IMG-LOGO

2025 අප්‍රේල් මස 26 වන සෙනසුරාදා


අලුත් නායකත්ව පරපුරක් ඕනෑ - අගමැති

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (16 වැනිදා) සවස මාධ්‍ය ප්‍රධානීන් හමුවූ අවස්ථාවේදී ඉතා අසීරු ප්‍රශ්න කිහිපයකටම මුහුණ දුන් නමුත් තැන්පත් ලීලාවෙන් එම ප්‍රශ්න සියල්ලටම පිළිතුරු දුන්නේය.

පළාත් පාලන මැතිවරණයෙන් පසුව අගමැතිවරයා මුහුණ දුන් පළමු වැනි පුවත් පත් සාකච්ඡාවද එයයි. මැතිවරණයේදී ලද පරාජය සම්බන්ධයෙන්ද අගමැතිවරයා වගකීම බාරගත්තේය.

එකකට පසුපසින් එකක් ඇදී ආ අසීරු ප්‍රශ්න වලට පිළිතුරු දෙන අතරවාරයේම වරක් දෙකක් සභාව සිනාගැන්වීමටද අගමැතිවරයා පසුබට නොවීය. ද්‍රවිඩ ජාතික සන්ධානයේ සහාය ලබාගැනීම සඳහා රුපියල් මිලියන 20 ක් දීම පිළිබඳව කළ විමසීමේදී අගමැතිවරයාගේ පිළිතුර වූයේ “ටී.එන්.ඒ. එකට දෙන්නේ මොකටද? මට මිලියන 20 ක් තිබුණා නම් ඒක මම තියාගන්නවානේ” යන්නයි.
 
වත්මන් රජයේ පරාජයට හේතුව පසුගිය රජය සමයේ දූෂණ සහ වංචා කළ අයට විරුද්ධව නීතිය ක්‍රියාවේ යෙදවීමට නොහැකි වීමත් ඉහළ යන ජීවන වියදම බවත් අගමැතිවරයා පෙන්වා දුන්නේය.

බොහෝ මාධ්‍යවේදීන්ගේ අපේක්‍ෂාව වූයේ අගමැතිවරයා පූර්ව සූදානමකින් ගෙන ආ ප්‍රකාශයක් කියවීමෙන් පසුව පිටව යනු ඇති බවයි. එහෙත් ප්‍රශ්න ඇසීමට සියලු දෙනාටම අවස්ථාව දෙමින් අගමැතිවරයා සභාව පුදුමයට පත්කළේය.

අගමැතිවරයා වෙත යොමු කරන ලද ප්‍රශ්න සහ අගමැතිවරයාගෙන් ඒවාට ලැබුණු පිළිතුරු පහත දැක්වේ.


මාධ්‍ය    -     අගමැතිතුමා ඔබතුමා වසර 24 එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය දරල තියනවා. ඔබතුමා හිතන්නේ නැද්ද දැන් කාලය හරි කියලා අලුත් නායකත්වයට පක්ෂය භාර දෙන්න.
අගමැති    -     අලුත් නායකත්ව පරපුරක් බිහිකරන්න ඉන්නේ. එ්කයි මම කිව්වේ.

මාධ්‍ය     -    කවද්ද එහෙම කටයුත්තක් කරන්න බලාපොරොත්තුවෙන්නේ..?
අගමැති     -     වැඩකටයුතු සාකච්ඡා කරලා බලාපොරොත්තු වෙන්නේ. පැය 24 න් එක වෙන්නේ නෑ. ඒ පරිවර්තනය අපි කරගෙන යනවා.

මාධ්‍ය     -    අගමැතිධුරයෙන් ඉවත් වන්න කියලා, විශේෂයෙන් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය වගේම ජනාධිපතිවරයාත් ඒ ඉල්ලීමම කරනවා කියලයි ඔවුන් කියන්නේ.
අගමැති -     නෑ මම ව්‍යවස්ථාව අනුව වැඩකටයුතු කරනවා.

මාධ්‍ය -         විපක්ෂයත් එක්ක ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ කිහිපදෙනෙක් එකතුවෙලා, එක්සත් ජාතික පක්ෂයේ පිරිසකුත් සම්බන්ධව අලුත් ආණ්ඩුවක් හදන්න යනවා කියලා කියනවා.
අගමැති -      එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රිවරු සමහරු කියනවා ඒ අයට කතා කළා කියලා. ඒ අයගේ අදහස්වලට එකඟ වුනේ නෑ කියලා. අපේ කණ්ඩායම ඊයෙත් රැස්වුනා.     මේ එකකවත් ඉවත් වුනා කියලා කියලා නෑ.

මාධ්‍ය -         ඔබතුමාට හිටපු ජනාධිපති තුමා කතා කලාද?
අගමැති -     මට ගිය සඳුදා කතා කලා.

මාධ්‍ය -         රාජිත අමැතිතුමා කිව්වා ඔබතුමාට කතා කරලා අගමැතිධූරයෙන් ඉවත්වන්න එපා කියලා කිව්වා කියලා.  එතුමා ඊට පස්සේ කියලා තිබුණා එක බොරුවක් කියලා.
අගැමැති -     එතුමා පාර්ලිමේන්තුවේ හිටියා. මොකක්ද කාරණයක් ගැන, එතුමා ඇහුවා පාර්ලිමේන්තුවේ කතාවක් යනවා අගමැතිකමෙන් ඉවත් වෙන්න යනවා කියලා. මම කිව්වා එහෙම එකක් නෑ මම දැන් කාර්යාලයේ ඉන්නේ. වැඩ කටයුතු කරගෙන යනවා කියලා. බොහොම හොදයි කියලා කිව්වා. ටිකක් කතා කරලා.

මාධ්‍ය -         සමහරවිට එන චෝදනාවක් තමයි ඔබතුමා දිගින් දිගටම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමග යම් සම්බන්ධතාවක් පවත්වාගෙන ගියා කියලා. ආරක්ෂා කලා කියලා..?
අගමැති -     කවුරුත් ආරක්ෂා කරලා නෑ. මං එයාවත් දැනගෙන ඉන්නවා ඉතිං. විටින් විට මට කතා කරලා එක එක ඉල්ලීම් කරනවා. නැත්නම් දැනුවත් කරනවා. ඊට වඩා එකක් නෑ ඉතිං.

මාධ්‍ය -         අද ඒකාබද්ධ විපක්ෂය කිව්වා ජනාධිපති කිව්වා කියලා 19 වැනි සංශෝධනය අනුව අගමැති ඉවත් කරන්නේ කොහොමද කියලා නීතිපතිගේ උපදෙස් පතනවා කියලා.
අගමැති -     ව්‍යවස්ථාවේ තියනවා අගැමති ඉවත් කරන්නේ කොහොමද කියලා. විස්වාස භංගයෝජනාවක් ආණ්ඩුවට විරුද්ධව ගෙනාවාම, අයවැය පැරදුනාවම දේ ව්‍යවස්ථාවේ තියනවා.

මාධ්‍ය -         ඒ කියන්නේ විස්වාස භංග යෝජනාවක් ගෙනාවොත් ඔබතුමා සූදානම්ද මුහුණ දෙන්න. බහුතරය ඔබතුමාට තියනවද?
අගමැති -     දැනට බහුතරයත් තියනවා

මාධ්‍ය -      මොකද එක්සත් ජාතික පක්ෂය 106ක් හෝ වගේ මන්ත්‍රීවරු සංඛ්‍යාවක් නේද ඉන්නේ?
අගමැති -     එක පාර්ලිමේන්තුවේ දි බලන්න තියෙන්නේ.

මාධ්‍ය -         හොරු ඇල්ලීම සම්බන්ධයෙන් චෝදනා තිබුණා බලපෑම් කරා කියලා? මේ සම්බන්ධයෙන් ඔබතුමන්ලාගේ රංජන් රාමනායක නියෝජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශයකුත් කලා තාජුඩීන් ඝතනය වලක්වන්න කෝල් 61 ක් දුන්න ඇමැතිවරයෙක් ගැන.
අගමැති -     පොලිසියට කියලා තියනවා එහෙම එහෙම එකක් සිදු වුනොත් බලපෑමක් සිදු වුනොත් දැනුම් දෙන්න කියලා.

මාධ්‍ය -         ඇමතිවරුනේ බලපෑම කරන්නේ ?
අගමැති -     ඇමතිවරු කතා කලත් කියන්න කියලා

මාධ්‍ය -         ඒ කියන්නේ සමහරු චෝදනා කරන්නේ ජනාධිපතිවරයා හෝ අගමැතිවරයාත් මේ විදියට බලපෑම් කරනවා කියලා.
අගමැති -     මම කතා කරලා නෑ කාටවත් මේ ගැන

මාධ්‍ය -         එතකොට ජනාධිපතිවරයා ?
අගමැති -     මං දන්න තරමට නම් නෑ

මාධ්‍ය -         ජාතික ආණ්ඩුව සම්බන්ධයෙන් විවිධ මත පලවෙනවා. විශේෂයෙන්ම ජනතාව දකිනවා අර්බුදයක් තියනවා කියලා. ඒ කියන්නේ ඔබතුමන් ගන්න තීරණ ජනාධිපතිතුමා වෙනස් කරනවා. ජනාධීපති ගන්න තීරණ ඔබතුමා වෙනස් කරනවා. එක්සත් ජාතික පක්ෂයේ විරෝධතා පල වෙනවා.
අගැමැති -     තීරණයක් ගත්තට පස්සේ ක්‍රියාත්මක වෙනවා. ක්‍රියාත්මක වෙනකොට තියන බාදා ටිකයි කල් යෑම. ඒ අතරතුරේ තියනවා. ඒත් මේක ප්‍රධාන පක්ෂ දෙකයි තවත් සුඵ පක්ෂ ගනාවක් සමග එකතුවෙලා ආව ආණ්ඩුවක්.

මාධ්‍ය -         ඔබතුමා හිතන් නැද්ද ඒ ගැන..?
අගමැති -     එහෙම ආව ආණ්ඩුවල ප්‍රශ්න තියනවා. මම ඉස්සෙල්ලත් කියලා තියනවානේ

මාධ්‍ය -         නායකයෝ දෙන්නෙක් නිසා ගමන අඩලා වෙනවා කියලා ඔබතුමා හිතන්නේ නැද්ද?
අගමැති -     නායකයෝ දෙන්නෙක් ඉන්නවානම් ඉන්න ඕනෑ. සභාග ආණ්ඩුවක. නැත්නම් තුන් දෙනෙක් නැත්නම් හතර දෙනෙක්.

මාධ්‍ය -         ඔබතුමන් එක්ක ඉදරි මැතිවරණයකට යාම දී විශේෂයෙන්ම ජයග්‍රහණය කිරීම අපහසුයි කියලා. යම් යම් මන්ත්‍රිවරු අදහස් පල කරනවා.
අගමැති -     13 කිව්වාම ආණ්ඩුව 2014 වැටෙනවා කිව්වාම සමහරු ඒකටත් එකඟ වූනේ නෑ සමහරු ඒකටත් මාව විවේචනය කලා. ඕවා දේශපාලන පක්ෂවල තියන අදහස්.

මාධ්‍ය -         මේ දේශපාලන අවිනිශ්චිත භාවය කොච්චර කාලයක් මොහෙම තියේද.? රුපියල් අවිනිශ්චිත වෙලා එහෙම. ආර්ථිකය සම්බන්ධව ගොඩාක් ප්‍රශ්න තියනවා. මාධ්‍යවේදීන්ටත් මේ ටිකේ ඒ ප්‍රශ්නයට තමයි තියෙන්නේ?
අගමැති -     නැත්නම් ඔය ගොල්ලෝ මොනවද ලියන්නේ?

මාධ්‍ය -         නමුත් රට විදියට?
අගමැති -     සමහරු කතා හදලත් දාලා තියනවා.

මාධ්‍ය -         නමුත් රටක් ලෙස මේ ප්‍රශ්නය දිගින් දිගටම ඇදී යාම රටට හොද නෑ නේද අගමැතිතුමා.?
අගමැති -     ඔබතුමන්ලා ගොඩාක් අදින ප්‍රශ්න රටට හොද නෑ තමා. එකක් ඇද්දා තකියලා රට මේවා වෙන්නේ නෑනේ.

 



අදහස් (12)

අලුත් නායකත්ව පරපුරක් ඕනෑ - අගමැති

Raveendra Saturday, 17 February 2018 09:46 AM

ඔව් ඔහෙලා වගේ මව්බිමට හෙන හත වැදුනත් කමක් නැහැ මම මැරෙනකම්ම බලයේ ඉඳලා යන ප්‍රතිපත්ති... නැතිනම් රටේ ආරක්ෂාව, දියුණුව ගැන මුලිකව සිතන, කොළ, නිල්, රතු පාටවලට කිසිසේත්ම ගැති නොවෙන අලුත් පරපුරක් අවශ්‍යයි. මෙය අද නොව සෑහෙන කාලයක සිට අප රටට අවශ්‍යම දෙයකි. ඔහෙට අද මේ ගැන සිතුනට අපට නම් මෙම අඩුපාඩුව දශක කීපයක සිට දැනෙන අඩුපාඩුවකි. මේ උන්දැ හැරෙනකොට අපි දන්නවා ලඟ තිබෙන කෙසෙල් පදුරටද? අසුචි වලට ද හැරෙන්නේ කියලා. නිතරම සුදු ලූණු පොඩි කරන්න හොඳට දන්නවා නොවැ...

:       706       1087

dingiralaSunday, 18 February 2018 02:55 AM

රවීන්ද්‍ර කියලා තියන දෙය සමඟ බොහෝ අය එකඟ වේවි. හැමදාම රනිල් කලේ සදාකාලිකව ඔහු බලයේ ඉන්න ඕනවට සහ ඔහු පරදින බව හොඳින්ම දන්නා නිසා ඔහුගේ නොහැකියාව වසා ගැනීමට කාවහරි බිල්ලට දීලා ලොකු පුටුවේ ඔහු වාඩි වීමයි. 2009 දී ජවිපය සමග එකතු වී ෆොන්සේකාව බිලිදුන්නා. 2015 දීත් ජවිපය සහ ටී.එන්.ඒ. ඇතුළු අනෙක් බලවේග සමග එකතු වී සිරිසේනව බිල්ලට දුන්නා. ෆොන්සේකාට සහ සිරිසේනට බලයට කෑදරකමක් නොතිබුණා කියා ඔවුන්ට සුදු හුණු ගානවා නොවෙයි. නමුත් රනිල් කවදාවත් එජාපයට දෙවැනි පෙළ නායකයෙක් බිහිවෙනවට ඉඩක් දුන්නෙම නැහැ. කියල මුළු රටම දන්නවා. දැනුත් ඔහු කරන්නේ ප්‍රෝඩාවක්. මේ අමාරු අවස්ථාවේ පක්ෂය තුලින් එන විරෝධය මග හරවා ගන්නයි.

:       354       901

sam Saturday, 17 February 2018 08:45 PM

හැර මිට්ටේන් යනකම්ම බලේ ඉඳලා දැන් තරුණ නායකත්වයන් ගැන බණ කියනවා. බල තණ්හාව තමයි. ගෙදර ඉඳලා යන ලෝකෙට වැඩක් කර ගන්නැතුව තණ්හාවෙන්, වෛරයෙන් බලලෝභයෙන් මිරිකි මිරිකී හූල්ලන්නැතුව ගෙදර ගියා නම් හොඳයි. පරදින හේතු, රාජිතව සන්තෝස කරන්න සයිටම් ප්‍රශ්නේ විසඳුවේ නැහැ බොරු කියලා ඒක අල්ලන් හිටියා.. යාළුවෝ සන්තෝස කරන්න බැඳුම්කර හොරුන්ව ආරක්ෂා කළ, මහා ජනතවගේ දැවෙන ප්‍රශ්න විසඳුවේ නැහැ. දේශපාලකයන්ගේ පඩි වැඩි කර ගත්තා. රටේ දේපල ඉන්දියාවට වික්කා. ඉන්දියානුවන්ට කිසි කරදරයක් නැතුව මෙහෙ රස්සාවල් ලබා ගන්න ඉඩ කඩ සැලැස්සුවා. අපේ අයට රස්සාවල් නැහැ. දුෂණය 500% ඉහළ ගියා. නීතිය බල්ලට ගිහිල්ලා, රට යන්නේ වැරදි මගේ... රණවිරුවන්ට කුඩම්මාගේ සැලකිලි. ඉතින්, මේ ගොල්ලන්ට බලේ දෙයිද?. බලෙන් ඔළුව ඉදිමිලානේ තියෙන්නේ.

:       125       330

Bamunuarachchi Saturday, 17 February 2018 11:08 PM

මෙතන ඔය කියන තරම් වැදගත් ප්‍රශ්න අහලත් නැහැ.. වැදගත් උත්තර දීලත් නැහැ. කොහොම නමුත් අලුත් නායක පරපුරක් හදනවා කියන එකෙන් ගම්‍ය වෙන්නේ දැන් නායකයෝ වෙන්න ඉන්න අයගේ සිහින බොඳවෙන බවයි. හොඳම දේ අපේ ළමයි රටින් පිට කිරීමයි.

:       183       120

pansiluSunday, 18 February 2018 09:25 AM

ඔබතුමාට මේවා කියන්නේ නැතුව ඉන්නට බැරිද?

:       0       10

BamunuarachchiSunday, 18 February 2018 12:16 PM

මමත් ඔබතුමාගෙන් අහන්නේ ඔයටික තමයි. කොහොම වුණත් රිප්ලයි කියන එකෙන් කියන්නේ අපිටත් අදහස් ලියන්න කියලා. තරහ නැහැනේ

:       3       1

mahinda Sunday, 18 February 2018 01:51 PM

අගමැතිතුමනි, ඕක දැන්ද මතක් වුනේ? ඉස්සර පැරදෙනකොට නිදා ගෙන ඉඳල දැන් දඟලනවා.

:       2       37

Raawana Sunday, 18 February 2018 06:28 PM

එකට සුදුසු අය දැනටමත් ඉන්නවා. ප්‍රශ්නේ තිබෙන්නේ එයාලට නොදෙන එක.

:       0       46

priyankara Monday, 19 February 2018 03:32 AM

මෙය කල් ගන්නේ යනකොට මෙයාගේ රෝයල් රෙජීම් එකෙන් එක්කෙනෙක් පත් කරලා යන්න.

:       0       10

BamunuarachchiMonday, 19 February 2018 07:05 AM

අපේ ඡන්දය කැමැත්ත නැතුවද? ඒ ගොල්ලන්ගේ කැමැත්තෙන් නම් පොල්පිත්තක් ඉදිරිපත් කළත් ඇති...

:       0       2

SLTuesday, 20 February 2018 05:47 PM

එ්කට නම් රෝයල් වෙලා මදි. වික්‍රමසිංහ, ජයවර්ධන පරම්පරාවේ 'මැණිකක්' වෙන්න ඕනේ. ඊළඟට එන කෙනාගේ නම් ලියතැහැකි නමුත් පළකරන්නේ නැහැ.

:       0       0

prakaash Wednesday, 21 February 2018 08:31 AM

මේ නිවට, ද්‍රෝහී, බල තණ්හාවෙන් පෙලෙන අය කිසිදාක ප්‍රජාතන්ත්‍රවාදයට අනුව වැඩ කරන කෙනෙක් නොවේ. සංහාරයකින් හෝ රට පාවාදී හෝ තමාගේ තනතුර ලබා ගන්නට කටයුතු කරන කෙනෙක්. මේ වගේ අසමජ්ජාති අයෙකුගෙන් ලබා ගත හැකි දේ කුමක්ද? හොරකම් නතර කරනවා කියා හංසයා පිටේ නැගී ආ ආප්පයෙක් සමග කුමන්ත්‍රණය කොට අගමැතිකමක් මංකොල්ල කාපු, ඉන්පසුව මහබැංකුව මංකොල්ල කාපු මේ වගේ අය තව කෙනෙකුට නායකත්වයක් දෙයිද? මහජනතාව මේ වගේ කපටි නින්දිතයින්ගෙන් ප්‍රවේසම් විය යුතුය.

:       0       21

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

කාශ්මීරයෙන් ඇවිලෙන ඉන්දු - පාකිස්තාන් ගිනිපුපුරු
2025 අප්‍රේල් මස 26 29 0

අප අසල්වැසියන් දෙදෙනා ඉන්දියාවත් පාකිස්තානයත් අතරේ යුද උණුසුමක් නිර්මාණය වෙමින් පවතී. ඒ, පසුගිය 22 වැනිදා ඉන්දියාවට අයත් ජම්මු කාශ්මීරයේ පහල්ගාම් පළා


සෝද සෝදා එළියට අදින පාස්කු දා ප්‍රහාරය
2025 අප්‍රේල් මස 26 24 0

මේ වනවිට 2019 පාස්කු ඉරිදා කිතුනු දේවස්ථාන තුනකට හා සංචාරක හෝටල් තුනකට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාර සම්බන්ධයෙන් පරීක්ෂණ ගණනාවක් පැවැත්වී තිබුණ ද මෙම ප්‍


ඉන්දු-පාකිස්තාන් අර්බුදය මැද යළි ඇවිළෙන කාශ්මීරය
2025 අප්‍රේල් මස 25 368 0

කාශ්මීරය යනු මිහිපිට දෙව්ලොවකි. ආසියාවේ ස්විට්සර්ලන්තය යනුවෙන් හැඳින්වෙන්නේ ද කාශ්මීරයයි. ඉන්දියාවේ වඩාත් උතුරින් පිහිටි ප්‍රාන්තය ලෙස සැලකෙන්නේ ද


දැන් ඇත්තේ ටියුෂන් පන්ති කාලසටහනක්
2025 අප්‍රේල් මස 25 450 3

මම අගනුවරට කිලෝමීටර් 3000ක් දුර ඈත ගමක උපන්නෙමි. ලංකාවේ ඉපදුණු බොහෝ තරුණයන් මෙන් නිදහස් අධ්‍යාපනයෙන් දිව්‍ය ලෝකය සොයාගත නොහැකි වුණ මම ජීවිතය සොයා කොළඹ ආ


ඉහළින් ගිලිහුණු උළෙල
2025 අප්‍රේල් මස 25 284 0

මෙවර අලු‍ත් අවුරුදු උළෙල විශේෂයක් ගත්තේ ය. ඒ අන් කවරදාකවත් නොදුටු පරිදි රාජ්‍ය සහ මෙරට මහා සංස්කෘතික මංගල්‍ය අතර සම්බන්ධය ගිලිහී යාම ය. මෑත ඉතිහාසයේ සෑ


බියර් බොන්නේ බලාගෙනයි
2025 අප්‍රේල් මස 24 10706 3

සුරාබදු ආඥා පනත මෙරටට හඳුන්වා දෙන්නේ 1913 ජනවාරි 01 වැනිදාය. එහි සඳහන් වෙන්නේ “මෙය මත්පැන් සහ මත් ඖෂධ ආනයනය, අපනයනය, ප්‍රවාහනය, නිෂ්පාදනය, විකිණීම හා සන්තකය


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 857 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 389 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 542 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site