්ඩ හා සේවාවලින් 2024 වසරේ රජය ලද බදු ආදායම රුපියල් බිලියන 2201කි. 2025 වසර සදහා භාණ්ඩ හා සේවාවලින් රුපියල් බිලියන 2772ක් පමණ ආදායමක් රජය අපේක්ෂා කරයි. විදේශ වෙළෙඳාම මත බදු කෙරෙහි අවධානය යොමු කරන විට 2024 වසරේ රුපියල් බිලියන 477ක් ලද අතර 2025 වසරේ අපේක්ෂිත විදේශ වෙළෙඳාම් බදු ආදායම රුපියල් බිලියන 651 දක්වා වැඩි වී තිබේ.

බදු නොවන ආදායම් පිළිබඳ සැලකීමේ දී 2024 දී රුපියල් බිලියන 326ක් ලද අතර 2025 වසරට එයින් රුපියල් බිලියන 370ක් අපේක්ෂා කෙරේ. රජයේ වියදම් සලකා බලන විට සමස්තයක් වශයෙන් රුපියල් බිලියන 1000කින් පමණ වැඩිවීමක් පෙන්නුම් කරයි. රජයේ මුළු වියදම 2024 දී පැවතියේ රුපියල් බිලියන 6132කි. එහෙත් 2025 වසර සඳහා වියදම රුපියල් බිලියන 7190කි. එම වියදම්වල පුනරාවර්තන වියදම් සලකා බලන විට රුපියල් බිලියන 5340ක් 2024 වසරේ පැවතිණ. එම පුනරාවර්තන වියදම් 2025 වසර සඳහා රුපියල් බිලියන 5886ක් ලෙස දැක්වේ. ඒ අනුව 2025 වසර සඳහා රුපියල් බිලියන 500කින් පමණ ඉහළ යාමක් රජය අපේක්ෂා කරන බව මෙයින් පෙන්නුම් කෙරේ.

රජයේ වැටුප් ගෙවීම සඳහා 2024 වසරේ රුපියල් බිලියන 1096ක් වෙන්වී ඇති අතර 2025 වසර සඳහා එය රුපියල් බිලියන 1230ක් දක්වා වැඩි වීමක් දැකිය හැකිය. එය පෙර වසරට වඩා ආසන්න වශයෙන් රුපියල් බිලියන 130ක පමණ වැඩිවීමකි. භාණ්ඩ හා සේවා මිලදී ගැනීම් සම්බන්ධයෙන් බලන විට 2024 වසරේ රුපියල් බිලියන 392 වෙන්ව තිබේ. එය 2025දී රුපියල් බිලියන 416ක් ලෙස දැක්වේ. මෙහි විශේෂත්වය නම් පොලීගෙවීම් සම්බන්ධයෙන් වන කාරණා ය. අයවැයෙන් මුදල් විශාල ප්‍රමාණයක් අප වැය කරන්නේ පොලී ගෙවීම් වෙනුවෙනි. මෙම වසරේත් ඒ සඳහා රජය වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 2950කි. එය ට්‍රිලියන තුනකට ආසන්න මුදලකි. එය රජයේ බදු ආදායමේ ප්‍රතිශතයක් ලෙස ගතහොත් බදු ආදායමෙන් සියයට 64ක පමණ ප්‍රමාණයකි. මෙය ඉතාමත් බැරෑරුම් තත්වයකි. මේ තත්වය ඉතාමත් ඉක්මනින් නිවැරැදි විය යුතුව ඇත. එසේ නොවුණහොත් අපේ ආදායම පොලී ගෙවීම සඳහා ප්‍රමාණවත් නොවනු ඇත. මේ වන විටත් එය ඉතාමත් ඉහළ මට්ටමක පවතී.

2024 වසරේ පොලී ගෙවීම සඳහා වැය කළේ රුපියල් බිලියන 2690කි. මේ වසර වන විට එය තව දුරටත් වර්ධනය වී ඇති බව පෙනේ. එසේම රජයේ සහනාධාර සම්බන්ධයෙන් ගතහොත් එහි වියදම 2024දී රුපියල් බිලියන 1162කි. 2025දී ඒ සඳහා අපේක්ෂිත මුදල රුපියල් බිලියන 1290කි. ඒ අනුව සහනාධාර මුදලත් යම් ආකාරයකට වැඩිවනු ඇත. රාජ්‍ය ආයෝජනය දෙස බලන විට එය 2024 දී ඉතාමත් අඩු අගයක් ගෙන තිබේ. එනම් රුපියල් බිලියන 817ක තරම් ගණනකි. එය 2025 වසර සඳහා රුපියල් බිලියන 1315 දක්වා වැඩිවීමක් පෙන්නුම් කරයි. කෙසේ වෙතත් රාජ්‍ය ආයෝජනය මීට වඩා ඉහළ යා යුතු බව මගේ කල්පනාවයි. රටක යටිතල පහසුකම් වර්ධනය වන්නේත් ආර්ථිකයේ ශක්තිය වර්ධනය වන්නේත් ආයෝජනය මාර්ගයෙනි. එය ආර්ථික වර්ධනයේ පදනම වනු ඇත. එබැවින් ආයෝජන අවස්ථා මීටත් වඩා පුළුල් මට්ටමකට ගෙන ආ යුතුය.

රජයේ පොලී වියදම ආයෝජන වියදම මෙන් දෙගුණයකටත් වඩා වැඩි වේ. රජයේ පොලී ගෙවන්නට යන වියදම රුපියල් බිලියන 2950ක් වන විට ආයෝජන වියදම 1315කි. ඒ සමග බලන විට රජයේ අයවැය හිගය රුපියල් බිලියන 2200ක මට්ටමකට ළඟා වේ. මේ අනුව ගිය වසරට සාපේක්ෂව සමස්ත අයවැය හිඟයේ යම් වැඩිවීමක් පෙන්නුම් කෙරේ. පෙර වසරේ අයවැය හිඟය රුපියල් බිලියන 2040 වන විට මේ වසරේ එය රුපියල් බිලියන 2200 දක්වා වැඩි වෙතැයි අපේක්ෂා කෙරේ.

අපට බලපාන අනෙක් වැදගත් කාරණය නම් අයවැය සකස් කිරීමේදී අයි.එම්.එෆ් .එකඟතා කෙරෙහිද සැලකිල්ලක් දක්වන්නට සිදුවීමයි. අයි. එම්. එෆ්. ඉලක්කවලට අනුව රජයේ ආදායම් හා ලැබීම් දල ජාතික නිෂ්පාදිතයෙන් සියයට 15.1 කට ගෙන ආ යුතුය. රජයේ වියදම සියයට 20.3ක මට්ටමකට ක්‍රියාත්මක විය යුතුය. එසේම අයවැය හිඟය දල ජාතික නිෂ්පාදිතයෙන් සියයට 5.2ක මට්ට්මකට ගෙන ආ යුතුය. මෙම අයි.එම්.එෆ්. ඉලක්කවලට ආසන්න මට්ට්ම පවත්වාගෙන යාමට රජයට සිදුවනු ඇත. මෙම කොන්දේසි සපුරමින් ඉදිරියට යාම නිසා අපට අයි.එම්.එෆ්. හතරවැනි වාරිකය නොබෝ දිනකින් ලැබෙනු ඇත.

අප මෙතෙක් සාකච්ජා කළේ 2025 අයවැයේ ආර්ව ආර්ථික විද්‍යාත්මක කරුණු කෙරෙහිය. එහෙත් මෙවර අයවැයේ අන්තර්ගතය නිරීක්ෂණය කරන විට කරුණු කිහිපයක් කෙරෙහි අවධානය යොමු කළ හැකිය. රජයේ අපනයන ප්‍රවර්ධන ප්‍රයත්නය මෙවර අයවැයෙන් පැහැදිලිව පෙන්නුම් කර තිබේ. එසේම මේ පවත්නා බදු ක්‍රමය ඉතාමත් සංකීර්ණ බව රජය තේරුම් ගෙන ඇති බව පෙනේ. එම සංකීර්ණ බදු ක්‍රමය සරල කළ යුතුය යන අදහසේ රජය සිටින බව මෙයින් පෙනේ. විශේෂයෙන් ව්‍යාපාරික ප්‍රජාවට හිතවත් සරල බදු ක්‍රමයක් රට තුළ ක්‍රියාත්මක විය යුතු බව අවධාරණය කළ හැකිය. එමෙන්ම රජයේ අකාර්යක්ෂම ඉඩම් බදුදීම් ආදිය පිළිබඳව අවධානය යොමු වීම වැදගත් කාරණයකි. ආර්ථික පරිවර්තන පනත සංශෝධනය කිරීම, නිදහස් වෙළෙඳ ගිවිසුම් ආදිය කෙරෙහි අවධානය යොමු කිරීම යහපත් තත්වයකි. පෙර පැවැති නිදහස් වෙළෙඳ ගිවිසුම් ආදියෙන් ලංකාවට සැලකිය යුතු වාසියක් අත් වූ බවක් නොපෙනේ. එසේම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් වෙනුවෙන් සංවර්ධන බැංකුවක් ඇති කිරීම, එම කර්මාන්ත වැඩි දියුණු කිරීම ආදිය ගැන විශේෂ අවධානය යොමු කිරීම ද යහපත් වේ. එසේම රටේ අධ්‍යාපනයට අයවැයේ දී විශේෂ අවධානයක් යොමු කිරීම වැදගත් කරුණකි. මහපොළ ශිෂ්‍යත්වය වැඩි කිරීම, පාසල් නගා සිටුවීමේ වැඩසටහන් හා ඊට අවශ්‍ය මූලික යටිතල පහසුකම් වර්ධනය කිරීම විශේෂ අවධානයට ගෙන ඇත. උසස් අධ්‍යාපනය තුළද පර් යේෂණ ක්ෂේත්‍රවල වර්ධනය මෙම අයවැයෙන් අපේක්ෂා කෙරේ. ඒ සියල්ල ධනාත්මක ලක්ෂණ සේ පෙන්වා දිය හැකිය.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවත්නා ගැටලු‍ රාශියක් සම්බන්ධයෙන් මනා අවබෝධයකින් යුතුව සැකසූ අයවැයක් ලෙස මෙම අයවැය හඳුන්වා දිය හැකිය. ඖෂධ ගෙන්වීම සඳහා රජය විශාල මුදල් වෙන් කිරීමක් ද අයවැයෙන් දැකිය හැකිය. සෞඛ්‍ය වියදම රුපියල් බිලියන 604කි. ඖෂධ ගෙන්වීම සඳහා රුපියල් බිලියන 185ක් පමණ වෙන් කෙරේ. විශ්‍රාමිකයන් සහ ආබාධිතයන් කෙරෙහි ද අවධානය මෙවර අයවැයේ දී යොමු කර තිබීම සුබවාදී කාරණා ලෙස පෙන්වා දිය හැකිය.

සංචාරක ව්‍යාපාරයේදී සංචාරක මග පෙන්වන්නන්ගේ අධ්‍යාපනය දියුණු කිරීම, ප්‍රවාහන ක්ෂේත්‍රය තවදුරටත් විධිමත් කිරීම කෙරෙහි අවධානය යොමු කිරීම ආදි පැති වෙත ද විශේෂ අවධානයක් මෙවර අයවැයේ යොමු කිරීම සාධනීය ලක්ෂණයකි. ග්‍රාමීය වාරිමාර්ග පද්ධතිය දියුණු කිරීම සඳහා රුපියල් බිලියන 80කට ආසන්න මුදලක් වෙන් කිරීම, ආර්ථික මධ්‍යස්ථාන දුම්රිය ස්ථාන සමග සම්බන්ධ කිරීමේ වැඩසටහන් පිළිබඳව අපේක්ෂා තබා ගත හැකිය. රාජ්‍ය සේවා වැටුප් වැඩි කිරීමත් රාජ්‍ය සේවාවේ කාර්යක්ෂමතාව පුළුල් කිරීමත් ඩිජිටල් ආර්ථිකයක් කෙරෙහි අවධානය යොමුකිරීමත් වැදගත් ය. ඒ සියල්ල මේ අයවැයේ යහපත් සාධනීය කාරණාය.

එහෙත් මෙවර අයවැයේ දැකිය හැකි යම් යම් අඩු ලු‍හුඬුකම් සම්බන්ධයෙන් ද යමක් පෙන්වා දීම වැදගත් ය. ආර්ථික විද්‍යාත්මකව විශ්ලේෂණය කර බලන විට තවමත් මේ රටේ ජනතාව යම් ආර්ථික පීඩනයක සිටින බව පැහැදිලිය. පොලී ගෙවීම් ආදිය තවදුරටත් ජනතාවට දැනෙනු ඇත. එසේම රජයේ යෝජිත ඇතැම් සංවර්ධන ව්‍යාපෘති සහ වැඩසටහන් සඳහා පෞද්ගලික අංශයේ සහයෝගය ලබා ගැනීම කෙරෙහි උනන්දු වූවා නම් එය තවදුරටත් සාර්ථක වනු ඇත. එයින් මහජන මුදල් ඉතිරිවනවා පමණක් නොව පෞද්ගලික අංශයේ ප්‍රවර්ධනයක් ද සිදු වේ. එබඳු නිර්මාණශීලී පැති කෙරෙහි තව දුරටත් මෙම අයවැයේ දී අවධානය යොමු කළානම් එයින් අපේක්ෂිත ප්‍රතිලාභ වඩාත් ඵලදායී වනු ඇත.

(*** සාකච්ඡා සටහන - ගාමිණී කන්දේපොළ)



අදහස් (1)

අයවැය විමසුම් ඇසකින්

sachith Tuesday, 18 February 2025 01:11 PM

සරලව සාමාන්‍ය මනුස්සයෙක්ට තේරෙන විදියට ඉදිපත් කිරිම අගය කරනවා... ආණ්ඩුවේ හොඳ නරක බලන්න වෙන්නේ ඉතින් ඊළඟට එන අයවැයෙන් තමයි

:       3       9

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

පාස්කු දා ප්‍රහාරයේ මහ මොළකරුවා මත දෙකක්
2025 අප්‍රේල් මස 21 208 0

පාස්කු ඉරිදා සංහාරයට අදට වසර හයකි. මෙම ප්‍රහාරය පිරිමින්, කාන්තාවන් සහ ළමුන් ඇතුළු ජීවිත 269 ක් බිලිගත් ඛේදවාචකයක් වන අතර, එම අවස්ථාව වන විට ඔවුන්ගෙන් බොහ


සත්‍යය යුක්තිය සංහිඳියාව වෙනුවෙන් තවමත් බලාසිටී
2025 අප්‍රේල් මස 21 39 0

පාස්කු ඉරිදා ඛේදජනක ප්‍රහාරයට වසර හයක් ළඟා වන අවස්ථාවේදී, ශ්‍රී ලංකාව තවමත් පැටළී සිටින්නේ පිළිතුරු නොලැබෙන ප්‍රශ්න, ප්‍රමාද වූ නඩු පැවරීම්, දේශපාලන ම


නව ලොවට නව සංවර්ධන ආකෘතියක්
2025 අප්‍රේල් මස 21 75 0

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සියලු‍ රටවලට අප්‍රේල් 05 වැනි දා සිට බලපාන ලෙස ඔවුන්ගේ ආනයන තීරු බදු සියයට 10 දක්වා ඉහළ දැමීමේ නිල විධානයකට මෙම අප්‍රේල් 02 වන දි


ජීවිත 114ක් බිලිගෙන 750 කට බරපතළ තුවාල කළ පිටකොටුව කාර්බෝම්බය
2025 අප්‍රේල් මස 21 163 0

කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ බෝධිය ආසන්නයේ නවතා තිබූ කාර් රථයක අටවන ලද අධිබලැති බෝම්බයක් පුපුරා ගියේ 1987 වසරේ අප්‍රේල් මස 21 වැනිදා සවස් යාමයේය.


ශ්‍රී ලංකාව ගෝලීය වෙළෙඳ කම්පනය
2025 අප්‍රේල් මස 18 222 0

ට්‍රම්ප්ගේ වෙෙළඳ කම්පනය ගෝලීය පිළිවෙලට දැවැන්ත පහරකි. එය නියෝජනය කරන්නේ 1970 ගණන්වලදී බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය අවසන් වීමෙන් පසු ඇති වූ විශාලතම බිඳවැටීමය


දළදා වහන්සේ සියැසින් දැකගැනීමේ ආනිශංසය
2025 අප්‍රේල් මස 18 864 0

ශ්‍රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශනා කොට වදාළ ස්වාසුදහසක් ශ්‍රී ධර්මස්කන්ධයේ පහස ලැබුවුවා වූ පරම පූජනීය අතිඋ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 495 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 289 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 440 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site