IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


අලූත් විදියට හිතන, දකින, ආදරය කරන වත්මන් තරුණ පරපුරේ කතාව

 

 

අපේ තරුණ පරපුර අද යන මාවත කුමක්ද? ප‍්‍රවීණ දේශකවරයකු වන ඔහුට තරුණ පරපුර ගෙන එන දුක් ගැනවිලි මොනවාද? උපකාරක පංති ආචාර්ය වරයකු වන උපුල් ශාන්ත සන්නස්ගල මහතා සමඟ කළ පිළිසඳරකි මේ.


‘‘කටුක දුක් විරහ මැද,  අතරමං වී ගියද
අපි තවම පෙම් කරමු, අපේ ජීවිතවලට...
කියාදෙමු පියඹන්න, අපි අපේ පැටවුන්ට
නිදහසේ තටු ලැබුණු, කුරුල්ලන් වී දිනෙක...’’

 


කාත් කවුරුත් නැතුව අතරමං වී ගියද, කාත් කවුරුත් නැතුව මග හසර වැරදුනද අනාදරයෙන් හැර දැමිය හැකිවෙත්ද ජීවිතය... වැරදී වැරදී ලියන පෙරවදන් අබිමුවේත් පැටලි පැටලී යනෙන මහා දුර ගමනේදීත් ජීවිතය සොඳුරු බව යටි හිතට කොඳුරමින් අපි තවමත් අපේ ජීවිතවලට පෙම් කරන්නේද එනයිනි.
ඔබ ... අද දවසේ මේ රටේ තරුණ පරම්පරාවේ එක් අයිතිකාරයෙක් නම් අප මේ කතා කරන්නේ ඔබේ හදවතටය. හදවතේ ගැඹුරුම ඉසව්වකටය. ඒ ඔබේ ප‍්‍රශ්න අපේ ප‍්‍රශ්න බවට පෙරළාගත් ඉඩහසරකදීය.

එහෙයින් එන්න, අහන්න, ඇහුම්කන්දෙන්න යැයි අපි ඔබට කියමු. මේ අපට දැනෙන ඔබ ගැන කතාබහකි.

ආදරය, ජීවිතය, ලිංගිකත්වය. හැඟීම්, අධ්‍යාපනය, ආර්ථිකය, දේශපාලනය, ආගම, සංස්කෘතිය සැකෙවින්ම මේ සියලූ කාරණාවන්ගෙන් සැදුම්ලත් සමාජය ඇතුළත සමාජයත් එක්ක ඔබට තියෙන ගැළපීම්, පරස්පරයන්, එකඟවීම් හා නොවීම් ගැටලූ සැබවින්ම බොහෝ විට සංවාදාත්මක නොවුණත් එය එසේ විය යුතුයි. අපි එලෙස සිතමු සහ විශ්වාස කරමු.

අපේ මවුපියන්ගේ පරම්පරාවත්, අපත් අතර තිබුණු පරතරයට වඩා අද තරුණ පරම්පරාවත් ඔවුන්ගේ මවුපියනුත් අතර වන පතතරයේ විශාල ඉඩක් පවතී. අපේ මවුපියන් සහ අප ඇඳි ඇඳුම් අතර පවා මහා වෙනසක් නොතිබුණි. අපේ මවුපියන් සහ ඔවුන්ගේ මවුපියන් හැඳි ඇඳුම් අතර ඒ තරම්වත් පරතරයක් තිබුණේ නැත. උදාහරණයක් ලෙස ඒ පරම්පරාවල පිය-පුතු දෙදෙනාම ඇන්දේ එකම මෝස්තරයේ සරමය. මවත්-දුවත් දෙදෙනාම ඇන්දේ චීත්තයයි. එහෙත් ඊට පසු පරම්පරාවේ එනම් අපේ පරම්පරාවේ දරුවන් ඒ අයුරින් සරමටවත් චීත්තයටවත් හුරු වූයේ නැත.

පරතරයක් නැති, යම් පරතරයක් තිබූ යන වර්ගීකරණයෙන් හුවා දැක්විය හැකි මේ පරම්පරා පරතරය අද වනවිට අහසත් පොළොවත් තරම් යා කළ නොහැකි මට්ටමක පවතී යැයි කීවොත්..... ඔව්.  එය එසේ වෙයි.

අද මවුපියන්ට විශාල ගැටලූවක් වී ඇත්තේ තම ලෙයින් කිරෙන් තැනූ දරුවන් තමන්ට තේරුම් ගන්නට නොහැකිවීමය. ඔවුන් ජාතක කළ ලෙය තමන්ගේය. උන්ගේ සිරුරට පණදුන් කිරෙහි උරුමය තමන්ගේය. උන්ට පොළොවේ කෙළින් පය ගසා ඇවිදින්නට දිගු කළ දෑත් තමන්ගේය. ඒත් උන් අපේමද? අපේ වුණත් උන් අපිට වඩා මේ තරම් වෙනස් ඇයි? උන් හිතන පතන අඳින කන බොන කතාකරන ගනුදෙනු කරන ඉල්ලා හිඳිනා සියල්ල අපට වඩා වෙනස් ඇයි? මේ වෙනසට හේතුව මොකක්ද? කොටින්ම අපේ වුණත්, අපේමද කියලත් හිතන, ඒත් අන්තිමේදී ඔව් අපේමයි කියලා අප හිතන අපේ පැටවු අපට හරියට තේරුම් ගන්න බැරි මොකද? මේ අද බහුතරයක් අම්මලා තාත්තලාට තම දරුවන් පිළිබඳව ඇති ඇත්තම ප‍්‍රශ්නයයි.

අද මවුපිය දු දරු පරතරයේ හිඩැස යා කළ නොහැකි තරම් දුරක් දරයි. ගං දෑළ දෙපස එක් පසෙක මවුපියන්ය. අනෙක් පස දරුවන්ය. ගඟ ගලා බසී. සිතුවිලි ගල් පර ගඟ දිය දෙබෑකරගෙන මතුව තිබේ. පේ‍්‍රමය, ජීවිතය, ලිංගිකත්වය කී නොකී සියලූ සංවේදනාවන්, ප‍්‍රස්තුත, නොපෑහී යා නොවී ප‍්‍රශ්නාර්ථයෙන් බලා සිටී.

මුන්ට මොකද වෙලා තියෙන්නේ. ඒ අම්මලාගේ තාත්තලාගේ ප‍්‍රශ්නයයි.

ඇයි අපව තේරෙන් නැත්තේ... තේරුම්ගන් නැත්තේ. ඒ දරුවන් අම්මාගෙන් තාත්තාගෙන් අහන ප‍්‍රශ්නයයි.

මේ පරම්පරා ගැටුම අද දරුවන්ට අති විශාල පීඩාකාරී ගැටලූවකි. එය නිරාකරණය වීමට නම් දරුවනගේ ලෝකයට විවෘත මනසින් අම්මා තාත්තා එබිකම් කළ යුතුය. නොඑසේනම් සියල්ල හැර පියා මවුපියන්ගේ ලෝකයට දරුවන් අනුගත විය යුතුය. ඒ කැපකිරීම කවුරුන් හෝ කළ යුතුය. එහෙත් විශ්වය ඔබ සහ හෙට දවස යන න්‍යාය තුළ වඩා ප‍්‍රායෝගික වන්නේ අම්මාxතාත්තා පමණ ඉක්මවූ සම්ප‍්‍රදායේ සහ ගෝත‍්‍රිකවාදයේ මිරිවැඩි සඟල පසෙක තබා නිරාවරණ දෙපතුළින් තම පැටවුන්ගේ ලෝකයට අඩිය තබා ඇරුණු හිතින් ඔවුන්ගේ ලෝකයේ අහුමුලූ පිරික්සා බැලීමය. එසේ පිරික්සමින් අවශ්‍ය තැනදී ඔවුන් හැසිරවීමේ දුරස්ථපාලකය සියතට ගැනීමය.

 

 

මීට පරම්පරා ගණනකට පෙර දරුවන් හැදුනේ සරලව කීවොත් කැලේට-කොලේටය. සිතුනොත් පැසල් ගියේය. නැත්නම් කට්ටි පැන්නේය. ඇළේ දොලේ නාන්නට ගියේය. එහෙත් මේ සියල්ල මත ඔවුන් නාහෙට නාහන හිතුවක්කාරයන් වූයේද නැත. ඉදෙන දෙයකින් බඩගින්දර නිවාගෙන කොල්ලන්-කෙල්ලන් කාලයත් සමඟ ඉලන්දාරින් සහ ගැටිස්සියන් බවට පත්වූයේය. ඉබේ හැදෙන අහක දමන ඇටයකින් පැළවෙන ගහක් වැලක් සේ කරදඬු උස්වී හැදී වැඩුණේය.
එහෙත් අද දරුවන් එදා දරුවන් සේ හැදෙන්නේ නැත. අද දරුවන් හැදිය යුතුය. ඔවුන්ට විධිමත් ලෙස නිවැරදිව නියපොත්ත කපා ගැනීමේ සිට සියල්ල ඉගැන්විය යුතුය. ඉගෙන ගැනීමට මග පෙන්විය යුතුය.

අද නාගරික සමාජයේ වයස අවුරුදු තිහ-තිස්පහ වන වයස් මට්ටමේ පරපුර අතරද තවමත් මවුපියන් තවදුරටත් හැදිය යුතු මට්ටමක පුද්ගලයෝ සිටිති. මේ හැදීම තව දුරටත් විග‍්‍රහ කරන්නේනම් එය දරුවා නිර්මාණය කිරීමකි. මෙය කාලයට සාපේක්ෂව සිදුවූ දෙයකි.

අපේ පරපුරේ දරුවන් මවුපියන් සමඟ ගුවන්විදුලි යන්ත‍්‍රයේ මුවන් පැලැස්ස ඇසුවේය. චිත‍්‍රපටියක් බලන්නට කලාතුරකින් ගියේය. ගෙදරට ගෙනා පුවත්පත මවුපියන් හා දරුවන් දෙපාර්ශ්වයම කියැවූයේය. අපේ සන්නිවේදනය හා ලෝකය සමග තිබූ සම්බන්ධතාවේ පරාසයන් මේ සියල්ල මත කේන්ද්‍රගත වී තිබුණි.
අද දරුවන් ඉපදෙන්නේ ඩිජිටල් ලෝකයකය. අද පාසල් නොයන වියේ දරුවන් ජංගම දුරකථනය පරිහරණය කිරීමේ දැනුමින් යුක්තය. දරුවා පරිගණකයෙන් ක‍්‍රීඩා කරයි. එදා දරුවන් හැදුනේ සොබාදහම සහ සෞන්දර්ය සමඟ යාවජීව හිතවත්කමකිනි. ඔවුහු සොබාදහමේ අපූර්ත්වය සමග නන්වෙසින් ගනුදෙනු කළහ. කැලේ පැන දං හිඹුටු මාදං ගස් අතර සරමින් කුරුම්බැට්ටියෙන් සෙල්ලම් කළේය. ඇඟිලි තුඩුවලින් මැටි අනමින් සෙල්ලම් ගෙවල් හදමින්, බට්ටා පනිමින් සෙල්ලම් කළේද මහපොළොව සමග හැප්පීගෙනය. එය දරුවාගේ චින්තනය වඩා නිර්මාණශීලීව හැඩගැස්වීමට රුකුලක්විය.

එහෙත් අද දරුවන් ඒ නිර්මාණාත්මක ගනුදෙනුවෙන් ඈත්වී හුදෙකලා ලෝකයක පරිගණකය සමග සියලූ ගනුදෙනු සිදුකරන රොබෝ කෙනෙකුගේ තත්ත්වයට පත්ව ඇත. හැඟීම් විරහිත මිනිස් යන්ත‍්‍ර බවට අනාගතයේ දරුවන් පත්වීමට මේ පසුබිම බලපානු ඇත. එහෙත් මේ දරුවන් අපරාධකරුවන් වන්නේ නැත. ඇත්තම තත්්ත්වය නම් අපරාධ කරන්නේ වැඩිහිටියන්ය. අන්තර්ජාලයේ සැරිසරන ඉංග‍්‍රීසි ගීයක රූප රචනය නරඹන අද පරපුරට අඩු නිරුවත් ස්ත‍්‍රී රූපයක් යනු අරුමයක් නොවේ. එහෙත් වැඩිහිටියකුට එය විජ්ජාවකි. ඔවුන් තුළ වන ආකල්පය අපට අහිමි ලෝකය මුන්ට තිබෙනවා වැන්නකි. අද පරම්පරාව ස්තී‍්‍ර පයෝධරයක්, ස්ත‍්‍රී ශරීරයක් දුටු පමණින් උන්මාදයට පත්නොවන්නේ අන්තර්ජාලය තුළ සැරිසරන ඔවුන්ට ඒ සියල්ල සාමාන්‍යකරණය වූ පසුබිමකදීය. එහෙත් වැඩිහිටියන් ඒ දසුන් හමුවේ ‘‘කුලප්පු’’ වූ තත්ත්වයකට පත්වේ.

එයට හේතුවක් තිබේ. එදා වැඩිහිටියන් ලිංගිකත්වය අත්වින්දත් එය අත්වින්දේ පහන නිවා දමා කළුවරේය. සියලූ ගනුදෙනු සිදුවූයේ කළුවරේදීය. පූර්ණ වශයෙන් ස්ත‍්‍රී සෞන්දර්ය රස විඳින්නට නිදියහනේදීත් සම්ප‍්‍රදායික මත වලින් නිදහස් නොවුණු ඒ හිස්වලට හැකියාවක් ලැබුණේ නැත.

එදා ඔවුන් කළුවරේදී දුටු දේ අද දරුවෝ ආලෝකය තුළම නරඹති. සරලවම කීවොත් ඔවුන්ට ඒ කිසිදෙයක් තුළ ‘‘මැජික්’ එකක් නැත. අද පරම්පරාව බලන පතපොත, ඔවුන්ගේ කියවීම, රසවින්දනය මේ සියල්ල වැඩිහිටි පරම්පරාවේ කියවීමට හා වින්දනයට වඩා බොහෝ සෙයින් වෙනස් වේ. අද තරුණ පරපුර චිත‍්‍රපට නැරඹීම කෙරේ දැඩි නැඹුරුවක් දක්වයි. ඒ අන්තර් ජාලය හරහාය.

ඒ ඔස්සේ ඔවුහු විශිෂ්ට ගණයේ චිත‍්‍රපටි නරඹති. ඔවුහු චිත‍්‍රපටි බලනවා නොව චිත‍්‍රපටි කියවති. ජීවිතය කියවති. ඒ පරම්පරාව නිදහස් මානසිකත්වයකින් ලොව පිරික්සති. ලොව දෙස බලති.

අද දරුවන්ට ජාති, ආගම්, කුල භේද පිළිබඳව ගැටලූවක් නැත. බොහෝ විට ජාතිය යනු කුමක්දැයි අර්ථ දක්වන්නට තරම්වත් ඔවුන්ට මේ පිළිබඳව හැගීමක් නැත. උඩරට, පහතරට, කළු, සුදු, ආගම්, සංස්කෘතික මේ කිසිඳු භේදයක් පරතරයක් ඔවුන් අතර නැත. ඉතා නිදහස්කාමී, ලිබරල්වාදී චින්තනයක් සහිත පරපුරක් අද ලංකාවේ සිටිති. එහෙත් වැඩිහිටියන් දරුවන්ට ජාතිවාදී, ආගම්වාදී හැඟීම් සිත්සතන්්තුළට කවන තරමට මේ පසුබිම වෙනස්වීමේ අවකාශ පවතින බවද අපි අමතක නොකළ යුත්තකි.

එහෙත් මේ පරපුර දේශපේ‍්‍රමී නැත. ඔවුන් සැමවිටම උත්සාහ කරන්නේ මේ රට හැරයාමටය. පාසල් අධ්‍යාපනය අවසන් වූ වහාම තම ජීවිතය සොයාගෙන විශ්වයට යා යුතුයි යන ආකල්පය අති බහුතරයක් දරුවන් තුළ මුල් බැස ඇත. විදේශයකට යාමට නොහැකිනම් ගමෙන් කොළඹට පැමිණ හෝ ස්වාධීන ජීවිතයක් ගතකිරීමට ඔවුහු අපේක්ෂා කරති. ගැහැනු-පිරිමි භේදයකින් තොරව ඉතා ළාබාල වියේදීම තනිවම ස්වාධීනව ජීවිතයට මුහුණදීමේ නොතිත් වුවමනාව අද තරුණ පරපුර තුළ තිබේ.

 

 

අද පරපුර දේශපානඥයන්ට මුලා කළ නොහැකි පරපුරකි. ඔවුහු දේශපාලනඥයන්ට සිනාසෙති. මීට පෙර පරපුරකට වීරයන් වූවෝ අද පරපුරට වීරයන් නොවේ. තාප්පයක් ගානේ ඇලවෙන දේශපාලනඥයන් අද පරපුරට රසවත් අතුරුපසකි. සරල වචනයෙන් කීවොත් ‘‘මරු බයිට්’’ එකකි. අද දේශපාලනඥයන් සිතනවානම් ඔවුන් අද දරුවන්ගේ වීරයන්යැයි නැත. කිවහැක්කේ ඔබ ඔවුන්ගේ අතුරුපස බවය.

තරුණ පරපුරේ බහුතරය, විශේෂයෙන් නාගරිකබද තරුණ පුරපුරට සිංහල භාෂාවට වඩා කටට හුරුව ඇත්තේ ඉංග‍්‍රීසි භාෂාවය. එහෙත් මේ තත්ත්වය ලංකාව පුරා විසිර සිටින සියලූ දරුවන්ට අදාළ තත්ත්වයක් නොවේ. අදටත් වැඩවසම්වාදී චින්තනයක, ගෝත‍්‍රිකවාදී ආකල්ප තුළ සිරකර තැබූ ග‍්‍රාමීය දරුවෝ කොටසක්ද ලංකාවේ සිටිති. ඒ දරුවන්ට නගරයේ දරුවන්ට මෙන් ඉංග‍්‍රීසි හුරු නැත. එහෙත් ග‍්‍රාමීය තරුණ පරපුරට නාගරික තරුණ පරපුර නුඹලත් මෙහෙම වෙයල්ලා යන බලපෑම කරමින් සිටියි. රැකියාව තුරුම්පුවක් කරගෙන අද ගම්වල දරුවන් නගරය කරා ඇදී ඒමේ ප‍්‍රවණතාව වඩාත් තීව‍්‍රර වී ඇත.

අද පරපුර ඉංග‍්‍රීසි ජාත්‍යන්තර භාෂාවක් වශයෙන් ඉගෙනීම තුළ කිසිඳු වරදක් නැත. එහෙත් සිංහලයෙන් ඈත්වී ඉංග‍්‍රීසියට පමණක් කොටුවීම මත ගැටලූවක් ඇත. ඒ මිනිසා චින්තනය කරා නැඹුරුවන්නේ තම මවු බස ඔස්සේ වීමය. ග‍්‍රාමීය දරුවන්ට සිංහලය පිළිබඳ ගැටලූවක් නැතත් ඔවුන්ට ඉංග‍්‍රීසි නොදැනීම ගමෙන් නගරයට සේන්දු වුවත් එය නගරයේ සීමා අතික‍්‍රමණය කරගෙන යාමට විශාල බාධාවකි. ඒ අද ඉංග‍්‍රීසි භාෂාවට අප රටේ හිමිව ඇති ප‍්‍රමුඛස්ථානය මතය. පවතින අධ්‍යාපන ක‍්‍රමය අනුව තරුණ දරුවෝ අද විශාල කලකිරීමකට පත්ව සිටිති. විභාග ක‍්‍රමයේ පවතින සංකීර්ණබව ඊට ප‍්‍රබලම හේතුවයි. පහේ ශිෂ්‍යත්ව විභාගයේ සිටම විභාග ක‍්‍රමය සහ ප‍්‍රශ්න පත්තර සංකීර්ණය. මෙරට අධ්‍යාපන බලධාරින් අදටත් දරුවාගේ දෘෂ්ටිකෝණයෙන් මේ ප‍්‍රශ්න පත‍්‍ර දෙස බලන්නේ නැත.

එදා තරුණයන් හොරෙන් සිගරැුට්ටුවක් බීම අපූරු රසවින්දනයක් ලෙස සිතුවත් අද බහුතර තරුණ පරපුර දුම්වැටියෙන් හා මත්පැනින් බොහෝදුරට ඈත්වී සිටිති. අද ඔවුන් තුළ ඉන් එහා ගිය සෞඛ්‍යමය නැඹුරුවක් ඇත. පවිත‍්‍රත්වය යන සාධකයට මුල්තැනක් අද තරුණ පරපුරට ඇත. උකුණන් සහිත සිරසක් සහිත යුවතියක් සොයා ගන්නට අමාරුය. තරුණ පරපුරේ පිළිවෙත් සහ පරමාදර්ශ අද සැලකිය යුතු මට්ටමමේ වෙනසකට බඳුන්වී තිබේ.

එහෙත් අද තරුණ පරපුර පේ‍්‍රමය ලෙස වරදවා හඳුනා ගන්නේ ලිංගිකත්වයයි. ජීවිතයේ හැගීම් සමග කරුණු වඩා සොඳුරු සහ සංවේදී විය යුතු ගනුදෙනුවලදී එසේ වූ චමත්කාර මානසිකත්වයකින් වියුක්තව රොබෝ මානසිකත්වයකින් හැසිරෙන බහුතර තරුණ පරපුරක් අද අපි දකිමු. හැඟුම්බර සසැලෙන ඇස් පිහාටුවකින් පවා පේ‍්‍රමය පිළිබඳව හැඟුම් ධ්වනිත කරන පේ‍්‍රමය ඔවුන්ට හුරු නැත.

‘‘ගම්පෙරළිය, ගොළු හදවත වැනි පේ‍්‍රම කතාන්දර ළඟ අප්පච්චිලාට පිස්සුද  ඕකද පේ‍්‍රමය කියන්නේ...’’ පේ‍්‍රමයනම් රාගයෙන් තොර සඳ එළිය සේ අචින්තයයි කීවේ....... ඇයි අපිට නෂ්ඨකාමයදැයි අසන මානසිකත්වයෙන් බොහෝ තරුණ තරුණියෝ සිටිති.

පේ‍්‍රමය යන විෂයය ඔවුහු නොහඳුනති. එදා තරුණයෙක් තරුණියකගේ අතකින් ඇල්ලීම පවා බොහෙවින් රහස්‍ය හැඟීම්බර දෙයක් විය. එහෙත් අද පේ‍්‍රම බන්ධනයක් ආරම්භ කළ දිනට පසුදින පටන් සිදුවන්නේ කාමරතුළට කොටුවූ ලිංගිකමය ශරීර ගනුදෙනුය. එය පේ‍්‍රමයේ සොඳුරු බව වින්දනය කිරීමෙන් තරුණ පරපුර බැහැර වීමකි.

එදා සුවඳ කැවූ කොළ තුළ අධ්‍යාත්මික පේ‍්‍රමය වචනයෙන් වචනයෙන් ගැළපීම තුළ මැවුනු පෙම්හසුන් ආදරය පිළිබඳව අනෙකාට මනෝ විද්‍යාත්මක ඉඟි සැපයුයේය. එහෙත් අද එස්.එම්.එස්. (කෙටි පණිවිඩ) පේ‍්‍රම කතා තුළ ඒ සුන්දරත්වය නැත. මරණය තෙක් පෙම් හසුන් ළඟ තබා ගත්තත් අනෙක් කෙටි පණිවිඩය එනවිට මුලින් ආ කෙටි පණිවිඩය මකා දැමූ පෙම් පණිවිඩයක් පමණි.

අද පේ‍්‍රමය හුදු තාක්ෂණික ගනුදෙනුවකි. එහෙයින්ම පේ‍්‍රම සබඳතා බිඳ වැටුනුවිට ඔවුන් අධ්‍යත්මිකව ප‍්‍රකම්පනයකට පත්වන්නේද නැත. මචං ඒ චැප්ටර් එක ක්ලෝස් කළා. ඒ ඔවුන්ගේ පේ‍්‍රමය හමාර කිරීම පිළිබඳ සන්නිවේදනයයි.

අද දික්කසාදවීමේ ප‍්‍රතිශතය ඉතා ඉහළ ප‍්‍රවනතාවක් ගනී. විවාහවලින් සියයට හැත්තෑවක් දික්කසාද වීම් සිදුවන්නේ පේ‍්‍රම සබඳතා මත සිදුවූ විවාහවීම්ය. ඒ ඇයි? තාක්ෂණික මෙවලම් මතින් අධ්‍යාත්මික අවබෝධතාවලින් තොරව දියත් කළ පේ‍්‍රම යාත‍්‍රාවල අත්තිවාරම ශක්තිමත් නොවීම මේ දික්කසාදවීම්වල මූලික හේතුවයි. අද බොහෝ විට ඇතිවන්නේ අන්තර්ජාල ෆේස් බුක්, ජංගම දුරථන, පේ‍්‍රම කතාන්දර සහ විවාහවීම් වීම, විවාහ ඉක්මනින් බිඳවැටීමේ හේතුව බවට පත්වී ඇත.

 

එමෙන්ම විවාහය මත සියලූ දුක් පීඩා විඳ දරාගනිමින් විඳවන පරම්පරාවක්ද අද දකින්නට නැත. විඳීම පිණිස මිස විඳවීම පිණිස නොවන ජීවිතය පිළිබඳව ඒ දැක්ම සුබදායකය. දරුවන්ගේ ප‍්‍රශ්නවලදී  දරුවන්ගේ පැත්තේ සිට මවුපියන්ගේ පැත්තෙන් ඒ ප‍්‍රශ්න දෙස නොබලන්නට තරම් මවුපියන් ඥානාත්විය යුතුය.
එමෙන්ම අම්මාxතාත්තා කියන දේ අසන්නයැයි අප දරුවන්ට යෝජනා කළ යුතුය. ඒ දරුවන්ට වඩා ජීවිතය පිළිබඳව අත්දැකීමක් හා පරිණත බවක් අම්මා තාත්තා තුළ ඇතිහෙයිනි.

ලංකාවේ කිසිඳු දේශපාලන පක්ෂයක් හෝ පුවත්පත වත්මන් තරුණ පරපුර අවශෝෂණය කරගෙන නැත. වත්මන් තරුණ පරපුර බහුතරය තුළ ස්වාධීනත්වයක්, සහේතුක ආඩම්බරයක් සහ බිය නොවන ගතියක් ඇත. අද සාහසික කියවීමකට යොමු වූ දැනුමින් සන්නද්ධ එහෙත් ජනප‍්‍රියවීමට අකමැති ස්ථරයක් ද මේ සමාජයේ වැඩෙමින් පවතී. වෙනම අධ්‍යයනයකින් යුතු ඒ පරම්පරාව අනාගතයේදී සමාජ බලපෑම් කණ්ඩායමක් බවට පත්විය හැකි ඉඟි පෙන්වන සමාජ ගවේෂකයන් බව අප හැඟීමයි.සංස්කෘතිකවාදී, ආගම්වාදී නොවන මේ ස්ථරය ජාති, කල භේදවලින් තොරව විශ්වීය දැනුමකින් යුතුව සහාසික කියවීමකට හා නැරඹීමකට යොමුව සිටිති. ජාතිවාදයට, ආගම්වාදයට සිනාසෙන, දේශපානඥයන්ට සිනාසෙන මේ ස්ථරය බහු සමාජයට බලපෑම් කණ්ඩායමක් වීමේ ඉඟි ඉස්මතු වෙමින් පවතී. ඔවුන් ඔවුන්ගේ හෘද සාක්ෂියට අනුව වැරදි නොකරයි. ඔවුන් තමන්ගේ හදවත නම් අධිකරණය ඉදිරියේ නිවැරදිකරුවන් වෙයි. එහෙත් ඔවුන් තම ආගමට හා නීතියට අනුව වැරදි නොකරන්නන් නොවේ.

එහෙත් තවදුරටත් ගතානුගතික, ගෝත‍්‍රික ආකල්ප සිරස දරනා ඒවා මහා ප‍්‍රශ්න බවට පත්කර ගත් තරුණ පිරිසක්ද මේ සමාජය තුළම ජීවත්වෙති. අදටත් යුවතියකගේ කන්‍යාභාවය මත ඇගේ චරිතය තීරණය කරන මානසිකත්වය ඇත්තේ ඒ පිරිසටය.

සියක් මල් ස්පර්ශ කළ අතින් අවසානයේ ලිංගිකත්වය හා පේ‍්‍රමය පිළිබඳව අතිශය ප‍්‍රාථමික අදහස් දරන මනෝභාවයන් අනුව ක‍්‍රියාකරන්නේ ඒ තරුණ පරපුරය. අප ඉහත කී සුබදායී සමාජ ස්ථරය වැඩෙමින් පවතින්නේද මෙකී වූ ගෝත‍්‍රිකවාදී වහල් සමාජ දේහය තුළමය. ගතානුගතික සාම්ප‍්‍රදායික  ඕලාරික ශිෂ්ටලෝකයට නොගැළපෙන මත දරන කොල්ලන්-කෙල්ලන් සිටින්නේද ගතානුගතිකත්වයට එරෙහිව කැරලි ගසන ලිබරල්වාදී සුබවාදී ලෝකය ගැන අලූත් විදිහට හිතන-දකින-ආදරයකරන තරුණ පරපුර අතරමය. ඒ නව ස්ථරයට වනස්පති ලෙස සමාජය නම් වනාන්තරය තුළ නැගී හිඳින්නට දර දිය ඇදිය යුතු බව අප හැඟීමය.


 

 



අදහස් (0)

අලූත් විදියට හිතන, දකින, ආදරය කරන වත්මන් තරුණ පරපුරේ කතාව

සුපුන් Friday, 13 December 2013 07:52 PM

මෙයට වගකිව යුත්තෝ කව්රුන්ද? එකී ඛෙදවාචකයේ අයිතිකරුවන් අපි වෙමු. රැල්ලට ගසාගෙන යනවා හැරෙන්නට වෙන කිසිවක් කළ නොහැක. (නදී)

:       0       0

ඩිලාන් Saturday, 14 December 2013 10:03 AM

මේක හොද ලිපියක්. අපේ අතීතය අපට තිබුනානම් අපි හොද මිනිසුන් බවට පත් වෙනවා. මේක වෙනස් කරන්න බැහැ. (නදී)

:       0       0

හරේන්ද්‍ර Thursday, 12 December 2013 09:49 PM

උපුල්, ඔබ ලියා ඇති කරුණු බොහොමයක් නිවැරදි යැයි දැනෙනවා. නමුත් අප අමතක නොකළ යුතුයි අපි තරුණ වියේදිත් මේ ගැටලුව වෙනත් අයුරකින් අපේ වැඩිහිටියන් සමගද තිබුණු බව. ඔබ සදහන් කර ඇති කරුණු ඉතා කාලෝචිතයි. (නි)

:       0       0

මධුසංඛ Wednesday, 11 December 2013 08:13 PM

අනේ ඉතින් ඔයාලත් මෙහෙමද හිතන්නේ? (නි)

:       0       0

දීප්ත විජයසේකර Sunday, 08 December 2013 05:12 PM

අඹුඩේ ගහලා කුඹුරට බහින එක , ඩෙනිම ගහලා එම්.සී බහින තැනට ගෙනාවේ "අනාගතය දෙස ආදරෙන් බලන පරම්පරාවයි"........ සාහිත්‍ය තුලින් ලෝකය පෙන්වූ ගුරුපියාණෙනි ඔබට තුති...... (ස)

:       0       0

ලාල් - නුවර Monday, 09 December 2013 11:02 AM

වර්තමාන සමාජයේ ඇත්ත තත්ත්වය මේක තමා.හොඳ ලිපියක්. (ස)

:       0       0

චන්ද්‍රසිරි Monday, 09 December 2013 12:04 AM

ඔබතුමාගේ අදහස් 100% කටම එකගි. අපි පොඩි කලේ අපේ අම්මල කිවරු ගහන්නේ උකුණෝ බල බල. (ස)

:       0       0

ධනුෂ්ක Friday, 13 December 2013 09:05 PM

ගොඩාක් හරවත් ලිපියක්. ලිපිය වගේම මම මේකට ලැබිල තියන ප්‍රතිචාරත් බලුවා. මේ හැම දෙයකින්ම වැටහෙනවා ඔබතුමා කතා කලේ ගොඩාක් වැදගත් මාතෘකාවක් කියලා. ඔබ තුමාට ගොඩාක් ස්තූතියි.(නදී)

:       0       0

කුමාරිහාමි Friday, 13 December 2013 02:51 PM

නමුත් එදා වගේම අදත් ගැහැණු කියන්නේ සැමියාගෙන් යැපෙන්න කැමති හදවතින් ගෘහනියන්. අදටත් උපාධි, ඩිප්ලෝමා ගත්ත ගැහැණු කී දෙනෙක් රැකියා නොකර ගෘහනියන් ලෙස ඉන්නවද? ඉංජිනේරු, ගණකාධිකරණ අංශවල ඉහලට උගත් ගැහැණු බොහෝ දෙනෙක් එහෙම ගෙවල්වල ඉන්නවා. අද කලිසම් අඳින නවීනයි වගේ පෙනෙන බොහෝ ගැහැනුන්ට එදා රෙදි හැට්ට ඇන්ද ගැහැණුන්ගේ ශක්තිය ධෛර්ය නෑ.(නදී)

:       0       0

කේ. සිරිමත් Tuesday, 10 December 2013 10:36 PM

සියලු දේ වෙනස්වීම තමයි ධර්මතාවය. අපේ සීයලාට අපේ තාත්තල හැදුනුහැටි හරි නැතිව ඇති. අපේ තාත්තලට අපි හැදුනුහැටි හරි නැතුව ඇති. අපිට අපේ ළමයි හැදෙනහැටි හරි නෑ. ඉස්සර ගෙදරක කුල්ල දොර ළඟ තිබ්බම දන්නවා මොනවද වෙන්නේ කියල. දැන් නම් දොර ලොක් කරත් බයයි camera හයි කරලා ඇති කියල. වෙනස්වීම හෝ දියුණුව යහපතට යොදා ගැනීමයි උතුම් මිනිසත්කම.

:       0       0

ප්‍රභාත් නුවන් Friday, 13 December 2013 04:25 PM

ඇත්තටම සන්නස්ගල සර්ට ඡන්දය ඉල්ලන්න කිසිම උවමනාවක් නැහැ කියලා ඔහු මෑතකදි කියල තිබුනා. (නදී)

:       0       0

ලසිත-කටාර් Monday, 09 December 2013 07:40 PM

ඇත්තටම හොද ලිපියක්. අපිට අපි ගැනම තක්සේරුවකට එළඹෙන්න පුළුවන් ලිපියක්. මම 1982 ඉපදුනේ. මේ කියන පරණ පරම්පරාවේ අන්තිම පුරුක් වලින් එකක් වෙන්න ඇති අපි. එහෙත් අපි හැදී වැඩුන වටපිටාවට නම් අපි කැමතියි. ඒක අපේ ළමයින්ට නැති වූ එක ගැන නම් මහා දුකක් තියෙනවා හිතේ.... (නි)

:       0       0

සඳා Tuesday, 10 December 2013 11:02 AM

වර්තමානයේ තරුණ සමාජයේ යථාර්තය.....මමත් මේ රැල්ලට අහුවෙලා ඉන්න කෙනෙක්..ඒ මගේ වරදක්ද? අපි ඉපදිලා තියෙන කාලෙ වරදක්ද? (ස)

:       0       0

තිලංක Thursday, 16 January 2014 02:48 PM

සමහර දේවල් ඇත්ත. සමහර දේවල් ඇත්ත නෙමෙයි. මේ හැම දෙකටම වග කියන්න ඕනා දේශපාලුවෝ ටික. අපට තිබුන අපේ කම නැති කරලා.(නදී)

:       0       0

ජයේ Tuesday, 10 December 2013 11:31 AM

විජේතිලක, ඇත්ත මේ ලිපියේ සිංහල තේරුම් ගන්න අමාරුයි. සරලව ලිව්වානම් ඉවරනේ.හැම මනුස්සයෙකුටම ඔය සිංහල තේරෙන්නේ නැහැ. ඒක මෙයාට තේරෙන්නේ නැද්ද කොහෙද.. (ස)

:       0       0

වීර Sunday, 08 December 2013 07:37 PM

අනේ, මේවද උගන්නන්නේ? (නි)

:       0       0

විජේතිලක Sunday, 08 December 2013 02:43 PM

මට මේකේ ලියල තියන ගොඩක් දේවල් තේරෙන්නේ නැත. එක මගේ මෝඩකමද දන්නේ නෑ. වචන ටිකක් බර වැඩියි වගේ. මට හිතෙන එකම දේ සන්නස්ගල සර් චන්දෙ ඉල්ලන්න හදනවා වගේ. අනේ මන්ද . (ස)

:       0       0

දම්මික සමරවීර Sunday, 15 December 2013 04:48 PM

ගුරුතුමනි, ඇත්ත අපි සගවාගෙන මායාවට රැවටිලා. ඔබට පින් ඇත දෑස දල්වන්නට.(නදී)

:       0       0

ෂෆීක් Tuesday, 10 December 2013 12:53 PM

ඔබ පවසන බොහෝ දේ සත්‍ය වේ. මෙය වේ අද සමාජ තත්වය. නමුත් මා සිතන්නේ ලංකාවේ පමණක් නොව බොහෝ දුරට මුළු ලෝකෙයේම මේ වෙනස් වීම සිදුවෙමින් පවතී. මනුෂ්‍යාගේ දියුණුවත් සමඟ මේවා තව දුරටත් වෙනස් වෙමින් පවතී. නමුත් එයින් නොපෙනෙන විනාශයක්ද සිදුවෙමින් පවතී. (ස)

:       0       0

ආනන්ද Thursday, 12 December 2013 10:57 AM

විශ්වයේ තිබෙන නොවෙනස් වන එකම දෙය වෙනස්වීමයි කියල අහල තිබෙනවා. එයම තමයි සත්‍යය.(නදී)

:       0       0

ෂෆීක් Tuesday, 10 December 2013 12:56 PM

නැහැ විජේතිලක සන්නස්ගල සර් ඡන්දෙ ඉල්ලනවා නම් මීට බොහෝ කලකට උඩදී වෙන්න තිබුනේ. මා සිතන්නේ නැහැ ඔහු කවදාවත් දේශපාලනයට පිවිසේවි කියා. (ස)

:       0       0

ප්‍රභාත් Friday, 13 December 2013 06:02 PM

මෙකී කතා සියල්ල සමග මම එකගයි.(නදී)

:       0       0

උපාලි බණ්ඩාර වීරසේකර Sunday, 08 December 2013 02:55 PM

මම එකඟයි.කරුමය තමා බලධාරීන්ට මෙව්වා නොතේරෙන එක. මොකද ඔවුන් සමාජ වෙබ් වහන්න යෝජනා කරන්නේ එනිසානේ. (ස)

:       0       0

සේන Tuesday, 10 December 2013 01:08 PM

මේ ලිපිය බොහොම හරවත් ලිපියක්. ඇත්ත ඕක තමයි. අපිට තියෙන්නේ මධ්‍යස්තව ජීවත් වෙන එක, සන්නස්ගල සර්ට ගොඩක් ස්තුතියි. (නදී)

:       0       0

බුද්ධි Saturday, 14 December 2013 10:01 PM

සීයට සීයක් මම එකගයි, වර්තමානයේ සත්‍ය පැහැදිලි කළ සන්නස්ගල සර්ට ගොඩක් තුතී...(දිල්)

:       0       0

සුදත් Saturday, 14 December 2013 10:55 PM

සන්නස්ගල සර් ට හුගක් ස්තුති මේ ලිපියට.බොහොමත්ම හරවත් ලිපියක්.මේ ලිපිය අදට විතරක් නෙවෙයි අනාගතයටත් වැදගත් ලිපියක්.මේ පීඩනය සහ බටහිර සංස්කෘතියට නැඹුරු වීම අපේ ඔලු වලින් ඉවත් කරන්න බෑ.නමුත් අපි අනුගත වෙන්න ඕන එකට.අනාගතය මිට වැඩ වෙනස් වේවි.අන්න එදාට අපිට අනුගත වෙන්න වෙනවා ඒ අපි දකින ලෝකෙට.ඒ වෙනස් වීම අපිට නවත්තන්න බෑ.රොඩී කෙල්ලෙක් අනාගතේදී දකින්න උනොත් ඒක ඒ කාලෙට නව විලාසිතාවක් වේවි,එවැනි ලෝකෙක අපි ජිවත් වෙන්නේ.එක මිනිස්සු දකින්න ඕන.(දිල්)

:       0       0

සියාද් Sunday, 15 December 2013 07:01 PM

ඇත්තටම හොඳ ලිපියක්. ගොඩක් ස්තුතියි.(නදී)

:       0       0

රොෂාන් Saturday, 14 December 2013 11:39 PM

සමහර ප්‍රතිචාර දිහා බලන ඕනෑම ඇත්තම බුද්ධිමතෙකුට හොදින් තේරුම් ගන්න පුළුවන් සිංහලවත් නොදන්නා අය කොච්චර ඉන්නවද කියල.(දිල්)

:       0       0

සාලිය Saturday, 14 December 2013 08:43 AM

මෙම අධ්‍යාපන ක්‍රමයේ තියෙන්නේ තරගකාරී බවක්. මව්පියන්ද එය පසුපස ඔහේ යනවා මිස දරුවාගේ මානුෂිය හා අධ්‍යාත්මික ගුණාංග ගැන බලන්නේ නැහැ. ඒ නිසා දරුවා සහ දෙමව්පියන් ලොකු පරතරයක් නිර්මාණය වී ඇත. (නදී)

:       0       0

උමේෂා මධුමාලි Saturday, 14 December 2013 09:41 AM

යෞවන කාලෙදි ඔබත් මෙහෙම වෙන්න ඇති නේද? (නදී)

:       0       0

සාමා Sunday, 08 December 2013 04:35 PM

ඔබතුමා කතා කරන්නේ සමස්ත සිංහල බෞද්ද තරුණ පරපුර ගැනනම් .ඔබතුමාලගේ ටියුටරියත් එයට වග කියන්න ඕනේ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 5259 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 737 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1306 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 117 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 204 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 269 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39105 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25576 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 322 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1083 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 378 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site