IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


අලුත් මැතිවරණ නීති පමා නොකරමු

පුංචි ආණ්ඩුවලට මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනීම සම්බන්ධයෙන් අවශ්‍ය වෙනස්කම් යෝජනා කිරීම සඳහා පත් කෙරුණු පළාත් පාලන මැතිවරණ ක්‍රමය සමාලෝචන කමිටු වාර්තාව රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාට පසුගියදා බාරදෙනු ලැබීය. එහි ප්‍රධාන නිර්දේශයක් වශයෙන් පළාත් පාලන ආයතනවලට සභිකයන් තෝරා පත්කර ගැනීමේදී දැනට ක්‍රියාත්මක 60-40 මිශ්‍ර සමානුපාතික ක්‍රමය මින් ඉදිරියට 70-30 අනුපාතයට වෙනස් කළ යුතු යැයි සඳහන් වන බව අපගේ ‘‘ලංකාදීප’’ පුවත්පත පසුගියදා ප්‍රධාන පුවතින් හෙළිකර තිබිණි. එසේම තෝරාපත් කරගනු ලබන මන්ත්‍රීවරුන් සංඛ්‍යාවද අටදහසේ සිට හයදාස් පන්සීයට බැස්සවිය යුතු බවටද නිර්දේශ කර තිබේ.

පළාත් පාලන ආයතනවලට පමණක් නොව පළාත් සභා සහ මහ මැතිවරණවලටද අදාළව සමානුපාතික ඡන්ද ක්‍රමයේ සංශෝධන සිදුවිය යුතු බව බහුතර ජනතාවගේ අදහස වෙයි. ඒ අනුව මැතිවරණ නීති රීති ප්‍රතිසංස්කරණය සම්බන්ධව යෝජනා ලබාගැනීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක්ද පත්කරනු ලැබීය. අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් එම විශේෂ කාරක සභාව මැතිවරණ ප්‍රතිසංස්කරණ යෝජනා ලබා ගැනීම සඳහා විවිධ පාර්ශ්ව සම්බන්ධ කර ගනිමින් කටයුතු කරයි.

රටට අවශ්‍ය කුමන මැතිවරණ ක්‍රම සංශෝධනයක් සිදුකළද ඊට අදාළ තීරණාත්මක කාර්යභාරය ඉටුවිය යුත්තේ පාර්ලිමේන්තුවෙනි. ඒ අනුව පළාත් පාලන මැතිවරණ ක්‍රම සමාලෝචන කමිටු වාර්තාවෙන් නිර්දේශිත කාරණාද පාර්ලිමේන්තුවෙන් සම්මත විය යුතුය. මැතිවරණ ක්‍රම සංශෝධන සම්බන්ධයෙන් ආණ්ඩුවත් විපක්ෂයත් අතර එකඟත්වයක් පැවතීම නව නීති අනුමත කර ගැනීමේ වැදගත්ම සාධකයයි.

බැලූ බැල්මට මීළඟට පැවැත්වීමට නියමිතව ඇත්තේ පළාත් පාලන මැතිවරණයයි. අවසන් වරට එය පැවැත්වූයේ 2018 වසරේ පෙබරවාරි 10 වැනිදා වීම හේතුවෙන් 2022 වසරේ පෙබරවාරි මාසය වනවිට එම සභිකයන්ගේ නිල කාලය අවසන් වෙයි. එහෙත් ඊට පෙර දිගින් දිගටම කල් යමින් තිබෙන පළාත් සභා මැතිවරණය පැවැත්වීමටද නියමිතව තිබේ. පළාත් සභා මැතිවරණය පවත්වනවාද නැද්ද යන්න විවාද සම්පන්න මාතෘකාවක් බවට පත්ව තිබීම හේතුවෙන් ඒ ගැන නිශ්චිතව අදහසක් ප්‍රකාශ කිරීම අපහසු නමුත් පළාත් සභා ඡන්ද විමසීම සිදුවනවා නම් එයද විය යුත්තේ පළාත් සභා සීමා නිර්ණයෙන් පසු නව මැතිවරණ කොට්ඨාස පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමෙන් පසුව බව කිවයුතුය. ඒ සඳහා ආණ්ඩුව සහ විපක්ෂය අතර එකඟත්වයක් පවතින්නේ නම් නව මැතිවරණ කොට්ඨාස සඳහා අනුමැතිය ලබාගැනීම ගැටලු‍වක් නොවේ. එහෙත් ප්‍රශ්නය ඇත්තේ පළාත් සභා මැතිවරණ පැවැත්වීම සඳහා සැබෑ උවමනාවක් ආණ්ඩු පක්ෂයට හෝ විපක්ෂයට තිබෙනවාද යන්නය.

සමානුපාතික ඡන්ද ක්‍රමයේ පවතින යහපත් ලක්ෂණ ආරක්ෂා කර ගනිමින් ඒවා වාර්තමානයට ගැළපෙන රාමුවකට සකස් කරගත හැකි නම් මැතිවරණයක් පැවැත්වීමෙන් පසුව කෙළින්ම වැඩට බැසීමට තෝරා පත්වන මන්ත්‍රීවරුන්ට පහසු වෙයි. මෙහිදී ප්‍රමුඛතාව ලැබිය යුත්තේ ආණ්ඩුවට හෝ විපක්ෂයට හෝ අවශ්‍ය ආකාරයට සංශෝධන සිදු කිරීම නොව රටේ සියලු‍ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා වන පරිදි සංශෝධන සිදු වීමය.

පවතින ආණ්ඩුවක් බොහෝ විට මැතිවරණ නීති සංශෝධනය සිදු කරන්නේ එයින් දේශපාලන වාසියක් ලබාගැනීමට බව නොරහසකි. හැමදාම තමන්ට බලයේ සිටීමට හැකි වනසේ වෙනස් කරගන්නා නීති රීතිවලින් සිදුවන්නේ යහපතකට වඩා විනාශයකි. පසුගිය යහපාලන කාලයේ හඳුන්වා දුන් පළාත් පාලන මැතිවරණ පනත් සංශෝධනය සහ ඊට පෙර පැවැති රාජපක්ෂ ආණ්ඩුව මගින් අනුමත කරගත් 18 වැනි සංශෝධනය ඒ සඳහා මෑතකාලීන උදාහරණ දෙකකි. ඒ අවස්ථා දෙකම රටේ ජනතාවගේ යහපත අරමුණු කරගත් ඒවා නොව බලය රැක ගැනීමේ ක්‍රියාවලිය සඳහා යොදාගත් නීතිමය මෙවලම් පමණක් විය. එම සංශෝධන දෙකටම පසුව පැවැති මැතිවරණවලදී ඒවා හඳුන්වා දුන් ආණ්ඩු දෙකම පරාජයට පත්වීම ජනතා අපේක්ෂා භංගවීමේ ප්‍රතිඵලයකි.

පැවැති මැතිවරණ ක්‍රමයට තම දේශපාලන අරමුණු මුදුන්පත් කර ගැනීම සඳහා එවැනි සංශෝධන එකතු කිරීම හේතුවෙන් රටේ දේශපාලන ස්ථාවර භාවයට දැඩි හානි සිදු වූ බව ඇතැම් විද්වතුන්ගේ මතය වෙයි. 15 වැනි ව්‍යවස්ථා සංශෝධනය හඳුන්වා දෙමින් හිටපු ජනපතිවරයකු වන ආර්. ප්‍රේමදාස මහතා, පාර්ලිමේන්තු අසුනක් දිනාගැනීම සඳහා කිසියම් දේශපාලන පක්ෂයක් ලබාගත යුතු වූ අවම ඡන්ද ප්‍රතිශතය සියයට 12.5 සිට සියයට 5 දක්වා අඩු කිරීම තවත් උදාහරණයකි. සමානුපාතික ඡන්ද ක්‍රමය හඳුන්වා දුන් අවස්ථාවේ සුළු පක්ෂවලට පාර්ලිමේන්තුව නියෝජනය කිරීම සඳහා සියයට 12.5ක් ලබාගත යුතු බව ව්‍යවස්ථාගත වූයේ රටේ එදා පැවැති දේශපාලන වාතාවරණයට අනුකූල වන සේය. එහෙත් වසර 10ක් ඉක්ම යද්දී එය සියයට 5 දක්වා අඩු කිරීම සුළු ජාතික පක්ෂවලට විශාල කේවල් කිරීමේ බලයක් ලබා දුන්නේය. ප්‍රමාණවත් ජනතා නියෝජනයක් තිබෙන සුළු ජාතික දේශපාලන පක්ෂවලටද පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට අවස්ථාවක් ලබාදීම සිදුවිය යුතු වුවද ප්‍රධාන දේශපාලන පක්ෂ විසින් එය තමන්ගේ බලය රැක ගැනීමේ අවියක් වශයෙන් අත්තනෝමතිකව යොදා ගැනීම රටේ විනාශයට හේතු විය. එසේම සුළු දේශපාලන පක්ෂවලට බලයට පත්වන පක්ෂය තමන්ට රිසිසේ අල්ලේ නැටවීමේ අවස්ථා ද උදාවිය. එයින් වූයේ රට අගාධයට යාමය. ඉන්පසුව බලයට පත් ආණ්ඩු මේ වරද දැක දැකම එය නිවැරදි කිරීමට කටයුතු නොකිරීමද කනගාටුවකි.

මැතිවරණ නීති සමාලෝචන කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේදී මේ කරුණු සම්බන්ධයෙන් අවධානය යොමුකිරීම වැදගත් වනු ඇත. එසේම මැතිවරණ ව්‍යුහයම ප්‍රතිසංස්කරණය සඳහා කටයුතු කරන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවද පවතින යථාතත්ත්වය තේරුම් ගෙන වඩාත් ජනතාවාදී මැතිවරණ ක්‍රමයක් ස්ථාපිත කිරීමට අවංකවම කැපවෙනු ඇතැයි අපි සිතමු.

(***)



අදහස් (1)

අලුත් මැතිවරණ නීති පමා නොකරමු

ganegoda Monday, 19 July 2021 01:04 PM

ඉස්සර නම් බත් පාර්සලයයි, කසිප්පු භාගයයි... අලුත් නීතිය රෝස්පාන් ගෙඩියක්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

ශ්‍රී ලංකාව ගෝලීය වෙළෙඳ කම්පනය
2025 අප්‍රේල් මස 18 162 0

ට්‍රම්ප්ගේ වෙෙළඳ කම්පනය ගෝලීය පිළිවෙලට දැවැන්ත පහරකි. එය නියෝජනය කරන්නේ 1970 ගණන්වලදී බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය අවසන් වීමෙන් පසු ඇති වූ විශාලතම බිඳවැටීමය


දළදා වහන්සේ සියැසින් දැකගැනීමේ ආනිශංසය
2025 අප්‍රේල් මස 18 558 0

ශ්‍රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශනා කොට වදාළ ස්වාසුදහසක් ශ්‍රී ධර්මස්කන්ධයේ පහස ලැබුවුවා වූ පරම පූජනීය අතිඋ


මාගේ දෙවියනි ඔබ මා අත්හැරියේ මක්නිසාද?
2025 අප්‍රේල් මස 18 155 0

ක්‍රිස්තුන් වහන්සේගේ මුළු මහත් මෙලෝ දිවිය, මනුෂ්‍ය පුත්‍රයකු සේ අත් විඳි ජීවිතය හමාර වන හෝරාව ක්‍රමිකව පැමිණෙමින් තිබේ. කල්වාරිය මත සිදුවෙමින් පැවති


භාරත ආසියා මොඩලය
2025 අප්‍රේල් මස 18 145 0

සිංහල හා හින්දු අලුත් අවුරුදු උණුසුම තවමත් පහව ගොස් නැත. කුමන ආර්ථික ගැටලුකාරිත්වයක් තිබුණත් අපේ රටේ ජනතාව අලුත් අවුරුද්දට සූදානම් වූයේ ඒ සියලු අගහිඟ


ගොවියා රවටන පාරිභෝගිකයා සනසන ස්වයංපෝෂිත කිරි නාඩගම
2025 අප්‍රේල් මස 17 338 0

ලෝකයේ ඉතාම ජනප්‍රිය එසේම පෝෂණීය පානයක් වන්නේ දියර කිරිය. එය ජනප්‍රිය වීමට හේතුව වන්නේ එහි ඇති පෝෂණීය ගුණය සහ විශ්වාසවන්ත භාවය නිසාය. එහෙත් ශ්‍රී ලංකාව


පම්බන් පාලම ඉන්දු-ලංකා යාකරන මුහුදු මාවතේ ඇරැඹුමද?
2025 අප්‍රේල් මස 17 651 0

ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා එම නිල සංචාරය නිමකර අනුරාධපුර ගුවන්තොටුපොළෙන් ඉන්දියාව බලා පිටත්ව ගියේ තවත් සුවිශේෂ කටයුත්තක


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 311 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 251 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 406 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site