IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


අර්බුද මවන ව්‍යවස්ථාවේ අබල-දුබලතා

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, විදුලිය හා බලශක්තිය එකිනෙකට ගැළපෙන්නේ නැත. ව්‍යවස්ථාව හා කෘෂිකර්මය ද නොපෑහේ. පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා ආර්ථිකය ගැන එකට තබා සාකච්ඡා කළ නොහැක. එහෙත් පොදු ලක්ෂණයක් තිබේ. අද වන විට ශ්‍රී ලංකාව මුහුණ පා සිටින බරපතළ අර්බුදය, මෙරට ව්‍යවස්ථානුකූල බංකොලොත් භාවයේ එක පැත්තකි. එය සමස්ත ව්‍යුහය ගොදුරු කරගෙන තිබේ. ජන සමාජය විශාල පරිහානියකය. ආර්ථිකය අනතුරුදායක තැනකය. දරුණු විපතකින් කෙළවරවන අවදානමක් ඇත. 

පටු ආකල්ප පසෙක තැබිය යුතු මොහොත උදා වී තිබේ. ඝෝෂාකාරී විවේචනවලින් රට හදන්නට හැකියාවක් නැත. ගැටුම්, කෙණෙහිලිකම් හා බෙදීම් වලින් වාසි අත්පත් කරගත හැකි වූයේ නම් පසුගිය දශක හත තුළ ලෝකයේ ඉහළම අභිවෘද්ධිය අත්පත් කරගනු නොඅනුමානය. ජනතාවට පැවැත්ම අවශ්‍ය කර තිබේ. දරුවන්ගේ අනාගතය ගැන කල්පනා කරන්නට සිදුවී තිබේ. මහජන නියෝජිතයන්ගේ වගකීම රට එක්සේසත් කිරීමය. අර්බුද ඇති කර එයින් ඇතිවන ප්‍රතිඵල දෙස බලා නිගා කිරීම කිසිම වගකීමක් සහිත කාර්ය භාරයක් නොවේ.

ව්‍යවස්ථාවේ අර්බුදය පැහැදිලි කරගැනීම

අවශ්‍ය පරිදි තෙල් සැපයුවහොත් විදුලිය දෙන බව විදුලිය බල අමාත්‍යවරයා කියයි. තෙල් සඳහා මුදල් ලැබුණොත් හිඟයකින් තොරව ඉන්ධන සැපයිය හැකි බව ඛනිජ තෙල් අමාත්‍යවරයා කියයි. මෙම ඇමැතිවරු එකම කැබිනට් මණ්ඩලයක සිටින වැදගත් සාමාජිකයෝ දෙදෙනෙකි. මාධ්‍ය ඉදිරියට පැමිණ එකිනෙකාට ඇඟිල්ල දිගු කරගැනීමෙන් රටට විදුලිය ලැබෙන්නේ නැත. ඛනිජ තෙල් හා විදුලිය බලශක්ති ප්‍රභව දෙකකි. ගල් අඟුරුවලට වෙනම ඇමැතිවරයකු පත්කර සිටියේ නම් තත්ත්වය තවත් සංකීර්ණය. නොරොච්චෝල බලාගාරයට ගල් අඟුරු නොලැබුණහොත් රට අන්ධකාරයේ තබන බව ඔහු ප්‍රකාශ කරනු ඇත. එක විෂයයක තිබිය යුතු ජාතික මර්මස්ථාන දෙකට තුනට කොටස් කර වෙන වෙනම ඇමැතිවරුන් පත් කිරීමට සිදුවූයේ ඇයි. මෙය ශ්‍රී ලංකාවේ පවතින අතිශය දුර්වල ව්‍යවස්ථාවේ ප්‍රතිඵලයකි. 

දැනට සම්මතයේ පවතින ව්‍යවස්ථාව අනුව පවත්වන මැතිවරණ වලින් ජය ගන්නා දේශපාලනඥයෝ ප්‍රබලයෝ වෙති. ආණ්ඩුපක්ෂයේ අසුන් ගන්නා සියලුම දෙනා රටේ ඇති ලොකුම ඇමැතිකම අපේක්ෂා කරති. එහි හාස්‍යජනක පැත්තක් ද තිබේ. 

ඇමැතිවරුන් අත ඇති ආයතන වඩාත්ම අකාර්යක්ෂම සහ දැවැන්ත අලාභ සහිත ඒවාය. තෙල් සංස්ථාව, විදුලිය බලමණ්ඩලය උදාහරණ සේ දැක්විය හැකිය. මෙරට සාර්ථක ව්‍යාපාරිකයකු ගෙන් ප්‍රශ්න කළහොත් එම ආයතන ඔහු කිසිසේත් තමන්ගේ වත්කම් වශයෙන් නඩත්තු කරන්නේ නැත. අභාග්‍යයකට මෙරට දේශපාලනඥයෝ බලයට කැමැත්තෝ වෙති. කැබිනට් මණ්ඩලයේ ලොකුම අමාත්‍යංශය භාර ගැනීමේ නොතිත් ආසාවකින් සිටිති. ජනාධිපතිවරයාට ඇමැති කොටස් පැවැරීමට සිදුවී තිබේ. එකම විෂයය දෙකට තුනට බෙදා ඇමැතිධුරවලට පත් කරති. ව්‍යවස්ථාව අපට ලබා දී ඇති ඉතා අවාසනාවන්ත ඉරණම මෙයින් පෙන්නුම් කෙරේ. ඇමැතිකම් නොලැබුණහොත් සිදුවිය හැකි දේ පැහැදිලිය. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් කනස්සල්ලට පත්වන අතර පාර්ලිමේන්තුවේ බහුතරය අවදානමකට ලක්විය හැක.

අසම්බන්ධීකරණයෙන් ඇති කරන විකෘතිය

අවශ්‍යතා නොසලකා විෂය වෙන් කිරීම මෑත කාලීන ආණ්ඩුවල අසාර්ථකත්වයෙහි ප්‍රධාන ලක්ෂණයකි. විද්‍යාත්මක පදනමකින් අමාත්‍යංශ වෙන් කරන බව ප්‍රකාශ කරන නමුත් එකට තිබිය යුතු විෂයයන් වෙන වෙනම බෙදා දීමෙන් ආයතන අතර අන්තර් සම්බන්ධීකරණයක් ඇති කරගැනීම දුෂ්කර වී තිබේ. අධ්‍යාපනය, ආර්ථිකය, ආගම, බලශක්තිය සියලු අංශවල විකෘතියකි. අධ්‍යාපනය සම්බන්ධ තල ගණන ඉතාම සංකීර්ණය. අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන වශයෙන් බෙදී ඇත. රාජ්‍ය අමාත්‍යවරුන්ට වෙනම පැති බාර දී තිබේ. තාක්ෂණ අධ්‍යාපනය වෙනම තැනකය. වෘත්තීය අධ්‍යාපනය තවත් ඇමැතිවරයකුටය. අවුල් ජංජාලයකි. ප්‍රතිපත්ති තීරණ ගැනීමට කිසිම අවස්ථාවක් නැත. අනාගතය ගැන තීක්ෂණ ආකාරයකට සලකා තීරණ ගැනීමට බාධා කර තිබේ. 

විදුලිය හා බලශක්තිය එකට තිබිය යුතු ආකාරයට අධ්‍යාපනය ද එක විෂයයකි. මේවායේ කොටස් වෙනම කඩා වෙන් කිරීමෙන් තීරණ ගැනීමට නොහැකි වී තිබේ. එකම කැබිනට් මණ්ඩලයක සිටින සාමාජිකයන් තමන්ගේ අධිපතිවාදී මානසිකත්වය අනුව ක්‍රියා කරන අතර එය රටට හානියකි. 

ඡන්ද ක්‍රමය අනුව පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කිරීම පහසු නැත. දිස්ත්‍රික්කයක් මෙහෙයවන්නට සිදුවේ. අනුගාමිකයන් විශාල පිරිසක් පිරිවරාගෙන අධික ධනස්කන්ධයක් වැය කරන කර්තව්‍යයකි. ඡන්ද වේදිකාවේ දී පක්ෂ නායකයා අසලින් සිටින බව ඇඟවිය යුතුය. නායකයාට ළඟම සිටින පිරිස දිනවන්නට පාක්ෂිකයෝ කැමැත්තෝ වෙති. ඡන්දයෙන් පසු ඇමැතිකම්වලට පත්කරන අවස්ථාවේ නොක්කාඩු ඇති වෙයි. ඒවා පාලනය කරන්නට බලවත් ඇමැති ධුර බව පෙනෙන්නට විෂය බෙදා දීමෙන් පසු ඇතිවන ව්‍යාකූලත්වයෙන් රටට හෝ ජනතාවට කිසිම පලක් නැත.

ප්‍රතිපත්ති වෙනුවට පාක්ෂිකයන් සැනසීම

ඇමැති මණ්ඩලයේ වගකීම ගැන අදහසක් තිබිය යුතුය. ඇමැතිකම ඊළඟ ඡන්දයට මනාප හදන තැනක් නොවේ. රට ගොඩනගන්නට ප්‍රතිපත්ති සකස් කරන තැනකි. බලශක්ති සංවර්ධනය සම්බන්ධයෙන් ඉන්දියාව සමග සාකච්ඡා කරන විට ඇමැතිවරු ඒවායේ වගන්ති ගැන අවධානය යොමු නොකරති. ඊළඟ වාරයේ ඡන්දයට යන විට පාක්ෂිකයන්ගේ හිත තුළ මැවෙනු ඇති බව සිතන චිත්‍රය ගැන වෙහෙසෙති. විපක්ෂයේ විවේචන ඉදිරියේ ප්‍රතිරුපය ගැන සලිත වෙති.

රටට ඉතාම වැදගත් තීරණාත්මක ආයෝජන ඉදිරියේ පවා ඇමැතිවරුන් හැසිරෙන ආකාරය ලජ්ජා සහගතය. බලය සඳහා මහත් කැමැත්තක් ඇති නමුත් බලය පාවිච්චි කිරීමට ඇති අවස්ථා ඉදිරියේ පසෙකටවීම පවතින ක්‍රමයේ වරදකි.
ඇමැති මණ්ඩලයට බලය ලැබෙන පරි දි ක්‍රමය වෙනස් කරන ව්‍යවස්ථාවක් අපට අවශ්‍යය. ඇමැරිකාව ඇතුළු බටහිර ඇතැම් රටවල ප්‍රජාතන්ත්‍රවාදය අනුව ඇමැතිවරයකු වශයෙන් පත්වීමෙන් පසු පාරිලිමේන්තු නියෝජනය අවසන් කෙරේ. 

ඔහුගේ වගකීම විධායකය සමග එකතු වී සැලසුම් සකස් කිරීමය. ශ්‍රී ලංකාවේ ඇමැතිවරු ජනාධිපති සමග එකතු වී රටට ප්‍රතිපත්ති හදන අතරවාරයේ ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ විදුලිය යෝජනා ක්‍රමය ද විවෘත කරන පිරිසකි. රට ගැන හැඟීම වෙනුවට මනාප ගැන අවධානය යොමු කෙරේ. 

ඡන්දයට වියදම් කරන ලද පිරිස වෙනුවෙන් ටෙන්ඩර්, කොන්ත්‍රාත් සැපැයිය හැකි අමාත්‍යංශයක් ලබා ගැනීම අනෙක් වැදගත් කාරණයකි. පාක්ෂිකයන් හා අනුගාමික පිරිසට රැකියා සැපයීම සඳහා ද වුවමනා කරන පරිදි ආයතන ගණනාවක් ඇති අමාත්‍යංශයක් ද ඇමැතිවරු අපේක්ෂා කරති. ආණ්ඩු වෙනස්කර මෙම ආකෘති හදන්නට නොහැක. දේශපාලන පක්ෂය වැදගත් නැත. ඉතාම හොඳ දේශපාලන පක්ෂය පවා දැනට පවතින ව්‍යවස්ථාව අනුව ඉතාම පහසුවෙන් දූෂිත සහ වංක පිරිසක් බවට පත්වෙති. රටට සේවය කරන බලවත් අධිෂ්ඨානයක් ඇතිව ආණ්ඩු බලය ගන්නා නමුත් පවතින රාමුව තුළ අන්ධයෝ සහ බිහිරෝ බවට පත් වෙති. අද පවතින කටුක ස්වභාවය එයයි.

ව්‍යවස්ථාව වෙනස් කරන යෝජනා 

රටට අවශ්‍ය පාර්ලිමේන්තුවට බලය පවරන බව කියන නිස්සාර අදහස් නොවේ. ව්‍යවස්ථාදායකය හා විධායකය අතර පහසු පාලනයක් ගෙන යන ව්‍යුහයකි. මහජන නියෝජිතයන් තෝරා ගැනීම සඳහා සරල ඡන්ද ක්‍රමයකි. බලය වෙනුවට ජනතා පරමාධිපත්‍ය වෙත නතු වෙන පරිපාලනයකි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අලුත් පාර්ලිමේන්තු සැසි වාරය විවෘත කරමින් ව්‍යවස්ථාවක් සකස් කරන ආකාරය ගැන අදහසක් පළ කළේය. එය දැනට දශක තුනක් තිස්සේ කරගෙන යන සංවාදයේ තවත් දිගුවකි. පසුගිය කාලය තිස්සේ බලයේ සිටි ආණ්ඩු ව්‍යවස්ථා වෙනුවෙන් කාලය නාස්ති කර තිබේ.

ව්‍යවස්ථාව සකස් කරන්නට සූදානම්වීම පවා අසාර්ථකත්වයට මුල පිරිමකි. බලයේ සිටින පක්ෂයට අවශ්‍ය පරිදි ව්‍යවස්ථාව හදන විට අනෙක් සියලුම පක්ෂ හා ඒවාට මතවාදීව සහාය ඇති සිවිල් සංවිධාන එකහෙලා විරුද්ධය. එම විරුද්ධත්වයට ආගමික නායකයන්ද එකතු කරගනිති. මහජන මතය බව හුවා දක්වන නමුත් ඇත්ත වශයෙන්ම මාධ්‍යයෙන් විසුරුවා හරින්නේ ජනතාවගේ අදහස් නොවේ. සුළු පිරිසක් නගන එකම ආකාරයේ භාෂා රටාවක් පමණකි. 

ව්‍යවස්ථාව සරල හා කෙටි එකක් විය යුතුය. මහජන නියෝජිතයන් පත් කරගන්නා ක්‍රමය එහි තිබිය යුතු අතර මූලික අයිතිවාසිකම් ආරක්ෂා කරගන්නා බලය එකී ලියැවිල්ල තුළ තිබිය යුතුවේ. අකාර්යක්ෂමතාව පිටුදකින, දූෂණයට ඉඩ නොතබන ක්‍රමවේද සඳහා රාමුව ඉතා වැදගත්ය. හඬක් නැති කොටසගේ හඬ මතු කරන දර්ශනයක් ව්‍යවස්ථාවක තිබිය යුතුය. අපට අහිමි වී ඇත්තේ එකඟතාවයි. සම්මුතිය නැති තැනක් බවට පත්ව ඇත.

එකම පක්ෂයේ එකට අසුන් ගන්නා මැති ඇමැතිවරුන් අතර බලය හා කීර්තිය වෙනුවෙන් සටන් වදින ස්වභාවයට රාමුවක් සැපයීමට අලුත් ව්‍යවස්ථා අවශ්‍ය නැත. එය අප මතක තබාගත යුතු වැදගත් කාරණයකි. පක්ෂය තුළ කැපී පෙනෙන්නට හා මනාප වලින් වැඩිම තරඟයක් ගන්නට වෙහෙසෙන ක්‍රමයකින් රටට ඇති ප්‍රයෝජනය කුමක් ද? ඡන්දයෙන් දිනා ඇමැතිකමක් ලබාගන්නා මෑත කාලයේ කිසිම දේශපාලනඥයකු ඡන්දයේ දී තරම් මහන්සිවී අමාත්‍යංශයක වැඩ කරන්නේ නැත. එය අප පත්ව ඇති ඉරණම සනිටුහන් කරයි.

අත්හදා බැලීම්වලින් අසරණභාවයට පත් රටක්

පසුගිය දශක හතකට වැඩි කාලය තුළ අනේක වාරයක් අත්හදා බැලීම්කර තිබේ. තමන්ගේ දේපොල ඉඩකඩම් විකුණා ජනතාවට සේවය කරන්නට ඉදිරිපත් වූ පරම්පරාවක සිට ජනතාවගේ දහඩිය මහන්සිය සූරාගෙන ඒවායෙන් වංචාකර පරම්පරා ගණනකට ධනය උපයා ගන්නා තැනක් දක්වා පැමිණ තිබේ. අද දේශපාලනඥයන් අතර වෙනසක් නැත. සියලුම දෙනා අතර ඇති එකම සමානකම බලයට පැමිණීම සඳහා ඇති අරගලය පමණකි. ජනතාවට බයක් ඇති කරන අතර මිථ්‍යාවෙන් රවටමින් සිටී. කිසිම ජන කොටසක් තමන්ගේ දේශපාලන නායකයන් විශ්වාස නොකරන තැනට පත්වෙමින් සිටී.

න්දය පාවිච්චි නොකළ යුතු බවට මතයක් ඇති කරන තරමට එය ප්‍රබල තැනකට පත්වූ බව මතක් කළ යුතුය. මෙහි අවසානය කුමක්ද? රට හදන බවට කෑගසා බලයට පත් නායකයන් අවසානයේ රට ගෙනැවිත් තබා ඇති තැන ගැන සෑහීමකට පත් විය හැකි ද? අති විශාල ණය බර, කිසිම නිෂ්පාදන ක්‍රියාවලියක් ගැන නොසලකා තීරණ ගැනීම නිසා අවසානයේ දී රට පත්ව ඇත්තේ භයංකාර තැනකටය. ආහාර, බලශක්තිය, අධ්‍යාපනය, ප්‍රවාහනය, මුල්‍ය පද්ධතිය, සෞඛ්‍ය, සමාජ විනය සියලුම අංශ දරුණු ලෙස පිරිහී තිබේ.  

වත්මන් ආණ්ඩුවට බරපතළ වගකීමක් පැවැරී ඇත. කොවිඩ් වසංගත තත්ත්වයෙන් ගැලවීමෙන් පසු රටට අලුත් අවස්ථා සඳහා එකඟතාවකට යා යුතුය. එක දෙයක්, එක තීරණයක් ප්‍රමාණවත් බව අවධාරණය කළ යුතුය. ආර්ථිකය දියුණු කරන්න එය ප්‍රමාණවත්ය. විවෘත ආර්ථිකය විනාශකාරී දෙයක් නොවේ. පහළටම වැටුණු රටවල් නැගෙන්නට අවස්ථාව පාදා දී තිබේ. ආසියානු කලාපයේ රටවල් ගණනාවක් එක පරම්පරාවක කාලයක් තුළ දැවැන්ත සංවර්ධනයක් ළඟා කරගෙන ඇත. 

තද තීරණ ගෙන ප්‍රතිසංස්කරණ සහිත අලුත් ව්‍යුහයකට ගමන් කළහොත් ගැලවීමක් තිබේ. ඇමැති මණ්ඩලය හෝ අපගේ නිලධාරී මණ්ඩලය සියලුම දේ දන්නා පිරිසක් නොවේ. පැරණි අත්දැකීම් අපට ඇත. උපදෙස් ගත හැකිය. ආර්ථික මුලධර්ම අනුව තීරණ ගැනීම වැදගත්ය. අමාත්‍යංශ අතර ගැටුම්, නිලධාරීන් අතර බෙදීම් මුලධර්ම නොතකා ක්‍රියා කිරීමේ ප්‍රතිඵලයකි. ව්‍යවස්ථානුකූලව පැන නැගී ඇති ව්‍යාකූලත්වය තාවකාලිකව පරාජය කර අලුත් පියවරකට ගමන් කිරීම අවශ්‍යය. 

සාරා කන්දෙගොඩ



අදහස් (0)

අර්බුද මවන ව්‍යවස්ථාවේ අබල-දුබලතා

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 3152 2

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 12276 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 568 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


ශාස්ත්‍රීය දියුණුවට දිරිදුන් හාරඹ වලව්ව
2024 සැප්තැම්බර් මස 26 942 2

හාරඹ වලව්ව බලපිටියේ පිහිටි වලව් අතරින් පැරැණිතම වලව්වකි. සිංහල, පාළි, සංස්කෘත, ඉංග්‍රීසී හා ලතින් භාෂා මැනැවින් දැන සිටි ලු‍වී ද සොයිසා විජයසේකර ජයතිල


​ඡන්දයෙන් රටට දුන් පණිවිඩය
2024 සැප්තැම්බර් මස 26 1021 1

මෙවර ජනාධිපතිවරණය මෙරට මැතිවරණ ඉතිහාසයෙහි පැවැති ඉතාම සාමකාමී මැතිවරණයකි. ඒ නිසාම එම සාමකාමී පරිසරය ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන්ගේ ප්‍රසාදයට ලක්


පැවිදි දිවියේ 36 වසර සපුරන තලල්ලේ චන්දකිත්ති හිමියෝ
2024 සැප්තැම්බර් මස 25 498 1

විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක වන තලල්ලේ චන්දකිත්ති හිමියන්ගේ පැවිදි දිවියට අදට (25) වසර 36ක් සම්පූර්ණ වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38103 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25082 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 248 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 812 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site