IMG-LOGO

2025 අප්‍රේල් මස 10 වන බ්‍රහස්පතින්දා


අයි.එස්. නායකයාගේ අනතුරු ඇඟවීම

ශ්‍රී ලංකාවට එල්ල වූ මරාගෙන මැරෙන දරුණු ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධයෙන් විවිධ මත පළවෙමින් තිබේ. ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් පළවී තිබෙන මත ගණනාවකි. ඒ බොහොමයක් අදහස් තුළ ඉස්ලාම් රාජ්‍යය (අයි.එස්.) මේ ප්‍රහාර පසුපස සිටින බවට සඳහන් විය. ශ්‍රී ලංකාව වැනි වෙනත් රටකට කිසිදු හිරිහැරයක් නොකරන, මුස්ලිම් ජනතාව සමඟ වසර දහසක පමණ කාලයක් තිස්සේ සහජීවනයක් පවත්වාගෙන ආ රටක අහිංසක ජනතාව මහා ඛේදවාචකයක වින්දිතයන් බවට පත් කළේ මොන කරුමයකටදැයි කෙරෙන විමසුමට අයි.එස්. සංවිධානයෙන් පිළිතුරක් ලැබී තිබේ.

අයි.එස්. සංවිධානය මේ ප්‍රහාරයේ වගකීම සිද්ධියෙන් දින 02කට පසුව බාරගෙන තිබුණි. එයින් දින 09කට පමණ පසුව අයි.එස්. සංවිධානයේ නායකයා වශයෙන් හඳුන්වනු ලබන අබුබකර් අල් බැග්ඩෑඩි ලෝකය හමුවේ වීඩියෝ පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ සිරියාවේ බගුස්හිදී තම සහෝදරයන් මරුමුවට පත්වීමට පලිගැනීමක් ලෙස පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවේ ස්ථාන කිහිපයකට මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කළ බවය. වසර 05කට පසුව වීඩියෝ පටයක් ඔස්සේ අයි.එස්. නායකයා පෙනී සිටීමද විශේෂ සිද්ධියකි. පසුගිය මාර්තු මාසයේදී සම්පූර්ණයෙන් පරාජයට පත්කර ඇතැයි ප්‍රකාශිත ලොව බලවත්ම ත්‍රස්ත සංවිධානය වශයෙන් සැලකුණු අයි.එස්. සටන් තවම අවසන් නැති බවටද තවත් බොහෝ ප්‍රහාර එල්ල වන බවටද අල් බැග්ඩෑඩිගේ ප්‍රකාශයේ සඳහන් වෙයි.

එහි ඉලක්කය ලංකාවම දැයි පැහැදිලි නැතත් ඇමෙරිකානු තානාපතිනියගෙන් සහ හිටපු පොලිස්පතිගෙන් ද ප්‍රකාශ වී ඇත්තේ ශ්‍රී ලංකාව තුළ ඉදිරියේදී තවත් ප්‍රහාර සිදුවීමට ඉඩ තිබෙන බවය. එපමණක් නොව අනතුර ගැන කාදිනල්තුමා ද ඊයේ අනතුරු ඇඟවීමක් කළේය. මේ අනතුරු ඇඟවීම් සුළුවෙන් බැහැර කළ නොහැකිය. සකල ප්‍රහාරවල මහමොළකරු දිගටම පහරදෙන බව සඳහන් වෛරී ප්‍රකාශ ලොව පුරා ප්‍රචාරය කරන අතර ඇමෙරිකානු තානාපතිනිය සහ හිටපු පොලිස්පතිවරයා ශ්‍රී ලංකාවට තිබෙන අවදානම ප්‍රකාශ කිරීමේදී එයට ලොකු බරක් තැබීම අවශ්‍යය. ඉන්දියාවේ ඔත්තු සේවා මගින් කල් ඇතිව සපයන ලද සියලු_ තොරතුරු ඇතුළත් අනතුරු ඇඟවීම් ලියකියැවිලිවලට අත්වූ ඉරණම මේ ප්‍රකාශවලට ද අත්කර දුන්නොත් එය අපේ වළ අපම කපා ගැනීමකි. ඒ ගැන උපරිම අවධානය යොමුකිරීම ආණ්ඩුවේ ප්‍රමුඛම කාර්යය විය යුතුය.

සිරියාවේදී අල් බැග්ඩෑඩිගේ අය මරාදැම්මේ ශ්‍රී ලාංකිකයන් නොවේ. සිරියාවට ශ්‍රී ලංකාවේ යන්තම් හෝ සබඳතා ඇත්නම් ඒ මෙරටින් එරටට ගොස් සිටින ශ්‍රමිකයන් පිරිස සහ ජාත්‍යන්තර වෙළෙඳ ගනුදෙනු සුළු ප්‍රමාණයක් පමණි. සිරියානු හමුදාවට හෝ අල් බැග්ඩෑඩිගේ අය එරට දී සුන්නත්දූලි කර දැමීමට සටන් කළ වෙනත් කණ්ඩායම්වලට හෝ මේ රටේ කිසිවකුත් සම්බන්ධව සිටියේ නැත. අයි.එස්. සංවිධානය දිගින් දිගටම සිදුකරන දීර්ඝකාලීන යුද්ධයේ පළිගැනීම්වලදී බටහිර රටවලට ප්‍රහාර එල්ල කරන බවද අයි.එස්. නායකයා කියා තිබිණි. එහෙත් ශ්‍රී ලංකාව ඔවුන්ගේ පළිගැනීමේ කේන්ද්‍රස්ථාන වන බටහිර හෝ යුරෝපා රටක් නොවේ. එසේ නම් අයි.එස්. නායකයන් ශ්‍රී ලංකාවම මේ පළිගැනීමේ ප්‍රහාරයක් සඳහා තෝරාගත්තේ ඇයි? ශ්‍රී ලංකාව බටහිරට හෝ යුරෝපයට ගැතිකම් කරන රටක් වශයෙන් ඔවුන් සලකනවාද? මේ ප්‍රශ්නවලට නොපමාව පිළිතුරු සපයාගත යුතුය.

නිව්යෝක් නගරයේ පිහිටි ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට 2001 වසරේ සැප්තැම්බර් මාසයේ 11 වැනිදා උදෑසන එල්ල වූ බිහිසුණු ත්‍රස්ත ප්‍රහාරය සිදුවන තුරු අමෙරිකාව සහ යුරෝපය ප්‍රමුඛ බලවත් රටවලට ත්‍රස්තවාදය යනු තුන්වැනි පන්තියේ රටවලට සීමා වූ “කරුමයක්” පමණක් විය. ඒ වනතුරු ඔවුන්ගේ ලොකුම මාතෘකාව වී තිබුණේ ත්‍රස්තවාදය හේතුවෙන් සිදුවන මානව හිමිකම් කඩවීම් පමණි. මහා බි්‍රතාන්‍යය ද අයි.ආර්.ඒ. ගරිල්ලන් සමඟ යුද වැදී සිටිය ද එය මරාගෙන මැරෙන ත්‍රස්තවාදයක් නොවීය. ඔවුන් බෝම්බ තැබුවේ මහජනතාවට කළ අනතරු ඇඟවීම්වලින් පසුවය. 

එහෙත් අයි.එස්. සංවිධානය ලන්ඩන් සහ පැරිස් ඉලක්ක කර ගනිමින් දරුණු ත්‍රස්ත ප්‍රහාර එල්ල කළ විට ඒ රටවල්වල නායකයෝ ද ත්‍රස්තවාදයේ සැබෑ මුහුණුවර හඳුනා ගත්හ. ලොව පුරා පැතිර යන ත්‍රස්තවාදයට එරෙහිව ප්‍රබල මත ගොඩනැංවුණු අතර ඒවා යළි නොසිදුවන සේ පියවර ගැනීම ද සිදුවිය. එසේ වුවත් තවමත් ඒ රටවල හුදෙකලා ත්‍රස්ත ප්‍රහාර සිදුවෙයි. අල් බැග්ඩෑඩි ප්‍රකාශ කරන්නේ ඒ ප්‍රහාර ඉදිරියේ දී වැඩිවනු ඇති බවය.

අන්තවාදී ඉස්ලාම් ත්‍රස්ත කල්ලි විසින් කරනු ලබන ප්‍රහාරවලට ගෝලීය ත්‍රස්තවාදී ලේබලය ගැසුණේ බලවත් රටවලට එල්ල වූ එකී ප්‍රහාර හේතුවෙනි. අපේ රට ද ආරක්ෂා කරගත යුත්තේ ගෝලීය ලේබලය ඇලවුණු නමුත් මෙරට ක්‍රියාත්මක අන්තවාදී කණ්ඩායම්වලිනි. ඒ සඳහා අන්තවාදී නොවන සියලු ඉස්ලාම් ආගමික මුස්ලිම් ජනතාවගේ සහාය වැඩි වැඩියෙන් අවශ්‍ය වෙයි. එසේම රටේ දේශපාලන නායකත්වයේ මගපෙන්වීම සහ කැපවීම ද ජනතාවගේ ආරක්ෂාව ප්‍රමුඛත්වයේලා සැලකීම ද අවශ්‍ය වෙයි. වරක් බි්‍රතාන්‍ය හිටපු අගමැතිනි මාග්‍රට් තැචර්ට අයි.ආර්.ඒ. ගරිල්ලන් විසින් ඇටවූ බෝම්බයකින් ඇය දිවි ගලවා ගත්තේ අනූ නවයෙනි. එවිට එම ගරිල්ලන් කියා තිබුණේ අප වාසනාවන්ත විය යුත්තේ එක් වතාවක් පමණක් වුවත් ඔබ හැමවිටම වාසනාවන්ත විය යුතු බවය. ශ්‍රී ලංකාවේ සියලු ජනතාව හැමවිටම වාසනාවන්ත කළ හැක්කේ රජයේ ක්‍රියාකාරී වීම තුළින් පමණි.



අදහස් (4)

අයි.එස්. නායකයාගේ අනතුරු ඇඟවීම

Lakshman Monday, 06 May 2019 06:56 AM

බටහිර ක්‍රිස්තියානි රටවල් අයිසිස්ට විරුද්ධව ආරක්ෂක අංශ දැඩි කරලා තියෙන්නේ... අනික අයිසිස් යුධමය අතින් පසුබසිමින් තියන සංවිධානයක් මේ වෙලාවේ ඔවුන් තෝරාගත්තේ දුර්වල නායකත්වයක් සහ දුර්වල ආරක්ෂක තත්වයක් තියෙන අපේ රට වෙන්න ඇති.

:       21       434

rizwan Tuesday, 07 May 2019 02:23 AM

රටද ජාතියද කියන ප්‍රශ්නේ ආවොත් මුලින්ම තෝරාගන්නේ රට කියන එක. මොකද අපිට ජාතියක් ඉඉතිරිවේන්නේ රටක් තිබුනොත් විතරයි. ඒ නිසා අපි හැම කෙනෙක්ම ජාති ආගම් පසෙක දාලා මේ අවස්ථාවේ රට තුල ඔඩුදුවන මේ ත්‍රස්ත සංවිදානය නැති කරන්න ක්‍රියා කල යුතුයි. මුස්ලිම් ජාතිකයෙකු වශයෙන් මට පුළුවන් හැමදේම කරනවා. මේ බලු මැක්කන් ටික වනසලා දාන්න. මේවට නම් ගෑවුන කිසිම කෙනෙක් අරින්න නරකයි. මරණ දඬුවම අනිවාර්යෙන්ම ක්‍රියාත්මක කරන්න ඕනේ. අනික මේ සංවිදාන වහාම ලංකාවෙන් තහනම් කරන්න ඕනේ. මේ වගේ විපතක් ආයේ කවදාවත් නොවෙන්න වග බලා ගන්න ඕනේ.

:       3       239

PA - RA Friday, 10 May 2019 02:50 PM

අයි එස් අයි එස් (ඩෑෂ්) නුඹලා විසින්ම වල කපාගත්තා. උෟරෝ බල්ලෝ වුණාට ගණන් ගන්නේ කව්ද?

:       0       0

sena Friday, 10 May 2019 05:07 PM

රනිල් රට අස්ථාවර වෙනවට කැමතියි. ඔහුගේ ප්ලෑන් එක වැරදුනේ නාමල් කුමර නිසයි. පුළුවන් තාක් කල් බලයේ සිටීම ඔහුගේ අරමුණය. ඔහුගේ පසුගිය දිනවල හැසිරීම බලන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

හම්බන්තොට කෞතුකාගාරය ඉබිගමනක
2025 අප්‍රේල් මස 10 82 0

හම්බන්තොට තුඩුවේ වෙරළාසන්න උස්බිමක පිහිටා ඇති ලෙනාර්ඩ් වුල්ෆ් දිසාපතිවරයාගේ නිල නිවස අද කෞතුකාගාරයක් බවට පත්ව ඇත. එය නමින් මාගම්පුර රුහුණු උරුම කෞතු


මෝදි සංචාරය ආර්ථික දෘෂ්ටියකින්
2025 අප්‍රේල් මස 10 61 0

ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකාවේ පසුගියදා කළ සංචාරයත් එම සංචාරයේදී දෙරට අතර එළැඹි ගිවිසුම් ආදිය පිළිබදවත් බොහෝදෙනාගේ අවධානයට


ගෝලීය දකුණේ ස්ටාර්ලින්ක්
2025 අප්‍රේල් මස 09 491 0

ස්ටාර්ලින්ක් අක්‍රිය කළහොත් යුක්රේනයේ “සම්පූර්ණ ඉදිරි පෙළ” බිඳ වැටෙනු ඇති බවට එලොන් මස්ක් කළ ප්‍රකාශයට, ප්‍රතිචාර දක්වමින් පෝලන්ත විදේශ අමාත්‍ය රඩො


ට්‍රම්ප්ගේ තීරුබදු මරාලය
2025 අප්‍රේල් මස 09 247 0

ශ්‍රී ලංකාව ඇමරිකාවට අපනයන කරන භාණ්ඩ සඳහා තීරු බද්ද සියයට 44 දක්වා ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අප්‍රේල් 02 දා ඉහළ දමනු ලැබීය. එම ආරංචිය ලැබීමෙන් පසු ශ්‍රී ලංක


​සිංහල භාෂාව හෑල්ලුකිරීම ඛේදවාචකයක්
2025 අප්‍රේල් මස 08 133 1

කිවියකු, ගීත රචකයකු, කෙටිකතාරචකයකු, මෙන්ම විචාරකයකු ද වන සුනිල් ගුණවර්ධන මහතා නිර්මාණ රැසක් සිංහල සාහිත්‍යයට එක් කළ ප්‍රවීණ නිර්මාණ රචකයෙකි.


ශ්‍රී ලංකාවේ අපරාධ එදා සහ අද
2025 අප්‍රේල් මස 08 177 0

පාතාල ක්‍රියාකාරකම්වල හිස එසවීම, අපරාධ කල්ලිවල වර්ධනය සම්බන්ධයෙන් පසුගිය දිනවල වැඩි වශයෙන් සාකච්ජාවට ලක් විය. මෙකල අපරාධ කණ්ඩායම්වල ක්‍රියාකාරකම් ම


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 73 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 399 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 913 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Our Group Site