IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


අරිප්පු බලකොටුව...

21_SLTK_P_10

 

 

වයඹ වෙරළේ මන්නාරම් බොක්ක මල්වතුඔයේ මෝය කටට මඳක් උතුරින් පිහිටි සුන්දරතම මුහුදු වෙරළකි. නොගැඹුරු මෙන්ම නිසංසල වූ මේ මුහුදු බොක්ක ලොව වටිනාම මුතු බෙල්ලන්ගේ රාජධානියක්ද වන්නේය. මේ නිසාම සිංහලේ රජු අරිප්පුවේ මුතු බෙල්ලන් කඩා තම රාජකීය භාණ්ඩාගාරය මුතු වලින් පුරවා ගත්තේය.

 


ක‍්‍රිස්තු වර්ෂ 411 දී ලංකාවට පැමිණී චීන ජාතික පාහීයං හික්ෂුව මෙන්ම ක‍්‍රිස්තු වර්ෂ 1344 දී ලංකාවට පැමිණි අරාබි ජාතික ඉබ්න් බතූතාද රාජකීය භාණ්ඩාගාරය අගනා සුදෝ සුදු මුතුකැට වලින් පිරී තිබූ බව සටහන් කර තිබේ. එසේ නම් අරිප්පුවේ මුතු කැඞීම කෙරී තිබෙන්නේ ඒ තරම්ම ඈත අතීතයක සිටය.


තම රුවල් නැව සුළඟට හසුවී ලංකාවට සේන්දු වූ පෘතුගීසීහු ඊළඟට ලංකාවේ මුහුදු බඩ පෙදෙස් තම ග‍්‍රහණයට නතු කර ගත්හ. ඒ අනුව අරිප්පුවේ වෙරළද ඔවුන් සතු කරගත් පෘතුගීසිහු 1620 ගණන් වලදී අරිප්පුවේ බළකොටුවක් තනා ගත්තේය. හැබැයි එය කුඩාම කුඩා බළකොටුවකි. සේනාංක දෙකක් පමණක් රඳවා තැබීමට හැකි පරිදි කුඩාවට තැබූ මේ බළකොටුවේ ප‍්‍රධාන ගේට්ටුව තිබුණේ මුහුද දෙසිනි. හතර පැත්තම පෙනෙන පරිදි තැනූ බැලූම් කුළුණට නැගුණු විට පෙනුණේද මනස්කාන්ත දර්ශනයකි.


ඉදිරිපසින් මන්නාරම් බොක්කත්, උතුරු දෙසින් පෝක් සමුද්‍ර සන්ධියත් අනෙක් පැතිවලින් ලංකාවේ හරිත වර්ණ පොළොවත් මේ බැලූම් කුළුණට නැගුණුවිට දැක බලාගත හැකිවිය.

 

5

අරිප්පු බළකොටුව

 


අරිප්පුවේ බලකොටුව තනාගත් පසු කොන්ඩච්චි බොක්කේ මුතු බෙල්ලන් කැඞීම පෘතුගීසිහු, තම අතට ගත්හ. පෘතුගීසි ජාතික රිබෙයිරෝ සිය ලංකා ඉතිහාසය කෘතියේ එක් පරිච්ෙඡ්දයක් වෙන්කර තිබුණේ මුතු බෙල්ලන් කැඞීම ගැනම ලියා තැබීමටය.


මාර්තු මාසය ඇරඹෙන විටම අරිප්පුව මුතු කිමිදෙන්නන්ගේ ඔරු වලින් පිරී යයි. ඔරු එකක් දෙකක් නොවේ. දෙතුන්දාහකි. මේ ඔරු කන්දරාවේ අයිතිකරුවන් රටේ ප‍්‍රභූවරු, ක‍්‍රිස්තියානින් හා මරක්කලූන්ය. මේ හැම ඔරුවකම මුතු කිමිදෙන්නන් අටක්වත් සිටිති. මේ ඔරු හිමියන් ඊළඟට කරන්නේ මුතු බෙල්ලන් සිටින තැන් සොයාගැනීමයි. ඒ සඳහා මුහුදු පත්ලට කිමිදෙන්නට සිදුවෙයි.


නමුත් මුතු කැඞීම ආරම්භ කරන්නේ මාර්තු මස එකළොස්වෙනිදා පාන්දර හතරටය. ඒ හරියට නියමිත හෝරාවට විධානය ලැබීමත් සමඟය. තම තමන් තෝරාගත් ස්ථාන වලට යන ඔරු වල කිමිදුම්කරුවෙක් වහ වහා කිමිදෙමින් මුතු බෙල්ලන් කඩන්නට පටන් ගනියි. එක් කිමිදුම්කරුවකට මුහුදු පත්ලේ රැුඳී සිටිය හැක්කේ මිනිත්තු දෙකක් පමණි. හැකි තරම් බෙල්ලන් කඩාගෙන ඔරුවට එද්දී තවත් කිමිදුම්කරුවෙක් මුහුදු පතුලට යයි.


මේ අයුරින් ඔවුහු කඩාගන්නා මුතු බෙල්ලන් වෙරළෙහි ඔවුනොවුන් තෝරාගත් ස්ථානවලට ගෙනැවිත් ගොඩ ගසති. අපේ‍්‍රල් 20 වැනිදා මුතුබෙල්ලන් කැඞීමේ වාරය අවසන් වූ පසු දින නවයක් විවේක ගනිති. හේතුව මුතු බෙල්ලන්ට වහන මැසි කන්දරාව නිමව යා යුතුවිමයි. අපේ‍්‍රල් තිස්වැනිදාට තම තමන්ගේ මුතු අස්වැන්න නෙළාගෙන වෙළෙන්දුන්ට විකුණා දැමීම සිදුකෙරේ.


ලංකාවේ තවත් වෙරළබඩ ඉසව්වල මුතු බෙල්ලන් සිටියත් සිංහල රජ සමය කාලයේ මුතු බෙල්ලන් කැඩුවේ අරිප්පුවේ පමණය. ඊට හේතුව අරිප්පු මුහුද නොගැඹුරු වීමත් සංසුන්වීමත් විය යුතුය.


පෘතුගීසින්ගෙන් පසුව අරිප්පු බළකොටුව අයිති වූයේ ලන්දේසින්ටය. ඒ 1658 වසරේදීය. අරිප්පුවේ බළකොටුවට අලූතින් ගොඩනැගිලි එකතු කළ ඔවුහු බලකොටුව තරමක් විශාල කළහ.


මහනුවර රාජධානියේ සිංහල රජුගේ සිරකරුවකු බවට පත්ව සිටි ඉංග‍්‍රීසි ජාතික නාවිකයකු වූ රොබට් නොක්ස් අරිප්පු බළකොටුවට ළඟාවූයේ ඔන්න ඔය කාලයේදීය. ඔහු එනවිට ලංකාවේ ලන්දේසි ආණ්ඩුකාරයා අරිප්පු කොටුවේ නොසිටියද, බළකොටුවේ සිටි ලන්දේසීන්ගෙන් නොක්ස්ටත් ඔහු සමඟ පලා ආ මෙට්ලන්ඞ්ටත් ලැබුණේ උණුසුම් පිළිගැනීමකි.


ඊට හේතුව නොක්ස් ඒ මොහොතේ වීරයකු බවට පත්ව සිටීමය.  කෲර ඒකාධිපතියකු වූ සිංහලේ රජුගෙන් මිදී පලා එන්නට එසේ මෙසේ ‘පුතෙකුට’ නම් හැකිවන්නේ නැත....


අනෙක් අතට මේ මිනිසා සතුව උඩරට රාජධානිය ගැන ඇති රහස් සංඛ්‍යාව අප‍්‍රමාණය. ඒ නිසාම නොක්ස් යනු සම්පතක් විය. බළකොටුවේ සිටි ලන්දේසීන්ට උඩරට තොරතුරු කියන්නටම නොක්ස්ට ලොකු කාලයක් ගතවිය.


මේ උඩරට රහස් නැතිනම්, තම අත්දැකීම් මොනතරම් අගනේදැයි නොක්ස් තේරුම් ගත්තේය. ඒ සියල්ල සටහන් තබන්නට ඔහු තීරණය කළේය. නොක්ස් ඒ මොහොතේම අරිප්පු ඇතුළු වයඹ වෙරළ තීරය නිරීක්ෂණය කරන්නට පටන් ගත්තේය. ඔහුගේ ඇස ගියේ එරිට්ටුකඞ්ඩුවේ පිහිටි උසැති වැලිකන්දටය. එය මුතු බෙල්ලන්ගේ කටු වලින් හැදුණු වැලිකන්දක් බව දැනගත් විට ඔහු පුදුමයට පත්විය.


අවුරුදු දහනවයකට කලින් ත‍්‍රිකුණාමලය වරායට පැමිණි දා පටන් උඩරට රජුගේ සිරකරුවකු ලෙස ජීවත්වෙමින් ‘‘කෑ මාර පරිප්පුව’’ ඔහු අරිප්පුවේ සිට සිහිපත් කළේය.


මේ හැම සිදුවීමක්ම ලියා තබන්නට සැලසුම් කළ ඔහු පොතේ නම ලෙස ‘‘සීන් සිලෝන්’’ යන්න සුදුසු බව තීරණය කළේය. ලන්දේසින්ගේ උදව්වෙන් ජකර්තාවටත් එතැනින් එංගලන්තයටත් යන්නට නොක්ස් පසුව සමත්විය.


ලන්දේසි බළකොටුවක්ව තිබූ අරිප්පුව ඊළඟට බි‍්‍රතාන්‍ය පාලනයට නතුවිය. ප්‍රෙඞ්රික් නෝත් මන්නාරම් පළාතේ බළකොටුවල පාලකයා බවට පත්වෙද්දි ඔහුගේ සුවිශේෂ අවධානයට යොමුවූයේද මුතු බෙල්ලන් කැඞීමයි. මුතු බෙල්ලන් කැඞීම ලාභ ලබන ව්‍යාපාරයක් බවට පත්ව තිබීම නිසාම නෝත් අරිප්පු බළකොටුවෙහි නතරවී මේ කටයුතු ගැන සොයා බැලූවේය.


ඔහු තම නිල නිවෙස අරිප්පු බළකොටුව අද්දරින්ම ඉදිකරවා ගත්තේය.


ඔහුගේම සැලසුමකට අනුව නිර්මාණය කෙරුණු මේ නිල නිවෙසට තට්ටු දෙකක් අයත් විය. ඉන් යට තට්ටුවේ කාමර හතරක්ද උඩ තට්ටුවේ කෑම කාමරය සහ නිදන කාමරයද විය.


උඩුමහලට නගින පඩිපෙළ වූයේ නිවෙසේ හරි මැදිනි.


ග‍්‍රීක ගෘහ නිර්මාණ ශිල්පය අනුව ඉදිකෙරුණු මේ ගොඩනැගිල්ලේ අඩියකටත් වඩා පළල බිත්ති බැඳ තිබුණේ ගඩොල් වලිනි.


? නින්දෙන් පිබිදෙන නෝත් ඇඳෙන් බහින විටම ඔහුට පෙනෙන්නේ සුන්දර මුහුදු තීරයයි. රාත‍්‍රියට සඳ පහනේ නැහැවෙන සුන්දරම මුහුදු තීරය දෙස බලන විට මධුවිතෙන් සප්පායම් වූ නෝත්ට හිතෙන්නට ඇත්තේ ඔහු අරිප්පුවේ රජ්ජුරුවන් කියා විය යුතුය.


ඒ 1804 වසරේදී පමණය. කෙසේ වෙතත් පෙඞ්රික් නෝත් පසුකලෙක මුළු ලංකාවේම රජ්ජුරුවො බවට පත්වූයේය.


1807 වසරේදී ජේම්ස් කොර්ඩිනර් පියතුමා ‘‘ඩිස්ක‍්‍රිප්ෂන් ඔෆ් සිලෝන්’’ නමින් පොතක් ලීවේය. එහි ඔහු සඳහන් කළේ එවකට ලංකාවේ පිහිටි ලස්සනම ගොඩනැගිල්ල අරිප්පු වෙරළේ තැනූ මෙම නිල නිවෙස බවයි.


එදා මෙදා තුර කාලය වසර දෙසීය ගණනකින් පියමං කර තිබේ. එදා මුහුද අද්දර කඳු ගැටයක සාදා තිබූ මේ නිවස්නයේ උඩුමහල අද ඇත්තේ මුහුදු වෙරළ මතය.


මම පුංචි කාලේ මුහුද තිබුණෙ මීට අඩි පනහක් විතර එහායින් ඒත් අද මුහුද මෙතෙන්ටම ඇවිත්. මේ විදිහට මුහුද රට ඇතුළට එන්න ගත්තොත් මේ ගොඩනැගිල්ල තිබුණු තැනක් වත් හොයාගන්න බැරිවෙයි.


ප‍්‍රදේශයේ හිටපු ග‍්‍රාම නිලධාරිවරයකු බව කී අයෙක් පැවසුවේය.


මුහුදු ඛාදනයට විසඳුමක් සැපයිය යුතු බව ඔහුගේද අදහස විය.


නෝත්ගේ නිවහන සේම අරිප්පු බළකොටුවද අද කඩාවැටුණු ගොඩනැගිල්ලකට සීමාවී තිබේ. තැන තැන කැඩුණු බිත්තිවලින් සමන්විත මේ බළකොටුව ඇතුළේත් රූස්ස ගස්ය.


ප‍්‍රධාන ගොඩනැගිල්ලට ඔබ්බෙන් තිබෙන තවත් ගරාවැටුණු ගොඩනැගිල්ලකි. එහිද බිත්තිය මත පවා රූස්ස ගස් වැවී තිබේ.


අරිප්පු බළකොටුව පැවතියේ මුහුද අද්දරය. එහෙත් අපිට නම් පෙනෙන්නේ බළකොටුව වටකරගත් ගෙවල් සමූහයක් පමණි.


එසේනම් මුහුද කෝ? මම හාත්පස බැලීමි. අවසානයේ මුහුද හමුවිය. හැබැයි ඒ මීටර් සියයකටත් වඩා දුරකිනි. එසේනම් එදා අරිප්පු බළකොටුවට විශාල බිම්කොටසක් අයත්ව තිබෙන්නට ඇත. සේනාංක රඳවා තැබීමට ඉඩකඩ, පාසල, පල්ලිය, නිල නිවාස මෙන්ම කනත්තද පැවතියේ මේ බළකොටුව තුළමය. එහෙත් අද මේ කිසිවක නටබුන් දකින්නට නැත. අරිප්පුව ඒ තරමටම කාලයේ පරිප්පුවට අවනතවී තිබෙන පාටය.


 එහෙත් මේ පොළොව යට එදා වළදැමූ ලන්දේසීන්ගේ මිනී වලවල් ආදිය ඉතිරිව පවතිනු ඇත. මන්නාරම් කොටුව හෝ වෙනත් ඉපැරැුණි බළකොටු මෙන් සුරක්ෂිතව නැති බැවින් අපිට අරිප්පුවේදී ඒ කිසිවක් හමුනොවේ.


එහෙත් අරිප්පු බළකොටුව තුළ සිටින විට හෙළිදරව් වූ තොරතුරු වලට වඩා බොහෝ රහස් මේ පොළව යට සැඟවී තිබෙන බවනම් අපට සිතුණි.

m

 



අදහස් (0)

අරිප්පු බලකොටුව...

වජිර කොඩිතුවක්කු Thursday, 14 May 2015 07:30 AM

කෙසේ වෙතත් හොඳ ලිපියක්. (හේ)

:       0       0

වජිර කොඩිතුවක්කු Thursday, 14 May 2015 07:47 AM

ඉතා හොඳ ලිපියක් (ම)

:       0       0

සොපී Saturday, 28 March 2015 03:53 AM

නිසි සංරක්ෂණයක් නැති නිසා දැන් නම් පරිප්පු නේද...? (ම)

:       0       0

ලසන්ත සිරිතුංග Saturday, 25 April 2015 06:04 AM

හොද තැනක්. ලස්සන පරිසරයක්. මෙතැන මම ගොඩ කාලයක් රාජකාරි කරා. හැබැයි මුතු බෙල්ලෝ නම් ඉතාමත් සුළුවෙන් තමයි දැක්කේ. (ස)

:       0       0

හේවාවිතාරණ Monday, 18 May 2015 07:33 PM

මහාචාර්ය එච්.සී.පී. බෙල් මහත්මයා අද දක්වා ජීවත්වුණා නම් මේවා රැකගන්න තිබුනා (නි)

:       0       0

නිමල් විජේසුරිය Saturday, 28 March 2015 11:19 PM

මේ අවට මුහුදේ සංචාරක ධීවරයෝ මසුන් අල්ලාටි. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

උතුර-දකුණ එකට එක්කළ ඡන්දයක්
2024 නොවැම්බර් මස 23 254 1

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව


මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 877 1

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


එලොව පොල් පෙන්වන පොල් මිලේ රහස
2024 නොවැම්බර් මස 21 1382 0

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන


ජයග්‍රහණ ජනසතුවේ අභියෝග
2024 නොවැම්බර් මස 21 205 0

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ


පෙරදිග ධාන්‍යාගාරයේ සහල් අර්බුදය
2024 නොවැම්බර් මස 20 431 1

පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම


ආණ්ඩුවට භාරදූර වගකීමක්
2024 නොවැම්බර් මස 19 599 0

ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 519 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 734 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2056 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site