2025 වසර සඳහා ඉදිරිපත් කරනු ලබන අයවැය නොබෝ දිනකින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. මෙම අයවැය කරුණු කිහිපයක් හේතුවෙන් සුවිශේෂ වේ. ඉන් පළමුවැන්න නම්, පුරා දශක ගණනාවක් දක්ෂිණාංශික ආණ්ඩු යටතේ ඉදිරිපත් වූ අයවැය දැඩි විවේචනයට ලක් කළ දේශපාලන පක්ෂයක ආණ්ඩු යටතේ ඉදිරිපත් කරනු ලබන පළමු අයවැය මෙය වීමයි.
දෙවැන්න නම්, ජනාධිපතිවරණයකින් සහ මහ මැතිවරණයකින් පසුව ඉදිරිපත් කරනු ලබන අයවැයක් වීමත්, එම මැතිවරණවලට අදාළව ලබා දුන් පොරොන්දු ඉටු වෙතැයි ජනතාව දෑස් දල්වා බලා සිටින අයවැයක් වීමත්ය.
තුන්වෙනුව, ආර්ථික අර්බුදයෙන් පසුව අත්කරගත් ආර්ථික ස්ථායිතාව රැකගනිමින් තිරසර වූත්, වේගවත් වූත් වර්ධන මාවතකට ආර්ථිකය යොමු කරවීම කළයුතු මොහොතක ඉදිරිපත් කරනු ලබන අයවැයකි. අවසාන වශයෙන් මෙය ගෝලීය ආර්ථිකයේ වෙළෙඳ ආරක්ෂණවාදි ප්‍රවණතාවක් වර්ධනය වෙමින් පවතින වටපිටාවක ඉදිරිපත් කරනු ලබන අයවැයකි. මේ අනුව මෙම අයවැයට අදාළව ජනතා අපේක්ෂා අතිමහත් වන අතරම, එම අයවැය ඉදිරිපත් කරනු ලබන රජයට ද මුහුණ දීමට සිදුවන අභියෝග රාශියක් ඇත. මෙම ලිපියේ අරමුණ වන්නේ, අයවැයට අදාළව ඇති ජනතා අපේක්ෂා සහ රජය මුහුණ දෙන අභියෝග පිළිබඳව කෙටි විවරණයක් කිරීමය.
රාජ්‍ය සේවක වැටුප් සහ බඳවාගැනීම්
2016 වසරේ 100ක්ව පැවැති රාජ්‍ය සේවක මූර්ත වැටුප් දර්ශකය 2024 වන විට 70.9 දක්වා පල්ලම් බැස ඇත. වෙනත් වචනවලින් පවසතොත්, අද වන විට රාජ්‍ය සේවකයාගේ ජීවන තත්වය පවතින්නේ 2016ටත් වඩා පහළ තැනකය. 2024 අවසාන වන විට අවිධිමත් පෞද්ගලික අංශයේ මූර්ත වැටුප් දර්ශකයේ අගය 89කි (2018 = 100). නිල දත්ත නොමැති වුවත් විධිමත් පෞද්ගලික අංශයේ සේවකයාගේ මූර්ත වැටුප් දර්ශකය (එවැන්නක් පැවැතියා නම්) අවම වශයෙන් අවිධිමත් පෞද්ගලික අංශයේ සේවකයාගේ මූර්ත වැටුප් දර්ශකය වඩා වැඩි හෝ ඊට ආසන්නයේ පවතීවිය යන්න උපකල්පනය කළ හැකි වේ. මේ අනුව පෙනී යන්නේ, සියලුම සේවකයන්ගේ මූර්ත වැටුප පහළ ගොස් පැවැතියත්, ඒ අතරින් රාජ්‍ය සේවකයාගේ මූර්ත වැටුප බරපතළ ලෙස පහළ ගොස් ඇති බවයි. වෙනත් වචනවලින් පවසතොත්, රාජ්‍ය සේවකයාගේ ජීවන තත්වය, 2016ට සාපේක්ෂව බරපතළ ලෙස කඩා වැටී ඇති බවයි. මේ හේතුවෙන් මෙවර අයවැය මගින් රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමේ දැඩි අවශ්‍යතාවක් පවතී.
එසේ කරනු ලබන වැඩි කිරීම ප්‍රමාණවත් එකක් විය යුතුය. එනම්, අවම වශයෙන් 2016 දී පැවැති ජීවන තත්වය හෝ ලබාගැනීමට හැකි වැටුප් වැඩි වීමක් මෙවර අයවැයෙන් ලබාදිය යුතුව ඇත. යම් හෙයකින් මෙවර අයවැය මගින් එබඳු දැනෙන වැටුප් වැඩි කිරීමක් අසීරු වන්නේ නම්, අවම වශයෙන් වසර දෙකක කාලයක් තුළ හෝ රාජ්‍ය සේවක වැටුපේ මූර්ත අගය ප්‍රතිස්ථාපනය කළ යුතුව ඇත. රාජ්‍ය සේවක වැටුපේ මූර්ත අගය පහළ මට්ටමක පැවැතීමේ ප්‍රතිවිපාක බොහොමයක් අද වන විට විද්‍යමාන වෙමින් පවතී. ඉන් එකක් වන්නේ, සේවකයන් රාජ්‍ය සේවය හැර යාම සහ රාජ්‍ය සේවයට ඉහළ ඵලදායිතාවෙන් යුතු සේවකයන් බඳවා ගැනීම බරපතළ ගැටලුවක්ව පැවැතීමය. රජය කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් ඇති කිරීම තම ඉලක්කය වන බව මෑතකදී ප්‍රකාශ කළේය. කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් ඇති කිරීම සඳහා අත්‍යවශ්‍ය කොන්දේසියක් වන්නේ ප්‍රමාණවත් වැටුපක් ලබාදීමය. ප්‍රමාණවත් වැටුප් වැඩි කිරීමට යාම අයවැයට දැඩි බරක් ගෙන දෙන්නට පිළිවන. ඒ මක්නිසා ද යත්, රාජ්‍ය සේවයේ නියුතු පිරිස මිලියන 1.5ක් පමණ වීමයි. ඒ අනුව රජයට පවතින ප්‍රධාන අභියෝගයක් වන්නේ, මෙම රාජ්‍ය සේවක සංඛ්‍යාව ක්‍රමානුකූලව අඩු කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමය.
උපයන විට බද්ද සහ වැට් බද්ද අඩු කිරීම
උපයන විට ගෙවන බද්ද විශේෂයෙන්ම මැදි ආදායම් ලබන ජන කොටස්වලට දැඩි පීඩනයක් ගෙන දෙන්නක් බව නොරහසකි. මේ නිසාම මැතිවරණ වේදිකාවේදී පක්ෂ ගණනාවක් මෙම බද්ද සංශෝධනය කිරීමට අදාළව ජන්ද පොරොන්දු ලබාදුණි. ඒ අනුව ඉදිරි අයවැය තුළ මෙම බද්ද මෙන්ම අත්‍යවශ්‍ය භාණ්ඩ සහ සේවා මත පනවා ඇති වැට් බද්ද ද සංශෝධනයකට ලක්වේවි යන්න පිළිබඳව විශේෂයෙන්ම වෘත්තිකයෝ අපේක්ෂා දල්වා ගෙන සිටිති. මෙම බදු සංශෝධනය කිරීමේදී බදු ප්‍රතිපත්තිය පිළිබඳව පුළුල්ව අවධානය යොමු කිරීම වැදගත් වේ. විශේෂයෙන්ම බදු සංශෝධන නිසා අහිමි වන රාජ්‍ය ආදායම සොයාගන්නේ කෙසේ ද යන්න මේ අතරින් ඉතා වැදගත් වේ.
එමෙන්ම, කාලයක් තිස්සේ සාකච්ඡාවට බඳුන් වූ ඍජු බදු සහ වක්‍ර බදු අතර අනුපාතය ද සැලකිල්ලට ලක්කළ යුතු වේ. වක්‍ර බදු මත ඇති රැඳියාව පහළට ගෙන ඒම අවම වශයෙන් මැදි කාලීන අරමුණක් විය යුතු අතර, එසේ කිරීමෙන් පහළ ආදායම් ලබන ජනතාවට විශාල සහනයක් ලබාදීමට හැකි වනු ඇත. වත්මන් බදු ප්‍රතිපත්තිය කිසිසේත්ම ආර්ථික වර්ධනයට අවශ්‍ය වන්නා වූ දිරිදීම් ලබා දීමක් සිදු නොකරයි. මෙම බදු ප්‍රතිපත්තිය හඳුන්වා දීමේ මූලික අරමුණ වූයේ, කඩිනම් ආර්ථික ස්ථායිතාව අත්කරගැනීම විය. මේ නිසා රජය හුදු නාමික බදු සංශෝධනයක් වෙනුවට ආර්ථික වෘද්ධියට හිතකර වන්නා වූ බදු ප්‍රතිපත්තියක් හඳුන්වාදීම පිළිබඳ මෙවර අයවැය තුළ අවධානය යොමු කිරීම අතිශය වැදගත් වේ.
නව අපනයන ඉලක්ක සහ ආර්ථික වර්ධනය
පසුගිය කාර්තු කිහිපයේදී ආර්ථික වර්ධන වේගය ඉහළ ගියේය. එම තත්වය දිගින් දිගටම පවත්වා ගැනීම අත්‍යවශ්‍ය වන්නකි. ජනතාවගේ ආදායම් මට්ටම් ඉහළ දැමීමට මෙන්ම නව රැකියා බිහි කිරීමට ද එය උපකාරි වේ. එහෙත්, තවමත් අප 2019 පැවැති නිෂ්පාදන මට්ටමට ළඟා වී නොමැති අතර, එම මට්ටමට ළඟා වීමත් සමඟ නව ආයෝජන අවස්ථා සහ ආර්ථිකයේ සමස්ත ඵලදායිතාව පුළුල් නොකළහොත් ආර්ථික වර්ධන වේගය අඩාළ වීමට වැඩි ඉඩකඩක් පවතී. අප දැනට අත්කරගන්නා ආර්ථික වෘද්ධියෙන් පෙර ආර්ථික මට්ටමට ළඟා වීමක් සිදු වෙමින් පවතිනවා මිස, ආර්ථිකයේ ධාරිතාව පුළුල් වීමක් ඇති නොවේ.
ඒ අනුව ඉදිරි ආර්ථික වර්ධනයට අවශ්‍ය වන්නා වූ ආයෝජන ජනිත කරන්නේ කෙසේ ද යන්න රජය හමුවේ ඇති ප්‍රධානතම අභියෝගයකි. මේ සඳහා රාජ්‍ය ආයෝජන ඉහළ නංවා ගැනීමට ඇති ඉඩකඩ ඉතා සීමිත වේ. ඒ මන්ද යත්, වත්මන් තත්වය යටතේ ඉහළ අයවැය හිඟයක් පවත්වාගෙන යාමේ හැකියාවක් නොමැති අතරම, විදේශ ණය/ ආධාර ලබා ගැනීමේ ඉඩකඩ ද ඉතා සීමිත වේ. එසේම රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත අනුව ප්‍රාථමික රාජ්‍ය වියදම දළ දේශීය නිමවුමේ ප්‍රතිශතයක් ලෙස සියයට 13 මට්ටමේ පවත්වාගත යුතුව ඇත. එවන් පසුබිමක් යටතේ පෞද්ගලික ආයෝජන දිරිගැන්වීම අවශ්‍යව පවතී. ඒ අතරිනුත් විදේශ ආයෝජන ලබාගැනීම සඳහා වූ වැඩපිළිවෙළක් රජයට පැවැතිය යුතුය. මේ සඳහා ආර්ථික ප්‍රතිසංස්කරණ අත්‍යවශ්‍ය වන අතරම, ව්‍යාපාරික පරිසරය ද යහපත් කළ යුතුව ඇත. හතර වැනි වාරිකය මුදාහරිමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවධාරණය කර ඇත්තේ ද මෙම කරුණයි.
රජය මෑතකදී නව අපනයන ඉලක්කයක් පිළිබඳව අදහස් ඉදිරිපත් කොට තිබේ. ඒ අනුව, 2030 වන විට අපනයන ඉපැයීම් ඇමෙරිකානු ඩොලර් බිලියන 36ක් දක්වා වැඩි කරගැනීමට අපේක්ෂා කරන බව පසුගිය දා ප්‍රකාශ කරන ලදී. 2024 වසරේ අපනයන ඉපැයීම් ඇමෙරිකානු ඩොලර් බිලියන 16.1ක් විය. ඒ අනුව, ඉදිරි වසර 5ක කාලය තුළ අපනයන ඉපැයීම් අමතර ඇමෙරිකානු ඩොලර් බිලියන 20කින් ඉහළ දැමීමට ඉලක්ක කෙරේ. මෙසේ ඉලක්ක පිහිටුවීම වැදගත් අතර, එවැනි ඉලක්ක ළඟා කරගැනීම සඳහා රජය විසින් කිරීමට අපේක්ෂිත වැඩසටහන නැතහොත් සැලසුම කුමක් ද පිළිබඳව අවබෝධයක් ජනතාවට ලබාදීම ද වැදගත් වේ.
ආර්ථික පරිවර්තන පනත මගින් අපනයන සහ විදේශ ආයෝජන ඉලක්ක ළඟා කරගැනීම අරමුණු කොට වැඩසටහන් ගණනාවක් පැවැති අතර, ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික පහසුකම් ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු ජාත්‍යන්තර සංවිධාන මගින් ලබාදෙන ලදී. ඉහත අපනයන ඉලක්ක සපුරා ගැනීමට නම් රජය නව අයවැය සමග මැදිකාලීන ආර්ථික සැලසුමක් ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය වේ. නව රජය බලයට පත්වී මාස තුනක් පමණ ගතව ඇතත්, තවමත් තම ආර්ථික වැඩසටහන කුමක් ද යන්න පිළිබඳ වූ නිශ්චිත ආර්ථික වැඩසටහනක් ඉදිරිපත් කර ඇති බවක් නොපෙනේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන යටතේ ආර්ථිකය යම් කෙටිකාලීන ස්ථාවරත්වයක් අත්කරගෙන ඇතත්, එම ස්ථාවරත්වය රැකගනිමින් තිරසර ආර්ථික වෘද්ධියක් අත්කරගැනීම සඳහා ආර්ථිකය සූදානම් කිරීම අවශ්‍යව ඇත.
දැනටමත් ජාත්‍යන්තර අරමුදලේ වැඩසටහන හරි අඩක් පසු කිරීමට ආසන්නව පවතින අතර, දෙවැනි භාගයේදී ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කරමින් ලාංකේය ආර්ථිකයේ විභවතා පුළුල් කළ යුතුව ඇත. පවතින ආර්ථික ආකෘතියම අප ඉදිරියට පවත්වාගෙන යාමට උත්සාහ කිරීමේ ඵලක් නොමැත. ඒ මක්නිසා ද යත්, එම ආකෘතිය තිරසර නොවන බව ලාංකික ආර්ථික ඉතිහාසය තුළ මනාව පෙන්නුම් කොට ඇති බැවිනි. පසුගිය රජය හඳුන්වා දුන් ආර්ථික පරිවර්තන පනත මගින් ආර්ථිකයේ ව්‍යුහාත්මක වෙනසක් කිරීමට අපේක්ෂා කළ අතර, ආර්ථික වෘද්ධි තීරක තුනක් පිළිබඳ අවධානය යොමු කොට පැවැතිණි. ඵලදායිතාව, විදේශ ආයෝජන, සහ කාන්තා ශ්‍රම වෙළෙඳපොළ සහභාගිත්වය ඉහළ නැංවීම ඒ අතර ප්‍රමුඛ විය. මෙම අරමුණු ළඟා කරගැනීමට විකල්ප යෝජනා රජයට ඉදිරිපත් කළ හැකිව පැවැතියත්, මෙම වෘද්ධි මූලාශ්‍ර පිළිබඳව රජය නිසි අවධානයක් යොමු කිරීම මෙවර අයවැයෙන් කළ යුතුව ඇත.
අවිනිශ්චිත ගෝලීය වටපිටාව
වත්මන් ගෝලීය ආර්ථික සහ දේශපාලන වටපිටාව පිළිබඳව ද අවධානය යොමු කිරීම වැදගත් වේ. වර්තමානයේ දිගහැරෙමින් පවතින වෙළෙඳ ආරක්ෂණවාදි වටපිටාව ලාංකික අපනයන අවස්ථාවලට සහ ඍජු විදේශ ආයෝජන ලැබීම්වලට කුමන ආකාරයේ බලපෑමක් කළ හැකි ද යන්න පිළිබඳව අවධානයෙන් කටයුතු කිරීම වැදගත් වේ. පවත්නා වෙළෙඳ ආරක්ෂණවාදි ප්‍රතිපත්ති කුමන ප්‍රතිඵලයක් ලාංකේය අපනයන සඳහා ඇති වේවි ද යන්න තවමත් පැහැදිලි නොවුණත්, ගෝලීය ආර්ථිකයේ ඇති වන පසුබෑම අංශ කිහිපයක් හරහා ලාංකික ආර්ථිකයට බලපෑම්ද කළ හැකිය. මේ හේතුවෙන් අපනයන විවිධාංගිකරණය මෙන්ම කලාපීය සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීම පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත් වේ. වැරැදුණු තැන් හොයනවා වෙනුවට ඉදිරියේදී වරද්දා නොගැනීමට කාලය හා ශ්‍රමය යොදා ගැනීම අතිශය වැදගත් බව අවධාරණය කළ යුතුව ඇත.
(***)
ශ්රී ලංකාවේ දේශපාලන භූ දර්ශනයේ ඔප දැමූ කොරිඩෝව පිටුපස ඇත්තේ බලයේ සහ බලපෑමේ වංකගිරියකි. මෙම වංකගිරියේ වඩාත් කැපී පෙනෙන චරිතයක් වූයේ ජනාධිපති මහින්ද ර
ලබන වසරේ (2026) සිට සෞන්දර්ය සහ සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනයට අදාළ විෂයන් ඉවත් නොකරන බවට පසුගිය සෙනසුරාදා අරලියගහ මන්දිරයේ අධ්‍යාපනය සම්බන්ධයෙන් පැවති සා
කොළඹ ගංගාරාම මහා විහාරස්ථානයේ නවම් මහා පෙරහර 47 වැනි වරට (11-12) හෙට සහ අනිද්දා අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
පොල් යනු ඉතිහාසයේ සිට ලාංකිකයන්ගේ දෛනික කටයුතු හා බැදුණකි. එනම් සුබ කටයුත්කදී පොල් කිරි යොදා සකසන කිරිබත නැතිවම බැරිය, දෙවියන් පිදීමේදී වුවත් පොල් ගෙඩ
2025 වසර සඳහා ඉදිරිපත් කරනු ලබන අයවැය නොබෝ දිනකින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. මෙම අයවැය කරුණු කිහිපයක් හේතුවෙන් සුවිශේෂ වේ. ඉන් පළමුවැන්න න
ඩොනල්ඩ් ට්‍රම්ප් දෙවනි වරට ඇමෙරිකාවේ ජනාධිපති ධුරයට පත්වූයේ, විශිෂ්ට ජනවරමකිනි. මුල් තැන දිය යුත්තේ ඇමෙරිකාවට බවත්, ඇමෙරිකානුවන්ට බවත් ට්‍රම්ප් තදින
ශ්රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අයවැය අපේක්ෂාවේ අභියෝග